ආරක්ෂක කැමරා
අපේ ෆාමසිය ගැන ටික දෙනෙක් මගෙන් ප්‍රශ්ණ කල නිසා අන්තිමට ෆාමසිය ගැන ලිවුව පෝස්ට් එකෙන් ඒ ප්‍රශ්ණ වලට පිළිතුරු දුන්නා.. දැන් ඉතින් ආයෙම සුපුරුදු කතන්දර වලට හෙමීට යන්නයි හදන්නේ.. :)
එදා මම අපේ ෆාමසියේ දවසේ ආදායම් ගැන එහෙම කිවුවනේ.. රුපියල් වලින් ලක්ෂ 4කට කිට්ටු හෝ ඊට වැඩි ගානක් හොයනවාම තමයි.. මොකද ඉතින් ඉතාලියේ ඉන්න සෑහෙන පිරිසක් ලෙඩ්ඩූ.. අපි උණක් හෙම්බිරිස්සාවක් උනත් ගනන් නොගත්තට මෙහේ උන් එහෙම නෑ.. ටක් ගාලා දුවනවා දොස්තර ලගට.. උන් ලියලා දෙන රිසිට් උස්සන් එනවා අපි ලගට.. මේ ඉතාලියේ සාර්ථකම එකම බිස්නස් එක ෆාමසි තමයි..
ඉතින් ඔය බව දන්න නිසාම ගොඩක් වෙලාවට හොරුන්ගෙන් වෙන කරදරත් නැතුවම නෙමෙයි.. මගේ දැනුවත්ව කාලයේ විතරක් විසි වතාවක් විතර ෆාමසිය මංකොල්ල කාලා ඇති.. හැබැයි කිවුවට පිළිගනීද මන්දා ඔය මංකොල්ල කාපු වෙලවල් වලින් එකම එක වෙලවක විතරයි මම ෆාමසියේ හිටියේ.. :) අනිත් හැම වෙලාවකම මම නෑ..
ඒ කාලේ නිතරම වගේ කැශියර් එක් සල්ලි තිබ්බා.. හැම වෙලේම හොරු පනින නිසා ඕක කැශියර් එකේ සුළු ගානක් විතරක් ඉතුරු වෙන්න අනික්වා වෙනම තැකන දාන්න කියලා අපේ ලොක්කා නීතියක් දැම්මා.. ඒ කියන්නේ ඉතින් ෆාමසිය උදේ 8.30ටයි හවස 4.30 අරින වෙලාවට හොරෙක් ආවට ගන්න දෙයක් නෑ.. මොකො වැඩිම උනොත් යුරෝ 50ක පොඩි සල්ලි තියෙයි.. කාලයක් යද්දි ඕක හොරුන්ටත් මීටර් උනා.. පස්සේ උන් පනින්න ගත්තේ ෆාමසිය වහන්න කිට්ටු කරලා.. එතකොට සල්ලි තියෙන බව උන් දැන ගත්තා.. කොහොම හරි ලොක්කා ඒ නීතියත් වෙනස් කරලා හැම වෙලේම කැශියර් එකේ පොඩි සල්ලි විතරයි තියාගන්නේ කියන නීතිය දැම්මා.. අදටත් ඒක එහෙමයි.. අනිත් සල්ලි තියන තැන දන්නේ ඉතින් වැඩ කරන අපි තමා..
කාලයක් තිබ්බා සතියට දෙතුන් වතාවක් ෆාමසිය මංකොල්ල කන.. පොලිසි ගානේ ගියත් අන්තිමේ නිකන් රස්තියාදු විතරයි.. අහුවෙන හොරෙක් නෑ.. හොරා අල්ලන්න අඩු ගානේ මූණ වත් බලාගන්න ඕන නේද කියලා හිතපු අපේ ලොක්කා හොද ආරක්ෂක කැමරා පද්දතියක් ගෙනත් හයි කලා ෆාමසියට.. සෑහෙන වියදමකුත් ගියා වැඩේට.. වියදම් වගේද ඉතින්..
කොහොම හරි කැමරා හයි කරලා සතියක් යන්න කලින් ෆාමසිය ආයෙම මංකොල්ල කෑවා.. ඒ පාර අපේ ලොක්ක සල්ලි ගැන දුක් උනේ නෑ.. මොකද දැන් හොරු අල්ලන්න ලේසි කියල හිතපු නිසා.. ඒත් ඒකෙන් කිසි වැඩක් උනේ නෑ.. මොකද මෙන්න මේ වගේ ඇදන් ආපු හොරු අල්ලන එක අමාරු වැඩක් උනා.. මොකද මුණු පේන්නේ නෑනේ..
ඊට පස්සේ අප් ලොක්කා කලේ ලගට ආවම ස්වංක්‍රීයව විවෘත වෙන ෆාමසියේ දොරට විශේෂ ලොක් එකක් හයි කරන එක.. ඒකෙන් උනේ ෆාමසියට ඇතුල් වෙන අය දොරට ලං උනාම ස්වංක්‍රීයව ඇරුනේ නෑ.. කවුන්ටරේ ලග ඉන්න අය ගාව තියෙන පුංචි රිමෝට් එකකින් තමා දොර ඇරෙන්නේ.. මොකෙක් හරි එකෙක් ආපු බව දැන ගන්න බෙල් එකක් හයි කලා.. උන් බෙල් එක ගැහුවම ඇතුලේ ඉදන් දොර අරින්න.. හැබැයි ඉතින් ඉස්සරහා දොරේම ලොකු අකුරින් " කරුණාකර සීනුව නාද කරන්න " කියලා ගහලා තිබ්බට තාමත් ඇවිත් දොරට තට්ටු කරන්න මෝඩ යක්කු නැතුවම නෙමෙයි.. මුංට ඉතාලි කියවන්න බැරිද කියලා මාත් දන්නේ නෑ..
හැබැයි ඔය වැඩෙත් සාර්ථක උනේ නෑ.. මොකද බෙල් එක ගැහුවම මුං ටිකත් කවුද කින්ද මන්ද නොකියා දොර අරිනවා.. ඉතින් ඒත් අර කතාවම තමයි.. "දොර ලග ඉන එකාගේ මූණ අපිට පේනවද" ඒක තමයි උන් ගෙනාපු තර්කය.. ඉතින් ඒකත් ඇත්ත.. කැමරා හයි කලාට ඒවයින් පේන දේවල් රෙකෝඩ් වෙන්නේ උඩ.. ඉතින් ඒ නිසා අපේ ලොක්කා කලේ හැම කැශියර් එකකම කම්පියුටර් එක ලගින් අර කැමරා වල රෙකෝඩ් වෙන එක බලන්න පුළුවන් වෙන්න පොඩි මොනිටර් එකක් තිබ්බ එක.. ඊට පස්සේ නම් ටිකක් හොරු එන එක අඩු උනා.. මොකද අර කලින් ෆොටො එකේ ඉන්න වගේ උන් දැක්කම එක පාර ෆාමසියේ දොර ඇරුනේ නෑ..
කොහොමින් කොහොම උනත් පළවෙනි මංකොල්ලය සියැසින් දැක බලා ගනීමේ භාග්‍ය මට මේ ලගදි උදා උනා.. :)
වෙනදා වගේම වැඩ කර කර ඉද්දි කළු ඇද ගත්ත තුන් දෙනෙක් ඇවිත් දොරට ගහන්න ගත්තා.. වැඩේ තේරුන නිසා අපේ උන් දොර ඇරියේ නෑ.. ඒත් සද්දන්තයෝ වගේ හිටිය තුන් දෙනාඅ දොරට ගහලා ගහලා විදුලි සෝපානයක වගේ දෙපැත්තට ඇරෙන දොර අත දාලා ඇරියා.. ඇත්තටම උන් ඒක කොහොම කලාද කියලා හිතා ගන්නත් බෑ.. මොකො ලොක් කරපු දොරනේ.. එහෙම දොර ඇරගෙන ඇවිත් තුන් දෙනාගෙන් එකෙක් සාක්කුවට අත දාලා අරන් දික් කලා අපි ඉන්න පැත්තට..
පිස්තෝලයක්... නෑ.. මොන පිස්සුද.. ඉන්ජෙක්ශන් කට්ටක් දික් කලේ.. සිරිංජේ ඇතුලේ සුදු පාටට මොනා හෝ තිබ්බා.. තුවක්කුවකට වඩා ඕක හරි භයානකයි.. මොකද හරියට වෙඩි නොකෑවොත් බේරෙන්න හරි පුළුවන්.. ඒත් අර සිරිංජේ තියෙන්නේ මොනාද කියලා කවුද දන්නේ.. ජීවිතේටම හොද කරන බැරි ලෙඩක් උනොත්.. හැබැයි ඉතින් ඔය මුකුත් නැතුව වතුර තියෙනවා වෙන්නත් පුළුවන්.. ඒත් ඉතින් නිකන් ඉල්ලන් පරිප්පු කන්නේ මොකටද?
සිරිංජේ දැක්ක ගමන් කැශියර් වල තිබ්බ සල්ලි අරන් අපේ උන් දුන්නා.. හොරු ටිකත් එහෙමම මාරු උනා.. විනාඩි 10 ගියේ නෑ.. පොලිසියෙන් ආවා.. පොලිසිය කිවුවට ඔය වගේ එවට එන්නේ කැරිබිනේරි කියන සෙට් එක.. මෙන්න මේ වගේ.. මුන් හරි සැරයි.. අර වන්වේ බයිලේ මුංට කියන්න ගියානම් මම තාම ඇතුලේ.. :)
ඇවිත් කෙලින්ම ගියේ විඩියෝ රෙකෝඩ් වෙන කෑල්ලට.. ඒ අතරේ අනිත් උන්ගෙන් ඇහුවා මූණු දැක්කද කියලා.. උන් ඉතින් යන්තමින් සිද්දිය විස්තර කලා.. උඩ කෑල්ලට ගියාට පස්සේ තමා හොදම වැඩේ උනේ.. වෙනදට වැඩි වෙලා ප්‍රශ්ණ කරන උන් පහලට බැස්සේ අමු තිත්ත කුණුහරප කියාගෙන..
" ෆන්කූලෝ අ තුත්ති වෝයි.."
ඔන්න ඕක තමා කිවුවේ.. දැන් තේරුම අහන්න එපා.. :) අපිත් දැන් හොල්මන් උනා වැඩේට.. කවදාවත් මෙහෙම වෙන්නේ නෑනේ.. අපිත් ගියා ලොක්ක ගාවට මොකෝ කේස් එක කියලා බලන්න..
" උඩහ කැමරාවේ රෙකෝඩ් වෙන සීඩී එකක් දාන්න අමතක වෙලානේ.."
අපිටත් ඉතින් කියන්න හිතුනේ "ෆන්කූලෝ දොත්තෝරේ " කියලා තමයි.. ඇයි ඉතින් අර අපේ එකියක් පැනලා යන හැටි ලස්සනට රෙකෝඩ් වෙන්න මූ සීඩි දැම්මා.. මේ ඕනම කරන එකට සීඩී දාලා නෑ...






ෆන්කූලෝ අ තුත්ති වෝයි...
ReplyDeleteඇත්තට මොකක්ද තේරුම?????
මම ඕක ඉංග්‍රීසි අකුරෙන් දැම්මේ නැත්තේ ගූගල් ට්‍රාන්ස්ලේට් තියෙන නිසා.. අන්තිමේ කට්ටිය නරක් උනා කියයි.. :)
Deleteමෙන්න කුණුහබ්බ කීනෝ............................. :)
Deleteකවුද කවුද.. අපි නෑ හලිද... :)
Deleteලංකාවෙ නම් මෙලහකට ඔය හොරු ටික කූඩුවෙ! ඒ අතින් අපේ මිනිස්සු හරිම දක්‍ෂයි බුද්ධිමත්. දිනෙශ් ටද දික් කරේ අර ඉන් ජෙක්‍ෂන් කට්ට....? මල්ටි විටමින් බෙහෙතක් ද දන්නෙ නැ අපරාදෙ විද ගන්න තිබ්බෙ ඔයාට..:D
ReplyDeleteමලිටි විටමින් වෙයිද වෙන එකක් වෙයිද කවුද දන්නේ.. නෑ නෑ මට දික් කරලා වැඩක් නෑ.. කවුන්ටර් එකේ ඉන්න උන්ට දික් කලේ.. මේ පාරත් ඉතින් මොන ඇල්ලිලිද.. :)
Deleteදිනේශ් කරන්නේ මහා භයානක රස්සාවක්නේ.:)
ReplyDeleteමේ පැත්තෙත්, ෆාමසිකාරයෝ හොඳට සල්ලි හම්බ කරනවා.
ෆිල්ම්ස් වල දැකලා තිබුනට මේ වගේ කතාවක් ඇහුවේ අදමයි. ඉතින් එදා හොරු පැනපු දවසේ හොඳටම බය උනාද?
පොඩ්ඩිට විකාරද මන්දා.. ගෝලය රොත්තට කවද්ද නායකය බය උනේ...
Deleteඇඩෙනවා මී ගොඩයා... මම දාන්න හිටි කමෙන්ට් එක උඔ දාලා... දැන් ඉතින් වෙන එකක් කල්පනා කරහංකෝ.....
Deleteකොයි පැත්තෙත් ෆාමසි කාරයෝ හොදට හම්බුකරනවා පොඩ්ඩි අක්කේ.. මොකෝ මිනිස්සුන්ට දැන් නැති ලෙඩක් නෑනේ.. ත්‍රාසය භීතිය ආදරය පිරි ජවනිකා පිරිලනේ අපේ ෆාමසියේ..
Deleteහෙහ් ලංකාවේ වගේ උනානම් උන් හිතන්නේ එහෙම තමා... :)
Deleteබුද්ධි අයියේ.. ඒකනේ මම එක වටින්නේ... :)
Deleteඅයියෝ සල්ලි කියල හිතෙනවා අෆ්ෆා..!!
ReplyDeleteඑදත් නැති උනේ පොඩි ගානයි... කැළණි පාළම යටින් පොල් ලෙල්ලක් ගියා වගේ තමා.. :)
Deletemehe nam wediyama mankolla kanne petrol shed thama. petrol shed ekaka weda karapu ayya kenektath ohoma wela thibuna.eyalawa nam bima diga karawala thamayi salli aran panala giye.
ReplyDeleteeya e wuna lajjawa nisa eeta passe base ball bat ekak thiya gena indala thiyenawa langa
eelanga sare horu awama ara wunu lajjawa mathak wela miniha base ball bat ekath aran gahanna duwala horu passe. horu panala duwala...
vedio dekapu lokka kiyala meeta passe ehema karanna epa. mama insuarance dala thiyenne kiyala.
policiye ayath kiyala ehema karanna epa kiyala .eth yana gaman eka police karayek kiwwalu umba wage anith unuth mehema karanawa nam mechchara horu panine ne kiyala...
kohomada lankawe kollo.....
oya nam ewa karanna yanna epa.. honde...
apata katha balanna wena ekak nehe nathnam...;)
එහෙම වීරයෝ වෙන එකේ පාඩුව අපිටමනේ.. අන්තිමේ පාරක මරලා දාලා තිබ්බොත් කාට කියන්නද? මුන්ටත් ටික කාලෙකින් අමතක වෙයි කොච්චර උනත්.. සල්ලි අපේ නෙමෙයි නේ.. බලාගෙන ඉන්න එක තමා හොදම දේ.. මෙහේ මාෆියා එක වැඩක දුන්නොත් ආයෙ හොයනවා බොරු..
Deleteමම නම් ඔය කතාවෙ තේරුම දන්නවා.
ReplyDeleteබලාගෙන යද්දි දැන් ඔක්කොම දන්නවනේ.. :)
Deleteඅපේ මාමා අවුරුදු 30+ ම ඉතාලියේ. එයාගේ ළමයි එහෙමත් එහෙ. ඉතින් උන් එක්ක කතා කරලා මට ටිකක් ඉතාලි පුළුවන්. :)
Deleteඅහ්.. එහෙනම් මේ මම අවුරුදු 3+ දන්න එවුවට වඩා එවුවා දන්නවා ඇති... :)
Deleteහොරු එනකොට මෙයා නැත්තේ හොරු විදිහට එන්නේ මෙයාද දන්නැ. :)
ReplyDeleteහා හා මාල්... ඔවා ප්‍රසිද්ධියේ කියන්න එපා ඉතින්... :)
Deleteඅයියෝ සල්ලි :((
ReplyDeleteඅපරාදේ..... :)
Deleteඅම්බෝ..
ReplyDeleteඉතාලියෙත් මෙහෙව් අය ඉන්නවද? ඇත්තමයි... ඉතාලිය ගැන තිබ්බ ආකල්පය පොඩ්ඩක් වෙනස්වුනා ඕන්න. ඔය ඉoජෙක්ශන් කටු පෙන්නන එකනම් වසoගතයක් වගේ පතිරෙනව නේද? මොනව උනත් දොත්තෝරෙ ගැන මට මැවිල තිබුන චිත්‍රයනම් හරි.
ඒක නෙවෙයි. මටනම් ඔය හොරු ඔයා නැතිවෙලාවෙම එන එක ගැනයි, සල්ලි මාරු කරන ඒව්ව ගැන දැනගත්ත එක ගැනයි පොඩ්ඩක් විතර මෙව්ව එකක් තියෙනව. හික්..
ඉතාලිය ගැනයි දොත්තොරේ ගැනයි කෝමද ඉතින් හිතාගෙන හිටියේ.. ඒ ගැනත් පොඩ්ඩක් කිවුවනම්.. :)
Deleteඉංජෙක්ශන් කට්ට තමා ෆාමසියක් මංකොල්ල කන්න හොදම ආයුදේ.. කට්ටිය දන්නවනේ ඉතින්...
හෙහ් හෙහ්.. සේප්පුවේ යතුර පවා තීන තැන මම දන්නවා... :)
ඉතාලිකාරයො හොඳ ඩිසිප්ලීන් තියෙන කට්ටිය කියල හිතාන හිටියෙ. අපෙ කස්ටිය ඔය බෝට්ටුවලින් පොර කාගෙන යන්නෙ. හයියෝ සල්ලි.
Deleteදොත්තෝරෙ තාත්තගෙ කණට ගහලනෙ ෆාමසිය ගත්තෙ. ඒ නිස එයාට ඒ ගැන ඒ හැටි වගක් නැතුව ඇති කියල හිතුවෙ. කුප්පමේනියවට දැපනෙවටිච්ච එකෙක් විදියටයි හිතාන හිටියෙ. අනික 20 පාරක් බලන් ඉන්නව කියන්නෙ. (ආයෙත් පාරක්) හය්යෝ සල්ලි
ලංකාවට වඩා නම් ඒක ටිකක් තියේ.. ඩිසිප්ලීන් වෙනයි සංස්කෘතිය වෙනයි හැබැයි ඔන්න.. :)
Deleteලොක්කා නම් එහෙම තමා.. එකම කුප්පමේනියාව තරුණ කෙල්ලෝ තමා.. සමහර උන් මටත් වඩා බාලයි.. :)
අයෙත් අනිවා පනිනවා සුවර්.. මොකො හොරු උනත් බලනවනේ කවදා මේකට පැන්නත් අහු වෙන්නේ නෑ කියලා පොලිසියට.. ඉතින් අනිවා පනිනවා.. :)
:D මදැයි හොරු අල්ලපු හැටි! බලනකොට ඉන්ජෙක්ෂන් කට්ට තුවක්කුවට වඩා බලගතුයි නොවැ! එකත් ඇත්ත තමා.
ReplyDeleteනැතුව.. මොනම දේකට හරි පාවිච්චි කරපු එකක් නම් ඒක ඇතුලේ වතුර තිබ්බත් බඩු භයානකයි.. දන්නවනේ ඉතින්..
Deleteඉතාලියෙත් ඔච්චර මංකොල්ලකෑම් තියෙනවද???????
ReplyDeleteඅපෝ ඔව්.. ඉතාලියත් දැන් දුප්පත් වෙමින් නේ යන්නේ..
Deleteබොලාගේ බොසා මැටි මොලෙක්ද කොහේද.....වෙලාවට මලයට ඔතන රස්සාව ලැබුනේ නේ හික්ස්
ReplyDeleteඌට ඕවයේ සිහියක් නෑනේ.. ලස්සන කෙල්ලෙක් එක්ක නටන්න යන්න තියෙනවනම් ඊට වඩා දෙයක් නෑ... :)
Deleteහික් හික් ෂොයි ලොක්කෙක්නේ අෆ්ෆා ඉන්නෙ... :) වැඩ කරන කට්ටිය වගේම නැතැයි.... :)))
ReplyDeleteමං වගේම තමා බොසත්... :)
Deleteනියමවැඩේනෙ,ඒත්ඉතිං කැමරාදාලත් නතරකරන්න බැරිනම් සොරිතමා.ලංකාවෙ වගේ ඇතුලෙන් සපෝර්ට් නැහැනේද?(හොරුන්ට)හිහ්හී...
ReplyDeleteහෙහ්.. නෑ නෑ.. ඇතුලෙන් සපෝට් නෑ.. එදා විමුක්ති වෙන්න ඕන ආදායම කිවුවම මගෙන් හොරු ගැන ඇහුවේ.. :)
Deleteහැක හැක හැක මම ඔයාගත්ටා :D
ReplyDeleteසුවර් එකට මාමට කෝල් කරලා අහ ගන්න ඇති.. :)
Deleteනෑ මුණු පොතේ මැසේජ් එකක් දැම්මා. :පි
Deleteහෙහ්... පුදුමයි ඕක අහලා බැනුම් ඇහුවේ නෑ..
Deleteමොකො හලේ මේ ෆොටො මාරු කොලන්නේ.. ඔය උඩම එක හොදයි... :)
//පිස්තෝලයක්... නෑ.. මොන පිස්සුද.. ඉන්ජෙක්ශන් කට්ටක් දික් කලේ.. සිරිංජේ ඇතුලේ සුදු පාටට මොනා හෝ තිබ්බා..//
ReplyDeleteමං නං දන්නවා... :)
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
monaada monaada?
Deleteනෑ නෑ ______ රජෝ.. එවුවයි වතුරයි ලේසියෙන් වෙන් කරලා අදුනගන්න පුළුවන්න්නේ බං...
Deleteවර්ණා.. පොඩි ළමයින්ට එවුවා හොද නෑ.. නැද්ද රජෝ.... :)
Deleteසැහෙන්න දවසකින් මේ පැත්තේ ආවේ අයියේ. සොලී හොදේ.මේ ටිකේ බ්ලොග් කියවනවා හුගක් අඩු වෙලා :(
ReplyDeleteඉතාලිය කියන්නේ බලන යනකොට හොර ගුහාවක්නේ.
දිනේෂ් අයියා ලංකාවේ හොරුන්ටත් හොරකම් කරන හැටි කියලා දීලා වගේ.දැන් මෙයාලත් තුවක්කු වෙනුවට ඉන්ජෙක්ෂන් කටු අරන් එයිද දන්නේ නැ...
කැරිබිනේරි සෙට් එක නම් හරි සැරයි කියලා දාලා තියන පින්තුරෙන්ම පේනවා අප්පා.
ඉතාලි ඉන්න අය මේකේ තේරුම දන්නවා නේද..? අහලා බලන්න ඕන. හපෝ මේවා අහන්න ගිහින් අපි නරක් වෙයිද මන්ද
ඉඩ තියෙන වෙලාවට එමු නංගියේ.. ඒකේ අවුලක් නෑ.. :)
Deleteඑහෙම ආවොත් ඒ බ්ලොග් කියවන කෙනෙක් බව මතක තියාගන්න.. ඒ කියන්නේ අදුනන කෙනෙක්ම තමා..
අහලා බලන්න.. බැනුම් අහන්න උනොත් ඔන්න මම නෑලු... :)
@ හිරු. මාෆියාව ගැන කියද්දී නිතර කියවෙන නමක් නේ සිසිලිය.
Deleteනැතුව නැතුව.. ඔය වචනේ මෙහේ කියන්නත් තහනම්... :)
Deleteඅර ඉතාලි කුනුහරපේ මමනම් අහ ගත්තා මගේ ඉතාලියේ ඉන්න යෙහෙළියකගෙන් හි හී.......හැබැයි මට පොඩි සැකයක් තියෙනවා හොරු පැනපු 20 වතාවෙන් එක වතාවක විතරයි දිනේශ් ඉදලා තියෙන්නෙ.මේ හොරු එක්ක මොකක් හරි සම්බන්ධයක් තියෙනවද මන්දා මෙයාගෙ
ReplyDeleteහොද වෙලාවට යෙහෙලියකගෙන් අහ ගත්තේ... :)
Deleteඕකනේ ඉතින් කියන්නේ.. මම එහෙම වැඩ කරනවද? මම අහිංසක ළමයා.. :)
හපොයි මදැයි ඉතින් වෙච්ච දේ..වියදම් කරගෙන කැමරා හයි කරාටත් පාඩුයිනේ....
ReplyDeleteකාටවත්ම කියන්නෑ ඉතින් අයියා බය වෙච්ච පාරට දවස් කීයක් එහෙම බෙහෙත් බිව්වද කියන්නකෝ..?(හේ..හේ..)
අපේ මොකො නඟා... ලොක්කගේ සල්ලි නේ..
Deleteහෙහ්.. හිතන් ඇති අපි එහෙම බය වෙයි කියලා... :P
හිතාගන්න පුලවන්
ReplyDeletefanculo a tutti hoyi
ඔය හොයාගෙන තියෙන්නේ.. අකුරු දෙකක් වැරදී හැබැයි... :)
Deleteනිම්ෂට මගෙ කොමෙන්ට් කියවන්න තහනම්
ReplyDeleteකාට්ස්සො..............
" හැබැයි කිවුවට පිළිගනීද මන්දා ඔය මංකොල්ල කාපු වෙලවල් වලින් එකම එක වෙලවක විතරයි මම ෆාමසියේ හිටියේ.. "
එදා මංකොල්ල කන්න ඇත්තෙ දිනෙෂ් මල්ලි අදුරන්නෙ නැති කට්ටියක් වෙන්න ඔනේ
" ෆන්කූලෝ අ තුත්ති වෝයි.."
මේව්වත් තේරුනා දෙය්යනේ.. ඉතාලියෙ ඉන්න මගෙ බුදුම ෆිට් එක මට කතා කරන්නේ ඔය වචනවලින් තමයි... ....ආදරේට වෙන්න ඇති මයෙ හිතේ
හික්..හික් මී ගොඩ අයියේ මං දැක්කෝ ...
Deleteමෙහේ කිරි බොන පොඩි චුටි බබාලට කෙන්ති ගියාම උන් කැ ගහන්නේත් ඔව්වා කියලා නේද දිනේශ් අයියේ...
මම නම් ඉතින් ඔය ෆන්කුලෝ කියද්දි කියන්නේ ෆන්කුලො අල් බාන්යො කියලා.. ;)
හෙහ් හෙහ්.. ඕකත් කුණුහරපයක්ද මී අයියේ.. බෑ බෑ මුල ඉදන් උගන්නලා ගන්න ඕන.. මගෙන් හරි නිම්ශා නඟාගෙන් හරි ටියුශන් ගන්න... :)
Deleteඑදා එන්න ඇත්තේ අළුත් සෙට් එකක් තමා.. නැත්නම් මට බයට එන්නේ නෑ..
අයියගේ යාළුවා අයියට සෑහෙන ආදරෙයි වගේනේ බලාගෙන යද්දි.. :)
දැන් මට ප්‍රශ්ණේ ඒක නෙමෙයි නේ.. මොකෝ මේක මීයා නිම්ශා නඟාට පේන්න එපාම කිවුවේ... :)
Deleteඅනේද කියන්නේ පොඩ් උන් කියනවා හොද හොද එවුවා.. :) නිම්ශා නගාගේ වචනෙට දෙන්න ප්‍රති උත්තරයක් තියේ..
ඉතාලියෙ ඉන්නෙ ඉන්ජක්සන් හොරු නේද?
ReplyDeleteනෑ නෑ ඉන්ජක්ශන් එක පෙන්නලා හොරකං කරන අය... :)
Deleteහින්දි ෆිල්ම් වලින් හොරු මංකොල්ල කන්න ඉගෙන ගත්තලු ඒකාලේ! දැං ඉතින් හින්දි වලින් ඉගෙන ගන්න තියෙන්නෙ වෙන වෙන දේවල්. බ්ලොග් කියවිල්ලෙන් මම ඉගෙන ගත්තා ඔන්න අද අලුත් දෙයක්. සුලු මුදලකට සිරිංජයක් අරං ඉල්ලීම් දිනා ගන්න හැටි. ගෙදර දොරේ භාවිතාවටනං මොකවත් පුරවන්න ඕනැත් නෑ. දැක්ක හැටිය බයයිනේ අපේ කට්ටිය.
ReplyDeleteතැංකු දිනේෂ්.
දැන් හින්දි ෆිල්ම වල ඉගෙන ගන්න දෙයක් තියෙනවද අයියේ..
Deleteහෙහ්.. ඔන්න අයියේ මේවා කරන්න ගිහින් බය නොවි ගුටි කන්න උනොත් මම නෑලු.. අනික ඉතින් සුලු මුදලකට සිරිංජයක් ගන්නේ මක්කටෙයි... :D
ඔහේ පාර්මසියක වැඩකරනවා කියන්නේ ,මෙහෙ බාර් එකක හරි රත්තරන් බඩු කඩේක හරි වැඩකරනවා වගේනේ ?
ReplyDeleteඔව්.. මෙහේ ඔය රත්තරන් බඩු කොල්ලා කලා වැඩක් නෑ..
Deleteහපොයි! පාමසියක ඉන්නව කියන්නෙත් මහ භයානක රස්සාවක්නේ.
ReplyDeleteඔව් සමහර වෙලාවට.. අපි ඉතින් වීරයෝ වෙන්න යන්නේ නැති තරමට අපිට හොදයි.. :)
Deleteඉන්ජෙක්ෂන් වැඩේ නම් නියමයි වගේ...මරු අයිඩියා එක ඈ..... :D
ReplyDeleteඅනතුරතු දායකයි.. ප්‍රවේසමෙන් පරිහරනය කරන්න... :)
Deleteඉන්ජෙක්ෂන් කට්ටෙන් මංකොල්ල කනවා කියලා අදමයි ඇහැව්වේ!
ReplyDeleteපුලුවන්.. තියෙන ලෙඩ වල හැටියට මිනිස්සු බයයි නේ ඕක ඇන ගන්න.. ඉතින් හොද ආයුධයක් ඒක.. :)
Deleteඅපිට දිනේශ් ගැන සාධාරණ සැකයක් මතු වෙනවා..
ReplyDeleteහොද වෙලාවට අක්කා ලංකාවේ හිටියේ.. නැත්නම් මාව කැරිබිනේරි එකෙක් උස්සන් යනව... :)
Deleteඅනේ මම හරිම කැමතියි ඔය කැරබිනේරි අයියලාට නම්..අම්මා එයාලා ගේ පෙනුම ..වෙන කිසිම කෙනෙක් ලඟ නැ මේ ඉතාලියේ එ තරම් පෞර්ශත්වයක්...ගොඩක් වෙලාවට මේහේ පිරිමි අය ගැනු අය ලඟ හරි ආදරවන්තයි නේ..එ උනාට මෙයාලා ගාව නම් තියෙනවා අමුතුම ආඩම්බරකමක් එක්කම අමුතුම ලස්සනක්... <3
ReplyDeleteඇහ් අප්පා ඔච්චර හොරු පනිනවා කියලා මම දන්නෙත් අද ..මාරයි එ වැඩේත්..ඇත්තට අර සිරිංජරේ වතුර නම් තියෙන්නේ..හාපු...
ඇයි හලේ ඉතින්.. කැරබනේරි අක්කලා.. හම්මේ එයාලගේ ආඩම්බර.. ඒ නිසාම කොච්චර ලස්සනද? පාරේ යද්දි බලන් ඉන්න ලස්සනයි... :)
Deleteමොකද නැත්තේ නඟා.. පනින තැන් වලට පනිනවා.. අපේ ලොක්කා මාෆියා එකට ගෙවන්නේ නෑ.. එකත් එක හේතුවක්..
වතුර උනත් කරන්න දෙයක් නෑ.. මොකටද රිස්ක් එකක් ගන්නේ.. :)
අපූරු හොරු ඇල්ලීම.. ඔය කැමරා පද්දථිය හරියට වැඩකරේ නැත්නම් අර ඉතාලි භාෂාවෙන් අහපු ට්ක ලොක්කගෙන් සිංහලෙන් අහන්න තිබුනා. හැබෑටම ලොක්කා ඔය තරම් හොරු පනින නිසා සොර සතුරු ඉන්ෂුවරන්ස් එකක් දාල ඇති ෂුවර් එකටම. ඒකනේ හොරු පනින්නේ
ReplyDeleteනෑ අයියේ.. මොන ඉන්සුවරන්ස්ද.. පොඩි ගානනේ නැති වෙන්නේ.. ඒන් නිසා ගානක් නෑ.. දවසට හම්බුවෙන ඒවා එක්ක බැලූවම.. හැබැයි අරුන් ගියාට පස්සේ ලොක්කා උගේ වචන සෙට් එක දැම්මා.. හරියට අපි වැරදි වගේ... :)
Deleteලංකාවෙ මේ ලගදි කැමරා වලන් වැඩක් ගත්ත. අර රාජගිරියේ කේස් එක දන්නව ඇතිනේ.
ReplyDeleteඒ මොකක්ද බං ඒ? දැක්කේ නෑනේ..
Deletepharmacy mankolla kanna ennet ewata galapena badut aranneda?okkoma wistara tibunata,dinesh ayya egollanta baya unu widiya kiyala nane...... :)
ReplyDeleteඅපේ ෆාමසියෙන්ම අරන් අපිටම දික් කරනවද දන්නේ නෑ ඉතින්.. :)
Deleteහෙහ් හෙහ්.. මේ අපි එහෙම බය වෙනවද?
අපොයි.... මරු බොසෙක්... අපරාදෙ සල්ලි...
ReplyDelete//ෆන්කූලෝ අ තුත්ති වෝයි.."// තේරුම හොයා ගත්තෝ....:))
මමත් තේරුම සොයා ගත්තෝ.....! අපේ රටේ වුනත් කියන එකම තමා නේ.. :P
Deleteසන්තෝසේ බෑ.. භාශාවක් ඉගෙන ගන්න මේ කට්ටිය කොච්චර උනන්දුද? වෙලාවට මම මොලේ කල්පනා කරල වචනේ මෙහෙම දැම්මේ... :)
Deleteහෆ්ෆා.. ඒ තොටියා ඉන්නේ කොහේද? මම දන්නේ නෑනේ... :)
Deleteනෑ නෑ මම ඉන්නෙ සිරිල0කාවෙ තමා... මම කිව්වේ අරකේ තේරුම... අන්තිම කෑල්ල all of you කියන එකනේ?.. ඉතින් ඊට මුලට කියන එක මෙහෙ වුනත් කියන සුපුරුදු වචනය නේද? :D
Deleteහෙහ්.. එහෙනම් හරියටම දැනගෙන.. ඔව් ඔව් ඒක තමා.. මේක ඉතින් බය නැතුව කේන්ති ගියාම කියන්න.. කාටවත් තේරෙන්නේ නෑනේ.. :)
Deleteඑහෙම කියන්න යන්න එපා. මෙන්න මේ පොස්ට් එක කියවන්නකෝ.
Deleteඔන්න
http://obanodutulowak.blogspot.com/2011/12/blog-post.html
මතකයි මතකයි.. එයාලා පුසිරිනා කියනවා වගේ තමා අපිත් ඉතින් ඉතාලියෙන් බනින්නේ.. :)
Deleteහී හී ෂෝයි කතාව!! :)
ReplyDeleteතැන්කූ තැන්කූ.. :)
Deleteසිරින්ජරේ පෙන්නලා හොරකම් කරන රටක්.... මරුනේ... පිස්තෝල වලට ගිය කලක් එහෙනම්
ReplyDeleteතාක්ශනේ දියුණුයි නේ.. පිස්තෝල තියන් මාට්ටු උනොත් ලෙඩේ.. සිරින්ජ අවුලක් නෑනේ.. :)
Deleteමම හිටියා නම් අයියව blackmail කරලා ඔය සල්ලි තියෙන තැන අහගන්නවනේ අෆ්ෆා.. කොහේද ඒ හොරුන්ට එහෙම අදහසක් ආවේ නැති එක හරි අපරාදයක්... හික්ස්..
ReplyDeleteමේ ඇත්තට මොකක්ද ඔය වචනේ තේරුම.. :P
හෙහ්.. ඔයාලා දන්නේ ඉතින් මේ මගේම දත් ගලවන්න තමා.. හිතන් ඇති.. වචනේ තේරුම ඉතින් හොයා ගත්තා කිවුවනේ.. මෙයා දැන් නරක් වෙලා හරියට.. :)
Deleteහික් හික්... අයියලා නරක් වෙනකොට නංගිලත් ඉබේටම නරක් වෙනවා තමා අනේ... ;)
Deleteආ.. ඒකත් එහෙමද?
Deleteයුද්දෙට නැති කඩුව කොස් කොටන්නද අෆ්ෆා කියන්නේ ඕකට වෙන්න ඇති මගේ හිතේ.
ReplyDeleteඑක පාරක් පාවිච්චි කරලා ඉවත දානවට වඩා මේක කොව්චර හොද නව සොයා ගැනීමක්ද.. :)
Deleteඔන්න මම නම් තේරුම් හොයන්න ගියේ නෑ..;) අපි කියන දේ අහන හොද අහිංසක ළමයිනෙ...:D
ReplyDeleteෆාමසියක වැඩ කරන එකත් හෙන අවදානම් වැඩක්නෙ බොලෙ///
හිතූ ශුවර් නෑ.. මෙයානම් හොයන්නේ නැතුව ඉදියි.. :p
Deleteනැතුව නැතුව.. ත්‍රාසය, භීතිය, ආදරය මේ ඔක්කොම ෆාමසියේ තියේ.. :)
මොනවද දන්නේ නෑ සිරින්ජරේ තිබ්බේ...
ReplyDeleteෆන්කුලෝ කියන එකේ තේරුම නම් දන්නවා. ඉතුරු ටික දන්නේ නෑ
මම නම් හිතන්නේ වතුර වෙන්න ඕන.. ඒත් ඉතින් ඕක මොක උනත් ජීවිතේ තියාගෙන සල්ලි දෙන එක හොදයිනේ.. :)
Delete" තුත්ති වෝයි කියන්න්නේ උඹලා ඔක්කොම " කියන එක.. ඕනම කරන කෑල්ල දන්නව කිවුව නිසා දෙකම එකතු කර ගන්න.. ඔන්න මට බනින්න එපා..
මේ අක්කා ඇමරිකාවේ ඉදලත් ඒක දන්නේ කෝමද?
සිරිංජර...... සුදුපාට..... අම්මෝ.................
ReplyDeleteමොකෝ අලියෝ??
Deleteඋබලටත් වෙන වැඩ...
ReplyDeleteකියලා වැඩක් නෑ බං.. එහෙම නොවුනනම් ලියන්නේ මොනවද ඉතින්.. :)
Deleteමලයා කියලා දුන්න විදියටම උන් වැඩේ කරලා තියෙනවා ඈ... ඵල ඵල!
ReplyDeleteඒකනේ.. හැබැයි මම ඉන්න වෙලේ ආපු එකනේ අවුල... :)
Deleteඋඹට මාසේ අන්තිමට හොඳ ගානක් ලැබෙනවා ඇති නේ. ෆාමසියේ ජොබ් එකට වඩා හොඳයි ද?
ReplyDeleteපරිස්සමින් අහුවුනොත්.
මේවා ඇවිත් පාර්ට් ටයිම් ඒවා.. දැන් පවුල් වෙලා නිසා වැඩියෙන් හම්බකරන එක හොදයිනේ අයියේ.. :)
Deleteඔය සිලින්ජර් සීං එක ටාම ලංකාවට ඇවිට් නෑ මං හිටන්නෙ.....ඔන්න ආවෙට් උයා ටමයි ඈ....අපි ඩන්නෑ.............:O
ReplyDeleteඑහෙමනම් ඉතින් ඒ මේ බ්ලොග් එක බලන මනුස්සයෙක්ම තමා.. :)
Deleteදැන් ඕකට ඕන කරන්නේ මොන වගේ සිරින්ජරයක්ද ඇත්තටම... ??
Deleteමෙන්න හොරෙක්.......:P
Deleteඅර දියරේ හදා ගන්නේ කොහොමද?...
Deleteදිනේෂ් අයියේ එනපොට හොද නැතෝ...
Deleteදැන් වහාම කැරිබිනේරි සෙට් එකට ඔත්තුවක් සපයන්න වෙනවා මේ දිනේෂ් අයියා ගැන නම්...:)
කියන්ඩකෝ බලන්න දැන් කොච්ච්ර වෙලාවක් යනවද කියලා ලාච්චු ටික ඔක්කොම හිස් කොරලා පනින්න.. ඒ අනුව තමා ඉතින් දියරේ ස0යුතිය හදන්න වෙන්නේ..
Deleteහිරූ: මොකෝ අනේ මාවම මාට්ටු කරන්න හදන්නේ... අහිංසක මම මක් කොලාටද?
Deleteතොටියා : ඒවුවා රහස් එවුවා රහස්.. ඒවා හිස් කරන්නේ ෆාමසිය වැහුවට පස්සේ.. :)
දිනේෂ් අයියා ලංකාවේ හොරුන්ට අලුත් ක්‍රම කියලා දෙනවටනේ....:)
Deleteහිරූ නගා මාව ඉහල උසාවි නග්ගයි වගේ... :)
Deleteලංකාවේ නම් රෝහල්වල නිකම් බෙහෙත් දෙන නිසා ෆාමසිකාරයෝ එච්චර සල්ලිකාරයෝ නෙමෙයි :)
ReplyDeleteහෙහ්.. ඒකනේ ඒකනේ.. ඒ ගැන නම් ඉතින් මොනා කියන්නද?
Deleteදැන්නම් රෝහල් වලද බොහෝ බෙහෙත් නැත.ඇතැම් විට බෙහෙත් විදින්නට ඉන්ජක්ෂක් කටු පවා ලෙඩ්ඩුන්ට ගේන්න වෙන්නේ පිටිනි.
Deleteඑහෙම බලද්දි ලංකාවේ ෆාමසි කාරයෝ සෑහෙන සල්ලි හොයනවා..
Deleteඔන්න ලංකාවට අලුත්ම හඳුන්වා දීමක් ඉතාලියෙන්(දිනේශ්ගෙන්) පිස්තෝල වෙනුවට සුදු දියර ඉන්ජෙක්ෂන් සිලින්ජර්....!! .D.D.D.D.
ReplyDeleteබොලේ අවුරුද්දක් විතර යනකම් ලංකාවට මේක වෙන කෙනෙක්ට අදුන්නලා දෙන්න බෑ කියලා පේටන් බලපත්‍රයක් ගන්න ඕන.. නැත්නම් සුදු දියර තියෙන එකේ ඉන්ජෙක්ශන් වැඩේ නැගලා යාවි.. :)
Deleteමරු කතාව, නමුත් අර ඉතාලියෙන් කිවිව වචනේ සිංහල තේරුම කිවිවනමි තමයි මරු. මොනවා කරන්නද, දැන්ම යනවා මමත් ඉතාලි භාසාව ඉගෙන ගන්න. ඃ)
ReplyDeleteඅපේ ඔක්කොම වගේ ඒක හොයා ගත්තා නදුන්.. ඔය මම ලියපු එක ඉංග්‍රිසි අකුරින් ගහලා ගූගල් ට්‍රාන්ස්ලේට් එකක් දෙන්න.. :)
Deleteඇත්තටම මන් මෙහෙට එන්න කලින් ඉදලම දැනගත්ත වචනයක් තමයි ඒක....හොරු නම් ඕන තරම් අපි ඉන්න ෆැලැට් එකටත් ආවා දවසක්...කැරිබිනේරි එකෙන් ඉක්මනට ආව නිසා හොරා පැනලා ගියා...
ReplyDeleteනිෂ්ව මට මග ඇරිලනේ මෙච්චර දවසක්.. ඔන්න ඒ පැත්තට ගොඩ උනා මමත්.. මේවයේ ඉන්නේ කම්බ හොරු.. ඒ ගැන කියන්න ඕන නෑනේ...
Deleteහෆොයි....අලුත් විදිහේ හොරකම්....ඉතාලියෙ දොරවල් ලොක් කලත් වැඩක් නෑ...හර්කියුලිස් වගේ හොරු ඉන්නවානේ...
ReplyDeleteහෙහ් ඒකනේ කියන්නේ.. ඒ ගැන නම් කියලා වැඩක් නෑ.. ඔන්න අළුත් ලොක් එකක් හයි කලා.. වැඩක් වෙයිද මන්දා ඉතින්.. :)
Deleteමොන ෆන්කූලෝ අ තුත්ති වෝයි..ද මංදා......:පී....
ReplyDeleteමම මේ කල්පනා කලේ දැන් ඊලග සැරේ පනින්නනේ කොහොමද කියලා...
මේ අහු වෙන්නේ හොරාව...:D
Deleteඉතින් බං ඕකට මට බනින්න ඕනද... මටත් කියන්න තියෙන්නේ ෆන්කූලෝ කියලා තම ඉතින්... :)
Deleteසහෝදරයා
ReplyDeleteමේ බ්ලොග් සටහන නම් අපූරුයි. කොච්චරද කියනවනම් ......අද මාව පැය 3ක් තිස්සෙම වර්ණය වශී කරගත්තා. මම ඔක්කොම කියෙව්වා. ලස්සනයි.
සුබපතනවා මේ ලස්සන වැඩේට. ජයවේවා!!
අපේ ගම් පැත්තෙම යාළුවෙක්නේ.. ගොඩක් ස්තූතියි යාළුවා.. ඉඩ තියෙන වෙලාවක ආයෙම මේ පැත්තේ ඇවිත් යන්න එන්න..
Deleteමෙන්න සැකකටයුතු ප්‍රකාශ 2ක්.
ReplyDelete//හැබැයි කිවුවට පිළිගනීද මන්දා ඔය මංකොල්ල කාපු වෙලවල් වලින් එකම එක වෙලවක විතරයි මම ෆාමසියේ හිටියේ.. :) අනිත් හැම වෙලාවකම මම නෑ.. //
//අනිත් සල්ලි තියන තැන දන්නේ ඉතින් වැඩ කරන අපි තමා..//
අනේ දන්න කෙනෙක් ඉන්නව නම් මට ඉතාලියෙ අර අමුතු පොලිසියෙ නොම්මරේ හොයලා දෙන්නකො ඔත්තුවක් දෙන්න තියනව.
119
Deleteඔන්න ඕක තමා නොම්බරේ.. :) මෙන්න මගෙන් සැකයට ගැලවිජ්ජාව
1. මගේ අවුරුදු 3ම මට මිස් උනා හැම එකක්ම.. එක්කො මම නිවාඩු එහෙම නැත්නම් එදා මම ලොක්කා එක්ක වෙන කොහේ හරි ගිහින්.. ගොඩක් වෙලාවට ලොක්කා එක්ක තමා.. :)
2. අතිත් සල්ලි තියෙන තැන කවදාවත් හොරු මංකොල්ලා කාලා නෑ.. :)
හපොයි..
ReplyDeleteමේ වගේ ලොක්කෙක්..!!
කියලා වැඩක් නෑ අක්කේ...
Deleteprawesamen malaya........
ReplyDeleteහොදමයි හොදමයි..
Deleteපට්ට හොරුනේ සිසිලියෙ ඉන්නෙ නේද දිනේශ්? මමත් අහලා තියෙනවා ඉතාලියෙ උතුරයි දකුණයි සම්පූර්ණයෙන් වෙනස් ලෝක දෙකක් කියලා. ඔය සිසිලිය මෆියා නිජබිම නේද?
ReplyDeleteඅර සිරින්ජ් එකේ තියෙන්නෙ HIV නම් අපේ නිලමේ කෙනෙක් ඕකට නියම පිළිතුරක් හොයාගෙන තිබ්බ දිනේශ්ට මතකද? :D
henryblogwalker the Dude
ලොක්කව එල්ලන්න වටිනවනෙ.මං කියන්නද අයියේ ඔයා ලොක්කට කියන්න මේ පාමසිය ඔයාට දෙන්න කියලා.මිනිහ ලොක්කා වුනාට ඇති වැඩක් තියනවෑ.
ReplyDeleteමේං එන්න බැරිවුනු දවස් ටිකට දිනේශ් අයියා වැඩකරන තැන කොල්ල කාලා...
ReplyDelete// මංකොල්ල කාපු වෙලවල් වලින් එකම එක වෙලවක විතරයි මම ෆාමසියේ හිටියේ.. :) අනිත් හැම වෙලාවකම මම නෑ.. //
මේක නම් ඒ හැටි හොඳ දෙයක් නෙමෙයි.ඔයාවම සැක නොකලොත් තමා පුදුමේ.
ඒක නෙමේ දැන් මට වැඩක් තියෙනවා.අර රුවැත්තිව හෙව්වා වගේ මේ //ෆන්කූලෝ අ තුත්ති වෝයි.." // වචනෙත් තේරුම හොයන්ඩෝන කවද හරි ඉතාලි කාරයෙක්ට බනින්න හම්බුනොත් එහෙම මෙව්වා දැනගෙන ඉන්න එපායැ නෙහ්.... නිම්ෂා අක්කගෙ උත්තරේත් වටිනවා
//ෆන්කූලෝ අ තුත්ති වෝයි//
ReplyDeleteහයිෙයා් හරි ෙල්සියිෙන්.... f*** y** all කියන ඒක ෙන්... ෙබාෙහා්ම ස්තූතියි අෑ අදත් ඉතාලි පාඩමක් ෙගනාවට.ඔ්ක ෙහායන්න ගිහින් මයි ටයිපින් අවුල් ගිහින්.... කොම්බු වැඩ නෑ හයිෙයා්... ෆන්කූලෝ තුත්ති හොරුන්ට