Sunday, 24 June 2012

තොටියා

ගං ඉවුර දිගේ හෙමින් දුර ඇවිදන් එද්දි හිතට දැදුනේ අමුතු හැගීමක්.. හැන්දෑවේ ලස්සනත් එක්ක ගං ඉවුරෙන් ආපු හුළගට හිත ඇදිලා ගියේ ඉබේටම වගේ..  කාලය ගැන හිතන්නෙවත් නැතුව ඒ සොදුරු බව හිතින් විදගෙනම ගං ඉවුර දිගේ ගොඩක් ඈතට ඇවිදන් ගියේ තිබුන ප්‍රශ්ණ හැම එකක්ම වගේ හමාගෙන ආපු ඒ හුළගට පා කරලා හැරලා..

ඈත කෙලවරක කුඹුක් හෙවනකට වෙන්න තිබුන පුංචි ලී පඩි පෙලට හිත ඇදිලා ගියේ ඉබේටම වගේ.. අන්තිමේ කෙලවර දිරල ගිය ලී ලොකු පාළුවක් කියා පෑවත් ඒ පාළුව අතරේ ලොකු සුන්දරත්වයක් පෙනුනා.. හෙමින් හෙමින් කුඹුක් හෙවනට ලං වෙද්දි දැනුන සිසිළස කියල නිම කරන්න බැරි තරම්.. හෙමින් එන  ගං දිය දෙපා මත දැවටෙද්දි දැනෙන්නේ අමුතුම හැගිමක්.. ඒත් මේ තරම්ම ලස්සන තැනක් මෙහෙම පාළු උනේ ඇයිද කියන්න හිතා ගන බැරි උනා..

තැනින් තැන කැඩිලා බිදිලා ගිය ලී පඩිපෙලේ මොහොතක් වාඩි වෙලා හෙමින් ඒ පඩි අතරේ වදින දිය රැලි දිහා බලාගෙන උන්නේ හිතේ ආසාවට..

" මහත්තයා ගොඩක් වෙලාවක් ඉදන් ගඟ දිහා බලාගෙන.."

බලාපොරොත්තු නොවුන වෙලාවක ඇහුන ඒ හඩට හිත ගැස්සිලා ගියේ ගං ඉවුරේ සොදුරු බවට හිත සම්පුර්නෙන්ම ඇදිලා ගිහින් තිබුන නිසා.. සැරයටියට වාරු වෙලා උන්න වයසක ඒ මුහුණ යොමු වෙලා තිබුනේ මම ගොඩක් වෙලා බලන් හිටපු ගංතෙර දිහාවටම..

" ඔව් දැන් ටිකක් වෙලා.."

ආයෙම ගං තෙර දිහාවටම බලාගෙන උත්තර දුන්න මම ආයෙම ඔහු දිහාවට හැරුනේ මෙතනට ආපු වෙලේ ඉදන් හිතට වද දුන්න එක දෙයක් දැන ගන්න හිතාගෙන..

" ඇයි සීයේ මෙතන මෙච්චර පාළු.. මෙතන ගොඩක් ලස්සන තැනක්නේ?"

නිහඬවම මාත් එක්කම ටික වෙලාවක් ඈත බලා ඉද්දි මම කියපු දේ හරියට අහුනේ නෑ කියලා හිතාගෙන ආයෙම ටිකක් හයියෙන් කතා කරද්දි සිනා මුසු මුහුනින් ඔහු මං දිහා බලා හිටියේ මට හොදට ඇහෙනවා කියන්න වගේ..

" ඒක ලොකු කතාවක් මහත්තයෝ.."

ඔහු දිග හුස්මක් හෙළුවේ ලොකූ කතාවක් කෙටියෙන් කියන්න බෑ වගේ හගවමින්..

" මට හදිස්සියක් නෑ.."

ඉබේම වගේ මුවින් එහෙම පිට උනේ ඒ කතාව දැන ගන්න ලොකු උවමනාවක් මගේ හිතේ තිබුන නිසා..

" අවුරුදු ගානකට උඩදි මේ ගඟේ එහා මෙහා ගිය ඔරුවක් තිබුනා මහත්තයෝ.. අර ඈත මේ වගේම ලී පෙලක් පේනවා නේද.. මේ ඉවුරු දෙකට එහා මෙහා ගිය  ඒ ඔරුව මේ ගඟටත්, මේ ගඟ ඒ ඔරුවටත් හරිම ආදරේ  කලා.."

" කවුද ඒ ඔරුව පැද්දේ?"

" මහත්තයගෙම වයසේ යස ඉලන්දාරියෙක්.." 

" දැන් ගොඩක් කාලෙකට කලින්ද?"

"හ්ම්ම්.. දැනට අවුරුදු 40කට විතර උඩදි මහත්තයෝ.."

" ඉතින් මොකද උනේ ඒ ඔරුවට?"

" ඒ ඔරුවේ නැගලා එහා ඉවුරට ඉස්කෝලේ ගිය ගෑණු දරුවෙකුට මේ ඉලන්දාරියගේ හිත ඇදිලා තිබ්බේ.. දෙන්නට දෙන්න ගම්මුන්ට හොරෙන් ආදරේ කලාට ඒක හැමදාටම රහසක් උනේ නෑ.. හැමෝම දොස් කිවුවේ ඒ ඉලන්දාරියට.. අසම්මත ආදරයක් කියලා හංවඩු ගැහුවා.. මේ ගඟ හොදටම පුරුදු ඒ ඉලන්දාරියට මේ ඔරුව වරදින්නේ නෑ මහත්තයෝ.. ඒත් දවසක් ඔරුව පෙරළුනා.. හරියටම ගඟ මැදදි.. අසම්මත උන ආදරයක් කෙලවර උනේ එහෙම මහත්තයෝ.."

" එවෙලේ දෙන්නම ඔරුවේ හිටියද සියේ?"

" ඔව්.. ඒ දෙන්න හැමදාටම එකතු උනේ ඒ විදිහට.."

" ඉතින් ඇයි මෙතන පාළුවට ගියේ?"

" ඔය මහත්තයා ඉදගෙන ඉන්න පඩිපෙලේම වාඩි වෙලා ඒ දෙන්න කතා කර කර ඉන්නවා ගම්මු දැකලා තියෙනවා හැන්දෑවට.. හැමෝම කියන්න ගත්තේ එයාලගේ ආත්මය එයාලා එකතු කරපු ඔරුව එනකම් බලන් ඉන්නවා කියලා.. ඉතින් මෙතන පාළුවට ගියා.. හැමදාටම මෙතන ඔවුන්ගෙම උනා.. අවුරුදු ගානකට පස්සේ තමයි කෙනෙක් මේ මෙතනට ආවේ.. ඒ තමයි මහත්තයා.."

..............................

නිසල වූ ගඟදිය
බලා හිදියි නිසොල්මන්ව
මැවෙන තුරු රටා එක පිට
බිදදා සොදුරු නිසල බව..

සැලී ගිය ගහ කොල මල්
මවයි නෙක රටා දිය මත
පාළුව හැර වෙන කුමක්
පවසයිද මෙදිය මට..

වරෙක හිනැහී රටා මැවු දිය
නිසල විය රජ කර පාළුව
ගිලි ගිය දා සිටම
දිය රටාවන් මැවු පාරුව..

තුරු ලතා හිනැහෙයි හතර වට
පූදමින් විසිතුරු මල් රටා හෙමිහිට
නෙලාගන්නට නැතුව කිසිවෙකු
මිලාන වි යයි හිරුත් එක්කම..

අදටත් මේ නිසල වූ වැව
නෙත යොමයි තොටුපල වෙත
දැකගන්නට ආසාවෙන් දිනක
යලිත් මෙහි එන තොටියා දෙස

..............................


" සියා මෙතන්ට හැමදාම එනවද?"

" ඔව් මහත්තයෝ.."

" හැමෝම නොඑන තැනක සීයා විතරක් තනියම.."

" තනියන් නෑ මහත්තයෝ.. අපි බලන් ඉන්නේ ඔරුව එනකන්.."





103 comments:

  1. Replies
    1. ඔන්න අදනම් අපේ බට්ටි අක්ක එක වෙලාලු... :)

      Delete
    2. වෙලාලු කියලා ෂේප් වෙන්න බැරිලු..තෑගි ඕනමලු...නැත්නම් ඉතිං වලියක් තමයි ලූ....

      Delete
    3. හා හා.. හෙට උදේ එද්දි තෑගි තියන්නම් මෙතන.... :)

      Delete
    4. සිතමින් ..මෙයාට තවම උදේ වෙලා නැතුවවද්ද... :'( නැත්නම් මෙයත් වෙන්ඩ මන්ත්‍රී කෙනෙක්වත්ද?

      Delete
    5. ඡ්න්ද පොරොන්දුවකි.. :)

      Delete
    6. කෝ තෑගි දීලා නෑනේ.. :P

      Delete
    7. තෑගි වැඩේ කල් දැම්මා.. :)

      Delete
  2. කඳුලෙන් නිමවුණු ප්‍රේම කතාවක්...... හොඳයි හොඳයි :)

    ReplyDelete
    Replies
    1. අසම්මතය නිසා නිමා උන තවත් එක ආදර කතාවක්..

      Delete
  3. අම්මා..... අන්තිම ටික නම් පිස්සු හැදෙන්න ලියලා. ඇගේ මයිල් කොයිල් වෙනවා

    ReplyDelete
    Replies
    1. අනිත් දවසේ කියව කියවා ඉන්නේ නෑ. 62 දැම්මා ගියා. :-)

      Delete
    2. හෙහ්.. එච්චර්ම බය හිතෙන්නේ නෑනේ අයියේ ඉතින් :)

      Delete
    3. ආ අහන්න අමතක උනා.. 62 මද දාන්න ඕන..:)

      Delete
    4. ඔව් වොව්. 62 ම තමයි. 69 බුද්ධ්ගෙයි කතන්දරගෙයි නේ. :-)

      Delete
    5. බුද්ධි අයියගේ 69 නම් ඉතින් අපි දන්නවනේ.. 62 තමා අවුල.. ඔක සබ්ධ නගා කියවද්දිනම් අවුලක් නෑ.. :)

      Delete
  4. Replies
    1. ලොකු අයියා 4 නේ... :)

      Delete
  5. හ්ම්ම්ම්ම්ම්ම්...........එතකොට ඇයි සීය විතරක් එතන හිටියෙ....??

    ReplyDelete
    Replies
    1. අනිත් කෙනාව පෙනුනේ නැති වෙන්න පුළුවන්නේ.. :)

      Delete
    2. හ්ම්ම් මට හිතුනේ මෙහෙමයි. ඒ සීයා අර තරුණයාගේ හොල්මන වෙන්න බෑ. මොකද හොල්මන් වයසට යන්නේ නෑ නේ. හිහි

      මට හිතෙන්නේ අර සම්බන්ධෙ දෙමව්පියන් විසින් කඩලා ඔවුන්ව ඈත් කරාම තරුණයට මානසික ආබාධයක් වගේ හැදෙන්න ඇති. ඊට පස්සේ එයා හිතින් මවා ගන්න ඇති ඔරුව පෙරලිලා දෙන්නම මැරිලා, දැන් දෙන්නගේ ආත්ම එකතු වෙලා ඉන්නවා කියලා...ඉතින් ඒ සීයා කියන්නේ අර තරුනයාමයි....වයසට ගිහිල්ලා...

      :ඩි

      Delete
    3. හ්ම්ම් මට හිතුනේ මෙහෙමයි. ඒ සීයා අර තරුණයාගේ හොල්මන වෙන්න බෑ. මොකද හොල්මන් වයසට යන්නේ නෑ නේ. හිහි

      මට හිතෙන්නේ අර සම්බන්ධෙ දෙමව්පියන් විසින් කඩලා ඔවුන්ව ඈත් කරාම තරුණයට මානසික ආබාධයක් වගේ හැදෙන්න ඇති. ඊට පස්සේ එයා හිතින් මවා ගන්න ඇති ඔරුව පෙරලිලා දෙන්නම මැරිලා, දැන් දෙන්නගේ ආත්ම එකතු වෙලා ඉන්නවා කියලා...ඉතින් ඒ සීයා කියන්නේ අර තරුනයාමයි....වයසට ගිහිල්ලා...

      :ඩි

      Delete
    4. සයුරි අක්කගේ අදහසට මම පස්සේ උත්තර දෙන්නම්... බ්‍රහස්පතින්දා දිහාවට..:)

      Delete
    5. ඇත්තටම එහෙම දෙයක්ද හිතුවේ?

      Delete
    6. ඒ කතාවේ කොටසක් අද දැම්මා.. :)

      Delete
  6. කතාව කියෙව්වෙ පස්සෙ ඇත්තටම සංවේදී කතාවක්

    ReplyDelete
    Replies
    1. කවදාවත් නැතුව ගොඩක් වෙලා අරන් ලියපු කතාවක්.. :)

      Delete
    2. මමත් ගොඩක් වෙලා අරන් කියෙව්වේ

      Delete
    3. මල් කඩමින් ලියපු කතාවකි... :)

      Delete
  7. ගුප්ත බවක් සැගෙව්ව අපූරු කෙටි කතාවක්..!

    //" තනියන් නෑ මහත්තයෝ.. අපි බලන් ඉන්නේ ඔරුව එනකන්.."//

    දෙවෙනි පාරටත් කියෙව්වා.. දෙන්නම ගඟ දියේ හැංගුණානම්.. ඔරුව එනකල් බලාගෙන ඉන්න තව කෙනෙක් අඩුයි කියලා මටනම් හිතුණෙ.. :)
    මං වැරදිද මන්දා..
    මං ආසම පින්තූරයක්.. :)

    ReplyDelete
    Replies
    1. නෑ නෑ දෙන්නම මැරුණා.. කතාවට මම ගත්තේ එක්කෙනයි නේ.. අනික ඒ ආත්මේ හිටියා උනත් නොපෙනුනා වෙන්න පුළුවන්.. ඒ නිසා තමයි අන්තිමේ ඒ කෑල්ල දැම්මේ.. ඒක ඉතින් හිතා ගන්න ඕන..

      Delete
  8. මේ කතාව හුගක් ඇඟට දැනුනා අය්යේ
    හොඳ කතාවක්...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මලයා..

      Delete
  9. නිල් දිය දෝතක් ඔබේ දැතින් ගෙන ..
    ආසයි හිදින්නට ලඟින් මා සැනසෙන්න..
    ජිවිතය දිහා නොබලා හෙට දිනක විදවන්න..
    මතු ආත්මයෙත් එමි මම නුඹ සමග හිනහෙන්න...

    දුකක් නැ සත්තයි නුඹ සමග එක මගක ගිය ..
    දැස් හඬන් නැ නුඹ වෙනුවෙන් සුසුම් නොමැතිව..
    හද හඬන් නැ නුඹ වෙන් වි ගියැයි කියා කිසිදිනක..
    නෙතු රිදෙන් නැ නුඹ දෙස බලා හිද මේ භවයෙක..

    ගං දිය හඬයි අපේ මතක අරන් වැලලුන..
    තොටුපල නිහඬයි අපේ ආදර මතක ගෙන ..
    නිල් අහස බලයි අප දෙදෙනා එන දිනෙක..
    ආදරය දිනයි මතු ආත්මයෙත් මා නුඹ සමග..

    ReplyDelete
    Replies
    1. මුළු කතාවම හරි අපූරුවට කවියට නගලා.. ලස්සනයි නඟෝ.. මේකට පිළිතුරු කවියක් මම හෙට ලියන්නම්.. :)

      Delete
    2. ඟං දියෙහි සැගව ගිය
      අපේ ඒ ආදර කතාව
      මේ ඟං දිය රැලි අතර
      යලි යලි මතකයට ආවද...

      අසම්මතේ එක් ආදරයක
      අවාසනාව විදි හන්දම
      නෙතේ කඳුළු හිර කරන් හෙමිහිට
      ගං දිය දෝර ගැලූ කල..

      ගඟත් තොටුපලත් නිහඬයි
      ඒ ආදර කතා නැතුව
      මතකය පමනක් ඇත
      දිරාගිය තැන් කීපෙක..

      Delete
    3. ලස්සනයි අයියා...අපුරු කවියක්...

      Delete
    4. නඟාගේ කවියත් ලස්සනයි.. ඒකනේ ලියන්න හිතුනේ මට.. :)

      Delete
    5. උතුරා ගිය රළ පෙල
      අරන් ගිය මතකය
      සිහිකර කර මම තවම
      ඒ සයුරු තෙර ලග..

      Delete
    6. වැලපෙමින් හිත තව
      ඒ මතක බිම ලග
      ආයෙමත් නුඹ එතැයි හිතාගෙන
      මේ දියඹ අතරට..

      Delete
  10. අසම්මත කෙසේ වෙතත්, ප්‍රේම කතා ගොඩක් නිමවෙන්නේ මේ වගේද? අපූරු කතාවක් ගොඩ නගලා. අවසානය කියවද්දි සිත දුකෙන්, පිරෙනවා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.. අසම්මතයක් නොවුන ඒත් මේ වගේ නිමා උන පෙම් කතා නැත්තෙමත් නෑ.. මේ ආදරේ අසම්මත කියන්න හරියටම අපි දන්නෙත් නෑනේ.. මොකද මම ඒක කොහොම එකක්ද කියලා කිවුවේ නෑනේ..

      Delete
  11. අන්තිම ටික නම් නියමයි... එක පාරට බය හිතුනා... ලස්සනයි අයියේ.. වෙනස්ම කථාවක්..

    ReplyDelete
    Replies
    1. හලේ ඉතින් මේක එච්චර බය හිතෙන කතාවක් නෙමෙයි නේ.. :)

      Delete
  12. නියමයි මචං මේවගේ නිර්මාණ ඉස්සර සයිබරේ වර්ණවත් කලා... කාලයත් එක්ක ඒ සුන්දර බව වියැකිලා යමින් තිබුනේ නමුත් උඹලා වගේ එවුන් තවමත් මේ සයිබරේ ලස්සන කරන එකට ස්තුතී මචං
    කියන්ඩ බැරි උනා මාත් ඒ ගංතෙරට ඇදිලාගියා උඹේ අකුරු වැල් එක්ක.....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි රාජ් අයියේ.. පරිසරය අලංකාරය හොදට ආවද කියලා මම ටිකක් හිත හිත හිටියේ..

      Delete
  13. අද වෙනස්ම තාලෙක කතාවක්! නියමයි!
    මම නම් කියන්නෙ මේ සීය වෙනමම එක්කෙනෙක් වෙන්න ඇති. අර දෙන්න මැරුණෙ තරුණ කාලෙනෙ. ඊට පස්සෙ ඉතිං වයසට යන්නෙ නෑලුනෙ නේද?

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි යාළුවා..

      ඔව් ඒක හරි මැරුණට පස්සේ වයසට යන්නේ නෑනම් තමයි.. ඒත් ආත්මයට ඕනම රූපයක් මවා ගන්නත් පුළුවන්නේ...

      Delete
  14. harima lassanayi..
    me katha ekangika tele walata hondai...
    vividha rasayen yuth katha liyanna ganna uthsahaya godak saarthakai malli..
    well done....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අක්කේ / අයියේ..

      මේ කවියක් නොවුන සිතුවිල්ල ගොඩක් වෙලාවට ඒකාංගිකයි.. :)

      Delete
  15. ඇත්තටම ඒ වගේ දේවල් ලෝකේ සිද්ද වෙන් පුළුවන් ලස්සනයි යාලු ...........

    ReplyDelete
    Replies
    1. ඔව් යාළුවා.. ඕන තරම් වෙන්න පුළුවන්..

      Delete
  16. ඇඩෙනවා නෙහ්... සිරා කතාව.

    දිනේශ් අයියට - සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
    (මේක උඹට ඈ... සමහරුන්ට මේක ඇලජික්.. මල ගෙදරක් උනත් සුභ වේවා කියනවද අහනවනේ)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. මාත් ඒක දැක්කා.. හෙහ් අවුලක් නෑ බං ..... රජෝ.. දන්නවනේ ඉතින් මං ගැන.. :)

      රජ සම්පත් කොහොම වෙතත් මේ දවස් වල සුභයි.. :)

      තැන්කූ වේවා!!

      Delete
  17. හිතට දුකක් දෙන කතාවක්වුනත් වෙන්නොවුන ආදරයක් නිසා සතුටුයි..කතාව හරිම ලස්සනයි අයියේ..ඒ වගේම ඔයාගේ කවි ටිකත් ලස්සනම ලස්සනයි....

    නිහඩවු සුන්දර ගංතෙරක
    අප හමුවුණෙමු දවසක
    සංසාරයේ බැදි පුරුද්දක‍ට
    ලංවුනෙමු හද තුල පෙමක...

    අවාසනාවට හදෙහි බැදි පෙම
    නෙත ගැටුනත් නපුරු ලොවක
    වසන්වී ඒ නෙත්වලින් අප
    එක්වුනා මේ ගංදිය රැල්ලක...

    ReplyDelete
    Replies
    1. අවසානේ දුකක් උනත් සතුටක් උනත් ආදැඒ නිසා සැනසෙන්න ඕනනේ.. :)

      පෙමට වෛර කරන
      දෑස් වලින් වසන් වී හෙමීට
      හමු උන හැටි සොදුරුයි
      මේ නිල් දිය මත..

      දෝර ගලා ගිය සෙනේ ලෙස
      උතුරා ගිය මග දිය කද
      අපි අපෙන් බොහෝ දුර
      අරන් ගියේ කිම..

      Delete
    2. ලංව ඔය උණුසුමට
      ආදරේ වින්ද අපූරුව
      ලෝකයට වසන් වී
      රහසින් හෙමිහිට..

      Delete
    3. තුරුළු වී දෙවුරට
      නුඹ ආදරෙන් හිටි මතකය
      තවම වද දෙද්දි හිත
      වැටෙන කදුළු නොදැක්කාද?

      Delete
  18. මගේ නම තියනව දැකල මේ හති දාගෙන හබල් ගහලා ආවේ... හරිම ස0වේදී කතාවක්.. අවසානයත් අපූරුවට ලියල තියනවා.. "තනියන් නෑ මහත්තයෝ.. අපි බලන් ඉන්නේ ඔරුව එනකන්" මේ වැකිය මුළු කතාවම අනිත්පැත්ත ගසනවා වගේ හිතුනාඅ. එතකොට ඒ මහත්තයට හමු වෙලා තියෙන්නේ "අර කෙනාම" තමා නෙද?

    ReplyDelete
    Replies
    1. තොටියා මේ ගැන මට වඩා දන්නවා ඇතිනේ ඉතින්..:)

      මේ අවසානය පොඩි වෙනසක්.. ඒවාට උත්තර ලැබෙයි..

      Delete
  19. hmmm adath sanwedi kathaawak. lassani

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අක්කේ... මොකෝ අද මේ කඩු කොපු වලින්.. :)

      Delete
  20. ලස්සන කතාව . ඉතින් ඊට පස්සේ මහත්තයා දුවන්න ඇති නේද . නිසදැස් පෙලටත් මගේ හිත ගියා

    ReplyDelete
    Replies
    1. බය නොවි ඉදියිද අක්කේ ඉතින් අරහෙම කතාවක් කිවුවම.. ඒත් ඒ ඇත්තටම තොටියගේ හොල්මනද?

      Delete
  21. කඳුලෙන් නිමාවූ තවත් එක් කථාවක්...

    ලස්සනයි කථාව මලේ

    ReplyDelete
    Replies
    1. කදුලෙන් නිමා උන කතා බොහොමයිනේ අයියේ...

      Delete
  22. මලේ මේ කථාව මම කවියට නිමිත්තක් කරගන්නදෝ

    ReplyDelete
    Replies
    1. ඕක අහන්නත් දෙයක්ද අයියේ.. හා හා කවිය ලියන්නෝ.. අපිත් එනවා බලන්න...

      Delete
  23. " තනියන් නෑ මහත්තයෝ.. අපි බලන් ඉන්නේ ඔරුව එනකන්.."

    o_O o_O o_O ලස්සන කතාවක්. දැනෙන්නම ලියල තියෙනව.

    අහ් කියන්න බැරිඋනානෙ. ඔන්න මම වර්ණගෙ පෝස්ට්ස් ගොකක් හරිය කියවල ඉවරයි. ෆාමසියෙ කතා, ඉතාලි කතානම් වැඩි ආසාවකින් කියෙව්ව. තව ටිකක් කියවන්න තියේ.

    ඔන්න අද ඉඳන් මම වර්ණ පස්සෙ එනව.

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සඳ මේ පැත්තේ ගොඩ උනාට.. වර්ණ ලියන මම දිනේෂ්... ගොඩක් තියෙනවනේ බලන්න.. හෙමින් වෙලාවක කියවන්න... :)

      Delete
  24. කථාවම වෙනස් කලා අවසන් පේලියෙන් ...කවිටිකනම් සුපුරුදු විදියට ලස්සනම ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. කලින්ම ඒක දැනෙන්න දුන්නනම් ඒ වෙනස දැනෙන්නේ නෑ.. එක පේලියක් හොදටම ඇති කියලා හිතුනා ඒකට.. :)

      Delete
  25. කතාව ලස්සනට ගොඩනගල මල්ලී... අතීත කතාව තව ටිකක් විස්තර කළා නම් හොඳයි කියල හිතෙනවා... ( ආදරයේ ගලා යාම ) එහෙම වුණාම දැනෙන කම්පනය වැඩී... වෙනස් විදියක කතාවක්...

    දිනුම් කණූවෙන් ඉවර වෙන ආදර කතා කොයි තරම් හිගද?

    ReplyDelete
    Replies
    1. දිනුම් කණුව ලගට යන ආදර කතා ගොඩක් අඩුයි.. හැම එකක්ම වාසනාවන්ත නෑ..

      ගොඩක් ස්තූතියි මේ පැත්තේ ගොඩ උනාට..

      Delete
  26. lassana kathawak ayya........tawat liyanna me wage ewa....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අරලියා.. :)

      Delete
  27. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. දිය රැළි අතර නැගෙන
      ඒ හබලේ හඩට
      දුව ගෙන ආපු ඒ හිත
      රහසේ සැගවෙද්දි
      මේ දිය රැල් අතරම,
      හබල අතෑරුනා
      මේ දිය රැල් අතර..

      තාම මග බලාගෙන
      ඒ පෙම්වතිය හමු වන්න
      යලි දවසක එන්න
      හදිසියේ නික්මුන..

      Delete
  28. හබලෙ වාරුව ගිලිහුනා...
    …පිපී එද්දිම සැගවුනා...

    ReplyDelete
  29. මම බය උනා මචං.. ඒ ප්‍රේමය අසම්මත වෙන්නේ කොහොමද?..

    ReplyDelete
    Replies
    1. අසාර් අයියත් බය උනාද ඉතින්... :)

      Delete
  30. මම බැලුවා අපේ තොටියා අයියා ගැන කතාවක්ද කියලා. හැමදාම මොකෝ දුක හිතෙන ඒවා ලියන්නෙ. කොහොම උනත් ලස්සනයි!

    ReplyDelete
    Replies
    1. දුක හිතෙන ඒවම නෙමෙයිනේ මලයා.. සතුටු හිතෙන ඒවත් ලියලා තියෙනවනේ... :)

      Delete
  31. එතකොට සීයද ඔරුව පැද්දේ... මාරයි..
    ලස්සන කතාවක්.සංසාර බැදීමක් වගේ..

    ReplyDelete
    Replies
    1. සංසාර බැදීම් වලට නිමාවක් දෙන්න බෑනේ අයියේ...

      Delete
  32. ලස්සන දුක හිතෙන කතාවක් මල්ලී...කවිත් අපූරුයි...
    හ්හ්ම්ම්ම්....ලොකු දුකක් දැනෙනවා...මන්දා..ඇයි කියන්න...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අක්කේ.. කතාව හිතට සමීප උනානම් ඒ ඇති මට.. :)

      Delete
  33. මාත් බලන් ඉන්නේ ජීවිතේ තනිකම නැති කරන්ඩ පුලුවන් වෙන ජාතියේ ඔරුවක් එනකන් !!!

    කවදා හරි ඒවි !!!
    එදාට ඈතට ඈතට පැදගෙන යන්ඩ පුලුවන් !!! :)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් ඒවි අයියේ.. ටිකක් බලාගෙන ඉමු..

      Delete
  34. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්... හැමදාම වගේ ඉතින් උපරිමෙන්ම ලියලා අයියා, අපූරු කතාවක්.. මට නම දැක්කා හමන්ම මතක් වුනේ ඉතින් තොටියා අයියාව..:D

    ලස්සනයි!!

    ReplyDelete
    Replies
    1. ඒ තොටියයි මේ තොටියයි දෙන්නෙකි.. :)

      Delete
  35. අපූරුයි දිනේෂ්.. බොහොම සංවේදී කතාවක්!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි යාළුවා මේ පැත්තේ ගොඩ උනාට.. :)

      Delete
  36. දුක හිතුන බොලේ මට නම්. එකෙන්ම. :(

    ReplyDelete
    Replies
    1. කතා හිතට සමීප වෙන විදිහ වෙනස් නේ යාළුවා.. ඇත්තටම මේක ටිකක් දුක හිතෙනවානම් තමයි..

      Delete
  37. හ්ම්ම්

    " තනියන් නෑ මහත්තයෝ.. අපි බලන් ඉන්නේ ඔරුව එනකන්.."

    කවමදාක හරි ඔරුව ආපහු ඒවී. බලාපොරොත්තුවයි වැදගත්. සංසාරේ පුරාවටම අපි කරන්නේ මොකක්ම හරි බලාපොරොත්තුවක් ඉෂ්ට වෙනකම් බලාගෙන ඉන්න එක. හිතට දැනෙන්නම ලියලා.
    ජය වේවා..!!!!
    දැන් ඉතින් දිනේෂ්ට ජය වෙලානේ තියෙන්නේ. එල එල :D

    ReplyDelete
    Replies
    1. බලාපොරොත්තු තමයි ජීවිතේ ජීවත් කරන්නේ..

      ඔව් ඔව් ටිකක් ජයයි තමයි :)

      Delete
  38. හෆොයි...... මම නම් තොටියව මූණු පොතෙනුත් අයින් කරනව. නංගි නංගි කියාගෙන ආවාම මමත් අයියෙ කියල කට පුරා කියල තියෙන්නෙ හොල්මනකටද.

    ReplyDelete
    Replies
    1. හෙහ්.. අපි තියා ගන්න එපා එහෙනම්.. ඔන්න තොටියෝ.. ඇත්ත එළියට දැම්මා කියලා මාත් එක්ක තරහා වෙන්න එපා.. :)

      Delete
  39. " තනියන් නෑ මහත්තයෝ.. අපි බලන් ඉන්නේ ඔරුව එනකන්.."

    හිතනවට වැඩි යමක් කතාවේ හැංගිල තියෙනවා කියල හිතෙනවා.. :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.. ඒකත් ලියනවා.. බලන්නකෝ..

      Delete
  40. සීයාද එතකොට සුනිල්...o.O

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්