Friday, 22 June 2012

ගුරුවරු

අද කියන යන්නේ පොඩි කාලේ උන කතාවක්.. සිස්සත්තෙත් ඊට පස්සේ අවුරුද්දත් අතර උන කතාවක් තමයි මේක.. ගාල්ලේ ඉදන් කොළඹට නොහිතුව වෙලාවක එන්න උනාට පස්සේ අපේ අම්මගේ තාත්තා එයාලගේ ගෙවල් පැත්තේ තිබ්බ පුංචි ඉස්කෝලෙකට තමයි අපිව දැම්මේ.. එතකොට ඒකේ හිටියේ හාමුදුරුවෝ කෙනෙක්  විදුහල්පතිට.. ඉතින් අපේ සියලා ඒ පන්සලේ ලොකු දායකයෝ නිසා අපිව ලේසියෙන් ඒ ඉස්කෝලෙට දැම්මා.. එතකොට මම ඉස්කෝලේ දෙක වසරේ.. අතර මග අහු උන ලොකු ඉස්කෝල පහු කරන් පොඩි ඉස්කෝලෙට යද්දි  ඒ දවස් වල හිතුන දේවල් ගොඩයි.. ඒ උනත් කාලයත් එක්ක ඒ සිතුවිල්ල වෙනස් වෙලා A/L වලට ඒ ලග තිබ්බ ප්‍රසිද්දම ඉස්කෝලෙට යන්න පුළුවන් කම තිබිලත් මම ඒ පුංචි ඉස්කෝලෙම නැවතුනා..

හරි කතාව එච්චර දුර යන්න ඕන නෑ.. සිස්සත්තෙට එමුකෝ.. අපේ ඉස්කෝලේ පුංච් එකක් උන නිසාම ඒ කාලේ කලාපයේ අඩු සැලකිල්ලක් තිබුනේ අපිට තමයි.. අළුතින් එන ගුරුවරු පවා වැඩිය නොරැදෙන කාලයක් තිබුනා අපේ ඉස්කෝලේ.. දැන්නම් හැබැයි එහෙම නෑ.. ඉතින් මම මේ  කියන කාලෙත් ඒ වගේ තමයි.. ඉතින් සිස්සත්තේ ගොඩ දාගන්න ටියුසන් යන්න ඕන කියන මානසිකත්වයකට අපේ පන්තියේ හිටපු ගොඩක් අයගේ අම්මලා ආවා.. ඒකේ වරදක් නෑ.. ඉතින් මාත් 4 වසරේ ඉදන් ගියා මහරගම ජනාධිපතියේ උගන්නපු විමළරත්න සර් කියන සබෑ ගුරුවරයෙක්ගේ පන්තියට..

අවංකවම කියනවනම් ඒ සර් හරි සැරයි.. හැමදාම පන්ති   ගියේ බයෙන්.. නිකම්ම උගන්නලා යවන්නේ නැතුව ඒ සර් අපේ අත් අකුරු පවා හදන්න සෑහෙන උනන්දු උනා.. 5හේ පන්තියේදි අපිට තීන්ත පෑන් පාවිච්චි කරන්න ඕන කියලා නීතියක් දැම්මා.. එතකොට අකුරු හදන්න පුළුවන් කියලා.. අකුරු හැදිල්ල කොහොම උනත් තීන්ත නම් නා ගත්තා ඒ කාලේ ඇති වෙන්න.. මගේ අකුරු හකුරු ගැනනම් කියලා වැඩක් නෑ.. සමහර දාට මම ලියප්පුවා මටම කියවන්න බැරි ගානයි.. ඒ උනාට පස්සේ කාලෙක අපේ කොල්ලො ලියුම් ලියාගන්නේ මට කියලා.. අනේ මන්දා ඒවා බලන උන් කොහොම කියෙවුවද කියලා..

ඉතින් කොහොම හරි අකුරු හදන වැඩේ සාර්ථක නොවුනට විභාගෙට හොදට සූදානම් කරන්න ඒ සර්ට පුළුවන් කම ලැබුනා.. අවංකවම කියනවනම් ෆේල් වෙයි කියලා හිතන් හිටපු මට විභාගෙට ළකුණු 143 තිබ්බා.. :)

මම කියන්න යන කතාව පටන් ගන්නේ දැන් තමයි ඉතින්.. සිස්සත්තෙන් පස්සේ 6 වසරේ ඉදන් හැම විශයටම පන්ති යැවීමේ ඕනකම එතන හිටපු අනිත් අම්මලාගෙන් අපේ අම්මටත් බෝ උනා.. මම ආසම නැති වැඩේ උනාට ඒ දවස් වල අපේ තර්ක වලට තැනක් නැති නිසා අකමැත්තෙන් වගේ පන්ති යන්න උනා..

ඉතින් මේ අපිට සිස්සත්තෙට උගන්නපු සර්ම මහරගම පැත්තේ අදටත් ගොඩක් ප්‍රසිද්ද ගුරුතුමෙක් ගාවට පන්ති යන්න කියලා යෝජනා කලා.. මොකද එයා උගන්නනවා හොදයි අරකයි මේකයි කියලා.. එතන ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි තුනටම පන්ති තියෙනවා.. ඔතනින් ඉතින් විද්‍යාව කියන්නේ මට විජ්‍යාවක් උන විශයක්.. කියන්න මොකටද ලැජ්ජ වෙන්නේ.. මට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ..

ඉතින් 6 වසරේ මුල් කාලේ අකමැත්තෙන් උනත් අම්මා එක්කයන් යන නිසා පන්ති යන්න ගත්තා.. මුලින් අවුලක් නැතුව ගියාට  ප්‍රශ්ණේ පටන් ගත්තේ හිටපු ගමන් එතන විභාග තියන්න ගත්තයින්.. ගණනුයි ඉංග්‍රීසියි කෝම හරි ගොඩ දාගන්න පුළුවන්.. ඒත් විජ්‍යාව.. කලින් කියන්නෙත් නැතුව දුන්න විභාගේ ලිවුවේ වලහේ උළු ගනන් කරන ගමන්.. ඉතින් ප්‍රතිඵලය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. 


ඉතින් විභාගේ ලියලා ඉවර වෙලා ඊට පස්සේ සතියේ පන්ති යද්දි කාඩ් එක මාක් කරන තැන හිටිය ඇන්ටි කාඩ් එක මාර්ක් කරන්න කලින් කොලයක් බලලා කියපි..

" අම්මත් එක්ක ගිහින් සර් හම්බුවෙලා එන්න.." කියලා..

මොකද කින්ද මන්ද හිතා ගන්න බැරි උන මම අම්මා දිහා බලද්දි අම්මා මාවත් එක්කන් ගියා ඔෆිස් එක් පැත්තට.. යද්දි අපේ පන්තියේ තව උන් තුන් දෙනෙක් හිටියා.. පෝලිමේ ඉදලා උන් ගියාට පස්සේ අම්මා මාත් එක්ක ගියා සර්ට කතා කරන්න.. 

ගිහින් නම කිවුවම සර් ගිය සතියේ දුන්න ප්‍රශ පත්තරේ ඇදලා අරන් මේසේ උඩට විසි කලා.. රතු පාටින් ලොකුවට 30 කියලා දාලා ළකුණු රවුම් කරලා තිබ්බා.. මටනම් ඉතින් ඒ ගාන එච්චර අවුලක් නෑ.. මොකෝ මම දන්නවනේ මං ගැන.. අම්මත් එච්චර අවුලක් පෙන්නුවේ නෑ..

" ඇයි සර්.." අපේ අම්මා ඇහුවා..

" අපි මේ පන්තියේ ළකුණු 35 අඩු ළමයි තියා ගන්නේ නෑ." 

පොල්ලෙන් ගැහුවා වගේ එහෙම කියපු සර් පන්ති සල්ලි වලින් භාගෙකුත් ප්‍රශ්ණ පත්තරේ උඩටම දැම්මා.. 

" ඉතින් සර් ළමයට වැඩ බැරි නිසානේ උගන්න එවුවේ.. එහෙම එකේ සර්ලා ඔහොම කලාම හරිද?"

දුකින් උනත් කේන්තියක් හිතේ මවාගෙන අපේ අම්මා අහපු ඒ වචන ටික මට තාම මතකයි.. ඒත් සර් කාරයා ඒකට මුකුත් කිවුවේ නෑ.. අපේ අම්මා තව මොනාදෝ කිවුවා උනත් හිතට දැනුන දුක නිසාම ඒ මොනාද කියලවත් මට මතක නෑ..

කේන්තියෙන් අපේ අම්මා මාවත් අරන් ඔෆිස් එකෙන් එලියට ආවා.. අම්ම දිහා කෙලින් බලන්න බැරි කමක් මට දැනුනා..

" මේ සර් විතරද පුතේ ඉන්නේ උගන්නන්න.. පුතා කැමති කාලෙක මම වෙන සර් කෙනෙන් ලගට යවන්නම්.."

අම්මා එහෙම කියද්දි මගේ හිතේ තිබුන දුක කොහෙන් ගියාද දන්නේ නෑ.. හැබැයි අම්ම කිවුවත් වගේම 9 වසරෙදි මමම පන්තියකට යන්න ඕන කියනකම් කවදාවත් පන්ති යන්න මගෙන් ඇහුවේ නෑ.. අනිත් විශයන් කොහොම උනත් මට විද්‍යාව හැමදාම විජ්‍යාවක්ම උනා.. ඒ උනත් මට O/L වලට විද්‍යාවට " C " එකක් තියෙනවා.. ඉස්කෝලෙදි හැමදාම විද්‍යාවට ලැබ් එකට ගියාම මට මැද පෙල ඉන්න වෙන්නේ නෑ.. 10 / 11 අවුරුදු දෙකේ අපිට විද්‍යාව උගන්නපු ගුරුතුමිය හැමදාම මාව කොහේ හිටියත් ඉස්සරහට ඇදලා ගත්තා.. එතුමියගේ මහන්සිය නිසා තමයි ෆේල් වෙන්න හිටිය මම ඔහොම හරි විද්‍යාව පාස් උනේ..

ගිය අවුරුද්දේ ලංකාවට ගිය වෙලේ බස් එකේ යද්දි නිකමට වගේ ඒ පන්තිය දිහා බැලුනා.. දිවයිනේ වැඩිම "A" සාමාර්ථ ප්‍රමාණයක් ලබා දුන් .............. ගුරුතුමා කියලා ලොකු බැනර් එකක් ගහලා තිබ්බා..


116 comments:

  1. ඒවගේ කුහක ගුරුවරුත් ඉන්නවා. මට පෙන්නේ සර්ට උගන්වන්න ඒ දවස්වල කවුරු හරි හිටියනම් හොඳයි කියල. මං ගාවත් ශිෂ්ශත්වේ කතා ලොට්ටයක්ම තියනවා

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ මලයා.. ඒ ගැන නම් කියලා..තමන්ගේ ජන්ප්‍රියත්වේ විතරයි බලන්නේ.. ළමයි ගැන නෙමෙයි නේ...

      Delete
  2. . දිවයිනේ වැඩිම "A" සාමාර්ථ ප්‍රමාණයක් ලබා දුන් .............. ගුරුතුමා කියලා ලොකු බැනර් එකක් ගහලා තිබ්බා.. එතකොට ගුරුතුමාපාඩමක් ඉගෙනගෙනද?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ නෑ.. වැඩ පුළුවන් අය අරන් වෙන්න ඇති ඒක දාන්න ඇත්තේ..

      Delete
  3. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් යක්ෂයො අතරෙ දෙවිවරු වගේ ගුරුවරුත් අතලොස්සක් ඉන්නව තාමත්......

    ReplyDelete
    Replies
    1. අපේ වාසනාවට එහෙම අතලොස්සක් හිටියා.. ඉස්සරහටත් එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

      Delete
  4. Replies
    1. නෑ.. ඔයා හතර වෙනියා... :)

      Delete
    2. හෆ්ෆා... මම 4නෙ..:( :(

      ම්ම්.. හැම ගුරුවරයෙක්ම ඉතින් එහෙම සල්ලි, කීර්තිය පස්සෙ එලවන්නෙ නෑ.. නමුත් බහුතරයක් දෙනා එහෙමයි.. ඔය අතරේ ඉන්න දෙවිවරු වගේ ගුරුවරු ඉතින් ළමයි ව්එනුවෙන් කැපවෙනවා.. එහෙම උත්තමයෝ මෙලොවටත්, එලොවටත් දෙකටම හොදක් කරගන්නවා..

      Delete
    3. ඔව් හිතූ.. හොද ගුරුවරු නැතුව නෙමෙයි.. ඒත් ගොඩක් ඉන්න මේ වගේ අය නිසා දොස් අහන්න වෙන්නේ හැමෝටම..

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ආ.. එකත් එහෙමද? දැන් දවසම මල් කඩනවා වගේ නේ.. :)

      Delete
    2. පෝයාක්‌ නැහැ නේ ළඟකදී ?

      Delete
    3. ඔව් ඔව්.. පෝය ලගයිලු.. :)

      Delete
  6. ලැජ්ජා නැතුව එහෙම බැනර් එකකුත් දාලා තිබුණද? මතක් කරලා දීලා එන්න තිබුණෙ ඔයාට පරණ කතාව

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් ඕවා කිවුවා කියලා වැඩක් තියෙද කියලා හිතුනා.. තිබුනටත් වැඩිය ලොකු බිල්ඩින් ගහන් දැන් වැඩ.. අනික මගෙ වාසනාවට ඉස්කෝලේ ගුරුතුමී හොද උනා.. එහෙම නොවුන අයට..

      Delete
  7. ඒ සර් කාරයා දිවයිනේ වැඩිම ඒ සාමාර්ථ ගන්නා ක්‍රමය මේක වෙන්නෝනෑ.....නේද මල්ලී
    අපොයි මෙහෙමත් ගුරුවරු.....

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ.. ඕනම කෙනෙක් බලන්නේ ඉතින් අර බැනර් එකනේ.. ඊට එහා තේරෙන්නනම් ඒ ළමයගෙත් ලකුණු අඩු වෙන්නම ඕන..

      Delete
  8. මගේ ඉස්කෝලෙට පින් සිද්ධ වෙන්න සාමාන්‍ය පෙලට විද්‍යාවට හැරුනාම මං වෙන කිසිම අමතර පතියකට ගිහින් නැ උසස්පෙළ කරනකල්ම.එහෙම වෙලත් ගන්න පුළුවන් හොඳම අකුරු ටික හැම විශයකටම අරගෙන සාමාන්‍ය පෙළ පාස් වුනා. මොනවට නැතත් දෙවිවරු වගේ ගුරුවරු ලබන්න මං හැමදාම වාසනාවන්ත වුනා.
    උසස්පෙළට ක්ලාස් ගියාම අපේ වයස කොල්ලෝ දැකල මට හිතුනා යකෝ මුන් තාත්තලා වගේනේ ,අපේ වයස එවුන් මෙච්චර වයස පාටද කියලා හික් හික්.
    මොනවා උනත් ඉස්කෝලේ ගැන තියන ආදරේ අලුත් වෙන්න මේ ලිපිය ලිව්වට බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත හොද ඉස්කෝලේ ගුරුවරු හම්බුවෙනවනම් ටියුශන් ඕන වෙන්නේ නෑනේ..

      Delete
  9. පුදුමාකාර ගුරුවරු තමයි. ගුරුවරුන්ට මම පොදුවෙ කැමති නෑ. මට මුනගැහුන ගුරුවරු අතරින් නරක උදවිය හොඳ අයට වඩා වැඩියි.

    ReplyDelete
    Replies
    1. සමහරු එහෙම තමයි රාජ් අයියේ.. හැමදේම දැන් අළෙවි වෙනවනේ..

      Delete
    2. නෑ නෑ රාජ් අයියා ඩූඩ් ගුරුතුමාට කැමතියි ලූ... :)

      Delete
    3. බොලේ හෙන්රි අයිය අමතක උනානේ. සොරි..ඈ.... :)

      Delete
    4. අහෝ හෙන්රියා.. :ඩී

      (හැමදාම සෑමාට දාන කුප්ප කතා නිසා දිට්ඨදම්ම වේදනීය කර්මය පලදුන්නේය.. හිකිස්...)

      Delete
    5. නෑ නෑ හෙන්රි අයියා හොද ගුරුවරයා... :)

      Delete
  10. ගුරුවරු අතර ගුරු හොරු ඉන්නවා . අම්ම නම් මසුරන් කතාවක් කියල තියෙන්නේ . මන් උනත් අහන්නේ ඔය ටික තමයි .

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අහන්නේ වෙන්නේ ඒ ටිකනේ අක්කේ.. මට වැඩ පුළුවන්නම් හරි අම්මට ඒ දේ කියලා දෙන්න පුළුවන්නම් හරි අපි ටියුශන් යන්නේ නෑනේ.. ඔහොම හිටියට වතාවක් අපේ අම්මා ඉස්කෝලේ ලොක්කටත් කනේ ඇගිලි ගහ ගන්න කිවුවා... :)

      Delete
  11. ගුරුවරුන්ගෙ වෙනස තමයි....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඔව්...

      Delete
  12. දෙයියනේ කියලා සූටි කාලේ මම නම් ක්ලාස් ගියෙ ඉංගිරිස් වලට විතරයි. O/L ළං වුණා ම ගණන් වලටයි ඉංගිරිස් සාහිත්‍යයටයි විතරක් ගියා ඕං! අර සර් නම් මහ අසාර්ථක ගුරුවරයෙක්. බැරි හින්දනේ ළමයි ක්ලාස් එන්නෙ. අවුලක් නෑ ගොඩ ගියානෙ. ඒ මදෑ....

    ReplyDelete
    Replies
    1. මාත් ගණන් ඉංග්‍රීසි විද්‍යාවටයි විතරයි ගියේ.. අනික්වනම් තනියම තමයි.. ඒ උනාට ඉතින් අපේ පැත්තේ එයා තරම් ගුරුවරයෙක් නෑනේ වෙන..

      Delete
  13. දක්ෂයෝ ටික තෝරලා පන්තියට අරගෙනත් හොඳ රිසල්ට් එකක් සර්ට දෙන්න බැරි නම් තමා ප්‍රශ්නේ :D

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.. අන්තිමේ O/L ලියන්නේ කලින් විභාග වලින් හැලිලා හලිලා ඉතුරු උන එවුන් නම් ඉතින් අන්තිම ප්‍රතිඵලේ ඔහොම තමයි.. :)

      Delete
  14. අනේමන්ද ඉතින් ඉගෙනගන්න නේන්නම් පන්ති එන්නේ,
    මටත් හෙන අකරතැබ්බක් වෙලා තියෙන්නේ මට ඒ ලෙවල් වලට ඇප්ලඉඩ් පන්තියේ විබාගයක් තියෙය් කියුවා ලබන සතියේ, ලකුණු අඩු එඋන් එලවනවා කියුවා නෙව :( වහ කදුරු වගේ නේ ඇප්ලඉඩ් මට
    මට හෙලුප් එකක් දෙන්න කියල දෙය්යන්නාන්සේලාගෙන් ඉල්ලා ඉල්ලා ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. හප්පා.. උඹ මේක කියවල තවත් අවුල් උනාද දන්නේ නෑ.. නෑ නෑ මලයට එහෙම අවුලක් වෙන එකක් නෑ.. බය නැතුව විභාගෙට ලියන්න..

      දන්නේ නැති නිසා අහන්නේ.. මොනාද ඇප්ලයිඩ් කියන්නේ.. :)

      Delete
    2. combined maths=applied maths+pure maths
      සංයුක්ත ගණිතය=ව්‍යවහාරික ගණිතය+ශුද්ධ ගණිතය
      තේරුනාද මන්දා :/

      Delete
    3. යන්තම් තේරුනා.. අපි ඕව කරලා නෑනේ මලයා ඉතින්... :)

      Delete
  15. ළමයින්ව හදන්නත්, නැති කරන්නත් දෙකටම ගුරුවරුන්ගෙ මැදිහත්වීමක් තියෙනවනෙ

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. අහිංසක අංගුලිමාල උනෙත් ගුරුවරයෙක් නිසානේ..

      Delete
  16. මෙහෙම ගුරුවරු නම් ඉන්නවා. මට හොදට මතකයි ලංකාවේ ප්‍රසිද්ධ physics උගන්නන ගුරුවරයෙක් ගේ පන්ති මුදල ඇහුව කියල මට බැන්න හැටි මුළු පන්තියක් ඉස්සරහ. 300 ක් විතර ළමයි හිටිය. මටත් තද උනා නහුතෙට. හිතට ආපු ඔක්කොම ටික කියල බැනල මමත් ආව එදා. හැබැයි ඊලග අව්රුද්දෙ එයාගේ පන්තියට ළමයි අඩු උනා සැහෙන්න. පන්තිය වහල දැම්ම. නමට විතරක් ගුරුවරු කොහෙත් ඉන්නවා. ඉස්සරත් හිටිය. ඉදිරියටත් ඉදිවී. ඒ උනාට දෙවිවරු වගේ ගුරුවරු හිටපු හින්ද තම අපි මෙච්චර වත් දුර ඇවිත් තියෙන්නේ. එහෙම නෙමෙයිද සහෝ ?

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. දෙවිවරු වගේ ගුරුවරු නැති වෙන්න අපි මෙතන නෑ.. අහම්බෙන් හම්බුවෙන ඔහොම අය නිසා ඉතින් ජීවිතේ වෙනස් වෙන්න උනත් බැරි නෑනේ..

      Delete
  17. ඔයාගේ අම්මා හරිම හොඳයි මල්ලි. ගොඩක් අම්මලා ළමයිව තේරුම් ගන්නේ නැහැ නේ. අර වගේ වෙලාවක ළමයට බනින එක තමයි කරන්නේ.

    මම 10 වසර වෙනකන්ම ටියුෂන් පන්ති ගිහිල්ලා නැහැ. (සිස්සත්වේ ට ගිය එක ඇරෙන්න). ඒත් කිසිම ප්‍රශ්නයක් නම් උනේ නෑ. ඒ දවස්වල විද්‍යාව ට තමයි මම ආසම. මට පෙන්න බැරි වෙලා තිබුනේ සිංහල :(

    ReplyDelete
    Replies
    1. හෑ.. අක්කගේ කවි දැනුමත් එක්ක හිතුවම සිංහල වලට අකමැහි එක පිළිගන්න බෑ හලේ.. ඇත්තමයි..

      මට ඉතින් බැනලා මොනා කරන්නද? ඒ කාලේ මම මැට්ටා බව අම්ම දන්නවා.. දැනුත් එහෙමමද මන්දා.. :)

      Delete
  18. මම නම් ඔය සිස්සතත්තේ පේල් !!! හික්ස් :)
    ඒ උනාට ඒ කාලේ මරු !
    ගෙදරින් මාර සැලකිලි !


    අද මම එක වෙලා !!! හුරේ හුරේ

    ReplyDelete
    Replies
    1. දාහං අයියේ 5ක් මාත් එකෙන්ම ෆේල්...

      Delete
    2. සිස්සත්තේ ෆේල් උනාට අයියා උපාධියත් අරන් නැවතුනේ.. ඉතින් මොකො වෙන්නේ..

      ඔව් ඔව් අයියා එක.. :)

      Delete
    3. කනියා මලේ.. වැඩිය දෙනෙක් අහන්නේ නෑනේ ඔයා සිස්සත්තේ පාස්ද කියලා.. ඒ නිසා ඒක හිතන්න එපා..

      Delete
  19. scle hitapu mis hodata oyalata igennuwa nisa hodai....ayya ape scle wage hitiyanam iwarai.ape mis karanne class ekata awilla note eka dila poddak terum karala yana eka....a terum karana ekat itin apita terenne ne.api itin ohe ahagena innawa....ayyalata labuna misla wage ayata tama api gaurawa karanna one.oya wage misla hari adui dan kale....ai appa nikamata wagewat a class eka diha baluwe.mata wage ehema deyak unanam a pattawat balanne.......

    ReplyDelete
    Replies
    1. ඉස්සර මම මැදක වාඩි වෙද්දි " අසන්ත එනවා ඉස්සරහට.. " කියලා කෑ ගහනවා.. ඒ දේ වල වටිනකම් දැනෙන්නේ දැන් තමයි..

      අපිට එහෙම කලා කියලා අපි වෛර කරන්න ඕනද එයාලට.. පරණ මතකයන් නේ ඉතින්.. අනික නිතරම බස් එක යන්නේ ඒ ලගින්නේ.. :)

      Delete
  20. තමංගේ ජනප්‍රියත්වය ගැන හිතන සෑර්ලනං ඉතිං දැං වැහැවැහැලා නෙවැ..

    ReplyDelete
    Replies
    1. ඒ ගැනනම් ඉතින් කියලා වැඩක් නෑ.. O/L ඉවර වෙලා එලියට එද්දි තමයි ඒක හොදට බලන්න පුළුවන්..

      Delete
  21. ජරා පොරවල් නිසා මුලු වෘත්තියම බාල්දුවෙනවා දිනේෂ්. මටත් මේකට කියන්න දෙයක් නෑ. මෙහෙම උං ඉන්නවා තමයි.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියේ.. මේ ෆීල්ඩ් එකේ නිසා අයියා ඒ ගැන තව හොදින් දන්නවා ඇති.. ඒත් ඉතින් අන්තිමේ අසරණ වෙන්නේ එහෙම අය ලගට යන ළමයි.. මොකද ගුරුවරයා කොහොමද කියලා තේරෙන්නේ ටික කාලයක් ගියාමනේ..

      Delete
  22. වැඩක් නෑ. හුගක් ඉන්නෙ හොඳම කට්ටිය ළඟට අරගෙන මම පොර කියාගන්න අය තමයි.මේ අය ගුරුවරු නෙමෙයි. මෙ අය තමන්ගෙ එදාවේල හම්බකරගන්න ව්‍යාපාරිකයො
    …---------------------------------------
    මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඒකෙන් කරන්නේ ඊළගට එන්න ඉන්න ළමයි අද්ද ගන්න එක විතරයි..

      Delete
  23. දුර්වල ළමයින්ව අයින් කරලා දක්ශයො දක්කගෙන ඉස්සරහට ගිහිල්ලා ඕන කෙනෙකුට වැඩිම A පෙන්නන්ඩ පුලුවන්. ඒත් උන් ගුරුවරු නෙමේ, පල් හොරු.

    දැන් කාලෙ ඉස්කෝල වලත් ඕකනෙ කරන්නේ.. මේ ඉගන ගන්ඩ ඉස්කෝලෙට යන්ඩ යන නොදරුවන්ට ප්‍රශ්න පත්තර දීලා ඒවයින් වැඩිම ලකුනු ගන්න ළමයින්ව විතරක් තෝර ගන්නවා කියන එක කොච්චර අමානුශිකද. ඒත් උන් එහෙම කරන්නෙ ඇයි.. උන්ගේ ඉස්කෝලෙ නම තියා ගන්ඩ.. දුර්වලයන්ව හලලා මුල ඉඳන්ම දක්ශයන්ව දක්කගන ගිහින් ලොකු කම පෙන්නන්ඩ.

    වැඩක් නෑ. කතා කරලා.. එන්ඩ එන්නම හැම අතින්ම පිරිහෙනවා...

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. මුකුත් නොතේරෙන පොඩි එවුන්ව මුල ඉදන් තරගෙක පටලනවා.. මුකුත් නොදන්න පොඩි උන අන්තිමේ අසරණ වෙනවා.. මොකද සමහර අම්මලා උනත් මේක ලොකු තරගයක් කරන් ළමයි වෙහෙස කරනවනේ..

      Delete
  24. මමත් එක.. :-)

    ReplyDelete
    Replies
    1. මේ පාර හැමෝම එක වෙලානේ... :) තෑගි තැපෑලෙන් එනවා..

      Delete
  25. ඉතිං හත් දෙය්යනේ ළකුනු 35ට වැඩි එවුන් අරගන ලංකාවේ එක දාන්න බැරියෑ එක දිගට අවුරුදු 5ක් උනත්

    ReplyDelete
    Replies
    1. ළකුණු 35ට වැඩි කියන්නේ "F" එකක් ගන්න ඉන්න උන් හැලුනා කියන එකනේ.. ඉතින් ඒ පන්තියේ කවුරුවත් ෆේල් නෑ..

      Delete
  26. මට නං 145යිලු.... :) :)
    දැන් ගුරාලානං ඉතින්... අනේ මන්දා...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අහ්.. රජාට දෙකක් වැඩියෙන් තියෙන්නේ.. :)

      ගුරාලා ගැන ඉතින් කියන්න පුළුවන් ගොඩක් දේවල්..

      Delete
  27. දුර්වල ලමයෙක්ට අතදෙන්න බැරි, තමන්ගේ නම කැතවෙයි කියලා හිතන් ඉන්න මෙි වගේ සල්ලි වලට යටඋනු ගුරුවරුන්ට " ගුරුවරු" කියන උතුමි නාමයෙන් අමතන එකත් පවිකාරකමක් කියලයි මට හිතෙන්නේ. මොනවා උනත් විද්‍යා පන්තියේදි උගන්නපු ගුරුවරිය තමයි වචනේ පරිසමාප්ත අර්ථයෙන් නියම ගුරු මාතාවක් කියලා කියන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ඒ නම උචිත නෑ.. ඒ ගොල්ල බිස්නස් කාරයෝ වෙලා.. අපේ අවාසනාවට.. උතුම් ගුරුවරු හරි අඩුයි...

      Delete
  28. ඔන්න ඔර්ජිනල් බිස්නස් ගුරුවරු! ඉගැන්වීම කියන දේ නිකන් කරන්න බෑ ඒකටත් හැකියාව තියෙන්න ඕනෙ. ඔය විදිහෙ අයට තියෙන්නෙ ඉගැන්වීමේ හැකියාව නෙවෙයි බිස්නස් කිරීමේ හැකියාව.
    ගුරුවරයෙකුගේ හැකියාව පේන්නෙ දුර්වල ශිෂ්‍යයෙක්ව හදල අරගෙන හොඳ ප්‍රතිඵලයක් දාල පෙන්වනුවම, එතකොට මොනව නැතත් ආත්මතෘප්තියයි හිතේ සතුටයිවත් තියෙනව!

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ෆේල් වෙන්න යන ළමයෙක් ෆේල් වෙන්න නොදී "S" එකක් හරි "C" එකක් හරකරන් දෙන එකයි නියම වගකිම.. වැඩ පුළුවන් ළමයා තනියම හරි ගොඩ යනවා..

      Delete
  29. ඔය වගේ අය නම් අනන්තයි..ඊයෙත් හිටියා..අදත් ඉන්නවා ,,හෙටත් ඉදි ..

    ReplyDelete
    Replies
    1. අවාසනාවට හෙටත් ඉදිවි.. එන්න ඒකවත් අඩු ගානේ වෙනස් වෙනවනම්..

      Delete
  30. අම්මෝ ලංකාවෙ ගුරුවරුද?? මතක් කරන්න එපා..මට නම් මොකුත් හිරිහැරයක් වෙලා නෑ එයාලගෙන්..ඒත් අපේ ඉස්කෝලෙ සල්ලි තියන ලමයින්ට සලකන හැටියි දුප්පත් අහිංසක ලමයින්ට සලකපු හැටියි මතක් වෙද්දි............//&&%%@@$$..

    ReplyDelete
    Replies
    1. ඉස්කෝල වල තිබුනොත් ගොඩක් වෙලාවට ඔය වෙනස තමා... තෑගි බෝග වෙනුවෙන් කරන සැලකිලි තියෙනවනේ.. ඒව ඉතින් වෙනස් කරන්න අමාරුයි..

      Delete
  31. Hi malli kalekin,, kohomada,, man google acc. Ekak haduwa. Passé kathawa kiyawala comment Karannam,,

    ReplyDelete
    Replies
    1. හලෝ අක්කේ.. කොහොමද ඉතින්... ට්‍රිප් එක හොදයිද??

      Delete
    2. Sathi 2ta giye,,, mahaththaya ge job eke hatiyata eyawa wena rataka ta ptawala,,, Ithin trip eken bagayak e ratata,,, ai Ithin gewal iskolayak hoyanna onene,,, lamai kamathi na,, mehe niwadu dunna,,e ratey iskola arala,,,
      Eth Ithin ithali trip ekath naraka a na,, me dawas wala hari busy,, Mage wedding Ann. Eka 29..tikak busy,,,
      Love you malli,
      Parissamin sathuten inna,,,

      Delete
    3. දැන් එතකොට කොහාටද මාරු වීම තියෙන්නේ.. ඉතාලි ට්‍රිප් එජ හොදින් එන්ජෝයි කලානම් සතුටුයි.. ආ සුභ ඇනිවර්සරි එකක් වේවා!!

      Delete
  32. අද මමත් එක වෙලා. මටත් තෑගි ඕනි. :D

    සමහර ගුරුවරු ඔහොම තමයි. පව් අර පුංචි දිනේශ්. එයාට වඩා එයාගේ අම්මාගේ හිත හරියට රිදෙන්ට ඇති.

    ReplyDelete
    Replies
    1. අද මට තගි වලට සෑහෙන වියදම් වෙන පාටයි.. ඔක්කොම එක වෙලානේ.. :)

      පුංචි දිනේශ් පවු නේන්නම්.. ඒ වෙලාවේ ටිකක් කලබල උනාට අපේ අම්මට පස්සේ ඒක එච්චර ගානක් නෑ..

      Delete
  33. හික්ස්... මං තමා ඉස්සර පන්තියෙන් විද්‍යාවට ලකුණූ වැඩිම. හැබැයි පන්තියේ හැමදාමත් තුන් වෙනියාගෙන පහල. හයි රෑන්ක් යන්න බැරිවුනා. OL වලටත් ස්කෝලෙටම A තියෙන්නේ තුනයි. එකක් මට...

    ReplyDelete
    Replies
    1. එහෙනම් මාළු අයියා විද්‍යාවට දස්සයා.. මට ඉතින් මුල් ඉදන්ම අප්සට්.. ඒක නිසා වැඩිය හිත යෙද උනේම නෑනේ..

      Delete
  34. මටනම් ගුරුවරුත් ගුරු හොරුත් ගුරු දෙවිවරුත් හම්බවෙලා තියනවා. ඒ ගුරුවරුන්ටත් ගුරු දෙවිවරුන්ටත් මම අදත් ලංකාවට යද්දී මොනවා හරි අරන් ගිහින් බලලා කතා බහ කරලා එන්න අමතක කරන්නේ නෑ. ඒ ඔවුන් නිසා අද මම මෙතන ඉන්න බව මම විශ්වාස කරන නිසයි. (නිවාඩුවේ ඒ කතාත් ලියන්නම්කො)

    මගෙත් විද්‍යාව අවිද්‍යාව වෙන්න ගිහින් අපේ ඉස්කෝලේ හිටිය එක ගුරුතුමියක්‌ මාව හදලා ගත්ත හැටි මට මතකයි තවමත්, මුල්ම දවස් වල මාව පන්තියෙන් එලියට ඇදලා දාපු එයාගේ පන්තියේ හිටපු දක්ෂම ශිෂ්‍යයා වෙන්න පස්සේ මට හැකි වුනා. ඒ ගුරුතුමී පස්සේ කාලෙක අපේ ඉස්කෝලෙන් ශාන්ත අන්තෝනි විදුහලට මාරු වෙලා ගියා.

    ReplyDelete
    Replies
    1. එහෙම ගුරුවරු ඉන්නවා අයියේ.. ළමයි ගැන ව්තරක්ම හිතන.. හැබැයි එහෙම අය ගොඩක් කල් එක තැන රැදෙන්නේ නෑ.. ඒකයි ඇත්ත...

      ඒ කතාත් හෙම්න් ලියමු අයියේ... :)

      Delete
  35. මේ මගේ ගුරු ජීවිතේ ගැන කතාවක්.
    http://xandaraya.blogspot.com/2011/09/blog-post_12.html

    ReplyDelete
    Replies
    1. කියෙවුවා අයියේ... :)

      Delete
  36. අනේ මන්දා ඔහොම අයට ගුරුවරු කියන්නත් බෑ එක අතකට..අනිත් එක පුංචි ළමයිගේ හිත් රිදවන එකට නම් මම පොඩ්ඩක්වත් ආස නෑ..කොච්චර ලොකු බැනර් ගැහැව්වත් ඉතින් වැඩක් නෑනේ අයියේ....

    මම නම් හිතන්නේ අපි කවුරුවත් කියන දේවල් අහලා වැටෙන්නේ නැතිව නැගිටලම පෙන්නන්න ඔනි අයියේ....

    ReplyDelete
    Replies
    1. බැනර් ගහන්නේ ප්‍රසිද්ධිය බලාගෙනනේ නංගී.. මොකො එහෙම නැත්නම් පැවැත්මක් නෑ කියලා දන්නවා.. ඒකයි.. වට්ටන්න බලන් ඉන්න අය වැඩියි.. එහෙම බලන් ඉන්න අය අත්රේ නැගිටින එකයි වැදගත්..

      Delete
  37. ශිෂත්වෙ කියන්නෙ අම්මලාගේ විභාගෙනේ..ඉතින් අපෙ අම්මනම් ඔන්න විභාගෙ පාස් ..
    ගුරුවරු උගන්වන්න ඕනි දක්ෂ ළමයින්ට නෙවෙයි අදක්ෂ ළමයින්ට ගරු නම්බුනාම වලට ගුරු වෘතිය පවා හෑල්ලු කරන අය ඕනි තරම් ඉන්නවා ඒ අතරේ ගුරු මුෂ්ටිය නැතුවත් උගන්වන ආදරණීය ගුරුවරුත් ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. තැත්ත සිස්සත්තේ අම්මලාගේ විභාගේ තමා.. පන්තියකට යාමේ වරදක් නෑ.. ඒත් ළමයාව ලෝකේ තියෙන ලොකුම විභාගේ වගේ ලෑස්ති කරන එක හරි නෑ..

      Delete
  38. lankawe loku iskola saha tution wala thathwaya ohoma wunath godak pitisara iskola wala lamayinta awankawama adare karana weda karana guruwaru innawa. e ayage kepaweema gihinma balanna one..

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. මම නෑ කියන්නේ නෑ.. මේ සමාජ ක්‍රමයත් එක්ක එහෙම අය ඉන්නේ ගම් වල තමයි.. අවංක ගුරුවරුන්ට ස්ථාන මාරු දීලා යවන්නේ ගම් පැති වලටනේ..

      Delete
  39. mata ohoma wune maths walata.. eka gurek mawa nethi kara mata ganan be kiyala. eken mawa goda gaththu mage guruthuma kisima dawasaka mata ganan be kiwwe nehe. amma ahanakota man gena sir kiyanne hondai kiyalama thamai. ekama mata puduma shakthiyak una. mama D ekak gaththa ganan walata sir nisa.

    ReplyDelete
    Replies
    1. බෑ කියන්න බෑ කියන්න මිනිස්සු තව වැටෙනවා.. පුළුවන් උත්සාහ කරන්න කියන වචනයයි වැදගත්..

      Delete
  40. පාසල් ජිවිතේදී එක්තරා ගුරුවරියක් නිසා මට එයා උගන්නපු විෂය පවා අප්පිරිය උනා, විෂය බාහිට දෙවල් වලට යොමු වෙන අපේ පංතියේ හිටපු මම වගේ තව කීප දෙනෙකුටම ඒ මිස්ව පෙන්නන්න බෑ එයාට අපිව පෙන්නන බෑ. මේක කියවලා මට ඒ ගුරුවරිය මතක් උනා

    ReplyDelete
    Replies
    1. බලාගෙන යද්දී අපි හැමෝගෙම ජීවිත වලට එක පාරක් හරි එහෙම ගුරුවරයෙන් ඉදලා තියෙනවා..

      Delete
  41. මමත් ඉස්සර ලැබ් එකේ හිටියේ ඉස්සරහම පේලියේ මිස්ට අත් උදවු දෙන්න යන්නේ මම තමා. කොල්ලෝ ඉතින් එක එක කතා කිවුවා මම ගණන ගත්තේ නැහැ.

    ReplyDelete
    Replies
    1. අපේ උන්නම් මුකුත් කියන්න ආවේ නෑ මට.. ගොඩක් බැරි අය හිටියේ ඉස්සරහා පේලියේ..

      Delete
  42. අපිටත් දාන්න කොමෙට් ඉතුරු කරපල්ලා

    පමා නොවී බ්ලොග් කියවමි මෙයින් මතූ

    ReplyDelete
    Replies
    1. තරහා ගන්නේ මොකටද ඉතින්.. ඔය මොනා හරි දෙයක් කියලා දාලා යන්න.. :)

      Delete
  43. මට තියෙනව අපේ පාසලේම හොදම උදාහරණ මචං. සමහර පෝස්ට් වල මම ටිකක් ඇතුලත් කලා. මට පුදුම ටියුෂන් කාරයන් වගේම, පාසල් ගුරුවරුන්ටත් කැත ගති තියෙන එක :(

    ReplyDelete
    Replies
    1. මට සමහර ඒවා ටිකක් මතකයි.. එහෙම වෙනවා සෑමා.. ඒවට හේතුත් තියෙනවා..

      Delete
  44. කැකිරාව පැත්තෙ පුංචි ඉස්කෝලෙක මම දන්න දක්ෂ ගුරුවරයෙක් ඉන්නවා. ඔහුගේ 2010 ශිෂ්‍යත්ව ප්‍රතිඵලය 11/12 යි (12 වෙනි ළමයට 129යි-11ක් මදි)
    2011 ප්‍රතිඵලය 14/28 යි (ඔක්කෝටම 100 ට වැඩියි).
    මේ ඉස්කෝලෙ වැහෙන්න නියමිතව තිබුණ එකක්, ගුරුවරයා ක්‍රීඩා ගුරුවරයෙක්,.
    ඔහුගේ ඉගැන්වීමේ ක්‍රමවේදයට අනුව කිසිම ළමයෙක් ටියුෂන් යාම නොකළ යුතුයි, දෙමව්පියන්ගෙ වැඩ වලටත් උදව්විය යුතුයි. ටී වී බැලීමත් හවස ඉස්කෝලෙදි සෙල්ලම් කිරීමත් කළ යුතුයි.(ඔහු හා ඒ පැසල ගැන විස්තර "ලංකාදීප"යේත් පල වෙලා තිබුණා.

    ළමයෙක් ටියුෂන් යවන්නෙ අදාල විෂයට අදක්ෂ නිසානෙ, විභාග තියලා ඉහළ ළකුණු ගන්න අය විතරයිනම් පන්තියේ තියාගන්නෙ ඒකෙ තේරුම ගුරුවරයා අදක්ෂයි කියන එකයි. එව්න් ගුරුවරු බැබගෙන්නෙ ඔවුන්ගේ දක්ෂතාවයෙන් නෙවෙයි, ළමයින්ගේ දක්ෂතාවයෙනුයි.

    ReplyDelete
    Replies
    1. අන්න නියම ගුරුවරයෙක්.. පිදිය යුතුම පුද්ගලයෙක්.. ඉස්කෝලේ ඉගැන්වීම හොදනම් ටියුශන් යන්න් නෑ ගොඩක් වෙලාවට..

      ඇත්ත.. දක්ශනම් ගෙදර ඉදන් පාඩම් කරන්නවා.. පුළුවන් අය විතරක් තියන් පෙන්නන 100% සාර්ථකත්වයෙන් වැඩක් නෑ..

      Delete
  45. සමහර ගුරුවරු හිතන්නේ "සල්ලි සහ ජනප්‍රියත්වය "රැකගන්න. මොකක් හරි විෂයක් නොතේරෙන නිසානේ ටියුෂන් යන්නේ. ඒකවත් මේ සමහර ටියුෂන් ගුරුවරු තේරුම් අරන්නෑ. ඒ අතින් අම්මා හරිම වාසනාවන්තයි. දරැවාගේ හැකියාව තේරුම් අරන් කැමති විදයකට ඉගන ගන්න දෙනවා. මේක තමයි වියයුත්තේ. අම්මා තමයි සැබෑ ගුරුවරිය.

    ReplyDelete
    Replies
    1. අපේ ජිවිතේ අපිට ලැබෙන හොදම අවංකම ගුරුවරිය වෙන්නේ අම්මනේ.. ඒක හැමෝම පිළි ගන්න දේ.. ඔය විදිහට නොතේරෙන දේ ඉගෙන ගන්න යනවට වඩා ගෙදරට වෙලා සෙල්ලම් කරනවා හොදයි..

      Delete
  46. ඔය වගේ උන්ට හෙන ගහනවා අයියේ....

    ReplyDelete
    Replies
    1. ගුරු හොරු උනත් ඉතින් ගුරුවරයොනේ.. එහෙම දේවල් හිතන්න එපා මලයා..

      Delete
  47. සමහර ගුරුවරු ඔහොම තමා....මෙලෝ රහක් නෑ.....බැනර් මදිවට දැං ටීවී එකේ ඇඩුත් දානවනේ සර්ලා තර‍ඟෙට.....

    ReplyDelete
    Replies
    1. එක්කෙන් කලාම අනික් එක්කෙනත් ඒ දේම කරනවා.. ටියුශන් කඩ කියන දේ නිසා තමයි ඕවා ඔහොම උනේ..

      Delete
  48. ශිෂ්‍යත්වය යනු හුදෙක් ගොංපාට් විභාගයකි.

    ඔන්න ඔහොම තමයි වැඩියෙං ප්‍රතිපල ලබා දෙන්නෙ. වැඩ අමාරු අය එලවල පුලුවං අය ඉතුරු කරගැනීමෙං! :D

    එඩිය එන්න නූනට සොරි.... ටිකක් කලබලයි මේ දවස්වල!

    ReplyDelete
    Replies
    1. වැඩි ප්‍රතිඵල දීමේ සාර්ථකත්වය තමයි ඒක..

      අලියා දැක්කේ නෑනම් තමා.. මොකො මද කිපිලද :)

      Delete
  49. ///දිවයිනේ වැඩිම "A" සාමාර්ථ ප්‍රමාණයක් ලබා දුන් .............. ගුරුතුමා///

    ඉතිං හත්තිලව්වේ ඔහොම ලකුනු අඩු උන්ව පන්තියෙන් එලෙව්වාම ඉතුරු වෙන්නෙ A ගන්න ඇහැක් උන් විතරයිනෙ..මට තව පුරස්නයක් ඇත.35ට අඩු අය තියාගන්නෙ නෑ කියල ක්ලාස් ෆීස් වලින් බාගයක් විතරක් ආපහු දුන්නෙ ඇයි ඈ at දහ අතේ කම්පනා කරමින්.

    බටපොලයාට නම් සිස්සත්වෙට 180 විතර තිබ්බේය..මට නම් හැමදාම මංඤ්ඤං වූයේ සංගීතයයි.බෙල්ල උස්සාගෙන ආ ඌ ඈ හෑ කියන්නට වීම අපාගත වීමක් වැනිය :))

    ReplyDelete
    Replies
    1. එතකොට මාසෙන් භාගයක් ගිහින්නේ.. ඒකනේ භාගයක් දීලා යන්න කිවුවේ.. ඕවා ඔහොම තමා..

      මම සංගීතය පාස් උන හැටිනම් කලින් ලියලා තියෙනවා.. :)

      Delete
  50. පොර ඒනම් සාධාරණ කොටෙක් නේද :D

    ඒක කියවනව දැං.ඒත් පරක්කුයි අෆ්ෆා
    උඹත් දැන් නෙ මෙව්ව කියන්නෙ..
    ටූ ලේට් ඈ :(

    ReplyDelete
  51. අපෙ අම්මත් ඔය වගේ.මට කවදාවත් බල කලේ නැහැ පන්ති යන්න.. :)

    ReplyDelete
  52. //දිවයිනේ වැඩිම "A" සාමාර්ථ ප්‍රමාණයක් ලබා දුන් .............. ගුරුතුමා //
    බැරියෑ කියන්න.ලකුණු ගන්න බෑ කියලා හිතෙන අයව කලින්ම අයින් කරලා දානවානෙ.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්