මග බලාගෙන මම
අදත් ලස්සන හැන්දෑවක්..
වෙනද වගේම ගාළු මුවදොරට ඇවිදන් ආවට, අද වෙනදට වැඩිය ටිකක් වේගෙන් එන්න හේතුවක් තිබ්බා..
ඒ ඇය.. හුග දවසක් තිස්සේ මේ ගාළු මුවදොර ඉදන් ඈත ඉර බැසගෙන යන දිහා, වෙන කිසිම දෙයක්
ගැන නොහිතා බලන් හිටපු මගේ තනියට දැන් තව කෙනෙක් ඇවිත්..
පහලට වෙන්න ඉදි උන ගල්
බංකුවක වාඩි වෙලා ඈත මුහුද දිහා බලන්න ඉන්න නුඹව මමත් දැන්නේ අහම්බෙන් වගේ.. නුඹ වගේම
මමත් මේ මුහුදු තෙර දිහා බලන්න පුරුදු වෙලා හිටපු නිසා.. ඒත් මුල්ම වතාවට අහම්බෙන්
දැක්ක දවසේ ඉදන් හැම හැන්දෑවකම ඈත මුහුද දිහා බලන් ඉන්නවට වඩා නුඹ දිහා බලන් ඉන්න මම
ආස කලා..
නුඹ දිහා බලන් ඉද්දිත්
දැනෙන්නේ මුහුද තරම්ම උන ගැඹුරු බව.. සමහර
විට මේ මුහුදටත් වඩා ගැඹුරුද මන්දා.. ඒත් කිසිම දෙයක් නොකියන ඔය මුහුණේ ලොකු දෙයක්
හැංගිලා තියෙන බවනම් රහසක් නෙමෙයි..
“ ගිහින් වචනයක් කතා
කරනවද?”
මගේ හිත මගෙන්ම ඇහුවා..
වාඩි වෙලා හිටපු බංකුවෙන් නැගිටලා අඩි දෙක තුනක් ඈ හිටිය තැනට ඇවිදන් ගියාට ආයෙම හිත
මොහොතකට වෙන උන නිසා මම නැවතුනා..
“ නන්නාදුනන කෙනෙක්..
එකපාරම ගිහින් කතා කරන එක හොද නැති වේවි..”
ඒ මොහොතේ මගේ හිත මට
දුන්නේ එහෙම උත්තරයක්.. හිතේ දෙගිඩියාව මටම තේරුම් ගන්න බැරි වෙද්දි එදා ඒ අදහස අත
ඇරලා දාලා ආයෙම මුහුද දිහා බලාගෙන හිටියා.. කොච්චර වෙලා එහෙම හිටියද කියලා නොතේරුනත්
ආයෙම ඈ හොයන්න හදද්දි ඈ නික්මිලා තිබුනා..
“ අපරාදේ.. මට කතා කරන්න
තිබුනේ..”
මොහොතින් මොහොත වෙනස්
වෙන හිතත් එක්ක කේන්තියේම ආපහු යන්න පිටත් උනේ ඊළග දවසෙවත් කතා කරනවා කියන බලාපොරොත්තුවෙන්..
දවස තිස්සේ ගොඩ ගැහුන
වැඩ එක්ක කාලය ගෙවෙද්දි ඉදහිට හැම වෙලාවකම වගේ ඔරලෝසුව දිහා බැළුවේ හවස රාජකාරි නිමා
වෙන වෙලාව එලබිලාද කියලා දැන ගන්න.. හෙමින් හෙමින් හෝරා ගෙවිලා ගිහින් අන්තිමේ ඒ කාලය
එලබෙද්දි හිතට දැනුනේ අළුත් ප්‍රබෝදයක්..
“ අදනම් කොහොම හරි වචනයක්
කතා කරනවා..”
මම මගේ හිතටම කියා ගත්තේ
අදත් එදා වගේ මේ හිත වෙනස් නොවෙන්න.. ගාළු
මුවදිරට එද්දි හිරු ඈතින් බැහැල යන්න පටන් අරන්.. ඒත් රාත්‍රිය උදා වෙන්න තව ගොඩක් වෙලා
තියෙනවා.. ලා තැඹිලි පාටක් අහසට එක් කරගෙන ඈත සයුරු තෙරේ හැංගෙන හිරු දකින්න ආස කල
දෑස අද තිබුනේ ඔරලෝසුවේ කටු අතරේ.. ඒ මේ අත නොසංසුන්ව බලන මේ දෑස වෙනදා දකින සුන්දරත්වයට
වඩා හෙවුවේ ඈව..
..............................
හිරුත් අවරට ගිහින්
දම්පාට හැන්දෑවේ
මුහුදු රැල්ලත් මලානික
වී
ඇදෙයි මුහුදු වෙරළට
හෙමින්..
ළිහිණින් නෑ ඈත අහසේ
ගොම්මන් වී මුහුදු වෙරළේ
සද කිරණත් නෑ පෙනෙන්නේ
වසන් වී ඝණ වලාවකට අහසේ..
පහන් කණුවේ ආලෝකය ලග
නැහැ සිත මගෙ තව රැදුනේ
වැලි කෙලියේ උන් පුංච්
උන් ටික
යයි සැගවී මවු පිය තුරුලේ..
කාලය ගෙවුනා මටත් නොදැනිම
වෙරළට ඇවිදින් නුඹ දැක
ගන්නට
ඒත් නුඹ ආවේ නැහැ තවම
වෙරළේ තනිවෙන්න වෙනද
වගේම..
තව මොහොතක් දෙකක්
බලා නොඉද නුඹ දැක ගන්නට
යන්නේද නොයන්නේද මම
හිතමින් දෙගිඩියාවක
මගේ හිත..
කෙලෙස හෝ නුඹ ලගට වී
අද
හිත පුරාවටම ඇදුන සිතුවිලි
හැම
කියන්න පෙරුම් පුරන්න
උන් හිත
නැවතිලා දැන් නොදැක
නුඹෙ දෑස..
..............................
කාලය ගෙවුනේ කොහොමදවත්
තේරුනේ නෑ.. හිරු බැස ගිහින් ඈත අදුර රජ වෙලා.. ඒත් නුඹ.. ඇයි නුඹ ආවේ නැත්තේ අද??




අපායට ගියත් ඉක්මනට යන්න ඔනේ කියනවලුනේ ..... :P
ReplyDeleteඒක ඇත්ත.. හලේ එතකොට මේක අපායක් වගේද අමා අක්කේ.. :(
Deleteලස්සනයි. හොඳ නිර්මාණයක්.
ReplyDeleteතැන්ක්ස් අයියේ...
Deleteකුසුම් පිපී මල් සුවද හමද්දී
ReplyDeleteසද තනිවට චන්ද්‍රයා ඇවිත්
සෑමගේ පේලි දෙක කවිය සම්පූර්ණ කලා වගේ... :)
Deleteකල්පනාවෙන් කියවපං මචං
Deleteසමාන පද දෙක දෙක දාල තියෙන්නේ. හිකිස්..
හෑ.. ඒ මොකක්ද බං ඒ හරුපේ.. ඉදින් හොදට බලන්න..
Deleteඔහොම තමයි අයියේ ජීවිතේ..
ReplyDeleteඒකනේ.. මොනා කරන්නද ඉතින්..
Deleteඅද ආවෙ නැති උනාට , හෙට එයි !
ReplyDeleteහෙට... තවත් එක බලාපොරොත්තුවක්..
Deleteමේක කියවද්දි මම ආසා කරන සිංදුවක් මගේ මතකෙට ආවා.
ReplyDeleteමඟ බලා හිඳිමි මා
එන තුරා යලි සිහිනයෙන්වත්
හිත හදා ගනිමි මා
නෙතු පිරෙන තුරු කඳුලකින්
දුක සේ ගෙවමි මේ
කෙටි කලත් රහසේ මියෙමි මා...
ඔබ පැතුම එය නම්...
තමන් මඟ බලාගෙන ඉන්න දේ එනවද නැද්ද කියලාවත් දන්නේ නැතුව මඟ බලාගෙන ඉද්දී දැනෙන්නේ අමුතුම හැඟීමක්. තනිකමකුත් නෙවෙයි, අමුතුම සුන්දර හැඟීමක්. ඒත් ඒ සුන්දරත්වය අස්සේ සොඳුරු වේදනාවකුත් ගැබ් වෙලා තියෙනවා නේද? . හරිම ලස්සනයි අයියේ...
එකගයි නංගියේ.. දවසක එවිද නැද්ද කියලවත් නොදැන මම කොච්චර කල් මග බලාගෙන හිටියද.. අවසානයේ ඈ ආවා.. ඉතින් ඒ බලා ඉදිම සුන්දරයි..
Deleteදැන් හුඟක් ලියවෙන මේ ජාතියේ ඒවානේ. අනංගයා ගෙවල් පැත්තේ ආවාද :D
ReplyDeleteඔව් ඔව්.. සිකුරත් ලැබුවා... :)
Deleteලස්සනයි මල්ලි!
ReplyDeleteළඟදී ගෑණු ලමයෙක් එනකල් බලා ඉඳල බලාපොරොත්තු කඩ වුනාවත්ද? :)
කොහොම වුනත් සියුම් බලාපොරොත්ති කඩ වීමක් අපූරුවට ගලපලා තියෙනව.
බලාපොරොත්තුවක් තියෙමවා ඒ කෙනා බලන්න යන්න.. ඒකට මේ ඇගිලි ගනිනවා තාම..
Deleteකියෙව්ව.
ReplyDeleteස්තූති වේවා!!
Deleteඔයා විතරක් නෙමෙයි අයියේ දැන්නම් අපිත් මග බලාගෙන..අපරාදේ බල බල ඉන්නේ නැතිව කතා කරන්නනේ තිබුනේ..එහෙම වුනානම් නෑනේ කිසි දුකක්....
ReplyDeleteඒකනම් හරිම ලස්සනයි අයියේ..කවි ටික නම් තව පාරක් බලන්නමයි හිතෙන්නේ..ඒ තරමටම ලස්සනයි....
එහෙනම් දැන් නඟාගෙත් කාලේ හරි වගේ.. හොදා හොදා බලන් ඉන්නෝ..
Deleteකවි ටික ආයෙම බලන්න ඇවිත් කවියක් ලියලම යන්න.. ඇයි අෆ්ෆා.. මම විතරද එ පැත්තේ ගිහින් කවි ලියලා එන්න ඕන..
හපොයි මෙන්න කතාවක්...අයියට වැරදිලෝ මම කිව්වේ කවිය ගැන.....
Deleteඅදුර වැටිගෙන එන කළුවර අහසක
තනිවී සිත නිමක් කොනක් නැතිව
නුඹ නොයෙන්නේ දැයි සිත කොනක
නැගෙනවා දුක් ගින්නක් නොදැනිම...
පමා වු වරදට නුඹෙන් ලැබෙන දඩුවමක
රසය විදිමි මා විසිරුණු සිතුවිලි සමගම
පෙරමෙන් නුඹ දැවටෙමින් නෙත් කොනක
එනවා නම් බලා සිටිනට හැක මුළු දිවියම...
ඔන්න මම කවි බලලා කවියකුත් දැම්මා අයියේ..ඇයි අෆ්ෆා..අයියා ඒක දන්නේත් නැද්ද...?
හෙහ්.. හා හා එහෙනම් තාම කාලේ ඇවිත් නෑලු.. දැන් මොකක්ද මම නොදන්නේ??
Deleteපමා උවද නුඹ එන්න ලගට
සිත සැනසුනා දැක ඈතම
ලස්සනට හිනැහී නුබ එනකොට
හිතේ ආදරේ තව දැනුනිද?
අදුර අද කළුවර වැඩි හිතට
Deleteනුඹ නේන වග දැනම
බලා උන් දෑස හෙමිහිට
කදුළු එකතු කරන්නේ කිම..
සද නැති අහස තනියම
Deleteහඩන්නේ අමාවක හින්දම
ආයෙම සද පායනා තුරාවට
කදුළු උරුමයි මේ නෙතට..
සැන්දෑ අහසට රත් පැහැය එක්කල
ReplyDeleteහිරුට කොහිද තනියක් අහසෙම රජ වූ කල
හිත් අහසෙම ඉපිද මට නොකියා බැසගිය
තනි තරුවේ කොහිද දැක ගන්නට නුඹව
කථාව ලස්සන නිසාද මන්ද කියවගෙන යද්දි ඉවර වෙලානෙ..තව ලිව්වනම්.....
තනි තරුව හෙවුවා සදක් රහසේම
Deleteඅදුර හෙමින් රජ යන මොහොතක
ඒත් නෑ සඳ ඇවිත් මගෙ ලෝකෙට
අමාවකක් පාහලා හිත අහසට..
කවියක් නොවුන සිතුවිල්ල මම ලියන්නේ කෙටියෙන්.. ඒකයි එහෙම දැනෙන්න ඇත්තේ..
සද නැති අහස කළුවර
Deleteවගෙයි හිතත් නුඹ නැතිව
පුරුදු විදිහට හිනැහිලා අහසට
නාවේ කිමද සදවතිය..
ඒවි හෙමිහිට මේ අහසට
Deleteසිහිනයෙන් ඒ සඳ
හිදිමි තව ටිකක් මම
මග බලාගෙන මෙලෙසම..
ඇස් කොනින්
ReplyDeleteබැලූ බැලුම්
මට නෙපෙනේ යැයි
සිතුවේ ඇයි යාළු..
හිතේ තෙරපෙන
අනෙක් සිතුවිලි
ලබැදි වචන හා
මුසුනොවුනෙ ඇයි යාළු..
දිනේශ් මල්ලි බලං ඉන්නකම් අපිට ජොලි..මොකද ලස්සන කතා ගොඩක් ලැබෙනවනේ..බලං ඉඳිල්ල ඉවර වුනාම..ම්..
දන්නේ නෑ තව
Deleteහිත නැවතුනේ කිම
නුබ ලගට එන්න පෙර
දොඩමළු වෙන්න හෙමිහිට..
ඇත්තම කියන්න ඒ බලා ඉදිල්ල නම් ඉවර වෙලා තියෙන්නේ.. මේ පාළු ජීවිතේට කෙනෙක් ආවා එළියක් වෙන්න.. :)
ඒ උනාට අක්කලාගේ බලාපොරොත්තු කඩ වෙන්නේ නෑ.. තව ලස්සන වේවි..
ම්..සුභ පැතුම් ගොඩාක්...
Deleteදැන් කවද්ද නිල වශයෙන් නිවේදනය කරන්නේ..? අපි දන්න කෙනෙක්ද?
තැන්කූ තැන්කූ.. නිල නිවේදනය ඉක්මනට දෙන්නම්.. ඔව් ඔඔව්.. බ්ලොග් ලියන දන්න කියන කෙනෙක් තමයි.. :)
Deleteහ්ම්..... ගිය මොහොත ආයෙ ලබා ගන්න බෑ නෙ මල්ලි. කරන්න දෙයක් නෑ. එනකල් බලා ඉන්න තමා වෙන්නෙ.
ReplyDeleteඅන්තිමේ ඉතුරු වෙන්නේ පසු තැවිලක් විතරයි.. කාලය ගෙවිලා ගියා..
Deleteහ්ම්ම්ම්....
ReplyDeleteඔයවගේ දේවල් කල්දාන්න හොඳ නෑ...
ඒකනේ මම සතියෙන් කැමැත්ත අහුවේ.. :)
Deleteදුක් නොවී ඉන්න හෙට එයි .
ReplyDeleteහෙටත් උදේම එන්නම් කිවුවා එයානම් කතා කරන්න... :)
Deleteආ... මේක නම් අපුරුයි. කියද්දී මට මතක්වෙන්නෙම එක්කෙනයි..
ReplyDeleteඑහෙනම් ආයෙම මම අයියගේ අතීත මතකයක් අකුරු කරලා.. :)
Deleteප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ කියන්නේ ඕක නේ අයියේ!!
ReplyDeleteඇත්ත.. ඕක තේරෙන්නේ පස්සේ නේ... :)
Deleteහ්ම් ඉවරයිද...? මම මීට වැඩිය දිග අවසානයක් බලපොරොත්තුවෙන් කියෙව්වේ මෙන්න ඉවරත් වෙලා
ReplyDeleteමේක එහෙම තමයි.. දිගට ලියන්න මම කැමති නෑ..
Deleteබලාපොරෝත්තුතියාගෙන ඉන්න හෙට දවස ගැන, හෙට අදට වඩා හොදවේවි
ReplyDeleteහෙට අළුත් අළුයමක් කියලා කියනවනේ.. :)
Deleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්.....
ReplyDeleteබලාපොරොත්තු අතෑරගන්නෙ නෑ.....
කවුද කිවුවේ අතෑරගන්නවා කියලා.. හෙටත් බලා ඉන්නවා මිසක්... :)
Deleteආදරේ කලින් වැඩිවුනත් පමා වැඩිවුනත් දෙකම ශෝකාන්තයකින් කෙලවර වීමක්..ලස්සනයි දිනේෂ්
ReplyDeleteඔව් ජනා.. ඔය අතරමැද අවස්ථාව හරියට අදුන ගන්න කෙනා දිනුම්..
Deleteඕක තේරුම් ගන්න බැරුව කී දෙනෙක් පසු තැවෙනවද..
Deleteහ්ම්ම්ම්.. ඒකනම් ඇත්ත..
Deleteඑහෙම එක පාරට කතා කරන එකත් හරි නැනේ..එත් ගොඩක් කල් දැම්මාම පස්සේ පසුතැවිමක් එවිද දන් නැ.
ReplyDeleteඑක පාර කතා කරන එක හොද නෑ තමා.. ඒ උනාට දැන් කතා කරන්න එයා නෑනේ.. :)
Deleteහිත හිත හිටියෙ මොකද. දැන් බලන්න වුණ දේ.......
ReplyDeleteහ්ම්ම්ම්.. ඒක නේන්නම්.. දැන් පසුතැවිල්ලක් තමා.. :)
Deleteඇත්තටම නිර්මනයක් විතරද?....නිර්මාණය මරු..
ReplyDeleteනිර්මාණයක් පමණයි.. එහෙම නොවෙන වෙලාවට මම මගේ අති විශේෂ කෑල්ල දානවනේ.. :)
Deleteවිශේෂයි...
Deleteඅති විශේෂයි..
ඔය කිවුවේ හරියටම... :)
Deleteසමහර විට කතාකාරයා වගේම තවත් කෙනෙක් කුරුමානකම් අල්ලලා කෙල්ලව අරන් ගියාද දන්නේ නෑ.
ReplyDeleteහැමදාම හවසට ඉර බැහැල යනවා බලාගෙන හිටියත් එන එකක් නෑ. සමහර විට ඒවි. අවිනිශ්චිතයි.
බය හිතෙන කතා කියන්න එපා මලයා.. තව කවුරු කුරුමානම් අල්ලන්නද?
Deleteඔව් අවිනිශ්ච්තයි.. මොකද එදා අන්තිම වතාවට ඉර බහිනවා බලන්න ආපු කෙනෙක්ද දන්නේ නෑනේ.. :)
අන්න ඒකනම් ඇත්ත.. ඔයා පරක්කු වෙද්දි වෙන කෙනෙක් ඉස්සර වෙන්න ඇති..
Deleteඑහෙම වෙන්නත් බැරි කමකුත් නෑ.. ඒ කෙනා එනකම් එය බලන් හිටියා වෙන්න පුළුවන්..
Deleteඑළ ඈ...දුක් සීන් එකක් නේ...
ReplyDeleteහ්ම්ම් ඔව් අයියේ..
Deleteඇත්තටම නිර්මාණයක් විතරමද කියලනම් අහන්න යන්නෙ නෑ ඉතින් ඔයා පවු නේ...කොහොම උනත් මාව ගොඩක් ඈත අතීතෙකට අරන් ගිහිල්ල හිතේ පුංචි බර ගතියක් ඉතුරු කරපු නිර්මාණයක්..ගොඩක් ලස්සනයි..
ReplyDeleteනිර්මාණයක් විතරයි ඉතින්.. හලේ මුන් එක්ක බෑනේ... කොහොම උනත් අන්තිමේ දුකක් ඉතුරු උන එකටනම් මම අකමැති.. ඒත් ඉතින් මොනා කරන්නද?
Deleteආවේ නැත්තේ මොකද දන්නේ නෑ නෙහ් !
ReplyDeleteඒකනේ අයියේ ප්‍රශ්ණේ.. ආවේ නැත්තේ ඇයි?
Deleteසමහර දේවල් කල් දාන්න හොඳම නෑ.
ReplyDeleteඇත්ත.. අන්තිමේ පසුතැවෙන්න වෙන්නේ..
Deleteහ්ම්ම්... අපි හිතනවට වඩා අපි ප්‍රමාදයි සමහර තැන් වලදි...
ReplyDeleteඇත්ත.. ප්‍රමාද නොවී ඉන්න හිතා ගන්න හිතූ... :)
Deleteහෙට එයා නොවැරදීම එයි. බලාපොරොත්තු තියන එක, ඉටුවෙන එකට වඩා හොඳයිලු. :)
ReplyDeleteඇත්ත.. ජීවිතේට බලාපොරොත්තු කියන දේ ඕනනේ...
Deleteහ්ම්ම්ම්.....දුකක් තමයි..
ReplyDeleteඒත් ඉතින්....... එයා නොඑන්නේ....
එයාගෙ ගැටලුව ඉවර වෙලා ඇති කියලා හිතලාවත් සතුටු වෙන්න....
ඔව්.. නොඑන්නත් හේතුවක් ඇතිනේ..
Deleteඈ යලි ඒවි ......බැස යන හිරුත් ආයේ එනවනේ සහෝ .....ලස්සන නිර්මාණයක් ජය වේවා!!
ReplyDeleteහෙට අළුත් අළුයමක්ලු...
Deleteඈ යලි ඒවි.....බැස යන හිරුත් යලි පායනවනේ සහෝ......ලස්සන නිර්මාණයක් ජය වේවා!!
ReplyDeleteහ්ම්ම්ම්.. ඇත්ත.. හැමදාම කළුවර නෑනේ... :)
Deletesinduwak liyanna try kale nedda...
ReplyDeleteithaliye innawane lankawe aya lassanata sindu kiyana...
(handuna gaththoth oba ma.. sisily... viraj( oba enna...) wage lassana katahanda thiyena aya...
you tube eke ahamben dekala godak fallow kara e programe eka..
sri tv eke giya ekak..)
sanwedi hadawathak thiyena kenekuta pamanai mehema nirmana karanna puluwan..
suba anagathayak punchi malliye...
සින්දුවක් ලියන්නනම් තාම හිතිලා නෑ... බලමුකෝ පස්සේ.. :)
Deletehmmm.......desa ridenawa....:((
ReplyDeleteදෑස රිදෙනවා.. පාර බලා ඉදලා.... :)
Deleteඑඩ්වඩ් ගැයූ ගියක මෙහෙම තියෙනවා..
ReplyDelete"සිතිජ ඉම මායිමෙන් පාට දේදුනු මැකෙයි
මතක ලුහුබැඳ ගොහින් සුසුම හිත පාරවයි.
රෑට පිනි වරුසා වහී කඳුලු සේරම දියව යයි
නපුරු දම්පාට හැන්දෑවෙ මම අසරණයි...
මේත් එහෙම අදහසක් නේද?
ඔව් ඇත්ත..ඒ ගිතයත් එක්ක සමීපයි මේ අදහස..
Deleteපරක්කු වෙන්න එපා කිසිම දෙයකදී.
ReplyDeleteනෑ අසාර් අයියේ.. මේ පාර පරක්කු උනේ නෑනේ මම.. :)
Deleteහැමදාම අමාවක නැහැ මල්ලියේ...
ReplyDeleteනිර්මාණය ලස්සනයි.
හැමදාම පුර හදත් නෑනේ අක්කේ..
Deleteතැන්කූ වේවා!!
නොආවත් එදින
ReplyDeleteඑන්න ඇති පසු දින
තනිය නැතිවූ එදින
වෙන්න ඇති ඇය ඔබගේ සිතුමිණ
බලා හිදිමි දිනෙන් දින
Deleteඒ නෙත් යුගල දැක ගන්න
හිත පුරා සිනා කැන්දන්න
එකම වරක් ඇවිත් යන්න..
බලාගෙන ඉමි තව
Deleteනුඹ එන මග දෙස
යලි දකිවියි සිත සිත
ඔය දයාඹර නෙත..
දහසක් නෙතු අතර
Deleteසෙවුව ඔය දෑස
දකින තුරු මම
තාම මග බලාගෙන..
මටනම් මතක් වුණේ රොමේෂ් - ලක්ෂාන්ගෙ මං ආස ගීතයක්
ReplyDeleteනීල දෑසේ..
ඒකෙ විෂුවල් එක..
කොයිතරම් නම් මේ වගේ කතා මුහුදු රළ අතර සැඟවිලා ඇතිද..
ලස්සන නිර්මාණයක්..! :)
ඒ විෂුවල් එකයි මේ අදහසයි සෑහෙන වෙනස් වගේනේ නන්දුවෝ..
Deleteතව මොහොතක් දෙකක්
ReplyDeleteබලා නොඉද නුඹ දැක ගන්නට
යන්නේද නොයන්නේද මම
හිතමින් දෙගිඩියාවක මගේ හිත..
මේ දේනම් අනන්තවත් හිතිලා ඇති..
නැතුව නැතුව..
Delete