Thursday, 14 June 2012

මහපාරේ නිරුවතින්




සුන්දර ශනිදාවකි ඒ ගෙවුනේ
පොල අතරේ මා ඇවිදිමිනුයි හිටියේ
පතිවත ගැන ලිය උන ලිපි සිහිවෙන්නේ
සොදුරු සිනා ලග නෑ ඒවා මතකේ රැදුනේ..

ඉතාලි පොල ලංකාවේ වගේ නෙමෙයිනේ
වයිවාරණ දෑ පිරිලා ඇත්තේ
චීන මුහුණු හැම තැන දිස්වන්නේ
ලොවෙත් නැති ගානටයි උන් බඩු දෙන්නේ..

නෙක විසිතුරු බලමින් මා ඇවිද ගියේ
හිත රැදි දේ ගන්නට නෑ අමතක කලේ
හදිසියේ වගේ මගේ දෙපා මොහොතක් නතර උනේ
මේ දෑස  මගේ පින්වන්තයි මට සිතුනේ..

පොලේ පැත්තක කොමුපිළි විකුණන්නේ
ලංකාවේ වගේ සයිස් එක අහලයි දෙන්නේ
ඇන්ටිලා නංගිලා අක්කලා ඒවායේ පොරකන්නේ
ඒත් අද වෙනසකි මා නෙත ගැටුනේ..

සුදු ලස්සන රුවකි මා සිත් ගත්තේ
චීන යුවතියකුත් ඈ සමගින් හිටියේ
මග මගයි කියා මතකයක් නෑ වැන්නේ
ඈ කොමුපිළි අදිමිනුයි  හිටියේ..

චීන යුවතිය ඇයට ඒවා අන්දන්නේ
තවත් යුවතියන්  ඈ වටකර ගෙන හිටියේ
හරිම හැඩයි නේදයි කියමින්නේ
හැමදෙන ඒ දෙස බලමින් ඉන්නේ..

යන එන පිරිමින් ඒ දෙස බැළුවේ
ඈටනම් ඒ වගක් නැති බව පෙනුනේ
ඉතින් මමත් රහසින් ඒ දෙස බැළුවේ
ඇස් තියෙන්නේ බලන්නනේ මගේ මිතුරේ..

එක එක විලාසිතා අන්දවා බැළුවේ
ඇගෙ පෙනුමට ගැලපෙන බව නෑ පෙනුනේ
චීන යුවතියගෙත් මුහුණ මැළවිලයි තිබුනේ
ඇය තව තව ඒවා ඈට අන්දවා බැළුවේ..

රෝස පාටට ඈ හැඩට පෙනුනේ
ඇගේ මුහුණත් ඉන් තව පාට උනේ
පිරිපුන් සිරුර ඉන් තව කල එලි උනේ
අපේ හිතුත් සතුටින් පිරිලයි උන්නේ..

කඩේ ඉස්සරහටම ඈ ආවේ
නිරුපිකාවක් වගේ පෙනිලයි හිටියේ
මහ මග මිනිසුන් ගැන ඈ නෑ තැකුවේ
ඉතින් මමත් රහසින් ෆොටෝවක් ගත්තේ..

|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|



විශේෂයි : ෆොටො එකක් ගත්තා කිවුවට මම මේක ගත්තේ ගූගල් දෙයියන්ගෙන්..

අති විශේෂයි : මේ ඩබල් මීනින්ග් කවි අපිට හදුන්වා දුන්නේ සෑමාය.. මාද සෑමා අනුකරනය කර මේ ලියූ දෙවෙනි කවිය.. සෑමා මගේ මිතුරාය.. ඒ නිසා ඌව අනුකරනය කිරිම හොද නැත.. ලියපු එක දානවා.. අදින් පස්සේ ඩබල් මීනින්ග් එවුවා නෑ..


105 comments:

  1. එල එල කොහොම ලිව්වත් ඔය සිද්දිය පොලේ යනකොට ඇත්තටම වෙච්ච වැඩක්නේ :p

    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සේ එක වෙලා :))

      Delete
    2. ඇත්තටම උන දෙයක් නේන්නම් ඉතින්.. නැත්නම් මෙහෙම හිතෙනවයි..

      ඔව් ඔව්.. අද වෙනදට එක වෙන කවුරුවත් නෑ..

      Delete
  2. ගූගල් දෙයියාත් හරි හරි ෆොටෝ නොවැ ගන්නේ :D

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.. සිද්දිය කිවුවම "මේක දාන්න පුත" කියලා ඕක හොයලා දුන්නේ.. :)

      Delete
  3. ඩබල් මීනිංද? මදැයි, මට තේරෙන්නෙ එක තේරුමයිනෙ.

    ReplyDelete
    Replies
    1. මෙහෙමනේ අක්කේ.. මම කිවුවේ බෝනික්කෙක් ගැන.. ඇත්තම කෙල්ලෙක් කියලා අපේ අය හිතාගෙන කියවයි.. ඉතින් ඩබල් මීනින්ග්... :)

      Delete
  4. ඊයා........ මොනවද මේ ලියන ජරා කවි... මෙයා හරි නෝටී....

    උඹ මෙහෙම එකක් ලියනකන් තමා හිටියෙ අල්ලගන්න.. නැත්තන් හැමදාම මාවනේ අල්ලගන්නේ....
    හු.. හූ.............. :-))

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මුංට තමයි අපාය සහායක මිත්‍රයෝ කියන්නේ.. මාත් එහෙම එකක් දානකන් බලාගෙන් ඉදලා..

      Delete
  5. හික්ස්ස්ස්.... දවසක් ඔයින් එක්කෙනෙක් ඇස්පිල්ලම් නොගහ මං දිහා බලා හිටියා

    ReplyDelete
    Replies
    1. හැබෑට... අයියා ඉතින් පොඩ්ඩක් චැට් කරලා බැළුවේ නැද්ද කැමති වෙයිද කියලා.. :)

      Delete
  6. හික් හික්.... පවු කොල්ලා...... :D

    ReplyDelete
    Replies
    1. මේකේ එක පේලියක් බලධාරියා විසින් වෙනස් කරන ලදි.. ඒක තිබ්බනම් ඔහොම කියන්නේ නෑ..

      Delete
  7. හයියු...මම මේ හිතුවා...හෙහේ... මම හිතුවේ දිනේශ් අයියා නිරුවත් උනා කියල මහාපාරේ මදැයි හනිකට දුවන් ආව..මක්කැයි උනේ බලන්ට..

    යවන්ට හොද නැ මේ පොඩි දරුවන්ව ඉතාලි පොලේ...

    ReplyDelete
    Replies
    1. අනේ බොරු නොදා ඉදින් නගා.. භාගෙට කියවල දිව්වනේද පොලේ පිරිමි ඇදුම් සාප්පු තියන පැත්තට

      Delete
    2. ඔන්න බලන්නකෝ ඉතින් මේ නඟාලගේ වැඩ.. හනික දුවගෙනත් ඇවිත්.. හයියූ...

      Delete
    3. මී ගොඩයා : අන්න ප්‍රශ්ණේ.. උත්තර දෙන්න වෙයි ඔන්න.. අපි දන්නේ නෑ..

      Delete
    4. අඩෙහ් බොරු නොකියා ඉදින් මී අයියේ..පිරිමි ඇදුම් පැත්තක් ඇත්තෙක් නැත්ද මන්දා..

      Delete
    5. ඒකනම් ඇත්ත.. අපිට මෙහේ හරි අසාධාරණ.. මෙයාලගේ ඇදුම් තමා වැඩි...

      Delete
    6. හෙහෙහේ.. අපිට නම් ශෝක් ඇදුම් තියෙනවා... ඔයාලට හුලං..

      Delete
    7. හාපූ... ඒ ගැනනම් කියලා වැඩක් නෑ තමා.... ඉරිසියාවයි...

      Delete
  8. ආ....බෝනික්කෙක් ගැනද කියල තියෙන්නේ :) හැබැයි ඇත්තටම මේ වගේ එකක් උනත් වෙන්න බැරි කමක් නෑ. බෝනික්කෝ දිහා බැලුවට පතිවත ට අවුලක් වෙන්නේ නෑ මගේ හිතේ...

    ReplyDelete
    Replies
    1. අපි ඉන්න රට වල හැටියට මේ සමර් කාලේ මෙහෙම දේවල් ඉතින් ඇත්තටම වෙනවනේ.. ඒ ගැන ආයේ මොනා කියන්නද?

      නෑ නෑ බෝනික්කා දිහා බැලුවටනම් එහෙම මෙවුවා එකක් වෙන්නේ නෑ.. පොලේ ඇවිදිද්දි තමා ප්‍රශ්ණේ.. අපේ බුද්ධි අයියට උනා වගේ.. :)

      Delete
  9. ඉකේයිය.....මේක ඇත්තම ඇත්තක්ඩ......:O

    ReplyDelete
    Replies
    1. මොකෝ නංගියේ ඉකේයියා කිවුවේ?

      Delete
    2. හයියූ සොලි සොලි නෑ නෑ කවි ටිකට නෙමේ සිඩ්ඩියට හලේ....

      Delete
    3. හිකිස්....මට ඩැන්නෙ සිඩ්ඩිය ටේලුනේ.................................හයියූ.........................

      Delete
    4. මෙයාලගේ ඉතින් නරක අදහසින්නේ මේක බලලා තියෙන්නේ.. ඒකනේ මේ ප්‍රශ්ණේ... :)

      Delete
  10. ඇත්තටම පෙන්නනවා නම් නොබල කොහොමද ?

    ReplyDelete
    Replies
    1. ඇස් තියෙන්නේ බලන්නනේ මගේ මිතුරේ..

      Delete
  11. හි..කිස්,කෝ මගෙ බලාපොරොත්තුව?
    අපි පව්,නෙහ්....

    ReplyDelete
    Replies
    1. මොකද්ද මචං බලාපොරොත්තු උනේ.. ෆොටෝ එකද?? :)

      Delete
  12. Replies
    1. පුදුමයි අද හිනාවෙලා බනින්නේ නැතුව යනවා.. මගේ වෙලාව හොදයි වගේ..

      Delete
  13. මම නම් මේක දැක්කෙත් නෑ කියෙව්වෙත් නෑලු..

    ReplyDelete
    Replies
    1. "එතකොට මේ කමෙන්ට් එක කොහොමද වැටුනේ? " - ..සිතමින්...

      Delete
  14. ලංකාවේ මිනිස්සුන්ට බැරි ඇයි අප්පා ඉතාලියේ වගේ පොලක් කරන්න

    ReplyDelete
    Replies
    1. හෙහ්.. ඔය ආවේ අදහස්.. පනතක් ගෙනත් වෙනස් කරන්න කියමු.. :)

      Delete
  15. මෙක ඉතාලියෙද සිද්දවුනෙ? ලංකාවේ නෙමේයි නේද? හිහ් හ්.......

    ReplyDelete
    Replies
    1. ඉතාලියේ ඉතාලියේ... ලංකාවේ උනානම් ඉතින්.....

      Delete
  16. ටු ඇන්ඩ් අ හාෆ් මෙන් කියන කොමඩි සීරිස්‌ එකේ අටවෙනි සීරිස්‌ එකේ එක කතාවක නම Manne Quin. ඒ කතාවේ කෙල්ල බඳින්නේ මෙයින් එකෙක්. "He's an important figure of the fashion industry" කෙල්ල කියනවා.

    මට මේක දැකල මතකයට ආවේ ඒක

    ReplyDelete
    Replies
    1. අයියගේ මෙමරිය නියමයිනේ...

      ටූ ඇන්ඩ් අ හාෆ් මෑන් මම බලලා නෑනේ.. අපරාදේ..

      Delete
    2. ටොරන්ට් එක බාගන්න මෙතනින්. සමහරවිට ඔයා කැමති වෙයි මේ සීරිස්‌ එකට.

      ස්තුතියි.. ඒත් මෙමරිය ටික ටික අවුල්. කතාවේ එක චරිතයක් තමයි Manny(Manne) Quinn(Quin) කියන්නේ.. කතාවේ නම නෙවෙයි.

      Delete
    3. හම්මේ අයියා ටෝරන්ට් එකත් හොයල.. ඩවුන්ලෝඩ් දැම්මෝ.. හෙමින් බලන්නම්.. තැන්කූ වේවා!!

      Delete
  17. මේක ඩබල් මීනින්ද?
    එතකොට අනිත් තේරුම මොකක්ද? :)

    ReplyDelete
    Replies
    1. අනිත් තේරුම කියන්න දැන් මලයා මේක තේරුම් ගත්තේ කෝමද?

      Delete
    2. අයියෝ සල්ලි මටත් දන්නේ මීටර් වෙලා තියෙන්නේ :D

      Delete
    3. හෙහ්.. ඒකනේ මමත් මේ බැළුවේ.. මොකෝ මගෙන් එහෙම ඇහුවේ කියලා.. :)

      Delete
  18. තව පොඩ්ඩෙන් මම ඉතාලි එනවා...ෂික් ටිකටුත් බුක් කලා..දැන්නම් එන්නෙම නෑ...

    ReplyDelete
    Replies
    1. අපරාදෙනේ මලයා බුක් කරපු ටිකට් එක...

      Delete
  19. මාත් රැවටුනා බං.. මම හිතුව සිරාවට කෙ‍ල්ලෝ ලැජ්ජ නැතිව පාරෙ තියන් ‍ෆිටොන් කරනව කියල. අපරාදේ මගෙ කැලරි...

    අන්තිමට තේරුනේ මොඩ්ල් බෝනික්කියෙක්ට අන්දන්නෙ කියලා.

    එල ඇහ්.. කලින් එකත් මතකයි. මට එදාත් කෙලවුනා.

    ජය !

    ReplyDelete
    Replies
    1. උඹ ඉතින් මොකට කැලරි පුච්චගත්තද මම අහන්නේ.. කැත හිතනේ..

      මතකයි මතකයි.. උඹ ඒකෙත් රැවටුනා..

      ආයේ නෑ.. ඒවුවා උඹටම ලියන්න ඇරලා මම නිකන් ඉන්නවා..

      Delete
  20. අලි අලි හැදිලා ඉවරයි..
    පොලේ යන්නෙ හැමදාම ඕකට තමයි ඉතිං.
    සෑමා හොදයිනේ..වලියක් දාගන්න මලයා නැති වෙලාවට මට ඉන්නෙත් එයා තමයි. දෙන්නම ලියන්න මේ පැටන් එක මරු....

    ReplyDelete
    Replies
    1. නැතුව ඉතින්.. මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි කියලා කතාවක් තියෙන්නේ..

      නැතුව නැතුව සෑමා ඉතින් මගෙත් ෆිට් එකනේ.. ආයේ මේ පැටන් එක සෑමගෙන් විතරයි.. හැමතැනම නෑ..

      Delete
    2. //වලියක් දාගන්න මලයා නැති වෙලාවට මට ඉන්නෙත් එයා තමයි.//

      දින්නා මචෝ මොකක්ද බං මේ කතාව. මෙයා ෆන් එකට ද වලි දා ගන්නේ.
      මේ ටි‍කේ මාත් වලියක ඉන්නේ..

      Delete
    3. හෙහ්.. එහෙම තමා.. ගනන් ගන්න එපා.. මාත් එක්ක හැමදාම වලි.. හැබැයි විහිළුවට... :)

      Delete
  21. තේරුම් දෙකේ කවි කිවත් මගෙ යාලූ
    වැඩිපුර ලිව්වොතින් ඒකත් හරි නෑලු
    ලාබයි ඇපල් හට කවි ටික වැදුනේලු
    ඉඳ හිට එකක් ලිව්වොත් එල කිරි යාලූ :D

    ReplyDelete
    Replies
    1. අප්සට් කවි නිතරම ලියවේලු
      ඩබල් මීනින්ග් නම් තව නෑලු
      කවි ටික වද්දගත්තට සතුටුයිලු
      ආයෙම එන්න මෙහෙ කවි තියේලු.. :)

      Delete
  22. අන්න යනවනම් පොලවල්......සතියකටම ඇති වෙන්න එකපාර බඩු ගත්තැහිකි හික්

    ReplyDelete
    Replies
    1. සතියටම ඇතිවෙන්න මොන බඩු ගැනද මලය කිවුවේ??

      Delete
  23. අන්න යනවනම් පොලවල්!!

    ReplyDelete
    Replies
    1. නැතුව.. ඒකනේ මම හැමසතියෙම යන්නේ..

      Delete
  24. හුටා ඕකටත් ඉතින් ගූගල දෙයියන්ගෙම පිහිටයි ඈ,.,. ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. ගූගල් දෙයියෝ අපේ මූණ බලනවා නොවැ..

      Delete
  25. වාසනාවන්ත ඇස් දෙකක්.
    උපරිමයි

    ReplyDelete
    Replies
    1. ඕස්ට්‍රේලියාවෙදි උනත් ඒ වාසනාවන්ත කම ලබාගන්න පුළුවන්.. නැද්ද මං අහන්නේ.. :)

      Delete
  26. අනේ තේරුණේ නෑ අෆ්ෆා. ඉක්කෝලේ ගිහින් ඇවිත් ආයෙත් කියවලා බලන්ඩ ඕනෙ.

    ReplyDelete
    Replies
    1. හයියූ සල්ලි... කමක් නෑ නොතේරුන එකත් හොදා... :)

      Delete
  27. හැමෝම වගේ මාත් ටිකක් රුවටුනා නෙව.කෝ ඉතින් මේ කියන දේ නාහන හිත පාලනේ කොරන්න තාම බැරි හින්දද කොහෙද හිතේ මරු රෑපයක් ඇඳුනා.චික් විතරක්.
    විශේෂ කෑල්ල නොදා හිටියනං අපි තව මොනා හිතයිද.

    මරු ඩබල් මීනින් කවිය අයියේ..

    ReplyDelete
    Replies
    1. හෙහ්... ඒ ගැන ඉතින් මම නොදන්නවයි.. කොල්ලො කියන්නේ නිකන්ද ඉතින්.. අපරාදේ ඒ කෑල්ල නොදා ඉන්න තිබ්බේ.. :)

      Delete
  28. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. කිවුවට ෆොටො එක පෙන්නුවේ නෑනේ.... :)

      Delete
  29. මාතෘකාවට අනුව අප්සෙට් කවිය පෙලගස්සපු හැටි සුපර්..ඒත් මාතෘකාව...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්... ඇයි මාතෘකාවේ මොකද්ද අවුල??

      Delete
  30. Replies
    1. මේවට කවි පිළිතුරු නැද්ද දන්නේ නෑ... :)

      Delete
  31. හිකීස්......අයියෝ ඔයාගේ ඇස් නම් ඇත්තටම පින්වන්තතයි තමා

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ.. "මේ දෑස මගේ පින්වන්තයි.. තේරුනේ දැන් තමයි.."

      Delete
  32. හ්ම්ම් ඒපාර ඔයත් අපිව රවට්ටන්න පටන් අරගෙනද :D

    ReplyDelete
    Replies
    1. හූ හූ.. රැවටුනානේ..

      Delete
  33. ගූගල් දෙයියාගේ ෆොටෝ එක මරුය!! ලියූ කවි ටිකද සුපිරිය!!! ප.ලි. : මිතුරන් අනුගමනය කිරීමෙන් , ඔබටත් ඔබේ පවුලටත් සිදුවන්නේ අවැඩක්මය!!!! ;)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතිය..

      එසේය එසේය.. එනිසාම තව දුටත් අනුගමනය නොකරන්නේය..

      Delete
  34. ලංකාවෙ නම් "ඩමි" හදල තියෙනවා එක එක් මෝස්තරේට මට ඒ ඩමියක් මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි.. මේත් ඒවගේ එකක්ම තමා.. රසය පොඩ්ඩක් වැඩි වෙන්න ඒ ඩමිය අමතක කරල ලිය උන එකක් මේ..

      Delete
  35. අම්මපා ඇත්තට...කෝ මේ වෙවැල..කවුද හැංගුවේ

    ReplyDelete
    Replies
    1. අනේ බුදු රාජ් අයියේ ගහන්න එපා.. ආයෙම ලියන්නේ නෑ.. :)

      Delete
  36. මම හිතුවේ NIP සීන් එකක් කියලා.ඔහොම අයිටම් අම්බානකට පිටරටවල් වල තියෙනවානේ naturist ද මොකක්ද කියලා කියන අයිටම්... මමත් මේ දෑහින් දැකලා තියෙනවා අප්පා මේ මහ පාරේ කිසි ගානක් නැතිව නිරුවතින් ඇවිදින කෙල්ලෝ(වීඩියෝ)

    මේකේ පොටෝව දැක්කම හිතුවේ ආ හරි එහෙම එකක් දැකලා තමා කියලා... හයියූ අපරාදේ රැවටුනානේ...

    මීට කලින් අයියා දාපු රුවැත්ති ගැන මතක් වුනා...

    ප.ලි

    NIP=Nude In Public

    ReplyDelete
    Replies
    1. එවුවානම් එහෙම තමා.. මේ කාලෙට ටිකක් ඒවගේ දේවල් වැඩියි.. පබ්ලික් උනා කියලා මේ මිනිස්සුන්ට ගානක් නෑනේ..

      Delete
  37. මට දුක හිතුනේ අර චීන යුවතිය ගැන.

    අදත් රැවටුනා බං මම හිතුවේ නැහැ උඹත් සෑමා වගේ අසමජ්ජාති වැඩ කරයි කියල.

    ReplyDelete
    Replies
    1. අර මොකෝ අසාර් අයියේ එයා ගැන දුක හිතුනේ..

      ඔහොම බනින්න හොද නෑනේ ඉතින් මස්සිනා... :)

      Delete
    2. //මම හිතුවේ නැහැ උඹත් සෑමා වගේ අසමජ්ජාති වැඩ කරයි කියල.//

      එතකොට අපි අසමජ්ජාති ආ?? වරෙන්කෝ ඒ පැත්තේ..

      Delete
    3. වැඩක් නෑ සෑමා කියලා.. අපි ගැන දැන් හිතන්නේ ඔහොම තමා..

      Delete
  38. හික් හික්....රැවටුනානෙ හැබෑවටම බෝනික්කන්ද?.....මම හිතුවෙත් අලුත්ම රැල්ල මහ පාරේ fපිටෝන් කිරීම කියලා.......

    ReplyDelete
    Replies
    1. හෙහ්... එහෙම ඉතින් නැතුවම නෙමෙයි.. ඉදලා හිටලා එහෙම දේවල් තියෙනවා.. :)

      Delete
  39. අයියෝ..බෝනික්කෙක් ගැන කියලා තියෙන්නෙ කියලා මට තාම තේරුනේ නෑ නොවැ..කමක් නෑ කවි ටික ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ ඉතින්... බෝනික්කෙක් ගැන තමා කිවුවේ... අර කඩ වල් වල ඉස්සරහා ඇදුම් අන්දලා ඉන්න ජාතියේ... :)

      Delete
  40. mokada dinesh ayya me lamai tika nomaga yawala tiyenne.(attatama mamat hituwe ayya wena dayak.)oyat karanne mara wada appa..........

    ReplyDelete
    Replies
    1. හෙහ්.. ඉතින් නොමග ගියේ මොකටද මම අහන්නේ.. නෝටි ළමයි.. දැන් මට බනිනවා බොරුවට... :)

      Delete
  41. මගේ නම් ඇස් වල පොටත් යයිද මන්දා !!!

    ReplyDelete
    Replies
    1. අපේ බලන්න එපා අයියේ.. ලගදි බදින්න ඉන්න මනුස්සයා.. :)

      Delete
  42. ඩමි සම්බන්ද ලස්සණ සීන් එකක් තියෙනවා මෙතන කියන්න බැහැ :P

    ReplyDelete
    Replies
    1. හෙහ්.. උබේ පෙර වැරදි එක්ක හිතනකොට මට හිතා ගන්න පුළුවන්... :)

      Delete
  43. චායාරූප සහිතයි කිව්වානම් තවත් කස්ටිය එයි. :D

    ReplyDelete
  44. අනේ.....මමත් ඊළඟ ප්ලේන් එකේ ඉතාලි එනවා............වෙන කොහෙටවත් නෙමෙයි, මට පොළටමයි එන්න ඕනේ.

    ReplyDelete
  45. මං හිතුවා නිරුවත් වෙරළ වගේ එකක්ද මේ පොළත් කියලා.. බලද්දී බෝනික්කෙක්නේ.. හික්ස්..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්