Tuesday, 12 June 2012

ආදරෙයි මම

මේ ජීවිතේ කොච්චරනම් සුන්දරද කියලා දැනෙන්නේ ජීවිතේ වෙනස් වෙන කොට.. බලාපොරොත්තු නොවුන තැනකදි ජීවිතේ වෙනස් වෙද්දි ඒ ජීවිතේ කොච්චර සුන්දරද කියලා හිතාගන්න පුළුවන් ඒ වෙනස් විදින කෙනෙක්ටම විතරයි..

එක වෙනසක් වෙනුවෙන් මේ ජීවිතේ කොච්චර බලන් ඉන්න ඇත්ද.. බොහොම කාලයක්... ඔවු බොහොම කාලයක්.. එකම එක අරුණැල්ලක් ජීවිතේට වැටෙනකන් ගොඩක් කල් මේ දෑස් ඒ දිහාම  බලාගෙන හිටියා.. සමහරු හිනා උනා..

උඹ ඔහොම කොච්චර කල් බලන් ඉන්නද බං.. මෙන්න මේ පිස්සු නැතුව අපි වගේ ඉදපන්..”

“ ඒක උඹලට තේරෙන්නේ නෑ.. පුළුවන්නම් එක බලාපොරොත්තුවක් වෙනුවෙන් බලන් ඉදපන්.. ඒක කොච්චර ලස්සනද කියලා..”

“ අපිට උඹෙ මනෝ විකාර තේරෙන්නේ නෑ.. ඒවා හොද උඹ වගේ එකෙක්ටම තමයි.. උඹ ඔය කියන බලාපොරොත්තුව ඉටු උනාම අපිටත් කියපන්කෝ..”

ඒ දවස් වල කොච්චරනම් කතා අහුවද? ඒත් අහම්බෙන් වගේ දවසක නොහිතපු මාවතක, නුඹ මුණ ගැහෙද්දී ඒ අරුණැල්ල හිතට වැදුනා කියලා තේරුනා.. නොහිතපු මොහොතක ජිවිතේ රැදුන බලාපොරොත්තු එක්ක ආයෙම ජීවිතේ ගැන බලාපොරොත්තුවක් දැනෙන්න පටන් ගත්තේ මටත් නොදැනීම වගේ..



………………............


පිණිබිදුව වී ඇවිදින් ඇහැරෙන නෙතු ලග ඉන්න හිතුනා
රෝස කැකුළ වී රත්පැහැ ඔය දෙතොල සරසන්න හිතුනා
සුළන් රැල්ල වී මැදියම ඔබෙ ලග දැවටෙන්න හිතුනා
සිහින නිම්නෙක ඔබ සොයාගෙන එන්න මට හිතුනා..

කුරුළු ගීතය වී වන මැද ඔබ සවනේ ඇහෙන්න හිතුනා
නෙළුම් මලක් වී විල්තෙර ඔය දෑතේ රැදෙන්න හිතුනා
පුළුන් රොදක් වී අහසට  නුඹ ලගට පාවෙන්න හිතුනා
සමනල් පියාපත් සලමින් මගෙ කුසුම සොයා එන්න හිතුනා..

බණ පදය වී බැති බර ඔය හිතේ පාරමී පුරන්න හිතුනා
පන්හිද වී නුඹ ලියන කවිය මට වෙන්න හිතුනා
හසරැල්ල වී මුවගට ඔබෙ මතකයෙ ඉන්න හිතුනා
නුඹේ ලග සිහින මාලිගා තනන්න මට හිතුනා..

තරු එළිය වී දිදුළන සදට තනි රකින්න හිතුනා
සයුරු රළ වී දෙපයට සිසිලස ගෙන එන්න හිතුනා
හිරු කිරණ වී අළුයම නුඹට උණුසුම වෙන්න හිතුනා
දෙවුදුවක් වගේ නුඹට ආදරේ කරන්න හිතුනා..

පොද වැස්ස වී පොළවට ඔබෙ කම්මුල් සිප ගන්න හිතුනා
සප්ත ස්වරය වී වීණාවට දෑගිලි අතරේ නුඹේ වැයෙන්න හිතුනා
පහන් සිළුව වී හදවතට සෙනෙහසින් නුඹ ලග ඉන්න හිතුනා
මගේ ආදර නුඹ සොයාගෙන සිහිනෙන් මට එන්න හිතුනා..


…………………………


ජිවිතය ජීවත් කරන්න බලාපොරොත්තුවක් ඕන කියලා ගොඩක් කාලෙකට උඩදි අහපු කතාව ආයෙම වතාවක් මතක් උනේ මේ ජීවිතේ ලගට නුඹ ලං වෙද්දි.. ආයෙමත් ආදරේ අරන්..

ඈතක පෑයුව ඒ පහන් තරුවක්, පාර කිවුවේ මේ ජීවිතේට කියලා තේරුම් ගන්න වැඩි කාලයක් නොගිය එක පුදුමයක් නෙමෙයි.. ඒ වෙනසට මම ආදරෙයි.. ඒ වෙනස ජීවිතේට ලං උන විදිහට මම ආදරෙයි.. ඒ වෙනස අරන් ආපු කෙනාට මම ආදරෙයි…




විශේෂයි : 
                 1. මෙය සිතුවිල්ලක් පමනි..
                 2. මෙය සිතුවිල්ලක් පමනි නොවේ..

අති විශේෂයි : උඩින් ඔය දෙකම දැම්මේ මම මොනා කිවුවත් ඒකේ අනිත් පැත්ත කට්ටිය හිතන නිසා.. ඒ හින්දා කැමති දෙයක් හිතා ගන්න පුළුවන්..

101 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. පායා එන්නම් හිරු වෙලා මම
      රැදෙන්නම් මුවග සිසිල වී මම
      ඉන්නම් හදවතේ උණුසුම වී මම
      ඔය ආදරේ හිමි මටමනම්..

      Delete
  2. මම එකද අනේ නෑ නේද ?

    ReplyDelete
    Replies
    1. අනේ නෑනේ අක්කේ.. අදත් නූලෙන් මිස් වෙලා.. :(

      Delete
  3. කොහොම හරි කමක් නෑ අපේ දිනෙශ් මල්ලිට ජය මංගලම්...............

    ReplyDelete
    Replies
    1. අර කෑල්ල දැම්මට වැඩක් නෑ... :)

      Delete
  4. හරි හරි ඒකත් ජයසිරි මංගලම් කිව්වලු :D

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහොමලු උනේ... :)

      Delete
  5. ආ...............යෙමට් ආ...............ඩලෙන් වගේ.....................^_^

    ReplyDelete
    Replies
    1. කවුඩ අනී.... ආ.... ඩලෙන් වගේ... උයාද??

      Delete
    2. නෑ හලේ මේ පෝස්ට් එකලීපු කෙනා...^_^

      Delete
    3. එවුවා එහෙම ටමා..... ^_^

      Delete
  6. අද මම ඒක... ප්‍රර්ථනා අක්කා පරාදයි
    පමනි, පමනි නොවෙ ඇයි??????

    ReplyDelete
    Replies
    1. ප්‍රාර්ථනා අක්ක නම් පරාදයි.. ඒත් මලයත් පරක්කුයි නේ.. :)

      ඒක හිතා ගන්න..

      Delete
  7. අහ්, මම කියවගෙන ගියෙ කෙටිකතාවක් කියල හිතල. :)

    ReplyDelete
    Replies
    1. කෙටි කතාවක් නම් වරහන් ඇතුලේ දානවනේ අක්කේ කෙටි කතාවක් කියලා.. :)

      Delete
  8. මේ කතාවයි බුකියේ කතාවයි අතර එතකොට සම්බන්ධයක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. නැත්තෙමත් නෑ අයියේ.. :)

      Delete
    2. පොල්ල උඩ විසික්කා කරලා ඔළුව ඇල්ලුවා වගේ මට.. :D

      Delete
    3. අර මොකෝ අයියේ ඒ??

      Delete
  9. මලයා දැන් ෆුල් ටයිම් කවිකාරයෙක් වෙලානෙ...

    ReplyDelete
    Replies
    1. මේ වගේ වෙලාවක එහෙම නොවී බෑනේ අයියේ..

      Delete
  10. ලස්සනම ලස්සන කවි පේලි දිගේ ගිය මගේ ඇහැ...හදවතට මෙහෙම කිව්වානේ..................

    දිනේශ් මල්ලීට ඇගේම වෙන්න හිතිලා වගේ.....

    මේ කවි පෙලෙන් කියවෙනන සම්පූර්ණ අර්ථය ඒක නේද මල්ලී...
    හීහී....කොච්චර හොදද....

    ReplyDelete
    Replies
    1. කවි පෙලේ බලාපොරොත්තුවනම් ඒක තමයි.. ඒත් ඉතින් අන්තිමේ මේක මගේ එකවුන්ට් එකට බැර වෙලා..

      Delete
  11. උබ මොනව කිව්වත් අපි ගොනා හැරෙද්දි දන්නවා..

    ජය !

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. මාව විනිවිද දකින යාළුවෝ ට්කක් ඉන්න එක ගැන මට හරි ආඩම්බරයි.. :)

      Delete
  12. "ආදරය පුදුමාකාර බලවේගයක්; ඇතැම් විට ආදරය කරන්නට නොහැකි දෙයක් නැතැයි මට හිතෙනවා..
    දඩුවමකින් ,වේවැලකින් අවබෝධ කරවන්නට බැරි අනන්තවත් දේ එකම එක ආදරණීය බැල්මකින් හිස අතගා කියාදෙන්න පුළුවන්.
    'ඒත් අපි මිනිස්සු..ඉවසීමේ සීමාවක් තිබෙනවා..' ඔබ එහෙම කියාවි.
    ඇත්ත අපි මිනිස්සු තමයි.ඒත් අනෙකා වෙනුවෙන් අසීමිත ලෙස ඉවසන්නට, අසීමිත ලෙස කැපකිරීම් කරන්නට, උපරිමයෙන් ඔහු ඇය තේරැම් ගන්නට, අසීමිත වාරයක් ඔහුට ඇයට සමාව දෙන්නට ඔබට පුළුවන්නම්.........
    කන්දක් උසට ගොඩනැගූ බලාපොරොත්තු ඇස්පනාපිටම බිද වැටෙද්දිත් උත්සහය අත් නොහැර සිටින්නට ඔබට පුළුවන්නම්......
    අධිෂ්ඨාන පාරමිතාව මොනතරම් සත්‍යයක්දැයි ඔබ පුදුම වේවි......................!!!!!!!!"
    මේ ඔය උඩ කිව්ව එක් මාත් කොපි කරගත්ත එකක්.
    මේකට ගැලපෙයි කියලා හිතුනා..
    ඒකෙන් කමක් නෑ මේ යන විදිහටනම් කේක් කෑල්ලක් කන්නම ඔයි...
    මේක හරියන්නෑ හැම එකාම කේක් නොදී මග අරිනවා...
    අර ප.ලි කෑල්ල දැම්මත් නැත්ත කේක ඕනිමයි........ඕං කිව්වා..මේං ගියා...

    ReplyDelete
    Replies
    1. ගැලපෙනවා ගැලපෙනවා..

      අනේ ඉතින් අහිංසක මට මුං තර්ජනේ කරනවා.. කවුරුත් නැද්දෝ??

      Delete
  13. fb ඒකෙ තබ්බෙ මෙ ගැනද?

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් නෑ කියල වැඩක් නෑ.. ඔව්.. ඒ ගැන තමයි..

      Delete
  14. ඇත්ත බලාපොරොත්තුවක් වෙනුවෙන් සෑහෙන කාලයක් උනත් බලන් හිටියෑකි...

    ReplyDelete
    Replies
    1. ජීවත් වෙන්න ඒ බලාපොරොත්තුවම ඇති..

      Delete
  15. දුකය් අප්පා කොහොම උනත් ;(
    වෙනදා වගේම පොස්ට් එක ලස්සනය්..

    ReplyDelete
    Replies
    1. අර මොකො මලයා දුක??

      Delete
  16. මම හිතන්නේ සිතුවිල්ලක්ම විතරයි කියලා ....

    ReplyDelete
    Replies
    1. ඒ විදිහ හොදයි... මම හිතන්නේ.. :)

      Delete
  17. කවි ටික පංකාදුයි අයියේ. අන්තිමට කොර වෙලාම ගියා. ඇයි අප්පා කොකේන් කොකා හිතා ගන්නද ? මඤ්ඤං වෙනවනේ අප්පා එහෙම කීවම.

    ReplyDelete
    Replies
    1. හෙහ්.. ඕකෙන් එකක් දැම්මනම් අපේ කට්ටිය හිතන්නෙම අනිත් පැත්තනේ.. ඔන්න ඔහේ දෙකම දැම්මා ඕන එකක් කියලා..

      Delete
  18. අන්තිම වචන ටිකටනම් හිත තදින්ම ඇදුනා...

    වෙනසට මං ආදරෙයි...

    කවුරුත් වෙනසට ආදරෙයි මං හිතන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තෙන්ම.. වෙනස අපේ ජීවිත වලට ඕනම කරන දෙයක් නේ..

      Delete
  19. මටත් ඔහොම කීවා ගොඩක් අය. ඒත් ඒ හැමෝගෙම කතා බොරු කරලා මම අද දිනලා තියෙනවා. මතකයන් නම් සුන්දරයි යාළුවා :)

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ඒ කතාවත් එක්ක මම එකග වෙනවා.. කියන දේම අවසානයේ ලැබෙන්නේ නෑ..

      Delete
  20. ආ ආ... ඒක එහෙම්මම නම් අපිත් සුභ පතනවා....!

    ReplyDelete
    Replies
    1. හෙහ්... තැන්කූ වේවා..

      Delete
  21. අනේ මන්දා මොනවා කියන්නද කියලා ?

    ReplyDelete
    Replies
    1. මොනා හරි කියමු ඉතින්..

      Delete
  22. ජීවිතේට ආදරේ ලං වුනාම අපිට අපිව අමතක වෙනවා. වෙන කෙනෙකුගේ ජීවිතේ බලාගන්න වුනාම වෙලාවකට අපිට ඇඬනවා, අසරණකමක් ඇතිවුනාම. ආදරෙන් වෙන් වෙන්න වුනොත්.............. කියන බයටත් ආදරේ පටන්ගන්න කොටම මුණ දෙන්න අනිවාර්යෙන් අපි සූදානම් විය යුතුමයි. ආදරේ නිසා අපි ආත්මාර්ථකාමි වෙනවා. ඒ දේවල් වෙන කෙනෙක් පෙන්නලා දුන්නොත් ඒවා පිළිගන්නත් අපි සූදානම් වෙන්නෝනේ. මොන දේ වුනත් දිනේෂ් අය්යා, ඔයාගේ පහන් තරුව ඔයාගේ ජීවිතෙට ඔයා හිතනවටත් වැඩිය එලිය දේවී..... ආදරේ කියන්නේ උඩින් සීනි දාලා තියෙන පැණිරස කෑමක්.. සතුටට වඩා ඔයාට දුක දැනේවි. ඒ දේවල් දරා ගන්න ඔයාට ශක්තිය, ධෛර්ය නොඅඩුව ලැබේවා.!

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ සඳු.. අනාගතේ අවිනිශ්චිතයි.. ඒත් ඒක දිහා හොදින් බලමු.. පහන් තරුව ගැන විශ්වාසය තියල..

      Delete
  23. අනේ මන්දා ඔන්න ..මම නම් මුකුත් හිතන් නැ අයියා...

    ප\ලි : හිතු අක්කේ අපිට එකටම වෙඩින් එකට යන්න පුලුවන් වෙයි..හෙහේ... ( මේක දිනේශ් අයියාට ආදාලද දන්නේ නැහැ ඉතින් )

    ReplyDelete
    Replies
    1. මේ හිතුවක්කාරියෝ දෙන්නා මොකක්ක් හරි ලොකු කුමන්ත්‍රණයක් වගේ.. එක වගේ දෙන්නෙක් හිටියම ඕක තමා ප්‍රශ්ණේ.. :)

      Delete
    2. අපෝ.. මෙයා අපෙන් ඔක්කොම හංගන එකේ අපිට වෙඩින් කියයිද නංගියෝ... ඔයාට කිව්වත් මටනම් කියන්නෙ නෑ.. මොකද ඔයවගේ වැදගත් එව්වා කාට කිව්වත් මට කියන්න හොද නෑ කියලා අයියාම දවසක කිව්වා නගෝ..

      Delete
    3. අපෝ..එ මොකද අප්පා... :/

      නැ..නැ ..හිතු බලන්නකෝ ලඟදිම අලුත් ආදර කතාවක් එලිය එද්දි...

      Delete
    4. හිතු : වෙඩිම කියනෝ බය වෙන්න එපා.. ඔව් ඔව්.. ඔයාට කියන්නෙම නෑ.. ;)

      Delete
    5. නිම්ශා : කාගේ ආදර කතාවක් ගැනද මේ නිම්ශා නංගා කියන්නේ.. මේ හිතුවක්කාරියෝ එක්ක බෑ අෆ්ෆා...

      Delete
  24. වෙනසක්..... හොදම හොද සුබවාදී වෙනසක් වේවා!
    (හැමදාම තනියම ඉන්නත් බැනේ නේද?)

    ReplyDelete
    Replies
    1. ඒකනෙ.. හැමදාම තනියම ඉන්න බෑ.. ටික කාලයක් ඉදියත්... :)

      Delete
  25. ලස්සන කවි ටික. සිතුවිල්ලක් පමණි නොවේ කියල තමයි ඉතින් ඔය දෙකම දැම්මත් හිතන්නේ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ අපේ අක්කට ඉතින් මං ගැන නොතේරි තියේවිද?

      Delete
  26. සිත්තම් කරමින් මනසේ ඔබේ රුව
    කවදා හෝ යළි දකින තුරා
    රැව් පිලි රැව්දී ඇසෙන ඔබේ හඩ
    යළි මගේ සවනත වැටෙනතුරා
    විදින්න දුන් ජිවිතය අරන් මම
    විදවන්නද මේ භවය පුරා...

    ReplyDelete
    Replies
    1. විදවන්න නොවේය.. විදවන්නේ මොකටද විදින්න පුළුවන් කම තියෙද්දී..

      Delete
    2. විදවන්න නොවේය විදින්නය.. නියමයි..

      Delete
    3. මාත් හිතන්නේ එහෙමයි දැන්..

      Delete
  27. කෝම උනත් කමක් නෑ මෙන්න කිරිල්ලිත් සුභ පැතුව හදවතින්ම..!!

    ReplyDelete
    Replies
    1. කෝම උනත් කමක් නෑ.. ඔන්න මම ඒක පිළිගත්තා.. :)

      Delete
  28. ආදරේ ලැබුනාම දැනෙනෙ වෙනස නේද දිනේශ්? කවිවලින්ම ඒ බව ඔප්පු වෙනවා...:)

    මගෙත් උණුසුම් සුබ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ.. ඒ වෙනස් ගැන කොහොම නම් කියන්නද?

      තැන්කූ වේවා...

      Delete
  29. අද නම් වෙනදටත් වැඩිය කවිය පාටවෙලා..හරිම ලස්සනයි..ඔන්න අයියේ මම නම් මොකුත්ම හිතුවේ නෑ..බැලුවා විතරමයි..පාට පාටින් හැඩවුන අයියගේ කවියට සුභ පැතුම්..!!

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට තව වර්ණවත් වේවි.. දිගටම එන්නකෝ මේ පැත්තේ.. දැන් මම විතරද ඒ පැත්තේ හැමදාම කවියෙන්ම කමෙන්ට් කරන්න ඕන.. :P

      Delete
    2. පි‍ටු පුරා ලියවුනු කවිපදය
      හැඩකරයි සිත තව ලස්සන‍ට
      හිතපුරා පිරුණු සිතුවිලිය
      ලියවෙන කවිය බරවැඩිලු සිතට
      අනේ කවුරුන්වුවත් ආදරිය
      වර්ණයක් දෙන්නකෝ අයියට....

      ඔන්න එහෙනම් කවියෙන් නංගිත් කමෙන්ට් කලා අයියේ....(ඔන්න ඔන්න හිනාවෙන්න ඔට්ටු නෑ)

      Delete
    3. වර්ණයක් තැවරුව ඇය
      ලංවී හිතට රහසේම
      දැනුන ඒ සොදුරු සෙනෙහස
      හිත පුරා විදිනවලු මම.. :)

      සිනා නොවෙමි.. තැන්කූ කියමි...

      Delete
    4. අවර්ණ ජීවිතයකට
      පාට අරන් ඇවිත් ඇය..

      Delete
    5. තවරාවි හෙමීට හදවත
      නොමැකෙන්න මතු දිනක..

      Delete
  30. හැබැයි කවියට වඩා ‍මම මේකෙ ලියල තියෙන ගද්‍ය කොටසට කැමතියි . මොකද ඒ තුළ අපූර්ව අර්ථ රසයක් ඇති කරන නිසා. කවියෙන් කියනවාට වඩා විචිත්‍රවත් භාෂාවක් ඒසඳහා පාවිච්චි වෙනවා.මම ඊට කැමතියි. හොඳ අදහසක්.

    ReplyDelete
    Replies
    1. ඔබත් එක්ක මම එකගයි... ලිවුවේ පොඩ්ඩක් උනාට වෙනදට වැඩිය වෙලාවක් වගේම වෙනදට වැඩිය හිතන්න උනා ලියද්දි.. ඒ හැගීම ගැන කියන්න ඕන නෑ ඔබට වැටහේවි..

      Delete
  31. අච්චර ලස්සනට ලියපු පෝස්ට් එක පුදුමාකාර ආසවකින් කියෙවුවා..ඔන්න තවත් කෙනෙකුට හරිගිහින් කියල ..හිතල හැරෙන්න වුණේ නෑ මෙන්න

    විශේෂයි :
    1. මෙය සිතුවිල්ලක් පමනි..
    2. මෙය සිතුවිල්ලක් පමනි නොවේ..

    ඔන්න යාළුවනේ මේක අපිව නොමග යවන්න කරපු වැඩක්....

    කොහොම හරි ලස්සන අළුත් ජීවිතේට ආදරෙන් සුභ පතනවා යාළු....ආදරෙන් පිරී ඉතිරෙන ලස්සන නැවුම් දිවියක් ලැබේවා..

    ReplyDelete
    Replies
    1. අපේ මේ නසරානි සෙට් එක නොමග යවන්නේ නැතුව බෑ.. යාළුවා දන්නේ නෑ තාම මේ කට්ටියගේ වැඩ.. :)

      ඒ උනත් ඉතින් වඩක් නෑ.. මේ ගොල්ලා නොමග යන්නේ නෑ.. ඉතින් කියන්න තියෙන්නේ මෙය සිතුවිල්ලක් පමනි නොවේ කියලා..

      තැන්කූ වේවා!!!

      Delete
  32. වැඩේ හරි වගේය.දැන් තියෙන්නේ ලව් ස්ටෝරිය ලියන්නය.අයියාට මගෙන් සුභ පැතුම්ය.අයියාගෙන් අපිට මොකුත් එපාය.වෙච්චි සීන් වුනු සීන් උනු උනුවේ දැම්මොත් ඒ ඇතිය.

    ReplyDelete
    Replies
    1. මුකුත් එපා නෙමෙයි මලයෝ.. වෙඩිමට එන්නෙ ඕන.. පික්ශු කියන්න එපා.. වෙච්චි සීන් උණු උණුවේ පස්සේ දාන්නම්... :)

      Delete
  33. වචන නැත.... කවිත් නැත... හලේ.... මට ඇඬෙනවා වගේ සතුටට... අයියා දන්නවනේ ඉතින්... දෙන්නටම සුභ පැතුම් අයියේ...

    ReplyDelete
    Replies
    1. දනිමි දනිමි... නංගියේ... තැන්කූ වේවා!!

      Delete
  34. කොහොම හරි කමක් නැ වැඩේ සාර්ථකයි නොවැ..ජය

    ReplyDelete
    Replies
    1. වැඩේ සාර්ථකයි.. හම්මේ කාපු කට්ටක්... ;)

      තැන්කූ වේවා!!

      Delete
  35. //මගේ ආදර නුඹ සොයාගෙන සිහිනෙන් මට එන්න හිතුනා..//
    ලස්සනයි..හැමදාම වගේ මල්ලි..
    ඒත් හීනෙන් විතරක් ඇවිත් මදි නේද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත අක්කේ... හීනයේ දැන් ජීවත් වෙන්න ඕන නෑ... :)

      Delete
  36. එහෙම මිනිස්සු හරි වාසනාවන්තයි.....

    ReplyDelete
    Replies
    1. ඔව් කස්සා.. ඇත්තෙන්ම්...

      Delete
  37. '' ආදරයේ පළමු පාඩම බලා හිඳීමයි....'' පාවුලෝ කොයියෝගේ '' සන්තියාගෝ නම් සැරිසරන්නා'' පොතේ එහෙම තිබුණෙ මට මතක හැටියට..... බලා හිඳීම සුන්දරයි නම් තමයි... බලා ඉද්දිම යම් දේවල් අහිමි වෙලා යනවා... ඒක නම් දරාගන්න අමාරුයි...

    ReplyDelete
    Replies
    1. බලාහිදීම සුන්දරයි.. ඒක අත්දැකපු දෙයක් නිසා බය නැතිව කියනවා.. ඒ ගෙවුන කාලයේ සමහර දේවල් මග හැරුනම නෙමෙයි හැබැයි..

      Delete
  38. සුභ පැතුම් දෙන්නාටම!!! වාසනාවන්ත අනාගතයකට හදවතින්ම සුභ පැතුම්!!

    ReplyDelete
    Replies
    1. තැන්කු වෙවා.. වෙඩින් එකට එන්න හොදේ... :P

      Delete
  39. සිතුවිල්ලක් පමණක් නොවන බව දන්නවා.දැන් කලවයසත් හරි නේද? දිනේෂ් අයියේ... නරකද ඔය දෙව්දුව ළඟදිම තමන්ගෙ ළඟට ගත්තනම්?

    ලස්සන නිර්මාණයක්..ජය!!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. කොහොම කිවුවත් වැඩේ මාට්ටු බව දන්නවා.. නැතුව නැතුව.. තව අවුරුදු තුනායි..

      Delete
  40. Replies
    1. ගොඩක් ස්තූතියි මේ පැත්තට ආවට..

      Delete
  41. අපිනම් දන්නෙ නැහැ මොකක්ද මේ කියල. මගුලක් වගේ නේ.

    දෙන්නටම සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. හෙහ්.. අපි දන්නෙත් නෑ.. ඒ වගේ එකක්ලු..

      තැන්කූ වේවා..

      Delete
  42. //විශේෂයි :
    1. මෙය සිතුවිල්ලක් පමනි..
    2. මෙය සිතුවිල්ලක් පමනි නොවේ..//

    අපි අහිංසක ළමයි.. අපිට ඉහත සඳහන් කියමන් අදාල නැත... හිතන්නෙ අපිට කේක් ලැබේවා..!! කියලා පමණි.. :D :D

    ජීවිතයෙන්ම තැබූ ඒ බලාපොරොත්තුවේ මල්, ජීවිතයේ මංපෙත සුවඳවත්ව සරසන්නට.. හදවතින්ම සුබ පැතුම් දෙන්නටම..!!! :)

    ReplyDelete
    Replies
    1. අත්වැල් බැදන් මෙයත් ඇවිදින් සුභ පතන්න.. මුකුත් කියන්න ඉතුරු වෙලා නෑනේ දැන්..

      හලි හලි.. කේක් දෙන්නම්...

      Delete
  43. හා හා.. සුභ පැතුම් කිවුවා එහෙනම්.. අපි දන්නෙත් නෑ. අපිට කිවුවෙත් නෑ.. බලාගමුකො...

    ReplyDelete
    Replies
    1. තැන්කූ එහෙනම්... හා.. බලාගමුකෝ.. :)

      Delete
  44. සිතුවිල්ලක් විතරක් නොවෙනවානම් මං කැමතියි...:)))

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්