Sunday, 10 June 2012

නියගලා මල් ( කෙටි කතාව )

එතරම්ම තදින් දවල් හිරු පායලා නොතිබුනාට, විල්පත්තුවට ඉහල අහසේ වෙනද නැති රස්නයක් ගතට දැනෙමින් තිබුනා.. උපතින්ම දුප්පත් කම උරුම උන ජීවිත මහ පොලවත් එක්ක හැප්පෙද්දි ඒ මහ පොලවම සමහර වෙලාවට ඔවුන්ට රුදුරු උනා..

ඔහේ ඔය අදත් යන්නයි හදන්නේ?”

වතුර පොදක් නැතුව වියළුන පොළව දෙසත් වළාකුලක් නැති අහස දෙසත් මරුවෙන් මාරුවට බලමින් වත්තේ මායිම ලගට හෙමින් ඇදෙන සිරිපාල දුටු මැණිකා ඇගේ හඩ අවදි කලාය..

“ ඔව්.. ඇයි?”

“ ඔහේට ඔය වැඩේ කරන්න එපා කියලා වණජීවි එකේ මහත්තයා කී පාරක්නම් කිවුවද?”

හපමින් උන් බුලත් විටින් රත් පැහැ කෙල වැට මායිමට ගැසු සිරිපාල හෙමින් ගේ දෙසට ඇදෙන්නට විය..

“ ඒ මහත්තයා ඉතින් පණිවිඩේ කියලා යන්නේ උඹටනේ..”

නොරිස්සුම් බැල්මක් ඈ වෙතට  හෙලමින්  සිරිපාල කියූ කතාවට ඈට කිසිවක් කියා ගන්නට නොහැකි විය.. උළුවස්සට හිස තියාගත් ඈ ඔහුගේ නොරිස්සුම් බැල්මෙන් නෙත් අහකට ගෙන වෙනතක් බලා ගත්තා හැර වචනයක්වත් නොකීවාය..

“ ගෙදර තීන දෙයක් මට රත්කරලා දියනන්.. මම තව ටිකකින් යනවා.. සමහර විට එද්දි හෙට අනිද්දා වේවි..”

“ කලින් දවසේ ඔහේ ගෙනාපු මඤ්ඤොක්කා වගයක් තියෙනවා.. මම තම්බලා දෙන්නම්..”

“ හ්ම්ම්.. ගිණි ගහන අවුව.. කවදා වැස්සක් වැටෙයිද මන්දා මේ පැත්තට..”

හිතින් අහසට බනිමින් ආයෙම මිදුලට බැස්ස සිරිපාල තමන්ට ඕන කරන දේ සූදානම් කරද්දි මැණිකා යුහුසුළුව ඔහුට කෑම සැකසුවාය...

“ උඹ මොකො තාම කරන්නේ.. මම යන්න කියලා..”

“ ඩිංගිත්තක් ඉන්න.. මම මේ එනවා...”

“ ආ.. ඔහේ හෙට දිහාට එනවනේ..”

“ හ්ම්ම්ම්…”

වැඩි යමක් නොකියූ සිරිපාල කඩුල්ල පැන ඈත නොපෙනී යන තුරාම බලා උන් මැණිකා දිගු සුසුමක් පිට කලේය..

…………………………

හවස් වෙද්දි තමන්ගේ ගේ දොර වැඩ සියල්ලක්ම නිමා කල මැණිකා පහල අඩිය පේන මානයටම හිදි ගිය ලිදෙන් නාගෙන නිවස දෙසට පිය මනිමින් සිටියාය..

“ මැණිකා… මැණිකා..”

හුරු පුරුදු ලෙංගතු කටහඩ ඈත තියාම ඇසෙද්දි පය ඉක්මන් කල මැණිකා ගේ ඉදිරිපසට දිව ආවේ මුහුණට දයාඹර සිනහවක්ද රන්දාගෙනය..

“ කොහේද බං ගිහින් හිටියේ.. මම ගොඩක් වෙලා මෙතන ඉදන් කෑ ගහන්නේ.. හොද වෙලාවට ලග පාත වෙන ගෙවල් නැත්තේ...”

“ මම වත්ත පහල හිටියේ මහත්තයෝ.. ඇවිත් ඈදි ගත්තනම්..”

“ කෝ සිරිපාලයා..”

“ ඔය අදත් උදේම යන්න ගියේ..”

“ ඌට කොච්චර ඔය හේන නවත්තන්න කිවුවට අහනේ නෑනේ.. මේ මූකලාන රක්ශිතයක්.. ලොකු තැන් වලට ඕවා ආරංච් උනොත් ඕකව ඇවිත් කුදලං යනවා..”

“ කොච්චර කිවුවත් වැඩක් නෑ.. එයැයිත් දැන් දන්නවා මහත්තයා හැමදාම පණිවිඩේ කියන්නේ මටෙයි කියලා..”

මැණිකාගේ කතාවෙන් බැරෑරුම් මුහුණක් ලං කරන් උන් ඔහු ඈ දෙස බැළුවේ සිනාසෙමිනි..

“ ඉතින් ඌ මොකො කියන්නේ..”

“ මුකුත් නෑ..”

“ හ්ම්ම්.. මට තේ කහට එකක් හදලා ගනින්කෝ.. හරි තිබහයි..”

කෝමළ හිනාවක් පාගෙනම ගේ ඇතුලට ගිය මැණිකා පසුපසින්ම ඔහුත් ගෙට ඇතුල් උනේ ලෑලි දොර හොදින් වසාගෙනම..

………………………..

පසුදා ටිකක් දහවල් වන්න මැණිකා ඇහැරෙද්දි ඔහු ඈටත් නොකියාම උදේ පාන්දරින් නික්මී තිබුණේය.. ඇදේ කෙලවරක තිබුන රුපියල් පන්සීයේ නෝට්ටුව අතට ගුලි කර ගත් ඈ භාගෙට විවරව තිබුන දොර ඇරගෙන එළියට එත්ම දුටු දසුනෙන් ඈ ටිකක් තැති ගත්තාය..

  ඔහේ..”

ගේ ඉදිරිපස වූ බූරු ඇදේ වාඩි වී උන් සිරිපාල දුටු ඈට කියාගන්නට දෙයක් නොවීය..

“ ඔහේ ගිය පයිම ඇවිත්නේ .. හෙට දිහාට නේ එනවයි කිවුවේ..  ඉන්න මම තේ කහට එකක් හදාගෙන එන්නම්..”

“ ඊයේ රෑ මොකාදා මම නැති වෙලේ ගෙට රිංගුවේ?”

“ ඊයේ රෑ.. ඔහේ මේ මොනවද කියන්නේ?”

කේන්තියෙන් මැණිකා ලගට ලං උන ඔහු ඇගේ කෙස් වැටියෙන් අල්ලා තල්ලු කලේ බූරු ඇද වෙතටය..

“ ඔහේට අද මේ මොන යකෙක් වැහිලද?”

“ උඹ හිතන්නේ මම මේ කිසි දෙයක් දන්නේ නෑ කියලද? අර රණවීර කියන අවලමා රෑට මෙහේ රිංගන බව මට එහෙන් මෙහෙන් ආරංචි වෙලා තිබ්බේ.. ඊයේ තමයි මම ඒක ඉන්තේරුවෙන්ම දැන ගත්තේ.. මේ තියෙන්නේ ඌ සංතෝස කරපුවට ලැබුන ඒවා වෙන්න ඇති.. බැල්ලී..”

ඈ අත මිට මොලවාගෙන උන් පන්සීයේ කොලය බිම වැටෙද්දි එය පෙන්නමින් ඇගේ කම්මුලට දෙතුන් වරක් පහරදුන් ඔහු ඈව ඇද නිවසින් එළියට තල්ලු කලේය..

“ උඹට මේ ගෙදර තව ඉන්න බෑ.. ගිහින් ඌ එක්කම ලැගපිය...”

කඩුල්ලෙනුත් ඈතට ඈව පන්නා දැමු සිරිපාල කේන්තියෙන් නිවසට ඇතුළු වන තුරා බලා උන් මැණිකා නැගුන කදුළු බිදූ කීපය පිසදමමින් පාරේ ඇවිදන් ගියේය..

…………………………

“ කෝ දූ.. එන්න තාත්තා ලගට..”

“ තාත්තී අපි අද කුරුල්ලෝ බලන්න යනවනේ?”

“ ඔවු දූ.. අපි හවස් වෙලා යමු.. ඇයි නිමලා ඔයාලා එන්න පරක්කු උනේ?”

“ ඊයේ හවස එන්න හිටියේ.. ඒත් තාත්තගේ කීමට අද පාන්දරම ආවේ රණවීර..”

“ හරි හරි.. අපි යමුකෝ ඇතුලට..”

“ ඔයාව හොයාගෙන කවුරුහරි එනවා වගේ රණවීර..”

ඈ පෙන්නු දෙස බැලූ ඔහුගේ හිත ගැස්සී ගියේය.. ඈතින් මැණිකා එනු දුටු ඔහු තම දියණිය බිමින් තබා හෙමින් කඩුල්ල ලගට ඇවිදන් ගියේය..

“ මැණිකා.. උඹ මොකෝ මෙහේ?”

“ මට මහත්තයා එක්ක කතා කරන්න ඕන.. සිරිපාල මේ හැමදේම දෙනගෙන මාව ගෙදරින් එලව ගත්තා මහත්තයෝ..”

“ ඉතින්.. උඹ මොකටද මෙහේ ආවේ..”

“ ඇයි මහත්තයෝ..”

“ කවුද රණවීර මේ?”

“ ආ නෑ නිමලා.. මේ මුංදලෑගේ කොටුවට රෑ වල් ඌරෝ පැනලලු..”

මැණිකා ඇයවත් පුංචි දියණියවත් දුටුවේ ඒ මොහොතේය.. ඈ ඔහු දෙස නැවත බලද්දි ඇගෙන් නෙත් සගවා ගත් ඔහු සියල්ලක්ම නිහඩව කිය පෑවේය..

“ මම යන්නම්..”

ඉන් එහා කිසිවක් නොකී ඈ මාවත දිගේ ඇවිදන් ආවේ කිසිම අරමුණකින් තොරවය.. මොහොතකට නැවතී ආයෙම හැරී බැලූ ඈ තම පවුලත් එක්ක සතුටින් හිනැහෙන ඔහු දැක දෙනෙතින් නොනැවති  කදුළු කඩා හැලෙන්නට විය..



 නිමි..

ප.ලි : අස්වැන්නෙහි දයානන්ද රත්නායකයන් පහු ගිය දවසක ලියූ " සුමුදු සයනේ " විචාරය කියවද්දි හිතට නැගුන අදහසක්..

 

112 comments:

  1. Replies
    1. ඔව් ඔව්.. ඔයා තමයි අදත් එක... තෑගි ඕනෙයි... :)

      Delete
    2. හලේ මම එකයි දෙකයි තැන් දෙකම.. හික්ස්... තෑගි ඕනෙමයි... :D

      Delete
    3. එහෙම බෑනේ.. දෙකටම තෑගි දෙන්න බෑ.. එකකට විතරක් දෙන්නම්...

      Delete
  2. හ්ම්... ඔය වගේ ඕනේ තරම් වෙන්න පුළුවන් අයියේ.. ආදර සම්භන්ධෙකදි වුනත් ඔය දේම වෙන්න පුළුවන්නේ.. කොහොම වුනත් ඒ වගේ අයුතු ප්‍රයෝජන ගන්න මිනිස්සු නිසා අසරණ වෙන්නේ මැණිකා වගේ අය. මැණිකා කරපු දේත් වැරදියි. ඒ වගේම රණවීර මහත්තයා කරපු දේත් වැරදියි..
    ලස්සන කථාව අයියේ..

    ReplyDelete
    Replies
    1. ගොඩක් වෙලාවට දුර පැති වලට වෙන්න මේ සිද්දි සුළඹයි.. ඒත් ඒවා එච්චර ඇහෙන්නේ නෑ.. මිනිස්සු ඉතින් වරදේ බැදෙනවා.. හැම දේටම ඉතින් හිත තමයි..

      Delete
    2. ඒ අදහසත් එක්ක මාත් එකගයි.. මිනිස්සු වරදේ බැදෙන්නේ හිත නිසා..

      Delete
    3. හැමදේටම හිත..

      Delete
  3. හොඳ,වෙනස් කතාවක් අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ
    මම කීයදෝ ?? :ඩ්

    ReplyDelete
    Replies
    1. පොලිමේ හැටියටනම් තුන.. හැබැයි එකයි දෙකයි දෙකම එක්කෙනා නිසා දෙවෙනියට පොරොමෝෂන් එකක් දෙන්නම්... :)

      Delete
  4. අල්ලපු අතුත් පය ගහපු අතුත් දෙකම නැත

    ReplyDelete
    Replies
    1. ඔක්කොටම කලින් හිතන් ඉන්න තිබ්බේ පය ගහන් ඉන්න අත්ත ගැන..

      Delete
  5. හ්ම්ම්ම්ම්ම්ම්ම් මොනව කරන්නද....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්... කරන්න දෙයක් නෑ..

      Delete
  6. ලස්සන කෙටි කතාවක් !!!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මධුරංග අයියේ..

      Delete
  7. niyamai lassanata liyala thiyenawa....

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් යාළුවා..

      Delete
  8. කියන්නට වචන නෑ අය්යා. කතාව ලස්සනයි.
    තමන් ගේ පවුල විනාස වුනාට දුක හඳුන ගැහැණිය කවදත් එහෙමයි. පිරිමි එයාලට ඔනේ දේවල් කරන්නේ ගැහැණු ගැන නොතකා වුනාට ගැහැණු එහෙම නෑ.මට දැනුනේ සිංහල චිත්‍රපටියක් බලනව කියලා.

    ReplyDelete
    Replies
    1. සදුගේ අදහසේ සමහර තැන් වලට එකග නෑ.. ඒත් වාද කරන්නේ නෑ.. මොකො ඉස්කෝලේ යද්දි උනත් ඔයා එක්ක වාද කරලා මට දිනන්න බැරි උන නිසා..

      Delete
  9. සරලයි.. සාමන්‍ය
    ජන ජීවිත්යේ සුලබ සිද්දියක්...ලස්සනට ගොනු කරලා

    ReplyDelete
    Replies
    1. ග්‍රාමීය දුශ්කර පරිසරයට යද්දි මේක බොහොම සුළු දෙයක්.. ලොකු නිලදාරීන් ලස්සන ගෑණු ඉන්න පැල් වලට රිංගනවනේ..

      Delete
  10. හැකිකම දක්ෂතාවය ඔබ හට තිබෙන
    දුටුවම දකින අයගේ නෙත් සිත් පිනන
    නියමයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාළුවා කවියකින්ම අගය කල එකට..

      Delete
  11. We are responsible for what we are,
    whatever we wish ourselves to be :)

    ReplyDelete
    Replies
    1. 100% එකගයි.. මේවා ඉබේ සිදුවෙන දේවල් නෙමෙයි නේ.. එහෙනම් බලහත්කාරයක් ඒක.. මෙතන එහෙම නෑ.. ඉතින් ඒ හැම දේකටම ඔවුන් වග කියන්න ඕන..

      Delete
  12. අන්තිමට ඉතින්

    අපේ අතේ නෑ වරදක්
    ඇයයි වරදේ බැඳෙන්නේ!! තමයි..

    ReplyDelete
    Replies
    1. මලයා ඔය කවිපෙල දාපු දවසෙත් මම ඔය කෑල්ලට එකග නෑ කියන අදහස කිවුවා.. අදත් කියන්නේ ඒකමයි.. ඇයටම දොස් කියන්න බෑ.. වරදේ බැදෙන්නේ වරදට පොළඹවන නිසානේ..

      Delete
  13. තිත්ත ඇත්තක්...මේක හරිම සුලබ දෙයක් මම හිතන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔව්... හුගක් සුලබයි මමත් හිතන්නේ..

      Delete
  14. කතාව නම් රසවත් අයියේ වෙනදා වගේම..

    තහනම් ගහේ ගෙඩි කැවාම ඔහොම වෙනවා..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් නිම්ශා නංගා.. තහනම් ගහේ ගෙඩි කෑවේ මිනිසා ආරම්බයේදිමනේ.. ඉතින් ඒක කොහොම වෙනස් වෙන්නද?

      Delete
  15. කෙටියේන් කියලා තියෙන්නේ මහා දිග කතාවක්!!!

    නියගලා මල් කතාවටම ගැලපෙන නමක්. ලස්සන තමයි. ඒත් විසයි. මේ වගේ කතා මේ ලෝකේ කොච්චරක් නම් ඇද්ද?

    ReplyDelete
    Replies
    1. කතාවට නියගලා මල් කියලා දැම්මේ ඔය වගේ පැති වල මිනිස්සු මේ වගේ දේවල් උනාම අන්තිමේ හොයන එකම විසදුම ඕක නිසා.. ජීවිතයෙන් සමුගන්න..

      Delete
  16. හොඳ නිර්මාණයක්..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අයියේ..

      Delete
  17. අත්දැකීමක්ද කියලා සැකයක් පහල වුනි......

    ReplyDelete
    Replies
    1. හෙහ්.. මේකනම් අත්දැකීමක් නොවන බව වගකීමෙන් කියමි.. :)

      Delete
  18. හ්ම්ම් තිත්ත ඇත්ත මේක තමා. ගෑනිගේ පිටේ සම්පුර්ණ වරද පටවලා ගෑනිව එළවලා දානවද. හැමදාටම සිද්ද වෙන දේ එහෙමම වෙන්න ඉඩ දීලා ඔහේ බලා ඉන්නවාද? ඔය වගේ වෙලාවක මොන වගේ තීරණයක්‌ ගන්න වෙනවද කියන එක හිතා ගන්න බැරි දෙයක් තමා.

    ReplyDelete
    Replies
    1. කතාවේ මම ගලා යන්න ඕන නිසා ඒ පැත්තෙන් ඒ විදිහට ලිවුවා.. ඒත් සිරිපාලට මේක මීට කලින් නවත්ත ගන්න පුළුවන් කම තියෙනවා.. එදා ගෙදරින් යන්න කලින් කියපු දේ වලින් රණවීර එහෙම එන බව දන්නවනේ.. ඒත් මම ලිවුවේ අනිත් පැත්තට.. කතාව ගලා යන්න..

      ඇත්ත ජීවිතේ ගත්තොත් හොදම විසදුම මේ අවසානයට ගොඩක් කලින් හොයා ගන්න බැරි වෙන එකක් නෑ..

      Delete
    2. අයියගේ අදහස එක්ක එකගයි.. කතාවේ ගලා යාම මෙහෙම උනාට සිරිපාලට මේ දේ කලින් මැණිකා එක්ක කතා කරන්න තිබ්බා.. එකට විසදුමක් හොයන්න තිබ්බා..

      Delete
    3. දැනගෙනත්නේ නොදන්නවා වගේ ඉදලා අන්තිමේ අරහෙම තීරණයක් ගත්තේ..

      Delete
  19. අද කතාව නියමයි. අදනම් අඩුපාඩු කියන්න හිතෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ලොකු අයියේ.. එහෙම කියන්න එපා.. අඩුපාඩුවක් තියෙනවනම් කියන්න.. ඒක මට ගොඩක් වටිනවනේ..

      Delete
  20. කතාව මුලදි හිතුනෙ නෑ මෙහෙම දෙයක් වෙන්න යන්නෙ කියලා.හැමදාම වගේ නියම කතාව මල්ලි.

    ReplyDelete
    Replies
    1. මගේ අවසානයන් ටිකක් වෙනස් නේ අක්කේ.. හැමදාමත් වගේ... :)

      Delete
  21. අන්තිමට අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ

    ReplyDelete
    Replies
    1. හැම කෙනෙක්ම වැරදී.. ඒකනේ මෙහෙම දෙයක් උනේ..

      Delete
  22. හ්ම්ම් එක හුස්මට කියෙව්වා . ලස්සනට කතාව ගාලාගෙන ගිහින් තියනවා .
    …සමාජයේ සුලබ දෙයක් .

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අක්කේ.. අහන්න නොලැබෙන ඒත් වෙන බව දන්න සිදුවීම්..

      Delete
  23. අනේ මන්දා ජිවිත ගැන පුදුමත් හිතෙනවා..නිර්මාණයක් කියලා දැනෙන්නේ නැති‍ව හිතට දැනෙන්න ලියලා තියනවා අයියේ..කතාව හුගක් ලස්සනයි අයියේ....

    ReplyDelete
    Replies
    1. මේ ජීවිත ගැන මොනවා නම් කියන්නද නංගී.. මගේ කතා හැම එකක්ම කලු සුදු ජීවිත ගැන.. හොදින් බැලුවොතින්..

      Delete
  24. සුලබ කතා තේමාවක් හින්දා කම්පනයක් ඇතිකරන්නනම් සමත් නෑ. ඒත් ආඛ්‍යනය සිත් ඇදගන්නාසුළුයි.

    ඔයා පෝස්ට් දාන වේගය වැඩිද මන්ද...!?

    ReplyDelete
    Replies
    1. එකගයි.. තේමාව අලුත් නෑ කියන එක මාත් පිළිගන්නවා.. මේක රත්නායකයන්ගේ විචාරයත් එක්ක හිතට ආපු දෙයක්..

      කලින් හැමදාම ලියලා වේග වැඩි කියලා කට්ටිය උත්ගෝශන කලාට පස්සෙයි අයියේ මේ දැන් වේගෙන් යන්නේ.. :)

      Delete
  25. මල්ලි ලියන කෙටිකතා වලට තමයි මම මහ හුගක් ආස...

    එක වෙන්න නම් ඉතිං මැරිලා ඉතාලියේ ඉපදෙන්න ඕන. එක ඕන්නෑ මට මෙතන හොදා...

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අක්කේ..

      හෙහ්.. ඔච්චරම ආසනම් මම වෙලාවක පෝස්ට් එකක් දාන්නම් අක්කා ඉන්න වෙලාවක්ම බලලා.. එතකොට හරිනේ..

      Delete
  26. චිත්‍රයක් ඇ‍ෙඳෙන විදියට කෙටි කතාව ලිලා. මට මතක් වුනේ සයිමන් නවගත්තේගමගෙ සුද්දිලාගෙ කතාව සහ ඊට අදාලව හැදව චිත්‍රපටයයයි. ඒකත් මේවගේ.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි රත්නායකයනි.. ඔබේ විචාරයත් එක්කයි මේ කතාවට මට හිත ආවේ..

      Delete
  27. සංවෙදී කතාවක්.මෙතනදි එක පාරටම දොස් කියන්න ඕනෙ කාටද කියලා හිතා ගන්න බැරුව මම තාම කල්පනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ඒක ලේසියි අක්කේ.. තුන් දෙනාම වැරදියි.. ඒ ඒ කෙනාගේ පැත්තෙන්..

      Delete
  28. නියඟලා මල කියලා නම දැම්මෙ ඇයි මල්ලි..?

    ReplyDelete
    Replies
    1. නියගලා මල් සුන්දරයි.. ඒත් අල විසයි.. අන්තිමේ මාවතක් නැතිව යන මැණිකාගේ ගමන නියගලා අලයකින් විසදුනොත්.. ඒක මම නොකී කොටස.. ඔය වගේ පැතිවල සියදිවි නසාගන්න ලේසිම ක්‍රමේ ඕකයි කියලා මම අහලා තියෙනවයි.. ඒකයි මේ නම ඕකට ආවේ.. :)

      ගැලපෙන්නේ නැද්දෝ මන්දා..

      Delete
    2. මටනම් හිතෙන්නේ ගැලපෙනවා කියලා..

      Delete
    3. එහෙනම් අවුලක් නෑ.. :)

      Delete
    4. ම්..මට නම් නොගැලපීමක් දැනෙනවා..මොකෝ මල ලස්සන වුනාට විසයි නිසා..
      කමක් නෑ ඊළඟ සැරේ ලියද්දි හිතලා බලන්නකෝ..

      Delete
    5. හ්ම්ම්.. හරි අක්කේ... ගොඩක් ස්තූතියි ඒ ගැනත් කිවුවට..

      Delete
  29. වෙනදා වගේම අයියගෙ මේ කෙටි කතාවෙන් ගන්න දෙයක් තියනවා කියලා මට හිතෙනවා.
    අයියගෙ කතා ශෛලය නිසා එක දිගට කියවන්න ආසා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මලයා.. ඒත් මම මේ දවස් වල දකින හොදම ලිවිම තියෙන්නේ මලයගේ තාත්තා ලග.. ඒ කතාව අපූරුයි..

      Delete
  30. ඕවා මනුස්ස හැගිම් එක්ක වෙන දේවල් රහත් නොවුනු මිනිසුන් අතර මේ වගේ දේවල් සාමාන‍යයි.ඕවා මනුස්ස හැගිම් එක්ක වෙන දේවල් රහත් නොවුනු මිනිසුන් අතර මේ වගේ දේවල් සාමාන‍යයි.

    ReplyDelete
    Replies
    1. ඒක මාත් පිලිගන්නවා.. මේ හිත් හරි ඉක්මනට වරදේ බැදෙනවා.. ඒක නවත්තන්න හරි අමාරුයි..

      Delete
    2. මිනිස් සිත.. හැමදේටම..

      Delete
    3. අමාරුවෙන් හරි හික්මිමක් ඇති තැනැත්තා තමයි කවදා හරි සැනසිමක් ලබන්නේ.

      Delete
    4. එකගයි.. ඒත් ඒ හික්මීම මිනිස්සු ලග තියෙනවද?

      Delete
  31. Replies
    1. තෑන්ක්ස් අක්කේ.. අද ගොඩක් කාලෙකින් මේ පැත්තට ගොඩ වෙලා..

      Delete
  32. නියමයි කතාව. ඒ මනුස්සයට කියන්න තිබුනෙ මිනිහ එනකල් මහත්තය හිටිය කියල! ;-)

    ReplyDelete
    Replies
    1. හෙහ්.. වණජීවි එකෙන් ආරක්ශාවට ආවා කිවුවනම් වැඩේ ශේප් නේ.. :)

      Delete
    2. ඇයි අලි පනීවී කියලද?

      Delete
    3. නෑනේ වල් ඌරෝ පැන්න කියලනේ අන්තිමේ කියන්නේ... ;)

      Delete
  33. Replies
    1. තෑන්ක්ස් මලයා..

      Delete
  34. Replies
    1. අද වෙන මුකුත් කියන්නේ නෑ..

      Delete
  35. ලස්සන කතාවක්. නූතන මනමේ කුමාරි කෙනෙක් !!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්... ඔව්..

      Delete
  36. ඕවා ඔය පැතිවල සුලබ දේවල් වගේ ම ලැබුණ දඬුවමත් හොඳයි!

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියේ.. මේක සුලබ සිද්දියක් නම් තමයි.. මමම ලිවුවා උනත්, දඬුවම නම් අනේ මන්දා..

      Delete
  37. තවත් එක ගැහණියකගේ ඛේදාවාචකයක්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.. හැමෝම වරද කාරයෝ උනත් අන්තිමේ අසරණ උනේ ගැහැණිය..

      Delete
  38. Replies
    1. තෑන්ක්ස් මලයා..

      Delete
  39. මොකක් කියන්නද කියල හිතා ගන්න බෑ

    ReplyDelete
    Replies
    1. " කතාව හරි නෑ මල්ලී..." ඒ වගේ දෙයක්... :)

      Delete
  40. කතා ලියපු විදිය වෙනද වගේ ලස්සනයි. ගැමි පරිසරයේ සාමාන්‍ය ජිවන රටාව නේ?..

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ.. මේ අපි ජීවත් වෙන පරිසරයෙම සාමාන්‍ය මිනිස්සු..

      Delete
  41. මල් නෙවේ "අල" එල

    ReplyDelete
    Replies
    1. " නියගලා අල" කියනවට වඩා " නියගලා මල් " නම ලස්සනයි.. උඹලා එක්ක බෑනේ.. අලෙයි මලෙයි වෙනසමයි හොයන්නේ..

      Delete
  42. අගේ ඇති කතාවක් මල්ලී....ජීවිතයේ කටුක පැත්තක් දැකලා.....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අක්කේ.. අපි නොදකින පැතිනේ ඉතින් මේ..

      Delete
  43. කථාවනම් ලස්සනයි කියන්නත් බැරි තරම් ලස්සනයි..ඇත්තමයි ලස්සනයි කියන වචනෙ මදි..වචන ගැලපීම දෙබස් මාරුව කියන්න බැරිතරම් ලස්සනයි..ආයෙමත් තවත් ලස්සන එකක් ලියයි ඔබ නොවරදවාම...ජය වේවා

    ReplyDelete
    Replies
    1. දෙබස් ගැන කිවුවම මතක් උනේ.. අවසානේ සමහර දෙබස් සැර වැඩිද කියල හිතුනා.. ඒත් සැර බාල කලාම වැඩකුත් නෑ.. හොද වෙලාවට කවුරුවත් දොස් කිවුවේ නෑ..

      Delete
  44. නියමයි.... අප්සට් හැබැයි

    ReplyDelete
    Replies
    1. අප්සට් කිවුවේ කතාවද?

      Delete
  45. නියම කතාවක් අයියේ.. කියන්න වචන නෑ.. ඇත්තටම ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් නංගී..

      Delete
  46. පරිණාමනය වුණාය කියලා කිව්වත් ලිංගිකත්වය ඉදිරියේ....නොලැබෙන ආදරය ඉදිරියේ මිනිස්සු තාමත් ප්‍රාථමිකයි......යථාර්ථය අව්‍යාජව රූපණය කිරීමේ උත්සාහයක්....මගේ කෝණයෙන් - ඒ උත්සාහය අති සාර්ථකයි.ජය!!!

    ReplyDelete
    Replies
    1. අදහසත් එක්ක එකගයි.. මිනිස්සු කොච්චර ඉස්සරහට ගියත් ඔය සම්බන්ද දේ වලදි ගන්න තීන්දු තීරණ වල තාමත් තියෙන්නේ ඒ කාලේ අදහස්..

      ගොඩක් ස්තූතියි යාළුවා..

      Delete
  47. mallita liweeme sebe hakiyawak thiyenawa...
    enna ennama katha lassanai.. sajeeve bawa thiyenaw
    daksha writer kenek mathu wena hati bala gena innawa....
    thawa liyanna...
    GREAT.......!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි කියවලා මේ කරන අගය කිරීමට.. ඒක හැමදාම හුගක් වටිනවා මට..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්