Wednesday, 6 June 2012

අම්මගෙයි තාත්තගෙයි ආදර කතාව

අද ආදර කතාවක් කියන්න කියලා කල්පනා කලේ.. ගොඩක් පරණ එකක්.. 70 දශකයේ බ්ලැක් ඇන්ඩ් වයිට් ආදර කතාවක්.. හෙඩිම දැක්කම තේරෙනවනේ.. ඔව් ඔව්.. මම අද කියන්න යන්නේ අපේ අම්මගෙයි තාත්තගෙයි ආදර කතාව..  Action Replay එකක් දෙන්න හදන්නේ ඉතින් ඔන්න කට්ටිය 70 දශකය හිතන් මවාගෙනම ඉතුරු ටික බලමු..

1952 නොවැම්බර් 02 අපේ තාත්තා ඉපදුනේ ගාල්ලේ බටදුවේදී..  ඒ වගේම 1954 දෙසැම්බර් 01 අපේ අම්මා ඉපදුනේ කොළඹ මහරගමදී.. ඉතින් කොහොමද මේ දෙන්න මුණ ගැහුනේ..

කාලයත් එක්ක සිල්ප ශාත්‍ර ඉගෙන ගත්ත අපේ පියාණන් රජයේ රැකියාවක් විදිහට විදුළි බල මණ්ඩලේ පළමු පත්වීම ලැබිලා කොළඹ රස්සාවට එනවා.. ( කොළඹ අය ඉස්සෙල්ලම දුශ්කර සේවයට යද්දි පිට පළාත් වල අය කොළඹ එනවා..)  එතකොට අපේ තාත්තට අවුරුදු 20 යි..  ඒ කියන්නේ 1972 අවුරුද්දේ..

ඔය කාලේ වෙද්දි අපේ අම්මා අවුරුදු 18 ඉස්කෝලේ යන තරුණ ගෑල්ලමයෙක්.. පවුලේ වැඩිමලා උනේ අම්මා.. අම්මට පස්සේ අම්මගේ සහෝදරයෝ 6කුත් සහෝදරියෝ 3 දෙනෙකුත් හිටියා.. පවුලේ වැඩිමලා අපේ අම්මා උනාට අම්මට පස්සේ හිටපු ලොකු නංගී අවුරුදු 16යේදිම විවාහ වෙන්නේ පෝලිම පැනලා..

ඉතින් ඔය කාලේ කොළබ රස්සාව කරන ගමන් නවාතැනක් හොයන තාත්තට අර පෝලිම් පැනලා කසාද බැන්ද අපේ පුංචිගේ මහත්තයා හම්බුවෙනවා විදුලිබල මණ්ඩලේදි.. ඉතින් ඔය හමු වෙලා බැදුන මිතු දමත් එක්ක මේ බාප්පා අපේ තාත්තව මහගෙදර බෝඩින් කාරයෙක් කරන්න අපේ ආච්චිව කැමති කර ගන්නවා.. එදා එහෙම ආපු අපේ තාත්තා අපේ අම්මව ඉස්සෙලා දකිනවා..

ඒ හමුව අපේ අම්මා විස්තර කරන්නේ මෙහෙම..

“ එදා මම ඉස්කෝලේ ගිහින් එද්දි කලින් නොදැක්ක කෙනෙක් ඉන්නවා මිදුලේ.. ක්‍රේල් කොණ්ඩේ කණට පොඩ්ඩක් උඩින් දෙකට බෙදලා පැත්තට පීරලා, කොටු කොටු රටා වැටුන අත් දිග කමිසයක් ඇදලා, බෙල් බොටම් කලිසමක් ඇදලා, කලිසමේ පාටටම ගැලපෙන දුඹුරු පාට සපත්තු දෙකක් දාගත්තු කොල්ලෙක් මිදුලේ එහා මෙහා ඇවිද ඇවිද හිටියා..”

අපේ තාත්තා කොහොමත් ජැන්ඩියට අදින මනුස්සයනේ.. ඉතින් කොල්ලා කාලෙත් ඉන්න ඇති නළුවා වගේ.. එදා මුල්ම හමුව තාත්තා දැක්ක හැටි නම් ඉතින් නොදනී..

ඉතින් කොහොම හරි අපේ අම්මගේ අම්මත් තාත්තත් කැමති වෙලා තියෙනවා මේ ඉලන්දාරියව ගෙදර නවත්තගන්න..  ඉතින් පවුලේ වැඩිමලා උන නිසාම ගෙදර ගොඩක් වැඩ කරන්න වෙලා තියෙන්නේ අපේ අම්මට.. අපේ අම්මා කියන විදිහට

“ අපේ අම්මයි තාත්තයි කොයි වෙලෙත් රණ්ඩු.. ගොඩක් වෙලාවට තාත්තා ගෙදරින් යනවා.. ඒ ගිහින් ආවට පස්සේ අපිට අවුරුද්දකින් තව මල්ලියෙක් හරි නංගියෙක්..”

ඉතින් ඔය තත්වේ නිසා ගෙදර හැමදේම අම්මගේ කරපිට තිබිලා තියෙන්නේ.. අපේ අම්මගේ ආච්චිත් ඒ කාලේ ඉදලා තියෙනවා.. එයාගෙන් තමයිලු බේරුමක් නැත්තේ.. පොඩි වැරැද්දටත් ගුටි කන්න වෙනවලු..  අපේ තාත්තා කියපු විදිහට, ගෙදර හැමදාම උයන්නේ අපේ අම්මලු.. ඉතින් දවසක් මොකක් හරි හොද්දකට ලුණු මදි වෙලා.. එදා ආච්චිට කේන්ති ගිහින් ලුණු පොල් කට්ට අරන් එන්න කියලා මෙහෙමද කෑමට ලුණු දාන්නේ කියලා ලුණු පොල්කට්ට අම්මගේ ඔළුවේ හැළුවලු..  මේ හැමදෙයක්ම කෑම මේසේ බලන් හිටපු අපේ තාත්තා එදා තමයිලු තීරණේ කලේ මම මේ කෙල්ලව මේ අපායෙන් ගලවන් අයගෙන යනවා කියලා..

ඉතින් ටික කාලයක් මේ දේත් හිතේ තියාගෙන අපේ අම්මත් තාත්තත් ඉඩ ලැබෙන වෙලාවට ටිකක් කතා බහ කරලා තියෙනවා.. ලිද ලගදි, මල්ලිලා එක්ක සෙල්ලම් කරද්දි, උන්ට පාඩම් කියලා දෙද්දි එහෙම අපේ තාත්තා චාන්ස් එක මග ඇරලා නෑ.. ඉතින් මේ දෙන්න දිහා උකුසු ඇස් දාගෙන හිටපු අම්මගේ ආච්චිට මේ වැඩේ මාට්ටු වෙලා.. ඊට පස්සේ ඉතින් ආපු ප්‍රශ්ණත් එක්ක තවත් පරක්කු කරන්න හොද නෑ කියලා හිතපු අපේ තාත්තා කෙලින්ම අම්මා ගැන ගෙදරින් අහලා.. 

ඒත් එතකොටම අම්මගේ ආච්චි වැඩේට කෙලින්ම අකමැති වෙලා දුශ්ඨයා වෙලා..

ඒ ඇයි? ඒක මේ ඉන්ටවල් එකෙන් පස්සේ... කට්ටිය ගිහින් පොප් කෝන් එකක් කලා කොකා කෝලා එකක් බීලා එන්නකෝ... හරි හරි දැන් මට බනින්න පටන් ගන්න එපා.. ඉන්ටවල් එක කියලා දෙවෙනි කොටස පස්සේ දාන්නේ නෑ.. ෆිල්ම් එකක් උනාම ඉන්ටවල් එකක් තියෙන්න එපැයි.. හරි ඉන්ටවල් එකෙන් පස්සෙ....

ඉතින් මේ අම්මගේ ආච්චි මේකට විරුද්ද උනේ ඇයි? ඒකට තිබිලා තියෙන්නේ එකම එක හේතුවයි.. ඒ ගෙදර මාසෙකට කුලියක් එක්ක නැවතිලා ඉන්න මනුස්සයා ගෙදර බෑනා උනාම ඒ ගාන නොලැබෙන නිසා.. බලාගෙන යද්දි සාදාරණ හේතුවක්.. :) ඉතින් ආච්චි කොහොම කේස් ඇද්දත් තාත්තගේ රස්සාවටයි ( ඒ දවස් වල ඉතින් රජයේ රස්සාව කිවුවම මාර තැනනේ..) තාත්තගේ පවුලේ අය අම්මලාට වඩා ටිකක් සල්ලි තිබ්බ මිනිස්සු වීමයි උඩ අම්මගේ අම්මා කැමැත්ත දීලා.. හැබැයි හදහන් ගැලපෙනවනම් විතරක්..

ඉතින් මේ ගැන අපේ තාත්තා ටිකක් කල්පනා කලාලු.. හදහන් ගැන විශ්වාසයක් නැතත්, එක නොගැලපුනොත් මම මටම උන පොරොන්දුව ඉශ්ඨ කරන්න බැරි වෙනවා නේද කියලා හිතපු තාත්තා ඕනම හදහනකට ගැලපෙන විදිහේ හදහනක් හදලා ගිහින් ආච්චිගේ අතට දුන්නලු.. 100%ක්ම ගැලපෙන්න හදලත් නෑ.. එතකොට වැඩේ මාට්ටුනේ.. කොහොම හරි ඉතින් හදහනුත් ගැලපුන නිසා අකමැති වෙන්න හේතුවක් තිබිලා නෑ.. ඒ නිසා 1974 ජනවාරි 26 දින යෙදුන සුභ මොහොතින් තාත්තා අම්මව කැන්දන් ගියා.. 



The End...  නෑ නෑ හෝවු.. තව තියෙනවා..

බැදලා ටික කාලයක් යද්දිම තාත්තට ආයෙම ගාල්ලට මාරුවක් හදාගෙන එහෙ ගිහින් තියෙනවා.. ඒ මොකද කසාද බැන්දා කියලා නෑ වෙනදා කරපු රාජකාරි එහෙමම අම්මට ගෙදර කරන්න උන එකට තාත්තා වැඩි කැමැත්තක් තිබිලා නෑ.. ඉතින් ගාල්ලේ බටදුවේ පුංචි කැදැල්ලට ගිය ආදරණිය යුවලට 1975 නිවැම්බර් 22 ලොකු පුතත්, 1977 සැප්තැම්බර් 10 ලොකු දුවත්  1988 ජනවාවාරි 02 මං තුමත් ලැබුනලු..

ඊට පස්සේ කාලේ රස්සාව නැති වීමත් එක්ක ලොකු ලොකු ප්‍රශ්ණ වලට මූන දුන්නත්, ජීවිතේ බොහෝම අන්තයට ඇද වැටුනත් කවදාවත්ම රන්ඩුවක් නොවී අවුරුදු 38 යහපත් පවුල් ජීවිතයක් ගත කරනවා…

විශේෂයි : දැන් මම මේක මෙච්චර හොදට දන්නේ කොහොමද කියලා හිතනවා ඇති.. ඉස්සර චන්ද්‍රිකා මැඩම් ඉන්න කාලේ හැමදාම රෑ ලයිට් කැපුවා මතක ඇතිනේ.. ඒ කාලේ කරන්න දෙයක් නැතිව ඉද්දි අම්මා අක්කටයි මටයි නින්ද යනකම් කියපු සුරංගනා කතා තමයි මේ.. එහෙම කාලයක් තිබ්බ එක ගැන මම අදටත් සතුටු වෙනවා..

අති විශේෂයි : අපේ අම්මා එදා ඉස්සෙල්ලම තාත්තා දැකපු වෙලේ කැමැත්තක් ඇති වෙන්න තව කාරණයක් තිබිලා තියෙනවා.. අපේ තාත්තත් ඉස්සර සිනමාවේ හිටපු දක්ශ නළුවෙන් වෙන “අමරසිරි කළන්සූරිය” මහත්තයාගේ පෙනුමට ගොඩක් සමීපයි.. ඉතින් ඒ කාලේ ඒ නළුවන්ට හිතින් ආදරේ කරපු අපේ අම්මා වගේ කෙනෙක් තාත්තට අකමැති වේවිද මම අහන්නේ..

මම පොඩිම කාලේ කලන්සූරිය මහත්තයාගේ ෆිල්ම් බලද්දි අහන්නේ අම්මේ ඒ අපේ තාත්තා නේද කියලා.. එතුමා මාලනී ෆොන්සේකා එක්ක හිටපු “ කලක් අවෑමෙන් පෙරුම් පුරා” ගීය මට තාමත් මතකයි..

හරි ඔන්න බොරුනම් බලන්නකෝ දෙන්න එක වගේ නෙමෙයිද කියලා.. 


 අපේ තාත්තා..


 අමරසිරි කළන්සූරිය මහත්තයා... :)



129 comments:

  1. Replies
    1. ඔව් ඔව්.. ඔයා එක... දාලා හැරෙන්නවට් උනේ නෑ... ;)

      Delete
    2. අයියෝ අදත් බැරි වුනානේ...

      Delete
    3. ඊළග පාර ට්‍රයි එකක් දෙමු අක්කේ... :)

      Delete
    4. ෂා නියම ස්ටෝරි එක. තාත්ත නම් සුපිරි ආ...
      ආයෙ එහෙම චිත්‍රපටි අතරේ ඉන්ටවල් දෙනව එහෙම නෙවෙයි. මම පොප්කොන් එක අරන් එන්න ගිය ඩින්ගට මේ ප්‍රාර්ථනා පැන්නනේ....:)

      Delete
    5. තැන්කූ තැන්කූ..

      හෙහ් අපරාදේ පොප්කෝන් එක කලින්ම අරන් ඇවිත් වාඩි වෙන්නනේ තිබ්බේ.. එහෙනම් එක වෙනවනේ.. :)

      Delete
  2. වාව්.. ලස්සන ආදර කථාවක්නේ අයියේ..ඒ වගේම ලස්සන පවුලක්..හ්ම්..තාත්තත් ඒ වගේ තමයි..අම්මි නම් තාමත් ගොඩක් ලස්සනයි....

    හැමදාම මේ සතුට ඔයාලා එක්කම රැදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ.. මේ වගේ ආදර කතා ආදර්ශයට ගන්න ඕන.. :)

      Delete
  3. හෝව් හෝව් මමත් ඉන්නවා.. අයියා සොරි අයියා ටිකක් ලේට් උනා.... කොහොමහරි එදාටනම් පරක්කු වෙන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. එදාට කිවුවේ කවද්ද මලයා...

      Delete
  4. හරිම ලස්සන, වෙනස් ආදර කථාවක්.. අයියගේ තාත්තගේ තිබුන ඒ උතුම් ගතියට මම හරි ආසයි අයියේ. කෙල්ලෙක් වෙනුවෙන් මේ වගේ දේවල් කරන්න නම් ඒ කොල්ලා ඒ කෙල්ලට ගොඩාක් ආදරයක් තියෙන්න ඕනේ, ලස්සන ආදර කථාව.

    හලේ... අමරසිරි කළංසූරිය කියන්නේ මගෙත් ආසම නළුවා අනේ... අපේ තාත්තත් ටිකක් ඒ වගේ නිසා තමා මමත් එයාට ආසා වුනේ..

    ReplyDelete
    Replies
    1. අපේ තාත්තා කියපු දේ කොහොමහරි කරන කෙනෙක්.. ඒ කාලෙත් එහෙමයි කියලා ඉතින් හිතාගන්න වෙන උදාහරණ මොකටද ඉතින්.. මේ හැමදේම ඉතින් ආදරේ වෙනුවෙන්නේ..

      එක වගේ අය 7 දෙනෙක් ඉන්නවලුනේ නංගියේ.. :)

      Delete
  5. ම්ම්ම් හරිම ලස්සන ආදර කතාවක් නොවැ....

    ReplyDelete
    Replies
    1. බ්ලැක් ඇන්ඩ් වයිට් ආදර කතාවක්.. :)

      Delete
  6. හරියටම හරි... ඒ වගේමයි! තාත්තාගේ ඒ කොන්ඩේ ඔයාටත් නියමෙටම තියෙනවා. ආදයම නැතිවෙනවා කිව්වට ඊට වැඩිය හොඳ දෙයක් වෙලානේ... නේද? ජය වේවා ඉදිරි ගමනට!

    ReplyDelete
    Replies
    1. ඒකනේ..

      ආදායම ගැන බැලුවේ ඉතින් ආච්චිගේ ඉරිසියාවටනේ.. ඒ උනාට හොද වෙලාවට නැන්දම්මට බෑණාගේ ගතිගුන ගැන අවුලක් නොතිබුනේ..

      Delete
  7. ඇත්තටම තාත්තනම් ටිකක් ඒ වගේ තමයි.අම්ම ඉතින් කැමති නොවී තියෙයිද? නියම ආදර කතාව.. හැමදාම ඒ සෙනෙහස නිතතුරුව පවතීවා...

    ReplyDelete
    Replies
    1. අම්මාගේ ඉස්සෙල්ලාම හිත ගිහින් තියෙන්නේ ඒ නිසාලුනේ.. :)

      Delete
  8. තාත්තගෙ තරුණ කාලෙ ෆොටෝ එකක් දැම්මානම් හොදටම සංසන්දනය කරන්න තිබුනා.

    තව චිරාත් කාලයක් දෙන්න දෙමහල්ලෝට සතුටෙන්,සාමෙන් ඉදීමට ලැබේවා.මේ කතාව එකපාර ලියන්න හිතුනෙ ඇනිවසරි එකවත්ද???

    ReplyDelete
    Replies
    1. ලංකාවේ උන්න්නම් මම තරුණ කාලේ ෆොටො, වෙඩින් ෆොටො ඔක්කොම එක්ක දන්නේ.. කොහේද ඉතින්.. එහෙම කරන්න විදිහක් නෑනේ දැන්..

      එහෙම විශේෂ හේතුවක් නෑ අක්කේ..මේ කතාව මට අහම්බෙන් වගේ මතක් උනා.. ඉතින් ලිවුවා.. :)

      Delete
  9. චිත්‍රපටියක් හදන්න පුළුවන් ටයිප් කතාවක් ඇත්තට..
    ඔයා නම් හරිම වාසනාවන්තයි මල්ලි..

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ අක්කේ.. ඔතන ඉතින් තව අතුරු කතාත් බොහොමයි.. ඒවාත් දාලා හොද ෆිල්ම් එකක් ගහන්න පුළුවන්..

      Delete
  10. අම්මයි තාත්තයි දැක්කම හරිම ආදරේ හිතෙනවා . ලස්සන ආදර කතාවක්.
    …තාත්තනම් පුතා වගේ නෙමේ සිරාවටම ලව් කරලා . :D

    …හැමදාම දරු මුණුපුරෝ එක්ක නිරෝගිව , සතුටෙන් ඉන්න ලැබේවා කියල පතනවා .

    ReplyDelete
    Replies
    1. අන්න අන්න.. ගිම් අක්කා හීනියට මඩක් ගහලා මට.. අපිත් ඉතින් හොද ආදරවන්තයෝ තමයි.. ජාන වලිනන්ම.. තාම කෙනෙක් හම්බුනේ නැති එක වෙනම දෙයක්.. :P

      Delete
  11. මැක්සා කතාව අයියේ ..!!, සිරාවටම අන්කල් නම් නළුවා වගේමයි...!! අර ලයිට් කපපු කාලේ නම් මරු තමා..!!

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.. පොඩි කාලේ තාත්තා ගැන කියන්න කිවුවමත් මම කියන්නේ නළුවා වගේ කියලා.. ඉතින් අපේ උන් මට හිනාවෙනවා.. :)

      Delete
  12. මැක්සා කතාව අයියේ, අන්කල් නම් නළුවා වගේමයි ..!!!
    අර ලයිට් කපපු කාලේ නම් මරු තමා..!! අපිත් කරන්න පුළුවන් ඔක්කම කුපාඩි වැඩ කළා ..!!

    ReplyDelete
    Replies
    1. ලයිට් කපපු කාලේ මරු.. එතකොට මම පොඩි එකා.. මම කැමති කතන්දර අහන්න ලැබුන නිසා.. :)

      Delete
  13. ආදර කතාව නම් නියමයි. එහෙම තමයි කැදැල්ල ලස්සන වෙන්නේ.

    "ජීවන මංපෙත මලින් පිරීගිය දිනයක ඔබ මට හමු වූයේ
    කටු කොහොලින් පිරි කලල් දියේ මා සිටින විටදි ඔබ හමු වූයේ..

    සැරයටියෙන් අපි ‍යනෙනතුරා
    සංසාරේ අපි එකට ඉමූ
    සංසාරෙන් අපි සමු ගන්නාදා
    ඒ ගමනත් අපි එකට යමූ..................

    ReplyDelete
    Replies
    1. " ජීවන මංපෙත මලින් පිරීගිය දිනයක ඔබ මට හමු වූයේ
      කටු කොහොලින් පිරි කලල් දියේ මා සිටින විටදි ඔබ හමු වූයේ.."

      සම්පූර්ණ ඇත්ත.. ගෙදර වැඩකාරි වගේ හැමදෙයක්ම කරපු අම්මව එතනින් එහාට අරන් යන්න ඕන කියලා අපේ තාත්තට හිතිලා.. ඉතින් ඒ දේ අපේ තාත්තා කලා..

      Delete
  14. තාත්තගේයි අම්මගෙයි ආදර කතාව :)

    ඇත්තටම අර ඉන්ටර්වල් එකක් තියන්න යද්දි මම හිතුවේ ඔන්න අදත් හොදම හරියෙන් නවත්තලානේ කියලා.. :)
    තාත්තා නලුවා වගේ නේ.. අම්මා නම් හරි ලස්සන පින් පාටයි..ජිවිතේ හැමදාම ඒ ආදරෙන් ඒ සතුටෙන් ඉන්න ප්‍රාර්තනා කරනව..

    ReplyDelete
    Replies
    1. එහෙම නැවැත්තුවානම් එහෙම මට ගුටි කන්න වෙන්නේ.. :)

      තාත්තා තාමත් හැන්සම් කොල්ලා වගේ.. සමහර වෙලාවට අපිට වැඩිය හොදට අදිනවා පළදිනවා.. ජෙන්ටල්මන් වගේ.. :)

      Delete
  15. කලන්සූරිය මහත්තයා වගේ කෙසේ වෙතත් තාත්තා නම් දිනේෂයා වගේමයි... :-)

    පවුලේ සැමට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. නෑ නෑ වැරදි රජෝ... මම තාත්තා වගේ.. එතකොටයි හරි...

      අපේ තාත්තා අම්මා එක්කන් ගිය දවසේ ඉදන් අපිට රාජ සම්පත් ලැබුනා වගේ තමයි.. :)

      Delete
  16. මරු අෆ්ෆා.... ෆට්ට ලව් ඉස්ටෝරියක් නෙව... අම්මටයි තාත්තටයි ඔන්න මගෙන් සුභ පැතුම්....

    ඒක නෙවෙයි මලයො.. අපේ අම්මයි තාත්තයිත් ඔය වයස් වලමයි... අම්ම ගාල්ලේ අහංගම.. තාත්ත නුගේගොඩ ..

    කස්ටිය යාලුවොද මන්දා

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ..

      තාත්තගේ ඉස්කෝලේ නම් මතක නෑ.. අම්මා ගිහින් තියෙන්නේ මහරගම බුවනෙකබා විද්‍යාලයට..

      Delete
  17. අම්ම නං මාර ලස්සනයි. ඔයාගේ පැත්තකින් වත තියන්න බැ. ( විහිලු හොඳේ ) තාත්ත ඒ කලේ නං කලංසුරිය මහත්තයා වගේ තමා.දැන් නං අනේ මන්ද....:)

    ReplyDelete
    Replies
    1. මම තාත්තා වගේනේ.. අපේ අයියා තමා අම්මා වගේ.. :)

      Delete
  18. අඩේ සිරාවටම එක වගේ තමයි,උබලයි ගෙවල් තාම බටදුවෙද තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අයියේ.. අපි කොළබ පදිංචියට ආවා.. නෑඳෑයෝ අපේ දේවල් අයිති කර ගත්තනේ..

      Delete
    2. surname eka dekka welei hithuwe gallata sambandayak ethi kiyala...mage yaaluwek hitiya galle umagiliya nama thiyena..
      me blog ekata nithara ennath e hurupurudu bawath mallige thiyena lengathu bawath hethuwak wuna.. aththatama...

      Delete
    3. ගොඩක් ස්තූතියි.. මගේ වාසගමින් පවා දන්නේ මාව මුහුණු පොතෙත් අදුරන මිතුරෙක් වෙන්න ඕන මම හිතන්නේ..

      Delete
  19. දැන් උඹ මෙහෙම අපිට අම්මලාගේ කතා කියන්නේ, උඹටත් පවුල් වෙන්න හිතිලවත්ද...

    ReplyDelete
    Replies
    1. හෙහ්.. අපෝ නෑ.. මට තව කල් තියේ.. :)

      Delete
  20. තාත්තත් මාර වැඩ නොවැ කරලා තියෙන්නේ හදිස්සියේ හරි කේන්දරේ බොරු එකක් කියලා මාට්ටු උනා නම් සොරි තමා

    ReplyDelete
    Replies
    1. ඒ දවස් වල ඉතින් ඕවා හදන්නේ හොදම කට්ටිය නිසා මාට්ටු වෙන්න නැතුව ඇති.. එහෙම උන එක කොච්චර දෙයක්ද.. :)

      Delete
  21. මෙච්චර ලස්සන අම්ම කෙනෙක්ගෙයි තාත්තා කෙනෙක්ගෙයි දරුවෙක්ට කොහොමද අනේ මෙහෙම මූණක් ලැබුනෙ???
    පොත් වල තියන ආදර කතා වලට වඩා මේ කතා කොයි තරම් ලස්සනද

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම්.. අපේ අක්කා කියන්නේ මාව අරන් හදා ගත්තා කියලා.. අයියා කියන්නේ වෙනින් කතාවක්..

      මේ රියැලිටි නේ අක්කේ.. :)

      Delete
  22. awww... patta story 1k machann..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචං..

      Delete
  23. මල්ලි අමරසිරි කලන්සුරිය ඉන්නේ අපේ ගෙවල් පැත්තේ.. ඉතින් මට ඔය විස්තරේ කියන්න කලින් දැක්ක පොටෝ එක දැක්කම හිතුනෙම ඕක.. අම්මටයි තාත්තටයි දීර්ඝායුෂ ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්නේ.. මම කලිනුත් තාත්තගේ පොටො එකක් දැම්මනේ.. අයියලාගේ ගෙවල් කොහේද?

      Delete
    2. ගෙලිඔයේ, (පේරාදෙණි නුවරඑලි පාරේ.)

      Delete
    3. ලස්සන පැත්තක්නේ.. අහලා තියෙන විදිහට..

      Delete
  24. අපි ගොතලා කියන ආදර කතාවලට වඩා ඇත්තම ආදර කතාවල තියෙන්නෙ හරිම සුන්දර බවක් මල්ලි..

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියේ.. සිහිනයත් යතාර්ථයත් ගොඩක් වෙනස් කියනවනේ.. ඒ ගොතන කතා වල තියෙන දේවල් කරන්න පුළුවන්දත් හිතෙන්නේ ඒකනේ අපිට වෙලාවකට.

      Delete
  25. ලස්සන කැදැල්ලක්...!

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම.. ලස්සන සෙනෙහෙබර කැදැල්ලක්..

      Delete
  26. ආදරණීය පුතෙක්ගෙන් තමන්ගේ දෙමව්පියන් ගැන ආදර කතාවක්. මට කතාවක් කියවනකොට ගලපගන්න බැරිම දේ තමයි නෑදෑකම් ගලපන එක. එත් අයියගේ කතාව කියවනකොට මට සුරුස් ගාල තේරුම් ගන්න පුළුවන් වුනා.

    පල්ලේ ෆොටෝ දෙකේ ගොඩක් සමානකම් තියනවා. තාත්ත තරුණ කාලේ ඒ විදිහටම ඉන්න ඇති කියල හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. මේවා හැමදාම නෑ හැමතැනම නෑ..

      ලියන් යද්දි චුට්ටක් මටත් අවුල් උන තමයි.. පස්සේ ඒක හරි ගියා.. කියවද්දි අවුලක් නොවුනනම් ඒ ඇති..

      ඔව්.. මගේ වෙලාවට මං ලග දැන් තාත්තා තරුණ කාලේ ෆොටො එක්ක නෑ.. නැත්නම් දානවා..

      Delete
  27. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මදාරට තාම ඒක ගැනමයි හිත නේ?? ඉන්නකෝ ඉන්නකෝ.. මම ඒ වැඩේ ඉවර වෙලාම සුභ ආරංච්යක් කියන්න... ;)

      Delete
  28. ලස්සන ආදර කතාවක් :)

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ..

      Delete
  29. සත්තලං අම්මෙකුයි අප්පච්චියෙකුයි.......^_^

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව..

      ඇයි හලේ එතකොට මේ පුතා... :)

      Delete
    2. හලි හලි පුතත් සත්තලං...

      Delete
    3. ඇති යන්තම්.. මම හිතුවේ පිත්තලවත් කියාවි කියලා.. ;)

      Delete
  30. සිනමා කතාවක් සේම සොඳුරු ආදර කතාවක් මල්ලී.. රසවත්ව විස්තර කරලා තියේ..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අක්කේ.. ඒ කාලේ ආදර කතා මේ වගේ සුන්දරයි.. ගොඩක් ඒවා.. මම හිතන්නේ..

      Delete
  31. යකෝ සහෝදරයෝ 6 දෙනෙක් ඉන්න තැනක කෙල්ලෙක්ට ට්‍රයි කරනවටම ගානක් දෙන්න ඕන!

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව... අනික ඒ ගෙදර ඉන්න ගමන්ම ඔහොම දෙයක් දැන් කරන්න පුළුවන්ද??

      Delete
  32. කලං බොරු සෝබන නැති සිරා පොරක්, මේක් අප් කරන්නෙත් නෑ.කතාවත් කෙලින්...වැඩත් එහෙමයි, ඍජු ප්‍රතිපත්ති...තාත්තත් එහෙමද? රස්සාවක් නැතිවුන කතාවක් එහෙම තියෙන්නෙ..'80 වර්ජනයටවත් අහුවුනාද..?

    කො‍හොම වුනත් කමක් නෑ...අම්මටයි තාත්තටයි ප්‍රේමණිය ජීවිතයක් හා දීර්ඝායුෂ ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඔව්.. අපේ තාත්ත එක්ක හොර බොරු බෑ.. අපි අහුවෙනවා ඉක්මනට.. කිවුව දේ කරන ජාතියේ කෙනෙක්..

      අවුරුද්ද නම් මට එච්චර මතකයක් නෑ.. කොහොම හරි මැතිණියට කඩේ ගිහින් තමා වැඩේ ලෙඩේ කරන් පාරට වැටුනේ නම්.. :)

      Delete
  33. අනේ ශෝක් අයියේ කඳුළු ත් ආවා කියවලා මට.. අන්න තාත්තලා.. හඳහන් හදලා වැඩේ ගොඩ කරගෙන. එකට අනිත් මිනිස්සු :/

    ReplyDelete
    Replies
    1. හැමෝමනම් එහෙම නෑ තමා නංගියේ.. එදා අපේ තාත්තා කල දේ වෙන අය කරයිද නැද්ද කියලනම් ඉතින් මම දන්නෙත් නෑ..

      Delete
  34. සබියගේ කතාව ඇත්ත. බයේ බැහැ. අවංක ආදරේ නිසා බය නැතිව ට්‍රයි කරන්න ඇති.

    දෙ‍පලටම හරි ගියා වැරදුනේ උබ වගේ එකෙක් නිසා වෙන්ට ඇති.. ;)

    මේ ආදර කතාව ගෙදර අය දැක්ක නම් වැරදුනා කියල හිතෙන එකකුත් නැහැ මචං.. :ඩී

    ReplyDelete
    Replies
    1. දැන් කාලේ වගේනම් බෑ තමයි බං.. මම උනත් පස්ස ගහවි ඒ වගේ වෙලාවට.. :)

      අන්න ඒකනම් ඇත්ත වෙන්න ඇති බං.. පරක්කු වෙලානේ අනික මම ආවෙත්.. :)

      Delete
  35. කපල් එක ඉන්නේ ලස්සනට හිනා වෙවී. මේ පවුලට යහපත් අනාගතයක් වේවා....

    තාත්තට රඟපාන්න එහෙම චාන්ස් හම්බවෙලා නැද්ද :D

    ReplyDelete
    Replies
    1. හෙහ්.. නෑ නෑ.. එහෙම චාන්ස් එකක් නම් ඇවිත් නෑ..

      තැන්කූ තැන්කූ..

      Delete
  36. මේක උඹේ කෙටිකතාවකටත් වඩා හොඳයි.

    ReplyDelete
    Replies
    1. තැන්කූ රාජ් අයියේ.. කෙටි කතාවලදි ගොඩක් වෙලාවට අපි ඉන්නේ යතාර්ථයට එහායින්නේ...

      Delete
  37. Malli kiwwata meka black & white aadara kathawak kiyala,,,, eka ehema na,,, malliye oyage thaththa harima hondai,,, oyage ammata thibuna karadara dakala eyawa e dewal walin bera gena kandan giya eka kochchara lassanada? ,,,//// Dennatama deergaayusha pathami,,,

    Api sathi 2k niwaduwata Itali enawa,,, . Florance walata,,,,,
    Kumari akka....

    ReplyDelete
    Replies
    1. බ්ලැක් ඇන්ඩ් වයිට් කිවුවේ අක්කේ කාලයත් එක්ක.. 70 දශකයනේ.. ඔව්.. තාත්තට එහෙම සිතුවිල්ලක් ආපු එක කොක්චර දෙයක්ද.. ඒකනේ මේ අපි ඉන්නෙත් දැන්.. :)

      හොද ආරංචියක්නේ අක්කේ.. සිසිලිය පැත්තේ එවෙනවනම් කියන්නෝ.. අපි මුණ ගැහෙමු..

      Delete
  38. මට මතක විදියට වෙඩින් එකේදී අම්මගේ පැත්තෙන් නෑදැයෝ හිටියේ නැහැ නේ. ඒ ගැන විස්තරයක් කියන්න. මොකද මෙතැනදී අම්මගේ ආච්චි කැමැත්ත දීලා නේ.

    මේකත් ඇත්තටම 70 දශකයේ චිත්‍රපටියක් වගේ කතාවක්.

    ReplyDelete
    Replies
    1. අයියා කියන්නේ මොන වෙඩින් එක ගැනද?

      ගිය අවුරුද්දේ තිබුන අපේ අක්කගේ වෙඩින් එකටනම් ඔය නෑයෝ කවුරුවත් නෑ.. නෑදෑ ප්‍රශ්ණේ මම වෙනම පෝස්ට් එකක්ම දාලා කිවුවේ.. ආච්චි පස්සේ අකමැති නොවී බැරි කමට කැමැත්ත දීලා..

      Delete
  39. Replies
    1. තෑන්ක්ස් මලයා..

      Delete
  40. ඒ කාලේ ගොඩක් අය ආස කරන නළුවෙක් නේ කලංසූරිය කියන්නේ. :)
    ඔයාලෑ අම්මගෙයි අප්පච්චිගෙයි ආදර කතාව මරු !!!
    දෙන්නටම නිදුක් නිරෝගී චිර ජීවනය පැතුවයි කියන්ඩ !!

    මම එක නේ ?? :)

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ.. ඒකාලේ හොද ප්‍රසිද්ද කට්ටියනේ

      තැන්කූ තැන්කූ..

      ඔව් ඔව්.. අයියා එක.. :)

      Delete
  41. මරු ආදර කතාවනේ. තාත්තගේ හිත ගිය එක පුදුමයක් නෑ! මලයා වගේ නෙවෙයි අම්මා ලස්සනයි! (දුක හිතුණද මන්දා විහිලුවට කිව්වෙ, මලයත් නරකම නෑ ඉතින්! )ඉතින් තාත්තගේ ආදර්ශ මලයා අරගෙන නෑ වගේනේ තාමත්?

    ReplyDelete
    Replies
    1. දුක හිතෙන්න දෙයක් නෑ අයියේ.. කතාව ඇත්ත ඉතින්... ;)

      තාත්තගේ ඒ ආදර්ශය ගන්න තව ටිකක් කල් තියේ..

      Delete
  42. පුබුදුවා6 June 2012 at 19:38

    අන්කල් ඉතින් කොහොමත් හැන්ඩියානේ...අමරසිරි කලංසූරීන්ට වඩා මට නම් අන්කල්ව දැක්කම මතක් වෙන්නේ ඉන්දියාවේ ගොඩක් ජනප්‍රිය නලුවෙක් වුන ධර්මේන්ද්‍රව බොරුනම් මේ ෆොටෝ එක බලන්න

    http://topnews.in/files/Dharmendra-Admitted.ජ්ප්ග්

    එහේ ගිය දවසක් මිස් ගෙන් අහන්නම්කෝ කථාවේ තව හොද හොද ඒවා ටිකක් හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. මම ලංකාවේ ඉද්දි ඔය මෙන්න මු මෙහෙම කිවුව කතාව කියලා තාත්තා ශෝක් කතා ටිකක් කිවුවා මගෙත් එක්ක.. ;)

      හා හා ගිය වෙලාවක අහ ගත්තනම්..

      Delete
  43. අඩේ ඒ වගේම තමය් :)
    black & white උනත් රසවත් කතාවක්

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. නිවුන්නු වගේ..

      Delete
  44. ලස්සන කතාව. ඔයාගෙ තාත්තා ලස්සනයි වගේම හරිම ප්‍රිය මනාප පාටයි. අම්මත් ලස්සනයි පින් පාටයි.
    මමත් එයාල දෙන්නට සුභ පැතුවා කියලා කියන්නම ඕනේ හරිද? :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අයියේ මේ පැත්තටත් ආවට.. සමහර විට මේ කතාව එයාලා බලන්නත් ඉඩ තියෙනවා.. :)

      Delete
  45. එල එල... තාත්තට හොඳ අධිෂ්ඨානයක් තිබිලා තියනවා නේ. කොහොමහරි අම්මව එතනින් ගලව ගත්තනේ. කවද හරි දවසක ඒ දෙන්නව මුණ ගැහුනොත් වැඩි විස්තර අහන්නම්කො.:)

    ReplyDelete
    Replies
    1. ඔව්... අදටත් ඒ ගතියනම් එහෙමම තමා..

      මොකො බැරි.. ලබන අවුරුද්දේ මම ආවම අපේ ගෙවල් පැත්තේ වරෙන්කෝ.. එතකොට කතා කරන්න බැරියැ..

      Delete
  46. හරිම ලස්සන ආදර කතාවක්...හැමදාම මේ වගේ ලස්සනට ඉන්න ලැබේවා කියලා පතනවා.

    අපෝ අයියයි එක්කයි එක්ක බැලුවම මෙයා හරිම පොඩි ළමයෙක්නේ. :) දුකේ බෑ....

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් අක්කේ.. ඔව්.. මම ඉතින් ගොඩක් පරක්කුයි... :)

      දුක් වෙන්නේ මොකටෙයි ඉතින්..

      Delete
  47. ඔයාගෙ අම්මත් නිලියක් වගේ ලස්සනයි අහිංසක පාටයි..''කලක් ඇවෑමෙන් ...'' ඒ සින්දුවට මාත් මාර ආශයි....ඒ ෆිල්ම් එකේ නම මතක නැහැ..''සඳ තනිවෙලා අහසේ..'' ''සොඳුරු ලොවට මල් වැහැලා..'' මේ සින්දුත් ඒ ෆිල්ම් එකේ නේද?

    ReplyDelete
    Replies
    1. කලක් ඇවෑමෙන් සිංදුව තියෙන්නේ අපේක්ශා ෆිල්ම් එකේ.. අනිත් සිංදු දෙකත් ඒකෙමද කියනන් මම හරියටම දන්නේ නෑ.. මේවා බලලා ගොඩක් කල් නිසා දැන් මතකත් නෑ..

      Delete
  48. ලස්සන ආදර කතාවක්. ෆිල්ම් එකක් බැලුවා වගේ. තාත්තා මාර හැන්ඩියානේ. අම්මත් හරිම ලස්සනයි. දැන් දිනේශ් කවුරු වගේද?

    ඔයා ඉපදිලා තියෙන්නේ අක්කට වඩා අවුරුදු 11 ට පස්සෙද? අවුරුදු 11 ක්ම අර දෙන්නා රන්ඩු කරලා නැද්ද?:)

    අනෙක අර නපුරු, අම්මාගේ අම්මද? නැත්නම් එයාගෙත් අම්මද?

    ReplyDelete
    Replies
    1. මාත් ඉතින් තාත්තා වගේ තමා.. හැඩ සහ වැඩ වලින්.. ;)

      නෑනේ.. එකනේ කියන්නේ.. අපේ අක්කනම් කියන්නේ මාව තේ වත්තකින් අහුලන් ආවා කියලා.. අයියා කියන කතාව මෙතන කියන්න බෑ වගේ... :)

      දුශ්ඨයා උනේ අපේ අම්මගේ ආච්චි.. :)

      Delete
  49. bandina eka nowei wade...
    randu nowee inna eka...
    malliya nam thattha wagemai...
    amma e kale harima lassana ethi..thamath hari hadaine...
    kawada hari mallitath e wage saarthaka pawul jeewithayak gatha karanna labenna kiyala pathanawa... ;)

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ.. මට නම් ඉතින් තව ටිකක් කල් තියේ.. ;)

      Delete
  50. friends, i want to tell you some thing. we are from a club called "fairy home" We are helping team ! we help street children and kids who need help to learn. we are diffrent and we do not collect money. we are helping them in a different way. these days we are going to add new members. if u like to help children and give ur love to those innocent kids plz join with us. no need of money. we need hands and heart. email us fairyhome2012@gmail.com. we will send u the informations and the application. (ur age must be over 16 and must have the parents permission in helping projects) we are govnmnt and pvt campus studnts who love the innocent fairy children. hope u too join with us. sorry if we have done something wrog by posting this here. but this blog was realy good. thnx dear blog writter. best wishes to u.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මේ තොරතුරු ගැන කිවුවට.. මම මගේ තොරතුරු එවන්නම්..

      Delete
  51. ඔන්න ඉතින් අපි කළුසුදු ආදර කතාව බැලුවා.. දැන් ඊලඟට ලිපියෙන් වර්ණ ලියන මළයා දෙනවලු වෛවර්ණ බයිස්කෝප් එකක්... මළයගෙම ආදර කතාව දාල :P

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව 3D HD එකක් දෙන්නම්.. හැබැයි තව පස්සේ..

      Delete
  52. නියම ආදර කතාවක්..ආදර්ශමත් පවුල් ජිවිතයක්..ඔබගේ මවු පිය දෙපලට දිර්ඝායු පතමි..ජය

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අයියේ..

      Delete
  53. ගොඩක් ආස හිතෙනවා අම්මයි තාත්තයි දැක්කම අයියේ.... නළුවයි නිළියයි වගේ...

    මාත් කවදා හරි බඳින දවසක කොල්ලට කියන්න ඕන අර වගේ හඳහනක් හදන්න කියලා... අපේ කට්ටියත් ඔව්ව ඔළුව උඩ තියං ඉන්නේ....

    ReplyDelete
    Replies
    1. තාම ඉතින් ජෝඩුව නළුවයි නිළියයි වගේ තමා..

      එක හොදයි.. ඕනම එකකට ගැලපෙන විදිහේ එකක් හදා ගන්න කියන්න.. එතකොට ලේසියි.. හැබැයි 100% ගලපන්නත් එපා.. වැඩේ මාට්ටු වේවි..

      Delete
  54. හුරේ!! මම අන්තිමයා!!! හැමෝම පලවෙනියා එකේ, මම අන්තිමයා වෙනවා!!! :p

    හෆ්ෆා.. මෙච්චර ලස්සන තාත්තා කෙනෙක්ගෙ පුතෙක් මෙහෙම කැටහ් වුනේ කොහොමද? අම්මත් සීදේවියි, පින් පාටයි.. ඒත් මේ බාල පුතාට මක්කැයි වුනේ?? :O

    නියම ආදර කතාවක් අයියේ!! පරන ෆිල්ම් එකක් වගේ!! අම්මාටයි තාත්තාටයි දීර්ගායුෂ ප්‍රාර්ථනා කරනවා!!

    ReplyDelete
    Replies
    1. හෙහ්.. ඒකත් නෑ..

      එකනේ හලෝ කිවුවේ මාව අරන් හදාගත්තා කියලා.. ඒකවත් තේරෙන්නේ නෑනේ මේ හිතුවක්කාරිනට... ;)

      Delete
  55. ඕඕ, ලස්සන ආදර කතාවක්. අර විදිහට දුක් විඳිමින් හිටිය කෙල්ලව ඒ අපායෙන් මුදව ගන්න හිතුව එක කොච්චර පිරිසිදු සිතිවිල්ලක්ද?
    මවුපිය දෙපළට වාසනාවත් ජීවිතයක් වේවා.

    ReplyDelete
    Replies
    1. ඔව් නලිනි අක්කේ.. කාලෙකදි ජීවිතේ අන්තිමටම වැටුන උනත් එයාලා ආදරෙන් හිටියේ ඒ නිසාම වෙන්න ඇති.. මට ඉතින් මගේ දෙමවුපියෝ ගැන ආඩම්බර වෙන්න තව කාරනා ඕනද??

      Delete
  56. ලස්සන ආදර කතාවක්. තාත්තා නම් කළන්සූරිය මහත්තයා වගේම ඉන්න ඇති තරුණ කාලෙ.

    මේ වගේම තවත් ඇත්ත ආදර කතාවක් වර්ණ හැඩ කරන දවස වැඩි ඈතක වෙන්න බෑ මගෙ හිත කියන විදිහට.ඒ ලව් ස්ටෝරිය මුල ඉදන්ම දැනගන්න සෑහෙන කට්ටියක් මඟ බලන් ඉන්නවා අයියේ.

    ReplyDelete
  57. සර්ව සම්පූර්ණ ආදර කතාවක්...

    ReplyDelete
  58. මම අදයි මේ blog1 දැක්කේ ආදරයට ආදරයෙන් කතාව ඇත්ත කතාවක්ද?????? ගොඩක් දුක හිතුන.

    ReplyDelete
  59. කාලයක් බලන් ඉඳල දෑසින් ඉඟි කරල... හැමෝ‍ටම හොරෙන් හිනා වෙලා.... පෙම් හසුනක් ලියල.... කල්පයක් පෙරුම් පුරල වදනක් දෙකක් දොඩල..... ඒ කාලෙ ආදරේ එහෙමනේ....... ආදරේ සවිමත් බැම්මක් වෙන්න කාලයක් ගත වෙනවා... ඒ විදියට ආදරය කරල බැන්ඳම විවාහය උතුම් බැම්මක් වෙනවනේ... අද හැමදේම ක්ෂණිකයි.... එස්එම්එස් ආදර කතා පරදිනවා මේ ආදර කතාවලට නේද?

    ReplyDelete
  60. ලස්සන ආදර කතාවක්. චිත්තරපටියක් බැලුවා වගේ. ඒත් මේක ඇත්තම එකක් නේ. ඒ නිසා ගොඩක්ම සතුටුයි...දැන් කවදද දිනේෂ් ‍දරුවගේ ආදර කතාව අපිට කියන්නේ :D

    ReplyDelete
  61. කාලෙකට පස්සේ බලපු ලස්සන ෆිල්ම් එකක් :)

    ReplyDelete
  62. ආච්චිලා තමයි බං හැම උලව්වටම බාල්දි දාන්නෙ! පට්ට ඉස්ටෝරිය!

    ReplyDelete
  63. මරු කතාව, තාත්තගෙ කොල්ල කාලෙ ෆොටෝ එකක් දාපන් බං, එතකොට compare කරන්න ලේසිනෙ. රොබට්

    ReplyDelete
  64. නින්ද යයි කියල හිතුනට එහෙම වුණේ නෑ......මරු මරු....මං ආසම් විදියට ලියල තියෙනව අයියේ........අම්මටයි තාත්තටයි බුදු සරණයි.......

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්