Monday, 4 June 2012

නික්ම යමු අපි

අපි අපේම වෙන දවසක් ගැන ලොකූ හීන කන්දක් මැවුවේ ඔයා.. නිමාවක් නැති කතාවක පැටලිලා ඔයා ඒ ගැන ගොඩක් වෙලා කතා කරද්දි නිහඬවම මම ඒ දේවල් අහන් ඉන්න අසා කලා..

“ ඇයි රමේශ් ඔයා කතා නැත්තේ?”

“ නෑ නෑ.. මම මේ අහන් ඉන්නේ.. ඉතින් කියන්නකෝ..”

මොහොතකට නතර වෙන කතාව ආයෙමත් පටන් අරන් ගොඩක් දුර හීන් ලෝකෙක ඇවිදන් යද්දි ඔයාව නතර කරන්න ඕන කියලා මගේ හිත සමහර වෙලාවට කියන්නේ, සමහරක් හීන අපේ ජීවිත වලින් ගොඩක් දුර වැඩි වෙන්න පුළුවන් නිසා.. ඒත් ඇත්තටම එහෙම කරන්න මට කවදාවත්ම ඕන උනේ නෑ.. ඒ හීනයේම ඔයා රැදෙන්න ඇරලා එකින් එක හීන හැබෑ කරනවා කියලා මම මටම පොරොන්දු උනේ ආදරේ නිසාම..

“ අපේ තාත්තා අපිට කැමැත්ත දුන්නා රමේශ්..”

ඔයා හැමදාටම මගේම කර ගන්න ගොඩාක් අමාරුවෙන් අවසර ලැබුන දවසේ මගේ පපුවට තුරුල් වෙලා ඔයා හෙමින් අඩපු හැටි මට තාම මතකයි.. ඒ කදුළු අතරින් නික්මුනේ කාලෙක ඉදන් හැබෑ කර ගන්න බැරි උන හීනයක්ම නිසා ඒ කදුළු ඔහේ පිටවෙනකන් මම බලාගෙන හිටියා..

.............................................

“ මොකෝ බං ලෑස්ති නැද්ද? හිරේ යන්න උඹ බයේද ඉන්නේ..?”

“ උඹට පිස්සුද බං..මට මේ පහුගිය දවස් කල්පනාවට ආවා..”

“ හරි හරි.. මචං අපි යමු.. උඹට මනමාලි බලන්න ඉවසුමක් නැතුවනේ ඇත්තේ..”

කාලෙක ඉදන් හීන මැවුව දවස අද උදා වෙලා.. අද මේ අපි ඉන්නේ ඔයාගේ ලොකුම  හීනයක.. හැමදෙයක්ම ඔයාට ඕන විදිහට සැරසිලා.. මුල්ම දවසේ මාව බැනලා ගෙදරින් එලවපු ඔයාගේ තාත්තත් අද මාව ආදරයෙන් පිළිගත්තා..

හැමදේම සුන්දරයි.. දිදුළන මුහුණු හැම එකක්ම බලාගෙන හිටියේ ඔයා එනකන්.. වෙනදටත් වැඩිය නොඉවසිල්ලෙන් පෙරමග බලපු මේ දෑස් ඔයා දැක ගන්නකම් විඩාබරව ඒ මේ අත බැළුවා.. ගෙවුන කාලෙටත් වැඩිය අද නුඹ එනකන් මග බලා උන්න අද වැඩියෙන් සුන්දරයි කියලා මට හිතෙනවා..

“ මචං තරූෂි..”

තාත්තගේ අතේ එල්ලිලා ආදණිය විදිහට මං දිහා බලාගෙන ආපු ඔයාගේ ලස්සනට මම මොනවා උපමා කරන්නද? ඒ තරමටම නුඹ ලස්සනයි.. අද, අපේ ලොකුම හීනය සෑබෑවෙන සුන්දරම දවස.. ඔය හිනාවෙත් ඒ බව කියවෙද්දි මේ හිත සතුටු වෙන තරම ඔයා දන්නවා නේද??


නිවෙන දිදුළන තාරුකා ගොන්නක
පුර සඳයි නුඹ නොනිමී දැල්වෙන
මංගල පෝරුව පෙර මග බලාගෙන
වඩින්න සඳ නුඹ මගේ හිත් අහසට..

දිදුළන නෙතග අද ඇයි බිම බලාගෙන
ලැජ්ජා හිතිලද මගේ සඳ කුමරිට
හීන මවපු ඔය නෙත් අද්දරම
ඉන්න දෙන්න මේ මොහොතෙත් මට..

සඳට පෙම්බැදි තනි තරුව වී මම
නුඹ ලගින් ඉන්නම් සසර බැදි තුරාවට
එක් කරගෙන නුඹ මගේ හිතේ හැමදාටම
සිනහව තවරන්නම් සුසුමක් නොවි හිතට..

මන්දාකිණියේ තරු කැට ගොන්නම
අහසට පායලා සඳ කුමරිගේ තනියට
ඉතින් හිනාවෙන්න සඳ වෙනදා වගේම
පුර පොහොයයි අද නුඹ මා එක් වෙන..

බැදුන දෑගිලි සතුටු සිනා කැන්දා හිතට
හැඩ තව වැඩි කලා මා ආදරේ සඳට
නික්ම යමු අපි සතුටු සිනා මැද අද
ඇරඹුම තබා අපේම සොදුරු ලොවකට..







107 comments:

  1. හරිම ලස්සනයි අයියේ... ආදරේ කරපු දෙන්නෙක්ට ඒ දෙන්නා කසාද බැඳලා එක වහලක් යටට යන දවස තරම් වටින දවසක් තවත් නෑ කියලයි මම හිතන්නේ.

    මාල හතක් ගෙල පළඳා
    කැන්දන් යන දින ආදා
    නුඹේ සොඳුරු වත දු‍ටුවෙමි
    හෙමින් හෙමින් මා වෙත එන...

    රන් හුයකින් අත් පැටලී
    එක මඟ යන දෙදෙනෙකු වී
    කුමරුනි ඔබ හා බැඳුනෙමි
    ආත්මයන් හතක් පුරා...

    කෝල නෙතඟ ඔබේ රුවයි
    නීල නයන ඔබම සොයයි
    ආල සිතට පාළු මකන
    කුමරුනි මම ඔබේ තමයි...

    ReplyDelete
    Replies
    1. දෑගිලි බැදුනි රන් හූයෙන්
      ජීවිතේ පුරාවට ලග හිදිමින්
      නුඹ මාගෙයි මා නුඹෙයි
      මේ සසරේ අපි අපේමයි..

      කෝල නෙතග කතා කරනු පෙනෙයි
      දෙතොල් අග සිනහව සොදුරුයි
      හනික එන්න මා වෙතට ඉතින්
      නුඹ කැන්දන් යන මොහොත ලගයි..

      Delete
    2. දෑගිලි බැද එක මග යන්න
      වරම ලැබුනි අප පැතුව
      ආදරෙන් ලං වෙලා ඉතින් සබද
      නික්ම යමු අපි අපේම ලොවට..

      Delete
    3. ඈත මාවත අපෙයි සොදුර
      සුභ ගමන නික්ම යමු අප
      කඳුළු තියමු මාවතේ පැත්ත
      ආයෙම ලං නොවන්න ජීවිතයට..

      Delete
    4. ලස්සනයි අයියේ... කවියක් ලියන්න විදියක් හිතාගන්න බෑ,..

      Delete
    5. ප්‍රාර්ථනාට ලියන්න බැරිනම් වෙන කාටද ලියන්න පුළුවන්..

      Delete
  2. Replies
    1. නෑනේ අක්කේ.. අදත් නූලෙන් මිස් වෙලා...

      Delete
  3. ප්‍රේමනීඉය ලියවිල්ලක් නෙව...

    සුදු සේල අගින් වැසු නීල නුවන් ගීතය මතක් උනා

    ReplyDelete
    Replies
    1. " ඔබ මට හිමි වන දවස ඇවිත්.."

      ඇත්තටම ප්‍රේමණියයි.. :)

      Delete
    2. "සුදු සේල අගින් වැසු නීල නුවන්
      විහිදා මා වෙත බලනු නිතින්...
      ඔබ මට හිමිවන දවස ඇවිත්..."

      Delete
    3. මම ගොඩක් ආසම සිංදුවක්..

      Delete
  4. ජීවිතේ සුන්දරයි යාළු!!!! ඇත්තටම

    ReplyDelete
    Replies
    1. ජීවිතේ සුන්දරද මෙතරම්.... ඇත්තටම සුන්දරයි යාළුවා..

      Delete
  5. Replies
    1. තෑන්ක්ස් මචං..

      Delete
  6. උඹ ඉතිං පරක්කු කරනවනේ. :)

    ReplyDelete
    Replies
    1. මේ පාර පරක්කු නොකරන්න හිතා ගත්තා... :)

      Delete
    2. ඒක නම් ඇත්ත.. කොච්චර කිවුවත් අන්තිමේ පහු වෙනවා..

      Delete
    3. ඔයාලා ඉතින් දැන් ඉස්සර වෙලානේ... :)

      Delete
  7. දිනේෂ්.. අදත් වෙනදා වගේම ලස්සනට ලියලා තියෙනවා. හැබැයි ඔය විදිහටම හැම ආදරයක්ම ජය ගන්නවා නමි මෙි ලෝකය මීට වඩා ලස්සනයි කියලයි මට හිතෙන්නේ. ඒත්, ඒ ආදරය ඇතුලේ තියෙන පැරදුමත් මනුස්සයෙක්ව වටිනවා..!!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත නදුන්.. හැම අවසානයක්මෙ මෙහෙම වෙන්නේ නෑ.. ගොඩක් අය ඉල්ලුවනේ සතුටු හිතෙන අවසානයක් දෙන්න කියලා කතාවකට හරි කවියකට හරි මගේ.. ඒකයි..

      ඇත්ත, පැරදුම තුලත් ජයක් තියෙනවා..

      Delete
  8. අනේ හරිම ලස්සනයි දිනේශ් අයියේ..

    ReplyDelete
    Replies
    1. නිම්ශා නංඟට හොදට හිතට අල්ලලා ගිහින් වගේ.. කවුරුහරි ඇත්තටම එහෙම කියලද මන්දා... :)

      Delete
  9. දැන් ඉතින් කැන්දගෙන එන්ට විතරමද තියෙන්නේ? :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අක්කේ.. එච්චරයි දැන් ඉතුරු... බැරිද පැණිහදට ඔය පැත්තේ එන්න සෙට් කරන්න... ;)

      Delete
  10. මරු නිර්මාණයක්....අයියගෙ භාෂා රටාව නිර්මාණාත්මකයි...

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ මලයා.. එහෙමම විශේෂ දෙයක් මම කරන්නේ නෑ මලයා.. හිතට එන දේ ලියන්නේ.. :)

      Delete
  11. හ්ම්ම්ම්......ලස්සන සිතුවිල්ලක්..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අයියේ... :)

      Delete
  12. පට්ටයි මචං ...!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචං..

      Delete
  13. //බැදුන දෑගිලි සතුටු සිනා කැන්දා හිතට
    හැඩ තව වැඩි කලා මා ආදරේ සඳට
    නික්ම යමු අපි සතුටු සිනා මැද අද
    ඇරඹුම තබා අපේම සොදුරු ලොවකට..//

    හොදා හොදා... ඔහොම යංංංංංංංංංංං

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මෙහෙම ගියාට කමක් නැද්ද රජෝ... රාජ සම්පත් ලැබෙන බව නම් සුවර් මේ පාර... :)

      Delete
  14. Lassanai. Anna ehema hithata sundara deyak liyanna.
    Ithin malla kohomda sapa duk. Sathutin inna.
    Kumari akka

    ReplyDelete
    Replies
    1. මම හොදින් අක්කේ.. :)

      ඉදලා හිටලවත් සතුටු හිතෙන දෙයක් ලියන්නලුනේ.. ඉතින් ලිවුවා..

      Delete
    2. Indala hitala nemei malliye, hamadama sathutin inna. Sathutu hithena dewal liyanna.
      Kumari akka

      Delete
    3. ඔව් ඔව් අක්කේ.. ඒත් ලිය වෙන්නෙම අනිත් පැත්තනේ මට... :)

      Delete
  15. නියමයි අයියේ.. මල් හතයි. සුභ පැතුම් මගෙන්.

    ReplyDelete
    Replies
    1. සුභ පැතුවේ කවිය ලස්සනයි කියලනම් එකේ අවුලක් නෑ මලයෝ.. ඒත් සුභ පැතුවේ මටනම් අන්න එතන අවුලක් වගේ.. :)

      Delete
  16. //..මන්දාකිණියේ තරු කැට ගොන්නම
    අහසට පායලා සඳ කුමරිගේ තනියට
    ඉතින් හිනාවෙන්න සඳ වෙනදා වගේම
    පුර පොහොයයි අද නුඹ මා එක් වෙන..//

    අහිංසක ආදර පැතුමක අවසානයක්..අද ආදරේ ලස්සනට වර්ණ ගැන්විලා..කොහොමත් ආදරේ පාට පාටින් හැඩවුනාම ලස්සනයිලුනේ නේද අයියේ..?ලස්සනම ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. ආදරේ පාට පාටින් හැඩ උනාම ලස්සනයි.. හ්ම්ම්ම්.. සමහර විට.. :)

      මම ලියපු කවියම හොරකම් කරලා දාන්න ඔට්ටු නෑ හලී.. :P

      Delete
    2. අපෝ හොරකම් කලේ නෑ අයියේ..ආසහිතුන ලස්සන කොටසක් දැම්මා විතරයි..ආයෙමත් කරන්නේ නැතිව ඉන්නම්කෝ..හලීනේ...

      පිපිලා තිබුණ පින්න මල
      සුළග තරහ නිසා පරව ගිහින්
      පරව ගියත් ඒ පින්න මල
      සමාව අයදි සුළගින්....

      Delete
    3. හයියූ... නංඟෝ.... විහිළුවක්නේ හලෝ කලේ.... :(

      Delete
    4. හ්ම්..හරි හරි අයියේ...

      Delete
    5. හලේ තරහා වෙන්න එපෝ...

      Delete
    6. හලි හලි තරහ නෑ අයියේ....

      Delete
    7. එහෙනම් කමක් නෑ... :)

      Delete
  17. ආදරේ කරන දෙන්නෙක්ට කසාද බඳිනවා කියන තරම් සතුටු දෙයක් තියේ යෑ.
    ජය ශ්‍රී !!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ අයියේ.. දැන් අයියගේ වෙඩින් එක කවද්ද?

      Delete
  18. මේක නම් මගේ කතාව වගේමයි..

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ අයියත් අමාරුවෙන් ආදරේ ජය අරන් තියෙන්නේ.. එහෙනම් අයියා වාසනාවන්තයි..

      Delete
    2. ඔව් මල්ලි. අවුරුදු 4ක් කට්ට කාලා ගෙවල් දෙකෙන්ම ආශිර්වාද එක්ක බැඳලා හෙටට අවුරුද්දක්.

      Delete
    3. එහෙනම් අපිට හෙට පාටියක් වගේ... සුභ පැතුම් අයියේ..

      Delete
  19. හරි හරි සුභ මංගලම් !

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. රමේෂ් තරුශි නව යුවලට සුභ මංගලම්.... :)

      Delete
  20. කොල්ලට බඳින්න හදිස්සි වෙලා වගේ....;)

    ReplyDelete
    Replies
    1. මේ මට??? පිස්සුද බොල...

      Delete
  21. උඩ කොටස කියවද්දි මගෙ හිත ගැස්සිලා ගියා...මේ දෙන්නට වෙන් වෙන්න වෙයිද කියලා... නෑ නෑ සොදුරු අවසානක්... මම කැමතියි ඒකට...

    ReplyDelete
    Replies
    1. ඒත් සොදුරු අවසානයන් හැමදාම නෑ අක්කේ.. ඒකනේ ජීවිතේ ඇත්ත..

      Delete
  22. සුන්දර අවසානයක් තියෙන ආදර කතාවක් මේ සිංහල බ්ලොග් අවකාශෙන් මම කාලෙකට පස්සේ කියෙව්වේ :)

    ReplyDelete
    Replies
    1. ඒ කතාවත් එක්ක නම් මමත් එකගයි.. ගොඩක් වෙලාවට තියෙන්නේ විරහා වේදනාවන්.. මම උනත් මේ සුන්දර අවසානයක් ලිවුවේ සෑහෙන කාලෙකින්.. :)

      Delete
  23. “දිදුළන නෙතග අද ඇයි බිම බලාගෙන
    ලැජ්ජා හිතිලද මගේ සඳ කුමරිට
    හීන මවපු ඔය නෙත් අද්දරම
    ඉන්න දෙන්න මේ මොහොතෙත් මට..“

    මෙන්න මේටිකටනම් ඇත්තටම මං මාල ආසයි...............^_^

    ජීවිටේ..........සුන්ඩලඩ මෙටලම්........^_^

    ReplyDelete
    Replies
    1. ජීවිටේ සුන්ඩලයි හලේ මෙටලම්.... ^_^

      Delete
  24. මට ටිකක් ඇඬෙන්නත් ආවා මලයෝ කියවලා... මොකද මටත් එහෙම හීනයක් තියෙන හින්දා.! කොහොම උණත් හරිම අපූරුයි. මේ සැරේ නම් පරක්කු කරන්න එපා හොඳද !

    ReplyDelete
    Replies
    1. ඒක හීනයක්ම වෙන්න දෙන්න එපා අයියේ.. ජීවිතේ ලස්සන වෙන්නේ හීන තියෙද්දි.. හැබැයි ඒවා හැබෑ කරගෙන ලස්සන කර ගන්නත් ඕනනේ..

      මම කවදත් පරකුයි නේ අයියේ... :)

      Delete
    2. parakku wena tharamata hodai male...

      Delete
    3. අන්න ඒකනේ.. ගොඩක් අය කියන්නේ මට පරක්කු වෙන්න කියලා.. :)

      Delete
  25. මට නම් සෑහෙන්න සිංදු මතක් උනා ... ඇත්තටම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ඔව් ලොකු අයියේ.. මේ ගැන කියවෙන සිංදු කීපයක්ම තියෙනවනේ..

      Delete
  26. ආදරයේ ඇස් දල්වන්
    පැතුම් කන්ද දෝත දරන්
    මඟ බලනව රන්කඳ මන්
    තැල්ල බදින්නට එනකන්....

    වසන්තයේ මල් පිපේවි
    මල් මකරන්දය ගලාවි
    පිණි වරුසා ඇද වැටේවි
    මංගල සිහිනය පිපේවි...

    ආදර කිරිබත ඉදේවි
    ජය මංගල ගී ගැයේවි
    සෙනෙහස පෝරුව මත්තේ
    අපෙ දෑගිළි එකතු වේවි....

    හීන හතම සැබෑ වේවි
    තනි යහනේ දුක නිවේවි
    ජීවිතයම එකළු වේවි
    මගෙ පෙම් කව ඔබම වේවි....

    ReplyDelete
    Replies
    1. තැල්ල මා අතේ තියන්
      පෝරුව ලග මම මග බලන්
      පමා ඇයි නුඹ මෙතරම්
      ඉතින් එන්න හිනැහිලා ඉක්මනින්..

      මල් සුවද දසත ඒවි
      නුඹ එන වග කියාවි
      වසන්තය උදා උනා දැනේවි
      නුඹ මගේ ලෝකෙට මොහිතින් ඒවි..

      Delete
    2. වසන්තයේ මල් සුවද
      දැනුනා නුඹ එද්දි මට
      ජීවිතේ ලස්ස්නම ගමනක
      ඇරඹුම අද නොවේද අපෙ..

      Delete
    3. ඒ ලස්සන ගමනට
      කාලයයි දැන්
      ඉතින් හිනා වෙන්න
      ඒ නිසාම නුඹ..

      Delete
    4. mal suwanda..
      sina handa..
      hamadama redennata..
      pathamu api eka hadhin
      de gili bandena mohothe.....

      Delete
    5. සුභ පැතුම් ගේමු
      ලස්සන අනාගතයකට.. :)

      Delete
  27. සරලවම කියනවනම් තව එකෙක් අපේ ලිස්ට් එකට එකතුවෙනවා.හිතනවද අපි සතු‍ටු නොවෙයි කියලා. කවි ලියන්න නොදන්න මම මෙහෙම මෙහෙම කියන එක වරදක් නොවේවා....
    එක යායේ කකා වැටී-එකා වගේ එකට හිටී...
    එක පව්ලේ උපන් ලෙසේ කල ආරස්සා...
    නාස් ලනුව දමනවාලු කරත්තයක බදිනවාලු....
    අපට හිටිය ලපටි කැකුලු නාබර වස්සා...

    (අනේ මම උබේ හැගීම් විහිලුවට ගත්තා හෙම නෙමෙයි. හැමෝම හැගුම්බර වෙලා නිසා පොඩි වෙනසක් කලා.සොරි වෙන්ඩ ඕන ඈ..!) ජය...!

    ReplyDelete
    Replies
    1. සරත් අයියේ.. මම ඔය ලිස්ට් එකට වැටෙන්න නම් තව සෑහෙන කාලයක් යාවි මම හිතන්නේ.. මේක සිතුවිල්ලක් විතරයි.. ඕක ඉතින් මාරයා අපිට හදුන්වලා දුන්න ජාතික ගීය.. ඒක කියන්න තව කල් තියේ...

      මගේ බ්ලොග් එකේ ඕනම දෙයක් ලියන්න අයියේ.. මගේ කිසි අවුලක් නෑ..

      Delete
  28. ප්‍රසා...:)4 June 2012 at 22:40

    හීනය සැබෑවක් වීම ගැන මට ගොඩක් සතුටුයි......
    ඒත් ඒ හීන සැබෑ නොවුන අයටද එම හීන සුන්දර මතකයක්ම වෙයි.........
    ඔබට සදා ජය!!!!!

    ReplyDelete
    Replies
    1. මේක සිතුවිල්ලක් විතරයි යාළුවා..

      ඇත්ත.. හීනය හීනයක්ම විදිහට තිබුනත් කෙනෙක්ට ඒක සුන්දර මතකයක්.

      Delete
  29. හා..හා...මොකකද මොකක්ද වෙලා වෙලා වගේ පේනවෝ....

    ReplyDelete
    Replies
    1. හෙහ්.. මොනා වෙන්නද හලෝ...

      Delete
  30. hitha atheethayata aran giya....
    malli... oyage katha wala jeewayen piri bawak thiyenawa...
    hemin sare nawa kathawakma liyamu neda...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි.. නව කතාවක්නම් මේ දවස් වල ලියමිනුයි ඉන්නේ.. බලමු..

      Delete
  31. ගොඩක් කාලෙකින් මේ පැත්තේ ආවේ අයියේ.... ලස්සන සිතුවිල්ලක්.... :)

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම්.. දැන් මෙයාලව අල්ලන්නත් හරි අමාරුයි නේ.. :)

      Delete
  32. දිනේශ් ලොක්කටත් හිතෙන දේවල්...
    හා.. කොහොමහරි කමක් නෑ මෙදා පාරවත් පරක්‍කුකොර ගන්නේ නැතුව හීනේ හැබෑ කොරගන්න ට්‍රයි කරන්න..!!
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. මටත් හිතෙන දේවල්..

      ඒ හීනයට වඩා මට තනිකම හොදයි යාළුවා.. :)

      Delete
  33. ලස්සන හිනයක් .......මේ වගේ හින සැබැ වෙන්න පින තියෙන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. එකගයි.. ගොඩක් පිං කරලා තියෙන්න ඕන..

      Delete
  34. ලස්සන කවියක්..
    මම අදත් කෝකටත් ටිෂු බොක්ස් එකක් අරන්මයි මේ පැත්තෙ ආවෙ..කෝ වැඩක් වුනේ නෑනේ..
    :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ අක්කා ට්ෂු බොක්ස් එකක් අරන් එද්දි දුක හිතෙන ඒවා නෑ.. :)

      Delete
  35. ජය මංගලම් කියුවලු :ඩ
    ලස්සන අදහසක් අය්යේ..

    ReplyDelete
    Replies
    1. ජය මංගලම් වේවා!!

      Delete
  36. මට මතක් වෙන්නෙ මේ සිංදුව..

    රත්තරං නෙත් දෙකින්
    සලා සිහිල් පවන්
    ජීවිතේ ලසෝ තැවුල්
    නිවන්න රත්තරං

    ReplyDelete
    Replies
    1. තවත් මම ආසම කරන සිංදුවක්..

      Delete
  37. ජිවිතයේ වැඩි දෙනෙක් ආදරේ කලාට ඔය වගේ අවසානයක් දකින අය ගොඩක් අඩුයි නේ....
    " මුල්ම දවසේ මාව බැනලා ගෙදරින් එලවපු ඔයාගේ තාත්තත් අද මාව ආදරයෙන් පිළිගත්තා.."
    ඇත්ත තිත්ත පැණි රසව ලියල අය්යා... ජය වේවා!

    ReplyDelete
  38. තරුණයෙක් වෙන්න..තනිකඩව ඉන්න.. පෙම් කරන්න...යුගදිවියට පිවිසෙන්න...පියෙක් වෙන්න..ඔන්න ජිවිතේ පට්ට ඈ

    ReplyDelete
  39. මේවගේ හැම හීනයක්ම හැබෑ වෙනවනම්. අදත් ලස්සන කතාවක්. කවිය ගොඩක් ලස්සනයි.

    ReplyDelete
  40. දිනේෂ් අයියේ....ළඟදිම මේක ඇත්ත කතාවක් වේවිද? මට හීනෙනුත් වෙඩින් කේක් පේනවා වගේ....

    ReplyDelete
  41. අයියාටනම් තව 3යි!! මට කීයක් යයිද? :/

    ReplyDelete
  42. සුදු මුදු රළ පෙළ කිදුරු කොදෙව්වේ
    පාවඩ පළස එලා
    සිදු ලද ගෙන දුන් මුතු කැකුළක් සේ
    ඔබ මට තිළිණ වෙලා...

    ReplyDelete
  43. පැතුම් ලොවක අපි අපේ කරගෙන
    සිහින ලොවක කිමිදෙමින් අපි අපේ වුණා එදින
    සොදුරු මනාලයකු නුඹ දෑස් දල්වගෙන
    ඔහොම බලන්නෙපා මියෙදෙන් හිතයි මට...

    තිළිණයක් නුඹ මා වෙනුවෙන් දෙවියන් පුදකල
    දෙව්රුවක් ආදරේ පූජාකර දේවත්වයෙන් වදින්නට
    මියෙනතුරා නුඹේ ලගට වී අවසන් හුස්මත් යවන්නට
    කුමරුනේ අවසරද නුඹේ මනාලිය වන්නට...

    ReplyDelete
  44. සැබෑවෙන කාලයක් එන තෙක් බලා ඉමි......

    ReplyDelete
  45. හොදයි හොදයි ඔහොම යං............කේක් කපනදාට අපිව එහෙම අමතක කරනවා නෙවෙයි....

    ReplyDelete
  46. හීනයක්ම වුන ඒ හීනය මතක් වෙලා ආයෙත් කදුලක් වැටුනා.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්