Saturday, 2 June 2012

කවියට අවසානයක්..

 
..............................
 
උතුරු අහසින් හමා එන සුළගේ ඒ තරම්ම සිසිළසක් නොතිබුනාට මේ නිල ඇදුමට අතරින් වෑහෙන දාඩිය බිදු වලින් මොහොතකට හරි ගතට සුවයක් දෙන්න මේ සුළගට පුළුවන්.. ඈතින් ඇහෙන වෙඩි හඩත් එක්ක හිත එක තැනකට කරන් හිතන්න බැරි උනත් තල් ගහකට හේත්තු වෙලා පුංචි කොල කෑල්ලක අකුරු ඇමිණුවේ ඇය මතක් උන හින්දම..

පිච්ච මල් සරසලා හිස
බොහොම සීරුවට බිම බලාගෙන
කෝවිල ලගින් නුඹ ඇවිද ගිය සඳ,
රහසින් මොහොතක්
කතාකල නෙතග
මහා ලොකු දෙයක්
කීවා වගෙයි සිතට…
 
 
............................. 


මම අන්තිමට ලියපු " මායිමේ ඉදන් " කෙටි කතාව පටන් ගත්තේ මෙතනින්.. 

සාරංග තමන්ගේ හිත ගිය පෙම්වතියට පෙම් කවක් ලියනවා.. ඒත් හදිස්සියේම ඔහු ලගට පැමිණි මිතුරා නිසා සාරංගට ඒ පෙම් කවිය ලියා නිම කරන්න බැරි වෙනවා.. 

ඔය සිදුවීම් පෙල කට්ටියට මතක ඇතිනේ.. සාරංග තුල ජීවත් වෙමින් කතාව ලිවුවට කවිය ගැන මමත් හිතුවේ නෑ එච්චරම.. ඊට පහුවදා මම මගේම කතාව කියවද්දි තමයි මතක් උනේ මේ කවියට අවසානයක් දෙන්න ඕන නේද කියලා..

ඒත් ඒ එක්කම වගේ අපූරු අදහසක් ආවා.. ඒ තමයි මේ කවියේ අවසානය මගේ යාළුවන්ටම බාර කරන්න.. ඉතින් මම අපේ කට්ටියගෙන් මුහුණු පොතේ ඉල්ලුවා මේකට එයාලට හිතෙන අවසානයක් ලියන්න කියලා.. වැඩ රාජකාරි අතරේ කීප දෙනෙක්ම ඒකට අවසානයන් ලිවුවා.. මේ ඒ එකිනෙකට වෙනස් උන අවසානයන්



සිත් අහස ලියන අපේ ප්‍රාර්ථනා නංගී මේ කවියේ අවසානය දැක්කේ මේ විදිහට..

මායිමේ ඉඳන්
නුඹ දෙනෙත දොඬමළු වෙන කල
අහක බැලුවා නෙවෙයි
කෝල ගති මතු වුනා සිත තුල...
වදනින් නොකීවද
එක බැල්මකින් කියවෙනා ඔබේ සිත
දැන දැනම නුදු‍ටු ලෙස සිටියෙමි
හිත පුරා නුඹම රඳවාගෙන..
පිච්ච මල් ගැසුව කොන්ඩෙට
අරලියා මල් පලඳන්නට
කුමරුනේ ඔබේ දෙඅතට
වරම් ලැබෙනා දිනක් වේවිද?...
 
 
සොදුරු සදවතී ලියන කාව්‍යා අක්කා දුන්නේ මේ වගේ අවසානයක්..

සුරත් රැදි ගිනි බටයට
මේ කාකි ඇඳුමට
තිගැස්සුන ඔය කෝල ඇස් දෙක
මැවෙනවා දස දහස් වර
බංකරය තුල නිදි වරනකොට
ගල් වෙච්ච මේ පිරිමි පපුවට
සැනසුමක් නුඹේ ඔය ඇස් දෙක.......
 
 
කසුන්ට හිතෙන හැටි ලියන අපේ කසුන් මේකේ අවසානය දැක්කේ මේ විදිහට..
 
බැහැ වටහා ගන්නට
කතා කරන ඔබෙ නෙත් මට,
ගිනි බටයට හුරු වූ සිත
අඳුනන්නේ නැහැ
දොඩමලු නෙතක අරුමය.

හිත එකඟ නැහැ මට
කතා කරන ඔබෙ නෙත් ළඟ
නුඹේ දොඩමලු දෙනෙත
නවතාවි මා හෙට දින.

නවතින්න බැහැ මට
ගමනක් ඇත යන්නට
උපන්බිම වෙනුවෙන්
යුතුකමක් ඇත ඉටු කරන්නට.

දකිනවිට ඔය වත
යන්නට බැරි වේවි
මගේ අරමුණ වෙතට,
නොනවතිමි ඔබෙ නෙත් ළඟ
පුදකරමි සිත ගිනිබටයටම..
 
 
ආලනවන්ත හුදකලාවේ සිට ලියන දිනිති අක්කා මේකේ අවසානය හැඩ කලේ මෙහෙම..
 
කපුරු සුවඳ සීරුවට
විදගන්න විට නාස් පුඩු
හදවතට එබෙන්නේ
ඔබ ගැනයි හිතවතී....

පොල් රුප්පාවෙ ඉදන්
සීතලේ ගැහැනෙ සිතුවිලි
ඔබ ගැනම හිත නොකියාපු
දේ කියනවා සඳවතී...

දීපාවලී හඳ එන දාට
රටා තියපු හිත් මළුව
මගේ නමින් ලියා ගන්න
මම එනවා මගෙ පාර්වතී....
 
 
මහී ලියන සිහින මදාරාගේ අදහස මේ..
 
නෙතට නෙත ගැටෙන විට
හදවතේ දහසක් සිතුවිලි විමසනවා
නුඹත් එවිද කොවිල් යන්න දිනක
මටත් එන්න කියනවාද පන්සල් යන්න
පුළුවන්ද සිහින අරන් එන ලෙසම
සිහින සැබැ කර දෙන්න ඔය බැල්මට මතු දිනක.....
 
 
අග්නි ධාරා ලියන අපේ අග්නි නඟා ලිවුවේ මෙහෙම..
 
පිච්ච මල් සුවඳට
මෙලෙක් වී හිත් මඬල
රහසේම මොහොතකට
කතා කලමුත් දෙහද

අයිති නැහැ විඳින්නට
කිසිදාක පන්සලේ
අරලියා මල් සුවඳ

සුසුමකට මුසුවෙලා
රහසේම පාව යයි
ඇසිල්ලක දැණුනු මේ
පිච්ච මල් සුවඳ

ඉඩ දෙන්න විඳගන්න
හිත පුරා විහිදෙන්න
ආදරෙන් ළඟ ඉන්න
රෝස මල්සුවඳකට
  
 
 
ඊට පස්සේ මගේ ආදරණිය සොයුරිය ශෙහාරා ( ආදරයට ආදරෙන් කතාව බලපු අයට මතක ඇති ) එයාගේ කවි හැකියාවෙන් මේකට අවසානයක් එකතු කලේ මෙහෙම..
 
දැනුනා මේ හිතට
හුරු පුරුදු ආදර සෙනෙහස,
සංසාර පුරුද්දකට
නැවතුනා වගේ නුඹ ලග..

සඳු නැති රැයන් එකි නෙක
ගෙවෙද්දි මේ හිත් අහස ලග
නුඹයි උනේ මගේ සඳ,
සිහිනවල නිතරම ඇදුන..

මගේ සඳ නුඹ අහස් කුස හිද
මගේ ලොවට තව දුර වැඩිද
අපි අපිට හිමි දිනක් දවසක
මැවේවිද මේ අහස යට..
 
 
 
එක් කවියකට කීප දෙනෙක් අතරේ විවිධ අවසානයන් මැවෙන පුළුවන් නේද? ඒක ඇත්තටම සොදුරුයි.. කතාවක තමන් දකින්න කැමති පැත්ත එකේ අවසානයට එකතු කරලා..
 
මෙන්න මංතුමාගේ මේ කවියේ අවසානය..
 
පිච්ච මල් සරසලා හිස
බොහොම සීරුවට බිම බලාගෙන
කෝවිල ලගින් නුඹ ඇවිද ගිය සඳ,
රහසින් මොහොතක්
කතාකල නෙතග
මහා ලොකු දෙයක්
කීවා වගෙයි සිතට..

කුංකුම ගල්වූ නෙතග
රත් පැහැ තිළකය
ඔය සුවද පිච්ච මල් වගේම
හිත ලග රටා මැවූ අපූරුව..

තල් අරණක ඈත අහසම
වාගෙම එකලු උන හිත
නිහඩ සිතුවිලි අතර තනි උන
ආදරයක් අරගෙන මම
මායිමේ ඉදන් මග බලමි තව..

සුළං රැල්ලක මුසුව හමා එන
ආදරණිය පිච්ච මල් සුවද..
නුඹ මගෙද, මම නුඹේද?
ගිණි අවිය අප අතර..
 
 
 
විශේෂයි : කෙනෙක් මේක  මොන විකාරයක්ද කියලා හිතාවි.. තරහා ගන්න එපා.. නිකන් ඉන්න වෙලාවක හිතුන අදහසක් විතරයි මේක.. පොඩ් ඉල්ලිමට කවි එකතු කල මිතුරන්ට මගේ ස්තූතිය..
 
අති විශේෂයි : මෙතන හොදම කවිය මොකක්ද කියන එක හොයන්න එපා.. ඒ විවිධ අවසානයන් රසවිදින්න.. කව් ලියන්න දක්ශයෝ තමන්ට හිතෙන අවසානයක් පහලින් ලියලම යන්න.. :) 

61 comments:

  1. හැමෝම එක වගේම ලස්සනට ලියලා....

    ReplyDelete
    Replies
    1. අප්පා..හැමෝම දිනේශ් අයියාගේ බ්ලොග් එකේ එක වෙන්න හදනවා..අද මම නේ බොලේ එක.. :D

      Delete
    2. හෙහ්.. ඔව් ඔව්.. නිම්ශාට මතකනම් මීට ගොඩක් කාලෙකට ඉස්සර මම ආපුම අළුත හැමදාම වගේ ඇවිත් මට ශක්තියක් උනේ ඔයා ඇතුළු කීප දෙනෙක්.. ඉතින් මට ඔයාලා හැමදාම එක තමයි.. :)

      Delete
    3. අතීතේ අමතක කරලා වර්තමානයක් ගොඩ නගන්න බැනේ අයියේ..මගේ බ්ලොග් එකටත් දිරි දුන්නේ අයියලා ඇතුලු කිහිප දෙනෙක් තමා..එව්වා අමතක කරන්න බැහැ..මහා ලොකු දෙයක් වගේ නොපෙනුනාට මේ බ්ලොග් අවකාශේ කියන්නේ හරියට ගමක එකතුවක් වගේ.. අපුරු ගමක්.. :)

      Delete
    4. ඇත්ත නංගී.. මේක අපූරු පවුලක්.. කෙනෙක් වැටෙන්න නොදී අල්ලන් ඉන්න බැදීමක් වගේ දෙයක්.. ඉතින් ඒ දේවල් කොහොම අමතක කරන්නද??

      Delete
    5. හිතනවට වඩා අඳුරු පැත්තකුත් මේකෙ තියනවා (සමහර වහපු බ්ලොග් ගැන හිතනකොට )

      Delete
    6. ඇත්ත ලොකු අයියේ.. මාත් එකගයි ඒ කතාවට නම්..

      Delete
  2. මගේ නම් කවිවලට එච්චර මනාපයක් නැහැ. ඒ වුණත් මේ කවි සෙට් එක පංකාදුයි :)

    ReplyDelete
    Replies
    1. හැමෝගෙම දක්ශතාවනේ... :)

      Delete
  3. නෑ නෑ... මේකත් අපූරු අත්හදා බෑලීමක් මල්ලී..සෑම කවියක්ම එක වගේ ලස්සනයි...සංවේදීයි....

    ReplyDelete
    Replies
    1. මම ඉතින් ඉදලා හිටලා මේ වගේ වැඩ කරනවනේ අක්කේ... :)

      Delete
  4. මගේ කවිත්වය ප්‍රදර්ශණය කළොත් මේ බ්ලොග් අවකාශේ අනිත් අය කවි ලියන එක නතර කරාවි. ඒක නිසා මම නිකම් ඉන්නම්. බැරි කමකට එහෙම නොවේ ඕන්.... :-)

    ජයම පතමි !!!

    ReplyDelete
    Replies
    1. හෙහ්... අවුලක් නෑ අයියේ.. ඔන්න ඔහේ ලියමු.. :)

      Delete
  5. හයියූ මගෙ සාටර් කවිය මේකෙට් ඩාලනෙ....ලැද්දාවෙ බා...^_^
    පණ බයේ ඕක ලිව්වෙ මං.......:)

    ReplyDelete
    Replies
    1. සාටර් කවි තමයිලු ලස්සන.. හරියට අර මගේ අප්සට් කවි වගේ.. :)

      කාට බයේද නඟෝ ලිවුවේ??

      Delete
    2. නෑ නෑ තිං උයා ඩන්නවනෙ මං බබී ලියන්නෙ මොන වගේ කවිඩ කීල....බයෙන් ලිව්වෙ දහ අතේ කල්පණා කල කල ඩෙයියනේ මරණයක්නම් ගෑවෙන්න එපා කීල.....;)

      Delete
  6. ඔක්කොලාගෙම කවි ලස්සනයි. ඒවාගෙන් පේන්නේ එක, එක්කෙනා හිතන හැටිත්, ඒ අයගේ වෙනස් අදහසුත්. කවි ලස්සන වෙලා තියෙන්නේ ඒ හන්දමයි. :)

    ආසා හිතුනා ඇත්ත කීව කසුන්ගේ කවි ටිකට.:)))

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. ඒකයි මටත් හිතුනේ අවසානය ලියන්න හැමෝටම ආරාධනා කරන්න.. පොඩ්ඩි අක්කත් කවියක් ලියමුකෝ... :)

      ඔව් කසුන්ගේ කවි පෙලේ පොඩි විශේෂයක් තියෙනවා.. මගේ කතාවෙන් එහාට ගිය යතාර්ථය ඒ පේලි අතරේ තියෙනවා..

      Delete
  7. හැමෝම එකතුවෙලා ලස්සනට කවි ලියලා. මරු මරු

    ReplyDelete
    Replies
    1. අයියත් එකක් ලියමු.. :)

      Delete
  8. හයියෝ....මේ ඉතින් මුණු පොතට නොයන එකේ පාඩුව තමා.

    හැමෝගෙම කවි ලස්සනයි.වෙනස් අදහස්. වෙනස් කවි. ඒත් ලස්සනේ වෙනසක් නැහැ...

    ReplyDelete
    Replies
    1. මම දවස් දෙකක් ඒක දැම්මනේ අක්කේ.. නොඑන වරදට ඉතින් මොනා කරන්න්ද :(

      දැන් එකක් ලියමු..

      Delete
    2. ආ මූනු පොතට නොයන තවත් කෙනෙක් !

      Delete
    3. ඉදලත් නොයන කෙනෙක්... :)

      Delete
  9. අපූරැයි.ඇත්තෙන්ම අපූරැයි.

    හැමෝම ලස්සනට ලියලා.

    ReplyDelete
    Replies
    1. ඔව් මලයා.. එකකට එකක් වෙනස් අදහස්..

      Delete
  10. ෂහ් නියමනේ...!
    එක එක අවසාන...
    එක එක විදිහට..
    එක එක්කෙනාගෙ අතින්...
    එක එක කෝණවලින්... :-)


    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජාගේ කවියනේ කවිය.. :)

      Delete
  11. ekkenek kiyala ne hamoma lassanata kavi liyala tiyenawa.onna mama tama 2ka.

    ReplyDelete
    Replies
    1. ඔව්.. හැමෝගෙම විවිධ අදහස්..

      Delete
  12. ලස්සන කවි සිතුවිලි...
    ගොඩක් රසවින්ඳා...

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ.. තෑන්ක්ස් වේවා... :)

      Delete
  13. lassana hith wala liyawena lassana kavi.....
    apuurui... apuuurui....
    aththatama apuurui.......

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ..

      Delete
  14. නියමයි!! ඔක්කොම කවි ලස්සනයි!!

    වෙලාවට මම මේකට කවියක් නොලිව්වෙ.. ලිව්වානම් අපරාදෙ අයියාගෙ ලස්සන බ්ලොගෙත් ඉවරයි!!! :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. ඉතින් ඔයාලාට මූඩ් නෑනේ.. :(

      Delete
  15. ඇත්තටම ඒක විකාරයක් නෙමෙයි ගොඩක් ලස්සන වැඩක් අයියේ..හැමොම ලස්සන අවසානයක් තමයි එකතු කරලා තියෙන්නේ..හැම කවියක්ම එකකට එකක් දෙවෙනි නෑ..හරිම ලස්සනයි..ඇත්තටම මේක අපූරු පවුලක්..

    නුඹ දකිනට ආයෙත් සිතේ කොනක
    දළුලන මහ පැතුම් ගොන්නක්
    සිරකරනවා මා හද කොනක
    ඇති නිසා රට ගැන වගකීමක්
    නමුදු ලස්සන සුදු පිච්ච මලක
    පටලා එවන්නම් ආදර සුවඳක්....

    ReplyDelete
    Replies
    1. සුදු පිච්ච මලක රන්දා සෙනෙහස
      තල් අරණේ හැන්දෑවක
      එවු සෙනෙහස සුවදයි තව
      වෙන් උනත් මගේ සඳ නුඹ..

      Delete
  16. ඔක්කොම කවිටික ලස්සනයි.. මම මූණුපොතේ කවි කිහිපයක්ම දැක්ක...මටනම් කවියක් ලියන්න ඉස්පාසුවක් තිබ්බෙ නෑ

    හැමොටම මගෙනුත් සුභපැතුම්

    ReplyDelete
    Replies
    1. අයියගේ කවියකුත් එකතු උනානම් ලස්සනයි වගේ.. දැන් උනත් කමක් නෑ ලියමු පහලින්.. :)

      Delete
    2. විසල් වූ දෙනෙතින්
      හෙලූ බිය මුසු බල්මෙන්
      සලිත විය හතවතම
      තතු නොදත් නුබ නමින්

      නොතේරුනමුත් වදන්
      හෙමි හෙමින් නුබ දොඩන
      දැනෙනවා දෙනෙත්වල
      බිය රැඳුනු ආදරය

      Delete
    3. තේරී නොතේරී අදහස්
      බැදි පෙම අපූරුයි සිත් වල
      අපි අතරට කොහෙන් ආවද
      කවුරුවත් ඇවිලුව ගිණ්දර..

      එක මගක යන්න තිබුන
      ගමන අද අපි දෙතැනක
      කොහේ කොතැනක නිම වේවිද
      මේ ඇවිද ගිය ගමන..

      Delete
  17. මේ කවියේ අවසානේ ලියන්න ගිහිල්ලා තමයි මට ඊයේ යන්තම් නින්ද ගියේ.ඒතරම් අමාරු වුනා නිදියනවට වඩා ඒක. කට්ටිය ලියපු කවි ටික නම් නියමයි.

    ReplyDelete
    Replies
    1. හෙහ්.. ඒක තමා ඊයේ රෑ වෙනකන් ඇහැරගෙන ඉන්නවා දැක්කේ මම.. :)

      Delete
  18. මායිමේ ඉදන් කවි සිත්වල මැවුණ ලස්සන අවසානයක්..
    ලස්සනයි ඒ හැම කවි සිතුවිල්ලක්ම.. :)

    ReplyDelete
    Replies
    1. එක එක හිත් වල මැවුන එක එක විදිහේ අවසානයන්..

      Delete
  19. කෝල සුකොමල
    නුබේ දෑතට,
    දුන්නේ කවුරුද
    රුදුරු ගිනි අවි?
    එදා ආලෙන් කතා කල සිත
    සිදුරු කර ඇත
    මගේ වෙඩි අද...
    කෙලෙස සිතමිද
    ඒ නුඹම බව,
    පිච්ච මලින් හිස සැරසු
    කොමල වදන් මට කියාපු
    මගේ සුකුමාලියේ...

    ReplyDelete
    Replies
    1. රුදුරු ගිණි අවිය
      ඇවිත් අප මානයට
      අරන් ගිහි ඒ
      ආදරණිය
      පිච්ච මල් සුවද,
      අපි අපිට හිමි නැති
      කතා පුවත කියාගෙන..

      Delete
  20. සියලු දෙනාගෙම කවි සිතුවිලි එකතු කර අන්තිමට අවසානය දකින හඅටි නියමයි. එක එක්කෙනා ඕනැම දෙයක් දකින විදිය වෙනස්.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම.. විවිධ සිතුම් එක අවසානයක් ගැන හිතද්දි මැවෙන අපූරු කවි කීපයක්..

      Delete
  21. බොරු කියන්නේ මොකටද මලේ. මට කවි කියන්න මිස ලියන්න නම් බැරුව ඇති. අවුලක් නෑ බොලා ලියනවනේ මම හැමදාම කියවන්නම්. හැමෝම ලියලත් බෑ නොවෑ. ජය...!

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත.. හැමෝම ලියලත් බෑ.. ඒත් අපි හැමෝම ලග කවියෙක් ජීවත් වෙනවා.. වැදගත් ඒ කවි කම එලියට ගන්න එක..

      Delete
  22. ෂා කවි මඩුවක්නේ... මරු! මටනම් කවි ලියන්න බැරියෝ!

    ReplyDelete
    Replies
    1. ටිකක් විතර කවි මඩුවක් වගේ තමයි.. ලියන්න ට්‍රයි එකක් දෙමු අයියේ.. බැරි වෙන එකක් නෑ.. :)

      Delete
  23. නියමයි හැමෝගෙම කවි ලස්සනයි :)

    ReplyDelete
  24. කවි ලියන්න එච්චර දක්ෂ නෑ මං නම් දිනේෂ් අයියේ. !

    ReplyDelete
  25. එකම දේ වෙනස් වෙනස් විදියට දැකීම . වෙනස් විදියේ පොස්ට් එකක්.

    ReplyDelete
  26. හලේ.. මගේ කවියත් දාලනේ... හැමෝගෙම කවි හරිම ලස්සනයි අයියේ... අයියගේ අවසානය හුඟාක්ම ලස්සනයි... අයියා ඉතින් කවි ලියන්න කොහොමත් හපනා නේ? :D

    ReplyDelete
  27. කවි ටික ලස්සනය් ඉතින් හැමෝගෙම
    මම පරක් උනා සොරි හොඳේ :/

    ReplyDelete
  28. අද නම් කවි ලියන්න තරම් මානසිකත්වයක් නෑ මටනම්. ඒත් රසවිඳින්න එක බාධාවක් නෙමෙයි.

    ReplyDelete
  29. අනේ ඇත්තටම හරිම ලස්සනයි මමත් ආසයි කවි ලියන්න එත් මට කවි ලියන්න දන්නේ නැහැ. ඒ උනාට මම ආසයි කියවන්න ලස්සනම ලස්සනයි කවි ඔක්කොම.....ඕගොල්ලෝ කොහොමද ඔච්චර ලස්සනට කවි ලියන්නේ?????? මටත් කියල දෙන්නකෝ.....

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්