මැද පෙල අපි ( ඉස්කෝලේ කතා 7 )
අදත් ඉස්කෝලේ කතාවක් කියන්නයි මේ හදන්නේ.. කතාවක් කිවුවට ඉතිං කතන්දර
ගොඩක්.. O/L ඉවර වෙනකන් උන වැදගත් කියලා හිතෙන කතන්දර ටික ලියලා
දන්නයි කල්පනාව.. කලින් ලියපු කතන්දරත් මතක ඇතිනේ.. අමතක වෙන්නනම් විදිහක් කොහෙත්ම
නෑ කියලා තමයි හිතෙන්නේ..
මැද පෙල අපි කියලා හෙඩිම දාලා තියෙද්දි මේ මොකක්ද කියලා හිතන්න ඇති..
මමයි මගේ අතීජාත මිත්‍රයෝ දෙන්නයි ඉස්කෝලේ 6 පන්තියේ ඉදන් හිටියේ එකට.. අපේ කල් කිරියාව හොද වැඩි නිසා ගුරුවරු අපිට ස්ථාන
මාරු දුන්නට ඒක ඒ පීරියඩ් එකට විතරයි.. අනික තමයි අපි හැමදාම හිටියේ තුන් වෙනි පේලියේ..
මුල්ම පේලි දෙකේ උගතුන්, අන්තිම පේලි දෙකේ බුද්ධිමතුන්.. මුංට මැද හැමදාම අපි..
සාමාන්‍ය දවසකට අපි තුන් දෙනාගේ නම් දහ පාලොස් පාරක් කියවෙනවා.. ගුරුවරු එතකොට විදුහල්පතිගේ විශේෂ නියෝජිතයෝ
ඇවිත් අපිව එක පාරකට හරි ඔෆිස් එකට එක්කන් යනවම තමයි.
මොකක් හරි විවාදෙකට, ක්‍රීඩා තරගෙකට ගියා කියලා උදේ රැස්වීමේ යකඩ කටින්
නම කියවෙද්දි උගතුන් එක්ක ගිහින් සහතික ගන්න අපි තුන්දෙනා විවේකයෙන් පස්සේ කාට හරි
අංචියක් ඇද්දා කියලා බුද්ධිමතුන් එක්ක ඔෆිස් එකේ වේලෙනවා.. ඔන්න ඔය නිසයි මම කිවුවේ
අපි මැද පෙල කියලා.. දෙගොල්ලන්ටම අපි නැතුව බෑ..
ඒ දවස් වල ඉතින් ගුරුවරුන්ට අපෙන් ටිකක් කරදර තිබුනට මගෙන් ලොකුම කරදරේ
තිබ්බේ අපේ සංගීත මාස්ටර්ට.. ඒ කාලේ අපේ ඉස්කෝලේ තිබ්බේ චිත්‍ර / නැටුම් / සංගීත විතරයි.. දැන්නම් IT වගේ ඒවත් තියෙනවා කියලයි
ආරංචි.. ඉතිං බෝට්ටුවක්වත් ඇදගන්න බැරි, පොළව ඇද නිසා නටන්න බැරි මම ගියේ සංගීත මාස්ටර්
ලගට..
6/7/8 වසර වලදි ඉතින් මමත් කැපී පෙනනන් සිසුවා උනා.. පස්සේ ඉතින් අර
9 වසරේ සෞඛ්‍ය පොතේ තියෙන නව යොවුන් වියේ වෙනස් කම් නිසා මගේ වොයිස් එක තරම් මදුර මනෝහර
වොයිස් එකක් කාරවත් තිබුනේ නෑ සංගීතය කරපු උන්ගෙන්.. 10 වසරෙදි හදිස්සියේ ඉස්කෝලෙට
කඩා වැටුන එකෙක් මගේ ඒ තැන ගත්තා වාසනාවකට වගේ..
ඉතින් ඔය සංගීතය කරපු අය දන්නවා ඇතිනේ විභාග වලට ලියන ප්‍රශ්ණ වගේම ප්‍රැක්ටිකල් දෙන්නත් ඕන කියලා.. ඉතිං ඔතනදි අපේ මාස්ටර්ට කවදාවත්ම මගේ මේ ගැඹුරු
කටහඬට හරි යන්න ස්‍රෑතිය අල්ලන්න බෑ සර්පිනාවේ කොතනින්වත්.. ඒකට ඉතින් වෙනම සප්තකයක් හදන්න
ඕන.. බැරිම තැන අපේ මාස්ටර් ඔය වැඩේ අත ඇරලා දැම්මා.. මොකද වැඩක් නැති නිසා.. හැබැයි
ඒ වෙනුවට අනිත් උන්ගේ ප්‍රැක්ටිකල් ගනිද්දි සර්පිනාවෙන් ස්‍රෑතිය අල්ලන්න මට දීලා මගෙන්
ප්‍රැක්ටිකල් නොගෙන හිටිය.. එතකොට මට ළකුණු..හෙහ්.. මම කරන ඒ සේවය අගය කරනු වස් මට
හැමපාරම “ C ” පාස් එකක් දෙන්න මාස්ටර් අමතක කලේ නෑ.. අන්න ගුරුවරු..
කොහොම හරි ඉතින් 10 වසරට එද්දි ඉස්කෝලේ ශිෂ්‍ය නායක පට්ටමකට යන්නත්
පුළුවන් උනා.. උගතුන් ක්‍රියාශීලී මදි වෙද්දි බුද්දිමතුන් අණ්ඩපාලයෝ වෙද්දි අපේ පන්තියේ
ඒ පට්ටමත් ලැබුනේ මැද පෙල අපි තුන් දෙනාටම තමයි.. ජූනියර් ප්‍රිෆෙක්ට්ස්ලා කාලේ ඉතින්
කන්න ඕන කටු ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. දන්න අය දන්නවා.. සීනියර්ලා බලන්නේ අපෙන්
වැඩ අරන් උන් ලකුණු දාගන්න.. ඕක ඉතින් හැම තැනම වෙන දේනේ.. ඒකම ඉතින් අපිටත් සෙට් උනා..
O/L අවුරුද්දට එද්දි මට භාර උනේ 10 B පන්තිය වැඩ බලන්න.. එහෙම කාලෙක ඔය වගේ පන්තියක්
බලා ගන්න ලැබෙනවා කියන්නේ ඉතින් නරියට කුකුළ්ළු
බාර දුන්නා වගේ වැඩක් බව ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. ඉතින් ඒකම තමා මගෙත් කරුමෙට
හිටියේ.. හැබැයි ලයින් දාන්න ගිහින් නෙමෙයි..
( එහෙම කිවුවට හිතන්නෙම අනිත් පැත්ත බව දන්නවා. )
ඒ පන්තියේ හිටපු අපේ සීනියර් කෙනෙක්ගේ කෙල්ලෙක්ට මම වැඩ පැවරුවාය යන චෝදනාව
පිට දවසක් ඉස්කෝලේ ඇරිලා එද්දි 7 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකින් මට මැර ප්‍රහාරයක් එල්ල
උනා.. එදා දවස නම් මට කවදාවත් අමතක වෙන්නේ නෑ.. තනියම හිටි මම ඉතින් ගුටි කනවා ඇරෙන්න
වෙන මොනා කරන්නද?
එතකොට මම O/L දෙවෙනි වාරේ.. පස්සේ මම ප්‍රිෆෙක්ට්ස් බෝඩ් එකෙන් අයින් උනා.. ලොක්කෝ
එක්ක හැප්පෙන්න බෑ වගේම ඉතින් ඒ වගේ ප්‍රශ්ණයකට පස්සේ ඇතුලේ ඉන්න ලොකු එවුන්ගෙන් එන
බලපෑම් කොහොමද කියලා කියන්න ඕන නෑනේ.. මාත් එක්කම අනිත් උන් දෙන්නත් අයින් උනා.. එදා මට ගහපු එකට රිටන් එකක් දෙන්න ලොකු ඕන කමක්
තිබ්බ උනාට උන් ශිෂ්‍ය නායකයෝ උන නිසා මුකුත් කර ගන්න බරි උනා.. ඊට පස්සේ ඉතින් ආයෙම
සුපුරුදු මැද පෙල ශක්තිමත් කරන්න අපි ගියා.. කට උලාගේ වැඩ නිසා ආයෙම ගොඩක් වෙලා ඔෆිස්
එකේ හිටගෙන ඉන්න උනා..
කාලය හෙමින් ගෙවිලා O/L ලිවුවා..
A4 B4 C2ක් බලාපොරොත්තු උනාට වැඩි හොද ප්‍රතිඵලයක් ආවා.. කරපු වැඩයි පාඩම් කිරිල්ලේ
හොදකමයි නිසා ඔහොම රිසල්ට් එකක් වත් ඒවි කියලා හිතුවේ නෑ..
උගතුන් සමහරක් ලොකු ඉස්කෝල වලට ගියා.. බුද්ධිමතුන් සමහරක් හැලෙද්දි
සමහරු යාන්තමින් ගොඩ ගියා.. මැද පෙල අපි ඒ සෙට් එකේ ඔක්කොම එක්ක A/L වාණිජ අංශයෙන් කරන්න තීරණය කලා..
කට උලත් අයිති උනේ අර හැලුන සෙට් එකට.. ඌ හිටපු හැටියට එහෙම නොවුනානම් තමා පුදුමේ.. ඒ
උනත් ඉතින් අපිට ඌ නැති පාඩුව A/L වලදි ගොඩක් දැනුනා.. ඌ හිටියනම් හොද පිස්සු වැඩ ටිකක්
කරන්න තිබුනා..කොහොම උනත් අපි A/L ඉවර කරන කාලේ වෙද්දි උලා ලී කැටයම් සාස්ත්‍රය ඉගෙන
ගෙන උගේම වැඩ පලක් පටන් ගත්තා.. ඉතින් අපිට ඌ ගැන සතුටුයි.. මොකද මොනම හරි පැත්තකින්
අන්තිමේ ඌ උගේ අනාගතේ හදා ගත්ත නිසා.. දැන්නම් හැබැයි උලා මොනා කරනවාද කියලවත් දන්නේ
නෑ..
ඉතින් ඔන්න ඔහොමලු O/L ඉවර උනේ.. ඊලගට පටන් ගන්නේ ත්‍රාසය / භීතිය
/ කුතුහලය / ආදරය / අරක්කු / සිගරට් / පිරි A/L කතා… රැදී ඉන්න හොදේ... :)





එළ එළ :D
ReplyDeleteඑලදත් අහනවා.... අද හසිත එකලු ඔන්න... :)
Deleteතරඟ නොකරන්නාට තරඟයක් නැත :D
Deleteඅද දවසේ මම අහපු හොදම කියමන.. ඇත්ත හසිත ඒ කතාවනම්..
Deletemama eka...
ReplyDeletesama wennna..oyage blog eka kiyawanawa hemadaama..eeth mata blog ID ekak naa.
පොඩ්ඩ්ක් èඅරක්කු වෙලානේ.. ඒකට කමක් නෑ යාළුවා.. ගූගල් එකේ රෙජිස්ටර් වෙන්න.. එතකොට හරි... :)
Deletethanku thanku..mama welawaka register wenna balannamko.liyanna kammali nisa blog ID ekak oonath naa..niwadu paduwe blog tika kiyawagena innawa..jaya wewa
Deleteදැන් කම්මැලි උනාට පස්සේ ලියන හිතේවි.. ඒනිසා හදලා තිබ්බට පාඩුවක් නෑ..
Deleteoyath mama wage ano kenekne...
Deleteමම ඇනෝ කෙනෙක් වෙන්නේ කෝමද? මම මගේ ඇත්ත නමින්නේ ලියන්නේ.. බලන්නකෝ පහල ලින්ක් එකෙන් මූණු පොතට ඇවිත්..
Deletesorry... uda anotai kiwwe
Deleteආ.. මටත් සමාවෙන්නෝ.. මම හිතුවේ දෙන්නම එක්කෙනා කියලා... :)
Deleteඒ උනාට අර ගහපු එවුන්ට මඩ වතුර බාලිදියක් හරි ගහන්ඩයි තිබුනේ... අපිත් ඔහොම ආතල් තමා ගත්තේ.....
ReplyDeleteඔය වගේ එක එක දේවල් නම් හිතුනා තමා.. ඒත් ඉතින් එහෙම කරන්න බැරි ප්‍රශ්ණත් තියෙනවනේ..
Deleteඅර සෙට් එක ශිෂ්‍ය නායක කම එක්ස්පයර් උනාට පස්සේ හරි ගේමක් දෙන්න තිබුනේ...එහෙමත් ගහන්න දෙන්න පුලුවන්ද? එහෙනම් ඒ ලෙවල් කතාත් එනකන් බලා සිටිමි.
ReplyDeleteඑයාලගේ රාජ්ජෙනේ අක්කේ.. දන්නවනේ සීනියර් උණ ආවම.. ඕක අපේ අයියට කිවුවනම් ඒ දවස් වලම කට්ටිය කනවා හොදට.. ඒත් ඉතින් කිවුවේ නෑනේ.. දැන් මේක බලලා මට කණක් ඇහිලා ඉන්න වෙන එකක් නෑ.. :)
Deleteada mamada eka.....?
ReplyDeleteනෑනේ යාළුවා 5.. සමාවෙන්න ඕන.. පෝස්ට් එක දාලා මම නිදා ගන්න ගියා.. උදේ තමයි ඔක්කොම පබ්ලිශ් කලේ..
Delete:(
Deleteඅවුලක් ගන්න එපා.. ඊළග පාර බලමු..
Deleteදිනේෂ්... වැඩක් පැවරුවා කියලද ගුටිකන්න උනේ.. හොද වෙලාවට. බැරි වෙලාවත් නොදන්න කමට කැමැත්ත අහන්න ගියානමි එහෙම ජේෂ්ඨයෝ ටික මොනවා කොරයිද කියලා දැන් හිතා ගන්න පුලුවන්...!!!
ReplyDeleteමෙහෙමනේ නදුන්.. මිශ්‍ර පාසලක සීනියර් කෙනෙක් එක්ක යාළු උන කෙල්ලෙක් අපිට වඩා පහල පන්තියක හිටියොත් එයාලා ඉන්නේ අපිටත් වඩා උඩින්.. ලොකුකම ඔළුවේ තියන්.. ඉතින් ඒ වගේ වෙලාවට වැඩ කරන්න අමාරු බව තේරෙනවනේ.. අනික ඉතින් ඒකටම හරි යන්න සීනියර්ලත් වැඩ කරද්දි අපිට නෝ කතා තමයි..
Deleteඅපි ඉතින් තාමත් මැද පෙල තමා....
ReplyDeleteමැද පෙලට........... ජය වේවා!!!! හයියෙන්..... ජය වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
ජය වේවා!! සුභ වේවා!!
Deleteමැද පෙලේ වටිනකම එහි හිටි ඈයෝ දනිත්... :)
හෙහ් හෙහ් ත්‍රාසය / භීතිය / කුතුහලය / ආදරය / අරක්කු / සිගරට් / පිරි A/L කතා
ReplyDeleteබලමුකෝ ඒවත්
මේවයේ ඉතින් භාගෙට භාගයක් උඹ දන්නවනේ.. අමුතුවෙන් කියන්න දේවල් තීනවයි..
Deleteමරු මැද පෙළක්නෙ...
ReplyDeleteනැතුව නැතුව ඉතින්... :)
Deleteoya wage pissu wada scle yana kale arenna ai kawada karannada ayya.ape set ekat ohoma tama.o/l karana kale api bahira wadat kala,pissut natuwa,wibaget hodata karagatta.a unata potha badagena hitapu ayage result kisi wadak ne.dan itin a/l class wala idan hodata pissu natanawa.ehenam api balamuko.....ayya a/l class wala idan karapu pissu wada monada kiyala.......
ReplyDeleteඒක නම් ඇත්ත තමා.. අපිත් ඉතින් පන්තියේ හිටියට වඩා හිටියේ එළියේ.. එක්කෝ ඔෆිස් එකේ.. නැත්නම් වෙන වැඩක.. ආයේ මේ කාලේ එන්නේ නෑ නංගියේ.. ඒ නිසා වැරදි වැඩ නොකර දඟ වැඩ කරන්න හොදේ.. ඒ වගේම විභාගේ ගැනත් හිතන්න..
Deleteපාසල් කාලය තරම් ලස්සන කාලයක් නම් ජිවිතේ තවත් නෑ අයියේ..මතක් වෙද්දිත් ආස හිතෙනවා..හොද නරක ඔක්කොමත් එක්ක ඔය අයියගේ පාසල් මතකත් තියෙන්නේ ලස්සනට..A/L වල නම් රස කතා ගොඩක් තියන පාටයි..බලමුකෝ එහෙනම් ඒවත්....
ReplyDeleteඅයියට නම් අර තනියම කාපු කෑමේ රස තාමත් දැනෙන පාටයි නේද..? (හේ..හේ..)
හොදම ටික පටන් ගන්නේ ඉස්සරහට.. ගොඩක් හිනාවෙන්න බලාගෙන එන්න මේ පැත්තට.. ඒ කෑම කොහොම අමතක කරන්නද?
Deleteහලේ මම හිතුවේ අපේ නඟා ඇත්තටම තරහා උනා කියලා.. :)
ආරාධනවක් නොකලත් ඉතින් අයියගේ රස කතා බලන්න නම් අමතක නොකරම එනවා....
Deleteතරහා උනේ නෑ ටිකක් දුක හිතුනා..හැබැයි දැන් නම් නංගා දන්නවා පිස්සු අයියගේ හැටි....(හේ..හේ..)
ඒකනේ ඒකනේ.. :)
Deleteහම්මේ ඇති යන්තම්.. මට පිස්සු බව තේරුනා නම්... ;)
oooooooooooooo
ReplyDeleteබින්දු ගොඩක් මොකද මන්දා??
Deleteකලින් ඉස්කෝලෙ ගැන ලියල තිබ්බ කතා ටිකත් කියවල තියනව. ඒ කාලෙ තරම් සුන්දර කාලයක් ආයෙ එන්නෙ නෑ.
ReplyDeleteනැතුව නැතුව.. ඒකනේ කියන්නේ
Delete" එනවානම් අපෙ දිවියට ආසයි ඒ ලස්සන කාලේ.." කියලා..
හ්ම්ම් මාර දේවල් තමයි ඉස්කෝල යන කාලේ වෙන්නේ.. මමත් ඉස්කෝල අත්දැකීමක් ලිව්වා . බලන්න.
ReplyDeleteඉස්කෝලේ මතක නොලිය උන බ්ලොග් එකක් නැති තරම්.. හලි මම හෙමීට ඒ පැත්තේ ඇවිත් බලන්නම්.. :)
Deleteඉක්මන් කරලා ඉතුරු ටිකත් දැම්මනම් නේද හොද?
ReplyDeleteහරි හරි... ඉඩ තියෙන වෙලාවට ලියන්නම්...
Deleteදවසක් මටත් ඔහොමම විය ඉස්කෝලේ
ReplyDeleteප්‍රිෆෙක්ට් එකෙක් මට ගහන්න ආ වේලේ
කාගෙන හීටිය ඇරෙනා තුරු ඉස්කෝලේ
දුන්නා ඌට නාහෙන් බේරෙන්නට ලේ :D :D
දෙන්නනම් හිතුනා මටත් ලේ බේරෙන්න
Deleteඒත් බෑ උන් බලගතුයි බෝම
නැති වෙන්නේ මගේ තැන හින්දම
ඉවසන් හිටියා කරන්නට දෙයක් නැතුව... :)
// පන්තියක් බලා ගන්න ලැබෙනවා කියන්නේ ඉතින් නරියට කුකුළ්ළු//
ReplyDeleteසත්‍යය නොවසා ඉදිරිපත් කිරීම ගැන ස්තුති.
එදා ඇහුව වගේ ෆාමසියෙත් මෙහෙමද ? :)
ඕකේ ඉතින් මොනා හංගන්නද සෑමා.. ඇත්ත කතාව ඕකනේ.. මිශ්‍ර පාසලක් උනාම..
Deleteහෙහ් ෆාමසියෙත් ඉස්සරහට ඒ තත්වෙම තමා.. අපේ දෙවෙනියා යන්න යන්නේ... :)
මගුලයි ෆාමසියේ කෙල්ලෝ පව්ය !
Deleteඋඹලා අපි ගැන හිතන්නේ ඔහොම තමයි ඉතින්..
Deleteඅයියෝ සල්ලි... ගුටි කාලා ඊට පස්සෙ රිටන් එක දෙන්න එපැයි මලේ?
ReplyDeleteදෙන ඕනකම නම් තිබුනා අයියේ.. ඒත් අපිට විහින් කන්න වෙන නිසා නිකන් හිටියා..
Deleteඅඩේ අපි වගේමනේ...මරු ඈ.....මේ අයියේ අහන්නමයි හිටියේ...එක්කෝ ඕන්නෑ...
ReplyDeleteඅපිත් ඉතින් ඉස්කෝලේ ගියානේ.. එක වගේ නොවී කෝමද?
Deleteමොනාද මොනාද අහන්න ඕන??
අලේ මන්දා ඉතින් එකකො ඕනි නෑ අයියේ...මම අහන්න ගියෙ අර කිකිළියො ගැන..ඒවා ඕනි නෑ අෆ්ෆා...මට ලැජ්ජයි වගේ....
Deleteහා හා.. ලැජ්ජනම් අහන්න එපා.. මටත් දෙන්න උත්තර නැති වෙයි..
Delete( ත්‍රාසය / භීතිය / කුතුහලය / ආදරය / අරක්කු / සිගරට් / පිරි A/L කතා… )
ReplyDeleteත්‍රාසය / භීතිය / කුතුහලය / ආදරය නම් ඉතින් කමක් නැ
එත්...............
අරක්කු / සිගරට් නම් හ්ම්ම්ම්ම්ම්............ :(
_____සිහින මදාරා______
මුළු පෝස්ට් එකෙන්ම අන්තිමේ අල්ලන් තියෙන්නේ ඒ කෑල්ල.. අනේ ඇත්තට ඉතින්.. ගුටි කාපු එකවත් ඇහුවේ නෑනේ.. :)
Deleteසංගීතය ගැන කියපු සිද්දිය මට වුන සිද්දිය වගේ. සංගීතයට ගියෙත් අර කියපු හේතු නිසා.9 වසරේදී කට හඬ ගොරෝසු වුන නිසා සින්දු කීමේ හැකියාව නැතුව ගියා. ඒත් පැට්‍රිකල් වලට මට C එකක් තියෙනවා. මාරයි නේ. අපි දෙන්නටම එකම දේ වෙලා තියෙන්නේ.
ReplyDeleteදාන්න අසාර් අයියේ පහක්.. ඕන ඉතින් මේ අපි වගේ කරන්න දෙයක් නැතුව එකක් තොර ගත්ත් අයට පොදු දේනේ.. :)
Delete:) ඇත්තටම ඉස්කෝලේ කාලේ නම් මතක් වෙනකොටත් ආසයි! :)
ReplyDeleteඒ කාලේ තරම් සුන්දර කාලයක් ජීවිතේට ලං වෙන්නේ නෑ ආයෙම..
Deleteමම මේ කල්පනා කරන්නේ, ඇයි අපට අතීතය අමතක කරන්ට බැරි කියලා. :)
ReplyDeleteමොන අතිතයක් අමතක කලත් ඉස්කෝලේ කාලේ කොහොම අමතක කරන්නද අක්කේ..
Deleteඅර කතා ටිකත් ලියන්න එහෙනම් !!!
ReplyDeleteලියන්නම් අයියේ හෙමීට...
Deleteහරි හරි නොකිව්වට මොකෝ.. ආර පට්ටම් කාරයින්ගේ ගුටි කැවේ ඔය කිව්ව වැඩේම හන්දා නෙමේනේ.. හරි ..හරි .. රහසින්නෙ ඉතින් කිවේ..මං කාටත් කියන් නැ අලේ.
ReplyDeleteකාටවත් කියන්න එපා ඉතින්.. ඔහොම කෑ ගහන්න හොද නෑනේ.. :)
Deleteඋගතුන් හා බුද්ධිමතුන්..හොද වර්ග කිරීමක් මල්ලි...
ReplyDeleteමම නම් පන්තියේ පසු පෙළ උන්නේ....
ඒත් දැන් උගතුන් ඉන්න තැනම ඉන්නවා...ගොලුබෙලි ගමනින් ඇවිත්...
ගොළුබෙලි ගමනින් උනත් එතනට ආවනේ අක්කේ.. අන්න ඒකයි වැදගත්.. බුද්ධිමතුන් බිහි වෙන්නේ පසු පේලි වලිනි කියලා කියනවනේ..
Deleteඉක්මනට ලියපං දිනේෂ්... ස්කෝලේ කතා නම් කියලා වැඩක් නෑ... මරු...
ReplyDeleteඅපි කවුරුත් කැමති ඉස්කොලේ කතා කියවන්න.. ලියන්නම් අයියේ..
Deleteආ.....ආ.....හොඩම හලිය පසුවත නේ......බලමුකො බලමුකෝ.......^_^
ReplyDeleteඔව් නේ... හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කිවුවලු..
Deleteමේවා කියවද්දී අයෙත් ස්කෝලේ යන්න තිබ්බනම් කියල හිතෙනවා..
ReplyDeleteඑල එල ඉතුරු ටිකත් දාමු ඉක්මනටම
ආයෙම යන්න තියෙනවනම් ඉතින් කවුද අකමැති...
Deleteඔන්න මගෙ නමින් තියන බ්ලොග් එකට ආවා.ඉස්කෝලෙ කාලෙ එක දවසක්වත් ගුටි කාල නැත්නම් ඒකෙත් ගතියක් නෑ.
ReplyDeleteමට මේ වර්ණ අදනේ සෙට් උනේ.. නම් එක උනාම මොකො.. ඉන්න මමත් ඒ පැත්තේ එන්නම්..
Deleteඑක දවසක් නෙමේ කි දවසක් නම් ගුටි කලා ගුටි දීලා ඇත්ද?
මෙහෙ ඉස්කෝල කතා නම් ලියන්න බැහැ..අපේ අය කෙලින්ම වැරදි චිත්‍ර මවා ගන්නව....මම ලංකාවෙ 4 ට විතරයි ගියෙ....ඒත් පොඩි පොඩි සිද්දි නම් තියනව අමතක නොවෙන...
ReplyDeleteඒ ගැනනම් එකගයි.. මොකද මෙහේ සමාජ පරිසරයත් එක්ක ඕවා ලියන එක අමාරුයි.. සැර බාල කරලවත් ලියමු..
Deleteමෙහෙම කතා මටත් තියනවා. මමත් ඒ ලෙවල් කොමස් කලේ, හිටියෙම බුද්ධිමතුන් එක්ක. එහෙම පුලුවන්ද වෙන වෙන තැන් වලට යන්න?
ReplyDeleteනැතුව නැතුව.. බුද්ධිමතුන්ගේ තැන දාලා කොහේ යන්නද?
Deleteහෙමීට කතා ටිකක් ලියමු නේ අයියේ.. අයියා ඒ ගැන ලියලම නෑ වගේ මටනම් මතක..
හිහිහී.. වෙලාවට සංගීත මාස්ටර් අර වගේ අනිත් අය ගැන හිතලා කාර්යයක් බාර දුන්නෙ.. මං හිතන්නෙ වැඩියෙන් ලකුණු දුන්නෙ සංගීතය කල ළමයිගෙ කන්දෙකට නිවාඩුවක් දුන්න නිසා වෙන්න ඇති දිනේෂ්ට.. එහෙම නැතිනම් සර්පිනාවෙ හඬයි දිනේෂ්ගෙ හඬයි ටැපලුනාද කවුද දන්නෙ.. :P
ReplyDeleteමට ඉතින් මේකට හොද උත්තරයක් දෙන්න හිතෙනවා.. එක්කෝ ඕන නෑ.. :)
Deleteමටත් ආයෙ ඉස්කෝලෙ කාලෙ මතක් වුනා..
ReplyDeleteගුටි කාපු එක ඇරෙන්න අනිත් කතා මටත් පොදුයි..අපි නම් පන්තියෙ පේළි සතියෙන් සතිය මාරු වුනා මතකයි..ඒක නිසා උගතුන්වත් බුද්ධිමතුන්වත් බිහිවුනේ නෑ..
අපෙත් මුල්ම කාලේ ඔහොම දෙයක් පටන් ගත්තා.. ඒත් ඉතින් හරියට කෙරෙන එකක්යැ ඕවා.. ඉතින් හැමදාම මැද පෙල තමා අපි...
Deleteඉස්කෝලෙ කාලෙ පිස්සු වැඩ නොකල නම් කොහොමද මේ වගේ රසවත්ව මතක් කරන්නෙවත්..කොල්ලොනම් කොහොමත් දගයිනෙ කිව්ව හැකි ඒත් ඉතින් කෙල්ලොත් දග වැඩ කරයිද? අපොයි මමත් ඔන්න ඔය වගේ දග මල්ලක් නම නොගෑවී බේරගත්තු වැජ වගේම නම ගෑවිල පල් වුණ වැඩත් අප්‍රමාණයි..නමුත් පාසලේ ශීෂ්‍යනායිකාවක් වෙලයි මමත් පස්ස බැලුවේ...
ReplyDeleteහැබැයි ගුටි කාල නිශ්ශබ්ද වුණ එකටනම් විරුද්ධයි..දෙකක්වත් ඇන්නනම් තමයි හොද..
ඉතුරු ටිකත් බලන්න එනවා ලියන්න හොදේ...
නරකද ඉතින් ඒ ගැනත් ඉදලා හිටලා බ්ලොග් එකේ ලිවුවනම් අපිටත් කියවන්න...
Deleteඇත්ත දෙකක් අනින්න තමා තිබ්බේ.. නැත්නම් පහල ඇනෝ සද්දේ දාලා යන්නේ නෑ... :)
හික්ස්... අයියා පිස්සු නටලම නෑනේ ඒ කාලේ.. මරේ මරු..
ReplyDeleteහෙහ්.. මෙහෙමනේ නංගියේ.. නෑ එක්කෝ ඔනේ නෑ.. මට පිස්සු කියලම හිතා ගන්නකෝ... :)
Deleteඅපේනම් පේලි සතියෙන් සතිය වෙනස් වුනා. අන්තිම පේලියේ ඉන්නකොටනම් වැඩ කලේම නැති තරම් :D
ReplyDeleteහෙහ්.. වැඩ කලේ නෑ කිවුවට ඔය කැම්පස් ගිහින් උපාධියත් අරන් තියෙන්නේ හරි අපූරුවට..
Deleteඉස්කෝලේ කාලේ රස කතා නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ නේද ?
ReplyDeleteඒවා ඉතින් කොහොම අමතක වෙන්නද?
Deleteමැද පෙල.. සිරාවටම ඔහොම පෙලක් තියනවා තමයි......
ReplyDeleteඔන්න මං තුමා එක පෙලකට වර්ග කරන්න බෑ... එක එක ගුරුතුමාට අනුව මම පන්තියෙ ස්තාන මාරු කරනවා... ඉතින් සමහර ගුරු වරුන්ට ඉදිරිපෙල වෙද්දි සමහර ගුරුවරුන්ට පසු පෙල... ඉතිහාසය උගන්නපු සර්ට විතරක් මැද පෙල .. ඉන්ගිරීසි ටීචර් නම් මන් තුමා කියල එකෙක් හිටිය කියලවත් දන්නෙ නද්ද කොහෙද
සෑහෙන සතුටුයි නේ.. අයියට ඉංග්‍රීසි ටීචර්ව මතකද? :)
Deleteඅපිත් ඔය විශයේ හැටියට පේලි මාරු උනා A/L වලදි නම්..
මෙහෙම කිව්වට තරහ වෙන්න එපා තව ටිකක් පිරීමි ගතිය පේන්න වැඩකරපන් මේ බ්ලොගේ දකින එවුන්ට හිනායනවා නිකං කෙල්ලෙක්ගෙ බ්ලොගයක් වගේනෙ නිකං බොළඳ කතා දාලා පොරවෙන්න හදන්න එපා නිකං මඩමක් වගේනෙ මේක අප්පිරියයි
ReplyDeleteඔයාගෙ ලිංගමාරුවක්වත් උනාද එහෙනං මොනා කරන්නද ඔයා පවූවූ
දැන් අවුරුදු දෙකක් තිස්සේ මේ බ්ලොග් එක කී දෙනෙක්නම් දැක්කද? ඒ ගැන ඔබටම හිතුන එකනේ පුදුමේ.. පොරක් වෙන්නනම් කිසිම උවමනාවක් නැත..
Deleteඒ කව්ද බන් මේ මහා පුරුෂයා.... බුදු අම්මේ පුදුම පෞර්ෂත්වයක් තියෙන්නේ... බලාපල්ලකො වචන වල තේජස විතරක්..
Deleteසැහ්.. කොන්දත් පොඩ්ඩක් පන තිබිල නමින් දැම්මනම් මේ කොමෙන්ට් එක වැඩක් නෑ කියලා
aasa nathnam nobala inna ekane thiyene
Deleteමැද පෙළ පිතිකරුවො ටික නියමයි. තරගය තරඟයකින්ම ඉනිම නමාකරලා. හැබැයි අර සංගිත මාස්ටර් කල්පනා කරන්න ඇති මේකා සංගිත ඉගනගෙන සිංදු කිව්වොත් අපිට දෙයියන්ගෙ පිහිටයි.කියලා බැරිවෙලාවත් ඒ හඬට ගැලපෙන්න ජෝති පාල කෙනෙක්වත් වුනා නම්.
ReplyDeleteකියන්න බෑ.. එහෙම හිතෙන්නත් ඇති.. කලාව වෙනුවෙන් කියලා හිතලා මට " C " පාස් එකක් දීලා ශේප් වෙන්න ඇති.. :)
Deleteඅපෙත් ඔහොම පංතියේ වර්ගීකරණයක් තිබුනා. අපේ පංතිය තිබුනේ දෙපැත්තට බෙදලා ඒකේ වම් පැත්තේ හිටියේ පාඩම් වැඩ විතරක්ම කරන ඉන්ගිරිස් විතරක්ම කතා කරන අමුතුම සෙට් එකක්. එයාලා හයි ක්ලාස් එයාලා දකුණු අත පැත්තේ ඉන්න අපි දිහා බැලුවේ කිසිම චාරයක් නැති කැත සත්තු ටිකක් දිහා බලනවා වගේ.ඒත් දකුණු පැත්තේ හිටපු අපි තමා ඉස්කෝලේ හොද පැත්තෙන් වගේම නරක පැත්තෙනුත් ප්‍රසිද්ධ උනේ.
ReplyDeleteඑහෙම බලද්දි අපේ පෙල හොදයි වගේ.. මොනා උනත් පන්තියේ සමගියෙන් හිටියනේ.. කොහොමත් හැමදේටම ඉස්සෙල්ල කැදවන්නේ මැද පෙල අය තමයි..
Deleteහරි, අපි බලා ඉන්නවා.
ReplyDeletehenryblogwalker the Dude
හෙමින් සීරුවේ ලියන්නම් අයියේ.. :)
Deleteනියම ස්කෝලේ නේද අය්යා.....? ඒ කාලේ ඔයා එක්ක කතා කරන්න ලැබෙන එකත් මන් හිතන්නේ ලොකු දෙයක් කියල.... සීනියර්ස්ලා වුනාම ආඩම්බරයි නේ... නේද?
ReplyDeleteනියම ඉස්කෝලෙද අහනවා.. ඇයි.. දැන් හිතෙනවද අපරාදේ මේකා එක්ක කතා කලේ කියලා... :)
Deleteහොඳයි කියලා හිතාගෙන ඉන්න මේ කොල්ලත් ඒ ගමන් අරක්කු සිගරට් ගැන කියන්න ලෑස්තිය නේද? බලමුකො බලමුකො
ReplyDeleteඒක නෙමේ අන්න නියම පිරිමියෙක් ඇනෝ කමෙන්ට් එකක් දාලා. මාර ආත්ම විශ්වාවයක් තියන පිරිමියෙක් හැබැයි නමින් එන්නවත් කොන්ද පණ නෑ.
හලේ ඉතින්.. ලියන්න කලින්ම තර්ජන දානවනේ අපේ මේ අක්කලා.. ඒකනේ බැරි..
Deleteදැක්කෙමි දැක්කෙමි.. ඒක එයාලගේ කැමැත්තනේ..
ඊලගට පටන් ගන්නේ ත්‍රාසය / භීතිය / කුතුහලය / ආදරය / අරක්කු / සිගරට් / පිරි A/L කතා…
ReplyDeleteහප්පටසිරි එච්චර තියේ ද :ඩ් එළ එළ ඊලග එකත දාන්නකෝ
ඊට වඩා තියේ.. ආවම කියවලා බලන්නකෝ.. :)
Deleteදිනේෂ් අයියේ මම ඔයාට වැඳලා කියන්නං....ඔය ප්‍රිපෙට්ලගේ කතානම් එපා හරිද?මතක් වෙද්දිත් මරං කන්න හිතෙන්නේ....
ReplyDelete