Friday, 8 June 2012

ඇගෙයි මගෙයි කවි කම 4

ඔය ඇස් කවදාවත්ම කදුළක් හෙලනවා දකින්න මම ආස කලේ නෑ.. ඒ ඇයි කියන්න ඔයා මම විතරක් නෙමෙයි මුළු ලෝකෙම දන්නවා.. මම ආදරේ කල ඔය හිනාවට.. මහා ලොකු බලාපොරොත්තු නොතිබුන ආදරයක මට තිබුන එකම එක බලාපොරොත්තුව ඔයාගේ හිනාව.. මම  ඒ හිනාවට ඒ තරමටම ආදරේ කලා..

ඇය

නෙතග බොද කල කඳුළු බිංදුව
සගවාගෙන හිතින් තව මම
නුඹට නොපෙනෙන්නට සිනාවෙන
පවුකාරියක්ද නොදනිමි මම..

හදන්න කලින් නවාතැනක් මගෙ ලොව
හැමදාම අපුරුවට සිනාසුන නුඹට
නිමක් නැති කඳූළු ගඟක් ලං කල
පවුකාරියක්ද නොදනිමි මම..

හඬන්න මට ඉඩ දෙන්න
නුඹේ ඔය ආදරය වෙනුවෙන් වත්
මගේ කඳූළු අරන් නුඹ සිනහව දුන්න
පවුකාරියක්ද නොදනිමි මම..

අනේ මට සමාවෙන්න
මෙතරම් කඳුළු නුඹට ලං කලාට
වදනින් එය නුඹට පවසන්න බැරි
පවුකාරික්ද නොදනිමි මම..

හිනැහෙන නුබේ හිත ලග
මහා දුකක් දැනෙනවා මට
ඒ දුක නුඹට ලං කල
පවුකාරියක්ද නොදනිමි මම..




මම

නුඹ හිනැහෙන්න කදුළු සගවාගෙන
කඳූළු බර වැඩියි ඔය හිතට
දෙන්න ඔය සුසුම් මගෙ හිතට
හඩන්නම් මම රහසින්
රන්දා සිනහව ඔබේ මුව ලග..

නිල් දෙනෙත් ලග රැදුන
සිනහව පින්බරයි මගෙ හිතට
දැකගන්න හැමදාම නොවෙනස්ව
පාරමී පුරනවා මම
නුඹ මදහස පෑ දිනේ හිද..

නුඹේ කදුළු මට දුන්නට
පවු නැහැ කවදාවත් නුඹට
මම ඉන්නම් හැමදාමත් නුඹ ලගින්
නුඹේ ලොකෙට සිනහව
ආදරෙන් කැන්දන් එන්න..

සිහින ලොවේ දෙවුලියක්
වාගෙයි නුඹ හිනැහෙන කොට
ඔය නෙතු ලගට වී රහසින්
පිසලන්නට වැටෙන කඳුළු
අවසර දෙනවාද මට සොදුර..


 ..................................................


විශේෂයි : තුහින වර්ෂා කතාවේ “ මහීන් - වර්ෂා ”  ආදරයට මමත්, ප්‍රාර්ථනත් එකතු කරපු අතුරු කතාවක් කියවපු නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් බලන්නකෝ..

අති විශේෂයි : මම මේ අවුරුද්ද ඇතුලත ලියපු 100 වෙනි පෝස්ට් එකලු මේ.. ඒ වගේම අවුරුදු දෙකක් පේන මානයේ ඉන්න මගේ බ්ලොග් කෙරුවාවේ 351 වෙනි පෝස්ට් එකලු මේ.. 

67 comments:

  1. දයාබර වූ කවියක්..අහිංසක ආදරයක්..
    දුක්බර කවියක් වූ අරුමය..

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට ආදරණිය දේවල් උනත් දුකක් වෙනවනේ අක්කේ.. මේකත් ඒ වගේ..

      Delete
    2. මල්ලී මම අද අහමබෙන් හරි එක වෙලා නේද? හිහි.. සතුටුයියෝ...

      Delete
    3. ඒකනේ අද අක්කා එක.. කමන්ට් මොඩරේට් නිසා පල්ලෙහා තරගෙකුත් ගිහින්... :)

      Delete
  2. මරු කවි ටික...මෙ අවුරුද්දෙ ශතකයට සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මලයා..

      Delete
  3. අද නම් එක වෙනවමයි

    ReplyDelete
    Replies
    1. අදත් පරක්කුයි නේ බට්ටි අක්කේ... :)

      Delete
  4. Replies
    1. හයියූ මේ අක්කලාගේ තියෙන තරගේ.... ;)

      Delete
  5. දුක හිතෙන කවි සෙට් එකක්නේ අප්පා......

    500 ට බැට් කරන්න ඉක්මණින් හැකිවේවා

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි හසිත මලයා..

      500ටනම් තව ටිකක් දුරයි නේ.. අනික දැන් ටිකක් හෙමින් යන්නේ මම.. :)

      Delete
    2. අහල තියනවද මල්ලි SLOW BUT STEADY කියල කතාවක්. ඒ හින්ද ඒ ගැන හිහන්න එපා.

      Delete
  6. හැමදාමත් වගේ ඉතින් මෙ කවිකම්නම් හරිම අපූරුයි. සුබපැතුම් ඔයාගෙ 100 වෙනි පෝස්ට් එකට මෙව වසරේ.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අක්කේ..

      Delete
  7. jaya wewaa post dahas gananak liyanna shakthiya saha adahas labewaa...
    hamadaama wage dennage kawi harima lassanai :)

    ReplyDelete
    Replies
    1. දහස් ගානක් තව දුරයි නේ පාට පාට නංගී.. අපි හෙමිට බලමු පුළුවන් වෙයිද කියලා.. :)

      Delete
  8. ආදරයේ සොඳුරුතාවත්...
    ආදරයේ විරහවත්...
    සිතට දනවන...
    එකම දේ..
    කඳුලයි.
    වේවා සැමදා ජය!
    ඔබේ ජයග්‍රහණයට එකම හේතුව වනුයේ... නොපැකිලි, පවිත්‍ර සිතින් මේ බ්ලොග් ලෝකයේ සියලු දෙනාට අවංකව හැකි පමණ උදව් කිරිමයි!

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත.. ආදරරේ ලගදි මේ කදුළ එකම එක පොදු දේ..

      බ්ලොග් වලට අළුතින් එද්දි ඒක කොච්චර අමාරු දෙයක්ද කියන්න මම හොදින්නම දන්නවා සඳු.. ඉතින් කෙනෙක් ස්ථාවර වෙනකන් උදවු කරන එක අපේ යුතුකමක්..

      Delete
  9. Replies
    1. ගොඩක් ස්තූතියි..

      Delete
  10. ජය වේවා මල්ලි...තව තව ලියන්න ශක්තිය දයිරිය ලැබේවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අක්කේ.. හැමදාම වගේ ඇවිත් දෙන මේ ශක්තියට..

      Delete
  11. පොස්ටුව කියෙව්වේ දැන්නේ. සුභ පැතුම් මල්ලි. ඔයා කොච්චර ලිව්වත් කලින් එකට වඩා ඊලග එක හොදයි. ඔන්න මම නම් මග බලන් ඉන්නේ කවද හරි ඔයා ලංකාවට ඇවිත් කවි පොතකුයි කෙටිකතා පොතකුයි එළිදක්වනකන්.

    ReplyDelete
    Replies
    1. පොත් ගැනනම් ඉතින් අනේ මන්දා අක්කේ.. කොහොම උනත් තැන්කූ.. හැමදාම රණ්ඩුවට හරි එනවට... ;)

      Delete
  12. ඔයාගේ පෝස්ට් වලින් මම ඇගෙයි මගෙයි කවිකමට නම් හුගක් ආසයි අයියේ..හැමදාම වගේ අදත් ඒ කවි නම් හරිම ලස්සනයි..ඔයාගේ 100 වෙනි පෝස්ට් එකට සුභ පැතුම් අය්යේ..ලගදිම අපිට Birth Day කේක් කන්නත් පුළුවන් නේද..?

    විශේෂයි:තුහින වර්ෂා කතාවේ අතුරු කතාව බැලුවා.අයියගෙයි ප්‍රාර්ථනා අක්කිගෙයි කවි ටිකනම් සුපර්...බැලුවට ඇතිවුනේ නෑ..ලස්සනම ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔව්.. Birth Day කේක් දෙන්නම්කෝ ලගදිම.. තව ටිකක් කල් තියේ හැබැයි..

      විශේෂයි : ඔව් ඔව් මම දැක්කා කමෙන්ට් එක.. මේ හුස්ම ගන්න අමතක කරන්න එපා නංගියේ... ;)

      Delete
  13. මට මේ පෝස්ට් එක කියෙව්වම මතක් උනේ මෙන්න මේ සිංදුව !

    ලියුකවි පද දහක් අතරේ...
    ලියාගන්නට බැරිව ලතැවෙන...
    එකම එක දිග පුංචි කවියක්....
    තවම ලියනවා මං.


    අහලා බලන්ඩ ලස්සන සිංදුවක්. අහලා තියෙනවා නම් ආයෙමත් අහන්ඩ ! හික්ස් :)

    ReplyDelete
    Replies
    1. අහලා තියේ.. ඒ උනාට අයියගේ සුහද ආරාධනය නිසා ආයෙම ඇහුවා.. :)

      Delete
  14. අයියාට පුලුවන් පොතක් ලියන්න දැන්..කවි පොතක් මේ ලස්සන කවි එකතු කරලා..

    මම අයියට කලින් ආවත් තාම චුට්ට චුට්ට ලියනවා..අයියා එ අතින් සුපර්..තව තවත් ලියන්න ශක්තිය ලැබෙන්න ඔනි..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. පොතක අදහසනම් ගොඩක් දෙනෙක් කියනවා.. අපි බලමුකො නංගී..

      ඔයා ඉතින් මටත් වැඩිය සීනියර් නේ.. අර අවුරුද්දක් විතර අතුරුදන් නොවී හිටියනම් ඔයා තාමත් මට වඩා ගොඩක් ඉස්සරහන්.. මම කිවුවේ ලිපි ප්‍රමාණයෙන්.. අදහස් වලිනුයි පරිනත බවෙනුයි ඉතින් ඔයා ඉස්සරහින් ඉන්නේ..

      Delete
  15. පස්ට කවි ටිකක් අදත්... සුබ පැතුම් 100ට !

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අයියේ..

      Delete
  16. මේ අවුරුද්දෙ 100 වෙනි පොස්ට් එකටත් සුභ පැතුම්.. ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා...

    ඇයගෙ කවිය කියවද්දිනම් හිතුනේ .. දිනේෂ් මොකක් හරි මගොඩි වැඩක් කරල කියලා..

    දිනෙෂ් ගේ කවියෙන් ලස්සන උත්තරයක් දීලා තියනවා

    අපූරුයි

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අයියේ..

      හෙහ්.. ඒ මොකො අයියේ එහෙම හිතුනේ?? මගොඩි වැඩක් ගැන??

      Delete
  17. හද පත්ලෙන් පැන නගිනා උණුසුම් සුබ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. හෙහ්... තැන්කූ තැන්කූ අක්කේ... :)

      Delete
  18. කවියකින් කොයි තරම් දේවල් කරන්න පුළුවන්ද? ආදරේ කරන්න, බිඳුණු ආදරේ දුක දරාගන්න උදවු කරන්න, බනින්න, උපහාසාත්මකව සිනාවෙන්න........... ගොඩාක් දේවල්.
    -sindu-

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම කවිය වෙලාවකට ආයුධයක්.. වෙලාවට හිත සනසන පිහාටුවක්..

      Delete
  19. නියමයි මචං. මේ අවුරුද්දේ 100 ටත් සුභ පැතුම්. කොහොම කලත් මට උඹ දාන පොස්ට් වලින් කොටසක් මග ඇරෙන එක තමා දුක. කමෙන්ට් දැම්මේ නැතත් පස්සේ හරි කියවනවා. ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. දැන් වෙනදා තරම් වේගෙන්න් ලියන්නෙත් නෑනේ අයියේ.. කමක් නෑ.. අයියට පුළුවන් වෙලාවක බලන්නකෝ..

      තැන්කූ වේවා!!

      Delete
  20. වෙනදා වගේම මැක්සා කවි ටික. මේ අවුරුද්දෙ 100 ට සුභ පැතුම් ලොකු අයියේ !

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මලයා.. හැමදාම ඇවිත් දෙන මේ සහායට..

      Delete
  21. ඇගේ හසරැල්
    මසිත පැතමයි..

    ලස්සනයි මල්ලි කවි ටික..
    සුභ පැතුම් 100 වෙනි පෝස්ට් වලටත්.

    ReplyDelete
    Replies
    1. ඒ හසරැල්ල
      ජීවිතේ එකම
      පැතුම..

      තෑන්ක්ස් අක්කේ... :)

      Delete
  22. Mey awurudde "shathakayata" suba pathuma,,,, hamadama lassanata liyanna labewaaa,,,
    Kavi tika harima lassanai,,, dukai nam thamai,,,,,
    Kumari akka,,

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි කුමාරි අක්කේ හැමදාම මම ලියන දේවල් කියවන්න එනවට.. අක්කා තව කාගෙද බ්ලොග් බලන්නේ??

      Delete
    2. Lassanata liyala thiyena novels, nisadas. Balnna man asai. Ithin ewa hoyana man kiyawanawa. Thhina warsha asawen kiyewwa langadi.
      Oyath lassana novel ekak liyanna malli. Oya liyana vidiya hithata danennawa.
      Man dan hari busy. Ape kachalwathi & kachalsena dennama gedara (duwa & putha).
      Sunday api ithali bala yanawa.
      Mata hari sathutui mawa oyage blogg eken piligathathata.
      Kumari akka

      Delete
  23. අයියා මොකටද දැන් කවි කම .. ෆේස් 2 ෆේස් පුලුවන්නේ දැන්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්... මොකක් ගැනද මලයා මේ කියන්නේ??

      Delete
  24. 100ටයි 351ටයි පේනමානයටයි ඔක්කොටම
    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා.. තැන්කූ වේවා..

      Delete
  25. කවිටික ලස්සනය් දෙන්නගෙම වෙනද වගේම
    100ට සුබපැතුම්!! 400ටත් ළඟදීම සුබපතන්න එනවා..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි..

      අවුරුදු දෙකේ සැමරුමත් එක්කම පුළුවන් උනොත් 400 දෙන්නම්... :)

      Delete
  26. තව තවත් ලිපි දන්නා හැකි වේවා!!. හොඳ කවි කාරයෝ දෙන්නෙක් මොකද වුනේ ඉතිං..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අයියේ.. ඒ අවසානය ගැනනම් ඕන තරම් ලියවිලානේ තියෙන්නේ..

      Delete
  27. උණුසුම් සුභපැතුම් මල්ලි. දවස් දෙකකට පොස්ට් එකක විතර සාමාන්‍ය වේගයක්.. ඔහොම යං.. මම කලින් ප්‍රර්තනාගේ අතුරු කතාව කියෙව්වා දාපු දවසෙම. නියමයි මල්ලි.. ඔයාට හොඳ කවි කමක් පිහිටලා තියනවා.

    ReplyDelete
  28. සියවෙනි පෝස්ට් එකට සුබ පැටුම්....එත්තලයි....:/ :(

    ReplyDelete
  29. අක්කා ගැන පුදුමයි මට.කොයිතරම් ආදරයක් තිබිල තියනවද ඒ හිතේ.

    අක්කාගෙ හිනාවෙනකොට ගොඩක් ලස්සන ඇති නේද අයියේ.කවි පද වලින් මම ඒ හිනාව දැක්කා.

    ReplyDelete
  30. ඇගෙයි මගෙයි කවි කම් ටිකත් ලස්සනයි. ඒ වගේම මේ අවුරුද්දෙ 100 ටත් මේවගේ තවත් දුර 1000 ලියා වාර්තාවක් තැබිමටත් ශක්තිය සහ ධෛර්යය ලැබේවා..

    ReplyDelete
  31. ලස්සන කවි ටික අයියා!!! හිත ඇතුලටම දැනෙනවා වචන ටික......

    ReplyDelete
  32. හරි පුදුම ආදරය
    ලොවම මන් මත් කරන
    දුක සතුට ගලා විත්
    කරයි ලෝකය පුදුම

    කඳුළු බිඳු වැටෙන්නට
    මුතු සිනහ මවන්නට
    හැකිද අන් කිසිවෙකුට
    ආදරය හැර ඔබට

    දිවි මගේ එලිය දුන්
    එකිනෙකා ගැන ලියන
    බ්ලොගය මා නිති දකින
    ජයෙන් ජය වෙයි ඔබට

    ReplyDelete
  33. Man google acc. Ekak hada gaththa. Mey testing. Balanna harida kiyalA😄

    ReplyDelete
  34. දුක හිතෙන්වා..:( ම්ම්ම්ම්ම්ම්..... අයියාගෙ පෝස්ට් දෙගුණ තෙගුණ වෙලා තව තවත් ලියන්න ශක්තිය ලැබේවා..

    ReplyDelete
  35. හම්මටසිලි සුබ පතනවා 351ටම........තව යමු ඉස්සරහටම........

    ReplyDelete
  36. පහුගිය දවස් ටිකේ මට පෝස්ට් තුනක් කියවන්න වෙලාවක් තිබුණේ නැහැ.ඔන්න දැනුයි කියෙව්වේ.

    ආදරය අපූරුවට නිසදැස්වලට ගන්න දිනේෂ් අයියට කියලා දුන්නේ කව්ද ආ......?එයාද?

    මේ අවුරුද්ද ඇතුළත 200ට යන්න හොඳටම පුළුවන් කම තියනවනේ...hurry up ..ජය!!!!

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්