Wednesday, 20 June 2012

රේඩියෝව - පූස්පාර්ට් යාළුවෝ 1




“ ආ වැඩට යනවා වගේ..”

“ නෑ.. මේ මම වැඩට යනවා..”


ලංකාවේ කට්ටිය එක්ක එකම තැන හිටියා උනාට උදේ හවස දැකලා එන යන වෙලාවට කතා බහ කරන සිල්වත් ප්‍රනාන්දුත් මගදි හම්බුනාම කතා කරන විදිහ ඔවුන් දෙන්නටම පුරුදු නිසා කවුරුවත් ඒක ලොකු දෙයක් හැටියට දැක්කේ නෑ..


“ මේ ඒක නෙමෙයි.. අපේ පරණ ගේ බඩු වගයක් අස් කරන්න තියෙනවා.. තමුසෙත් එනව.. පස්සේ හවස ටිකක් සෙට් වෙන්නත් බැරිය..”


“ උදවු වෙන්න නම් එන්නම්.. හාපෝ පිස්සුද.. මට ගෑස්.. උදේට විදවන්න වෙන්නේ..”


“ හැමදාම නෙමයිනේ සිල්වා.. හවස එනවා වැඩ ඉවර වෙලා.. මට අද නයිට් ඩියුටිත් නෑ..”


“ කමල්ලත් එනවද? නැත්නම් එකට බීලා හෙට උදේ වෙද්දි අපේ පවුලට කතා කරලා ගින්ණ දේවි..”


“ හරි හරි.. තමුසේ බය නැතුව එනවකෝ..”


එකම තට්ටු නිවාසයේ යාඹද නිවෙස් වල නැවතිලා හිටියත් කමලුත් සිල්වත් අතරේ පුංචි හිත් අමනාපකම් තිබ්බා.. කේලාම් කීම තමයි ප්‍රදානම.. කෑමක් බීමක් බෙදා ගත්තට කවදාවත් එකට බොන්නේ නෑ කියලා තමයි සිල්වා නම් හිතාගෙනම හිටියේ..


“ අපෝ බිවුවට පස්සේ ඔය යකා එක්ක කතා කරලා බේරෙන්න බෑ..”


සිල්වා නිතරම වගේ තමන්ගේ ගැලවිල්ලට කිවුවේ ඒ කතාව.. සිල්වා විතරක් නෙමෙයි කමල් එක්ක බොන්න ගොඩක් කට්ටිය බය උනා.. හැමදාම සෙට් වෙන මිතුරා උනේ ප්‍රනාන්දු විතරයි.. ඒකටත් හේතු ගොඩක් තිබ්බා..


සුපුරුදු වැඩ ඉවර කරලා ජෙට් එකක් වගේ සද්දෙන් දුම් දාගෙන එන 50cc බයික් එක කතානියා ඈත කෙලවරින් එද්දි කවුරුත් දන්නවා මේ එන්නේ සිල්වාය කියලා.. ඒ තරමටම ඒ බයික් එක කතානියා වල හැමෝම දන්නවා..


පුංචි වෙන්නප්පුවක් වගේ තිබ්බ ගෙවල් පේලියේ හැමදාම බයික් එක නවත්තන තැනින් බයික් එක නවත්තපු සිල්වා කෙලින්ම ගියේ ප්‍රනාන්දුලාගේ ගෙවල් පැත්තට.. ඒ යද්දිත් කමලුයි ළමයිනුයි ඇවිත් පරණ ගේ අස් කරන්න පටන් අරගෙනත් එක්ක..


“ Ciao සිල්වා.. අපි හිතුවා එන එකක් නෑ කියලා..”


කමල් උපහාසෙට වගේ කියන දේවල් මායිම් නොකල සිල්වා ලෙස්සලා යන උත්තරයක් දිලා කතාව මගැඇරියා..


“ හැමදාම සල්ලි හම්බුවෙන වැඩේ කරන් ඉන්න එපැයි කමල් අයියේ ඔක්කොටම කලින්..”


අතේ තියාගෙන හිටිය හෙල්මට් එකටම බයික් එකේ යතුර දාපු සිල්වා ඒක පැත්තකින් තිබ්බේ “ මොනාද දැන් කරන්න තියෙන්නේ ” කියලා අහගෙනම..


“ බර වැඩ ටික තමයි ඉතින්..”


අනුන්ගේ බර අදින්න සිල්වා එච්චරම කැමති නැති උනාට බෑ කියන්න බැරි නිසාම අකමැත්තෙන් උනත් කැමති වෙලා එහෙන් මෙහෙන් අස් කරන දේවල් අස් කරා..


කලින් හිටිය පොඩි ගෙයින් අයින් වෙලා ඒ පහලම තිබ්බ ගේකට ප්‍රනාන්දු ආවේ කලින් තැන හැරෙන්නවත් ඉඩ නැති නිසා.. පවුල ඉතාලි එක්කන් ඒමේ අරමුණත් එතන තිබුනා..


“ මේ වැඩක් නැති මගුල් නේ ගොඩ ගහන් ඉන්නේ ප්‍රනාන්දු..”


“ ඔව් සිල්වා.. වැඩක් නැති ඒවා විසි කරලා දාන්න ඕන.. මොකො කියන්නේ මේ ගමන්ම විසි කරමුද?”


“ ඔව් ඉතින්.. තව දවසකට තියා ගන්න දෙයක් නෑනේ.. ඉවරයක් කරලම දාමු..”


හවස 7 පහු වෙලා තිබ්බට සමර් එක නිසා හොදට ඉර එළිය තිබ්බා.. අදුරක් එන්නනම් තව පැය දෙකක්වත් යන නිසා හැමෝම කම්මැලි කමක් නැතුව ප්‍රනාන්දුගේ වැඩේ කරන් ගියා.. කමල්ගේ මඩ ප්‍රහාර නිසා සිල්වා නම් නිතරම වගේ හිටියේ නිහඩව..


අතරින් පතරේ එකතු වෙන කූණු මාරුවෙන් මාරුවට අරන් ගිය සිල්වා අන්තිම කුණු එක අරන් ගිහින් ටිකක් වෙලා නේද කියලා කටිටියටම මතක් උනේ ටික වෙලාවකින්..


“ පුතේ ගිහින් බලන්න මේ සිල්වා මොකෝ නැත්තේ තාම කියලා..”


ආපහු පල්ලෙහාට බහින්න අකමැති කමට ජනේලෙන් ඔළුව දාලා සිල්වාව හොයපු කමල්ගේ ලොකු පුතා, සිල්වා පේන්න නැති නිසා හිතින් බැන බැන පල්ලෙහාට බැස්සා.. සුපුරුදු දේශපාලන කතා වල හිටිය  ප්‍රනාන්දුත් කමලුත් හොයාගෙන කමල්ගේ ලොකු පුතා දුවගෙන ආවේ නවත්ත ගන්න බැරි හිනාවකින්..


“ තාත්තේ.. මෙහේ එන්නකො වැඩක් පෙන්නන්න..”


“ මොකො උනේ?”


“ කිවුවට වැඩක් නෑ.. බලන්නම ඕන.. ඉක්මනට යංකෝ පල්ලෙහට..”


පල්ලෙහාට අපු කාගෙත් හිනාව නතර වෙන්න ගොඩක් වෙලාවක් ගියා.. කුණු බක්කිය ඇතුලෙන් එලියට එස උන කකුල් දෙක දැක්කම කවුරු කවුරුත් ඒ කවුද කියලා අදුන ගන්න පරක්කු උනේ නෑ.. ගොඩක් වෙලා ඒ දිහා බලාගෙන ඇති තරම් හිනා උන කමල් ඇතුලු කට්ටිය කුණු බක්කිය ලගට ලං වෙලා එලියේ තිබ්බ කකුල් දෙකෙන් ඇදලා එලියට ගනිද්දි සිල්වා හිටියේ හොදට කුණු නාගෙන..


“ මොකෝ මනුස්සයෝ කලේ?”


තව කාලෙකට හිනා වෙන්න පුළුවන් කාරණාවක් නිසා කමල් උපහාසෙට අහද්දි ඇට්ත කියනවා ඇරෙන්න දෙන්න උත්තරයක් සිල්වට තිබුනේ නැති තරම්..


“ නෑ මම කුණු දාලා එද්දි ඉතාලි කාරයෙක් ඇවිත් අළුත්ම රේඩියෝ එකක් විසි කලා.. මම ඒක ගන්න පහත් උනේ.. පතුලෙම ඒක තිබ්බ නිසා ගන්න දගලද්දි වැටුනා..”

 

104 comments:

  1. මේ මල්ලිට උන වැඩක් නෙමෙයි නේදෝ :)

    ReplyDelete
    Replies
    1. ඔක්කොටම වඩා සංතෝසේ අපේ අක්කා ආයෙම එක වෙලා... :)

      හෙහ් හෙහ්.. නෑ නෑ මම නෙමෙයි.. මේ කතා සීරිස් එකට මම එනවා.. තව පස්සේ... :)

      Delete
    2. අඩේ....මම එක...හඃ හා

      Delete
    3. @ සයුරි: ++++ මටත් ඕකම හිතුනා :P

      Delete
    4. සයුරි අක්කා සෑහෙන කාලෙකින් එක වෙලා.. කෝ ඉතින් අපි තමා හැමදාම ඒ පැත්තේ කප් ගහන්නේ... :)

      Delete
    5. තොටියා: මේ ගොල්ල ඉන්නේ මට දෙයක් වෙනක්කමනේ.. :P

      Delete
  2. Replies
    1. තව ඉස්සරහට රසවත් කතා පෙලක් එනවා... :)

      Delete
  3. නොසිතු අකරතැබ්බයක් නේ . ඔයාලත් ඉතින් මෙහෙම දෙයක් වෙනකම්නේ බලන් ඉන්නේ :D

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.. කතන්දර සූරින් ලිපියකින්ම කිවුවේ දවසක් අපි දැන් දෙයක් වෙද්දි බලන් ඉන්නවා මේකේ ලියන්න කියලා... :)

      Delete
  4. bhashawa kathawe galaa yemata badhawak welado kiyala hithenawa..
    kohoma wunath vivida mathruka osse liyanna ganna uthsaahaya sarthakai kiyanna puluwani...:)
    good try malli...
    keep it up...

    ReplyDelete
    Replies
    1. කොටසින් කොටස වෙනස් කතා එන නිසා ඒ ඒ කතාවේ භාශාවත් වෙනස් කරන්නයි මම හිතන් හිටියේ.. කොහොම උනත් ඒ ගැන කිවුවට ස්තූතියි.. :)

      Delete
  5. ඉතාලි රේඩියෝ එකක්නේ පාඩු නෑ මොන කට්ට කැවත්........

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.. මේඩ් ඉන් ඉටලි නේ... :)

      Delete
  6. ලංකාවේ පොරවල් පිටරටවල්වල ඉද්දී ඔහොම නාගැනීම් කරනවලු :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. අපේ කවුරුවත් මේවා දකින්නේ නෑ කියලා ඔය වගේ වැඩ කරනවා ඕන තරම් කට්ටිය.. :)

      Delete
  7. ඒ කියන්නේ ඔහේ ගියාම ලංකාවේ පොරවල් ඉතාලියට හිඟන්නොද...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.. සමහර වෙලාවට එහෙම වෙනවා.. ලංකාවෙන් ඇවිත් ජොබ් නැතුව පාරේ නිදා ගන්න අය පවා නැතුවම නෙමෙයි.. ඉතාලි කාරයන්ටත් වඩා හොදට ඉන්න ලංකාවේ අයත් නැතුවම නෙමෙයි.. ඒක ඉතින් තීරණය වෙන්නේ ඒ අය ජීවත් වෙන විදිහට තමයි..

      Delete
    2. ප්‍රංශෙත් ඔහොම තමා..

      Delete
    3. ඔය තියෙන්නේ තව උදාහරණ..

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හනේ ඉතින් මෙයත් හිතන දේවල් ඇත්තට... :)

      Delete
  9. ඉතාලිකාරයොන්ට පිස්සුද ඇත්තටම ඈ? ඔහොම විසි කරන්නෙ? අපෙ අම්මලා නම් රේඩියෝ එක කැඩුණත් විසි කරන්නෙ නෑනෙ!

    ReplyDelete
    Replies
    1. අපේ අම්මත් ඔහොම තමා.. තාත්තා අම්ම නැති වෙලාවට තමයි මොනා හරි විසි කරන්නේ.. ඉතලි කාරයෝ එහෙම නෑ.. එපා උන ගමන් විසි කලා.. :)

      Delete
  10. ඔයින් ගියා මදැයි..ඔය අතරේ තව අය ගොඩක් ඇවිත් කුණු දමලා ගියා නම් සිල්වා ඒක ඇතුලෙම කුනු වලට යට වෙලා අතුරුදහන් වෙනවා..

    ReplyDelete
    Replies
    1. හෙහ්.. අනේද කියන්නේ.. හොද වෙලාවට කකුල් දෙක එලියේ තිබ්බේ.. නැත්නම් වෙන්නේ ඒහෙම එකක් තමා.. :)

      Delete
  11. ඇති යන්තම් දිනේෂ් අයියවත් වැඩකට ඇති වැඩක් පටන් අරන් තියනවා.අපි මෙගා වලින් හෙම්බත්වෙලා ඉන්න උදවියනේ.ඒකාංගික කතා කතරට මල් වැස්සක් වගේ.තව කතානියාවල කතා ඕන හොඳේ..........මේ කතාවත් නියමයි.අපේ අප්පච්චිත් ඔහොම තමයි.ඕන කුණු ගොඩක් ගෙනත් ගේ ඇතුළේ දාගන්නවා. එයාටත් මේක පෙන්නුවා.

    දිගටම ලියන්න.ජය!!!

    ReplyDelete
    Replies
    1. මම හිතුවා මේවා ලියලා බැනුම් අහනන වෙයි කියලා.. හොද වෙලාවට නෑ.. තව අවුරුද්දක් විතර ලියන්න කතා තියේ.. හෙමින් දාන්නම්.. අනුවර්ත නම් වලින් එපැයි ලියන්නත්.. :)

      මේක පෙන්නලා බැනුම් ඇහුවනම් ඔන්න මම නෑලු.. :)

      Delete
    2. දිගට ලිවුවත් ඒකාංගික නිසා එපා වෙන එකක් නෑ..

      Delete
    3. මාත් එහෙම තමා හිතන්නේ.. බලමුකෝ ඉස්සරහට..

      Delete
  12. හෙහ් හෙහ් හෙහ්..... කුණු එකතුකරන්න ගියාම ඕක තමයි වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. පිටත කුණු ඇතුලට ගන්න එපා කිවුවේ ඒකනේ.. :)

      Delete
  13. සිල්වව නාවන්න වෙන්න ඇති...

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ ඉදන් අද මම මෙහෙම ලියනකම්ම මඩේ දදා නාවන ටිකම මදිද ඉතින්.. :)

      Delete
  14. හික්ස් රේඩියෝව හම්බුනාද දන්නේ නෑ ඉතින් පතුලේ තිබිලා....

    ReplyDelete
    Replies
    1. මේ මොනා අහනවද.. අර කොල්ලට ඉනෙන් අල්ල ගන්න කියලා බඩු අරන්ම තමයි ඇවිත් තියෙන්නේ.. :)

      Delete
  15. හපොයි මරු වැඩක් තමයිවුනේ...(හේ..හේ..)පුස්පාර්ට් යාළුවෝ එකේ අයියගේ ජවනිකාවකුත් තියනවද ඒ කියන්නේ..?ශෝක් ශෝක් බලමුකෝ එහෙනම්....

    කතාව නම් වෙනදා වගේම ලස්සනට ලියලා තියනවා අයියේ...ඔන්න හැබැයි ඉතුරු කොටසුත් ඉක්මනටම බලන්න ඕනේ....

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.. "මම" කියන චරිතේ ආවම කියන්නම් ඒ මම කියලා.. ඒ කතා තව පසුවට.. :)

      හදිස්සියේ බැරියෝ.. මිනිස්සු තරහා නොවෙන්න මේවා ලියන්න ඕන.. මොකො මේ කතාවට එන ගොඩක් අය මගේ බුකියේ ඉන්නවලු..

      Delete
  16. :D හප්පේ! වටින කියන රේඩීයෝ එකක් වෙන්න ඇති!
    හැබෑටම ඉතිං ඒ රේඩියෝ එකත් අරගෙනමද මනුස්සය එලියට ආවෙ?

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.. අරගෙනමයි ආවේ.. ඒක තාම සිල්වා ලග තියෙනවා... )

      Delete
  17. හි හි හි මරු කථාව...ඔන්න විශේෂයෙන් කියන්න ඕනි පළවෙනියටම දාල තියෙන පින්තූරෙනම් කියල වැඩක් නෑ පාට සංකලන රූප පාචිච්චි කරපු අකුරු නියමයි...(විශේෂයි මම ඉතින් බලන්නෙ ඕව තමයි)

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා.. හැබැයි ඒක හැදුවේ මම නෙමෙයි.. මගේ හොදම යාළුවා..

      Delete
  18. නියම කතාව දිනේෂ්... මතක් වෙන කොට තවමත් හිනා යනවා.!!!

    ReplyDelete
    Replies
    1. ඔය සිද්දිය වෙද්දි මම නෑ ඉතාලි ඇවිත්.. අවුරුදු 8ක විතර පරණ කතාවක්.. තාම අපි ඕක මතක් කරනවනේ.. :)

      Delete
  19. Replies
    1. තෑන්ක්ස් මචං..

      Delete
  20. ඇත්තටම මේක දිනේෂ්ට වෙච්ච දෙයක් නේද????? බොරු කියන්න එපා. ඇඹරෙන හැටියෙන්ම පෙනවා ඔයාටම වෙච්ච දෙයක් කියලා....

    ReplyDelete
    Replies
    1. හෙහ්.. නෑ නෑ මේ මම නෙමෙයි.. මං ගැන ලියන ඒවා දාද්දි ඒක අදුන ගන්න මම පොඩි කොටසක් දානවනේ පස්සේ.. ඒක දැක්කම හැමෝම දන්නවා සීන් එක කාටද උනේ කියලා... :)

      Delete
  21. :D එකෙක් කක්කා වලකට වැටුනු සීන් එකක් මතක් වුනා..ඒක ගැන ලියන්න ඕන....

    ReplyDelete
    Replies
    1. ලියමු ලියමු අභිත අයියේ.. කාට උනත් ලොකු මඩක් වදින්නයි යන්නේ... :)

      Delete
  22. අපෙ අය පිටරටකට ගියාම හිඟන්නො වෙන්නෙ ඇයි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.. හොද ප්‍රශ්ණයක්.. ඒක තේරෙන්නනම් ඉතින් මෙහේ එන්නම ඕන.. හැබැයි එන කවුරුවත් අන්තිමේ හිගන්නෝ නම් වෙන්නේ නෑ.. :)

      Delete
    2. මාත් එන්න නම් කැමති..බාර ගනීද දන්නෙ නෑ ;)

      Delete
    3. මේ දවස් වලනම් බාර ගන්නේ නෑලු.. තව ටිකක් කාලෙකින් පුලුවන් වේවි... :)

      Delete
  23. හිකීස්...........අයියෝ .... මේ පටන් ගැන්ම මෙගා සීරීස් එකකට වගේ හි හී කාට කාට මඩ ගහලා නවත්තයිද මන්දා.... දැන් මේකේ දිනේශ් මල්ලි නැද්ද

    ReplyDelete
    Replies
    1. මෙගා සීරිස් එකක් නම් තමයි.. හැබැයි කම්මැලි හිතෙන එකක් නෑ.. මොකො මේක ඒකාංගික සීරිස් එකක්.. එකම කට්ටිය තමා ඉන්නේ...

      ඉන්නෝ ඉන්නෝ.. මං තුමා නැතුව කෝමද ඉතින්.. තව පස්සේ මගේ එන්ට්‍රී එක.. :)

      Delete
  24. අය්යො පව් සිල්වා....... හිනා උනාට අපේ ජීවිත වල අඳුරු පැත්තක් නේද මේ

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ඒත් ඒ මනුස්සය අපාරේ ඇණයක් තිබ්බත් අහුලන ජාතියේ කෙනෙක්නම් මේකට හිනා වෙන එක අවුලක් නෑ... :)

      Delete
  25. අර පරණ බඩු ගෙදර ඉස්සරහා ගරාජ් සේල් දාන සිස්ටම් එක ඉතාලියෙ නැද්ද මල්ලි?

    ReplyDelete
    Replies
    1. නෑනේ අක්කේ... ඒ ඇමරිකාවේ තමා.. මුං එපා උන ගමන් විසි කලා.. ආයේ හිතන්නේ නෑ..

      Delete
  26. යස වැඩේ මාරයි ඈ....

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව..

      Delete
  27. හපොයි. මොනා උනත් පව් අප්පා.

    ReplyDelete
    Replies
    1. සිල්වාව ඇත්තටම දන්නවනම් අක්ක ඔහොම කියන්නේ නෑ.. :)

      Delete
  28. හී......උයාත වෙත්ත වැදක් නෙමේනෙ.......;)

    ReplyDelete
    Replies
    1. නෑ නෑ උයා බය වෙන්න එපා.. මත උන ඩෙයක් නෙමෙයි... :)

      Delete
  29. හයියෝ. මරු වැඩේ ඒක නම්.. ඉතාලියේ වුන එකක් කියන්නේ අයියත් කොණකින් හරි ඕකට ගෑවිලා ඇති නේ? :D

    ReplyDelete
    Replies
    1. හෙහ් අපි ගැන එහෙමද හිතනේ නංගිලා..

      Delete
  30. කතාව නම් මරු. ඒත් මෙහෙම චරිත දැකලා ඇසුරු කරලා තියන නිසා වෙන යමක් ලියන්න යන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. එකගයි අයියේ.. මේ වගේ චරිත ඕනම තැනක අපිට මුණ ගැහෙන පුළුවන්..

      Delete
  31. මේකනම් කීයටවත් දිනේෂ් අයියට උනේ නෑමලු....කොහොම උනත් එළ ඈ..ඉතින් ඔයා ඊට පස්සේ නා ගත්තද?????

    ReplyDelete
    Replies
    1. නෑවේ නෑනේ.. මොකො මට උන දෙයක් නෙමෙයි නේ..

      අනේ හැබෑටම.. මුං ඔක්කොම බැර කරන්නේ මගේ අකවුන්ට් එකටනේ... :)

      Delete
  32. madaiy......silva uncletath una wade....

    ReplyDelete
    Replies
    1. සිල්වා තමයි දවසකට හරි මිනිහා.. :)

      Delete
  33. ඉතාලි මග දිග රස කතා . හොඳ අත්දැකීමක්.මොනව වුණත් බොහෝ යුරොපීයන් කැඩෙන බඩු හදන්නෙ නෑනේ. ඉවත් කළා අලුත් එකක් ගත්තා. අවුලක් නෑ සිල්වා ගොඩ.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත.. කැඩුන බඩු හදන්නේ නෑ වගේම ටික කාලයක් ගියාම එපා කියලා විසි කරනවා..

      Delete
  34. මරු වැඩේ !!! හික්ස් :)
    මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා.
    දැන් ඔය ඉතාලියේ තියෙනවා නෙහ් පුංචි වෙන්නප්පුව කියලා එකක් ! වෙන්නප්පුවේ නැද්ද දන්නේ නෑ පුංචි ඉතාලිය කියලා එකක් !!! හික්ස් :)

    ReplyDelete
    Replies
    1. ඉතින් අයියේ.. වෙන්නප්පුවට කියන්නේ පුංචි ඉතාලිය කියලනේ... :)

      Delete
  35. විසිකරන ඒවා එකතු කරන්නෙ ඌට පිස්සුද?

    ReplyDelete
    Replies
    1. සිල්වා ගැන දන්නවනම් මලයා ඔහොම කියන්නේ නෑ..

      Delete
  36. කුණු ඛාන් කෙනෙක් වුනාද ඒ ගමන ?

    ReplyDelete
    Replies
    1. බොල ප්‍රශ්ණාර්ථ ලකුණක් දාල තියෙන්නේ හරියට මට වෙලා මගෙන් අහුව වගේ... :)

      Delete
  37. හික්ස්,හොඳ කතා සීරිස්‌ එකක් වගේ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. හොද හොද කතන්දර තියේ ලියන්න ඉස්සරහට.. :)

      Delete
  38. හිහිහී... ඉතාලියෙදි ලංකාවෙ රේඩියෝ අහන්න වෙන්න ඇති.. :D හෆොයි..!

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ.. සිල්වා ගැන ඉතින් කියන්න ඕන නෑනේ.. :)

      Delete
  39. හුරේ අපේ ඒරියා එකත් මතක් කරලා...............//පුංචි වෙන්නප්පුවක් වගේ තිබ්බ ගෙවල් පේලියේ හැමදාම බයික් එක නවත්තන තැනින් බයික් එක නවත්තපු සිල්වා//

    ඒ වුණාට අපේ පැත්තෙ ගෙවල් "පේළි" නෑ. ලස්සනට එකිනෙක අතර ඉඩ පරතරය තියලා හදපු වෙන් වෙන්ව පිහිටි ගෙවල්/මැදුරු තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ගෙවල්/ මැදුරු තියෙන්නේ ලංකාවෙනේ අක්කේ.. මෙහේ ඔක්කොම තියෙන්නේ ෆ්ලැට්.. අතරින් පතර තමා ගෙවල්/ මැදුරු තියෙන්නේ.. :)

      Delete
    2. අනේ මේ වෙන්නප්පුවෙන් හූවක දුරක් ගිහින් නැති අපි කෝමද අනේ ඕවා දන්නෙ. ;-)

      Delete
    3. @ සිඳු : හෑ ඔයා වෙන්න්ප්පුවෙද? මමත් වෙන්නප්පුව හරහා නිතරම වගේ එහා මෙහා යනවනේ බස් එකේ! හැබැයි හූවක දුරට නෙවි. හූ ගොඩාඩාක් එහාට සහ හූ ටිකක් මෙහාට

      Delete
    4. එහෙනම් සිදූ අක්කා මොකො " හුරේ අපේ ඒරියා එකත් මතක් කරලා." කියලා කිවිවේ??

      Delete
    5. තොටියා : එහෙනම් වෙන්නප්පුව කිට්ටුවම වෙන්න ඕන.. :)

      Delete
  40. හැබැයි හිනා වුන එක වැරදි නේ. එත හිනා යන වැඩේ.

    ReplyDelete
    Replies
    1. අසාර් අයියත් ලග හිටියනම් ඔහොම කියන්නේ නෑ.. :)

      Delete
  41. හික් හික් මම මෙහේ ලැප් ටොප් එකතු කරනවා වගේ....

    ReplyDelete
    Replies
    1. හෙහ්.. නැතුව නැටතුව.. ඒ දේ වටිනකමක් තියෙනවනේ..

      Delete
  42. හපොයි!....ඉතාලි කාරයෝ දැක්කානම් හිටිය හැටි... මෙයා මොනවා කියයිදදන් නෑ... ‍හිහි

    ReplyDelete
    Replies
    1. අපේ අය හිනා උනා වගේ හිනා වෙන එකක් නෑ.. ඉක්මනට උදවු කරලා බෙහෙත් කරන්න ඕනනම් ඒකත් කරයි.. හැබැයි ටිකක් මැදිවිය පැන්න ඉතාලි කාරයෝ.. කොල්ලො දැක්කනම් අනිවා කකුල් දෙක ඇතුලට ඔබලා කුණු එක වහනවා.. :)

      Delete
  43. වෙලාවට කට්ටියට තේරුනේ කුනුදාන්න ගිය සිල්වා උන්නැහේ එන්න පරක්කු වෙලා කියලා නැතිනම් ඒ මනුස්සය කුණු බාල්දිය ඇතුලේ හිරවෙලා හුස්ම ගන්න බැරිව මැරෙන්නත් තිබුනා..

    ReplyDelete
    Replies
    1. ඔව් හැබැයි.. එහෙම නැත්නම් සිල්වම දගලලා කොහොම හරි එලීයට එන්න තිබුන.. එහෙනම් මේ කතාව කවුරුවත් දන්නේ නෑ.. :)

      Delete
  44. හොදම කතා ටිකට ශුවර් එකට මෙයා ගෑවිලා ඇති..

    ReplyDelete
    Replies
    1. හොදම තැන ඉතින් මම ඉන්නේ... :)

      Delete
  45. පව් හලෝ ඒ මනුස්සයා.....:(

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්