Thursday, 31 May 2012

නීතිය අකුරටම..

පෙර කතාවක් :

පොලේ යාම ගැන මේ බ්ලොග් අවකාශයේ අයට අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.. කතන්දර සූරින් එක වතාවක් එතුමන්ගේ කතාවක් ලිවුවා.. මෑතකදි  සයිබර්යායෙත් පොලේ යාම හා පතිවත ගැන ලිපියක් ලිය උනා වගේම මහා චිත්‍ර ප්‍රදර්ශණයකුත් තිබ්බා.. හැමෝම ඒවා කියවලා ඇති.. ලින්ක් දෙන්න දෙයක් නෑනේ.. සම්මානයන්ට පාත්‍ර උන ඒ බ්ලොග් නොබලන කෙනෙක් ඉන්න විදිහක් නෑ.. 



හරි කතාවට එමුකෝ.. අපෙත් හැම සෙනසුරාදම පොලේ යන්නේ මම තමයි ඉතින්..  ඕකට සෙනසුරාදාම තොරා ගන්නත් කාරණා කීපයක්ම තියෙනවා..

                   1.      සෙනසුරාදා මට වරුවයි වැඩ.. ඉතින් වැඩ ඉවර වෙලා දවල්ට පොලේ යන්න ලේසියි..
                    2.      පොල ගාවම තියෙන ලංකාවේ කෑම විකුණන කඩේට අළුත්ම බඩු එන්නේ සෙනසුරාදට වීම..
               3.      එදාට මම වගේම ලංකාවේ ගොඩක් අය එන නිසා ලංකාවේ ලස්සන ගෑල්ලමයෙක් බලා ගැනිමේ පහසුව..


ඔන්න ඔය කාරණා නිසා ඉතින් මම පොලේ යන්නෙම සෙනසුරාදා තමයි.. එදාට ඉතින් සෙනගත් පිරෙන්නම.. අපි ඉතින් බඩු මුට්ටු ගන්න ඉන්න අස්සේ සුද්දෝ ඇවිත් ෆොටො ගන්නවා.. එක එක විකාර ගොඩයි..  ඉතාලි, බංගලාදේශ්, මොරිසස්, අප්‍රිකන්, අරාබි, ඉන්දියන්, චින මුහුණු අතරේ වෙනස් කම් බල බල මමත් ඉතින් පොලේ ඇවිදන් යනවා..

හැබැයි ඉතින් අර සයිබර්යායේ කියපු ප්‍රශ්ණ මෙහේ නැතුවම නෙමෙයි.. මෙහේ ඕනවටත් වැඩිය.. වෙනසකට තියෙන්නේ කාටවත් ගානක් නෑ.. අංකල් ජොන්සන්ව සුපර්මාර්කට් යවලා මම පොලේම යන්නේ ඒ වයසක මනුස්සයට ඔය සෙනග අස්සේ බඩු මලු උස්සන් රිංගන්න බැරි නිසා.. දැන් වයසයි නේ...

අදාල කතාව :

ඉතින් ඔහොම පොලේ ගිහින් ගෙදර එන පාරෙදි මුහුණ දුන්න දෙයක් ගැන තමයි අද මේ කියන්න යන්නේ.. ඔය එන පාරේ එක පොඩි කොටසක් ඒ කියන්නේ මීටර් 200 විතර කෑල්ලක් අහු වෙනවා වාහන ගමනා ගමනය තහනම් උන..  ඒ වෙනුවට ප්‍රධාන පාරට වැටෙන්න හරි පාරේ යනවනම් කිලෝ මිටර් එකහා මාරක් විතර යන්න ඕන.. ඔන්න ඔය පහල පින්තූර කෑල්ල බලන්නකෝ.. 



ඔකේ ඔය රතු ඊතලෙන් දාලා තියෙන්නේ යන්න ඕන නිවැරදි ගමන් මග.. එතකොට අදුරු කරලා තියෙන්නේ තහනම් කලාපය..

අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.. මම ඉතින් පොලේ ඉදන් අර අතුරු පාරේ ඇවිත් අර කිලෝමීටර් එකහාමාර යනවා වෙනුවට කරන්නේ වට පිට බලලා අර තහනම් කලාපෙන් මීටර් දෙසිය පනින එක.. :)

ඔය වැඩේ ඉතින් බොහොම කාලයක් කිසිම අතුරු ආන්තරාවක් නැතුව කෙරි ගෙන ගියා මේ මාසේ මුල් සෙනසුරාදා වෙනකන්..

වම බලලා දකුණත් බලලා ආයෙම වම බලලා මම හොර පාරෙන් බයික් එක දාද්දිම වෑන් එකක් අස්සේ හැංගිලා හිටිය පොලිස් අංකල් කෙනෙක් පැන්නා පාර මැද්දෑවට..



“ මේ ටිකේ වාහන වලට යන්න බෑ කියලා දන්නේ නැද්ද?”

දැන් ඉතින් මොනවා කියන්නද? මොකො දන්නවා කියන්නෙයි..

“ අතනින් දකුණට හරවන්න එපා කියලා බෝඩ් එක්ක ගහලා තියෙනවා දැක්කේ නැද්ද?”

“ හදිස්සියට දැක්කේ නෑ..”

“ මම දවස් කීපයක්ම බලන් ඉදලා තමයි මේ නැවැත්තුවේ..”

ඇත්ත.. පොර තමයි ඒ ලගම තියෙන කලර් ලයිට් එක ලග  මම දන්න කාලේ ඉදන් හිටියේ.. පොර තඩි පොතකුත් අතට අරන් පෑනේ ක්ලිප් එකත් ගලවලා අර ගත්තා..

“ නම මොකක්ද?”

“ උමගිලියගේ දිනේශ් අසන්ත කුමාර..”

ඔය වගේ වෙලාවට අපේ සම්පූර්ණම නම කිවුවම උන්ට ඕක ලියා ගන්න බෑ කියන එක මම කලින් ඉදන්ම දන්න දේ.. නැත්නම් වෙන වෙලාවට කියන්නේ මම නම කෙටි කරලා.. අනික ඔය ඕනම ෆෝම් එකක අපේ වගේ දිග නම් ලියන්න ඉඩ නෑ..  ( අපේ පොඩි කුමාරිහාමි අක්කා උසාවියේදි කිවුව නම වගේ එකක් කිවුවනම් මුං කලන්තේ දානවා ශුවර්.. ) 

ඒක ඉතාලි ඉන්න අය දන්නවනේ.. අනික අපි අකුරෙන් අකුර නම කිවුවොත් තමා උන්ට ලියා ගන්න ලේසි.. එහෙම නැත්නම් ඉතින් මොකක්හරි ඩොකියුමන්ට් එකක් දෙන්න ඕන බලාගෙන ලියන්න..

“ ඩොකියුමන්ට් එකක් දෙන්න..”

“ උදේ වැඩට එන්න  ටිකක්  පරක්කු උනා සිංඤෝරේ.. ඉතින් ඩොකියුමන්ට් ගෙදර අමතක උනා..”

ඇත්තටම ID එකයි ලයිසොන් එකක් මගේ ලග තිබ්බා.. ඒත් ඕක දීලා ඉල්ලන් කන්න ඕනද? පොර පොත වැහුවා..

“ ඇත්තටම ගෙදර ඩොකියුමන්ට් තියෙනවද?”

“ ඔව් සිංඤෝරේ.. අපේ ගෙවල් මේ ලග.. ඔනනම් යං මම පෙන්නන්නම්..”

අංකල් ජොන්සන් එක පාරක් ඔහොම මාට්ටු උන වෙලාවක දීලා තිබුනේ ඔහොම ටෝක් එකක්.. උන් කීයටවත් අපේ ගෙදර එනවද ඕක බලන්න.. වෙන වැඩ නැතුවයි.. ඉතින් මමත් ගේමක් නැතුව ඒකම කිවුවා..

පොර පොතත් වහලා පෑනේ ක්ලිප් එකත් ගහලා සාක්කුවට දා ගත්තා..

“ අදට යනවා.. ඊළග දවසෙත් මෙහෙම අහු උනොත් මම මේ බයික් එකේම නැගලා ගෙදර ඇවිත් දඩේ ලියන්නේ..”

grazie signore .. buonasera..”

දැන් ඉතින් ඊළග දවසේ ඉදන් තෙල් පුච්චන් අර දුර පලයන්කෝ.. හැමදාම ඔහොම ගැලවිලි නෑ.. අනික මේ පොලිස් කාරයා කොයි වෙලෙත් ඔතනමයි.. ඊළග පාර අහු උනොත් දඩේ ශුවර්..  මොනා කරන්නද තෙල් ගනන් කියලා නොබලා ඔය ටික යන එක තමයි එකම විසදුම.. වෙන දෙයක් නෑ.. එහෙමද හිතන්නේ..

මොන පිස්සුද, ඊළග සෙනසුරාදා ආවා.. සුපුරුදු විදිහට ලස්සන මූණු දිහා බලාගෙන පොලේ ඇවිද්දා.. බයික් එකට ආවා.. අතුරු පාර දිගේ ආවා.. තහනම් කලාපේ ලගට ඇවිත් බයික් එක නැවැත්තුවා.. එන්ජිම ඕෆ් කලා.. මම බැස්සා.. බයික් එක හරවන් අර මීටර් 200 මම බයික් එක තල්ලු කරන් ගියා.. තහනම් කලාපේ පැනලා බයික් එකේ නැගලා  ස්ටාට් කරන් මම ආවා..

මගින්ට පමනක් වෙන්වු කලාපයක, එන්ජිමකින් ක්‍රිකා කරන කිසිදු වාහනයක් ගමනාගමනය කල නොහැක..
ලයිසොන් එක ගන්න විභාගෙට යද්දි අපිට ඉගැන්නුවේ එහෙම..

ඉතින් ඕකේ තල්ලු කරන් යන්න එපා කියලා නෑනේ.. අපි ඉතින් සිරි ලංකාවෙනේ… :)

114 comments:

  1. හපුයි මෙයානම්.......:O

    ReplyDelete
    Replies
    1. ඇයි නරකදෝ????

      අද මෙයා එක වෙලා... :)

      Delete
    2. ආව් අප්ප.....මං එක....

      නෑ අන මට අමටක උනා ටාම උයාට ඉටාලියෙ හිරගෙඩරක පොතෝ එකක් ගහගන්න අමටක වුනා කීල....;)

      Delete
    3. දෙයියනේ.. ඔන්න බලන්න ඉතින් ඒ කියපු කතාව... හාෆූ.. මෙයාලනම්..

      Delete
  2. එල කොල්ලෙක් කියන්න තමා තියෙන්නේ.... මටත් හෙන ආසාවක් තියනවා වන් වේ එකක වැරදි පැත්තට රිවස් එකට යන්න...

    ReplyDelete
    Replies
    1. අර ගාළු පාරේ වන් වේ හරියේ ට්‍රයි කරලා බැළුවනම්.. ඒ හරිය හොදයි.. අපිටත් බලන්න පුළුවන් වේවි.. කැමරා හයි කරලා තියෙන නිසා.. :)

      Delete
    2. ම්හ්හ්හ් ...ලංකාවට ගිය කාලෙක බලමුකෝ....

      Delete
    3. ඒකත් එහෙමද? මම හිතුවේ මී ගොඩයා ලංකාවේ කියලා.. කොහේද ඉන්නේ??

      Delete
    4. ඉගියක් දෙන්නද මෙයා ඉන්නෙ රට ඉදි ගහක් යට...:P

      Delete
    5. ඒකත් එහෙමද... අදනේ දන්නේ..

      Delete
  3. pissu kora.
    mr bean balala wagei lankawe innakota.

    ReplyDelete
    Replies
    1. mr bean නොබලපු කෙනෙක් ඉන්නවද? මම හිතන්නේ පොලිස් කරයා බලලා නෑ.. :)

      Delete
  4. මේං ලංකාවේ නම ගෙනියන මිනිස්සු..... අන්තිම හරිය දැක්කම ඔළුවෙ අතගහගත්තා.පොලිස් අංකල්ට මොනා හිතෙන්න ඇත්ද පව්ඌඌ.... පිටරට පොලිස් අංකල් කෙනෙක්ට ඔහොම කොකා පෙන්නන්න පුළුවන් උනාට එන්නකෝ මෙහෙ අංකල්ලට ඔය කොකා ඇතිවෙයිද බලන්න.... ලෝකේ හොඳම පොලෝසිය ලංකාවේ කියනවනේ... අර ජාත්‍යන්තර තරඟෙනුත් දිනලා තියෙන්නේ අපේ ලංකාවේ ඈයොනේ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ඇත්ත.. ලංකාවේ අයට කොකා පෙන්නන්න බැරි උනාට මොණරු පෙන්නන්න පුළුවන්නේ.. :)

      ඒ උනාට හැමදාම ඕක කරන්න පුළුවන් වෙන එකක් නෑ.. ඒකට වෙන විසදුමක් බලන්න ඕන.. :)

      Delete
  5. හේහේ ඔයාද අර කටු සටහන ඇන්දේ...

    අප්පා මාත් ආසයි මෙහේ පොලේ යන්න..ඔන්න මට නම් මේ..
    අනිත් වැඩේ අයියා කිව්වා වගේ මරුම වැඩේ මෙහේ අයට අපේ මුලු ජාතික නමම ඇදලා කියන එකටත් මං ආසයි එතකොට කොහොමද මෙයාලා..ඇහ් කියලා එක ආයෙම කියන හැටි..

    මේ ඔයා තාම බස් එකක ටිකට් නැතුව ගිහින් ටික්කන්ගෙන් දඩ කාලා නැද්ද..හික්. :D

    . මම නම් කියන් නැ නරක ලමයා කියලා..ඔව්වා නොකර බැනේ..අපරාදෙනේ අප්පා තෙල් ටික..පොලිස් මාමාට කම්මැලි හිතෙන් ඇති අප්පා..හැමදාම ඔයා හොර පාරින් යනවා දකිනවා නම් එදා නවත්තලා කයියක් දාන් පොඩි බයිට් පාරක් දාන්න හිතෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. ඔව්.. මුලින් විස්තර කලාට එතකොට වැඩේ තේරෙන්නේ නෑ කියලා හිතුනා කට්ටියට.. පස්සේ පේන්ට් එකෙන් ඇන්දා.. :)

      හයියෝ නිම්ශා නඟා මෙහේ තාම පොලේ ගිහින් නැද්ද?? යන්න යන්න හලෝ..

      නම ගැන කියලා වැඩක් නෑ.. කිවුවම අහන්නේ ඉතින් උඹලට ඔච්චර නම් මොකෝ කියලනේ..

      බස් එකක මම ටිකට් නැතුව තියා ටිකට් ඇතුවවත් ගිහින් නෑනේ.. :) බයික් එකේමනේ ගමන.. නත්තලට මිලාන් ගිය වෙලේ මෙට්‍රෝ එකේ හොරෙන් ගියේ.. අහු උනේ නම් නෑ..

      නෑ නඟා.. ඔතනින් මම විතරක් නෙමෙයි.. ඔන තරම් ඉතාලි කාරයොත් යන්නේ.. මගේ වෙලාවට අහු උනා.. මේක හරියට ඔළුව වටේ අත දාලා නහය අල්ලනවා වගේ වැඩක් නේ..

      Delete
    2. අහහ්...නිම්ශා යාලුත් ඉතාලි කියලා දන්නේ දැන්නේ... ශෝක් අයියයි නංගියි දෙන්නම ඔහෙට වෙලා හොර වැඩ කරනවා නේද..? හේ..හේ..

      Delete
    3. නිම්ශා මටත් කලින් ඉතාලි ආපු අයනේ.. හොර වැඩ නේ.... :)

      Delete
  6. මම හිතන්නේ ඒකේ අවුලක් නෑ. මෙහේ(usa) පේමන්ට් එකේ පුස්සයිකල් පදින්න බෑ. හැබැයි තල්ලුකරන් යන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. ඔව්.. තල්ලු කරන් යන එක කොතනකවත් වරදක් කියලා ලියලා නෑ..

      Delete
  7. උඹ ශ්‍රී ලංකිකයෙක් කියලා මම දැන ගත්තෙ ඔය පාරෙන් යනවා කිව්ව ගමන්මයි. මට මැප් එක බලපු ගමන් තේරුනා අපේ මෑන් ෂෝට් කට් ගහනවා ඇති කියලා. ඕක අපේ ජාතික ලක්ෂණයක් නොවැ. පාරට බැස්සම පුදුම හදිස්සියක් තියෙන්නෙ. පිට රටක උන් අපිව පාරෙදි දැක්කොත් අම්ම්පා හිතනවා සිකුරුයි මුන් මහ කඩිසර ජාතියක් කියලා. :-) එක මොහොතක් ඉවසන්ඩ බෑ නොවැ. එහෙන් දානවා, මෙහෙන් දානවා, හෝන් ගහනවා, වැඩ කෝටියයි.. ඔය ඔක්කොම කරලා ගිහින් අන්තිමට අයිස් ගහනවා..

    මේක කියවපුවම මට මතක් උනේ අර "ස්පාඤෙට පිපිඤ්ඤා පටවපු" කතාව.

    ජයම පතමි !!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. අච්චර හොදට පාර පෙනි පෙනි අර තරම් වටයක් යන්න හිතෙනවද.. අර පොඩ්ඩ පනින්න බලනවා මිස..

      හදිස්සිය ගැනනම් කියලා වැඩක් නෑ.. බයික් වල යද්දි විශේෂයි.. කොහෙන් හරි රිංගලා ඉස්සරහට ඇවිත් ඉස්සෙල්ලා පැන ගන්න බලන්නේ.. හැබැයි එක දෙයක්, මෙහේ එහෙම පාරේ හිතුන හිතුන විදිහට හෝන් ගහන්න බෑ..

      Delete
  8. hane... hane.... hodai kiyala hithagena unnu koluwath koran dewal.....
    oya siracusa pole gihin nedda..

    ReplyDelete
    Replies
    1. හලේ ඉතින් මම හොදයි තමයි.. හැබැයි ටිකයි.. :)

      සිරකූසා පොලේ ගියේ නම් නෑ.. මේක නෙට් එකෙන් ගත්තේ.. කවුරු උනත් ඔබත් ඉතාලි ඉන්න කෙනෙක් වගේ..

      Delete
    2. ithaliye nam nowei inne. kangaroo dese. namuth sisiliyata pem bandi kenek. google earth walin sisiliyama balala thiyenawa. boganwila, parana maliga, natabun, parana building, balcony, muhudu werala....
      deewara gam,caves..
      mona tharam lassanada...
      oya wage thama venice gena thiyena pissuwath..ethakota florance....angelo.. dawinchi...
      mona taram thiyeda balanna...
      like a dream..
      lagadima enawa rawumak gahanna....
      baya wenna epa... karadara karanne ne oyata.. honde..

      Delete
  9. ශ්‍රීලංකා මොලවලට ගහන්ට මොල නෑ නේද?
    ලස්සන පොල. ඉතින් ශ්‍රී ලංකාවේ ලස්සන ගෑනු ලමයි ගොඩක් ඔතනට එනවද? :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ.. අපි වගේ මොළකාරයෝ කොහේවත් ඉන්නවද..?

      නැතුව නැතුව.. සෙනසුරාදට තමයි ඔක්කොම කල එලි බහින්නේ.. හරියටම දවල් 1ත් 3ත් අතරේ යන්න ඕන හැබැයි.. :)

      Delete
  10. අපිත් ලස්සොන් නැති කාලේ කලේ හන්දි වල බයික් තල්ලු කරන් ගිය එක තමයි... ඒකෙත් හීනියට ආතල් එකක් නැතුවම නෙමේයි....

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.. අපි ලයිසොන් තියාගෙනත් තල්ලු කරනවා.. නිකන් මොකටද ළකුණු කපා ගන්නේ.. :)

      Delete
  11. දඩෙන් බේරුනාට පස්සෙ මම හිතුවෙ කතාව ඉවරයි කියල. මොන! හොදම ටික ඊට පස්සෙනේ. කොහොම උනත් ආඩම්බරයි අපේ එවුන් ලෝකෙ කොහේ ගියත් කරන්නෙ ඇම්ඩන් ටයිප් වැඩ.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව අයියේ.. අපේ කම කියන්නේ ඒකනේ.. :)

      Delete
  12. ආං ලංකාවේ කොල්ලො ..ඔහොම දෙයක් වත් ඔලුවට එන්නැත්තං ලාංකීය කොමෙන් වැඩක් තියෙනවැයි...මේවගේ දහං ගැට දාන්න ඉදිරියටත් හැකිවේවා..කියල පිං අනුමොදං කොරනව ඔං..හෑ නැ නැ සුබ පතනව..තව ඩිංගෙන් මල කෙලියයි...ජය

    ReplyDelete
    Replies
    1. හෙහ්.. හැමදාම තල්ලු කරන්නත් බෑ ඉතින්.. ඕක කොපි කැට් කරලා හැමෝම කරන්න ගත්තොත් වැඩේ ලෙඩේ.. ඒ නිඩා වෙන උපායක් හිතන්න ඕන.. :)

      Delete
  13. ආං ලංකාවේ කොල්ලො ..ඔහොම දෙයක් වත් ඔලුවට එන්නැත්තං ලාංකීය කොමෙන් වැඩක් තියෙනවැයි...මේවගේ දහං ගැට දාන්න ඉදිරියටත් හැකිවේවා..කියල පිං අනුමොදං කොරනව ඔං..හෑ නැ නැ සුබ පතනව..තව ඩිංගෙන් මල කෙලියයි...ජය

    ReplyDelete
  14. මටනම් හිතුනා ඔයා කල වැඩේ කලානම් හරි කියලා.හික්ස්...
    මොනවා වුනත් ලංකාවෙ අපේ විදිහනෙ නේද මල්ලි.. :D

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.. අපිට මෙහෙම වෙලාවට හිතෙන්නේ ඉතින් අන්ඬපාල වැඩක්ම තමා..

      Delete
  15. පේනවද කොහේ ගියත් ශ්‍රි ලාංකීය ගතිය එළියට එන හැටි.

    ReplyDelete
    Replies
    1. හදවතින්ම ශ්‍රී ලාංකිකයි.. :)

      Delete
  16. මං හිතුවේ පලවෙනියට ලියලා තියෙන සෙනසුරාදා තමා අන්තිම සෙනසුරාදා කියලා.

    කොහොමහරි දිනේශ් දේශීය අභිමානය රැකගෙන වැඩකරලා තියෙනවා. ඕක පුරුදු උනේ කොහොමද?

    මෙහෙත් ඔහොම කේස් තියෙනවා නේද, ඩබල් හෙල්මට් නැතිව යනකොට. පොලීසිය ඉන්නවානම් පිටිපස්සෙ එකා බැහැලා පොලිස් මාමලා පාස් වෙනකල් පයින් යනවා..හේහ්හේ..... ඔය තියෙන්නෙ ඒ ක්‍රමය තැනේ හැටියට වෙනස් කරලා........!

    මෙහෙම දේකුත් මතක් උනා. ඔහේ ඔය ජාතියේ කට්ටිය අඩුයිනේ. ඒත් ඔය වගේ ම‍ගොඩි වැඩම කරන්න උපන් හපන් අපේ රටේ මිනිස්සුත් එක්ක ‍ඔහේ කොහොම උනත් මෙහේ නීතිය රකින වැඩේ.....අයියෝ හිතද්දිත් විහිලුවක් වගේ...!

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බුද්ධි අයියේ අර දුර යන්න කම්මැලි කමටම තමා හිතුනේ.. ලයිසොන් එක ගත්ත මුල්ම කාලේ හරි පාරේ ගියා.. ඒකට දැන්.. :)

      ඔව් ඔව්.. ඉස්සර මම ලංකාවේ ඉද්දිත් ඔය වැඩේ කලා.. බැහැලා පයින් යනවා.. අනික ඉස්සරහා කට්ටිය ඉන්නවනම් අපේ අය කලින් සිග්නල් එක දෙනවනේ.. ඉතින් කවදාවත් මාට්ටු වෙන්නේ නෑ..

      ඇත්ත අයියේ.. ඒත් ඉදලා හිටලා නාහෙට අහන්නේ නැති කොල්ලෝ නම් ඔය නීති ගැන බලන්නේ නෑ.. ඒත් මැදිවියේ උන්දැලානම් හරි පාරෙම තමා..

      ලංකාවේ අපි ඉතින් හැමදාම කරන්නේ මගෝඩි වැඩනේ.. ඉතින් ඒවා ලංකාවට හරි යන්නේ නෑ..

      Delete
  17. කොහේ ගියත් ගම ගාල්ලේ වගේ තමයි... හික් හික්..

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.. අපි ගාල්ලේ.. :)

      Delete
  18. කොහොමත් ශ්‍රී ලාංකික නාමය බැබලවීමට ගත් උත්සාහය ප්‍රශංසනීයයි.. !!
    ජය!

    ReplyDelete
    Replies
    1. හෙහ්.. අනේ මන්දා ඉතින් ඒවානම්.. :)

      Delete
  19. proud to be a srilankan, කියුවලු වැඩ බැරි උනත් ගම ගාල්ලේ කියුවලු :ඩ
    සිරා වැඩේ හොඳේ ;)

    ReplyDelete
    Replies
    1. අඩේ මලයා.. මම ලංකාවේ වගේම ගම ගාල්ලේ හරී.... :)

      Delete
  20. හේ..හේ..අනේ මේ අයියත් කරන වැඩ...ඊගාවට පයින් ගිහිනුත් පොලිස් අංකල් අල්ලගනිද දන්නේ නෑ....

    (තෙල් පුච්චන් පොලේ යන එකේ මේ සෙනසුරාදට අපිටත් මොනවා හරි ගේනවද අයියේ..?)

    ReplyDelete
    Replies
    1. හෙහ්.. මාව දැන් මීටර් නිසා එහෙම වෙයිද කියන්නත් බෑ.. කෝකටත් පරිස්සම් වෙන එක හොදයි..

      ( හලි හලි.. දැන් මොනාද ගේන්න ඕනා.. )

      Delete
    2. ඒකනේ හොද දෙයක් නේද අයියට නංගි මතක් කලේ..(හේ..හේ..)අද එහෙනම් පොලේ තියෙන සසම සස දෙයක් ගේන්නකෝ...ඔන්න හැබැයි කියන්න එපා මතක් කරපු දේ වෙනුවෙන් කියලා....(හේ..හේ..)

      (ඒත් හැබැයි පොල ඇතුලට ගියාම අයියට අපිව මතක් වෙයිද ද‍න්නේ නෑ..?)

      Delete
    3. හෙහ්.. පොලට ගියාම ඕවා කොහේ මතක තියෙන්නද නඟේ.. ඕන කරන බඩුත් අමතක වෙද්දී.. :)

      Delete
  21. අපොයි අපොයි වර්ණ ඉතාලියෙත් ලංකාවෙ වැඩ දාන්න ගිහින් ලොකු අමාරුවක වැටෙයි.මෙහේ දිනම් මේක ලංකාවනෙ කියල ෂේප් වෙනවා.
    පරිස්සමින් යාළු හැමදාම රජ වෙන්න බෑ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ඇත්ත.. ලංකාවෙනම් කීයක් හරි දීලා ශේප් වෙනවා.. මෙහේ ඒවුවා බෑ.. :)

      Delete
  22. ලෝකේ කොහෙ ගියත් ලංකාවේ කොල්ලන්ව තම්බන්න අමාරුයි කියලා ඉතාලියේ වුණත් පොලිස් මාමලා දැනගන්න ඕනනේ...ගුඩ් වර්ක් බ්‍රදර්..

    ReplyDelete
    Replies
    1. ලංකාවේ පරණ ක්‍රම අපි අළුත් ඒවා වගේ මෙහේ අත්හදා බලනවා.. :)

      Delete
  23. එළ වැඩේනෙ කරලා තියෙන්නේ(ස්ථානෝචිත ප්‍රඥාව කියන්නේ ඕකට තමයි)..... ලංකාවේ ඔහොම කරානම් බයික් එක අරන් යයි ඔයාට ලයිසන් අරන් එන්න කියලා......

    ReplyDelete
    Replies
    1. කලින් අංකල් මේකට මුන දුන්න අත්දැකීමත් තියෙන නිසා බය නැතුව කලා.. අනික මෙහේ පොරවල් ලංකාවේ කට්ටිය වගේ නෙමෙයි..

      Delete
  24. ටිකිරි මොලේ නේ ..!! ඕකනේ කියන්නේ සිරිලන්කන් කියලා

    ReplyDelete
    Replies
    1. දේශීය කම.. වෙන මොනවද ඉතින්.. :)

      Delete
  25. මොලේ තියනවා නේද පොඩ්ඩක්...;)

    ReplyDelete
    Replies
    1. මම ඉතින් කිවුවා කියලා හිතා ගනින්... :)

      Delete
  26. ටිකිරි මොලේ නේ ..!!

    ReplyDelete
    Replies
    1. මංචි ටිකිරි මාරි තමයි ඉතින්... :)

      Delete
  27. අම්මෝ මෙයා නම් ගල් ආදෙක්ද කොහේද? කරන වැඩ...ඇත්තටම ඔය පොළෙන් ගෙන්න යන බඩු ගෙනවද හරියට. නැත්නම් කෙල්ලෙ දිහා බලන් ඉදලා හෙමිහිට ගෙදර එනවද? :D

    ReplyDelete
    Replies
    1. අන්න අක්ක තමයි වැදගත්ම ප්‍රශ්ණේ ඇහුවේ.. :)

      ඇත්තටම ගේන්නේ අංකල් කියන බඩු ලිස්ට් එකෙන් එකක් දෙකක් අඩුවෙන්නේ.. මොනා කරන්නද ඉතින් සිහියක් නෑනේ.. :)

      Delete
  28. අයියෝ අයියත් කරන වැඩ....උබ කොහොම උනත් ලංකාවේ ගතිය පෙන්නලා තියනවා...හි හි ....ලංකාවේ නම ගෙනියන එල කොල්ලෙක්....
    අර පොලිස් අන්කල්ට මොනවා හිතෙන්න ඇත්ද...අනේ පව්....

    ReplyDelete
    Replies
    1. පොලිස් කාරයා මගේ දිහා බලාඑන හිටියා.. මම නොදැක්කා වගේ එන්න ආවා.. :)

      Delete
  29. හනේ අම්මේ...ලංකාවෙ නම ගෙනියන ඈයො...
    මල්ලී.. කතාවට වගේම අර කොක්කු, මොනරු..කොමෙන්ටුවටත් මට හිනා.....

    ReplyDelete
    Replies
    1. එහෙම තමා අපි..

      හෙහ්.. ඇත්තටම ලංකාවේ ගොඩක් වෙන්නේ ඒකනේ අක්කේ දැන්.. :)

      Delete
  30. අංකල් ජොන්සන්ව සුපර්මාර්කට් යවලා දිනේෂ් අයිය පොලේම යන්නේ ඒ වයසක මනුස්සයට ඔය සෙනග අස්සේ බඩු මලු උස්සන් රිංගන්න බැරි නිසාද. ? ආ.....!

    ලංකාවේ පොලිසියේ මාමලාගේ කනෙන් රිංගන්න නම් ඉතින් ඉතාලියේ වැඩකාරයින්ටත් බැරිවෙයි. ලංකාවේ කොල්ලෝ ඉතාලියේ පොලිස් මාමලාගේ කනෙන් රින්ගුවට.

    ReplyDelete
    Replies
    1. 1. නැතුව.. බෑග් තුන හතරක බඩු එක්කගෙන සෙනග අස්සේ කොහොම ඇවිදින්නද වයසක මනුස්සයෙක්.. වැඩිහිටියන්ට සැළකීම කියලා දෙයක් තියෙනවනේ.

      2. හෙහ්.. ඇත්ත ඇත්ත.. ලංකාවේ අයගේ කනෙන් රිංගන්න කාටවත් බෑ.. අත යටින් නම් පුළුවන්.. :)

      Delete
  31. හෆ්ෆා... පොළේ ගිහිල්ලත් මනමාලකම :D :p

    අනේඩ් අම්මපා... ඔහෙ පොලිස්කාරයො ඔච්චර මෝඩද:p නැත්තම් පොලිස්කරයෙක්ගෙ කනෙන් රිංගන්න තරම් අයියා කපටිද?? :O

    හික්ස්ස්.. ඔයාත් මරු වැඩ අනේ කරන්නෙ..

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ගෑල්ලමයෙක් දකින්න තියෙන්නේ පොලේදි විතරයි.. ඉතින් එතන මනමාලකම් නොකර කොහොමද මම අහන්නේ?

      දෙකම දෙකම.. ඌ ටිකක් මෝඩයි.. මම ටිකක් කපටියි.. :)

      Delete
  32. මට මතක් උනේ අපේ එකෙක් බීලා ගිහින් මාට්‍ටු වෙච්ච වෙලාවේ උන සීන් එකක් පොලිසීයේ මැන් මල පැනලා හුලං ඇරිලා වාහනේ අපේ එකා උගේ කකුල් දෙක අල්ලලා වදින කොට ,අපේ එකා ඌට කියලා උසාවි දාන්නේ නැතුව වෙන දඩුවමක් දෙන්න කියලා ඉතින් ඌ දඩුවම දීලා .කොහොමද ‍රැ 10ට බේස්ලයින් එකේ බට්ටා වැන් එකක් තල්ලු කරන කොට ආතල් එක?

    ReplyDelete
    Replies
    1. ඒක නියම පනිශ් එකනේ.. වෙරි හිදෙනකම් තල්ලු කරන්න ඇති එහෙනම්.. :)

      Delete
  33. ගින්දර කොල්ලෙක්නේ...
    ඔය මොලේ එන්නෙ උපතින්ම ශ්‍රී ලාංකිකයින්ට විතරයි මචන් :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔය රජාලා වගේ නෙමෙයි අපි හරිද.. සිරා කොල්ලෝ.. :)

      Delete
  34. මරු ගෙමක් දීලනෙ...

    ReplyDelete
    Replies
    1. ගේමක් දුන්නට මාරු වෙනකන් ටිකක් බයේ හැබැයි හිටියේ.. :)

      Delete
  35. අර ස්පාඤ්ඤයට පටවන්න පිපිඤ්ඤ අරංගිය ගබෝසිංඤොගෙ කතාවට සමාන්තරයි නේ!

    ReplyDelete
    Replies
    1. ඒ මට ඒ කතාව දැන් මතක නෑනේ.. ටිකක් කියමුකෝ..

      Delete
  36. ඔය නමේ කතාව කිව්වාම මතක් වුණේ දෙවෙනි ලෝක යුද්ධ කාලේ බඹරැන්දේ සිරි සීවලී හාමුදුරුවොයි ගුරු හාමුදුරුවොයි ඉන්දියාවට වැඩියලු. මදුරාසි දුම්රිය ස්ථානයේදී දෙන්නාවම නවත්ත ගත්තලු.

    සීවලී හාමුදුරුවෝ සහ මැරෑටි සොල්දාදුවා අතර සංවාදේ මෙහෙමලු වුණේ

    නම මොකක්ද ?
    ජහිතා

    සම්පූර්ණ නම ?
    සහාවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා "ජහිතා"

    හොඳයි මේ කවුද ?
    මගේ ගුරුවරයා අබබ්බෝ කාතුං

    සම්පූර්ණ නම මොකක්ද ?
    සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච සීලබ්බතංවාපි යදත්ථි කිංචි චතූහපායේ හි ච විප්පමුත්තෝ ඡචාභිඨානානි "අබබ්බෝ කාතුං"

    ගෝලයාගේ නමේ හැටියට මේක ගුරුවරයාගේ නම වෙන්න බැරි නැහැ. යන්න පුලුවන් :D

    ReplyDelete
    Replies
    1. මේ කතාවනම් මම අදයි ඉස්සෙලාම ඇහුවේ.. හසිත මලයගේ ඉතිහාස දැනුම හරි ඉහලයි.. ඒක ගැන කියන්න දෙයක් නෑ.. මලයා ලියන ඒවා වගේම කමෙන්ට් එකටත් අතීත කතාවක් මතක් වෙනවා කියන්නේ හොද දැණුමක්..

      Delete
  37. හදවතින්ම ශ්‍රී ලංකික ..ආඩම්බරයි අප්පා

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව අක්කේ.. මේ අපේ ලාංකික කම..

      Delete
  38. හිහි...මෙයත් දන්නෙම නෑ කනෙන් රිංගන්න :)

    ReplyDelete
    Replies
    1. එහෙම නැතුවත් බෑනේ අක්කේ ඉතින් මේ වගේ වෙලාවට..

      Delete
  39. පුබුදුවා1 June 2012 at 18:23

    මාලපල්ලේ කොලුවෙක්නේ ඉතින් හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. මේ මොනා අහනවද?

      Delete
  40. හොද වෙලාවට මල්ලි ලංකාවේ උනේ. ලංකාවේ මිනිස්සුන්ට ඕවා කියලා දෙන්ඩ ඕන නෑ නේ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ ලංකාවේ අයට ඕවා කියලා දෙන්න ඕන නෑ වගේම, ලංකාවේ අය එක්ක ඕවා කරන්නත් බෑ..

      Delete
  41. මමත් වන් වේ එකක අනිත් පැත්තට ගිහින් 550 ක් දඩ කෑවා දවසක...
    …කොහොම උණත් ආඩම්බරයි . එහෙම තමයි යන තැන ලංකාවේ නම තියන්න එපැයි නේද මලයෝ!

    ReplyDelete
    Replies
    1. 550ක් නම් ඉතින් එච්චරම අවුලකුත් නෑනේ අයියේ.. :)

      නැතුව නැතුව අයියේ.. ලංකාවේ අපේ කම අරන් නොගිහින් කොහොමද?

      Delete
  42. තල්ලු ඉස්ටාට් වගේ.. අපේ එවුන් මෙහෙත් කරන වැඩක් නොවැ ඕක...

    ReplyDelete
    Replies
    1. නෑ නෑ බොල තල්ලු කලාට ඒ ස්ටාට් කරන්න නෙමෙයි.. :)

      Delete
  43. පොලිස්කාරයගේ කනෙන් රිංගනකොට කියන්න තිබුණෙ හදවතින්ම අපි ශ්‍රී ලා‍ංකකයි කියලා. මේකට තමයි කියන්නේ ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියලා.

    හැබැයි ලංකාවෙ ඕක වුණානම් අහන්නෙ 500 දෙනවද ‍උසාවි දාල 1500 ක් ගෙවනවද කියල. එතකොට නම් 500 න් ගොඩ

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.. ලේ වලම තියෙන දේවල් ඉතින් මේවා.. :)

      මෙහේ ඒවා නෑ.. කෙලින්ම දඩේ.. පගාව ගන්න මිනිස්සු මෙහේ නෑ..

      Delete
  44. Hane ... Hane... Lankeeya nama geniyana lanka puthek...
    Mallath hari wada thamai karanne neda?
    Parissamin..
    Aththa mama kiwwa gaman full holman.
    Mehe nam social security number eka dunna okkoma hari,,
    Kumari akka,,,

    ReplyDelete
    Replies
    1. අපේ නම් ලෝකේ කාටත් ප්‍රශ්ණයක් අක්කේ.. ලියන්න යද්දි වගේම උච්චාරණයේදිත්..

      Delete
  45. ඔයාගේ මොලේ තමා මොලේ .
    ඔයා පොලේ යන්නේ බඩු ගේන්නද නැත්නම් කෙල්ලෝ දිහා බලන්නද :D

    ReplyDelete
    Replies
    1. :D

      ‍‍යන්නේනම් බඩු ගේන්න තමයි ඒ උනාට ඉතින්... :)

      Delete
  46. කටාර් වලදී මම කරන්නෙත් ඕක.. පොලිස් කාරයින්ට කියනවා සම්පුර්ණ නම. උන්ට තියා මගේ නම අපේ උන්ටත් එකපාර අවුල් වෙන හින්දා ලේසියෙන්ම යන්න පුළුවන්. උනුත් අහනවා අකාම එක. ඒ වෙලාවට දෙන්නේ ගොඩක් වෙලාවට ඔහොම උත්තර තමයි. ඒ උනාට එකපාරක් උන් අපේ එකෙක්ව අත්අඩංගුවට ගත්තනේ.. ඩොකියුමන්ට් නැතුව පාරේ ගියා කියාලා.. එදා නම් බඩුම තමයි.

    ReplyDelete
    Replies
    1. එහෙනම් අපි කවුරුත් කොහේ හිටියත් කරන්නේ එකම දේ වගේ.. අකාම එක කිවුවේ ඔහේ ID එක නේ අයියේ?

      මේ සිරාවට මම අහන්නේ අයියගේ ඇත්තම නම මොකක්ද?

      Delete
  47. මරැ වැඩේ තමයි. මාත් මුලින් හිතුවෙ අයියා පොලිස් අංකල් කියන දේ අහලා ආයෙම එහෙම නොකර ඉදී කියලා. කෝ ඉතින් කොහෙ හිටියත් ලාංකිකකම නැති වෙන්නෑනෙ.ඒවා අපේ ජාන වලම තියනවා ඇති... :D

    ඇයි අර පාරෙන් යන්න නොදෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් කියන දේ අහන මිනිස්සුද මල්ලියේ.. එහම කලානම් අපි අද මෙතන ඉන්නවද??

      නෑ මලයා.. ඒ හරියේ අදුරු කරපු අනිත් පැත්තේ කෙලවරේ තියෙන්නේ පල්ලියක්.. ඉතින් ඒ නිසා ඒ හරිය පයින් යන්න විතරයි සීමා වෙලා තියෙන්නේ..

      Delete
  48. :D හිහිහී... එහෙමනම් ඉතාලි පොලීසියටත් නීතිය ඉගැන්නුවා ඈ.. :P

    ReplyDelete
    Replies
    1. නීතිය නෙමෙයි හලේ.. කපටිකම... :)

      Delete
  49. මම කියන්න ගිය එකම බින්දි කියලනෙ. දැන් ඉතින් මොනා කරන්නද.

    ReplyDelete
  50. අපිත් හෙල්මට් නැතුව පොලිසියෙන් දැක්කම තල්ලු කරන යනවා. දවසක් ඔහොම තල්ලු කරන යනවා දැකල පොලිසියෙන් කියනවා මේ නිකන් දාඩිය දාගෙන තල්ලු කරන යන්නේ නැතුව ස්ටාර්ට් කරන යනවා ඊළඟ දවසේ හෙල්මට් නැතුව අහු උනොත් දෙන්නම දානවා කුඩුවේ.ලැජ්ජාව පැත්තකින් තියල ස්ටාර්ට් කරන ගියා.

    ReplyDelete
    Replies
    1. අයියා දැන් ඉන්න රටේදිද එහෙම නැත්නම් ලංකාවෙදිද? කියපු විදිහෙන් ලංකාබේ වෙන්න ඕන.. :)

      Delete
  51. අපේ සළකුණ..කොහේ ගියත්....ජයවේවා....

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව..

      Delete
  52. සුපිරි..... සිරි ලංකාවෙන් ගියොත් සුද්දන්ටත් ඇඩ්රස් නෑ. :D

    ReplyDelete
  53. ලංකාවේ එවුන්ගේ මොලේ ගැන අපට තාම ආඩම්බර වෙන්න පුළුවන් ... :-)

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්