Tuesday, 29 May 2012

මායිමේ ඉදන් ( කෙටි කතාව )

උතුරු අහසින් හමා එන සුළගේ ඒ තරම්ම සිසිළසක් නොතිබුනාට මේ නිල ඇදුමට අතරින් වෑහෙන දාඩිය බිදු වලින් මොහොතකට හරි ගතට සුවයක් දෙන්න මේ සුළගට පුළුවන්.. ඈතින් ඇහෙන වෙඩි හඩත් එක්ක හිත එක තැනකට කරන් හිතන්න බැරි උනත් තල් ගහකට හේත්තු වෙලා පුංචි කොල කෑල්ලක අකුරු ඇමිණුවේ ඇය මතක් උන හින්දම..

පිච්ච මල් සරසලා හිස
බොහොම සීරුවට බිම බලාගෙන
කෝවිල ලගින් නුඹ ඇවිද ගිය සඳ,
රහසින් මොහොතක්
කතාකල නෙතග
මහා ලොකු දෙයක්
කීවා වගෙයි සිතට…

“ මොනවද බං කුරුටු ගාන්නේ.. කෙල්ලට ලියුමක්ද?”

අකුරු අතරේ හිර වෙලා තිබුන හිත රුවන් ලගට එනවා නොදැක්ක නිසාමද කොහේද මොහොතකට කලබල උනේ..

“ මොකෝ බං මේ බය වෙලා.. මේ වගේ තැනක ඉදගෙනත් ඔහොම බය වෙනවනම් ඉතින්..”

“ නෑ බං මම මේ වෙන කල්පනාවක හිටියේ..”

“ කෝ කෝ දියන් බලන්න.. උඹ මොනවද කුරුටු ගෑවේ?”

ලියලා ඉවර කරන්න ඉඩක් නොලැබුන කවිය අතට ගත්ත ඔහු ඒක මොහොතින් කියවා නිමාකර මා දිහා බලාහිටියේ ලොකු ප්‍රශ්ණයකින් බව මම දන්නවා උනත් අපි මොහොතකට නිහඩ උනා..

“ කා ගැනද බං උඹ මේ ලිවුවේ?”

“ උඹට මතකද එදා අපි කෝවිල ලග ඩියුටි ඉද්දි ආපු කෙල්ල.. අර වයසක අම්මයි තාත්තයි එක්ක ආවේ..”

“ හ්ම්ම්.. මට ටිකක් මතකයි.. ඒත් ඉතින් උඹ වචනයක්වත් කතා නොකරපු කෙල්ලෙක් ගැන මෙහෙම කවි ලියන්නේ..”

“ ඒක උඹට තේරෙන්නේ නෑ බං..”

………………………..

ටිකින් ටික කාලය එකතු වලා  වෙඩි හඬත් එක්ක ගෙවුන දවස් බොහොමයි උනාට ඒ හැම මොහොතක සිත සොරා ගත්ත පිච්ච මල් සුවදක් නිතරම මතකයේ දග කරද්දි හිතේ ඇදුන සිතුවිලි අනන්තයි..

ඒත් ගෙවුන කාලෙට ඒ පිච්ච මල් සුවද ආයෙම විදගන්න ලැබුනේ නෑ.. කාලය හෙමින් ගෙවිලා යද්දි දවසක් ඈ අහම්බෙන් වගේ මුණගැහුනත් එදා තීරණාත්මක ගමනකට අපි දුර ඇදෙමෙනුයි හිටියේ..

“ මචං අර උඹ කියපු කෙල්ල නේද?”

“ හ්ම්ම්..”

ගුරු පාරේ දුහුවිළි නංවමින් වේගයෙන් ඇදුන ලොරිය ඈ අසලින් යද්දි ආයෙම වතාවක් මම දිහා බලද්දි ඒ ඇස් වල තේරුම් ගන්න බැරි කතාවක් ලියවිලා තිබුනා.. ඈත දුහුවිලි අතරෙම ඇය නොපෙනි යනකම් ඒ දිහාවම ගොඩක් වෙලා බලා ඉදලා ආයෙම මේ තීරණාත්මක ගමන ගැන හිතුවේ සමහර විට මේ ඇය දැක්ක අන්තිම වතාව වෙන්න පුළුවන් නිසා..

“ කොච්චර කල් උඹ ඔහොම දුක් වෙන්නද බං?”

එක් සැදෑවක මගේ මිතුරා මාත් එක්ක ඈ ගැන කතා කලේ මගේ සිත තේරුම් ගත්ත නිසාම වෙන්න ඕන..

“ මටත් තේරෙන්නේ නෑ රුවන්..”

“ උඹ කෙල්ල ගැන හෙවුවේ නැද්ද?”

“හ්ම්ම්ම්..”

“ ඉතින්..”

“ ඒ කෙල්ලගේ තාත්තා තමයි මෙහේ කෝවිලේ පූජකවරයා.. නම සරෝජනී..”

“ උඹ ඒ කෙල්ලට කැමතියිද?”

උත්තරය ලග ලගම තියෙන බව දැනුනා උනත් ඒ උත්තරේ මුවින් පිට කරලා කියන්න තරම් පුළුවන් කමක් මගේ හිතට තිබුනේ නෑ.. ඒ ඇයි කියලා නොතේරුණා උනත් ඒකට ගොඩක් හේතු තිබ්බ බව රහසක් නෙමෙයි..

“ අපි නිවාඩු වෙලාවක කෝවිල පැත්තේ කැරකිලා එමු..”

“ උඹට පිස්සුද බං.. මේ ඉස්කෝලේ යන කාලේ වගේ කියලද උඹ හිතන්නේ.. මෙහේ ඕවා කරන්න යන්න බෑ..”

“ හරි හරි මචං.. මට තේරෙනවා..”

ඉස්සර වගේ සරළ ජීවිතයක් උනානම් ආදරයක් කියන එක ඒ තරම්ම දෙයක් නොවුනත්, අවි දරාගත්ත දෑතකින් ඇගේම නොමග ගිය අයට එරෙහිව සටන් කරන ගමන් ඇගේ ආදරය ඉල්ලන්නේ කොහොමද කියන සිතුවිල්ල හිතට සැරින් සැරේ වද දෙන්න පටන් ගත්තා..

………………………..

සිතුවිළි අතරෙම කාලය හෙමෙන් ගෙවෙද්දී නොහිතපු මොහොතක ඈ මගේ ඉස්සරහට එද්දි ඒ මුවගේ දැක්ක ලෙංගතු හිනාවට මම තව තවත් ආදරේ කරන්න පටන් ගත්තා.. මහා ලොකු කතාවක් කියාගෙන වගේ මං දිහාම බලාගෙන ගිය ඒ නෙතු හිතේ තැනක රැදුනේ සංසාර පුරුද්දකට වගේ..

යාළුවාව තනි කරපු මමත් ඉබේම වගේ කෝවිලට ඈ පස්සෙන්ම ඇතුල් උනේ ඇයි කියන්න මටවත් තේරුණේ නෑ.. කෝවිලේ ඈට ටිකක් පසුපසින් ඈ එක්කම හෙමින් යද්දි කී දෙනෙකුගේ නෙත් මා වෙතට යොමු වෙන්න ඇත්ද කියලා කල්පනා උනේ ගොඩාක් පහු වෙලා..

කාදිහාවත් නොබලාම හෙමින් කෝවිලෙන් නික්මිලා එලියට ආවේ මගේ අතින් උනේ වැරැද්දක් කියලා දැනුන නිසා.. ඒත්, ඒ එක්කම ඈතින් කෝවිලේ අනිත් දොරෙන් නික්මුන ඇය කොවිල වටේ ඇවිදන් යද්දි ඈ පසුපසින් නොයා ඉන්න පුළුවන් කමක් මගේ හිතට තිබුනේ නෑ..

හෙමින් ඈ සොයා යද්දි ඈත තනිවී තල් අරණ දිහා බලාගෙන හිටපු ඈ දිහා මොහොතක් මම බලාගෙන හිටියේ ආයෙම ඈව දකින්න නොලැබේවි වගේ සිතුවිල්ලක ඉදන්.. කොයිතරම් වෙලා ඈ තල් අරන දිහාත්, මම ඈ දිහාත් බලා හිටියද කියන්න දන්නේ නෑ..

නොදැනීම මමත් ඈ ලගටම ගිහින්.. මම ලග ඉන්න බව දැනිලා වගේ ආපසු හැරුණ ඈ ඇස් ලොකු කර ගෙන මං දිහා බලාගෙන හිටියේ පුදුමයෙන්..

“ මම සාරංග..”

ඇය සිංහල කතාකරනවාදවත් නොදැන මම ඈත් එක්ක කතා කරන්න උත්සාහ කලේ ඇයි කියන්න මමවත් දන්නේ නෑ..  ඒත් ටිකක් වෙලා රැදුනේ ලොකු නිහැඩියාවක්..

“ සරෝජනි..”

ආපසු හැරෙන්න හදද්දිම වගේ ඇසුන ඒ හඬ කොතරම් ලස්සනද? ඈ ගැන මම දන්න්නවා උනත් නොදන්නවා වගේ ඈ දිහා ආයෙම මොහොතක් බලාගෙන හිටියේ ඒ සුන්දරත්වය මොහොතකට විද ගන්න..

நீ என்ன செய்கிறாய்? அது போக வேண்டிய நேரம்..”

හදිස්සියේම අපි අතරට ආපු ඇගේ පියා ඈව එක්කන් යද්දි කේන්තියෙන් මා වෙත හෙලපු බැල්ම කොහොමවත්ම අමතක කරන්න බෑ..  ඔවුන්ගේ භාශාවෙන් ඈට කී කිසිවක් තේරුම් ගන්නට පුළුවන් කමක් නොවුනත් අසරණව මොහොතකට මා දිහා බලපු ඒ නෙත් වල මොකක් හරි දෙයක් රැදිලා තිබුනා..

“ මොනාද බං උඹ කරන්නේ? එදා උඹ මට බැනලා දැන් කරන්නෙත් ඒ වගේ වැඩමනේ..”

“ අනේ මන්දා බං..”

………………………..

කාලය ආයෙම වෙනද වගේම හෙමින් ගෙවිලා ගියත් ඒ කාලය අතරේ වෙනදා නොතිබුන වේදනාවක් රැදිලා තිබුනා.. දවස් ගානක් යන තුරුම ඈව මොහොතකටවත් දැක ගන්න නොලැබුන නෙත් හෙමින් වේදනා විදින්න උනා..

මුරපොලේ රාජකාරි නගරෙයෙනුත් කෝවිලෙනුත් ගොඩක් ඈතට ගෙන ගිය දවස් කීපයක් උනා.. ඈත ගම්මානයේ තල් ගස් අතරින් හිරු නගින බසින හිරු දිහා බලා ඉද්දි මතක් උනේ ඈ උනත් නිල ඇදුමත් රාජකාරියත් ඈව හැම මොහොතකම මගෙන් ඈත් කරලා තිබ්බා..

“ සාරංග ඔය එන වාහන ටික නවත්තන්න..”

“ සර්, වෙඩින් එකක් වගේ..”

“ ඔව්.. ඒ උනාට ටිකක් චෙක් කරලා බලමු..”

අතර මැද තිබුන වාහනයක වීදුරු අතරින් ඇතුල හොදින් බැළුවේ යනෙන අය ගැන තොරතුරක් දැන ගන්න.. ඒත්,

හදිස්සියේම නොහිතු විදිහට මුණ ගැසුන ඒ දෑස් ගොඩක් දේවල් රහසේම කිවුවා.. වෙනදට වඩා පිච්ච මල් සුවදක් ඈ ලගින් ආවත් ඒ සුවද වෙනකෙක් තමන් සතු කරගෙන ආඩම්බරෙන් මම දිහා බලාගෙන හිටියා.. රැදුන නිහඬ බව ගොඩක් දේවල් හෙමිහිට කණට කොදුරා කිවුවා..

“ ඔය වාහනේ චෙක් කරලා ඉවරද?”

“ ඔව් සර්...”






නිමි..




100 comments:

  1. නිළ ඇඳුම යට හිටිය පෙම්වතා.......

    මාතා ෆිල්ම් එකෙන් වුණත් කියන්නේ මේ වගේ කතාවක් කියලයි මම හිතන්නේ. නිළ ඇඳුමක් ඇඳගෙන හිටියට හමුදාවේ අය වගේම ත්‍රස්තවාදිනුත් මනුස්සයේ.... සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන හැඟීම්ම තියෙන...

    කොහොම නමුත් අපූරු කතාවක් මේක

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. මාතා ෆිල්ම් එකනම් මම බලලා නෑ..

      ඇත්ත ගිණි අවිය අත රැදුනට අපි කවුරුත් මනුස්සයෝ.. ආදරය වගේ දේවල් නොදැනී තියෙන්නේ නෑනේ..

      Delete
    2. මාතා කතාවටම ලග නැති උනාට, මටත් මතක් උනේ ඒ ෆිල්ම් එක..

      Delete
    3. මම තාම ඒක බලලා නෑනේ.. හොයාගෙන බලන්න ඕන..

      Delete
  2. කලකට පස්සේ මල්ලිගෙන් කෙටි කතාවක්...ලස්සනයි...ඒත් සතුටු හිතෙන ඒවත් ලියන්නකෝ...

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ.. වෙනස් කතා තේමාවක් හොයා ගන්න ටිකක් කල් ගියා.. ඊළග එකත් පරක්කු වෙයිද දන්නේ නෑ..

      හ්ම්ම්... සතුටු හිතෙන කතවක්.. ගොඩක් දවස් වලට මම ලියන අනිත් දේවල් වලින් සතුටු වෙන්නේ පුළුවන් නිසයි කතාව එතනින් වෙනස් කලේ.. මම උත්සාහයක් අර ගන්නම්... :)

      Delete
  3. හ්ම්ම්ම්ම්.... මේවගේ දේවල් කොච්චරනම් වෙන්න ඇතිද කියල හිතුනා

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ට ආදරෙන් බැදෙද්දි තරා තිරම බලන්නේ නෑනේ.. ඒ නිසා බිහිසුන අතීතයෙන් වැහුන මේ වගේ දේවල් ඕන තරම් තියෙන්න ඇති..

      Delete
  4. oyage katha hari lassanai malli...
    thawa poth kiyawanna. thawa liyanna..
    suba anagathayak.....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි... මේ අපේ කුමාරි අක්කා වෙන්න ඕන..

      Delete
    2. mama kumari newei. wena akka kenek

      Delete
    3. සමාවෙන්න ඕන.. ගොඩක් ස්තූතියි කතාව කියෙවුවට..

      Delete
  5. චිත්‍රපටියකට හොඳ තේමාවක් දිනේශ්...හරිම ලස්සනයි.
    අසම්මත පෙම් කතාවක්. ඒ වගේම නිහඬ පෙම් කතාවක්.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.. අසම්මතයි කියන එකනම් මෙතනට ගැලපෙනවද මන්දා.. ආගම වෙනස් වීම අසම්මතයක් කියලා මට නම් හිතෙන්නේ නෑ..

      නිහඬ ආදර කතානම් කොතෙකුත් ඇත්ද අක්කේ..

      Delete
    2. සමාජය විසින් අසම්මත යැයි පිලිගත් කියමු නේද? :)

      Delete
    3. අන්න ඒතනදි හරි.. කොහොමත් ඕනම දේකට ඔය අසම්මතයි කියන රීතිය බදින්නේ සමාජය.. ඊට පස්සේ ඉතින්...

      Delete
  6. අපේ ඥාති පුත්‍රයෙකුටත්(ආමි)ඔය වගේ ගෑල්ලමයෙක් ගැන හිත වැටිලා. පොටෝ හෙමත් අරගෙන තිබුණා. ප්‍රතිචාරත් නරක නෑ. ඒ වුනත් ඉතින් ඒ කතාවෙ අවසානයත් මේ කතාවම තමා....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්.. අනේ මන්දා.. අනිත් ආදර කතා වලින් මේ වගේ ආදර කතා වෙනෙස් වෙන්නේ ඇයි කියලා හිතා ගන්න බෑ..

      Delete
  7. ලස්සන වෙනස් කථාවක්.. ආදරය ඇති වෙන්න තැනක් වෙලාවක් නෑ කියන එක මම ගොඩාක් විස්වාස කරන දෙයක් අයියේ. ආදරයක් ඕනෙම වෙලාවක, ඕනෙම කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. ඒ ආදරේ හැටි.. ඉතින් ඒ වගේ ආදරයක් කියාගන්න බැරුව කොයි තරම් මේ වගේ ආදරවන්තයො දුක් විඳිනවා ඇත්ද. ආගම ජාතිය, කුලය වගේ වැඩක් නැති දේවල් නිසා කොයි තරම් නම් ආඅදර කථා යට ගිහින් ඇද්ද... හරිම ලස්සනයි අයියේ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත ආදරයක් ඇති වෙන්න ගොඩක් භාදක ආවේ නැති උනාට ඒ ආදරේ කරන හිත් දෙක එකට එකතු වෙන්න ගොඩක් භාදක එනවා.. ඒක තමයි ඇත්ත..

      ආදරයක් කියලා ඒක ප්‍රතික්ශේප වෙනවට වැඩිය දුක වැඩියි ඒක හිතේ තියාගෙන ඉද්දී.. මේ දේවල් නිසා වෙන් උන අය ගැන ඇත්තම සිද්දි අපි කොච්චර අහලා දැකලා තියෙනවද?

      Delete
    2. දෙහිතක් ලං වෙන ඕනම වෙලාවක ආදරයක් ඇති වෙනවා.. එහෙමයි මම හිතන්නේ..

      Delete
    3. මාත් ඒකට එකගයි.. :)

      Delete
  8. මට නම් ටිකක් ටියුබ් ලයිට් වගේ......

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ මචං ඒ??

      Delete
  9. වාර්ගික අර්බුද වලට අහුවෙලා මේවගේ කවමදාවත් ඉශ්ඨ කරගන්න බැරිවෙච්ච සුන්දර ආදර අදර කොතෙක් අතිද?

    ReplyDelete
    Replies
    1. ඔව් කස්සා.. තල් අරණේ විතරක් නෙමෙයි, ඊට මෙහායින් ඕනම පැත්තක මේ වගේ සිද්දි තිය්න්න ඇති..

      Delete
  10. හදවතින් බැදෙන ආදරයට කුලමල ජාතිබේද කොයින්ද? මේ වගේ කොච්චර කථා මහ පොළොවට පස් වෙන්න ඇතිද? ආදරණීය හිත් කොයි තරම් විදවන්න ඇතිද? තාමත් ඒ හිත් විදවනවා ඇතිද? හරිම ලස්සන කථාවක්.මෙහෙම අවසානයක් හිතුවෙම නෑ යාළු..හරිම ලස්සනයි.ඔබෙන් තවත් කළුවක් බලාපොරොත්තුවෙන් ඉන්න තවත් එක් යාළුවෙක් වේවි මම..

    ජය වේවා...

    ReplyDelete
    Replies
    1. හදවතින් බැදෙන ආදරයක් බලාපොරොත්තු වෙන්නේ ඒ වගේම ආදරයක්.. ඊට එහා කිසිම දෙයක් ඒ ආදරේ බලාපොරොත්තු වෙන්නේ නෑ.. ඒත් සමාජය ඒ ආදරේ අතරට ගොඩක් දේවල් දානවා.. අන්න ඒකයි වැරැද්ද..

      ගොඩක් ස්තූතියි.. ගොඩක් ඉක්මනටම ලිය වෙයිද කියන්න බෑ.. ඒත් තව කතාවක් ලියන්නම්..

      Delete
    2. ආදරේ අයිති හදවතට.. හදවත ඔය බැමි ගැන හිතනවද??

      Delete
    3. බැමි බැදලා තියෙන්නේ සමාජය.. ඇස් මානයෙන්..

      Delete
  11. හැම කෙනෙක්ටම ආදරේ මෙහෙම නැති වෙන්නේ ඇයි කියල නම් තේරෙන්නේ නෑ.ආදරේ අවසානය දුකක්ම වගේ....

    කතාවනම් ගොඩක් ලස්සනයි අයියේ.ඒ වගේම දුකයි.මොනවා වුනත් ඔයා ලියන කතා නම් කියවන්න ආසයි අයියේ....

    ReplyDelete
    Replies
    1. ආදරේ එක්කම බැදුන දෙයක් නංගෝ දුක කියන්නෙත්.. මේ දෙක වෙන් කරන්න අමාරුයි..

      දුක සතුට කතාවලට හිමි උනත් දුක මම මගේ කතා වලට උරුම කර ගත්තා.. ඒ මොකද ගොඩක් වෙලාවට අවසානයත් එහෙම නිසා.. :)

      Delete
  12. ආගමට ජාතියට දේශ සීමාවලට නොබෙදුනු ආදරය..
    ලස්සනයි මල්ලි..

    ReplyDelete
    Replies
    1. හිත් වලට ඔය බෙදීම් නෑනේ අක්කේ..

      Delete
  13. හ්ම්... ඔය වගේ ප්‍රේම කතා කීයක් වැලලිලා යන්න ඇද්ද ඒ කාලෙ.

    ReplyDelete
    Replies
    1. ඒ අදුරු අතීතේ නිමා උනත් අනාගතේදිත් ආදර කතා වලට ඔය බෙදීම එන එකක් නෑ කියලා අපිට හිතන්න පුළුවන්ද?

      Delete
  14. ගොඩක් දේවල් කෙටි කරලා ලස්සනට ලියලා තියෙන කතාවක් දැක්කමයි...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සහෝ..

      Delete
  15. මේක කියෙව්වාම සුනිල් ආරියරත්නයන් වික්ටර් සහ නිරංජලාට ලියපු මේ මියුරු ගිය මතක් වුණා

    මීන නුවන් යුගින් බලන් මීනා
    තල් අරණේ වැට අයිනෙන් එබී බලන් මීනා.
    බලන්න බෑ බණ්ඩාරේ
    අපි ඈතයි අපි ඈතයි බණ්ඩාරේ
    උඩරට කුළ නිලබල ඇති බණ්ඩාරේ..

    ReplyDelete
    Replies
    1. " මට පන්සල් යන්නත් බෑ
      නුඹ කෝවිල් එන්නෙත් නෑ
      අපි ඈතයි අපි ඈතයි.."

      මේ පේලි කීපයෙන් ඒ ගිතරේ ලොකු කතාවක් කියනවා මම හිතන්නේ..

      Delete
  16. හ්ම් අවසානයේ මම නොසිතූ දෙයක් සිදු උනේ.දුකයි හිතට දැනුනා

    ReplyDelete
    Replies
    1. ගොඩක් අවසානයන් අපි හිතන දේවල්ම නෙමෙයි නේ අක්කේ..

      Delete
  17. ඇඩෙනවා ඈ...
    දුක හිතෙන කතා ලියන්න එපා බං...
    මට දුක හිතෙනවා :-(

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඉදලා හිටලාවත් ටිකක් දුක් වෙයන් බං..

      Delete
  18. දුකය් හැබය් හොඳය්
    ලස්සන කතාවක්..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් යාළුවා..

      Delete
  19. niyamai.thawa liyanna

    ReplyDelete
  20. සෑහෙන කාලෙකින් අයියා කතාවක් ලියලා හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. ඔව් මලයා ටික දවසකින් ලියන්න බැරි උනා.. ඉස්සරහට පුළුවන් හැම වෙලාවකම ලියනවා කතාවකුත්..

      Delete
  21. මල්ලි මම කතාවක් කියන්නම්. යුද්ධ කාලේ යාපනේ කෑම්ප් එකක වැඩ කරන කාලේ එතනින් ගියපු සුදු ලස්සන දෙමල කෙල්ලකට පෙම් බැන්ද හමුදාවේ කොල්ලෙක් ඊට අවුරුදු 4 කට පස්සේ ඒ කෙල්ලගේ මිනිය දකිනවා අහම්බෙන්, කලින් දවසේ තමන්ගේ ලයින් එකට ගහපු කොටින්ගේ මල සිරුරු අතරේ. ලස්සන මුනේ ලේ පෙරිල. බඩෙයි පපුවෙයි අතකයි වෙඩි වැදිච්චා. රතු කුරුසේට දෙන්න මේ මිනියත් ලේබල් කරලා.. අඬන්නත් බෑ, ඒත් ඒ වෙද්දීත් මතක් වෙනවා ඉස්සර බංකරේ ඉඳන් කොන්ඩේ මල් ගහගෙන කෙල්ල එතනින් ගිය ලස්සන.. කාටත් හොරා දන්නා දෙමලෙන් කෙල්ලට වචනයක් දෙකක් කතා කරපු හැටි.. පලවෙනි දවසේ කෙල්ල බය උන විදිය.. ඒත් දැන්..

    ReplyDelete
    Replies
    1. අයියේ... මම මෙහෙම අහන එක හරිද මන්දා... මේ අයියගේ ජීවිතේ කතාවක්ද??

      Delete
    2. මගේ හොඳම යාලුවෙක් ගේ. ඕක උනේ යුද්ධේ අන්තිම කාලේ. ඌ ඒ කෙල්ල ගැන මගේ එක්ක විතරයි කිව්වෙත්. ඒ ඌ බය උනා වෙන උන් මේ ගැන වචනෙකින් හරි දෙයක් කෙල්ලට කියනවට. අන්තිමටම ඌ නිවාඩු ආව වෙලේ ඔය කතාව මගේ එක්ක කියකියා ඌ ඇඩුවේ පොඩි එකෙක් ගානට. දැන් දෙන්නම් හොඳ තැනක ඇති කොහේ හරි. උන් දෙන්න මට ජීවිතේ පාඩමක්.

      Delete
    3. මට මොනවා කියනවද කියලා හිතා ගන්න බෑ අයියේ.. මේ ආත්මේ එකතු වෙන්න බැරි උනාට ඊළග ආත්මෙක ඔවුන් එකතු වේවි.. අපි එහෙම ප්‍රාර්ථනා කරමු..

      Delete
    4. ඔව් මල්ලි.. මමත් එහෙම ප්‍රර්ථනා කරනවා. මේ කතාව ඔයා කියද්දී මට මැවිලා පෙනුනේ මගේ යාළුවාගේ කතාව..

      Delete
    5. ඇත්ත අයියේ.. ඇත්තටම හිතට දැනුනා අයියා කියපු කතාව..

      Delete
    6. මේ කතාව අහලා ඇත්තටම දුක හිතුනා අයියේ.. අනේ මන්දා..

      Delete
    7. සමහරුන්ගේ ආදරයන් කෙයටි කාලයක් උනාට ඒ මතකය ගොඩාක් කාලයක් රැදෙනවා.. මේ ආදර කතාවත් ඒ වගේ..

      Delete
  22. හ්ම්...

    කතාව නම් වෙනදා වගේම ලස්සනයි අයියේ..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් නඟා.. "හ්ම්ම්" කියලා මුකුත්ම නොකිවුවේ කතාව දුකක් උන නිසා වෙන්න ඕන..

      Delete
  23. දිනේෂ් අයියේ ඇත්තටම හිතට දැනුනා.ලස්සන නිර්මාණයක්.සමහර විට ලංකාවේ ඇත්තටම සිද්ධවුණා වෙන්නත් පුළුවන්.තුවක්කුවක් අත දරා ගත්තත් ගල් හිතක් වුණත් හැඟීම්බර වෙනවනේ...........මිනිස්සු!

    ReplyDelete
    Replies
    1. පහු ගිය කාලේ මේ වගේ දේවල් වෙලා තියෙනවා මලයා.. තුවක්කුව යකඩ උනාට ඒක අල්ලන් ඉන්න හිත් යකඩ නෑ මලයා..

      Delete
  24. පොඩිකුමාරිහාමි අක්කා කිව්වා වගේ, චිත්‍රපටියකට නියම කතාවක්.. හරිම ලස්සනයි!! ආදරේට සීමා මායිම් නෑ... කොහොම කොයිමොහොතෙ කාගෙ හිතේ ඇති වුනත්, ආදරේ ආදරේමයි...

    ලස්සනයි අයියෙ!!

    ReplyDelete
    Replies
    1. ආදරේ කරන හිතකට ඕන තවත් ඒවගේම ආදරයක් විතරයි.. ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ..

      චිත්‍රපටියක් අපි ගහමු.. :)

      Delete
  25. කාලෙකින් කෙටි කතාවක් ලිව්ව ඒක හොදයි...
    සිංහල බ්ලොග් අතර හොදම කෙටිකතාකරු අයිය තමයි...

    ReplyDelete
    Replies
    1. හෙහ්.. නෑ මලයා.. මට වැඩිය හොද කතා කරුවෝ ඕන තරම් ඉන්නේ..

      Delete
    2. අයියගේ කතා තමයි ලස්සන... :)

      Delete
    3. තව හොද අය ඉන්නෝ...

      Delete
  26. හ්ම්හ්....මේ වගෙ ලස්සන ආදර කතා කීයක් නම් මියෑදිලා යන්න ඈතිද ඒ කාලෙ...

    ReplyDelete
    Replies
    1. එහෙන් මෙහෙන් අහන්න ලැබුන ඒවත් නැතුවම නෙමෙයිනේ අක්කේ.. ඒත් කවුරුවත් නොදන්න කතා වැඩි ඇති..

      Delete
  27. කියවලා ඉවර වෙලා, සුසුමක් හෙලුවා...

    මම මීට කලිනුත් වර්ණ බලලා ගියා. ආසාවෙන් කියවනවා.. :)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් යාළුවා.. වර්ණ දකින්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා..

      Delete
  28. ලස්සන කථාව වැඩි දුර ගියපු සම්බන්ධයක් නොවන නිසා වැඩි දුකක් නැහැ.

    ReplyDelete
    Replies
    1. දෙන්නට දෙන්නා ආදරේ නොකිවුවට හිතින් ආදරේ ගොඩක් දුර ගියානේ.. කෙල්ලගේ පැත්තෙනුත් එහෙමද අපි කොහොමද දන්නේ..

      Delete
  29. //“ ඔය වාහනේ චෙක් කරලා ඉවරද?”//
    ඒත් හිත..
    අපූරුවට ලියවුන කෙටි කතාවක් කාලෙකින්.. :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඒකනම් ඇත්ත.. හිත කොහොම පිළිගන්නද?

      Delete
  30. //අවි දරාගත්ත දෑතකින් ඇගේම නොමග ගිය අයට එරෙහිව සටන් කරන ගමන් ඇගේ ආදරය ඉල්ලන්නේ කොහොමද කියන සිතුවිල්ල හිතට සැරින් සැරේ වද දෙන්න පටන් ගත්තා..//
    මේ කොටස මගේ හිත ට තදින් ම වැදුණා.

    හරි ම සංවේදී විදිහ ට ලියලා තියෙනවා අයියේ. කියවලා ඉවර වුණා ම මං දන්නෙ ම නැතුව සුසුමක් පිට වුණා....

    අප්‍රකාශිත ප්‍රේමය හිත ට කොයි තරම් වද දෙන්න ඇද්ද? හරි ම දුකයි... :( :(

    ~~~***දඟ මල්ල***~~~

    ReplyDelete
    Replies
    1. ඒ වගේ වෙලාවට ගොඩක් භාදක එනවා කියලා මට හිතුනා නංගී.. ඒකයි ඒ කෑල්ල එහෙම දැම්මේ.. මම ඒක දෙපාරක් වෙනස් කරලත් ඔය දැම්මේ.. පස්සේ ප්‍රශ්ණයක් වෙයිද නොදන්න නිසා..

      කියා ගන්න බරි උන ආදරය වේදනාව ඇත්තටම ගොඩක් වැඩියි නංගෝ.. ඒක ආදරේ ප්‍රකාශ කරලා අකමැති උනත් ඒක ටික කාලෙකින් දරාගන්න පුළුවන්.. ඒත් ඒක කියන්න බරි උනාම,

      " අනේ මම කිවුවනම් එයා කැමති වෙන්නත් තිබ්බා නේද?" කියන සිතුවිල්ල හිතේ වද දෙනවා..

      Delete
    2. මටත් හිතෙන්නේ කතාවේ ලස්සනම තැන එතන.. කියන්න ඕන ගොඩක් දේවල් කියවෙනවා..

      Delete
    3. ඒ උනාට ඒක ලිවුවේ ගොඩක් හිතලා බලලා..

      Delete
  31. ම්...ආදරයට විරහවට..ජාතිබෙදයක් ආගම් බෙදයක් නෑනේව...අපේම කුහක කම්වලින් ඇතිකරගත්ත මුරකපොලු වලින්....එහාට යන්න ආදරය වැනි සුන්දර සිතුවිලි වලටත් නොහැකිවිමම, අපි අපිටම විහින් කරගත්ත කොඩිවිනයක අතුරු ප්‍රතිඵලයක් නොවේද....?

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියේ.. මේ මුරකපොළු අපි අපිම හදා ගත්ත ඒවා.. සිංහල දෙමළ විතරක් නෙමෙයිනේ අනිත් ආගම් වලදිත් සමහරු ආදරයට විවාහයට ඒ දේ භාදාවක් කර ගන්නවානේ..

      Delete
    2. එකගයි.. මේ දේවලට වග කියන්න ඕනත් අපිම තමයි..

      Delete
    3. කාලකට උඩදි අපිම අතින් උන වැරදි වල ප්‍රතිඵලයන් තමයි මේ..

      Delete
  32. ඕක තමයි කියන්නේ
    "යුවතියකට ඔබ ආදරෙනම්.. ඇයට පවසන්න...
    පැවසීමට අතපසුවේ නම්.. ඇය ගැන නොසිතන්න..."

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත තමයි..

      Delete
  33. ලස්සනයි අයියේ කතාව. මම හිතුවෙ නෑ අවසානය මේ විදිහට වෙයි කියලා.
    ඒත් ඒ අවසානයට මම කැමතියි.

    ReplyDelete
    Replies
    1. මේ හොදම අවසානය කියලා හිතනවා.. මීට වෙනස් උනානම් තවත් එක ආදර කතාවක් වෙන්නත් තිබ්බා.. ඒනිසා මම කැමති මෙහෙම..

      Delete
  34. සාර්තක නිර්මාණයක්.

    ජයම පතමි !!!

    ReplyDelete
    Replies
    1. වර්ණයට සාදරයෙන් පිළිගන්නවා.. බොහොම ස්තූතියි.. :)

      Delete
  35. මොනව කියන්නඩ කීල හිටාගන්න බෑ අයියෝ............:(

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්ඩ එපා හලෝ.. මම දාන හැම එකකටම ඔයා කියන්නේ ඔහොමනේ.. :(

      Delete
    2. ඉටින් හලේ උයා ලීන හැම එකම මට මුකුට් කියාගන්න බැලිටලමට අසලන කලනවනේ......:'(

      Delete
  36. Ane malla kalekin awe. Kiyawanna godak dewal thinuna. Me dawas wala lamainge end of year test. Ithin mahansi wenawa e dewal walata.
    Pooja gei oyagei kavi kiyewwa. Lassanai ... Dukai.. Pooja ganath liyala thinuna okkoma kiyewwa. Ane paw.. Oya hari hondai malla.. Oyata kWadawath waradinne na.
    Ada liyala thibuna kathawa man kiyewwa. Mata mage malli mathak una. Eyath nila andumata yatin lassana tamil girl kenekuta adaraya kara... Malli nathiune nathnam e gir ada mage naana...
    Aaa.. Oyata aye lassana as2k muna gahuna wagey kathawak thinuna.
    Atheetha adarya parissamin thiya ganna,,,
    Man kumari akka..
    Man ano kenek vidiyata awata, prthikshepa karanna epa

    ReplyDelete
    Replies
    1. ඇයි අක්කේ මම ප්‍රතික්ශේප කරන්නේ.. මගේ එහම කිසිම ප්‍රස්නයක් නෑ.. උඩ කමෙන්ට් එකකට මම හිතුවේ කුමාරි අක්ක කියලා.. :)

      කමක් නෑ අක්කේ.. පුළුවන් වෙලාවට ඇවිත් බලන්න.. ඒකේ ප්‍රශ්ණයක් නෑ..

      අක්කගේ නැති උන මල්ලි ගැන දුකයි.. පහු ගිය කාලේ මේ දේවල් කොච්චර ඇහුනද.. වාසනාවට ඒ කාලේ ඉවරයි..

      Delete
  37. අද කතාව සුපිරි !!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මධුරංග අයියේ..

      Delete
  38. කියන්න වචන නෑ අයියේ.. ඇත්තටම ලස්සන කතාවක්.. ගොඩක් සංවේදි.. හිතට දැනුනා.. ආදරයක් හිතේ තියාගෙන ඉන්නවා කියන්නේ කොයි තරම් වේදනාවක්ද?

    ReplyDelete
    Replies
    1. ඒ වේදනාව මම, ඔයා අපි කවුරුත් විදපු දෙයක්.. ඒ ගැන කියනන් දෙයක් නෑනේ.. ආදරයක් හිතේ තියන් ඉන්න එක වේදනාවක්..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්