Thursday, 24 May 2012

අපේ ෆාමසිය

අපේ ෆාමසිය පටන් අරන් තියෙන්නේ 1975 අවුරුද්දේ ජනවාරි මාසෙක.. ඒ අපේ ලොක්කගේ තාත්තා.. ලොක්කගේ තාත්තා ගැන මම කියන්න වැඩිය දන්නේ නෑ.. ඒත් අපේ තාත්තා කියන හැටියට මූට වඩා තද නීති තිබ්බ පොරක්ලූ..  ෆාමසියට එන්නෙත් හොදට ටයි කෝට් දාලලු.. ඒකට මූ..

ඉතින් 2000දි විතර තමයි ලොක්කට ෆාමසිය හම්බු වෙලා තියෙන්නේ.. ඒ කොහොමද? කැමැත්තෙන්ද? නෑ.. ලොක්කා උගේ තාත්තට කම්බුලට ගහලා තමයි මේක ලියාගෙන තියෙන්නේ.. ඕක දන්න එකම කෙනා අපේ තාත්තා.. අපේ තාත්තම තමයි රණ්ඩුව බේරලත් තියෙන්නේ..

අන්තිමේ උඹට ඕන දෙයක් කරගනින් කියලා පුතාට ෆාමසිය ලියලා දුන්න ලොක්කගේ තාත්තා ෆාමසිය දිහා බලාගෙන පාස්තාවත් කලා නෑ කියලා තමයි ආරංචි..  :)

ඉතින් ඔහොම පියා එලවා ව්‍යාපාරයේ අයිතිය ලබා ගත්ත අපේ දැන් ලොක්කා තාම යහතින් මේක කරගෙන යනවා.. ඒකට එකම හේතුව තමයි ඉතාලියේ කවදාවත් වැටෙන්නේ නැති එකම බිස්නස් එක ෆාමසි වීම.. ඇයි ඉතින් ඉන්නේ ලෙඩ්ඩුනේ..

හැබැයි ඉතින් පුතා ලොක්කා උනාට පස්සේ අර තාත්තගේ කාලේ තිබ්බ නීතී රීති ලිහිල් වෙලා ගිහිල්ල තියෙනවා.. ඉස්සරම හැම සමර් නිවාඩුවකට කලියෙන් හොද හෝටලේකට එක්කන් ගිහින් කන්න අරන් දීලා එහෙම තියෙනවා.. දැන් නම් ඉතින් ඒවා කරන්න මූ ෆාමසියේ ඉන්න එකක් කියලද.. මාසයක් ගත්තොත් සති දෙකක් පොර නෑ..

හැබැයි පුතා ආවට පස්සේ ටික කාලයක් යද්දි ෆාමසියේ ආදායම හොද මට්ටමකට ඇවිත් තියෙනවා.. දැන් දවසට යුරෝ 4000ක් ඒ කියන්නේ රුපියල් වලින්ම ලක්ෂ 5කට වැඩිය හොයනවා.. ඒකට හේතු කීපයක් තියෙනවා.. 

එකක් අපේ ලොක්කා බෙහෙත් ගන්නේ විකිණුනොත් සල්ලි දෙන්නම් පදනමට.. ඉස්සර උනේ සල්ලී දීලා කෙලින්ම ගත්ත එක.. ඒක පාඩු වැඩේනේ.. අනික කාලෙට කලින් විකුණන්න බැරි උනොත් අපරාදේ.. අනික ඉතින් මේ ලොක්කා එක්ක වැඩ කරන්නත් ලේසි නිසා කට්ටියත් මෙතන ඉන්නේ හරි කැමැත්තෙන්.. ( මේ මම වගේ )

ෆාමසියේ කතන්දරනම් මම ඕන තරම් ලියලා තියෙනවනේ.. ඉතින් ඒවයින්ම හිතා ගනන පුළුවන්නේ මෙතන තත්වේ කොහොමද කියලා.. හැමදාම ඉතින් මොකක් හරි සිද්දියක් වෙනවම තමයි.. ඒවා ඉතින් එච්චර ලොකු කතා නෙමෙයි.. එහෙම ලොකු දෙයක් උන ගමන් මම නොලියා ඉන්නෙත් නෑනේ.. මතකයේ තියෙන පුංචි සිද්දි දෙක තුනක් තියෙනවා ලියන්නම්.. 

අපේ ෆාමසියට වයසක මනුස්සයෙක් එනවා නිතරම.. ඉන්නෙත් ෆාමසිය කිට්ටුව.. මාවත් ෆාමසියේ දැකලා පුරුදු නිසාම මගදි දැක්කත් මාත් එක්ක හොදට හිනා වෙලා කතාබහ කරනවා.. හැබැයි ඒ මනුස්සයාගේ පොඩි අවුලක් තියෙනවා.. මේ මනුස්සයා නාන්නේ නැද්ද කොහේද? ලගින් යන්න බෑ.. ඉතින් මේ මනුස්සයා ෆාමසිය ආපු ගමන් අපිට දැන ගන්න පුළුවන්.. ගඳ නිසා නෙමෙයි.. මේ මනුස්සයා ඇවිත් ගිය ගමන් අපේ දොත්තොරෙස්සා කරන්නේ විකුණන්න තියෙන සෙන්ට් එකක සාම්පල් බෝතලේ අරන් මුළු ෆාමසිය වටේටම ගහන එක.. :)  ඒ සුවදයි ගඳයි මික්ස් උනාම අපිට සමහර දාට ඉන්න බෑ.. ලොක්කා කියලා තියෙන්නේ ඔය වැඩේ කරන්න එපා කියලා.. ඒත් ඉතින් මෙයා ඒවා අහන එකක්යැ.. :)


තව කතාවක් මතක් උනා.. ඔන්න හැබැයි මේක ගෑල්ලමයින්ට කියවන්න තහනම්.. ඔන්න මම මුලින් කිවුවා.. පස්සේ අනන් මනං කියන්න බෑ.. 

දවසක් ෆාමසියට පොරක් ආවා උපත් පාලනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ගන්න.. ඔව් ඔව් ඒවා තමයි.. ඉතින් මෙහේ තියෙනවනේ එක එක රසයන්ගෙන් ගහපුවා.. පොරත් ඉතින් පැකට් එකක් අරගෙන ගියා කවුන්ටරේ හිටපු දොස්තර ගාවට..

පොර : මේක හොදයිද?

දොස්තර : හොදයි..

පොර : මේකේ ස්ට්‍රෝබෙරි රහ එනවද?

( අපි බොහොම අමාරුවෙන් හිනාව තද කර ගනිමින්..)

දොස්තර : දන්නේ නෑ..

පොර : එහෙනම් මේ පැකට් එකේ ගහලා තියෙන්නේ?

දොස්තර : මේකේ මේ රහ එනවද කියලා මම කියන්න දන්නේ නෑ.. ඕන නම් අරන් ගිහින් පාවිච්චි කරලා බලන්න.. නැත්නම් තිබුන තැනින්ම තියන්න..

පොර : ගාන කීයද?

ඊට පස්සේ පැය ගානක් යනකම් දොස්තරව අපි බයිට් කලේ නෑලු ඉතින්.. 

තව දවසක් ඕය වගේම දෙයක් උනා.. එදානම් අරගන්න ආවේ කෙල්ලෙක්.. ඒ කාතාව ඕන නෑ.. හිතා ගන්න එකයි ඇත්තේ..  මේ කතාවෙම අනිත් පැත්ත.. හැබැයි එදා දොස්තර කෙල්ලව බයිට් එකට අර ගත්තා.. :)

දැන් කට්ටිය බලනවා ඇති මම හදිස්සියේ මේ දේවල් ලිවුවේ මොකෝ කියලා.. ඒකට හේතුවක් තියෙනවා.. මම කලින් එක එක සිද්දි ලියද්දි දෙතුන් දෙනෙක්ම මට කිවුවා " පුළුවන්නම් ඔය ෆාමසියේ ෆොටො ටිකක් දාහන්කෝ අපිටත් බලන්න.." කියලා.. අප්සට් ගන්න එපා.. ඒවා ඔක්කොම ඇනෝ කමෙන්ට්.. සමහර විට මම ලියන දේවල් බොරු කියලා හිතන්න ඇති.. එහෙම හිතුවා කියලා මගේ තරහක් නෑ.. ඔන්න මම අද ෆොටො ටික් දානවා බලන්න.. :)





හ්ම්ම්ම්ම්.....

 අපේ සෙට් එක

ලැබ් එක.. මේක හවස 6න් පස්සේ කැන්ටිමක් වීම නවතන්ට බැරිය.. බෙහෙත් ගන්න එන අය හරි ශෝක්.. එන්නේ මොනවා හරි කන්නත් හදාගෙන.. බිස්කට් ජාතියක්, කේක් එකක් හැමදාම වරදින්නේ නැත.. :)

වැඩ නැති දා.. :)

අපේ ලොක්කා.. කලින් කතාවල කට්ටිය කිවුවනේ ඔයාලගේ ලොක්කා තරුණ පොරක් වෙන්න ඇති කියලා.. වැඩිය වයස නෑ අපේ තාත්තට වැඩිය අවුරුදු 5 යි බාල.. :) මේ ටිකේ පොර නෑ.. ඡන්දෙන් පැරදිලා ( ලැජ්ජාවටද මන්දා ) රට ගියා ගියාමයි තාම නෑ.. මගේ හිතේ තව මාසෙකටවත් එන එකක් නෑ.. එතක්න් ඉතින් අපිට.. :)
අගහරුවාදා පොටො ගනිද්දි ලොක්කා හිටියේ නැති නිසා පොරගේ පරන එකක් උස්සලා දැම්මේ..


ඉතින් ඔන්න ඕක තමයි තත්වේ.. කියන්න වරදක් නෑ.. ආ මගේ ෆොටො එක බුකියේ දාලා ඇති.. ගොඩක් අය දැක්ක නිසා මේකේ දැම්මේ නෑ.. තව දෙන්නෙක් මෙතන අඩුයි.. ඔක්කොම එකට එකතු කරන් මේ වැඩේ කරන්න ගියොත් කරන්න ලැබෙන්නේ නෑ.. ඒ නිසා ඔන්න ඔහේ දැම්මා.. 

තව කතන්දරනම් බොහෝමයි.. ඒවත් නිවාඩු පාඩුවේ ලියන්නම්..

ස්තූතියි.. :)

122 comments:

  1. තහනම් කරාට අපිනම් නොකියවා ඉඳියි :පී

    ඔන්න එහෙනම් අද ෆාමසියත් දැක බලා ගත්තා.....හරිම සෝයි...

    ReplyDelete
    Replies
    1. අද පෝස්ට් එක මේ වෙලාවේ දැම්මේ කාලෙකින් අපේ සයුරි අක්කා එක උනේ නැති නිසා.. :)

      ඔන්න මම කලින් කිවුවා කියවන්ඩ එපා කියලා.. :P

      Delete
    2. මෙව්ව නම් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ. අලි යන්නෙ නෑ. ඉන්නකෝ අපි වගේ මල්ලී එක්ක එකතුවෙලා මාත් කරනවා සටන්...:P :P :P

      Delete
    3. හෙහ් හා හා... ඕන සටනකට අපිත් ලෑස්තියි.. නේ සයුරි අක්කේ... :)

      Delete
    4. Batti +++++++++++++++
      Adiraajyawaadi kumanthrana walata erehiwa..... magenuth sahayogaya....... :D :D

      ~~~**Daga Malla***~~~

      Delete
    5. ඉතලියයි ඇමරිකාවයි කියන්නේ හිත මිතුරු රටවල්.. දෙගොල්ල දෙපැත්ත්ට සපෝට්.. ඒ නිසා ඉතාලියේ ඉන්න මම ඇමරිකාවේ ඉන්න සයුරි අක්කට සපෝට්.. :)

      Delete
    6. ප්‍රංශෙට සහාය නැද්ද?

      Delete
    7. ප්‍රංශය ඉතින් නෑදෑ රටක් නේ... :)

      Delete
  2. ඇත්තනේ අර මනුස්සය කොහොමද අහවල් එකෙ රස දන්නේ.... ගෑනු පරාණයක් උන්නනම් සමහර විට..........

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. එහෙම ඇහුවනම් තියෙන ඒවයින් රස වැඩිම මොකක්ද කියලම කියාවි.. :)

      Delete
  3. ස්ට්‍රෝබෙරි රස නෙවේ ඕකට දාන්න ඕනෙ 'ටැබැස්කෝ හබනේරෝ' රස....:D:D:D

    ReplyDelete
    Replies
    1. මළලසේකරයි.. ඒ රස මොකක්ද කිරිල්ලියේ??

      Delete
    2. දිනේෂ්, මං හිතන්නේ ඒකත් කන දෙයක්ද කොහේද? ඃ)

      Delete
    3. මම ඕක ගූගල් සර්ච් කරලා බැළුවා.. බොරු කියන්නේ මොකටද වචනේ තේරුම නොදන්න නිසා..

      Delete
    4. මම නම් ඉතින් සුපර් මාකට් එකේ නේ වැඩ. ටබැස්කෝ හබනේරෝ ?? කිරිල්ලි ට්‍රයි කරලා තියනවද මමා ඇෆ්රිකා ?? මම දන්නා විදියට තියන සැර වැඩිම එක.

      Delete
    5. ඕකනේ ඉතින් කරන්න බැරි අයියේ.. මම මේ තාම කිරිල්ලි කියපු වචනේ තේරුම හොයනවා.. අයියා තව වචනයක් දාලා..

      දෙකේම තේරුම කියමුකෝ අයියේ... :)

      Delete
    6. මේ දෙකම සෝස් ජාති. ගෑවුනත් ඇති දැවිල්ලට. අපේ කොම්පැනියේ මිරිස් කන්න චිර ප්‍රසිද්ධ මගේ බොසා මාමා ඇෆරිකා රෙඩ් චිලි සෝස් එක කාලා වැඩර් වගේ. අන්තිමට හොස්පිටලියිස් කරන්න වෙයි කියල අපි හිතුවේ. අප්පෝ... පොර කා ගහගෙන නටපු නැටිල්ල මට රෙකෝඩ් කරන්න තිබ්බේ..

      මෙන්න ටබැස්කෝ එක.

      http://www.tabasco.com/tabasco-products/sauces/tabasco-habanero-sauce/

      මේං මාමා ඇෆ්රිකාස් සෝස් ජාති..

      http://www.mamaafricas.com/

      Delete
  4. ෆොටෝ ටික මරු.
    කෝ දොඩම් ගහේ ෆොටෝ එක?
    :-)

    ReplyDelete
    Replies
    1. ඊළග පාර දොඩම් ගහ සුද්ද කරන්න කලින් ෆොටො එකක් අරන් දාන්නම්.. දැන් ගෙඩි නැති ගහෙන් වැඩක් නෑනේ.. :)

      Delete
  5. ෂෝයි ෆාමසියක්...වැඩ කරන්ට ආසා හිතෙනව ඇතිනේ. තරු පාය්න්නේ ඔය පැත්තෙන්ද? නැත්නම් වෙන පැත්තකින්ද? :D

    ReplyDelete
    Replies
    1. සමහර දාට ඉතින් කෑම සහ කතාව තමයි ගොඩක් වෙලාවට..

      තරු පායන්නේ අහසේය.. :)

      Delete
  6. මචං, උමලාගේ ෆාමසියේ කට්ටිය ගැන තව ටිකක් වැඩියෙන් ලියපං... අක්කලා ගැන විශේෂයි...!!!

    ReplyDelete
    Replies
    1. අක්කලා නිසා තමයි අයියේ හැමදාම කතාවක් වැටෙන්නේ.. දාන්නම් දාන්නම්..

      Delete
  7. නියම කතාව දිනේෂ්... හිනා කාලා මැරෙනවා. ඔක්කෝටම වඩා වටින්නේ ඇනෝ යාළුවන්ට දුන්නු උත්තරේ ගැන. ෆාමසියේ ඔක්කෝම යාළුවෝ ටික මතක් කලා කියන්න. ලොක්කට කියන්න ජන්දේ කරන හැටි දැනගන්න එහෙම ඔින නමි මෙහේට එන්න කියලා... හික්ස්..!!!

    ReplyDelete
    Replies
    1. නෑ යාළුවා.. ඒ කියපු දේවල් එක්ක මගේ අවුලක් නෑ.. මොකො ගොඩක් වඩකරන තැන් එක්ක බලද්දි මෙහෙම තැන් තියෙන්න පුළුවන්ද කියලා හිතෙනවනේ.. ඒකයි ඉතින් මේ මම දොත්තොරෙස්සා අක්ක එක්ක කතා වෙලා ෆොටො ගත්තේ... :)

      හපො ලොක්කා ඔහේ එවලා බෑ.. පොර සිංහල ඉගෙන ගත්තොත් මම ඉවරයි.. :)

      Delete
  8. lassana katha tika.
    okkoma balanna one. ayeth ennam...

    ReplyDelete
    Replies
    1. නිවාඩු වෙලාවක ඇවිත් කියවලා යන්න.. :)

      Delete
  9. ලස්සන තැනක්නේ....නියමයි. දිනේෂ් අයියේ .....තව සූට්ටන් උදව්වක් කරනවද?ඔයා සිසිලි දූපත පැත්තේ ගියොත් එහෙත් පොටෝ කෑලි දෙක තුනක් අරන් ඇවිත් දානවද?1946 ඉඳන් 8 වතාවක් කිව්වහම ලේසි පහසු නෑනේ.....

    ReplyDelete
    Replies
    1. මලයා මම ඉන්නේ සිසිලි දූපතේනේ.. ෆොටො දාන්නම්.. ගොඩක් ඇති මගේ බුකියේ..

      " 1946 ඉඳන් 8 වතාවක් "

      මේ කිවුවේ එට්නා කන්ද ගැන වෙන්න ඕන..

      Delete
    2. mamath harima asa ratak thama ithaliya.
      ithaliye tour karana lankawe kenekuta dena gena inna one dewaluth tikak kiyannako male...
      thawa 2 yrs walin withara visit karanna hitha gena inne mama.

      Delete
  10. කලින් ෆාමසියේ පොස්ට් නම් ඔක්කොම කියවන්න බැරිවුනා...මම තාම අලුත්නේ ඉතින් මේ පැත්ත‍ට හෙමින් ඒවත් බලන්නමිකෝ...

    ඔන්න අයියේ මුල ටික නම් කියවගෙන ආවා.ඒත් ඔයා එපා කියලා තිබුන තැන ඉදන්නම් කියවන්න බැරිවුනා.එපා කියපුවා කරන්නත් බෑනේ නේද..? කොහොමවුනත් ඔයාගේ ෆාමසියේ ෆොටෝ නම් බැලුවා.ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. කලින් ඒවත් හෙමීට කියවන්නකෝ.. හොයාගන්න අමාරු වෙන එකක් නෑ.. ඔය ජනප්‍රිය ලිස්ට් එකේ තියෙන ගොඩක් ඒවා ඒ කතා තමයි.. :)

      අන්න එහෙමනේ හොද ළමයි ඉන්න ඕන.. කියනදේ අහන්න ඕන.. :)

      Delete
  11. මම නම් හොඳ ළමයා, කියෙව්වේ නෑ අයියා එපා කියපු නිසාම... :D
    ෆාමසිය නම් ශෝක් වගේ.. තියෙන තැනත් නියමයි..

    ReplyDelete
    Replies
    1. කියෙවුවේ නෑනේ? හොදටම ශුවර්නේ මද්දූ??

      ෆාමසිය සෝක්දත් අහනවා මෙයා.. :)

      Delete
    2. නැත්නම්... මම අයියා කියන දේ අහනවනේ.. හික්ස්... ;)
      අයියා එපා කියපු නිසාම බැලුවේ නෑ.

      Delete
    3. හා හා... බටර් ගන්න එපා... :P

      Delete
  12. අද ෆාමසියත් ඔන්න දැක ගත්තා......

    අනිත් ඒවට මුකුත් ෙනාකියම්.....:P

    ReplyDelete
    Replies
    1. මෙහෙත් ගන්න එන්න.. :p

      අනිත් ඒවට මුකුත් කියන්න විදිහක් නෑනේ.. මම බලන්නත් එපා කියලා තියෙද්දී... :)

      Delete
  13. දිනේශ්ගෙ වැඩ කරන සගයොත් ඔයාටම හරියන අය වගේ..!! හික්ස්..

    ReplyDelete
    Replies
    1. එක අත්තක වහන්නේ එක ජාතියේ කුරුල්ලෝ කියලා කවුදො මන්දා කියලා තියෙනවා..

      Delete
  14. ෆාමසිය නම් එල.. අර කන්නාඩි දාගෙන ඉන්නෙ දොත්තොරෙස්සා ද? කලින් නම් ඉතින් බ්ලොග් ලිපි වල අහල තිබ්බට දැකල තිබුනනෑ නෙව

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. ඒ එයා තමයි.. අළුතින් ආපු කෙනා නෙමෙයි.. ඉස්සර ඉදන්ම ඉන්නෙ මෙයා.. :)

      Delete
  15. නියම ෆාමසියක්නේ....ලොක්කගේ ඉදලම වැඩ කරන කට්ටියට ටිකක් පිස්සු වගේ තියනවා...:P :D

    ReplyDelete
    Replies
    1. ටිකක්?

      ටිකක් නෙමෙයි නඟේ.. හොදටම.. පේන්නේ නැද්ද මේ මම.. :)

      Delete
  16. බොහොම සතුටින් වැඩ කරන්න පුළුවන් තැනක් වගේ......:)

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ.. දවස ගෙවෙනවා තේරෙන්නේ නෑ..

      Delete
  17. ඊ කෝ අර දොදම් ගහ.....අනී ඒක ඩාල ලෑලේ......:(

    ReplyDelete
    Replies
    1. දොදම් ගහේ කොල විතරයි හලේ.. :)

      Delete
  18. හ්ම්ම්ම්ම්... මමනම් දැක්කේ මේ ටික විතරයි අප්පා

    ReplyDelete
    Replies
    1. හොද අක්කා.. ෆොටො ටික විතරක් බලලා.. :)

      Delete
  19. ශෝක් ෆාමසි පොඩ්ඩ....
    ඇනෝල නම් ඉතින් ඔය එක එක ඒව කියන්නේ ඉරිසියාවට නෙ මචන්.. මොනව උනත් වැඩ කරන තැන නිදහස් නම් වැඩකරන්න ලේසී.

    ReplyDelete
    Replies
    1. මම අපේ ෆාමසියේ බුකියේ ෆොටො ටික දාන්න හිටියේ කලින් ගත්ත.. දොත්තොරෙස්සා අක්කට කිවුවම මම ඒටික උස්සනවා කියලා එයාමයි කිවුවේ අපි අළුත් ටිකක්ම ගමු කියලා.. :)

      Delete
  20. ෆාමසිය නම් නියමයි...ෆාමසියෙ කට්ටියත් හරි විනෝදයෙන් ඉන්න අය වගේ... :)

    ReplyDelete
    Replies
    1. විනෝදෙන් කියන්නේ ඉතින් හැමදාම කාව හරි බයිට් කරන එක තමා වැඩේ.. මම අනිත් අයව බයිට් කරනවා වගේම අනිත් උන් සමහර දාට මාව බයිට් කරනවා.. :)

      Delete
  21. නියමයි. මෙන්න මේවගේ දාන්න ඕන ඉදහිට හරි. කොහොම උනත් එකක් කියන්න තියනව.
    කතන්දරේ හැටියට ෆාමසිය බොසාගෙ තාත්තගෙ. උඹේ තාත්තත් ඒ කාලෙ ඉදල වැඩ කරනව. හරිනම් මේ වෙනකොට ෆාමසිය උඹට අයිති වෙලා තියෙන්න ඕන. නැද්ද මං අහන්නෙ? අන්න එහෙමයි හැදෙන මිනිස්සු. :):):):)

    ReplyDelete
    Replies
    1. රාජ් අයියත් හිතලා තියෙන දුර හැබෑටම.. නීතියෙන් අයිතිය ලොක්කගේ උනාට ලොක්කා ගොඩක් වෙලාවට මෙතන නෑනේ.. ඉතින් ඊට පස්සේ අපි තමයි ලොක්කෝ..

      Delete
  22. ඔන්න ෆාමසියත් බලාගත්තා. ලොක්කා නම් මරු!

    ReplyDelete
    Replies
    1. ලොක්කා හැමදාම නැති නිසා අපිට මරු.. :)

      Delete
  23. ෆාමසිය ඇතුලටත් වඩා එලිය ලස්සනයි. ඔහේ සඳලුතල හැම එකකම මල් හිටවල නේ?

    ReplyDelete
    Replies
    1. ගොඩක් ගෙවල් වල එහෙමයි.. සමර් වින්ටර් මාරු වෙද්දි මල් වෙනස් වෙනවා..

      Delete
  24. නියම සෙට් එකක් එක්කනේ ඔයා වැඩ කරන්නේ . හරි ජොලියේ ඉන්නවා වගේ .
    …මම එපා කියපු කතාව බැලුවා :P

    ReplyDelete
    Replies
    1. නියමයි අක්කේ.. දවස ගෙවෙනවා තේරෙන්නේ නෑ..

      බලන බව දන්න නිසාමයි එපා කිවුවේ.. :)

      Delete
  25. හම්මා මේකද ෆාමසිය...මරු ඈ.....
    මේ..ඇත්තටම අයියෙ අර කිව්ව ඒවා ඒ රහමද....

    ReplyDelete
    Replies
    1. ඔය අහුවේ ප්‍රශ්ණයක්.. මටත් ඉතින් කියන්න තියෙන්නේ අර දොස්තර දුන්න උත්තරේම තමයි.. :)

      Delete
  26. අහ්හ්.. මම අහයි අයියා එපා කිව්වට... මම හිතුවක්කාරී!!!! :p

    අර එක පින්තූරෙක යටින් "හ්ම්ම්ම්ම්ම්ම්ම්" කියලා ඇයි ? :O

    ලස්සන ෆාමසිය.. ශෝක් තැන.. හරිම නිදහස් පාටයි..;) නියමයි!!

    ReplyDelete
    Replies
    1. ඔයා ඉතින් හිතුවක්කරි බව අපි නොදන්නවයි.. :)

      හ්ම්ම්ම්ම්... ඒවා කියන්න බෑ.. :p

      නිදහස් පාට මොන පාටද හිතූ??? :p

      Delete
    2. ආ..ඒ පාට අර පහුගිය ටිකේ අයියාගෙ මූණේ තිබ්බ පාට වගේ...;) ඩ්හැන් නම් ඒ පාට නැති වේගෙන යන්නෙ.. ළඟදිම හරියන්න යන නිසා.. හික්ස්ස්

      Delete
    3. අහ්... එහෙනම් ඒ පාට නැති කරන් බෑවගේ.. හැමදාම තියාගෙන ලස්සනට ඉන්න ඕන.. :)

      Delete
  27. එව්වා ගන්ඩ ගියාම ඔහෙ උනුත් ඇඔරෙනවාද? මෙහෙ ගැන මොන කතාද?

    ReplyDelete
    Replies
    1. ඇඹරෙන්නේ නෑ අයියේ.. ඔය වගේ ගොන් ප්‍රශ්ණ තමයි සමහරු අහන්නේ.. කොච්චර දුරට ඇදෙනවද, එක එක ඒවා.. සමහර උන් කිසි ගානක් නැතුව ඩීසන් පිට අනිත් බෙහෙත් වලට බිල හදද්දි ලගට ගෙනත් තියනවා.. :)

      Delete
  28. ෆාමසියත් ලස්සනයි....ඒකෙ සිදුවෙන කතාත් ලස්සනයි..
    මල්ලී...තව හොඳ ෆාමසි කතා අපට ගෙනෙන්න...

    ReplyDelete
    Replies
    1. ලියන්නම් අක්කේ.. ගොඩක් සිද්දි තියෙනවා..

      Delete
  29. දිනේෂ් ගේ ෆාමසියේ කට්ටියගේ ෆෝටෝ දැම්මට මම නම් අපේ ඔෆිස් එකේ කට්ටියගේ ෆෝටෝ නම් දාන්නේ නැ මගේ බ්ලොග් එකේ.එකේ තියන පොස්ට් වල තියන ඔෆිස් කතා හැටියට.

    ReplyDelete
    Replies
    1. හෙහ්.. මම ඉතින් බය නැතුව දැම්මා මේවා උන්ට තේරෙන්නේ නැති නිසා.. :)

      Delete
  30. ලොක්කා සිංහල ඉගන ගන්න කොහේට හරි ඡන්දෙ පැරදිලා ගියාද දන්නෙ නෑ . මොකද නිවාඩු වෙලාවට දිනේෂ්ගෙ බ්ලොග් එක කියවන්න. එහෙම වුනොත් සුනේ සුං තමා.

    ෆාමසිය නම් නියමයි. ඒත් ඔය එක එක රසකාරකා දාපුවා විකුණන්නෙ පරිස්සමින්.

    ReplyDelete
    Replies
    1. හෙහ්.. හොද වෙලාවට ගූගල් ට්‍රාන්ස්ලේට් වල ගහලා මේවා කියවන්න බැරි.. එහෙම උනානම් ඉදලා හමාරයි..

      Delete
  31. ගොඩාක් කාලෙකට පස්සෙ ඇවිත් පෝස්ට් දෙක තුනක්ම කියෙව්වා

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අක්කේ.. නිවාඩු වෙලාවට ඇවිත් යන්න.. :)

      Delete
  32. අර කන්නාඩි කුට්ටමක් දාගෙන ඉන්න එක්කෙනා හරි සීදේවි පාටයි කිව්වා කියන්න ඈ...!!

    ReplyDelete
    Replies
    1. හා හා.. මම කියන්නම්කෝ පොඩ්ඩෝ.. :)

      Delete
  33. යූරෝ4000ක්.. හ්ම්ම්ම්,ඔහේ මංකොල්ලකාරයෝ නැද්ද දිනේෂ්?
    අනික දොස්තරට තිබුනෙ,කැමතිනම් රසබලලම ගන්නකියන්නයි.

    ReplyDelete
    Replies
    1. විමුක්ති වැදගත් දෙයක් මතක් කලේ.. මංකොල්ලකාරයෝ එක්ක හොද කතා කීපයක් තියෙනවා.. මම හෙමීට ලියන්නම්..

      Delete
  34. නියම ෆමසියක් නේ. ඉතුරු කතා ටික ටික දාන්න. තාත්තා තවම ජිවතුන් අතර ඉන්නවද.මොනවා වුනාත් කරපු වැඩේ වරදයි.

    ReplyDelete
    Replies
    1. තාත්තා දැන් නෑ.. අවුරුදු 4කට කලින් මැරුණා.. අපේ තාත්තා කියන විදිහට එදා පුතාගෙන් ගුටි කාලා ගිය මනුස්සයා කවදාවත් ෆාමසියට පහ ගහලා නෑ ආයෙම..

      Delete
  35. මරු ෆාමසියක්නෙ...

    ReplyDelete
    Replies
    1. මරුදත් අහනවා.. කියලා වැඩක් නෑ ඒ හරිය.. :)

      Delete
  36. හිතේ සන්තෝසෙන් කරන්න පුළුවන් රස්සාවක් තියනම් ආයේ ඒ ගැන කතා කරලා වැඩක් නෑ. එහෙම ලබන්න වාසනාවන්ත වෙන්න ඕනේ. එහෙම බලද්දී දිනේෂ් අයිය හෙන වාසනාවන්තයි. ෆොටෝ ටිකනම් මරු සැකේ දුරු කරගන්න ඕනේ උදවියට දැන් හරිනේ. ඉතුරු කතා ටිකත් අහන්න මං බලාගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔය සැකේ වැඩි හරියක් තිබ්බේ මගේ කේලාම් යාළුවන්ට.. මෙතන මම දොත්තොරෙස්සා එක්ක එකට ඉදලා ගත්ත ෆොටො දැම්මේ නෑ.. නැත්නම් තව එකක්.. :)

      හිතේ සතුට වගේම ඕන තරම් නිදහස මෙතන තියෙනවා.. ඕනම වැඩක් ඒ කියන වෙලාවේ කරන්න බැරිනම් අපි කෙලින්ම කියනවා දැං කරන්න බෑ කියලා.. එතකොට අවුලක් නෑ.. පුළුවන් වෙලාවක කරපන් කියනවා.. හැබැයි කරන්නම් කියලා අතපසු උනොත් නම් කෑ ගහනවා.. ඒ නිසා බැරි නම් බැරි දේ කෙලින්ම කියන්න ඕන. එතකොට අවුලක් නෑ..

      Delete
  37. හප්පටසිරි මේක දානකන් තමය් මාත් ඇඟිලි ගැන ගැන හිටියේ ;ඩ්
    හ්ම්ම් කියල දාල තියෙන පින්තූරේ එක්කෙනා ද අරයා ?? :ඩ්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. ඒ එයා තමයි.. "හ්ම්ම්" කියලා දැම්මේ ඉතින් කියන්න තියෙන දේවල් මම කියලනේ තියෙන්නේ.. :)

      Delete
  38. හොඳ වෙලාවට ''ගෑනු ලමෙක්'' නොවුනේ . නැත්නම් අපුරු පින්තුර ටික මිස් වෙනවනේ . අපිටත් සතුටුයි දිනේෂ් ට වැඩ කරන්න හොඳ තැනක් ලැබුන එක .

    ReplyDelete
    Replies
    1. පින්තූර ටික නෙමෙයිනේ මම බලන්න එපා කිවුවේ.. අර කතාව... :)

      ඇත්තටම එහෙම තැනක මට වැඩ කරන්න ලැබුන එක ගැන මාත් සතුටු වෙනවා..

      Delete
  39. මම කල්පනා කරන්නෙ අර ලිව්වෙ නැති කතාව මොන වගේ වෙන්න ඇද්ද කියල... ;)

    ReplyDelete
    Replies
    1. ලියපු නැති කතාව මම මැසේජ් කරන්නම්.... ;)

      Delete
  40. ඒ පස්ට අක්කලා ටිකක් ඉන්නවා ඈ.... :-) :-)

    එන්න පරක්කු උනා..අද ගෙදර ආවේ..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජෝ ඔහෙට වඩා මෙහේ රාජ සම්පත් බං... :)

      Delete
  41. වැඩ කරන්න නියම තැන මචං... ඒ වගේම තමයි කතා ටිකත්... :)

    මේ දවස්වල් පොඩ්ඩක් කාර්ය බහුලයි.
    ඒ නිසා වැඩිය මේ පැතිවල එන්න වෙන්නේ නැති එක ගැන සමාව බජනය කරනවා.

    ReplyDelete
    Replies
    1. සමාව ඉල්ලලා අපිව දුරස් කරන්න එපා අයියේ.. ඒකට අවුලක් නෑ.. පුළුවන් වෙලාවට ඇවිත් යන්න..

      Delete
  42. මරු නේ දොත්තොරෙස්සා .. අප්පේ මේ දොත්තෝරේ තමයි එහෙනම් දවසකට හරි මිනිහා??

    ReplyDelete
    Replies
    1. දොත්තොරෙස්සා අක්කයි මමයි ඉතින්... :)

      අපේ ලොක්කා ඔහොම හිටියට හෙන ගල් ආඳා.. :)

      Delete
    2. හෙහ් හෙහ්.. ඒ ටික මම, එක්කෝ ඕනේ නා.. දොත්තොරේගේ කුප්ප වැඩ ගැන ඉතින් කලින් මම කියවලා තියනවනේ.. හෙහ් හෙහ්..

      Delete
  43. අපේ හන්දියේ තියෙන ෆාමසියට වඩා මේ ලොකුයිනෙ මේක.

    ReplyDelete
    Replies
    1. වෙන්න ඕනනේ.. ලංකාවේ ෆාමසි වල එවෙලේ කැප්සූල් හදලා දෙන්නේ නෑනේ..

      Delete
  44. පස්ට නේ ෆාමසිය මාත් එනවා !!!

    ReplyDelete
    Replies
    1. බෙහෙත් ගන්නද?? :)

      Delete
  45. හොඳ වෙලාවට ලොක්කාට සිංහල කියවන්න බැරි. නැත්නම් තාත්තාට වැදුන පාර ඔයාටත් වදින්න ඉඩ තියනවා

    ReplyDelete
    Replies
    1. එහෙම කරනවනම් අපි ලොක්කට කියන දේවල් වල හැටියට මෙලහටත් අපිව එලවලා.. මතක ඇතිනේ මාළු කතාව.. එක අතකට ලංකාවට වඩා අන්න ඒ වෙනසට මම කැමතියි..

      Delete
  46. උබ දන්නවද මේව නීති ‍විරෝදි වැඩ.

    ලංකාවේ නීතියට අනුව බෙහෙත් වර්ග සහ ෆාමසි (ආයතන) වෙලද දැන්වීම් තහනම්.

    මේකට උබට දඩ ගහයි හරිය !

    ReplyDelete
    Replies
    1. ඒ ලංකාවෙනේ බොල.. මම මේ ඉතාලියේ ෆාමසියක් ගැන ඉතාලියේ ඉදන් ලිවුවේ..

      අපේ ෆාමසියට ඔය බුකියෙත් පේජ් එකක් තියෙන්නේ.. :)

      Delete
  47. ශා... අයියගෙ වර්කින් ප්ලේස් එක මරු නේ... දැක්කම ආස හිතෙනවා.... :)))

    ReplyDelete
    Replies
    1. මීට වඩා ලස්සන ඒවා තියෙනවා.. සමහර ඒවයේ ටීවී හිට හයි කරලා තියෙන්නේ.. :)

      Delete
  48. පුබුදුවා26 May 2012 at 03:54

    අඩේ වේකන්සියක් එහෙම තිබ්බොත් කියන්න හොදේ හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. හෆෝ... උඹව නම් ගන්නේ නෑ..

      Delete
    2. පුබුදුවා27 May 2012 at 04:22

      මොකක්ද අප්පා මම ඔය අක්කලා දිහා ඇහැක් අරින්නේ නැතුව වැඩ කරන්නම්

      Delete
  49. නියමයි අයියේ න්යමයි.. මන් ටිකක් එන්න පරක්කු වුනා...

    ReplyDelete
    Replies
    1. ඒකට අවුලක් නෑ මලයා..

      Delete
  50. ආයිෂ් අම්මා...මරැනෙ අප්පා අයියාගෙ ෆාමසිය(නෑ නෑ ලොක්කගෙ ෆාමසිය.)

    දැඩි ආරක්ෂාව යටතේ ලොක්කා මේක පවත්වාගෙන යන බවයි මගේ දෑසට පෙනී යන්නෙ.
    කැමරා හැමතැනම.
    මට පේන්නෙ බඩු ගන්න එන අයගෙන් වගේම වැඩ කරන ඈයො මොනාද කරන්නෙ කියලා බලන්න වෙන්න ඇති ඒවා හයි කරලා තියෙන්නෙ.

    ලොක්කගෙ සිරියාවටද කොහෙද හැම තිස්සෙම කස්ටමස්ලා පිරිලා නේද... :D

    ReplyDelete
    Replies
    1. කැමරානම් තියෙන්නේ හොරු පනින නිසා.. ඒ ගැනත් කතාවක් තියේ.. මම වෙලාවක ලියන්නම්..

      Delete
  51. මෙහෙම ෆන් එකේ ඉන්න තියනවනම් කොච්චර දෙයක්ද. ෆන් කියන්නේ ලොවෙත් ෆන් නේ..... ? :D

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.. අර ඉස්කෝලේ කාලේ කරපු පිස්සු වැඩම තමයි මෙතනත් කරන්නේ.. :)

      Delete
  52. aththatama malli oya wage weda karanna thenak labenne pera pinakata thamai. mage jeevitheth masa keepayakata oya wage sathutin weda karanna lebila thiyena nisai kiyanne. adatath mata e kalaya heenayak wage sundarai. e mage palamu guru pathveema.
    oyala wage me athdekeem beda ganna asa wunath welawak nehe.lamainuth ekka mawu bimen dura rataka jeewath weddi thamanta kiyala welak nethi tharam.
    e nisai me ano comment danne.
    kohoma wunath ida labena welawala me post kiyawana eken loku sathutak labanawa.oba mamage comments samaharak thama mathak wunama hina yanawa.

    oyata suba anaagathayak.
    be happy and well...

    ReplyDelete
  53. uda comment eka dapu mama gaya.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්