Tuesday, 22 May 2012

නුඹ ඇවිත්..

ජීවිතය, මනුස්සයෙකුට තේරුම් ගන්න අමාරු එකම දේ ජීවිතයද කියලා වවෙලාවකට හිතෙනවා.. හැලහැප්පීම්, භාදක, දුක, සතුට ලග ජීවිතේ ගෙවුනට ජීවිතේ සමහර වෙලාවට මේ දේවල් වලින් පැනලා ගිහින් හැංගුනා වගේ හැගීමක් හිතට දැනෙන්නේ ඇයි කියන්න මම දන්නේ නෑ..

“ මේ අහස හරිම ආදරවන්තයෙක්.. දන්නවද?”

“ හ්ම්ම් නැහැ..”

“ නැත්නම් මේ අහසට, සදට, තරුවලට මිනිස්සු මේ තරම් ආදර ගීත ලියාවිද?”

වෙනදට වැඩිය ටිකක් හයියෙන් මුවගට ආපු සිනහව හින්දම නෝක්කාඬු බැල්ලම් හෙලපු ඇය පුංචි තරහක් අරන් රණ්ඩු වෙනවා වෙනුවට ආයෙම අහස දිහා බලාගත්තේ මොකක් හරි දුකක් හිතේ රැදුන හින්දම..

“ අද ඇයි මේ දුකින් වගේ?”

“ මිනිස්සු මැරුණම තරුවක් වෙනවලු.. දවසක මමත් මේ වගේම තරුවක් වෙලා යන්න යාවි.. ඈත අහසට ගිහින් තමන් ආදරේ කරන අය දිහා බලා ඉද්වී..”

තව කිසිවක් කියන්නට මත්තෙන් ඇගේ අතින් අල්ලගත්තේ ඒ දේවල් මහා මෙරටත් වැඩිය මගේ හිතට බර වැඩි නිසා.. මගේ ලගම හැමදාටම නතර වෙන්න කියලා කෑගහලා ඉල්ලන්න හිතට කොච්චර උවමනා උනත් කාලය මට වඩා ගොඩක් ඉස්සරහින් තමන්ගේ ගමනේ හිටියා..

කාලයත් එක්කම අහසේ තරු ගොන්නට තවත් තරුවක් වෙලා ඈ ජීවිතෙන් සදහටම යන්න ගියා.. අහස දිහා බලාගෙන ඒ තරු අතරේ මම නුඹව කොච්චර හෙවුවද කියලා දන්නේ මේ අහසම විතරයි.. ඒත් එකම එක පාරක් වත් දීප්තියෙන් දැල් වෙලා නුඹ මං දිහා බලා ඉන්නවා කියලා නුඹ කිවුවේ නෑ.. ඒ ඇයි?

කාලය ජීවිතේ කොච්චර වෙනස් කලාද? බලාපොරොත්තු නොවුන මගකට ජීවිතේ මග වෙනස් කරලා දාලා අද මම යන මාවත පස්සෙන් ජීවිතය එන්නේ අරන් යන්න බැරි බරක් කර ගහන් උනත් ඒ බර පැත්තකින් තියන්න හිතට උවමනාවක් උනේ නෑ..

ඒත් හදිස්සියේම ජීවිතේ හමු උන දෙමංසලක සුපුරුදු සුවදක්, සුපුරුදු ලෙංගතු කමක් හදවතට දැනෙද්දි මොහොතකට ගෙනා බර පැත්තක තියලා ඒ දෙසට නෙත් යොමුවේ අහම්බෙන් වගේ.. හංස පියාපත් විහිදාගත්ත සුරංගනාවක් දෙමංසලේ ඉදන් ඇගේ මාවතේ පිය මනිද්දි ඉබේම වගේ පා එසවුන මමත් නොදැනිම  ඇගේ මාවතේ බොහෝ දුරක් ඇවිත්..

ඒ මහා බර තියපු දෙමංසල පහුකරන් ආපු දුර කොතරම් සැහැල්ලුද.. ඒත්, මේ මාවත මට උරුමද? 


සුරංගනාවක් ඈත් අහසින් ඇවිදින්
දැවටෙමින් මා වටා හුරු පුරුදු සුවදින්
ලංවෙමින් මසිතට හිත පුරා සෙනෙහසින්
අයදියි ලංව ඉන්නට හැමදාමත් ආදරෙන්..

පෙර හුරු පුරුදු සුවදක හිත ඇදි යන
මනබදින ඔය සිනහව නෙත් පිනා යන
නිළුපුල් දෙනයනකි හදවත සතපවන
රුවැත්තියෙ නුඹ කවුදයි කියනු මැන..

මසිත එක් වරක් ආදරයෙන් දුක් විදි හන්දා
හදවත සැලෙයි තාමත් ඒ පෙම හද රන්දා
කෙලෙස පවසම්ද මේ ආදරය නුබට සදා
තවමත් ඇය මගෙ හද පතුලේ ඉන්න නිසා..


දෙමන්සලෙන් වෙන් වෙලා ඈතක ඇවිදන් යද්දි නිකමට වගේ අහස බැළුවේ මේ අහසත් එක්ක බැදුන මතක මොහොතකට මතකෙට ආපු නිසා.. තරු පිරුන අහසේ එක් තරුවක් අනික් ඒවට වඩා දීප්තියෙන් බැබළුනා.. බොහොම කාලෙකට පස්සේ..  ඒත් ඇයි?  



105 comments:

  1. හ්ම්.....මොකද මල්ලි මේ...???

    ඇත්තටම අලුත් පාරක යන්න ගත්තද?මේ දවස් වල කියන දේවල් දිහා බැලුවාම එහෙම හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ.. අළුත් ජීවිතයක් ගැන හිතලා තියෙන්නේ.. :)

      Delete
    2. අම්මේ කාලෙකින් මං එක වෙලා.මං මේ අද හිතුවා විතරයි මල්ලිගෙ පෝස්ට් එකක එක වෙන්න කවදාවත් බැරි වෙයිද කියලා.. :D

      Delete
    3. මම පෝස්ට් දාන වෙලාවනේ අක්කේ ප්‍රශේණේ.. මහ රෑ දැම්මොත් එක වෙන්නේ සයුරි අක්කා.. හවසක දැම්මොත් හිතු නඟා.. :) අද මේ ඔය කාල දෙකේම නැතුවනේ මේක දැම්මේ..

      Delete
    4. ඒකනේ...අද දිනේෂ් මල්ලි පෝස්ට් එක දාලා තියෙන්නේ විකාලයේ...:) අපි එනකොට කෝච්චිය ගිහින්...

      Delete
    5. විකාලය.. අන්න ඒකට ගැලපෙන නියම වචනේ.. ඒ දවස් වල සිංහල ඉගෙන ගන්න මීට වඩා උනන්දු උනානම් ඕය වචනත් මතක හිටිනවනේ.. :)

      Delete
    6. මේ විකාලය කියන වචනේ කොහේද අහලා පුරුදු කියලා මතක් කරද්දි අද දවාලේ මතක් උනේ.. අටසිල් වල තියෙන "විකාල භෝජනා වේරමණි සිඛ්ඛාපදං සමාදියාමි"

      කොහෙද ඉතින් අම්මා දහම්පාසල් ගුරුවරියක් උනාට මම දහම්පාසල් ගිය එකක්යැ.. :)

      Delete
    7. කොහේද ඉතින් අම්මා ගුරුවරියක් උනාට පුතා කට්ටි පැන්නනේ..

      Delete
    8. ඒකනේ කියන්නේ.. :)

      Delete
  2. සිහිලැල් පෙමක් ලය වෙත ලංකර...... රන්දා
    තරුවක් වෙලා අහසේ රැඳුනද..........මන්දා
    දහසක් තාරුකා රෑ කල දිදුලන.........හන්දා
    ඉඟියක් දෙන්න පෙර අතකය යලි ......කැන්දා

    ReplyDelete
    Replies
    1. ඉගියක් දෙන තුරු මග බලමි සදා
      ආදරෙන් යන මග නුඹ ඇතැයි සිතා
      තරුව නුඹ පෙම් අහසේ පෑයුව සදා
      කොහොම අමතක කරන්නද මම දුක දරා...

      Delete
    2. එළිය වෙලා දුන් ඉගි සදා
      මතකයේ තියේවි මියෙන තුරා
      ඒ පෙම ජීවිතේ තැනක රන්දා
      ඉන්නම් ඉතින් ගෙවෙන් දවස් දෙස බලා..

      Delete
    3. ඉදහිට හිනැහිලා ඉගියක් වෙලා
      කී දේ මතකයි තව හිත පුරා
      මතකයේ දවසක නුඹ හිනැහිලා
      කී කතා තව මතකය පුරා..

      Delete
  3. මාර පොස්ට් එකක් මල්ලි. මොකක් කියන්නද කියල හිතාගන්න බෑ. ඒ අදහස් නැතුව නෙවෙයි. මටත් ඔය කතාව ඔහොම්මම කියන්න පුළුවන්. ඒත්...

    ReplyDelete
    Replies
    1. මේ වගේම අත්දැකිමක් දැනිලා තියෙන බව තේරුනා.. ඒකට කමක් නෑ අයියේ..

      Delete
    2. අනේ අත්තට මෙක හරි ලස්සන තැන්ක් ම්න් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා හමෝටම ගොඩක් පින්....බුදුසරණයි ඔයාට මගේ රත්තරං යාලුවනේ

      Delete
    3. අනේ අත්තට මෙක හරි ලස්සන තැන්ක් ම්න් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා හමෝටම ගොඩක් පින්....බුදුසරණයි ඔයාට මගේ රත්තරං යාලුවනේ

      Delete
  4. දැන් ඔයා හරි පාරට ඇවිත්....
    දිගටම ඒ පාරෙ යන්න..කියලා තරුව කියන්නේ.....
    තරුව පාර කියා දේවි ඔයාට.......

    ReplyDelete
    Replies
    1. කාලයක් ගෙවුනා මේ පාරට එන්න..
      දැන් තියෙන්නේ ඇවිදන් යන්න..බලමු..

      Delete
  5. //..ලංවෙමින් මසිතට හිත පුරා සෙනෙහසින්
    අයදියි ලංව ඉන්නට හැමදාමත් ආදරෙන්..//

    මම හිතන්නේ අපිට ඇත්තටම ආදරේ කරන කෙනෙක්ට අපිව දාලා යන්න බෑ අයියේ කවදාවත්ම ‍එහෙම නේද..?

    කවි පද ටික නම් හුගක් අපුරුයි අයියේ.

    ReplyDelete
    Replies
    1. ඔව් නංගී.. හිතින් කවදාවත්ම ඒ අය අපෙන් ඈත් වෙන්නේ නෑ..

      Delete
  6. Replies
    1. ස්තූතියි නිෂ්..

      Delete
  7. අතීතය ආයෙ එන්නෙ නැහැ...ඒ තරුව පායල තියෙන්නෙ ඔයාගෙ අනාගතේට එලියක් වෙන්න....:):)

    ReplyDelete
    Replies
    1. මාත් එහෙම හිතනවා.. ඒත් අපි බලමු.. හිතන්න තැන් ගොඩක් තියෙනවා..

      Delete
  8. ඕනෑම කෙනෙකුට දුකක් වේදනාවක් දැනෙන මොහොතක තම වටපිටාවෙ තියෙන සොබාදහම පවා තමන් සමග බැඳිටින බව හෝ විරසකව සිටින වග තමන්ටම වැටහෙනවා.

    අහස තමන්වගේම ආදරවන්තයෙකු වුණාම ඒතරම් සොඳුරු දායාදයක් තවත් නැහැ කියල මටත් හිතෙනවා.
    ඇත්තටම ඒ නිසානෙ අහස, පොළව, ඉර, හඳ තරු, ඇතුළු සොබා දහම ගැන මේතරමට නිර්මාණ බිහිවෙන්නෙ.

    අන්න ඒ හුදකලා වෙලාවක තමයි මේ ඔබේ සොඳුරු නිර්මාණ ිතුල්ල ඉපදිලා තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම.. ආදරයත් එක්ක සොභාදහමට මිනිස්සු ආදරේ කරන්න පෙළබෙනවා වැඩියි මගේ අදහසනම්..

      Delete
    2. මාත් එහෙම හිතනවා.. ආදරය, දුක, සතුට මේ හැම දෙයක්ම කියද්දි සොබාදහමත් දන්නෙම නැතුව ඒවට පාදක වෙනවනේ..

      Delete
    3. ඇත්ත මම උනත් හැම කවියකටම සොබාදහම එකතු කලානේ..

      Delete
  9. තරුව එළිය කරනවා අළුත් ජීවිතයකට හරියට පාර පෙන්නන්න යාළුවේ....

    ReplyDelete
    Replies
    1. තනි උන තොටියෙකුට පාර පෙන්නනෙත් පහන් තරුවක්.. ඒ වගේ තමයි දැන් ජීවිතෙත්..

      Delete
  10. සමහර විට ඒ තරුවට දිනේෂ් අයියගේ හෙවනැල්ල වැටෙන මානයට එන්න ඕනේ වෙලා ඇති.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.. අනේ මන්දා මලයා.. හිතන්න දේ තවම එහෙමමයි..

      Delete
  11. ලස්සනයි අමුතුම ලෝකෙකට අරන් ගියා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළුවා..

      Delete
  12. තාම හරියට කියෙව්වෙ නෑ.ඒත් මොකක් හරි දෙයක් අයියට වෙන්න යනවා වගේ... මොකක් වුනත් හොද දෙයක් වගේ.
    කියෝලම දාන්නම් අදහසක්..

    ReplyDelete
    Replies
    1. ඕකේ මලයා.. හෙමීට කියවලා අදහසක් දෙන්නකෝ..

      Delete
    2. කට්ටිය කියන හැටියටයි මගෙ හිතට දැනෙන හැටියටයි අයියට හොද කාලයක් එන්නයි යන්නෙ.

      තනි තරැව ගැන කියද්දි මට මතක් වුනා කවියක්



      නුඔ දුන්නු තනි තරැව යහන ළඟ ඉකි බිඳී..

      කඳුළු අතරින් තරැව පවසමියි මෙසේ මට

      ඈ වෙනස් වූ නමුදු නුඔ වෙනස් නොවූයේ

      ඇයට බැඳි ආදරය අඩු නොවුනු නිසාදෝ....


      මේක අයියගෙ කතාවට කොහෙත්ම අදාළ නැති වුනත් මට මතක් වුනු නිසා ලිව්වෙ.

      ආදරියට ආදරේ ප්‍රකාශ කරන කාලෙ මම ලියලා දුන්න එකක්.

      යහන ළඟ තරැව ඉකිබිඳින එක තේරෙන්නැති වෙයි.කියන්නම් ඒ ගැනත්

      අර කළුවරට එළිය එන පොඩි තරැවක් එයා දවසක් දුන්නා.ඒක ඇඳ ළඟ අලවලා තියෙන්නෙ.

      මේක කියවලා එයා හොඳටම ඇඩුවා එදා.

      තනි තරැවක් අයියටත් ලැබේවා.....!!!

      Delete
    3. මලයගේ කවි පෙල ලස්සනයි.. ඇත්තටම..

      ඒ ආදර කතාවට ඊට පස්සේ මොකෝ උනේ කියලා මම අහන්නේ නෑ මලයා.. ඒත් අවසානයේ දවසක ඉතිරි වෙන්නේ මතකයන් විතරයි..

      ජිවිතේම එළිය කරන තනි තරුවක් අපි කවුරුත් බලාපොරොත්තු වෙනවා මල්ලී..

      Delete
    4. වෙනස් වෙලා ගියත් ඇය
      තනි තරුවක් හිත ලග
      ජීවිතේ ආදරෙන් විද ගත්ත
      මතක තව හිත ලග..

      මල්ලිගේ කවිය ලස්සනයි.. එයාට කඳූළක් ආපු එක පුදුමයක් නෙමෙයි..

      Delete
    5. වෙනස් උනත් ඒ හැම
      අමතක නෑ මතක තව
      තනි තරුව නුඹ මගෙ ලග
      රැය පහන් වන තුරාවට..

      Delete
    6. කියන්න දෙයක් හිතා ගන්න බෑ මට.

      ජීවත් වන තුරාවට තනි තරැව,
      නුඹ මා ළඟ

      Delete
  13. Mata kiyanna ekak hithaganna bae ne Dinesh ayye :(
    Shik awrudu gaanakin aave! Athdakiim nathi nisaada kiyapu wachana visthara karanna magee wachana hinga nisaada danne na :(

    - Aaganthukaya

    ReplyDelete
    Replies
    1. මේ වගේ අත්දැකිම් නැති එක ගැන සතුටු වෙන්න මල්ලි.. නැත්නම් ඉතිරි වෙන්නේ අන්තිමේ දුකක්ම විතරයි..

      Delete
  14. //ඒත්, මේ මාවත මට උරුමද? //

    මාවතේ යන්න කලින්, මාවත උරුමද කියලා මොහොතකටවත් හිතන එක හොදයිනම් තමයි අයියේ!! ඒත් මම හිතන්නෙ නෑ අයියා ඔය දැන් තෝරගෙන තියෙන මාවත අයියාට උරුම නෑ කියලානම්.. කොහොමටවත් හිතන්නෙ නෑ...

    අනිත් තරු වලට වඩා දිස්නෙට පේන ඒ තරුව ඔයාට ඒ මාවතේ යන්න පාර පෙන්නාවී.. ඔක්කොම තරු නිවිලා ගියත් ඒ එළිය ඇති වේවී.. බලන්නකෝ අයියේ.. ඔයා යාවී ඔය පාරේ කෙළවරටම...:)

    සුභ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා හිතූ.. තාම මම මේ ගැන කල්පනා කරනවා හැබැයි.. ඔයා එක්ක මම මේ ගැන කිවුවා..

      බලමු මේ මාවත කොහොම වේවිද කියලා..

      ඒ තරුව පාර කියයි කියලා විශ්වාස කරනවා..

      Delete
  15. මොකුට් කියන්නා.....:/

    ReplyDelete
    Replies
    1. ඔයාලා මුකුත් කියන්නේ නැත්නම් මම කියපු එකත් වැඩක් නෑනේ හලෝ.. :(

      Delete
  16. හ්ම්ම්...අලුත් පාරකට ඇවිත් වගේ...
    අතීතයේ අළු මතින් නව මාවතට පියනගන්න...ඒ පියනැගීමට පෙර ජිවිතයේ ඉගන ගත් පාඩම් දෙසද හරි බලන්න...අලුත් මාවත ජීවිතය එලිය කරවී...
    හැමදේම වෙන්නේ හොදට කියනවනේ..මගෙන් සුබපැතුම්....!!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. හැමදේම වෙනස් වෙන්නේ හොදට.. කාලයත් එක්ක ගොඩක් දේවල් හොද විදිහට වෙනස් වෙනවා.. මම හිතන්නේ එහෙම..

      Delete
  17. හ්ම්ම්.. අයියා අළුත් පාරකට වැ‍ටුන එක නම් ගොඩාක්ම හොඳයි.. ඉතින් ඒ පාරේ ඉස්සරහටම යන්න..කොච්චර කළුවර අමාවක ‍රැයක වුනත්, ඔයාට පාර වරදින එකක් නෑ අයියේ..

    ReplyDelete
    Replies
    1. මමත් හිතනවා මද්දු.. මේ පාර ආයෙම වතාවක් වරදින එකක් නෑ කියලා.. ඔයා මට හදවතින්ම සුභ පතන බව මම දන්නවා..

      Delete
  18. දිනේශ් මල්ලි ලියන ඒවා කියවද්දි මගෙ හුස්ම හිර වෙන්න එනවා හැමදාම. හිතට ලොකු බරක් දැනෙනවා. අලුත් ජීවිතයක් ගැන කියන මේ පෝස්ට් එක ඇතුලෙත් ඒ බර දැනෙනවා මට.
    ඒත් වෙන්න යන්නෙ හොඳ දෙයක් වගේ. සුබ පැතුම් මල්ලි

    ReplyDelete
    Replies
    1. මේ වගේ ලිපි වලදි එහෙම දැනෙන බව මට තේරෙනවා අක්කේ.. සමහර විට ඉස්සරහට මේ දේවල් මීට වඩා වෙනස් වේවි..

      Delete
  19. සුරංඟනාවක් හෙමෙන් ඇවිල්ලා හදේ ලැගුම් අයදී..... මට මතක් උනේ ඒ සිංදුව මේක කියවද්දි.ජීවිතේ වෙනසක් වෙන්න ඕනෙ මල්ලි ඒ නිසා ඔය මාවතේ දුර යන්න හිත කියනවනම් ගිහින් බලන්න.ආපහු හැරෙන්න හේතු කාරණා නෑ කියලා විශ්වාසනම් විතරක් යනවනම් තමා වඩාත් හොද. කොහොම උනත් ඔයාට සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. මාත් ආසම සිංදුවක්.. :)

      ආපහු හැරෙන හේතු කාරණා නෑ කියලා මම හිතන්නේ.. ඒත් මම තාම තිරණයක් අරන් නෑ මේ මාවතේ යනවමද කියලා..

      Delete
    2. ඇත්ත.. ජිවිතේ ආපස්සට හැරුනේ නැතත් ඔයා එකම තැන නැවතිලා හිටපු කාලය වැඩියි.. ඒ නිසා අළුත් මාවතක් ඕනමයි.. ඒත් කලින් වගේ වේදනාවක් නොවෙන මාවතක්..

      Delete
    3. මාවත වේදනා දෙයිද නැත්ද කියලා බලන්න ඒ මාවතේ ඇවිදලාම බලන්න ඕන.. අපි බලමු..

      Delete
  20. හොඳා හොඳා අලුත් අලුත් ජීවිතයකට අලුත් විදියට හිතන්න ගත්තු එක ගැන සතුටුයි
    ඒ තනි තරුව හිතන්න පුළුවන් උනා නම් එයත් සතුටු වේවි..

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ තනි තරුව සතුටු උනා.. ඒකයි මෙච්චර කාලයක් හැංගිලා උන්න තනි තරුව අලෝක මත් වෙලා පෙනුනේ..

      Delete
  21. ඉස්සරකාලේ මිනිස්සුත් පාර හොයාගත්තේ තරු දිහා බලලා ලු, ඒ මිනිස්සුන්ට වැරදුණේ නැහැනේ. ඔයාටත් වරදින එකක් නෑ මලේ! සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. මාත් හිතනවා අයියේ.. ගොඩක් ස්තූතියි..

      Delete
  22. තරුවක් පායලා ඇත ඔබේ හිතට...
    පතෙනෙමි එක හිතින්...
    සැමදා රැඳේන්නට එහි ආලෝකය ඔබේ හිතට...

    ReplyDelete
    Replies
    1. ඒ ආලොකය,
      රැදේනම් හද තුල
      මේ මග පහසු වේවි
      වෙනදටත් වැඩිය..

      Delete
  23. සාමාන්‍යයෙන් තරුවක් කියන පාර වරදින්නේ නැහැ....බොහොම සතුටුයි මල්ලි :)

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න කියන එකයි මගෙත් ප්‍රාර්ථනාව අක්කේ.. අපි බලමු..

      Delete
  24. මට මේ කතාව කියවනකොට මතක් උනේ මර්වින් පෙරේරා මහත්මයගෙ "මා සනසා... මා නලවා.... සුරංගනාවක් සෙමෙන් ඇවිල්ලා හදේ ලැගුම් අයැදී..." කියන සින්දුව...
    අතීතය අමතක කරන්න අමාරුයි තමා... ඒත් ජීවිතය ජීවත් කරවන්න ලස්සන බලාපොරොත්තුත් ඕනනේ....

    ReplyDelete
    Replies
    1. මාත් ආසම සිංදුවක් තමයි ඒක.. :)

      අතීතය සිහිනයක් පමනයි කියලත් කියනවනේ.. අපි බලමු අක්කේ.. :)

      Delete
  25. හදවතට දැනෙනවා අයියේ.....හැන්ගිච්ච ගොඩක් දේවල් මේ වචන එක්ක පේනවා....සුභ පතනවා අනාගතේට....

    ReplyDelete
    Replies
    1. කියාගන්න බැරි උන ගොඩක් දේවල් ලියලා දැම්මා.. මේක සිතිවිල්ලක් පමනක්ම නෙමෙයි..

      Delete
  26. ඒ තරුව අලුත් ජීවිතයකට ඔයාට පාර පෙන්නාවි....ලස්සන අනාගතයකට සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. මමත් එහෙම ප්‍රාර්ථනා කරනවා ඒ තරුව මට පාර කියාවි කියලා..

      Delete
  27. දැන් එතකොට අපිට කොයි කාලෙ වගේ කේක් ලැබෙයිද :P

    ReplyDelete
    Replies
    1. මට කලින් අක්කගෙන් අපිට කේක් ලැබෙයිනේ.. ඔයාලා ඉතින් ප්‍රී- වෙඩින්ග් නේ.. :)

      Delete
    2. අපිටත් කේක් ඕනේ..

      Delete
    3. දෙන්න ලංකාවට එන්නකො..

      Delete
    4. ඔයාගේ දේකට නෑවිත් කොහොමද?

      Delete
    5. දනිමි දනිමි... :)

      Delete
  28. //තරු පිරුන අහසේ එක් තරුවක් අනික් ඒවට වඩා දීප්තියෙන් බැබළුනා.. බොහොම කාලෙකට පස්සේ.. ඒත් ඇයි?//

    ඔයාගේ අර ආදරවන්ත අහස ආලෝක කරන්ටනේ. :D

    ReplyDelete
    Replies
    1. ඒ තරුව ජීවිතේ ආලෝක කරයි කියලා මාත් බලාපොරොත්තු වෙනවා අක්කේ.. අපි බලමු.. :)

      Delete
  29. මලක් වත් ගහල කියවන්න ඕනෙ උබේ ඒවා..

    ජය !

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ සෑමා ඒ??

      Delete
  30. "මඟ හොඳට තියේනම්.. දෑසත් හොඳට පෙනේනම්.."

    හැම බාධකයක්ම ජය ගෙන ඒ මඟ හිමිකරන්
    ඒ මඟ දිගේ ලස්සන මල් පුබුදන්න හදවතින්ම සුබ පැතුම්..!!! :)

    අර කේක් ඉල්ලන ලිස්ට් එකට නඳූගෙ නමත් දාගත්තට කමක් නෑ කිව්වා... :P

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඔයාට කේක් දෙන්නේ නෑ..

      Delete
  31. මොකක් හරි වෙනසක් වෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. පොඩි වෙනසක් අයියේ.. :)

      Delete
  32. සිතුවිල්ලක් පමණක්ම නොවන වග මටත් තේරුණා.... ඉදිරියටම යමු අයියේ...

    ReplyDelete
    Replies
    1. මේකේ අවසානේ ඒක දැනෙන බව මම දැනන් හිටියා නංගියේ..

      Delete
  33. හිරු බැස ගිය දුක්බර අවපස අහස
    යළිදු හිරු නැගෙයි පෙන්වා මදහස
    නිවා ගිම් පුරවාලා ජිවිත පවස
    නුඹ හිරු වන්න සරසා ඇගේ සිත් අහස. . .

    ReplyDelete
    Replies
    1. හිරු බැස ගියේ දවසක් නිමාකර
      අතීතයට ජීවිතට එකතු කර
      සඳ සිසිළක් වේවි විඩාබර හිතට
      තනි තරුවක් පාර කියාවි උදාවෙන හෙටකට..

      Delete
    2. හෙට පායන හිරු ලග
      පිණිබිදු වාගෙම වියැකෙන
      බොදව යාවි ඒ මතක
      හිත් වේදනා දුන් අතීතෙක..

      Delete
    3. වියැකුනත් පිණිබිදු
      අළුයම හිරු එක්ක
      මැකේවිද හිතේ මතක
      හැමදාටම හිර උන..

      Delete
    4. තරුව තනි නැතේ
      ඒ මතකය නුඹ ළග ඇතේ
      තදින් තුරුලු කර එය සිතේ
      එළිය දෙන්න හිරුව සදකට එයින් පින් සිදු වෙතේ. . .

      මතක නොමැකීයාවි පිණිබිදු විලස
      තියෙවි ගලේ කෙටු අකුරු ලෙස
      ඉදිරි පියවර තබන්න නොවී අලස
      වර්ණ තවරන්න එකලු කර සිත් අහස. . .

      Delete
    5. එකලු කරන්නට සිත් අහස
      අවැසියි තව කාලය
      අලස නොවුනත් තබන්න පියවර
      හිත බයයි ඒ මතක හින්දම..

      Delete
    6. හිස් අහසට පායන්න සරා සද
      තරු බලා ඉන්නවා නිරන්තර
      පායලා ඒ අහස් ගැඹ
      හිනැහෙන්න දිදුළන තරු එක්කම..

      Delete
    7. බලා ඉන්න තරු හින්දම
      ආසයි පායන්න සිත් අහසට
      තවම අමාවකද නොදනිමි මම
      නොහිතුනේ කිම තවම පායන්න..

      Delete
  34. කියාගන්න බැරිව තිබ්බ දේවල් ගොඩාක් එක පාර කිව්වා වගේ හිතුනා ..!!අලුත් ජිවිතයට සුබ පැතුම් මචෝ ..!!

    ReplyDelete
    Replies
    1. ඉද හිට කිවුවත් කියලා ඉවර නොවුන ටිකක් ලියලා දැම්මා.. සමහර විය ආයෙම ලිය නොවේවි..

      Delete
  35. //“ මිනිස්සු මැරුණම තරුවක් වෙනවලු.. දවසක මමත් මේ වගේම තරුවක් වෙලා යන්න යාවි.. ඈත අහසට ගිහින් තමන් ආදරේ කරන අය දිහා බලා ඉද්වී..”//

    “ආදරේ කරපු අය දුකින් ඉන්නවා දැක්කාම තරුවට ගොඩක් දුක හිතේවි..ගොඩක් අසරණ හැඟීමක් දැනේවි..කාටවත් ළංවෙන්න දෙන්නැතුව පරිස්සං කරගෙන ඉන්න ඒ හිත දිහා බලලා ඒ තරුව සුසුම් දාහක් හෙලාවි..ඒ සුසුම් එක එකක් ගානේ බ්ලොග් එකක කවි පද ලියැවේවි..ඒත් තරුව ආදරේ කරන හිත කොච්ච මුරංඩුද කියලා දැනෙන නිසා තරුවත් හැමදාම දුකින් ඉඳීවි“

    ReplyDelete
    Replies
    1. " ඒත් තරුව ආදරේ කරන හිත කොච්ච මුරංඩුද කියලා දැනෙන නිසා තරුවත් හැමදාම දුකින් ඉඳීවි “

      මේ බ්ලොග් වල මාව හොදටම තේරුම් ගත්ත අයගෙන් එක්කෙන් අක්කා කියලා මේ පේලිය ආයෙම පාරක් ඔප්පු කලා.. ඇත්ත අක්කේ.. මම මුරංඩුයි.. කොච්චර හිත කිවුවත් ඒ මතක අමතක නොකරන තරමටම මම මුරංඩුයි..

      Delete
  36. අර දොස්තර නෝනා ආවට පස්සෙද මන්දා මල්ලි ලියන දේවල් වෙනසක් වෙලා වගේ...

    ReplyDelete
    Replies
    1. අන්න අක්කට කාරණාව තේරුණා..

      Delete
  37. මේ වෙනස වචන වලට විතරක් සීමා කරන්න එපා පොඩි අයියේ.. ඔයා වගේම දුක් වෙන කී දෙනෙක් ඔයා එක්ක ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. දන්නවා පොඩි නංගී.. දන්නවා.. ගොඩක් දේවල් ඉස්සරහට වෙනස් වේවි..

      Delete
  38. මුලින් හමුවුන ඇය ඔබට ඇත්තටම ආදරය කල නම් මේ මොහොතේත් ඔයාගේ සතුට වෙනුවෙන් ඔබට ආශීර්වාද කරනවා ඇති. වාසනා වේවා...........

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්