Sunday, 20 May 2012

සාන්ත අගාතා පෙරහැර

හැඳින්වීම

කතෝලික බැතිමතුන් විසින් සෑම වසරකම කතානියා සාන්ත අගතා දේවස්ථානයේ  සිට විදී පුරා අති උත්කර්ෂව සමරන ඉතා ගෞරවයෙන් සිහිපත් කරන, හාස්කම් අතින් අදටත් පෙලහරකම් පාන සාන්ත අගතා තුමියගේ අතීතයෙන් වර්තමාණයට බිදක් මේ...


ඉතිහාසය

වසර 230දී පමණ පෙර ඉතාලියේ සිසිලි දූපතේ පොහොසත් රදල පවුලක ඉපැදුන ඇය රූ සපුවෙන් මෙන්ම ජීවිතයේ සිතිවිලි අතින්ද පිරිසිදුව පරිපූර්ණව සිටියා.. වයස අවු.15 දී ජීවිතයෙන්ම තම ජීවිතය පිරිසිදු බවින්ද දෙවියන් වෙතට කැප කල ඇය කතෝලික සභාවේ වැරදි නීතීන් පෙන්වා දෙමින් තරුණ කාලයෙදිම කතෝලිකයන්ට බෞතිස්මයත්,දිව්‍ය සත්ප්‍රසාදයත් ලබාදීමට බොහෝවෙහෙසක් ගත්තා...



ඇයගේ රූසපුවට වශී වුණ එවක ආණ්ඩුකාරවරයා දිගින් දිගිටම ඇයට විවාහා යෝජනාවන් ගෙනාවත් ඇයගේ දැඩි ස්ථීරත්වය හා පිරිසිදු බව ඇය දෙවියන්ට පමණක් කැපකලා..

මේ අතර තුර ඇය හිංසනයට විරුද්ධව නවක කෙටුම්පතක් නීතිවරයා වෙත යමින් එය සම්මත කරගත්තේ එවක දරුණු ලෙස වධහිංසනටය ලක්වෙන 20-25 තරුණ ගැහැණු අයට.. සම්මත කරගැනීමෙන් මෙම නීතිය කාටත් ඒවෙනුවෙන් විරුද්ධව අධිකරණය ඉදිරියට යාමට බලය ලබාදුන්න..

මෙයින් තවත් කෝපයට පත් ඒකාලේ උන්  ආණ්ඩුකාර වරයා වන කුයින්සියානෝ අගතා තුමියව ගණිකාමඩමක සිරකොට තැබීමෙන් ඇයව ලිංගිකත්වයට පොළඹවා ගැනීමට තැත්කරනු ලැබුවා.. ඒ ඔහුට විරුද්ධව කැරලි ගසන බවට චෝදනා එල්ල කරමින්.. ඔහුගේ පාලනය යටතේ සිදුවෙන මෙවැනි හිංසාකාරී දේවලට ඇය විරුද්ධව නගන හඬ නිසාවෙන් වගේම ඔහුගේ යටිහිතේ තිබුණ පලිගැනීමේ සිතිවිල්ල මුදුන්පත් කරගැනීමටත් ඔහු එය යොදාගත්තා.. ඇය ඒ සියල්ල ප්‍රතික්ෂේප කරද්දී..

ඇයගේ විශ්වාසය සහ පිරිසිදු බව බිදදැමීමට ඔහු කොපමණ උත්සහ ගත්තත් අවසන ඒ සියල්ල ව්‍යාර්ථ වීමෙන් ඔහුගේ කෝපය තවත් උත්සන්න වුණා.. මේ හේතුවෙන් ඇයව සිරභාරයට පත් කල ඔහු ඇයට දරුණු වධහිංසාවන් පැමිනුවා.. ඇයගේ පියයුරු දරුණු ආයුධ වලින් අඹරා සිරුරෙන් වෙන් කරන ලදි.

"දුෂ්ථ මනුස්සයෝ.. මේ වගේ වද හිංසාවක්  දෙන්න නුඹේ හිතට නැගුනෙ.. පුංචි කාලෙ නුඹේ මවගෙ පියයුරු නුඹව පෝෂණය කල බව නුඹට අමතක වුණ නිසාද..?” යැයි ඇය ආණ්ඩුකාරවරයාගෙන් ඇසුවේ ඒ වේදනාව ඉවසගන්න බැරිම තැන..






එහෙත් ඇය මරණාසන්නව සිටියදී ඇය මුළු හදවතින්ම දෙවියන්ට ප්‍රශංසාවෙන් ස්තූතිකරනවා ඇගේ වේදනාවෙන් මුදාගැනීම නිසා..

ක්‍රි.පූ 251දී අවසන් හුස්ම හෙලූ ඇයගේ දේහය 11 වෙනි සතවර්ශයේදී යලි සොයා ගැනෙනවා.. ඒ ඇගේ දිරානොගිය සිරුර.. එයත් එක්තරා ආශ්චර්යක්.. අදටත් එය සිසිලියේ ප්‍රධාන දේවස්ථානයේ තැම්පත් කර තියෙනවා..

ප්‍රාණ පරිත්‍යාගී වරියක් ලෙසින් නම් ලත් ඇය පසුකාලීනව කතෝලික සභාව විසින් සාන්තුවරබායට ඔසවන ලදි.. ගිනිනිමන හමුදාවෙත්, භූමිකම්පාවෙන් ආරක්ෂා වීමටත්, පියයුරු පිළිකා ඇති මව්වරුන් වෙනුවෙන් යාච්ඤාවෙන් මැදිහත්වන ශු. අගතා තුමියගේ විශ්වාසයත්, ස්ථීරබවත්, පරිත්‍යාගයත් වර්ෂක් පාසා පෙබරවාරි 5 වෙනිදින සිසිලි දූපතේ කටානියා නගරයේ දේවස්ථානයේ අදටත් සිහිපත් කරන්නේ පිරී ඉතිරෙන ජන ගංගා‍ව මතින්..

ආශ්චර්යන්

අගතාගේ මිය යාමෙන් පස්සේ ගෙවුන කාලය තුල නොයෙකුත් ආශ්චර්යන් සිදු වෙලා තියෙනවා..

1. අගාතාගේ මරණයෙන් වර්ශ කීපයකට පස්සේ වර්ශ 252දී කතානියා වලට එට්නා ගිණි කන්දේ විශාලා විදාරණයකට මූණ දෙන්න සිදු වෙනවා.. මේ නිසා කතානියා ලග ගම්මාන විශාල ප්‍රමාණයක් මුළුමුනින්ම විනාස වෙනවා.. එහිදී මිනිසුන් කතානියා වල ප්‍රදාන දෙවුමැදුර වෙත ගිහින් අගාතා මෑණියන්ගේ වේලය පල්ලින් ඉවතට අරන් පෙරහැරක් විදිහට අරගෙන යනවා.. එහිදි ටික වේලාවකින් ගිණි කන්ද අක්‍රීය වෙලා යනවා..

2. අගාතා මෑණියන්ගේම වයසේ උන් සන්ත ලුචියා නැමැත්තිය ඇගේ මව පෙළුණ දරුණ අසනීපයෙන් ඇයව සනීප කර දෙන මෙන් අයැද සිටිමට අගාතා මිහිදන් කල තැනට පැමිනෙනවා.. ඇය සොහොන් බිම ඉදන් අගතා මෑනියන් යදින මොහොතෙදී ඇය වෙත ආපු අගාතා මෑණියන් “ ඔබ මාවෙත් පැමිණියේ ඇයි? කතානියා මම ආරක්ශා කරනවා වගේම සිරකූසා නගරය ඔබ ආරාක්ශා කරන්න..” යැයි පවසනවා.. ඉන් පසු තමන්ගේ ජීවිතය පරිත්‍යාග කලාට පස්සේ ඇගේ මවට සුවය ලැබෙනවා..

3. 1169 අවුරුද්දෙ පෙබරවාරි 4 වෙනිදා රාත්‍රී 9ට  කතානියා වලට ඇති වෙන භූ කම්පනයක් නිසා කතානියා වල ප්‍රධාන දෙවු මැදුරට එකතු වෙන මිනිසුන්  අගාතා මෑනියන් නමින් යාඤා කරන්න පටන් ගන්නවා.. ඒකට ප්‍රධාන දේව ගැති තුමා එක්ක පූජක වරු 44 දෙනෙක් එකතු වෙනවා.. භූමි කම්පාවට පසෙ දවසේ කතානියා නගරයට සුනාමි තත්වයක් ඇති වෙනවා.. ජනප්‍රවාද වල හැටියට මේ සුනාමිය නතර වෙන්නේ අගාතා මෑණියන්ගේ වේලය විදි සංචාරය කලාට පසුව..

4. අතීත තතු වලට අනුව වර්ශ 252 ඉදන් 1886 වෙනකන් කතානියා වලට එට්නා ගිණි කන්දේ ප්‍රභල විදාරණයන් නිසා පහලොස් වතාවකට වැඩිය කරදර පැමිනිලා තියෙනවා.. ඒ හැම අවස්ථාවකම අගතා මෑණියන්ගේ වේලය විදි සංචාරය කරලා ඒ දේවල් නතර කර ගෙන තියෙනවා..

 
භූ කම්පා සහ ගිණිකදු

1169 අවුරුද්දේ භූ කම්පනයක් නිසා හටගත් ලාවා විධාරණයක් නිසා සෑදුන ලාවා නදියක් නිසා කතානියා නගරයත් ඒ අවට ප්‍රදේශත් විනාශ කරමින් ආපු ලාවා වලින් කතානියා බේරුනේ අගාතා මෑණියන්ගේ වේලය සංචාරය කිරිමෙන් පස්සේ.. ඊට අමතරව 1239,  1381, 1408,  1444,  1536,  1567 සහ 1635 කියන වසර වලත් මේ වගේම දරුණු ලාවා ගැලීම් වගේම භූ කම්පනයන් ඇති උනා..

ඒත් වඩාත් දරුණුම ඛේදවාචකය ඇති වෙන්නේ 1669 අවුරුද්දෙදි.. එකකට වඩා විධාරණය උන ලාවා දොරටු වලින් ලාවා ගැලිම දින 60කට වඩා වැඩි කාලයක් ගලා ආවා.. ඒකෙන් නගර බොහෝමයක් මුළුමුනින්ම විනාශ වෙලා ගියා..  අගාතා මෑණියන් මිහිදන් කර තිබූ බිම වෙත ලං උන ලාවා එතනින් හැරී ඊට කිලෝමීටර් 3ක් දුරින් තිබුන මුහුද සොයාගෙන යාම ඒ කාලයේ ජීවත් වූවන් දකින්නේ තවත් එක් ආශ්චර්යක් විදිහට..

මීට අමතරව මේ සම්බන්ද තවත් ආශ්චර්යමත් සිදුවීමක් වෙලා තියෙනවා.. අගාතා මෑණියන්ගේ දේවස්ථානයේ සිතුවමකට අනුව මේ ලාවා නදිය ඇගේ සොහොන් බිම නුදුරේ නැවතිලා මීටර් 300 පමණ උසට ගොඩ ගැහිලා තියෙනවා..

1693 වසරේ සිදු උන ලාවා ගැලිම ඉතිහාසයේ දරුණුම ඛේදවාචකය විදිහට සැලකෙනවා.. එහිදි මිනිසුන් දහඅටදාහක් පමන මිය ගිහින් තියෙනවා.. එයින් දිවි ගලවාගත් නමදාහක පමන පිරිසෙන් එක් අයෙක්වත් ආයෙම කතානියා නගරයේ පදිංචියට යන්න කැමැත්තක් දක්වලා නෑ.. ඒ නිසාම කතානියා නගරය හොල්මන් නගරයක් බවට පත් වෙන්න තිබ්බ ඉඩ කඩ නවත්තමින් අගරදගුරු තුමන් අගාතා මැණියන්ගේ ධාතු පෙරහැරක් මගින් විදි සංචාරය කරලා කතානියා හැර යන්න සූදානම් උන මිනිස්සුන්ගෙන් මෙහි නතර වෙන ලෙස ඉල්ලා තියෙනවා..

1886 වසරෙදි නිකොලොසි නගරය ලාවා වලින් විනාශ වෙන්න යද්දි මේ අගාතා මෑනියන්ගේ වේලය ඒ නගරයට ගෙන යද්දි නගරයට කිට්ටුව ඇති උන කුඩා විවරයකින් ලාවා ආයෙම පොළවට ගිලා බැහැලා තියෙනවා.. එතැන මේ ආශ්චර්‍ය සිහි වෙන්න අගාතා මෑණියන්ගේ ස්මාරකයක් ඉදි වෙලා තියෙනවා..

සන්තාගතා පෙරහැරේ ඇරඹුම

පෙබරවාරි 3 සිට 5 වෙනිදා දක්වා කතානියා නගරය සූදානම් වෙන්නේ අගාතා මෑණියන්ගේ මහා මංගල්‍යට.. එය සම්පූර්ණයෙන්ම ආගම හා ජන කතා මුසු උන උත්සවයක්.. ජනප්‍රවාද වල හැටියට අගරදගුරු තුමන් මේ පෙරහැර වීදිසංචාරයේදි අගතා මෑනියන්ගේ ධාතු රැගෙන ගමන් කරලා තියෙන්නේ පාවහන් නැතුව.. පූජක වරයාගේ සුදු පැහැති ඇදුම එක්කම සුදු අත්වැසුම් සමගම කළු පැහැ හිස් වැසුමක් මේ පෙරගැරේ වේලය රැගන යන්නන්ට අනිවාර්‍ය ඇදුම වෙනවා..

වඩා ජනප්‍රිය මිත්‍යාවකව අනුව කතානියා නගර වැසියන් රාත්‍රියේ ඇසුන සීනු නාදයෙන් අවදි වෙලා මේ වේලය යන මගට එක් වෙලා තියෙනවා.. තවමත් මේ වේලය ගමන් කරන මගට ආලෝකය ලබා ගන්නේ ඉටිපන්දම් ආධාරයෙන්.. කිලෝ 5ක් පමණ බර මේ ඉටිපන්දම් අරන් යන්න ඉහත කී ආකාරයෙක් සැරසුන මිනිසුන් විශාල සංක්‍යාවක් එකතු වෙනවා.. මුළු රාත්‍රිය පුරාවටම විදි සංචාරය කරන අගාතා පෙරහැර පසුදින දිවා කාලයේදි ආයෙම දේවස්ථානයට ඇතුළු වීමෙන් නිමා වෙනවා.. මේ ගම අතර තුරදි අගතා මෑණියන් සිර කර තැබුන තැන, ඇයට මරණයට පත් උන තැන වගේම ඇයව මිහිදන් කරපු තැන් වලට ඇගේ ප්‍රතිමාව අරන් යාමත් විශේෂත්වයක්..
 අගාතා මෑණියන්ගේ පිළිරුව..

 අගාතා දේව මෑණියන්..


විශේෂයි : මේක වෙනදා ලිවුවට වැඩිය ටිකක් වෙනස් ලිපියක් නිසා සමහරු කැමති නොවන්න පුළුවන්.. ඒ වගේම අඩු පාඩු ඇති.. ඒ දේවල් කියන්න අමතක කරන්න එපා.. ඉදිරි පිලි වලට මට සහායක් වේවි.. තොරතුරු සොයා ගත්තේ අන්තර්ජාලයෙන්.. පරිවර්ථනයට කෙනෙක් සහාය උනත් නම සදහන් කරන්න එපා කිවුවා..

69 comments:

  1. Replies
    1. ඔයා මම පෝස්ට් එකක් දානකම් මග රැකලා ඉන්නවද හලෝ.. දාපු ගමන් එක වෙන්නේ.. :)

      Delete
    2. අද ලිපියනම් අයියා කිව්වා වගේම වෙනස් තමයි!! මම අහලාවත් නොතිබ්බ කතාවක් ගැන අයියා මේ ලියලා තියෙන්නෙ.. මටනම් මේකෙ කිසිම වරදක් හොයන්න තේරෙන්නෙ නෑ.. බොහොම පැහැදිලිව එකින් එක කාරණා අයියා විස්තර කරලා තියෙනවා...:)

      ඉටිපන්දම් එළියෙන් යන වේලය බලන්න මටත් ආස හිතුනා.. අනිත් එක සිසිලියේ කාන්තාවෝ ලස්සනයි කියන්න තවත් උදාහරණයක් වගේ නේද?? වටින විස්තරයක් අයියෙ!! තවත් මෙහෙම ඒවා ලියන්න..:)

      Delete
    3. හේතු කාරණා ගොඩ නිසා ලියන දේවල් ටිකක් වෙනස් කරන්න හිතුනේ.. ලියපු දේට කැමති නම් මම කැමති..

      ඉටිපන්දම් එළියෙන් එන වේලය ඈත ඉදන් බලද්දි හරි ලස්සනයි.. සිසිලියේ කාන්තාවෝ කොහොමත් ලස්සනයිනේ හලෝ.. තව ඒ ගැන මොනා කියන්න්ද? :)

      Delete
  2. බලන්න එන්න හිතේ තියේ..නැතිද රස්තියාදුවක ගිය වෙලාවක ගත්ත ෆොටෝස් ටිකක් හෙම..
    පුංචිකාලෙ මෙතුමියගෙ ජීවිත කතාව අහලා තියේ.. ඒත් එත්නා ගිනිකන්ද සම්බන්ධව ඇහුවෙ අද..
    ස්තූතියි ගොඩක් මේ වටින ලිපියට.. :)

    ReplyDelete
    Replies
    1. එන්න එන්න.. මං හැමදේකටම අනුග්‍රහය දෙන්නම්.. මේ ඉන්න මහ සෙනග අස්සේ කොහේ ෆොටෝ ගන්නද නන්දු..

      Delete
  3. වටිනා ලිපියක්... එල..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අදහසට..

      Delete
  4. එල, ලස්සන ඒ වගේම වටිනා පොස්ටුවක්, මෙතුමිය ගැන කලින් දැනන් හිටියේ නෑ : )
    ජය වේවා !!

    ReplyDelete
    Replies
    1. තැන්කූ මලයා.. ඉස්සරහටත් මේ වගේ දේවල් ටිකක් ලියන්න හිතාගෙන ඉන්නේ..

      Delete
  5. ඇට්ටටම කවඩහලි ඩවසක මේ සේලම ඇවිට් බලනවමයි.......

    ReplyDelete
    Replies
    1. මම මෙහේ ඉන්න කාලෙක ආවොත් අතින් අල්ලන් ගිහින් ඔක්කොම පෙන්නනම්.. නැත්නම් පොඩි එකා අතරමං උනොත් එහෙම මේ සෙනග අස්සේ.. :)

      Delete
    2. අන්න අයියල.......^_^

      Delete
    3. එහෙම තමයි අපි.. :)

      Delete
  6. //මේක වෙනදා ලිවුවට වැඩිය ටිකක් වෙනස් ලිපියක් නිසා සමහරු කැමති නොවන්න පුළුවන්..//

    ආගම පිලිබද ප්‍රශ්නයක් නෙවේ බං.. මට කම්මැලි..

    උබට ජයෙන් ජය !

    ReplyDelete
    Replies
    1. එලකිරි සෑමා.. අවුලක් නැත.. :)

      Delete
  7. මම නම් මේ වගේ අලුත් තොරතුරු දැනගන්න හරිම කැමතියි...
    විසුවියස් ගැන අහලා තිබුනාට එට්නා ගිනිකන්දත්, ඒ හා බැදුනු ඇදහිලිත් ගැන කරුණු ගොඩක් මේ ලිපියෙන් දැනගත්තා මල්ලී.....

    ReplyDelete
    Replies
    1. මමත් මේ ගැන දැනගත්තේ මෙහේ ආවට පස්සේ.. මේ ලගදි තමයි ටිකක් තොරතුරු හොයන්න ඕන කියලා හිතුනේ.. ඉතිහාස කතාව කියවද්දි තමයි හිතුනේ මේක ලිවුවනම් හොදයි කියලා..

      Delete
  8. අර පියයුරු කපපු එකාගෙ නම් අම්මට #^&#%$@%%

    කොහොම උනත් ආසාවෙන් කියවපු ලිපියක්..

    ReplyDelete
    Replies
    1. ඒකනේ මලයා ඇයම ඒක ඔහුගෙන් අහන්නේ.. ඔහුගේ මව මතක් කරලා.. ඒත් ඉතින් පාපි හිත් වලට ඕවා තේරෙනවද?

      ස්තූතියි මලයා..

      Delete
  9. පුබුදුවා20 May 2012 at 20:08

    වෙනස් නම් තමා සහෝ ඒත් ගොඩක් වටිනවා :)

    ReplyDelete
    Replies
    1. උඹ මේක කියවයි කියලනම් හිතුවෙම නෑ.. :)

      Delete
    2. ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා.තෑන්ක්ස්!

      Delete
    3. මතකයට දෙයෙක් මේකෙන් එකතු උනානම් ඒ ගැන මම සතුටු වෙනවා..

      Delete
    4. පුබුදුවා22 May 2012 at 17:39

      ඔන්න ඉතින් අපි ගෑන හිතන හෑටි හෙහ් හෙහ් කරන වැඩ වලට ඉතින් එහෙම හිතන එකේ වැරැද්දකුත් නැහැ...හෙහ් හෙහ්

      Delete
    5. උඹලගේ ඉතිහාසේ හොද නෑනේ.. අන්න ඒකයි ප්‍රශ්ණේ..

      Delete
  10. Kalekin awe malli. Dodam kathawa wageé nemei. Harima wadagath lipiyak. Malli hondin athi kiyala hithenawa.
    Kumari akka.
    Ada man try Karannam google account ekak hada ganna.

    ReplyDelete
    Replies
    1. මම හොදින් අක්කේ.. දොඬම් කතාව වගේ ඒවා අතරේ මෙහෙම දේවලුත් ලියන්නේ ඒකාකාරි බව යන්නත් එක්ක.. :)

      හරි අක්කේ එකක් හදාගෙනම එන්නකෝ.. :)

      Delete
  11. වටින ලිපියක්. කාලෙන් කාලෙට වෙනස් ලිපි ලිව්වම බ්ලොගේ ට අපූරු විවිධත්වයක් ලැබෙනවා මලයෝ!

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ.. හැමදාම ජන්ප්‍රිය වෙන දේවල්ම නොලියා මෙහෙම ඒවත් අතරින් පතරේ ලියන්න ඕන.. ඊ‍යේ මේක ලියලා ඉවර උනාම මට දැනුනේ ලොකු සතුටක්.. :)

      Delete
  12. වෙනස් ඒ වුණාට වැදගත් ලිපියක්......අයියා ඔහොම දාන නිසා තමා අපි ඔය රටේ විස්තර ගැන දැන් ටිකක් හරි දන්නේ....

    ReplyDelete
    Replies
    1. ඔව් නංගි.. තව දේවල් ගැන විස්තර ටිකක් ලියන්න හිතන් ඉන්නේ.. හෙමීට ලියන්නම්..

      Delete
  13. කතාව වෙනස් උනාට ඒකෙ ..... තියෙන්නේ අපි නොදන්න දෙයක් නම් ..... වටිනවනේ ..... එල

    ReplyDelete
    Replies
    1. ඔව්.. මීට කලින් මම ලියපු දේ එක්ක මේකට කැමති වෙයිද දන්නේ නෑනේ කට්ටිය..

      Delete
  14. කතාව වෙනස් උනාට ...... අලුත් දෙයක්නේ එල ....

    ReplyDelete
  15. නොදන්න දේවල් ගොඩක් දැනගත්තා බොහොම ස්තුතියි!

    සහෝ ඉන්නෙ ඔය කිට්ටුව වෙන්න ඕනෙ.. ඔය පෙරහැරටත් සම්බන්ධ වෙලා තියෙනවද?

    ReplyDelete
    Replies
    1. නෑ අයියේ.. මේ පෙරහැර බලලා තිබ්බට සම්බන්ද වෙලා නෑ.. පල්ලි වලින් මේකට තෝර ගන්නෙත් විශේෂ කට්ටිය.. ගොඩක් වෙලාවට පිරිමි.. ඒ අර කලින් කරපු පවු සමාකරගන්න කියලත් සමහරු කියනවා.. ඒත් ඒකනම් කොතනකවත් ලියවිලා නෑ.. කතාවක් විතරයි..

      Delete
    2. මේ පෙරහැරේ හැමෝටම යන්න බැරිද?

      ඔහොම පවු සමාවෙනවා කියන එකනම් පැතිරිච්ච මතයක් වෙන්න ඇති. කතෝලිකයන්ගේ පවු සමාව ගැනනම් මම ලියලා ඇති.

      Delete
    3. ඕනම කෙනෙක්ට එන්න පුළුවන්.. මම කිවුවේ වේලය අරන් යන රාජකාරිය ගැන.. ඒකට අර කලින් මම කියාලා තියෙන විදිහට ඇදගෙන එන්නේ ගොඩක් වෙලාවට පිරිමි.. කාන්තාවන් එනවා මම අඩුවෙන් තමයි දැකලා තියෙන්නේ..

      අනික ඒ පිරිස තෝරන්නේ පල්ලියෙන්.. අපි ඉතින් පල්ලියත් එක්ක සම්බන්දයක් නෑනේ.. අපිට බලන්න තමයි පුළුවන්..

      ඒ ගොඩක් පිරිමම එන්නේ පවු සමාකරගන්නයි කියන එක ඇත්තටම පැතිරුන මතයක් තමයි.. මම ඒකයි ඒක පෝස්ට් එකට එක් කලේ නැත්තෙත්..

      Delete
    4. විස්තරයට ස්තුතියි!

      Delete
    5. පාපහැදිලි උන තැන් අහපු එක ගැන මම සතුටු වෙනවා.. :)

      Delete
  16. ඇයි අකමැති වෙන්නේ . මන් නම් ආසාවෙන් කියෙව්වා . ඒ කාලයේත් මහා නරුමයෝ ඉඳල තියෙනවා . පුදුමයක් නැහැ ය ශාන්තුවරියක් වූ එකට . ලස්සන පෝස්ට් එකක් දිනේෂ්

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ ආදරයක් ප්‍රතික්ශේප කලා වගේම ඒකාලේ තිබුන නිති වලට විරුද්ධවීම තමයි ඇගේ වරද..

      ස්තූතියි අක්කේ.. අක්කා වියට්නාමයේ තොරතුරු කියන්න කොච්චර මහන්සි වෙනවා ඇත්ද කියන එක මට තේරුනා මේ ලිපිය ලියද්දි..

      Delete
  17. මේ තොරතුරු දැනගත්තෙ පළමු වතාවට ඉතාමත් රසවත් මෙන්ම අපූරු ලිපියක් . සාන්ත අගාතා මෑණියන් පිලිබඳව දැනගෙන හිටියෙ නැති නිසා. ගොඩක් වටිනවා. සිසිලිය බොහොම ලස්සන දූපතක් නේ
    මේ පිංතූර ටිකත් කලාත්මක බවින් ඉහළයි.රෝම චිත්‍ර හා මූර්ති ශිල්පයේ ඉහලම අවස්ථා කියල හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්.. මේ දේවල් ප්‍රාන්තයකට විතරක් සිමා උන උත්සව නිසා ගොඩක් වෙලාවට මේ ගැන තොරතුරු ලියවෙනවා අඩුයි.. මාත් දැනගත්තේ ආවට පස්සේ..

      ඔව් සිසිලි දූපතේ කලා සම්ප්‍රදාය ගොඩක් වෙලාවට බැදෙන්නේ රෝම නිර්මාණත් එක්ක.. ඒ ආභාශය තමයි තියෙන්නේ..

      Delete
  18. වෙනසක් කරපු එකත් හොඳයි..අපි ඔයාගෙ වෙනස් හැකියාවන් දකිනවනෙ..
    අනේ මන්දා ගැහැණියකට මෙච්චර වධ හිංසා කරන්න කරම් වෛරයක්..!!

    ස්තුතියි මලේ මේ විස්තර බෙදා ගත්තට..

    ReplyDelete
    Replies
    1. තමන්ගේ මාන්නයට උන පහරක් නිසා මේ දේවල් මෙහෙම කලා වෙන්න පුළුවන්.. ඒත් මුලිකම හේතුව තමන්ගේ යෝජනාව ප්‍රතික්ශේප කිරිම..

      ස්තූතියි අක්කේ.. :)

      Delete
  19. නොදැන හිටිය ගොඩක් දේවල් නම් දැනගත්තා.ගොඩක් වටින ලිපියක් අය්යේ.මේ වගේ දේවල් ගැන තවත් විස්තර දැන ගන්න නම් හුගක් කැමතියි.තවත් ඉස්සරහට ඔයාට මේ වගේ දේවල් ගැන ලියන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete
    Replies
    1. තව ගොඩක් දේවල් ගැන ලියන්න හිතාගෙන ඉන්නේ.. හෙමීට ඒවත් දාන්නම්..

      Delete
  20. මම දැක්ක සාර්ථකම ලිපියක් අයියාගේ. මම මේ කතා සියල්ලක්ම දන්නවා. මොකද අපි කතෝලිකයෝ. සමහර තැන් නොදැන හිටියා. ඒවා දැනගන්නට සැලැස්වීම ගැන ගොඩාක් ස්තුති..

    ReplyDelete
    Replies
    1. මේ ගැන දන්න කෙනෙක් ඇවිත් මේ දේවල් හරි කියලා කියපු එක මට මාර වටිනවා..

      තෑන්ක්ස් නඟේ.. :)

      Delete
  21. වටින ලිපියක් .. හුගාක් දේවල් ප්‍රථම වතාවට දැනගත්තේ....

    ස්තුතියි!!!

    ReplyDelete
    Replies
    1. කියවපු එක ගැන සතුටුයි.. :)

      Delete
  22. වෙනස් වුනත් නොදැන හිටපු කරුණු ගොඩක් දැන ගත්තා.ස්තූතියි මල්ලි.

    පියයුරු ගලවා ඉවත් කරනකොට ඉවසගත්තෙ කොහොමද මන්දා...

    ReplyDelete
    Replies
    1. කොච්චර වේදනා දුන්නත් ඇය ඔවුන්ට වෛර කරලා නෑනේ.. අන්න ඒක තමයි ඇගේ වැදගත්ම ගුණාංගය මම දකින විදිහට..

      Delete
  23. මම නම් දැනන් හිටියේ නෑ මේ වගේ කතාවක්. හරියට අර මධුරාව ගිනි තිබ්බ පත්තිනි දේවියගේ කතාව වගෙයි. ස්තුතියි දිනේෂ් මල්ලි සටහනට.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.. ඉතිහාසේ එක එක තැන් වල එක වගේ සිද්ධි වෙලා තියෙනවා.. ඒ සමහරක් අපි අතරට එද්දි ගොඩක් ඒවා යටපත් වෙලා..

      Delete
  24. නොදන්න දෙ කියල දෙන ඒක ගැන ගොඩක් පං...

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මලයා.. එකෙන් මමත් දෙයක් ඉගෙන ගන්නවා.. :)

      Delete
  25. මේ ගැන මම අහල නැහැ කලින් ගොඩාක් විස්තර දැනගත්තා.කෘර පාලකයෝ එදත් ඉඳල තියෙනවා නේ දැන් වගේම

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඒකනම් ඇත්ත අයියේ.. අදට වඩා දරුණු අය එදා ඉදලා තියෙනවා කියලා හිතෙනවා මේ දේවල් කියෙවුවම..

      Delete
  26. හුගක් වටිනා ලිපියක්...ඉස්සර යාලුවන්ගෙන් ලාවට ලාවට ඔය විස්තර අහ ගත්තට දැන් ඉතින් ඒවා අහන්න යාලුවෝ ලග නැනේ..ගොඩක් ස්තුතියි හොදේ...:)

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ නඟා යාළුවෝ දැන් ලග නෑ කිවුවේ?

      Delete
    2. ඉස්කෝලෙන් අයින් උනත් එක්කම ඔක්කොම වගේ ලංකාවෙන් යන්න ගියානේ..දැන් ඉතින් ලංකාවට එන්නේ අවුරුදු 3,4 කට සැරයක්නේ ඒ ආවම ඕවා අහන්න වෙන්නේ නැනේ අයියා...:)

      Delete
  27. කවදාවත් අහලා නොතිබුන බොහොම වැදගත් විස්තරයක්, වගේම මුල් ටික කියවද්දී හදවත සසල උනා.අර අගතා දෙව මෑණියන්ගේ චිත්‍රය හරිම අපූරුයි. ඔයත් මේ පෙරහැර බලනවා ඇති නේද? අපිට බලන්න පින්තූර ටිකක් දාන්නකෝ

    ReplyDelete
    Replies
    1. පෙරහැරනම් බලනවා අක්කේ.. ඉන්න සෙනගත් එක්ක මම ෆොටො ගන්න එකනම් ලේසි වැඩක් නෙමෙයි.. බලමු ලබන පාරවත් උත්සාහ කරලා..

      Delete
  28. මෙතන හරි ලස්සන තැනක් ඇත්තටම සුරංගනා ලෝකයක්#$%

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්