Friday, 18 May 2012

දොඬම් ගහට වෙච්චි දේ...




වසන්තය ඇවිදින් මල් පීදී ඇත්තේ
ඵල බර වෙලා ගස් හැම වසන්තේ පිළි ගන්නේ
හැම තැනක රැදි මල් සුවද සිත පුබුදා යන්නේ
මල් රේණු නිසා ඇලර්ජික් ඉක්මනටම එන්නේ..

ෆාමසියේ පිටිපස්සේ පුංචි වත්තක් ඇත්තේ
ඕක අපේ රථ ගාල වෙලා තියෙන්නේ
මෙලෝ වැඩකට නැති ගස් අතරේ
ඵල බර දොඩම් ගස් දෙකක් එහි ඇත්තේ..

ජනවාරි අග මල් එහි හට ගත්තේ
මාර්තු මැද මල් පෙති හැලිලා වැටුනේ
කොල පාටට පුංච් ගෙඩි එක එක පීදුනේ
කවුරු නැතත් මම ඇහැ ගහගෙනමයි උන්නේ..

තැඹිලි පාටින් ගෙඩි පිරිලා ඇත්තේ
වෙසක් එකට බලුබ් දැම්මා වැන්නේ
තාම පැහිලා මදි කියමින්නේ
දවසට දෙතුන් වරක් මම ගහ ලග කැරකුනේ..


“ දිනේශ් දැන්නම් කාලේ හරි වගේ..”


දවසක් සදෑවක ඈ රහසින් මිමිණුවේ
මමත් මොහොතින් ගහ මුදුනේ උන්නේ
එකින් එක ගෙඩි මගේ අතින් කැඩුනේ
දැල්වු බලුබ් නිවුනා වැන්නේ..


“ යකෝ උඹ ගහම සුද්ද කලාද?”


මොහොතින් මම වට පිට බැළුවේ
ගහම පාළු වෙලා බව දැක්කේ
දැන් මොකදෝ මේකට කරන්නේ
ගෙඩි දෙකතුනක් කඩන්නනේ මම නැග්ගේ..

හැමෝම මුහුණට මුහුණ බලා ගත්තේ
බෙහෙත් ගේන මළු එළියට ඇදිලා ආවේ
මළු පිරෙන්නට දොඩම්  ඒවායේ පිරුනේ
දොඩම් වලට උන දේ නෑ කවුරුත් දන්නේ..
 

“ දැන් ලොක්කා ආවම මොකෝ කියන්නේ?”

“ උඹ ගහම සුද්ද කරේ නැත්නම් මාට්ටු වෙන්නේ නෑනේ..”


හැම තැන කසු කුසු හෙමිහින් පැතිරුනේ
කියනා බොරුවක් ගැන හිතමිනුයි උන්නේ
දවස් ගෙවිලා ලොක්කත් හෙට ආයෙම එන්නේ
අහන දේවලට මුනිවත රකින්නයි ඉන්නේ..

පසුදා උදයේ ෆාමසියට පිය මැන්නේ
හිතේ පොඩි ගැස්මක් ඇතිවි තිබුනේ
හැමෝම දොඬම් ගහ ලග වට වී උන්නේ
ලොක්කා ගහ දිහා බලාගෙනමයි හිටියේ..


“ මේකේ දොඩම් වලට මොකෝ උනේ?”

“ පහුගිය ටිකේ කුරුල්ලන්ගෙන් හරි කරදරේ තිබ්බේ.. උන් කාලා දාලා තිබ්බා..”

“ මොකාද අර “දිනේශ්” කියන කුරුල්ලද?”

117 comments:

  1. Replies
    1. ඔව් ඔව්.. අදත් ඔයාම තමයි එක... :)

      Delete
    2. හිතුවක්කාරී අනේ ඊළඟ සැරේවත් අපිටත් චාන්ස් එකක් දෙන්නකො.
      අපි පව් නැද්ද...!! :(

      දොඬම් ඇඹුල්ද අයියෙ ඉතාලියෙ.මෙහෙනම් පැණි රසයි.

      වැඩේ එච්චර හරි නැති වුනාට කවියනම් සුපිරි!

      Delete
    3. අද හවස එකක් දාන්න හිතන් ඉන්නේ මලයා.. ඒකට වත් එක වෙන්න බලමු..

      ඇඹුල නෑ මලයා.. දොඩම් වල වෙන වර්ගයක් තියෙනවා ඒක ඇඹුලයි.. අනිත් ඉතුරු උන ගහ අන්න එහෙම එකක්.. :)

      Delete
    4. එහෙනම් අද දාන එකේවත් මමත් එක වෙන්න බලන්න ඕන..

      Delete
    5. හා හා ට්‍රයි කරලා බලන්නකෝ.. :)

      Delete
    6. හික්ස්ස්... හෆ්ෆා.. මමත් මේ ඉදලා ඉදලා අනේ එක වෙන්නෙ.. ඕගොල්ලෝත් ඒකටමයි අකුල් හෙලන්නෙ..:p

      Delete
    7. ඒක තාමා.. ඔයා ඕවා හිතන්න එපා හිතු..:)

      Delete
  2. හික්ස්ස්.. හයියෝ නියම කවි ටික...මට ප්‍රශ්නයක් තියෙනවා ඒත්, දැන් ඔය දිනේශ් කියන කුරුල්ලා ගහට නැගලා දොඩම් කැඩුවෙ කාගෙ කීමටද? ;)
    //“ දිනේශ් දැන්නම් කාලේ හරි වගේ..”


    දවසක් සදෑවක ඈ රහසින් මිමිණුවේ
    මමත් මොහොතින් ගහ මුදුනේ උන්නේ//

    කවුද ඈ?? අරයාද? :p

    මරුම මරු කවි ටික!!

    ReplyDelete
    Replies
    1. හයියෝ ඕක හිතන්නත් දෙයක්ද මෙයා...

      ඒ අපේ ලස්සන දොස්තර නෝනානේ... :)

      Delete
  3. අනේ පවු අසරණ දිනේෂ් කුරුල්ලා....

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ..

      Delete
  4. අන්න කුරුල්ලා :P

    ReplyDelete
    Replies
    1. කොයි කුරුල්ලද?

      Delete
  5. හික් හික් කවදා කාපු දොඩංද

    ReplyDelete
    Replies
    1. මේවා ගහෙන් කඩපු ගමන් දොඬං.. :)

      Delete
  6. ඒ කෙල්ල උඹව ගහේ නැග්ගුවනේ. වෙලාවට පැඟිරි ගහකට නැග්ගුවේ මුරුංග ගහකට වගේ නග්ගුවනම්.

    ReplyDelete
    Replies
    1. අසාර් අයියට විතරයි ඒක තේරුණේ.. මුරුංගා ගහටත් වාසියන් නැත්නම් නගින්නේ නෑ අපි.. :)

      Delete
  7. හපුයි......අයියට් හොල කුලුල්ලෙක් වුනා ඒනම්.......හික් හික්

    ReplyDelete
    Replies
    1. හොල නෙමෙයි හලේ... හොද කුරුල්ලෙක්.. :)

      Delete
  8. අත්තක දොඩම් මට තනිවම කන්න බැරී කියල අපි කියද්දි මෙයා ගහකම දොඩම් කාලනේ

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ගහේඅ දොඩම් මම තනියම නෙමෙයි කෑවේ.. බෙදා හදාගෙන කෑවේ..

      Delete
  9. දිනෙශ් කුරුල්ල සර්ට මාට්ටුද?

    ReplyDelete
    Replies
    1. මාටුදත් අහනවා..

      පුහුල් හොරා කරෙන් දැනේලු..

      Delete
  10. Replies
    1. තැන්කූ වේවා... :)

      Delete
  11. ඔන්න මන් ඔයාගේ බ්ලොග් ඒක සොයා ගත්තා . හරි අපි දැන් දන්නවා දිනේෂ් කියන්නේ කුරුල්ලෙක්

    ReplyDelete
    Replies
    1. බින්දි අක්කා වර්ණයට ගොඩ උනා කියන්නේ මේ පැත්ත තව තවත් වර්ණවත් උනා කියන එක.. ආදරයෙන් පිළිගන්නවා අක්කේ..

      අක්කා එද්දිම මම කුරුල්ලෙක් වෙලානේ.. :)

      Delete
  12. පුබුදුවා18 May 2012 at 15:42

    හෙහ් හෙහ් දිනේශ් කියන කුරුල්ලා නෙමෙයි කුකුලා :P

    ReplyDelete
    Replies
    1. හා හා.. උඹ හිටියත් ඔච්චරම තමා.. :)

      Delete
  13. අදමයි මේ පැත්තේ ආවේ...වෙනස් විදිහේ කවි පෙලක් නියමයි...ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළුවා.. සාදරයෙන් පිළිගන්නවා වර්ණයට..

      Delete
  14. // මොකාද අර “දිනේශ්” කියන කුරුල්ලද?// මොනා උනත් ලොක්කා ඇත්ත කියලා.. :-)


    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මම හැරුනත් ලොක්කා දන්නවා මූ එන්නේ මොකාටද කියලා දැන්..

      Delete
  15. හී හී මෙයත් කරන වැඩ.. අරයා කිව්වා විතරයි මෙයා ගහ මුදුනේ

    ReplyDelete
    Replies
    1. ගෑල්ලමයෙක් දෙයක් කිවුවම එහෙම අහක දාන්න පුළුවන්ද අක්කේ.. :)

      Delete
  16. දිනේෂ්.... ට තටු ඇවිල්ලා.... මේක ලියලා තියෙන විදිහ නම් මරු.. කොහොමද දන්නෙ ඔයාමයි කියලා...?

    ReplyDelete
    Replies
    1. හරි ලේසියි නේ.. ගහේ පහල ඒවා නැති උනානම් ලොක්කට කොහොමත් හොයන්න බෑ.. උඩ ඒවා කඩන්න ගස් නගින්න දන්නේ මම විතරයි.. ඉතාලි කාරයන්ට බෑනේ.. ඉතින් ගහම සුද්දයි කියන්නේ මං බව ලොක්කා දන්නවා.. :)

      "තටු ඇවිල්ලා" අමරසිරි පීරිස් මහත්තයාගේ සිංදුව මතක් උනේ.. :)

      Delete
    2. තටු ඇවිල්ලා
      ඔබ ඔහේ යනවා..
      කොහොම කීවත්
      නවත්තන්නට බෑ...

      මම බොහොම ආස සින්දුවක්!

      Delete
    3. මාත් ආස සිංදුවක් මලයා.. ඒකයි මතක් උනේ..

      Delete
    4. / තටු ඇවිල්ලා
      ඔබ ඔහේ යනවා..
      කොහොම කීවත්
      නවත්තන්නට බෑ... /

      මාත් ආසම සිංදුවක්..

      Delete
    5. අපි හැමෝම ආස සිංදුවක්.. :)

      Delete
  17. හහ් හා කොහොමහරි ගහටම ගේම දුන්න ඈ....?
    " දෙකක් කඩන නරක ළමයි හෙම නොවේ අපි....... :P

    ReplyDelete
    Replies
    1. දන්නේම නැතුව ගහම ඉවර උනා මලයා..

      Delete
  18. තව පොඩ්ඩෙන් මාට්ටුයි වගේ!!

    ReplyDelete
    Replies
    1. වගේ නෙමෙයි මාට්ටු තමයි.. :)

      Delete
  19. හප්පටසිරි දොස්තර අක්ක අය්යව ගස් නග්ගල නෙව කාලේ හරි කියල ,
    මේ ගසේ බොහෝ දොඩම් ගෙඩි ඇතේ
    පැහිල ඉදිලා බිමට නැමිලා බර වෙලා අතු
    ඩොක්ටටය් මටය් ගෙඩි දෙකක් ඇතිය්
    කියල දෙකක් කඩල නිකන් හිටියනම් ඉවරය් නේ :ප්
    ජය නියතය් !!

    ReplyDelete
    Replies
    1. එහෙම කිවුවේ ලංකාවෙදිනේ මලයා.. මෙහෙදි ඒ කවි වෙනස් වෙනවා..

      Delete
  20. බොලේ ඔහෙ කුරුල්ලො දොඩම් කනවද?

    ReplyDelete
    Replies
    1. කුරුල්ලෝ කොහොමෙයි දොඩම් කන්නේ.. රෑට මීයෝ නම් කාලා දාලා තියෙනවා..

      මාට්ටු නොවෙන බොරුවක් කියන්න ඕන කියන්නේ ඕකට තමා..

      Delete
    2. දොඩං ලෙල්ල හයිය නිසා කුරුල්ලන්ට බෑ හොට ගහලා දොඩං කන්න.. හයියෝ ඔයාලත් මාට්ටු නොවෙන බොරුවක් කියන්න ඕන.. :)

      Delete
    3. මම නෙමෙයි හලෝ එහෙම කිවුවේ.. අනිත් දොස්තරයෙක්.. මම ඔහොම අහුවෙන බොරු කියනවද?

      Delete
  21. කෝ බං. ඔය කියන පාමසියේ ෆොටෝ ටිකක් දාපන්කෝ බලාගන්න

    ReplyDelete
    Replies
    1. වෙලාවක දාන්නම්..

      Delete
  22. මේකනම් නියමම නියමයි මල්ලි.....

    ඔයාලගෙ බොසත් එල කොල්ලෙක් වගේ.දොඩම් වැඩි නම් අපිටත් ටිකක් එවන්නකෝ.....

    ReplyDelete
    Replies
    1. ඒකට කොල්ලා කියනවනම් කොල්ලන්ට මොකක්ද කියන්නේ..

      වැඩිද අහනවා.. මිරිකන ඒවා මිරිකල කන ඒවා කාලා දැන් බෙහෙතකටවත් දොඩමක් නෑ හොයාගන්න..

      Delete
  23. දිනේශ්ට පොළව පලාගෙන යන්න නම් හිතුන්නැහැයිලු ඔන්න..!!

    ReplyDelete
    Replies
    1. මම මේකේ නොලිවුව පේලියත් ඕකම තමයි.. හප්පේ උන ලැජ්ජාවක්.. :)

      Delete
  24. "‍වැඩිය කඩව නරක ලමයි හෙම නොවේ අපි"
    බොසාගෙ කනට කරලා එහෙම කියන්න තිබුණා

    ReplyDelete
    Replies
    1. තව ගහක් තියෙන නිසා එච්චරම අවුලක් නෑ.. :)

      Delete
  25. හෑ......... ඒ අළුත් කුරුල්ලෙක් ද අයියේ???
    දිනේශ් කුරුල්ලා...... හි හී......

    ~~~***දඟ මල්ල***~~~

    ReplyDelete
    Replies
    1. අපේ ලොක්කගේ හොයා ගැනීම.. මූ මාව සූ එකට ගිහින් දායිද මන්දා.. :)

      Delete
    2. ආයෙම පාරක් ගහ සුද්ද කලොත් නම් ෂුවරුත් නෑ ,

      Delete
    3. අම්මෝ ආයෙම නම් ගහම සුද්ද කරන්නේ නෑ.. :)

      Delete
    4. මෙයාව ZOO එකට ගිහින් දාන්නමයි වටින්නේ..

      Delete
    5. එහෙනම් මාත් එක්ක ඔයාවත් එක්ක යන්න ඕන.. ;)

      Delete
  26. ගෙඩි තියන ගහක් පේන්න බැ නේ?

    ReplyDelete
    Replies
    1. ලංකාවේ පුරුද්දනේ මලයා.. :)

      Delete
  27. එල කිරිනේ ...දොඩන වලින් විටමින් සි හැදුව කියන්න අය්යේ .....

    ReplyDelete
    Replies
    1. මේ මොනා අහනවද.. මේ දවස්වල වැඩියෙන් විටමින් සී ගන්න කියලා තමයි කියන්නේ.. :)

      Delete
  28. “ මොකාද අර “දිනේශ්” කියන කුරුල්ලද?” :D :P

    හිහිහී...
    බලන්න ඉතින්.. ‍අලි කුරුල්ලෙක් ගැන හැමෝම දන්නවානෙහ් බලාගෙන යද්දි.. :P

    ReplyDelete
    Replies
    1. අපේ ෆාමසියෙන් උන් දැන් මම මොකාද කියන එක තේරුම් අරන් ඉන්නේ... :)

      Delete
  29. //මල් රේණු නිසා ඇලර්ජික් ඉක්මනටම එන්නේ..//
    මේක නම් මටත් තියනවා අනේ.

    දිනේශ් කියන කුරුලු ජාතිය ඉන්නේ ඉතාලිය පැත්තේ විතරද? :D

    ReplyDelete
    Replies
    1. අපේ ෆාමසියට මේ කාලෙට හොදට බිස්නස් තියෙන්නෙත් ඕක නිසානේ අක්කේ..

      හෙහ්.. මුළු ලෝකෙටම ඉන්නේ එක කුරුල්ලයි.. :)

      Delete
  30. තනියම කාල..එනව මෙතන කාපුවෑ රස කියන්න....නනිකන්වත් දෙන්න ඇහුවද....

    ලස්සන පද ටික...

    ReplyDelete
    Replies
    1. තනියම කෑවේ නෑ මලයා.. හිටපු කට්ටිය එක්ක බෙදාගෙන කෑවේ..

      Delete
  31. මදෑ ඉදෙනකන්වත් උන්නා :D

    ReplyDelete
    Replies
    1. අමුවෙන් කන දෙයක්නම් ඊට කලින්ම කැවෙනවා.. :)

      Delete
  32. ලස්සන කවිටික හොර කුරුල්ලෝ ... ඔයාගෙ හැටි දන්න නිසාම කවුරු ‍නොකීවත් බොස් දන්නවා ඔයා කලේ කියල නේද.. මොනා නමුත් කවිටිකනම් ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. ඔව් දැන්නම් ඔය වගේ දේවල් කරන්න ඉන්නේ මම බව කට්ටිය දන්නවා.. බොරු කරන්න බෑ..

      තැන්කූ තැන්කූ..

      Delete
  33. අනේ ඉතින් මේ දැන් කාලේ හැදෙන කුරුල්ලන්ටත් (දිනේශ් කියන කුරුල්ලට) මැනස් නැති හැටියක් නේද...? ( හේ..හේ..හේ..)

    වාව් කවිය නම් මරු...ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. ලංකාවේ හැදිච්ච කුරුල්ලොනේ.. මොනා කරන්නද ඉතින්.. :)

      Delete
  34. හීහී..මාර දෙයක්නේ ඔයාට වෙලා තියෙන්නේ මල්ලී...බොසා ඔක්කොම දන්නවා ඇති එහෙනම්.....

    ReplyDelete
    Replies
    1. බොසා දන්නවා අක්කේ.. ඒ උනාට අවුලක් නෑ.. ලංකාවේ බොස්ලා වගේ නෙමෙයිනේ.. :)

      Delete
  35. Replies
    1. හිරණ්‍ය මචං උඹ වෙනස් වෙලා.. අදුන ගන්නත් බැරි උනා.. :)

      Delete
  36. හැහ් හැහ්... දිනේෂ් කියන කුරුල්ලද. ලංකාවෙ අඹගස්වලට පොලු ගහපු එවුන්ගෙන් ලෝකෙ කොහේවත් ගෙඩි තියන ගහක් නං බේරගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අයියේ.. ලොක්කගේ මිදි වත්තට මම ගියාමත් වෙන්නේ ඕකම තමයි.. වඉන් බෝතල් දෙක තුනක් හදන්න යන මිදි මම උස්සන් එනවා.. :)

      Delete
  37. වැඩේ අහු උනා නේද? අයියෝ....

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. මොනා කරන්නද ඉතින්.. ගහම සුද්ද කරාම අහු නොවී තියේවියැ..

      Delete
  38. දිනේශ් දැන්නම් කාලේ හරි වගේ..”
    දවසක් සදෑවක ඈ රහසින් මිමිණුවේ
    මමත් මොහොතින් ගහ මුදුනේ උන්නේ.

    මේ ගසේ බොහො පැනි දොඩම් තිබේ
    නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති වැඩිය කඩන නරක ලමයි හෙම නොවේ අපි.....හි හි හි....නියම ලිපියක් ......ඔබට ජය

    ReplyDelete
    Replies
    1. නංගිටයි මටයි නෙමෙයි.. දොස්තර අක්කටයි මටයි.. :) ඕවා කොහේ මතක් වෙන්නද ඒ වෙලාවට.. :)

      තැන්කූ තැන්කූ.. වර්ණයට සාදරයෙන් පිළිගන්නවා..

      Delete
  39. දොඩං....ඔරේන්ජ් පාටයි නේද...?

    ReplyDelete
    Replies
    1. දොඩං වලට ඉංග්‍රීසියෙන් කියන්නේ ඔරේන්ජ්
      ඔරේන්ග් වලට සිංහලෙන් කියන්නේ තැඹිලි
      ඒ කියන්නේ දොඩං කියන්නේ තැඹිලිද?

      ඕක මට හිතුන දෙයක් නෙමෙයි.. මාත් කොහේ හරි දැක්ක එකක් යන්තම් මතක් උනා.. :)

      Delete
    2. කොහෙන්ද අනේ ඕක හොයා ගත්තේ?

      Delete
    3. මාත් කොහෙන් හරි දැක්කා.. මතක ඔච්චරයි..

      Delete
  40. හා..දිනේශ් කුරුල්ලෝ/

    ReplyDelete
    Replies
    1. හා... රත්ගමයෝ...

      Delete
  41. දවසක් මාතර පැත්තේ කෙනෙක් නුවර ඇවිත් ගෙදර යන්න මාතර බස් එකට නැග්ගලු නුවරින්. ඉතින් නැග්ග වෙලේ ඉඳල කවුරුත් වැඩිය කතා බහක් නැති හින්ද මේ මනුස්සයා ටිකකින් ලඟම හිටි කෙනාගෙන් මෙහෙම ඇහුවලු.
    " මෙහෙ වැඩිය දොඩන් නැතෙයි?"
    එහා පැත්තේ හිටි මෑන්ස් පිළිතුරු දුන්නලු මෙහෙම,
    "එච්චර නෑ. මෙහෙ එව්වා වැවෙන්නේ නෑ නේ"




    වලියට එන්න එපා. විහිලුවටයි කිව්වේ.

    ReplyDelete
    Replies
    1. ඇයි බං අයියේ අන්තිමට මෙහෙම පේලියක් දැම්මේ??

      / වලියට එන්න එපා. විහිලුවටයි කිව්වේ. /

      මාත් එක්ක ඕන එකක් කියන්න අයියේ.. ඒකේ අවුලක් නෑ.. :)

      Delete
    2. උඹනම් එන්නේ නැති වෙයි. ඒත් අනිත් කියවන උන් වලියට අවොත්..

      Delete
    3. මම මොඩරේට් කරලනේ අයියේ තියෙන්නේ.. ගොඩක් වෙලාවට මීට කලිනුත් එහෙම රණ්ඩු ආපුවා මම දාලත් නෑ.. :)

      Delete
  42. Replies
    1. පාට පාට නංගී මොකෝ?? :)

      Delete
  43. පැණි කුරුල්ලෙක්ද බං.. පැනි දොඩම් නේද තිබ්බේ ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. සෑමා පැණි දොඩං තිබ්බේ.. :)

      Delete
  44. දිනේෂ් පියාබන්න හදනවද ?

    නියමයි !

    ReplyDelete
    Replies
    1. try and try.. one day you can fly..

      කවුදෝ මන්දා ඔහොම කියලා තියෙනවලු.. :)

      Delete
  45. “ දිනේශ් දැන්නම් කාලේ හරි වගේ..”

    මේකට මට හිතෙන එවුවා කියන්න බෑ මෙතන.. මම කෝල් කලාම කියන්නම්.. ;)

    ReplyDelete
    Replies
    1. එහෙනම් අද කණක් ඇහිලා ඉන්න වෙන එකක් නෑ.. හාෆෝ..

      Delete
  46. අර පොටෝවෙ තියෙන දොඩම් ටික කාපු කෙනාට නම් බුදු සරණයි. ඔන්න මම නම් කෙල ගිල්ලේ නෑ.....

    ReplyDelete
    Replies
    1. හොද වෙලාවට මම මේ පෝස්ට් එක පහු වෙලා දැම්මේ.. :)

      Delete
  47. ඇත්තටම දිනේෂ් කුරුල්ලා නේන්නම් ගහට ගේම දීල තියෙන්නේ. අපේ රටේ 5 ක් රුපියල් සීයයි ඒවා නේද. ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. ඒවා තමා.. මෙතන සෑහෙන ගානක බඩු.. :)

      Delete
  48. අද කවි කතාවක් :) හොඳයි හොඳයි දිනේෂ් මල්ලි එහෙනම් කුරුල්ලෙක් උනා ආ...

    ReplyDelete
    Replies
    1. නිකම් කුරුල්ලෙක් නෙමෙයි.. හොර කුරුල්ලෙක්..

      හලේ ඉස්සර පළවෙනියා උන අක්කා අද අන්තිම වෙලා.. :(

      Delete
    2. :( ඒකනේ...දවස් ගානක් ගෙදර හිටියේ නෑ. ඊයේ තමයි බ්ලොග් බලන්න ගත්තේ....

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්