Sunday, 13 May 2012

ආදරණිය ඔබා මාමේ, ඔබට නිවන් සුව..

මීට කාලෙකට උඩදී ඉංග්‍රීසි අකුරු වගයක් නමට තියෙන වැඩිහිටියෙක් මගේ බ්ලොග් එකට ආවා.. ඒ වෙන කවුරුවත් නෙමෙයි OBSERVER නම්න් අපි හැමෝම හදුනන ඒ සොදුරු මිනිසා.. කෙනෙක්ට ඔහු ඔබා අයියා වෙද්දි අපිට ඔබා මාමා උනා..

ඔබා මාමගේ ලිපි වගේම මාමා අපිට දලා යන කමෙන්ට් උනත් හරිම අපුරුයි.. සමහර දේවල් වලට කොච්චරනම් හිනා වෙන්න ඇත්ද?  ඒ වගේම සමහර වෙලාවට වැඩිහිටියෙක් බව අමතක වෙලා අපිත් ඔබට කොයි තරම් දෙවල් කියන්න ඇත්ද? ඒත් ඒ හැම දෙයක්ම හිනාවෙන් භාර අරන් අනිත් පැත්තට අපිටත් විහිළුවක් කරන්න තරම් ඔබ අව්‍යාජ මනුස්සයෙක් උනා..

මේ බ්ලොග් අවකාශේ කා එක්කත් සුහදව හිටපු ඔබ අද අපෙන් වෙන් වෙලාම යන්න ගිහින්.. උදේම නෙත ගැටුන මේ පුවතත් එක්ක හිතට දුකක් වගේම ඇසට කඳූළක් ආවේ මම නුඹට නුබේ බ්ලොග් කරණයට ආදරය කල නිසා.. මම විතරක් නෙමෙයි අපි හැමීම ඔබට එක වගේ ආදරේ කලා..

දවසක ඔබ හමුවෙලා කතා කරන්න ඇත්නම් කියලා හිතිලා තිබුනත් දැන් ඒකට මම පරක්කු වැඩියි ඔබා මාමේ.. ඒත් මේ ඩිජිටල් අකුරු අතරේ වයස් පරතරය හිතන්නේ නැතුව යාළුවෙක් වගේ දුන්න ඒ මහා සහායට ඔබට ගොඩක් ස්තූතියි මාමේ..

ඉතින් ඔබ අද යන්න ගිහින්.. මං වගේම මේ බ්ලොග් අවකාශයේ ගොඩක් දෙනෙක්ගේ හිත් වල කඳුළක් එකතු කරලා..

ඔබට නිවන් සුව මාමේ!!


ඩිජිටල් අකුරු අතර 
ඇමිණි හෙමිහිට
අප සොයා ආ  
ඒ සොදුරු මිනිසත් කම
ආයෙම අප සොයා
නොඑන බව දැන
නෙතට නැගුන කඳුළ
මම කොහොම කියන්නද..

නුඹ යන්න ගිහින්
ආයෙම නොඑන්නට
සොදුරු මිනිසත් කමක්
හිත් වලට ලං කර
අකුරු මතින් බැදුන
මේ මිතුදම
අමතක නොවේවි
අපටනම් කෙදිනක..

ඉතින් සුභ ගමන්
ආදරණිය ඔබා මාමේ
නුඹට…



49 comments:

  1. :'( Dukai Dinesh ayye! :( Kavadahari apita hambuwey ne.. Edata katha karamu Oba maama ekka ekka athi tharam! :'(

    - Aaganthukaya

    ReplyDelete
  2. ඔබා මාමේ..... ඔබට නිවන් සුව!!!!

    ReplyDelete
  3. හැම විටම සිනහවෙන්…සැහැල්ලුවෙන් සිටි වියපත් තරුණයා….සැහැල්ලුවෙන්ම ඒ ගමනත් ගිහින්

    ඔබා අයියෙ ඔබට සුබ සැන්දෑවක්…..

    ReplyDelete
  4. කවදාවත් ඔහුව දැකල කතාකරල නැතිවුණාට මේ ප්‍රවෘත්තිය ඇහුවම ළඟම හිතවතෙක් වෙන්වෙල ගියා වගේ පුදුම කණගාටුවක් ඇති වුණේ. ඒ තරමටම ඔහු සිංහල බ්ලොග් අවකාශයෙ හැමෝටම ෆැමිලියර් වෙල. ඒ සරල සුන්දර මනුස්සය ආයෙත් අපි අතරට එන්නෑ කියල හිතෙන කොට ......... මොනව ලියන්නද මන්ද?

    සදාදරණීය සනත් අංකල්... ඔබට අමා මහ නිවන්සුව අත්වේවා!

    ReplyDelete
  5. කොහොමද අයියෙ කියවන්නේ..?? කඳුලු නවත්තගන්න බෑ කියවනකොට..

    ReplyDelete
  6. ඔබා මාමේ, ඔබට නිවන් සුව!!

    ReplyDelete
    Replies
    1. හමුවෙලත් කතා කරන්න බැරි වුනා එතුමා එක්ක..:( අවාසනාවක මහත..

      Delete
  7. උදේ පාන්දර මම දැක්කෙ අද මේක..අනේ මට නම් අදහ ගන්න බැහැ....
    නිවන් සුව ලැබේවා.....කොමන්ට් එකක් ලියා ගන්නවත් බැහැ මට මාව එකපාරම මොකක්ද උනා..

    ReplyDelete
  8. ඔබ මෙලොව හැර ගියත් ඔබගේ මතකය සදා කල් අප සමග රුදෙනු ඇත ඔබට අජරාමර නිවන් සුව අත් වේවා!

    ReplyDelete
    Replies
    1. දෙවියනේ....බ්ලොග් ලෝකෙ වැඩිහිටියා නික්ම ගිහින්....

      Delete
  9. “දවසක ඔබ හමුවෙලා කතා කරන්න ඇත්නම් කියලා හිතිලා තිබුනත් දැන් ඒකට මම පරක්කු වැඩියි ඔබා මාමේ.. “

    සුබ ගමන් ඔබා මාමෝ....:‘(

    ReplyDelete
  10. ඔබා අයියාට නිවන් සුව ලැබේවා!!!විජේවර්ධන පවුල වෙත මගේ කනගාටුව.

    ReplyDelete
  11. සිංහල බ්ලොග් කියවන්නෙක් විදියට මම හදවතින්ම වැලදගත්ත අව්‍යාජ ෙසාදුරු මිනිසෙක්. කමෙන්ටුවකින්වත් කවදාවත් කාෙගවත් හිත රිෙදන යමක් ලියනවා දැක්ෙක් නැහැ විවාද වලදි කවදාවත් පැත්තක් ගෙන ෙකාෙමන්ට් කරලා නැහැ. කවදාවත් හමුවෙලා කතාකරලා නැතිවුනත් ලඟම හිතවතෙක් විදයට දැනුනා. ඒනිසා හිතට ලොකු දුකක් දැනෙනවා....දෑස් කදුලින් තෙත් වෙනවා...
    සිංහල බ්ලොග් අවකාශයෙ සොදුරුම මිනිසා....
    ඔබා අය්යට නිවන් සුව!

    ReplyDelete
  12. ඔබා අයියාට නිවන් සුව! තවත් දහසක් දේ කීමට ඇතත් පසුවට කල් දමමි.
    henryblogwalker the Dude

    ReplyDelete
  13. ඔබා මාමෙ ඔබට නිවන් සුව..!!!

    කාටවත්ම අදහගන්න බැරි පුවතක් දිනේශ් මල්ලි..කව්ද හිතුවෙ මේ සුන්දර මිනිසා මේ තරම් ඉක්මනට මේ වගේ ගමනක් යයි කියල...සෑහෙන්න හිත සසල වුනු හරිම කනගාටුදායක පුවතක්..තමන්ගෙ කෙනෙක් අහිමි වීමෙ දුක මේ වෙලාවෙ අපි හැමෝටම දැනෙනවා.. :'(

    ReplyDelete
  14. සිඳු කියලා කෙනෙක් බ්ලොග් ලෝකයෙ ඉන්නවා කියලාවත් ඔබා මාමා දැනගෙන ඉන්න නැතුව ඇති. ඒත් මගේ බ්ලොග් රෝලෙත් ඔබා මාමා ගෙ බ්ලොග් එක තිබුණා. ඔබා මාමා ගැන අහපු දැකපු දේවල් වලින් දැනුණෙ ජීවිතේ ඉතාම සැහැල්ලුවෙන් ගත කරපු කෙනෙක් කියලා. දන්න අයගේ කමෙන්ට්ස් වලින් පේනවා හොඳ ගති ගුණ තිබුණු කෙනෙක් කියලාත්. බ්ලොග් ලෝකෙට ආවට පස්සෙ මම ඇහුව දුක්බරම පුවත මේ. ඔබා මාමාට නිවන් සුව ලැබේවා !!

    ReplyDelete
  15. ඔබට නිවන් සුව

    ReplyDelete
  16. අපි කිසිවිටකත් නොහිතපු මොහොතක ජීවිතයෙන් සමුගත් දයාබර ඔබා මාමාට නිවන් සුව.......!

    ReplyDelete
  17. මේක නම් වෙන්න බෑ ...
    කාගෙ හරි ලොකු බොරුවක් වෙන්න ඕන. මේ මැතකදි කතාබහ කරල ආපු ඔබා මලයා...
    අපොයි දෙයියනේ ... අදහගන්නත් බෑ මට.

    ReplyDelete
  18. මේක නම් වෙන්න බෑ ...
    කාගෙ හරි ලොකු බොරුවක් වෙන්න ඕන. මේ මැතකදි කතාබහ කරල ආපු ඔබා මලයා...
    අපොයි දෙයියනේ ... අදහගන්නත් බෑ මට.

    ReplyDelete
  19. තවමත් හිතාගන්න බෑ.. ඒත් අකමැත්තෙන් වුනාත් අවසානාවන්ත සිද්දිය වෙලා අවසානයි.

    ඔබා මාමට නිවන්සුව...!!

    ReplyDelete
  20. ඒ සොදුරු සයිබරයේ මිනිසා , ඔබා මාමේ ඔබට නිවන් සුව.

    ReplyDelete
  21. ඔබා මාමාට නිවන් සුව...

    ReplyDelete
  22. අදහාගත නොහී මොහොතක නික්මගිය සොඳුරු මිනිසානෙනි...ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව අත්වේවා.............

    ReplyDelete
  23. හිතාගන්න බෑ දෙයියනේ මේක.දිනේශ් අයියේ මේක ඇත්තක්ද.බොඳ වෙලා තියන ඇස් වලින් ඔබා මාමාගෙ මරණ දැන්වීම බලද්දි මගෙ පපුව පැලෙන්න වගේ.

    ඔබා මාමා ගැන කියන්න මහ දෙයක් මගෙ හිතේ සටහන් වෙලා නැතුව ඇති.ඒත් කියවපු හැම පෝස්ට්ටුවකම,කමෙන්ටුවකම මනුස්සකම තිබුණා.

    ඔබා මාමාට නිවන් සුව කියලා කිව්වත් ඒ හිතකින් නොමේ.

    මතු භවයක ඔබ අප හමුවේවා

    ReplyDelete
  24. ගොඩක් දුකයි මචන්. ඔබා මාමට නිවන් සුව!

    ReplyDelete
  25. ඔහු මියගියේ ද සිත සතුටින්. එයින් කොටසක් බ්ලොග් ලෝකය නිසායි.

    ReplyDelete
  26. ඒ හිතහොද මිනිසාට නිවන් සුව ලැබේවා!!

    "නුඹේ කතා වෙනදාමෙන් ඇසුනි
    ඉබේ ඇහැරී ඒ හීනය බිඳුණි
    හැබෑව නම් නුඹ ළඟ නැති 1 පමණි"

    ReplyDelete
  27. ආදරණීය ඔබා මාමෙ ඔබට නිවන් සුව..... :'((

    ReplyDelete
  28. දිනේෂ් මල්ලි, මේක විහිළුවක් නෙමෙයි කියලා දැන ගත්තේ ඔයාලගේ බ්ලොග් දැක්කට පස්සෙයි :( එතකන් විශ්වාස කරන්නම බැරි උනා....ඔබට නිවන් සුව ඔබා මාමේ

    ReplyDelete
  29. ඔබා මාමේ ඔබට මොක් සුව.. මතු භවයේත් අප අතරම ඉපදේවා !

    ReplyDelete
  30. මම ඔබාමාමව අදුන ගත්තෙ සයිබර් බක්මහ උළෙල පින්තූර වලින්.ඒවා දැක්කට පස්සේ තමා එයා ලියන බ්ලොග් එක හොයාගෙන ඒකට ගියේ තාම මම ඒකෙ ලිපි ටික කියවලා ඉවර කලෙත් නෑ.බුකියේ ඔබා මාමට නිවන් සුව පතලා තියෙනවා දැක්කම මට අදහාගන්න බැරි උනා.අපේ ජීවිත මොන තරම් අනියතද කියලා මේකෙන්ම පසක් වෙනවා. ඔබා මාමේ ඔබට නිවන් සුව....

    ReplyDelete
  31. "සුවඳැති මල් ඇයි මේ හැටි හනිකට පරවන්නේ"

    සදාකාලික නොවූ ලෝකයේ සදාකාලික කිසිවක් නැති බව පමණක් කියා නොකියාම නික්ම ගිය නොදුටු සුහදයාණෙනි ඔබට සුබ රාත්‍රියක්.

    ReplyDelete
  32. ඔබා මමාට නිවන්සුව අත්වේවා... !

    ReplyDelete
  33. ඔබා මාමේ ඔබට නිවන් සුව!!

    ReplyDelete
  34. සිංහල බ්ලොග් අවකාෂයේ කාගෙත් ඔබා මාමා වූ ඒ සුන්දර මිනිසාට නිවන් සුව අත්වේවා!

    ReplyDelete
  35. ආදරනීය ඔබා මාමට නිවන් සුව අත්වේවා....

    ReplyDelete
  36. ඔබට නිවන් සුව ලැබේවා ඔබා මාමේ......

    ReplyDelete
  37. අනේ මම බක්මහ උළෙලට ආවනම් :( හ්ම්ම් තවත් හිත හොඳ මනුස්සයෙක් අපිව දාල ගියා
    ඔබා මාමේ ඔබට නිවන් සුව!!!

    ReplyDelete
  38. ආදරණීය ඔබාමාමේ.... ඔබට නිවන් සුව!

    ReplyDelete
  39. අපට වඩාත් සතුට ගෙනෙන්නො - අවසානයේ දුක ද ඒ තරම්ම ගෙනෙති !

    සසර ගමන කෙලවර නිවනම වේවා!

    ReplyDelete
  40. රූපය දිරයි නාමය නොදිරයි..
    "ඔබා" සදාතනිකව අප හදවත් තුල ලැගුම් ගනු ඇති...

    ReplyDelete
  41. වෙන පෝස්ටුවක් දාන්න හිත හදාගන්න බැරි නිසාම මමත් ඔබා මාමා ගැන දැම්මා. එතුමට තිබ්බේ අමුතුවෙන් කියන්න ඕනෙ නැති මනුස්සකමක්. ඇත්තම කිව්වොත් අපිට වඩා හිත තරුණයි.

    මාත් අපේ අම්මට කිව්වා. ඔබා මාමා එක්ක ගත්ත පොටෝව පෙන්නුවා. අපෙ අම්මගෙ ඇස්වලට කදුලු ආවේ ඔබා මාමාගෙ කතාවක් වත් බලල නැතිව.

    විස්වාස කරනවද මට ඇඩුනෙ නැහැ කියලා

    ඔබා මාමාට නිවන් සුව.

    (මේ කමෙන්ටුව හැම පෝස්ට් එකකම පේස්ට් කරන්නම්...)

    ReplyDelete
  42. උපදින හැම ආත්මයකම ඔබ අප අතරම යලි ඉපදේවා..ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව...!!!!

    ReplyDelete
  43. ඔබට නිවන් සුව ඔබා මාමේ....

    ReplyDelete
  44. සුබ ගමන් ඔබා මාමේ!

    ReplyDelete
  45. ඔහුගේ පින්තූරය දකින දකින වාරයක් පාසා හිත රිදෙනවා. ඔහු නිවී සැනහේවා...!!!

    ReplyDelete
  46. සුභ ගමන් ඔහුට...නිවන් සුව පතමු.....

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්