Thursday, 10 May 2012

සිද්දි දෙකක්, පුංචි පාඩමක්

පහුගිය ටිකේ එක එක කරදර.. වෙන මුකුත් නෙමෙයි මේ කොම්පීතර් එකේ ප්‍රශ්ණ.. ගිය මාසේ අන්තිම සතියේ අන්තිම දවස් දෙක හොද නිවාඩුවක් දාලා ගෙදරට වෙලා ඉන්න කල්පනා කලේ.. කොහේද පූරුවේ මොකක්දෝ කරුමෙකට බ්‍රහස්පතින්දා උදේ බලද්දි මගේ කොම්පීතර් රාජයා වැඩ නෑ..



මේක කොහොමත් කෞතුකගාරෙට යවන්න ඕන තත්වයේ තියෙන පරිසරයට අහිතකරයි කියලා ලේබල් වදින්න පුළුවන් ජාතියේ කොම්පීතර් එකක්.. පෙන්ටියම් 4 ඉදන් අළුත් i5 දක්වා සංවර්ධනය කරලා තියාගෙන ඉන්න එක එහෙමත් අයින් කරන්න හිතෙනවද? කොහොමත් සංවර්ධනේ හොද කම නිසාද කොහේද මීට කලිනුත් ඔන් වෙන්නේ නැති වෙලාවට ඔක්කොම කෑලි ගලවලා ආයෙම හයි කලාම හරි යනවා..

ඉතින් මම අත්දැකීමෙන්ම දන්න නිසා කොම්පීතර් එක මස් කරලා ආයෙම ඔක්කොම හයි කලා.. ඒත් නෝ ආන්සර්.. මැශින් එක ඔන් වෙලා කූලින් ෆෑන් කරකැවෙන සද්දෙත් ඇහෙනවා ඒත් මොනිටරේට කිසිම සංඤාවක් එන්නේ නෑ.. පැයක් දෙකක් දන්න සෙල්ලම් ඔක්කම දැම්මත් හරි ගියේ නැති තැන අංකල්ගේ ලැප් රාජයා දැකලා ඒකට කිට්ටු උනා.. මොන කරුමෙට ඒකට පාස්වර්ඩ් දාලා.. ඒ පාර ගත්තා අංකල්ට කෝල් එකෙක්..

“ අංකල් මගේ කොම්පීතරේ වැඩ නෑ.. ඔහේගේ එක දාගන්නද?”

“ ඒක දන්න එපා.. මගේ අතින් ඊයේ රෑ ඒක තෙමුනා..”



“ ඒ මොන මඟුලක් කරන්න ගිහින්ද?”

“ හීනෙන් වගේ වතුර එකක් බොන්න ගියා.. ඒක හැළුනා.. මම හෙයා ඩ්‍රයි එකත් ඇල්ලුවා.. වතුර බිංදු ඇතුලේ තියෙනවද දන්නේ නෑ ඕක දාන්න එපා..”

“ හරි..”

“ මේ පුළුවන්නම් ඕක අවුව තියෙන තැනක පොඩ්ඩක් තියනවකෝ..”

“ මොන %&/&$$ ”

මදැයි කොලා.. ඒක දාන්න විදිහකුත් නෑ.. වතුර වැටුනා කියලා එච්චර බය වෙන්න දෙයක් නොවුනට මේ මනුස්සයා බයේ.. මමත් ඉතින් මුකුත් කියන්න ගියේ නෑ.. ( හැබැයි මම අතිනුත් දාලා බය කරලා සුමාන දෙකක් අංකල් කොම්පීතරේ ඔන් නොකරපු එක වෙනම කතාවක්.. )

දවාලටත් කිට්ටු වෙන්න ආවත් මගේ කොම්පීතරේ හදාගන්නත් බැරි උනා.. කරන්න තියෙන එකම දේ ඉතින් කෑලි මාරු කරලා බලන එක.. ලංකාවෙදි වගේනම් අල්ලපු ගෙදර එකාගේ එකත් එක්ක කෑලි මාරු කරනවා.. මෙහේ මොනා කරන්නද? ඒ පාර ලගපාතම තියෙන රෙපයාර් කරන තැනට ගිහින් දුන්නා..

“ අදනම් වැඩ වැඩී හෙට තමයි බලන්න වෙන්නේ.. පුළුවන් උනොත් හවස බලන්නම්..”

ඔන්න උන්ගේ උත්තරේ.. මොනා කරන්නද ඉතින්.. ඉවසා දරාගෙන ගෙදර ඇවිත් දවල්ට කලා එහෙම ටීවි එකෙ යන ෆිල්ම් එකක් බලාගෙන සංතෝසයෙන් හිටියා.. ( ඔව් ඔව්.. ට්වී රුවැත්තිගේ ඇඩ් එකත් එක්ක තමයි)

රාත්‍රියේ අංකල් හූල්ලනවා.. ගෙදරට ස්කයිප් කත කරන්න විදිහක් නෑ.. මෙගා සීරිස් ටික බලන්න විදිහක් නෑ.. වාහිණියේ ප්‍රවෘත්ති බලන්න විදිහක් නෑ.. එක එක දේවල්..  එයාගේ මෙගා වගේද බ්ලොග්.. ඒත් මම නොකර සද්දෙන් හිටියා..

පහුවදා උදේ කෝල් එකක් ආවා මවුපුවරුව මිය ගිහින් අළුත් එකක් දාන්න ඕන මෙච්චර ගානක් යනවා දන්න කියලා.. දාපිය කියලා කියන්නේ නැතුව මම වෙන මොනා කියන්නද? එහෙනම් හවස වරෙන් කිවුවම තමයි තිබුන ඈලි මෑලි ගති ඔක්කොම නැති වෙලා ගියේ..

උදේ ඉදන් කාටුන් නෙට්වර්ක් එක බල බල ඉදලා හැන්දෑ කොරේ ගියා කොම්පීතරේ ගන්න..

“ අළුතින් මවුපුවරුවක් දැම්මා i7ක්.. තිබුන රැම් එක ඒකට සපෝට් නැති නිසා 4gb එකක් දැම්මා.. ඒකට සල්ලි එපා.. අපි උබේ කලින් තිබ්බ දෙක ගන්නවා.. මේකට අවුරුදු දෙකක ගැරන්සියක් තියෙනවා..”

මුං ඒකට ගැරන්සියකුත් දුන්නා.. ම හිතන් හිටියේ ලබන මාසේ විතර මේක අයින් කරලා අළුත් එකක් ගන්න.. උන් ගැරන්සියකුත් දුන්නම මොකටද අළුත් එකක් ගන්නේ.. ඒ අදහස තව අවුරුදු 2ක් පස්සට දැම්මා..

ගෙදර ගෙනත් වයර් ඔක්කොම අමුනන් මොනිටර් එක ඔන් උනාම තමයි සැනසුම් සුසුමක් ගියේ.. දැන් මැශින් එක පට්ට ස්පීඩ්..  ඉස්සර වගේ සද්ද නෑ.. මගේ නිවඩු දවස් දෙක ඉවර වෙද්දි බලන්න බ්ලොග් ගොඩ ගැහිලා හෙනට.. මම ලියන එක පැත්තක දාලා ඉස්සෙලා කලේ ඒවා බලපු එක..

හැමදෙයක්ම හොදින් ගියා කියලා හිතාගෙන හිටියට සදුදා වෙද්දි මෙන්න මැසේජ් එකක් එනවා වීස්තා වල ඇක්ටිවේශන් කී එක ගහන්න කියලා.. අළුත් මවුපුවරුව නිසා වෙන්න ඇති කියලා හිතලා මාත් ගැහුවා.. මෙන්න කියපි මේ අංකේ දැනටත් පාවිච්චි වෙනවා වෙන එකක් ගහන්න කියලා..

මොන &%$//.. ඕක ඇර මං ලග වෙන එකක් තියෙනවයි.. දෙතුන් පාරක්ම ගැහුවත් හරි ගියේ නෑ.. ඒ පාර රාත්‍රියේ අන්තර්ජාලෙන් අංකයක් හොයන්න ට්‍රයි කලත් හරි ගියේ නැති තැන හෙටම හොයනවා කියලා හිතලා නිදා ගත්තා..

පහුවදා මැයි පළවෙනිදා නිවාඩු දවස.. දවල් වෙල නැගිටලා කොම්පීතරේ ඔන් කරද්දි ඉස්සෙල්ලම එන්නේ අර කී එක ඉල්ලන මැසේජ් එක.. දැන් නැති කී එක මම කොයි ලෝකෙන් දෙන්නද? කැන්සල් කරලා යන්න හැදුවට වින්ඩෝස් ඕපන් වෙන්නේ නෑ.. ඔය කරලා තියෙන්නේ ඉතින්..

දැන් ඉතින් තියෙන එකම විකල්පය අළුතින් OS එක දාන එක.. එතකොට හාඩ් එකේ තියෙන ෆොටෝ සිංදු ඒවට මොකද වෙන්නේ.. මගේ රස්තියාදු ෆොටොම 25 GB+.. වෙන තැනක තියාගෙනත් නෑ.. ඒත් දැන් වෙන කරන්න දේකුත් නෑ.. එතකොට තමයි අපේ ඉස්කෝලේ පොම්පීතර් සර් කියපු කාරණාවක් මතක් උනේ..

ඒ තමයි හාඩ් එකක් ෆෝමැට් නොකර අළුතින් සිස්ටම් එකක් දැම්මට පරන ඒවා මැකෙන්නේ නෑ එහෙමම තියෙනවා කියන කාරණාව.. ඒත් කොහේද තියෙනවා කිවුවේ කියලා මතක නෑ.. ඕන එකක් කියලා දැම්මා වින්ඩෝඅ අළුතින්.. හාඩ් එක ෆෝමැට් නොකර..

පැයකට විතර පස්සේ මෙහෙයුම ඉවර උනාම ඉස්සෙලාම කලේ අර නැති වෙන්නේ නෑ කියපු ෆයිල් එක හොයපු එක.. දන්නේ නැති කෙනෙක් ඉන්නවද නොදන්න නිසා ඔන්න කියන්නම්කෝ තියෙන තැනත්..

My computer ගිහින් තමන් OS  එක දාපු හාඩ් එකට ගියාම තියෙනවා windows.old කියලා ෆයිල් එකක්.. අන්න එතන අපේ කලින් හාඩ් එකේ තිබ්බ ඒවා තියෙනවා.. හැබැයි හාඩ් එක ෆෝමැට් කලොත් නම් ඕක නෑ මම හිතන විදිහට..



ඉතින් ඔන්න මට වගේ එක පිට එක කරදර කාට හරි උනොත් විශේශයෙන්ම ඔය දෙවෙනි කාරණාව වගේ දෙයක් උනොත් දන්නේ නැති කෙනෙක්ට උපකාරි වේවි කියලා හිතලයි ලිවුවේ.. නැතුව මේ උණ විකාරෙන් වේලස්සන ගෙදර ඇවිත් ලියපු එකක් එහෙම නෙමෙයි.. 




විශේෂයි : ඔය කොම්පීතරේ කැඩුන වෙලාවේ හිතුන දෙයක් තමයි අන්තර්ජාලෙ නැතුවත් දවසක් විතර ඉන්න පුළුවන්.. ඒත් කොම්පීතරේම නැතුව දවසක් තියා දවස් භාගයක්වත් ගෙවන්න හරි අමාරුයිනේ.. ඒ තරමටම අපි දැන් මේකට ලව් වෙලා.. ඔන්න ඉතින් මම කොම්පීතරේ වැඩක් ගැන පුංචි උපදෙසක් දුන්න නිසා තාක්ශණික ලිපියකුත් ලිවුවලු හොදේ..



අති විශේෂයි : සුභ ආරංචියකුත් කියන්න තියේ.. අපේ ගෙදරට ලගදිම අමුත්තෙක් එනවලූ.. අපේ අක්කා මාව “ මාමා ” කියන පෝස්ට් එකට උසස් කරලලු.. සංතෝසේ බෑ.. ඊ‍යේ තමයි ඉතින් ආරංචිය ආවේ..


106 comments:

  1. තනි අලියා10 May 2012 at 18:11

    වටින ලිපියක්! ඔය සීන් එක වෙන්නෙ තියන vista/ 7 os එක ෆෝමැට් නොකර එ් hard එකටම vista/ 7 දැම්මම :)

    ReplyDelete
    Replies
    1. කොහොම උනත් මගේ වාසනාවට තිබුනේ විස්තා.. :)

      Delete
    2. ඔය පහසුකම මුලින්ම ආවේ වින්ඩෝස් xp එක්ක මට මතක හැටියට

      Delete
    3. අනේ මන්දා... xp වලට නෑ කියලා කියන්නේ...

      Delete
  2. මාමා ට සුබ පැතුම් හොඳේ :) ලැප නැතුව බෑ තමයි. ට්‍රිප් එකක් ගියත් ඉතින් ඒක අරන් තමයි යන්නේ...

    ReplyDelete
    Replies
    1. මට නම් ලැපක් නැති නිසා ඒ වගේ වෙලාවට අංකල් එක්ක සුහද මාරු තමයි... :)

      තැන්කූ තැන්කූ...

      Delete
  3. Replies
    1. නෑනේ.. තුන් වෙනියා.. :)

      Delete
    2. නෑ නෑ ඔයා 3 :ප

      Delete
    3. කමක් නෑ තුන් වෙනියටත් ඕනම තරගෙක තෑගි දෙනවනේ.. :)

      Delete
    4. එකනේ, කතා කරන්ට අයියා. මේ සයුරි කෙල්ලට දෙන්න එපා එක තෑග්ගක්වත් :/ :p

      Delete
    5. එහෙම බෑනේ.. සයුරි අක්කගෙන් වැඩියෙන් තෑගි අරන් තියෙන්නේ මමනේ.. ;)

      Delete
  4. ඔය සීන් එක මං දැන්ගෙන හිටියෙ නෑ! කවද හරි දවසක ඕන වෙයි! මාමා පට්ටමට සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ප්‍රයෝජනයක් වෙයි කියලා හිතුන නිසා දැම්මේ...

      තැන්කූ.. :)

      Delete
  5. අහ්හ් ඔන්න අලුතෙන් එකතුවෙන්න යන අමුත්තට මගෙනුත් සුභ පැතුම් අයියේ!! දැන් අයියාත් මාමා කෙනෙක්..සෙල්ලම් නෑ...:D

    ඊළගට තියෙන්නෙ අක්කාව නැන්දෙක් කරන වාරේ..කොහෙද ඉතින් අයියා තාමත් අවුරුදු තුන මනිනවානෙ..:D

    අනිත් කාරනේ, මටත් කම්පීතරේ, ඉනටර්නෙට් නැතුව බැරිවෙලා දැන් නම්..:(

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.. සෙල්ලම්ද කොල්ලෝ කිවුවලු.. :)

      ඕකනේ ඉතින් කරන්න බැරි.. ඒවට තව කල් තියේ.. පස්සේ පස්සේ.. :)

      Delete
  6. //පහුවදා උදේ කෝල් එකක් ආවා මවුපුවරුව මිය ගිහින් අළුත් එකක් දාන්න ඕන මෙච්චර ගානක් යනවා දන්න කියලා.. දාපිය කියලා කියන්නේ නැතුව මම වෙන මොනා කියන්නද? //

    දාපිය නැතුව දාන්න කියන්න තිබුනානේ :පි

    ReplyDelete
    Replies
    1. අපිට එහෙම ගරුසරු ඇතුව කතා කරලා පුරුදු නෑනේ හලෝ... :)

      Delete
  7. ලැපත් මල ඇණයක් වෙනවා වෙලාවකට මේකට වතුර කෙසේ වෙතත් නයි කූඹි වගයක් රිංගලා සුද්ද කරන ගමන් :ඩී
    එල තාක්ෂණික ලිපිය මම ඔය සිද්දිමන්ට් එකක් දැනන් හිටියේ නෑ

    ReplyDelete
    Replies
    1. එහෙනම් ශුවර් එකටම ලැප් එක ලග තියාගෙන කනවා ඇත්තේ.. මගේ කී බෝඩ් එකටත් ඔය දේම තමයි ඉතින්.. කෑම හා කූඹි.. :)

      Delete
  8. ෂෝක් පාඩම මාමේ....

    අදයි මේ පැත්තට ආවේ

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට.. :)

      Delete
  9. දිනේෂුත් මාමා කෙනෙක් වුනා නේ දන්නෙම නැතුව...හෙහ් හෙහ්.

    කොම්පියුටර් ඇබ්බැහිය ගැන නම් කියලා වැඩක් නෑ, මම ඔය අත්දැකීම ලැබුවා ගිය අවුරුද්දෙ.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම්... කාල මැවු වෙනසක අරුමේ.. :)

      ඇබ්බැහිය එච්චරම හොද නැති උනත් මේ බ්ලොග් කෙරුවාව නිසා ඒක අවුලක්ම නෑ වගේ කියලා දැන් හිතෙනවා.. :)

      Delete
  10. ඔය කොම්පීතල් ගැන මෙලෝ මල දානයක් මම දන්නේ නැති නිසා මගේ හිතට වැදුනේ එකම එකයි ඒ ඔයා මාමා කෙනෙක් වෙන එක. අනේ වාසනාවන් අක්කාට මගෙනුත් සුබ පැතු වාසනාවන්ත දරු උපතකට

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් ලබන අවුරුද්දේ පෙබරවාරි මාර්තු එනකම් ඇගිලි ගනින එක තමයි කරන්න තියෙන්නේ.. ඊට පස්සේ ලංකාවට යන්නත් ඕන.. :)

      Delete
  11. මාර ලෙඩ ගොඩකටනෙ මූණ දීල තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත.. හොද වෙලාවට ඔක්කොම හොදින් ශේප් උනා..

      Delete
  12. අම්මද බොල උබ මාමා කෙනෙක්.. ජය..

    මම දැන් බාප්ප වෙලා.. මාමා වෙලා විනාස වෙලා ඉන්නේ..

    ජය..

    පලි - උබේ පෝස්ටුවේ හෙඩිම දැක්කම හිනා ගියා. මගේ පහුගිය පෝස්ටුවත් පටන් ගත්තේ "අවස්ථා තුනක් - සිද්ධි තුනක්.." කියලා..

    ReplyDelete
    Replies
    1. එහෙනම් සෑමාගෙන් පස්සේ උපදෙස් මාලාවක් ගන්න පුළුවන් වේවි.. :)

      සිරාවට මට ඒක එච්චරම මීටර් උනෙත් නෑ.. :)

      Delete
  13. windows 7,vista vala format kalath oya old windows.old kiyana eka nathivenne naha. eth xp vala nam format karoth ehema baduma thama. eth windows vitharak aluthin dammata aulak venne naha xp vala

    ReplyDelete
    Replies
    1. යේ කියන්නේ විස්තා වල ෆෝමැට් කලත් අවුලක් නැද්ද? ඒක දැන ගත්ත එකනම් හොදයි.. මට මතකේ තිබ්බේ ෆෝමැට් නොකර දැම්මම හරි කියලා වගේ..

      Delete
    2. na. aulak venne naha. 7and vista vala format kalath oka nathivenne naha. bt xp nam ithin sorry ma thama. 7and vista vala format kalath windows aluthin dammath aulak naha. parana eva ehemama thiyanava. athdutuvayi prathayakshi :O

      Delete
    3. මම ඉස්සරම xp පාවිච්චි කරද්දි නම් මගේ ෆොටො වගයක් හාඩ් එකේ වෙන පාටිශන් එකකට මාරු කරලත් ඒක නැති උනා... :(

      Delete
  14. Adath man 1thama post eka danne . Eth dannawa 1 nemei kiyala.
    Issellama malli "mama" kenek wena ekata mage unusum suba pathum. ( hari adambarai neda).
    Oyata harima karadarayak wela thiyenne ne?
    Eth ithim ekath hari jolly vidiyata hithala thama liyala thiyenne.
    Kumari akka.

    ReplyDelete
    Replies
    1. ආඩම්බරයි.. ආඩම්බරයි.. කෙල්ලෙක් ලැබෙනවනම් මම වැඩියෙන් කැමති බලමුකෝ... :)

      කරදරත් රසවත් විදිහට බලන එක හොදයිලු අක්කේ.. :)

      Delete
  15. මාමෙක් වුනහම නැන්දෙකුත් හිටියනම් තමයි ලස්සන මලය... :)

    ReplyDelete
    Replies
    1. පොඩි එකාට තේරෙන කාලේ වෙද්දි නැන්දා කෙනෙක් ගේමු.. දැම්ම හදිස්සි වෙන්නේ මොකටෙයි... ;)

      Delete
    2. සිරා කතාව

      Delete
    3. මම දුන්න උත්තරේ වෙන්න ඕන සිරා කියලා කිවුවේ... :)

      Delete
    4. ඇහ්.....මේක කිව්වෙ සාටන් අයියමඩ.....???? o.O

      Delete
    5. ඒක නේන්නම්.. වයසේ හැටියට ඉස්සර වෙන්න ඕන හරිනම් සාතන් අයියලා... :)

      Delete
  16. හ්ම්මටසිලි දැන් එහෙනම් දිනේෂ් මාමා ඈ......දැන් කවද්ද මාමා නැන්දව එක්ක එන්නේ.
    (මටත් මේ දවස් වල නැන්දලගෙන්නම් හරි අපලයි)
    කෙහොම උනත් වැදගත් ලිපියක්...

    ReplyDelete
    Replies
    1. පොඩි එකා අකුරු කියවලා මාමා නැන්දා කියලා කියන කාලේ වෙද්දි ගේමු.. එහෙම හොදයිනේ... :)

      ඔය නැන්දගේ ප්‍රශ්ණේදි පරිස්සමින්.. නැද්දට ඉංගිරීසියෙන් කියන්නේ ඇන්ටි කියලනේ... :)

      Delete
  17. මාමට මගෙන් සුභපැතුම්...

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ... :)

      Delete
  18. සහො එකක් කියන්නම් ඔය කොම්පීතර හැදුවෙත් අපි ඒවට os හැදුවෙත් අපි ඉතින් අපි මොකටෙයි කොම්පීතර වලට ඕන ඕන විදියට නටන්නෙ උන්ව අපිට ඕනවිදියට තියාගන්න

    ReplyDelete
    Replies
    1. ඒ කතාවනම් ඇත්ත අයියේ.. ඒත් මිනිස්සුම හදපු ගොඩක් දේවල් වලටම මිනිස්සුම වහල් වෙලා තියෙන්නේ..

      Delete
  19. අති විශේෂයි :

    …මෙ දැන්වත් අර බෑන පොඩ්ඩට ලැජ්ජා හිතෙන විදියෙ කතා නොලියන්න හිත හදා ගන්න "මගෙන් සුබ පැතුම්! "

    ReplyDelete
    Replies
    1. හලේ ඇයි ලොකු අයියේ එහෙම කිවුවේ??

      Delete
  20. අනේ අය්යේ ඉතින් පොඩියෙකාට නැන්දි කෙනෙකුත් හිටිය නම් නේද හොඳ?
    හැබය් අර බොසා කිව්වා වගේ හතලිස් ඇඳිරිය හැදෙනකන් ඉන්නවා නෙමි :ප
    සුබපැතුම්!!!

    ReplyDelete
    Replies
    1. හොදයි හොදයි.. අපි තව කාලෙකින් බලමුකෝ...

      තැන්කූ තැන්කූ..

      Delete
  21. මාමාට සුභ පැතුම් ඔන්න.. හෙ හෙ
    හිතූ නංගි කිව්වත් වගේ ඊළඟ වාරේ අයියගේ හොඳේ..
    ලිපිය නම් මරු.. මමත් ඔය වගේ වුනාම කෑලි ගලවලා සුද්ද කරලා ආයේ සෙට් කරනවා.. හික්ස්..

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම්.. මල් කුමාරියෝ, දෙවෙනි මනමාලිලා ඔක්කොම හරි.. ඒත් තාම මනමාලියෙක්නේ නැත්තේ... :)

      එහෙනම් මෙයත් මම වගේම තමයි.. :)

      Delete
  22. ලැප් එකට වතුර යන එක නම් භයානකයි. මගේ කලින් එක අයින්කරන්න උනා වතුර ගිහින් :D. හැබැයි අන්කල් ට එහෙම නම් ලැප් එකේ බැටරි එකත් ගලවලයි තියන්න තිබ්බේ.

    ReplyDelete
    Replies
    1. ඔව් වතුර ගියාම ශෝට් වෙන්න තියෙන අවදානමක් තියෙනවා ඔන් කරද්දි ඉතින්.. අංකල් බැටරිය අයින් කරලා ඒ වෙලාවෙම.. :)

      Delete
  23. //මේක කොහොමත් කෞතුකගාරෙට යවන්න ඕන තත්වයේ තියෙන පරිසරයට අහිතකරයි කියලා ලේබල් වදින්න පුළුවන් ජාතියේ කොම්පීතර් එකක්.. //

    අෆෝ.. පලස්සො එකේ අය පින් දිදී නිදා ගන්නවා ඇති අර කම්මල නතර වුණා කියලා.. :D

    හදවතින්ම සුබ පැතුම්.. මේ සුබ ආරංචියට..!!! :)
    ඊළඟ සුබ ආරංචිය..
    ඒ මාමා නැන්දා කෙනෙක් ගේන්න යනවැයි කියන එක වෙන්න ඕනා.. :D

    ReplyDelete
    Replies
    1. නෑ නෑ පලස්සෝ එකෙන් අවුලක් ආවේ නෑ හලී... :)

      පොඩි එකා සිස්සත්තේ පාස් උනාම බලමු... ;)

      Delete
  24. වැදගත් පාඩමක්..
    හැබැයි මගේ අවුරුදු 2කක නම් වොරන්ටි ගත්තට කමක් නෑ..3ක් වෙන්න දෙන්න එපා මොකද අවුරුදු 3කින් විශේෂ දේවල් සිද්ධ වෙන්න තියනවනේ...!!

    ආ අළුත් මාමාටයි ඔයාගෙ අක්කටයි දෙන්න තුන්දෙනාටම සුභ පැතුම් ඔන්න..

    ReplyDelete
    Replies
    1. ඒක තමා අවුරුදු 2කින් අළුත් දේවල් ගොඩක් ගන්න තියෙන එකේ මේක අවුරුදු 2න් අයින් කරන්න ඕන...

      තැන්කූ තැන්කූ..

      Delete
  25. මාමා පෝස්ට් එකට සුභපැතුම්.. අළුත් පොඩ්ඩත් ආපූ දා ඉදලා මාමා වගේ බ්ලොග් ලියන්න ගනීද දන් නෑ...! ෆෝන්,ලැප් නැතිව කොහේ ඉන්නඩ අප්පා.. ලගදි දවසක තොටියගෙ ෆෝන් එක තොටුපොලේ දාල තොටිය ගෙදර ගිහින්.. දවස් 4පස්සෙ එනකොට මෙන්න බොලේ මිස් කෝල් 21, මැසේජ් 12.. හෆොයි.. තොටිච්චියෙක් නැතිව ඔහොමනම් තොටිච්චියෙක් හිටියනම් කොහොමට තියේද

    ReplyDelete
    Replies
    1. ඒකත් හොද අදහස.. පොඩ්ඩා ලොකු වෙද්දි කියලා දෙන්න බැරියෑ ඒ ගැනත්.. :)

      ඇත්ත තොටිච්චියෙක් හිටියනම් ඔය ඉලක්කම් ඔයිට වඩා වැඩි වෙනවනේ..

      Delete
  26. මාමා කමට සුභපැතුම්. ;-)
    පෙන්ටියම් 4 ඉදන් අළුත් i5 දක්වා සංවර්ධනය කරලා. ඒගමන i7 කරල. අනේ මංදන්නෙ නෑ ඕක කොහෙන් කෙලවර වෙයිද කියල.

    ReplyDelete
    Replies
    1. කොම්පීතරේ දිහා පිටින් බැළුවම කියන්න බෑ i7 තියෙනවා කියලා.. නෑ නෑ මේ අවුරුදු 2න් පස්සේ අළුත් එකක් ගන්නවා.. :)

      Delete
  27. මාමට මගෙනුත් සුභපැතුම්.....

    නැන්දා කෙනෙක් ගැන හැමෝම ලියලා තියන නිසා මන් ඒ ගැන කියන්නේ නැ....

    දෙයියනේ කියලා අනිත් මිනිස්සුන්ට කනක් ඇහිලා ඉන්න පුළුවන් ඇති දැන් නේද අයියේ.....

    ReplyDelete
    Replies
    1. පුදුමයි මෙයාට ඒ ගැන අහන්න ඕන නෑ කියලා හිතුනා.. ඉස්සෙලාම බාල්දි පෙරලන අයගෙන් එක්කෙනෙක්නේ මේ..

      මේ ෆ්ලැට් එකේ ඇහෙන එකම සද්දේ මගේ කොම්පීතරේ සද්දේ විතරක් නෙමෙයි.. ඒ නිසා කාටවත් ගානක් නැතුව ඇති.. :)

      Delete
    2. හෙ හේ.....අනේ අනේ...මන් බාල්දි පෙරලනවද? ආ අයියේ....ඔන්න අපේ අයියලා එයාලගේ යහපතට මොකක් හරි කීවාම කියන දේවල්....හා හා....:p

      තව අවුරුදු 2 හමාරයිනේ....බලමුකෝ අයියේ.....:D

      Delete
    3. හාපෝ යහපත ගැනම හිතයි... මේ නඟාලා විස්වාස කරන්නම බෑ...

      Delete
  28. නියම පාඩම මල්ලියේ......
    මාමටත් සුභ පැතුම්....

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ අක්කේ...

      Delete
  29. //අන්තර්ජාලෙ නැතුවත් දවසක් විතර ඉන්න පුළුවන්.. ඒත් කොම්පීතරේම නැතුව දවසක් තියා දවස් භාගයක්වත් ගෙවන්න හරි අමාරුයිනේ..//
    Eka nm aththa ayye....

    Aluth amuththata magenuth suba pathum....!!!

    ~~~**Daga Malla**~~~

    ReplyDelete
    Replies
    1. එහෙනම් දඟ මල්ලත් මං වගේම කොම්පීතරේම තමයි එහෙනම්... :)

      තැන්කූ..

      Delete
  30. අග හරිය නං මෙලෝ හසරක් තේරුනේ නෑ, ඒ වුනත් පෝස්ට් එකේ මුල හරිය ජොලි...

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ ඔබා මාමේ.. මම ලිවුවා අප්සට්ද??

      Delete
  31. කොම්පිතර් රාජයා වැඩ කරන්නේ නැති උනාම මටත් තරහා යානවා. ඇයි ෆිල්ම්ස් වල ස්ක්‍රිප්ට් කියවන්න වෙන්නේ නැහැනේ :පි\

    ReplyDelete
    Replies
    1. හනේ පවු... එතකොට තියෙන්නේ අජේ අංකල්ගේ කොම්පීතරේ ඉල්ල ගන්න... ;)

      Delete
  32. ඉතින් දිනේෂ් අයියේ, අංකල් ලැප් එකට පාස්වඩ් දාල කියල දැන ගත්තේ ඔන් කලාට පස්සේ නේද. ඉතින් දෙයියනේ වතුර හැලිලා නම් වෙන්න ඕනේ දේවල් වෙන්න ඇතිනේ අප්පා ලැපට.

    ෆෝමැට් කතා නම් කතා කරලා වැඩක් නෑ. මගේ කොච්චර දේවල් නම් නැති වෙලා තියනවද. ෂෙක් !!!

    ReplyDelete
    Replies
    1. කවුද ඉතින් කිවුවේ මම ඔන් කරලා බැළුවා කියලා.. මම අංකල්ට කතා කරලා ඇහුවේ ලැපා දාගන්නද කියලා.. ඔව් ඒකත් එහෙම තමයි.. අප්සට් යනවනම් යනවා මම ඔන් කරපු වෙලේ.. :)

      මගෙත් ඉස්සර ගොඩක් දේවල් නැති වෙලා තියෙනවා.. :)

      Delete
  33. මටත් මේලෝකේ දෙයක් තේරුනේ නෑ.
    දැන් මාමෙක්ද? :D

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ අක්කේ තේරුනේ නැත්තේ?

      නැතුව නැතුව.. දැන් මාමා කෙනෙකි.. :)

      Delete
  34. මාමට ජය වේවා!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  35. අනේ මට මේවා තේරෙන්නෙ නෑනෙ මාමෙ.

    ReplyDelete
    Replies
    1. ඉතින් දරුවෝ මම මෙච්චර පැහැදිළි කරලා කිවුවනේ.. :)

      Delete
  36. දිනේෂ් මාමී... සුභ පැතුම්.

    අර අහිංසක මනුස්සය බොරුවට බය කරන්නේ ඇයි ඔච්චර. සතියක් යනකන් ඔන් කරන්න එපාලු. ඒ බං වතුර එකක ඔබල ගත්තත් දවස දෙකකින් ඔන් කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. තැන්කූ...

      අංකල්ට මම ඔය වගේ ගිණිගෙඩි තමයි දෙන්නේ... මොනා හරි තියෙන්නත් එපැයි.. හරියටම සතියයි දවස් දෙකක් යනකන් අංකල් කොම්පීතරේ ඉන් කලේ නෑ.. :)

      Delete
  37. අහ් මාමේ...මගෙ ලැපත් දැන් එක එක සද්ද බද්ද දානවා...චාර්ජ් වෙන්න දැම්මාම මවුස් මට කීකරු නැහැ එහෙ මෙහෙ දුවනව පිස්සෙක් වගේ..සමහර වෙලාවට මට ඕනම කරන ඒව එයා තනියම ගිහින් ඩිලීට් කරනවා..අයියෝ මේකට මොකෝ කරන්නෙ? මේක වෙන්නෙ චාර්ජ් එකට දැම්මාම විතරයි..........:(:(

    ReplyDelete
    Replies
    1. එහෙම කිරිල්ලි දරුවත් අළුත් එකක් ගන්න එක හොදයි වගේ.. ලැප් ගැනනම් මම කියන්න නොදනී..

      චාර්ජ් එජට දැම්ම වෙලාවට ලැප් එක පාවිච්චි නොකර ඉන්න.. හරි සිම්පල්නේ.. :)

      Delete
  38. දීපු උදදේසේ නම් කාටත් වටිනවා.

    ඉලෙක්ට්‍රොනික් බඩු ඕනෑම වෙලාවක ලෙඩ දෙන්න පුලුවන්. අර තරම් ලෝඩ් එකක් හාඩ් ඩ්‍රයිව් එකේ තියෙනවා නම් පෝටබල් ඩිස්ක් එකක බෑක් අප් කරගන්න එක පමා කරන්න එපා.

    ටෙක්-නෝ-ලොජි(ක්).

    Murphy's Law “If anything can go wrong, it will“
    (ඕක කියලා කොම්පියුටර්කාරයෝ අනන්තව බැණුම් අහනවා)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. ඉක්මනට පෝර්ටබල් එකක් ගන්න ඕන.. එහෙම දේකට හිත නොගියේ මගේ ගාඩ් එක 1TB නිසා.. ඒත් අර ගන්න එක හොදයි වගේ දැන්නම්..

      Delete
  39. මාර ජල්තර සීන් ටිකක්නෙ වෙලා තියෙන්නෙ දිනේශ් අයියට...අලුතෙන් උසස් වුන දිනේශ් මාමට සුභ පැතුම් හොඳේ.....

    ReplyDelete
    Replies
    1. මටමයි මලයා මේවා වෙන්නේ.. ඒ නිසා දැන් නම් මේ දේවල් පුරුදුයි..

      තැන්කූ තැන්කූ.

      Delete
  40. මට නම් ෆෝන් එක නැතුව හිටියත් ලැප් එක නම් නැතුව ඉන්න නම් හරිම අමාරුයි. කොහොම උනත් තාක්ෂනික ලිපිය නම් හරිම වැදගත්.
    සුභ පැතුම් මාමට :)))

    ReplyDelete
    Replies
    1. මටත් ෆෝන් එකට එන්න එච්චරම කෝල්ස් නැති නිසා ඒක නැතුවනම් ඉන්න පුළුවන්.. ඒත් කොම්පීතර් රාජයා...

      තැන්කූ වේවා..

      Delete
  41. මං ඉතින් හැමදාම අන්තිම. :(

    i7 දැම්මා නම් ඉතින් ඕක අයින්කරන්න එපා.තව අවු5 ක් විතර ඇද්දැහැකිනෙ.

    ආ... මාමෙකුත් වෙලා කියන්නෙ දැන් නිකන් ඉඳලා හරියන්නෙ නැතිවෙයි.:D

    ReplyDelete
    Replies
    1. කී වෙනියද කියන එක නෙමෙයි නේ මලයා වැදගත් ඇවිත් යන එක..

      අවුරුදු 5ක් මම හිතන්නේ නෑ ගැරන්සිය ඉවර වෙද්දිම ඕක ආයෙම ලෙඩ දෙනවා.. ඒක නම් ශුවර්.. එතකන් මුකුත් වෙන්නේ නෑ..

      ඔව් ඔව් මාමා කෙනෙක් දැන්.. ඒකනේ කරන්න දේවල් කොච්චර තියෙනවද?

      Delete
  42. ලිවිල්ලේ මොකක්දෝ වෙනසක් තියනවා වගේ තේරෙනවා...:) කොහොම වුනත් මේ දවස් වල ෆන් එකේ වගේ ඉන්නේ. මටත් මුකුත් නොකරත් නිකන් ඔන් කරන්න හරි කොම්පීටරේ තියෙන්න ඕන...:)

    ReplyDelete
    Replies
    1. ‍අලුත් මාමාට..මෙන්න මගෙනුත් සුබ පැතුම්.....

      Delete
    2. ලිවිල්ලේ වෙනසක්?? අනේ එහෙම දෙයක් නෑ කසුනෝ..

      දෙවෙනි කතාවනම් ඇත්ත.. දැන් වෙනදට වඩා සතුටින් නම් තමයි ඉන්නේ.. ජීවිතේ විදින්නත් ඔනනේ ඉතින්.. සමහර විට ඒක ලිවීමටත් බලපාලද දන්නේ නෑ..

      Delete
  43. අලුත් මාමාට..මෙන්න මගෙනුත් සුභ පැතුම්.......

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ.. :)

      Delete
  44. මේ කාලෙනම් ලැප් එක නැතුවා කියන්නෙත්, කොම්පියුටරේ වැඩ නෑ කියන්නෙත්, මොබයිල් එක අතේ නෑ කියන්නෙත් , ඒතකොට නම් පිස්සු තමා කීයක් ගියත් වැඩේ කරගන්නවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත දැන් මේ දේවල් අත්‍යාවශ්‍යම දේවල් බවට පත් වෙලා තියෙන්නේ..

      Delete
  45. හප්ප ද බොල i7 ක් නම් මරුනේ! මාමටත් සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. කොහොමත් මම i7 කට යන්න හිතන් හිටියේ.. වෙලාවට වගේ මේ අවුල ආවා.. දැන් ගොඩ..

      Delete
  46. මාමාට සුභ පැතුම් එහෙනම්.... :)))))

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්