Tuesday, 8 May 2012

සරුංගලයක් වගේ


ජීවිතේට හුස්ම පොද වගේ ලගින් තිබුන ආදරයක් නිමා කරලා හෙමින් ඇවිදනන් ආවේ හරියට යන්න ගමනක් නොදන්න කෙනෙක් ගානට.. කොතනින් කොහොම හැරිලා ආවද කියලා මතකයක් නැතත් ඔහේ ඇවිදන් ආවා වගේම තව ටිකක් ඉස්සරහට ගිහින් කුඹුරක් මැදින් ගලායන පුංචි දිය පහරක් උඩින් ඉදි උන බෝක්කුව උඩින් පොඩ්ඩක් වාඩි උනේ දැනුන මහන්සිය නිසාම වෙන්න ඕන..

“ ගෙදර තීරණයට කැමති වෙනවා ඇරෙන්න මට කරන්න වෙන දෙයක් නෑ රුවන්..”

“ ඒත් අපි කලින් බලාපොරොත්තු උනේ මෙහෙම දෙයක් නෙමෙයි නේද?”

“ ඔව් රුවන්.. ඒත් දැන් ගොඩක් දේවල් වෙනස් වෙලා..”

ඔව්.. අපි බලාපොරොත්තු උනාට වැඩිය ජීවිතේ කොච්චරනම් වෙනස් උනාද? ඒ හැමදේටම වඩා ඔයා කොච්චරනම් වෙනස් උනාද?

වෙල් යායේ ඈත කෙලවරක කෑ ගහන ළමයි ටික කල්පනාව බින්දේ හරි ඉක්මනට.. හොදින් හමන සුළගත් එක්ක සරුංගල් එක්ක ඔට්ටුවෙන පොඩි එවුන්ව මම දැක්කේ මහාම වදයක් වගේ.. ඒත්,

මේ ආදරය මේ ජිවිතයත් මේ සරුංගල් වගේ නේද කියලා හිතෙන්න මට ඒ තරම්ම වෙලාවක් ගියේ නෑ.. අතේ රදවගෙන ඉන්න පුළුවන් තරමටම මේ ආදරය මේ ජීවිතය අපිට හුගක් ලගයි.. ඒත්, මේ නූල් පොට අත ඇරුන දාට..

…………………………….

මද සුළගේ හමා යන
සුළං රැල්ලක පැටලිලා
මගේ හිතත්
දෑතින් ගිලිහුන
සරුංගලයක් වගේ
කවදා කොතැනක
කෙලෙසක
ඒවිදෝ යලිත්
මගේ ලගටම..

දෑතේ රැදි නූල්පට
දිහා බලා සංසුන්ව
කොහොම හිතන්නද මම
මගේ හිත ඉක්මනටම
මගේ ලගට ඒවියි කියා,
ඉතිරි නූල් පටින්
තව සරුංගලයක්
ගැටගහ ගන්නවත්
බැරි කොට…


…………………………….


අන්තිම හමුවෙන් හෝරා කීපයක්ම යනකන් හිතේ ඉතුරු උනේ මේ ජිවිතේ තව මොනවද ඉතුරු කියලා මම මගෙන්ම අහපු ප්‍රශ්ණ විතරක්ම නේද කියලා හිතෙද්දි දැනෙන්නේ මම කොච්චර මෝඩද කියලා.. ඔව් ඒ ජීවිතේ මම ලබපු එකම ආදරේ තමයි..  ඒත් ඒ ආදරේ අවසානය මේ ජිවිතෙත් අවසානය කියලා මම හිතුවේ කොහොමද?

නෑ.. මේ ජිවිතයත් ආදරයත් දෙකම සරුංගලයක් වගේ නෙමෙයි.. ආදරය සරුංගලයක් වගේ උනත් ජීවිතය ඒ සරුංගලය හසුරන අත් දෙක වගේ.. ශක්තියක් නැති නූළකින් ආදරය කියන සරුංගලෙත් ජීවිතය කියන දෑතත් අතර බැදිම ඕනම වෙලාවක කැඩිලා යන්න පුළුවන්..

ඈත එකිනෙක පැටලුන සරුංගල් දෙකක් කඩාගෙන යද්දී ඒ පස්සේ ටිකක් දුර දුවපු පොඩි එවුන් නතර වෙලා ඒ දිහාවත් නොබලා ආයෙම හැරුනේ ආයෙම සරුංගලයක් හදන්න පුළුවන් නේද කියලා උන්ගේ පුංචි හිත් වලට තේරුණ නිසා.. ඒත් මම...

“ මට සමාවෙන්න රුවන්..”

ඈ එහෙම කියද්දි හිතුනේ ඈ නැති ලෝකයක් මට නෑ නේද කියලා.. ඒත් ආදරය සරුංගලයක්.. ඒක තේරුම් යන්න මෙතෙක් ගෙවුන මහා ලොකු කාලෙට වඩා මේ පුංච් මොහොත කොච්චර උදවු උනාද?..


……………………....

ඈත අහසක
පාවෙලා යන්න
මේ හිතට තව
ඉඩ ඇති සේය..

……………………….



75 comments:

  1. Replies
    1. ඇයි අක්කේ සුසුමක්??

      Delete
    2. දුක හිතුනා මල්ලි..... ජීවිතෙත් සරුන්ගලයක්ම තමයි.... උඩ යනකම් අපි සතුටු වෙනවා.... නුල අත ඇරුනම ....

      Delete
    3. ජීවිතය නෙමෙයි අක්කේ.. ආදරය..

      Delete
  2. එක පටන් ගනිද්දී සරුංගලය උදාහරණයකට අරන් කියන වාක්‍ය කීපය මතක් වුණා

    ReplyDelete
    Replies
    1. නරකද ඒකත් පොඩ්ඩක් ලිවුවනම්ම... :)

      Delete
    2. @ Dinesh

      වස වැරැද්දක්නේ වෙලා තියෙන්නේ. ඒක කිව්වේ Kites film එක :D

      Delete
  3. Malla ada man eka. Puthawa ganna iskoleta giyama. Ikamata hothuna blogg ekata yanna
    Passe koment karannam
    Kumari akka

    ReplyDelete
    Replies
    1. අක්කා පොඩ්ඩක් පරක්කුයි.. :) අක්කා ලංකාවෙන් පිට වගේ ඉන්නේ...

      Delete
    2. Aiyyooo man hithuwe man 1st kiyala.
      Ow malli obama ge ratey.
      Kumari akka.

      Delete
    3. අක්කා ඇනෝ එනවයින් මම වැඩි විස්තරයක් දන්නෙත් නෑනේ... :)

      Delete
    4. Mata pahadili karala denna puluwanda kohomada ano nathiwa enne kiyala malli
      Kumari akka

      Delete
    5. අක්කා google + එකේ අකවුන්ට් එකක් හදා ගන්න.. එතකොට හරි.. :)

      Delete
  4. Replies
    1. ලග තියෙනකම් සතුටක්.. අතින් අත ඇරුනම........

      Delete
  5. ආදරේ සරුන්ගලයක්ම තමයි.එත් ඒ සරුංගලේ හදද්දී හිතෙන්නේ නැහැනේ නැති වෙයි කියලා..දන්නවා උනත් නොදන්නවා වගේ ඉන්නයි උත්සහ කරන්නේ.ඒ එකේ අපේ සතුට,කාලය,මහන්සිය ඔක්කොම තියන නිසා..ලස්සනට පාවෙවී තිබිලා එක පාරටම කැඩිලා ඇතට යනවා පේද්දී කොච්චර කිව්වත් ලොකු දුකක් ඇති වෙනවා...සමහර විට අවුරුදු ගානක් ගියත් ඒ සරුංගලේ හදපු විදිය ලස්සන බලපු විදිය මතක් වෙනවා..එත් කාලයත් එක්ක නැති උණා දවසේ තරම් දුකක් නම් නැති වෙයි..ඒ තව සරුංගල් ඕනා තරම් හදා ගන්න පුළුවන් නිසා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. තව සරුංගල් හදා ගන්න පුළුවන් උනත් කලින් එක වගේම පුළුවන් වෙයිද කියලා අපි හිතනවා.. අන්න ඒ නිසාම තමයි නැති උන සරුංගලය ගැන අපි කාලයක් යනකම්ම හිතමින් ඉන්නේ..

      Delete
  6. ජිවිතේ හැටි.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ.. මොනවා කරන්නද ඉතින්... :(

      Delete
  7. ලගදි කෙටි කතාවක් ඒන්නෙ නැද්ද..?

    ReplyDelete
    Replies
    1. කෙටි කතාවක් ලියන්න ඕන.. හොද අදහසක් නැතුව මේ ඉන්නේ.. සෙනසුරාදා විතර බලමු..

      Delete
  8. ආදරය විතරක් නෙමේ, මුලු ජීවිතයම සරුංගලයක් වගේ. :(

    ReplyDelete
    Replies
    1. ඇත්ත අක්කේ.. කවද කොහොම අත ඇරේවිද දන්නේ නෑ..

      Delete
  9. හ්ම්ම්ම්ම්ම්......

    ReplyDelete
    Replies
    1. මෙයාට දැන් මොනවා වෙලාද මන්දා??

      Delete
  10. අරුත්බරයි....හැගීම්බරයි.....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි..

      Delete
  11. බලාගෙන සරුංගලය ආයෙත් හොයා ගන්නම බැරිව ගියොත් අළුත් සරුංගලයක් හදන්න හිතන කෙනෙකුට අමුතුවෙන් කොළ ගන්න වේවි!!

    ReplyDelete
    Replies
    1. ඒ දේ මට වෙලාද කියලත් වෙලාවකට හිතෙනවා..

      Delete
  12. හ්ම්ම්...
    මම සරුංගලයක්
    අහසේ ඔහේ පාවෙන

    ඔහු
    නූල් රෝදයක්
    තව සරුංගලයක පැටලෙන

    කාලෙකට කලින් මම ලියපු කවියක් මතක් වුනා. මේකේ ඔහු තියන තැනට ඇය දැම්මත් වැරැද්දක් වෙන්නේ නෑ මම හිතන්නේ...
    කාලය වෙනස් වෙලා.. හැමදේම වෙනස් වෙලා.. අපේ ජීවිතත් වෙනස් වෙලා.. ඇත්ත අයියේ..

    ReplyDelete
    Replies
    1. පාවෙද්දි මම තනියම
      ඈත අහසක
      නුල් රොද නුඹ
      තව සරුංගලයක් කිට්ටුව..

      කාලෙකට කලින් ලිය උනත් මේකට නියමෙටම ගැලපෙනවා නංගියේ..

      ඇත්ත ජීවිත වෙනස් වෙලා.. හැමදේම වෙනස් වෙලා..

      Delete
  13. ආදරය............ සරුංගලය........ හ්ම්ම්..... අනේ මංදා........

    ReplyDelete
    Replies
    1. තේරුම් ගන්න අමාරු දේවල් අක්කේ...

      Delete
  14. වෙසක් කූඩුවක් වගේ එකක් මොකද

    ReplyDelete
    Replies
    1. හරි යන්නේ නෑ බං.. ගිණිගන්නා සුළුයි..

      Delete
  15. ජීවිතේ සරුංගලේ වාගේ පාවෙනා :D

    ReplyDelete
    Replies
    1. හමන සුළං වල හැටියට ගන ගමන වෙනස් වෙනවා...

      Delete
  16. ආදරේ කරන එකත් හරියට සරුංගලයක් හදනවා වගේ, අත අරුනොත්, හුළඟට ගහගෙන ගියොත්, නැති වෙයි කියන බයත් එක්කම පුළුවන තරම් ලස්සනට හදනවා, හදනකොට, උඩ අරිනකොට ගොඩක් සතුටුයි, නැති වෙච්ච දවසට....

    ReplyDelete
    Replies
    1. කොච්චර බය දැනුනත් අපි පුළුවන් තරම් හොදට හදන්නේ අපි ලග හැමදාටම තියේවි කියලා හිතලා.. ගොඩක් ඒවා හදන අයල ලග රැදෙද්දි අනික්වා ඈතට කඩා ගෙන යනවා..

      Delete
  17. සෑහෙන දෙයක් හිතන්න මඟ පාදනවා...

    ReplyDelete
    Replies
    1. ආදරේ ගැන, ජීවිතේ ගැන විශේෂයෙන්ම..

      Delete
  18. අපි තවත් හිතමු.......

    ReplyDelete
  19. අපි තවත් හිතමු.......

    ReplyDelete
    Replies
    1. ඔව් ටිකක් වැඩියෙන් හිතමු..

      Delete
  20. //“ ගෙදර තීරණයට කැමති වෙනවා ඇරෙන්න මට කරන්න වෙන දෙයක් නෑ රුවන්..”//

    මේ තීරණය ගන්න වෙනවා නම් මොන මගුලකට ලව් කොලාද කියලා අහන්න හිතුනා.තව කියන්න දේවල් හිතුනත් නොකියා ඉන්නම්.සෑහෙන්න හැඟුම්බරයි.දෙමාපියන්ට කියලා දෙන්න ඕනේ ලමයිගේ සතුට දිහා බලලා සතුටු වෙන හැටි... මම හිතුවක්කාරයෙක් හින්දා මට නම් බලපෑම් නෑ

    ReplyDelete
    Replies
    1. ඒ උනත් ඇත්තම කියනවනම් සමහර තැන් වල ඔය දේ වෙනවා නේද? ඕනම දේකට ඔට්ටුයි කියලා එන අය පස්සේ ඔය කතාව කියලා යන්න යන්නේ..

      ඇත්ත.. එතනදි වැඩියෙන් දෙමවුපියන් දරුවන් ගැන හිතන්නේ නැතුව ගන්න තීරණ තමයි තියෙන්නේ..

      Delete
  21. ඒත් නූල කඩාගෙන යන්න හදන සරුංගල් අත අරින්න ඕනෙ. නැත්තම් අපේ අතයි කැපෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ඒත් ඒක දැන දැනම අපි නූල තදින් බදා ගන්න හදනවනේ.. එතකොට නොදැනිම අත හොදටම තුවාල වෙලා..

      Delete
  22. "ඔබ ඇදී යයි ඈත අහසේ සරුංගලයක් සේ
    බිම බලාගමි සිරිත් ලෙස මා
    පුරුදු ලෙස දුකසේ....."

    නිරංජලා සරෝජිනී ගියකින් එහෙම කිව්වා.

    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සේ ඔබේ මතක් කිරීම නිසා සිංදුව හොයාගෙන ඇහුවා.. :)

      Delete
  23. දිනේෂ් මේ දවස් වල අරින්නෙ සරුංගල් වගේ :-))

    ReplyDelete
    Replies
    1. මොන සරුංගල්ද ඔබා මාමේ....

      Delete
  24. පාට පාට ‍කොළ අලවලා හදපු සරුංගලේ නූල කඩාගෙන ගිහින් අපිට අයිති නැති වෙද්දි, කොහේ හරි රැදේවි ඒත්, අපි පාට කොළ අලවලා හදපු සරුංගලේ තරම් ලස්සනක් ඒ වෙද්දි නැති වේවි අව්වට වේලිලා වැස්සට තෙමිලා ඉරුණු කැඩුනු සරුංගලයක් වේවි සරුංගලේ අපිව අතැරලා යන්න කලින් ඒ ගැන හිතුවනම්..........
    කැඩුනු සරුංගලේ හැඩ කරලා ආයෙමත් හදා ගන්න පුළු‍වන් උනොත් හොදයි බැරි උනොත්........??

    ReplyDelete
    Replies
    1. ඈ අදහසත් එක්ක සම්පූර්ණයෙන්ම එකගයි.. අපෙන් වෙන් වෙලා යද්දි ඒක සරුංගලයටත් දැනෙනවා.. පස්සෙන් දුවලා ගිහින් ආයෙම සරුංගලය තමන් ලගට ගන්න අයත් ඉන්නවා.. ඒත් එහෙම නොවෙනකොට..

      Delete
  25. සින්දුවක් මතක් උණා,මේකට නම් අදාල නෑ
    "සරුංගලේ නුඹ වාගේ පිටරට යන අපේ ළමයි"

    ReplyDelete
    Replies
    1. ඔව් මමත් අහලා තියෙනවා.. ඒකේ කියවෙන්නේ නම් වෙනස් අදහසක්..

      Delete
  26. කොහෙන් එනවද මංදා මේ අදහස් අයියටත්....

    ReplyDelete
    Replies
    1. මොකො මලයා එහෙම ඇහුවේ?

      Delete
  27. සරුංගල් නිමල් කියල කොල්ලෙක් හිටියා. පොරට ඒ නම කිව්වම පට්ට මල

    :)

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ සෑමාගෙන දැනගන්න හොද රසවත් කතාවක් තියෙනවා වගෙයි.. :)

      Delete
  28. පාවෙලා යාවි පුළුවන් තරම් කාලයක්.ඒත් සුළග තියන තුරාවට විතරයි.
    ආදරේ කියන්නෙ එක උදාහරණයක් විතරයි.

    ReplyDelete
    Replies
    1. සුළගත් එක්ක මේ හැම දෙයක්ම වෙනස් වෙනවා.. සුළග කියන්නේ ප්‍රශ්ණද කියලත් හිතෙනවා..

      Delete
  29. අනේමන්ද ඉතින් :/
    මගේ අත්දැකීම නම් ජීවිතේ සරුංගලේ වගේ
    නූල ආදරය
    කඩල ගියොත් ජීවිතේ යනවා අපිටවත් පාලනය කරගන්න බෑ යන දිහාවක් දන්නෙත් නෑ :/
    අය්යාගේ අදහසත් හොඳය්, කය්යත් ලස්සනය් :)
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ජීවිතේ ආදරේ මේ හැම දෙයක්ම වෙලාවකට අපිටම පාලනය කරන්න බෑ.. නොදැනුවත්වම ලං වෙනවා වගේම ඈත් වෙනවා..

      Delete
  30. ඈත අහසක
    පාවෙලා යන්න
    මේ හිතට තව
    ඉඩ ඇති සේය..

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. මහා ලොකු
      අහසකට
      හිත,
      පුංචිම පුංචි
      වරා මලකි..

      Delete
    2. හයියෙන් හමන
      හුළඟකටත්,
      පාවෙලා ඈතට
      අතරමං වෙන,
      වරා මලක්ම තමයි
      හිත....

      Delete
  31. ආයෙත් සපත්තු කතාවක් නේද? එක අතකට සරුංගලයක් වගේ තමයි...

    ReplyDelete
    Replies
    1. සපත්තු කතාවක් නම් තමයි.. හැබැයි මගේ නොවේ..

      Delete
  32. සරුංගලේ කිව්වම හොද එකක් මතක් උනා.. ප්‍රසිද්ධ මාධ්‍යයේ කියන්න බෑ :-))

    ReplyDelete
    Replies
    1. සංශෝධනය කරලා කියමු... :)

      Delete
  33. සරුංගලේ නුල අත ඇරලා දැම්මම ඔහේ පාවෙලා ගිහිල්ල කොහේ හරි නතර වේවි. නුල අල්ලපු කෙනාට ඒ සරුංගලේ නැති වේවි. ඒත් සරුංගල් හදන්න දන්නව නම් තව සරුංගලයක් හදා ගන්න පුළුවන් වේවි ඒත් කවදම හරි තනියෙන් කඩාගන යන්න ගිය සරුංගලේට තමන්ට උනේ මොකක්ද කියලා කවද හරි දවසක තේරේවි. ඒ වෙන කොට එයා ගොඩාක් පරක්කු වෙලා තියේවි..........

    ReplyDelete
  34. හිතට ආපු ටික ලියාගන්න බැරුව ඉන්නේ...

    ReplyDelete
  35. //ශක්තියක් නැති නූළකින් ආදරය කියන සරුංගලෙත් ජීවිතය කියන දෑතත් අතර බැදිම ඕනම වෙලාවක කැඩිලා යන්න පුළුවන්..//

    //ඈත එකිනෙක පැටලුන සරුංගල් දෙකක් කඩාගෙන යද්දී ඒ පස්සේ ටිකක් දුර දුවපු පොඩි එවුන් නතර වෙලා ඒ දිහාවත් නොබලා ආයෙම හැරුනේ ආයෙම සරුංගලයක් හදන්න පුළුවන් නේද කියලා උන්ගේ පුංචි හිත් වලට තේරුණ නිසා..//

    මේ කියමන් තුලින් නිර්මාණයේ කතාව වටිනා කම වැඩිවෙලා.. :)
    ජීවිතය ගැන ලියැවුණ නිර්මාණ වලින් වෙනස් අපූරු නිර්මාණයක්..!

    ReplyDelete
  36. ආදරය, ජීවිතය වගේ දේවල් කොයි වෙලාවෙ නැතිවෙලා යයිද කියන්න කාටවත් බෑ.ඒ තරම්ම ඒ දේවල් අස්ථීරයි.
    අපූරු නිර්මාණයක් දිනේශ්!

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්