Tuesday, 1 May 2012

වර්ණ සේයා රූ

සොභාදහමත් එක්ක අපේ ලග කිට්ටූ බැදීමක් තියෙනවනේ.. සොභාදාහම මිනිස් ජීවිතෙත් එක්ක ගොඩක් ලගින් සම්බන්ද උන දෙයක්.. කාර්ය බහුල වීමත් එක්ක ගොඩක් දෙනෙක්ට මේ සොභාදහමත් එක්ක එක් වෙන්න වෙලාවක් ලැබෙන්නේ නැති උනාට ඉතින් ඉඩ තියෙන හැම වෙලාවකම වගේ අපි ඒ සුන්දරත්වය විදගන උත්සාහ කරනවා.. 

මේ මොනවද මම මේ කියවන්නේ.. ආවේ අපි හා සොභාදහම ගැන දේශණයක් තියන්න නෙමෙයි.. පහුගිය දවස් කීපයේම හිත මිතුරු බ්ලොග් වල වගේම මුහුණු පොතේ අපේ මිත්‍ර හොද චායාරූප ශිල්පියෝ මේ සොභාදහමේ සුන්දරත්වට තමන්ගේ කැමරා කාචයට හසුකරගෙන ඒ සුන්දරත්වය අපිත් එක්කත් බෙදා හදා ගත්තා..

ඉතින් ඒ දේවල් බලා ඉද්දි මතක් උනා මගෙත් පහුගිය අවුරුද්දක විතර කාලයේ අරගත්ත චායාරූප වල සොභාදහමේ සුන්දරත්වය මුසු උන තැන් කීපයක්ම තියෙනවා නේද කියලා.. ඉතින් අද මේ හදන්නේ ඒ සුන්දරත්වය මගේ මිතුරෝ එක්කත් බෙදා හදා ගන්න..  


පින්තූරේ උඩ ක්ලික් කරලා මීට වඩා ලොකුවට බලන්න පුළුවනි.. අක්කලා නංගිලා මගෙන් මේ මල් වර්ග ගැන නම් අහන්න එපා.. ෆොටො ගත්තට මාත් දන්නේ නෑ ඔන්න..




























































හිතනවා කට්ටියට හිතට අල්ලලා යන්න ඇති කියලා.. මේ මගේ එක් විනෝදාංශයක් විතරයි.. අඩුපාඩු ඇති.. හොද නරක ඕනම දේයක් කියලා යන්න.. මෙතනින් වැඩියෙන්ම කැමති උනේ මොන පින්තූරෙටද කියලත් කියන්න අමතක කරන්න එපා..
 

78 comments:

  1. ආව් අප්ප.....මලුනේ.....

    මංනම් වැදිපුලම ආස අර පස්වෙනි පොතෝ එකත....තූති කුලුලු පැතියෙක් ඉන්නෙ.....^_^

    ReplyDelete
    Replies
    1. ඔයා කුලුලු පැටියෙක් කියලා ලියලා තියෙන එක නිදි මතේද මන්දා මම ඊයේ රෑ දැක්කේ කුකුල් පැටියෙක් වගේ.. මම ඒත් බැලුවා මම කොහෙන්ද කුකුල් පැටියෙක් ඉන්න එකක් දැම්මේ කියලා..

      Delete
  2. මම නම් වැඩිපුරම ආස අන්තිම ෆොටෝ එකට....ඒකෙ ඉන්න මිනිහා ඒකට අමුතුම ලස්සනක් ගේනවා.

    ReplyDelete
    Replies
    1. මේක ගත්තේ එට්නා නැග්ග වෙලාවේ.. වළාකුළු වලටත් උඩින් අපි ඉන්න බව පේන්න ඇතිනේ.. :)

      Delete
  3. හැකියාව තියෙනවා.. තව දියුණු කරගන්න .... හි හී.... සිරස සුපර් ස්ටාර්ස් comment එකක් දුන්නේ... මම කැමතිම 9වෙනි එකටයි අන්තිම එකටයි...

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ඊළග වටේට යන්න පුළුවන්නේ.. :)

      Delete
  4. මකුළු දැලක් තියන එකටයි ඔරුවක්‌ තියන එකටයි, අන්තිම එකටයි තමයි මං කැමතිම...:))

    ReplyDelete
    Replies
    1. මකුළුවා ගත්තේ ලංකාවෙදි.. අනිත් දෙකනම් ඉතාලියේදි...

      තැන්කූ තැන්කූ..

      Delete
  5. නියමයි..ඔක්කොම මරු..5 ටිකක් වැඩියෙන් හොදයි..

    ReplyDelete
    Replies
    1. ඒ ෆොටො එක ගත්තේ ලංකාවේ ඉද්දි.. පොඩි කැමරාවකින් ගත්තෙත්.. :)

      Delete
  6. පින්තූර ලස්සනයි. සමහර මල්වල නම් දන්නවා. සමහර ඒවා දන්නේ නෑ. ඒත් ඉතින් නම් අහන්ට එපා කියලා තියන හන්දා අහන්නේ නෑ.

    මාත් කැමති පස්වෙනි පින්තූරෙට.:)

    ReplyDelete
    Replies
    1. මේකනේ අක්කේ.. මම එහෙම කිවුවේ මේ අක්කලා නංගිලා මල් වලට ආස වෙලා ඒවයේ නම් අහයි කියලා හිතලනේ.. ඒත් වාසනාවට වගේ එහෙම උනේ නෑ.. දැක්ක වෙලාවට ගත්තට මොකද නම් මමත් දන්නේ නෑ.. අක්කා ආයෙම මේ පැත්තේ ආවොතින් අර දන්නවා කියපු ඒවයේ නම් ටිකත් කියලම යන්න.. :)

      Delete
  7. ලස්සනයි ෆොටෝ ටික...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වෙනී අයියේ.. අයියනම් ඉතින් හොද චායාරූප ශිල්පියෙක්නේ.. මටත් අයියගේ ජාතියේ ලෙන්ස් එක තමයි තව ගන්න ඕන... :)

      Delete
  8. මම නම් ආස අර 9 වෙනි පින්තුරෙටයි අන්තිම එකටයි.ලස්සනයි අය්යේ.මටත් කෑමරාවක් ගන්න හිතෙනවා දෑන්නම්

    ReplyDelete
    Replies
    1. ගන්න ගන්න.. මමත් ඉස්සර මේ ගැන මුකුත් දන්නේ නෑ.. පාවිච්චි කරලමයි ඉගෙන ගත්තේ..

      Delete
  9. මටනම් අඩුපාඩුවක් පේන්නෑ.. ඇත්තටම සුන්දරයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළුවා..

      Delete
  10. ලස්සන පින්තූර ටික අයියා!! අර කුරුමිනියෝ ඉන්න එකට මම නම් ආස හි හි ඒකේ අමුතුම art එකක් තියෙනවා ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ඒක කතරගම යද්දි මග අහම්බෙන් වගේ අරගත්ත ෆොටො එකක්.. ෆොටො ටික ප්‍රින්ට් කරන් එනකම් ගෙදර කවුරුවත් දන්නේ නෑ මම එහෙම ෆොටො එකක් ගත්ත බව.. :)

      Delete
  11. වාව්.....දිනේශ් මල්ලි මෙකනම් මාරම මාර ලස්සන්යි.ඔයාට හොද කලාත්මක ඇහැක් තියෙනවනේ.මටනම් කැමතිම කියලා තවම එකක් හොයා ගන්න බැරි උනා 3 පාරක් මේක බලලත්. මම මේ සේරටම එකම වගේ කැමති

    ReplyDelete
    Replies
    1. හා හා.. එහෙම බෑ අක්කේ.. එකක් කියන්නම වෙනවා... :)

      Delete
  12. පට්ට පින්තූර ටික....උඹට ෆ්ලිකර් එකක් තියනවද?...
    පොටෝ ගැනිල්ල මගෙත් ආසම වැඩක්

    ReplyDelete
    Replies
    1. නෑ මචං ෆ්ලිකර් එකක් නම් නෑ..

      කාලෙකට උඩදි නම් මම කැමරාවක් අල්ලන්නවත් දන්නේ නෑ.. රීල් දාන කාලේ නිසා අපරාදේ ශොට් එක කියලා හිතුනා.. ඒත් ඩිජිටල් අකක් අරගත්තට පස්සේ තමයි වැඩේට හිත ගියේ.. :)

      Delete
    2. ෆ්ලිකර් එකක් හදාගනින්.....එක ගොඩක් හොඳයි.ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්..මගෙත් එක්ක තියනව..

      Delete
    3. අදහසනම් හොදයි.. නිවාඩු වෙලාවක ගිහින් හදලා බලන්න ඕන.. මොනවද කරන්න පුළුවන් කියලා බලන්න.

      Delete
  13. අවංකවම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අයියේ..

      Delete
  14. නියමයි යාළුවා! මොකද්ද කැමරාව?

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්..

      Canon D 550 කැමරා එකක් තියෙන්නේ..

      Delete
  15. දිනේශ්ටත් ලස්සන තුන්වැනි ඇහැක් තියනවනේ..
    මම නම් ආසම අන්තිම එකට..

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ අක්කේ.. ගොඩක් අය කැමති ඒකට..

      Delete
  16. පට්ට පින්තූර ටික... මමත් ආසම දෙයක් තමයි ෆොටො ගැහිල්ල... ඒත් හොද කැමරාවල ගනන් ඇහුවම ඔනෙ නෑ කියල හිතෙනව... :පී

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත Canon D7 අළුතින්ම ආපු කැමරා එකේ ගාන දැක්කම මටත් පිස්සු හැදුනා.. හැබැයි තව කාලයක් යද්දි අඩු වෙනවා..

      Delete
  17. වාව්....නියමයි අයියේ....මාර ලස්සනයි....මන් වැඩියෙන්ම කැමති මකුළුදැලට.....

    අපිත් හරියට මකුළු දැලක පැටලිච්ච සතෙක් වගේ ජිවිතේ එක්ක පැටලිලා ඉන්නවනේ....

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. අපේ ජීවිතනම් එහෙම තමයි.. නොපෙනෙන මකුළුදැලක පැටලිලා..

      Delete
  18. පිංතූර ටික නම් ලස්සනයි. හැබැයි ඡායාරූප ශිල්පය ඉගෙනගෙන තියන බව නම් පේනවා. මම කැමති අර මුහුද මැද තියන පුංචි බෝට්ටු දෙකේ පිංතුරයටත් අන්තිම එකටත් කැමතියි.

    ReplyDelete
    Replies
    1. ඔබ පිළිගනිවි කියලා හිතනවා.. ඇත්තටම මම මේ ගැන ඉගෙන්ගෙන නෑ.. ඉතාලි ආවට පස්සේ තමයි මේ කැමරා පාවිච්චියට උනන්දු උනේ.. මේ වැඩ රාජකාරි එක්ක ඒ ගැන ඉගෙන ගන්නවත් වෙලාවක් නෑ..

      Delete
  19. creative.... keep it up machan...

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචං..

      Delete
  20. හරිම ලස්සනයි. අන්තිම එකට තමා මම නම් කැමතිම

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අක්කේ.. හිම නිසාද මන්දා හැමීම ඒකට කැමති..

      Delete
  21. නියම පින්තුරු ටික නිවී හැනහිල්ලෙ බලලා කමෙන්ට් කරන්න පස්සෙ එඤ්ඤංකෝ

    ReplyDelete
    Replies
    1. හොදමයි අයියේ.. අයිය වගේ කෙනෙක්ගෙන් ලැබෙන ප්‍රතිචාරය ඇත්තටම ගොඩක් වටිනවා.. :)

      Delete
    2. මට වැඩියෙන් ම හොඳ අර බෝට්ටුව යන එක. හැබැයි ඒක ක්‍රොප් කරද්දි තව සැලකිමත් උනානම් ලොකු කතාවක් ඒකට ඇතුලත් කරන්න තිබුනා.

      අනිත් පින්තූරෙ නිල්පාට හොට දිග කුරුල්ලා ඉන්න එක. ඒක ස්වාභාවිකයි ගොඩක්.

      අනිත් පින්තුරත් ‍ලස්සනයි. සාමාන්‍යයෙන් හැමතැනම දකින පින්තූරුවලට අවා අලුත් ගතියක් තියෙනවා.

      සුබ පැතුම් වැඩි දුර මේවා කරන්න කාලය හොයා ගන්න!

      Delete
    3. නෑ අයියේ.. මේ එකක් වත් එඩිට් කලේ නෑ.. කැමරාවට ආපු විදිහටමයි දැම්මේ..

      ඒ පිළිහුඩුවාගේ ෆොටො එක මම ගිය පාර ලංකාවට ගිය වෙලේ අපේ ගෙදරදි අහම්බෙන් වගේ අරගත්තේ.. ඊට පස්සෙත් ගොඩක් ඒවා අර ගත්තට මට මේකට තමයි වැඩියෙන් හිත ගියේ..

      මේකට ආසාව තියෙනවා අයියේ.. ඒත් අර කියපු කාලය සොයා ගැනීම තමයි ප්‍රශ්ණේ.. ඒත් පුළුවන් හැම වෙලාවකම උත්සාහ කරනවා..

      Delete
  22. දිනේෂ් අයියගේ කලාත්මක ඇස ගැන කතා කරලා වැඩක් නෑ. පින්තුර ටික මාර ලස්සනයි. මම නම් කැමතිම අර මුහුදේ නවත්තල තියන බෝට්ටුව තියන පින්තුරේට

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ..

      Delete
  23. මම කැමති අන්තිම එකටයි, බෝට්‍ටු වල ෆොටෝ එකටයි. ඒ වුණත් අනිත් ඒවාත් ගොඩක් ලස්සනයි

    ReplyDelete
    Replies
    1. තැන්කූ.. ගොඩ දෙනෙක් කැමති උනේ ඒ ෆොටො දෙකටමයි.. :)

      Delete
  24. Replies
    1. තැන්කූ වේවා..

      Delete
  25. මම ආසම අන්තිම පින්තූරෙට...:D ඒක හරිම ශෝයි!! හිමේ සෙල්ලම් කරන්න මම ආසයි.. පස්වෙනි එකත් නියමයි!! ඔක්කොම පින්තූර ලස්සනයි:)

    ReplyDelete
    Replies
    1. ඔක්කොම පින්තූර වලට කැමතී.. ඒක නම් දේශපාලනමය උත්තරයක්.. :)

      Delete
  26. Replies
    1. තෑන්ක්ස් රජෝ.. :)

      Delete
  27. මමත් ඉගෙන ගන්න අසාවෙන් ඉන්නෙ ෆොටෝග්‍රෆි ගැන!:)
    ඇත්තටම ලස්සනයි අයියේ

    ReplyDelete
    Replies
    1. ඉගෙන ගත්තට පාඩු නෑ මලයා.. ඒ වෙනුවෙන් වෙනමම කාලයක් දෙන්න මට බැරි උනාට නෙට් එකේ ගොඩක් ඳේවල් මම ඒ ගැන බලනවා..

      Delete
  28. මමත් කාලයක් ඉගෙන ගත්ත! දැං නං ඉතිං වැඩිය වෙලා නෑ! :(

    ReplyDelete
    Replies
    1. එහෙනම් අලියට හොද දැනුමක් ඇති..

      Delete
  29. ලස්සන පින්තූරි ටික. මේ පින්තූරු දැක්කම ආස හිතෙනව ෆොරොග්‍රැෆි ඉගෙන ගන්න.

    ReplyDelete
    Replies
    1. ආසාවක් හිතේ තියෙනවනම් ඒ ගැන නොහිතා ඉන්න එපා අයියේ.. :)

      Delete
  30. ශාහ්... කවුද දන්නෙ දිනේශ් අයියා ට ඔච්චර හොදට පොටෝ අල්ලන්න පුළුවන් කියලා..
    මොකද්ද අයියෙ කැමරාව??
    මං නං පොටෝග්‍රැෆි ගැන කිසි දෙයක් දන්නෙ නෑ..
    ඒත් අයියා ඉතාලියේ ගත්ත පැනරෝමා ද මොකද්ද ජාතියේ පින්තූර නැද්ද?? අර දිගට තියෙන ඒවා..!!!

    ReplyDelete
    Replies
    1. පැනරෝම අරගෙන නෑ මලයා.. ඒ ගැන මම තාම හරියටම දන්නේ නෑ.. පොඩ්ඩක් ඒ ගැනත් හොයලා බලන්න ඕන..

      Delete
    2. මං නං දෙකතුනක් ගත්තා.. ඒකෙ ඇති දෙයක් නෑ හැබැයි ලස්සනයි..!!!
      (තප්පරේකට උස්සපු කැමරාවකිං)
      කොහොම හරි ගන්න බලන්ඩ ඈ..!!!

      Delete
  31. පින්තුර ඔක්කොම මාර ලස්සනයි.

    සිරා

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ..

      Delete
  32. 3,4,5,6,7,8,11,13,14,15,17
    මං ආසම ෆොටොස් ටික.. :D
    මකුළුවගෙ මකුළු දැලේ පිනි බිදු රැදෙනවා වෙනුවට බැග්ග්‍රව්න්ඩ් එකෙන් ඇවිත් තියෙන ඉෆෙක්ට් එක ගොඩක් ලස්සනයි..
    අර අමුතුම මල් 11, 17 ගැන මම මුකුත් කියන්නෙ නෑලූ.. :P
    දිගු ගමනකට සුබ පැතුම්..!!!

    ReplyDelete
    Replies
    1. මෙයා නොම්බර එහා මෙහා කරලා ඔක්කොම ඒවා ගැන කියලා වගේ.. එහෙම හරි යන්නේ නෑ.. අර හොරෙන් උස්සපු ඒවට මොකද දන්නේ නෑනේ උනේ??

      Delete
  33. එකක් කියල නෑ ඔක්කොම පින්තූර වල අමුතු ගතියක් තියෙනව....තව හොඳ ඒවා දාන්න කොච්චර කරත් එපා වෙන්නෙ නැති දෙයක් පින්තූර බලන එක.....

    ReplyDelete
    Replies
    1. තවනම් තියෙනවා.. ඒවත් ඉඩ තියෙන වෙලාවක දාන්නම්කෝ..

      Delete
  34. ලස්සන පින්තූර ටික මල්ලි.දිගටම කරගෙන යන්න.

    ගදපාන මල් තැන් දෙකක විතර තියෙනවා දැක්කා.

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ.. ඒ උනාට ඒ ෆොටො දෙක වෙනස්.. ඒකයි දෙකම දැම්මේ... :)

      Delete
  35. Lassana pinthoora malla. Man ashai ruussa gahata. Thawa oya langa thiyena pinthoora danna. Irhaliye lassana rhan thiyanawane. Florance wala ta gihin thiyenawa maath.

    ReplyDelete
  36. පින්තුර අක කරා නම් ලේසි නේද.. :P කොහොමවුනත් මට ගොඩාක්ම ලස්සන අර ලොකු ගහ තියෙන එක...

    ReplyDelete
  37. මාරයි අයියා.කියන්න වචන නැහැ. ඒ තරමටම ලස්සනයි.

    ReplyDelete
  38. mallige photo tika hari lassanai. mageth asama wedak thama photography

    ReplyDelete
  39. යට ඉඳන් තුන්වෙනි එක හා උඩ ඉඳන් හතරවෙනි එක.. යට ඉඳන් එද්දී තුන්වෙනි පින්තුරේ ෆුල් ප්‍රොෆෙෂනල් ගතියක් තියනවා. සුභපැතුම් මල්ලි. ප්‍රැක්ටිකල් ෆොටෝග්‍රැෆර් කියන මැගසින් එක කියවන්න. ඒකෙන් ඔයාට ගොඩක් ඉගනගන්න පුළුවන්. නෙට් එකේ හොයන්න. එංගලන්තේ පොත ගහන්නේ. ඔයාට ගෙන්නාගන්න පුළුවන්.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්