Sunday, 27 May 2012

ඇගෙයි මගෙයි කවි කම 3

ඇගෙයි මගෙයි කවි කමේ කොටස් දෙකක්ම මේ වෙද්දි හැමෝම බැළුවනේ..  ගොඩක් දෙනෙක් තාමත් ඇය කවුද කියලා නොදන්න නිසා ඒ කතාව මෙතනින් ගිහින් බලන්න කියලා ඉල්ලනවා..

අද මේ ලියන්නේ අපි අතරේ ෆෝන් එකේ මැසේජ් උන කවි වගයයක්.. එදත් ඉතින් පුංචි තරහක් තමයි.. ඒත් ඒ තරහා ඇත්තටම නෙමෙයි කියලා මේක බලද්දි තේරේවි..


මම :      නැතිවද අද පායා සද කුමරිය
       මගේ හිත් අහස් ගැඹට
       පාළුයි වගේ මේ හිත
       නැතිව සඳ මගේ ලොව..

ඇය:     තරුකැට දිදුළයි හැමතැන
      එපමනයි උරුම අද ඔය අහසට
      සද නොඒවි පායලා හෙමිහිට
      ආඩම්බර අහස් කුසට..

මම :     තරුකැට එළිය දුන්නත් හැමතැන
            නෑනේ ලස්සන සඳවත තරම්ම
            නොහැගේ මට ඇයි සදවත ප්‍රමාද
            අමාවකත් නෙමෙයිනේ අද අහසට..

ඇය :    අමාවකයි අද අහසට
            සද නොඑන හින්දම
            ඉතින් බලාගෙන කළුවර අහස
            ඉන්න වේවි නිදි යහන පුරාවට..

මම :     කොහොම එන්නද නිදි දෙවුදූ ලගට
            සඳ කුමරි අමනාප බව දැනම
            ඇයි අද නපුරු මගේ සඳ කුමරිය
            කියන්නකෝ ඇයි කියලවත් මට..

ඇය :    හිරු නිවෙද්දි ලස්සන වෙරළක
            සඳ පිළිගන්න නොආ අහස කිම
            රැයේ ගණ අදුර අතර හෙමිහිට
            ඒ සඳම හොයන්නේ මෙලෙස..

මම  :    ක්ශිතිජයක තනි වෙලා ඈත
            ඉන්න හිතුනා මට නුඹ ලගම
            ඈත අහසට එකතු උන වැහි කළු
            අපි අපිට ඈත් කලේ මොහොතකට..

ඇය :    ප්‍රාර්ථනා පුරාගෙන
      සඳ අහස සිප ගන්න
      බලා හිටියේ සඳ
      මගේ අහස නුඹ නිසාම..


මම :     ඉදහිට ඒවි වළාවක් අහසට
            සඳේ ආදරය ගැන බලන්න
            නපුරු සඳ කුමරි දැක්කම
            හිනාවේවි වළාවත් අහසට..

ඇය :    නපුරු නෑ සඳ අහස එක්ක
            නෝක්කාඩුයි වළාවත් එක්ක
            සුන්දර මොහොතක හමාවිත්
            වෙන් කල නිසා අපි අපව

මම :     අහස දුකින් සඳ නැතුව
            පාළුයි වගේ හිතට
            ඉතින් එන්නකෝ පයාලා හෙමිහිට
            මගේ සඳ අහස් ගැඹට..

ඇය :    දන්නවද සඳේ ආදරේ තරම
            හිතුවක්කාර ඔය හිත් අහසට
            එන්නම් හිනැහිලා ඉක්මනටම
            සඳේ ආදරේ අඩු වෙලා නෑ තව..

මම :     අතු අතරින් හිනැහිලා සද කිරණ
            වැටුනා වාගෙයි මේ හිතට
            තනිවම මම මේ හුදෙකලා රෑක
            විදිමින් ඒ සඳ කිරණ..    


මම මතක අතරේ මතකන් එකතු කරද්දි මේ වගේ පොඩි පොඩි දේ උනත් ඔයාගේ කවි පොතට එකතු කරලා ජීවිතේ ඕනම දවසක ආයෙම කියවන්න පුළුවන් මතකයක් කලාට ඔයාට ගොඩක් ස්තූතියි.. හිතේ තිබුන ප්‍රශ්ණ එක්ක මට එහෙම දෙයක් හිතුනේ නැති එක පුදුමයක් නෙමෙයි..

මේ කවි පෙල අන්තිමේ ඇය අපූරු සටහනක් දාලා තිබුනා..

“ පාන්දර තුනත් වෙලා වෙලාව.. සද්දයක් නොනැගෙන දුරකතනයේ එලියක් දැල්විලා ඔයාගේ ආදරේ එනකම් බලාගෙන ඉන්න මේ දෑසට නින්දක් ඇත්තෙම නෑ.. ඔයාටත් එහෙමමයි.. මම හිතන්නේ..”




114 comments:

  1. මරු කවි ටික දිනේෂ් අයියා....රාජ රොමෑන්ටික්!

    සික්... අපිට නෑනේ ඔහොම මැසේජ් කරන්න එකක්.. :-)
    හිටපු එකත් පිටගියා නේ... :-(

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. දුක් වෙන්න එපා රජෝ... කෙනෙක් මුණ ගැහේවි... ඉක්මනට..

      ඔය රාජ සම්පත් ලැබෙන්න රජකම මට දියන්කෝ..

      Delete
  2. කතාවේ මුල කොටස බැලුවා. ඉතිරි ටිකත් බලලාම ඒ ගැන කියන්නම්. කොහොම උනත් ලස්සන හදවතක්. :)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අක්කේ.. ඉතුරු ටිකත් බලලම ඉන්නකෝ..

      Delete
  3. දෙන්නටම එකම විදියේ කවි ලිවීමේ හැකියාවක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ.. මටත් වැඩියෙන් එයාට හැකියාව තිබුනා..

      Delete
  4. අනේ මන්ද අයියෝ........:(

    ReplyDelete
    Replies
    1. උඹත් එක්ක බෑ නංගියේ.. කවිය ගැන හිතලා දුක් වෙන්න එපා.. ඒක ඇතුලේ මග හිත නොදැක කවියේ ලස්සන විතරක් බලලා මොනා හරි කියන්න.. :)

      Delete
  5. එල එල .. මැක්සා ..වාසනාවන් ඔවැනි කෙල්ලන් ...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම වාසනාවක්ක් යාලූවා..

      Delete
  6. කවිටික නියමය් අය්යේ , මාස 4 ට ගොඩක් කවි ලියල නේ..

    ReplyDelete
    Replies
    1. අපේ ආදරේ නිහඩයි නේ මලයා.. ගොඩක් වෙලාවට අපේ අදහස් අකුරු අතරේ ලිය උනා..

      Delete
  7. පුදුම ලස්සනයි කවි ටික.. අනේ හරි ශෝක්!! මාත් අඅසයි මටත් කවි ලියනවානම්.. කවි වලින් මැසේජ් කරනවානම්... ඒත් අපිට කොයින්ද පූසො මාළු!! :(

    ReplyDelete
    Replies
    1. මාලු නැත් නම් මස් කන්න කියල පූස කිව්ව...!! :D:D

      Delete
    2. හිතු : ඇයි හලෝ මම එකක් ලියලා දුන්නේ.. :) ඔය කවි ලියන බ්ලොග් එකක කෙනෙක්ට ලයින් එකක් දාලා බලන්න..

      Delete
    3. කිරිල්ලී : ඔව් ඔව්.. මටත් මතකයි කොතනක හරි පූසා ඔය කතාව කිවුවා..

      Delete
    4. අයියා හිතූටත් කවි ලිවුවද?

      Delete
    5. ඔව්.. ඒක මේ පොඩි මඩ ප්‍රහාරයක්.. :)

      Delete
    6. @කිරිල්ලී- පූසා එහෙම කිවවද?? ;)

      @Dinesh අයියා- හික්ස්ස්.. ආ... ඒක මඩ කවියක්නෙ..:p මගේ දුර්ගුණ කියලා.. අවුලක් නෑ..ඒත් එහෙම හරි මට කවියක් ලිව්ව එක්කෙනානෙ ඔයා..;) අපෝ.. බ්ලොග් ලියන අයට මම ලයින් දාන්නෙ නෑ..:/

      Delete
    7. හිතූ : ඒකනේ හලෝ කවිය.. දාන්න ඕන ඒක වෙලාවක බ්ලොග් එකේ... ;)

      Delete
  8. පට්ට කවි ටික දිනේෂ් අයියේ. නියමෙට ගැලපිලා තියනවා. ආදරනීයයයි.. ආදරය පුදුමාකාරයි කියන්නේ ඒක තමයි. මගේ කවි එයා එකතු කරපු කතාවත් මටත් තියනවා. හැබැයි ඒක වෙනස්ම කතාවක්. මේක කියෙව්වම මට ඒකත් මතක් වෙලා බ්ලොග් එකේ ලියනවද නැද්ද කියල මට හිතුන.

    ReplyDelete
    Replies
    1. ලියන්න මලයා.. ඔය දෙන්නට ඒක අවුලක් නැත්නම් ලියන්න.. මාත් මේක එයාගේ කවි පොතේ අන්තිම කවිය වෙනකන් ලියනවා..

      Delete
    2. "මාත් මේක එයාගේ කවි පොතේ අන්තිම කවිය වෙනකන් ලියනවා.."

      ඒ අන්තිම කවිය වෙනකන් කියවන්න මම එනවා අයියේ..

      Delete
    3. දන්නවා නංගියේ.. මම හෙමීට ලියන්නම්..

      Delete
  9. අද නේ දන්නේ... මරු කවි ටික මලේ.
    අපටත් කවි මැසේජ් එනවා නම්.... අපි ඉතින් මූදු යනවා යෑ. හික්ස් :)

    ReplyDelete
    Replies
    1. කවි මැසේජ් එනකම් බලා නොඉද ඉස්සෙලා අයියා මැසේජ් කරන්න කවියක්.. එතකොට ඒවි..:)

      Delete
  10. හුරතල් කවි ටිකක් මරු.... පරණ පෝස්ට් එකත් කියෙව්වා.. පූජ කෝ දැන්

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් යාළුවා..

      පූජා යන්න ගිහින් බොහොම දුර ඈතකට...

      Delete
  11. ඈ නම් මාරයි මලයෝ!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඈ අපුරුයි අයියේ.. තවම මම ඒ හීනයේම ජීවත් වෙන්නේ ඒ නිසාම වෙන්න ඇති අයියේ.. ඒ තරමටම ඈ සොදුරුයි..

      Delete
  12. ලස්සනයි කවි ටික..ඒ කවි ලිව්ව හිත් දෙක ඊටත් වඩා ලස්සන වෙන්න ඕනෙ....:)

    ReplyDelete
    Replies
    1. මගේ හිත ගැනන්නම් ඔයාලා කොහොමත් දන්නවනේ.. :)

      ඒ හිත හරිම ලස්ස්නයි කිරිල්ලී.. ඒ හිත ශක්තිමත්.. හිත පුරාම තිබුනේ පුදුම ආදරයක්..

      Delete
  13. හ්ම්ම්.... කියන්න දෙයක් හිතාගන්න බෑ නේ. කවි ලස්සනයි කියල අමුතුවෙන් කියන්න ඕන නෑ නේ.

    දන්නවද සඳේ ආදරේ තරම
    හිතුවක්කාර ඔය හිත් අහසට
    එන්නම් හිනැහිලා ඉක්මනටම
    සඳේ ආදරේ අඩු වෙලා නෑ තව..

    ...............................

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් කසුනෝ... :)

      Delete
  14. ලස්සනයි අය්යේ.කලින් කිව්වා වගේම මම ආස අක්කගේ කවි ටිකට.මාත් ඔහොම කවි ලීවා.හැබැයි තනියම.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් නංඟා..

      තනියම අපි කවුරුත් කවි ලියනවා.. ඒත් මෙහෙම ලියන්න ලැබෙන්නේ ගොඩක් කලාතුරකින්..

      Delete
  15. කතාවේ මුල් ටික නම් තම බැලුවේ නැ. මේ කවී ටික නම් සත්තකින්ම ලස්සනයි ...... ඉතුරු ටිකත් බලලා තව කියන්නම්කො

    ReplyDelete
    Replies
    1. හරි යාළුවා. ඉඩ තියෙන වෙලාවක් කියවන්න.. :)

      Delete
  16. හ්ම්ම්ම්ම්ම් :(

    ReplyDelete
    Replies
    1. ඔහොම මුකුත් නොකියම යද්දි හිතට මහා දුකක් දැනෙනවා අක්කේ මට.. :(

      Delete
    2. මේ කවි බලද්දී හැමදාම දුක හිතෙනවා මල්ලි....මුකුත් නොලියා යන්නත් බෑ..ඒත් ලියන්නත් බෑ :(

      Delete
    3. මට තේරෙනවා අක්කේ... :(

      Delete
    4. අක්කා කිවුවා වගේ මටත් සමහර වෙලාවට ලියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න බෑ.. එහෙම දවසට පුංච් දෙයක් දැම්මම ඔයා කතා කරලා අහද්දි ඇයි එහෙම දැම්මේ කියලා මටත් දුකයි..

      Delete
    5. ඒ වෙලාවට මට කියාගන්න බැරි හැගීමක් දැනෙනවා නංගී.. ඒකයි..

      Delete
  17. ලස්සන කවි හිත් දෙක වෙන් කරපු එක ගැන දුකයි.. :(

    ReplyDelete
    Replies
    1. දෛවය යාළුවා දෛවය..

      Delete
  18. සුප්පා...කවි ටික...

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මලයා.. කාලෙකින් මේ පැත්තේ ඇවිත්..

      Delete
  19. නින්ද කොහෙද ඔය වගේ වෙලාවට...

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. තව කවියක් එනකම් බලාගෙන ඉන්නවා මිස මොන නින්දක්ද?

      Delete
  20. ඇගෙයි ඔබෙයි කවිකාරකම නම් බොහොම අගෙයි......මටත් යමක් සිහිවුනා ඔබ ඇයව සඳට සම කලා වගේ මම ඔහුව මහමුහුදට සම කලා එක කාලයක් තාමත් එය එසේමයි ම්ම්ම්ම්.....ඔහුත් ලිව්වා කවිනම් ඒත් ඒ මටම යැයි හැගීමක් නම් නැහැ......

    ReplyDelete
    Replies
    1. අදරේදී අපි හැමෝම ආදරේ කරන කෙනවා මොකකට හරි සමාන කරලා දකින්න කැමතියි.. ඒක තමයි ආදරේ හැටි..

      Delete
  21. හ්ම්ම්... මැවිලා පේනවා දෙන්න කළුවරේ එස්.එම්.එස්. කොටනවා..

    ReplyDelete
    Replies
    1. කළුවරේ.. ෆෝන් එකේ එළියෙන්.. ඒක හරි සුන්දරයි අයියේ..

      Delete
  22. කවුරු උනත් අපූරුයි යාලු.! මට මතකයි මමයි නංගිබබයි ඒ දවස් වල පාන්දර වෙනකම් එස් එම් එස් කරනවා.ආදරේ කරනකොට කාලය ගැනනම් නිනව්වක් නැතිතරම්.ඒත් කීයෙන් කීදෙනාද මේ කාලය හරි විදිහට යහපතින් කෙලවර කරන්නේ. ජය..!

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ඒ දවස්වල කතා බහට සීමාවක් නෑ.. අවසානය කොහොම නිමා උනත් ඒ මතකයන්ට අපි එදත් ආදරේ කලා.. අදත් එහෙමමයි..

      Delete
  23. මේකත් මාරම කවි කීමක් තමා... ගජමන් පුවත මතක් වුනා..

    ReplyDelete
    Replies
    1. ඔව්.. ටිකක් එහෙම වගේ තමයි.. මුලින්ම එයාගේ කවියට පේලිය දෙක මම එකතු කලා.. :)

      Delete
  24. මොන තරම් අපූරුවට...
    ගැල‍පෙන හිත් දෙකක්ද...?
    සොඳුරු ආදරයක් විදින්න දීලා....
    ඇයි ඒක ආපහු අරගත්තෙ.....

    නපුරුම නපුරු දෛවය......

    ReplyDelete
    Replies
    1. ඒකට උත්තර තාම මගේ ලගත් නෑ අක්කේ..

      Delete
    2. දෛවය නපුරු උනත් ඔයාලව මුණ ගැස්සුවා.. ඒකම මදිද?

      Delete
    3. හ්ම්ම්.. ඒකනම් ඇත්ත..

      Delete
  25. රෑ තිස්සේ කෙටීම මැවී පෙනෙයි! හෙක් හෙක්!!
    මතකයන් කිහිපයක් අලුත් වුණා!! ජය!!

    ReplyDelete
    Replies
    1. ආදරය කලානම්, හැම කෙනෙක්ම වගේ රාත්‍රියේ මැස්ජ් යවලා තියෙනවා මලයා.. :)

      Delete
  26. පුජා අක්කා කොමත් ලස්සනට ලියනවනේ නේද අයියේ.. :)

    ReplyDelete
    Replies
    1. නිම්ශා නංගී ගොඩක් කාලෙකින්.. මම හිතන්නේ අවුරුද්දකින් විතර.. මගේ ආදර කතාව අකුරු කරන කාලේ ඉස්සෙල්ලම ඒ කතා බලපු කෙනෙක් ඔයා..

      ඇත්ත නංගී.. ඒයාගේ කවි ලස්සනයි..

      Delete
  27. හරිම මාන්දමිකයි අෆ්ෆා ..!! මරේ මරු

    ReplyDelete
    Replies
    1. මොකද අෆ්ෆා මාන්දමිකයි කිවුවේ??

      Delete
    2. ඒ..... මෙන්න මගේ වචනේ...:)
      මාන්දමිකයි කියන්නේ අනේ මන්දා කියනවා වගේ එකක් අයියේ...
      මන් හිතුවා මන් විතරයි ඔය වචනේ දන්නේ කියලා...
      බලද්දී දන්නා අය තව ඉන්නවනේ..

      Delete
    3. ඔය වචනේ මාත් අහලානම් තියෙනවා හිරු.. ඒත් ඒකේ තේරුම තමා දන්නේ නැත්තේ.. ඒ නිසා ඒ වචනේ මෙතන්ට ගැලපෙනවද දන්නේනෑ..

      Delete
    4. " මාන්දමිකයි.."

      මම ඇහුවෙත් අද..

      Delete
    5. මාත් දන්නේ නෑ තේරුම නම්..

      Delete
  28. ඔයාගේ මේ කවිටික දැකලා ම‍ට කලින් මූණු පොතේ හිටිය යාළුවෙක් මතක් වුනා. අපි චැට් කලේ කවියෙන්ම විතරයි. ඒ අත්දැකීම නම් හරිම සුන්දරයි.

    ReplyDelete
    Replies
    1. හා.. හා.. ඔය එළි වෙන්නේ.. කවුද කවුද ඒ??

      Delete
  29. ඔය මැච්වෙලා තියෙන්නේ අපුරුවට ඇස්වහක් කටවක්නෑ අපූරුයි

    ReplyDelete
    Replies
    1. ඒත් ඒ ටික කාලෙකටනේ අයියේ.. ඊට පස්සේ හැමදෙයක්ම වෙනස් උනා..

      Delete
  30. කවි ටික ලස්සනයි අයියේ..

    මට ලියන්න අදහසක් ආවා.ඒත් මේ වෙලාවෙ ඒක ලියන්න බෑ.හදිස්සෙයෙ ආවෙ
    ආයෙම ඇවිත් ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. හරි මල්ලියේ.. ඇවිත් ලියන්න අමතක කරන්න එපා...

      Delete
    2. ඇගෙයි මගෙයි කවි කම කියවද්දි මට මතක් වෙන්නෙ වෙන මොනවත් නෙමේ මගෙ ආදරියව.
      එයත් මේ වගේ කවි වලින් තමා දැන් මැසේජ් එවන්නෙ.අයියට කියන්න ඊයේ රෑ2 වෙනකම් එයයි මායි කවි කිව්වා.උදේම වර්ණ බලන්න ආවාම මට පුදුම හිතුණා.



      හිත රිදෙනවා....
      හිත හඬනවා....
      ඉවසන්න ඒ හැඟුම් අපේ ආදරේ නමින්...

      විල දිලෙනවා...
      මට හැඟෙනවා...
      වැඩි දුරක් නෑ ඉතින් සඳ දකින ඒ දිනත්...(මගෙ සඳ ඔයා)

      අපි දන්නවා අපේ ආදරේ තරම්...
      සසර සැරි සරන තුරැ ලොවේ....

      මේ එයා මට එවපු එක කවියක්.

      අපි අවුරැද්දකට කිට්ටු කාලයකින් දැකලවත් නෑ.එයා ඒක හින්දා දුකෙන් ඉන්නෙ.

      Delete
    3. අවංකවම මම සතුටු වෙනවා මල්ලි.. උඹ කිවුවට විශ්වාස කරන එකක් නෑ මේක කියෙවුවම හිතට අමුතු හැගීමක් ආවේ..

      දුරක උන්නත් අවංක ආදරේ කවදාවත් නැති වෙන්නේ නෑ මලයා.. ඒ ආදරේ හැමදාටම මලයට හිමි වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..

      Delete
    4. අපුරුයි මල්ලී.. අයිය කිවුවත් වගේම හිතට දැනුනා ඔයා කියපු දේ.. මම හිතුවේ ඒ වගේ ආදරේ කරන්න පුළුවන් අයියට විතරයි කියලා.. ඒත් තව අය ඉන්නවා..

      Delete
    5. මොකද නැත්තේ නංගී.. මේ ඉන්නේ අපේ මලයා.. ආයෙම උඹට සුභ පැතුම් මලයා..

      Delete
  31. අනේ මේ කවි ලිව්වෙ කවුද කින්ද මන්ද කියලා නොදන්නවා නම් කියලා හිතුනා..
    කවියේ ලස්සනට හිනා වෙන්නද අඬන්නද කියලා තෝරගන්න බැරි වුනා..
    ඇස් දෙකේ කඳුළු පිරුනත් හිනා වෙන්න හිත හදාගන්න පුළුවන් වුනා මලේ..

    දිගටම ලියන්න..

    ReplyDelete
    Replies
    1. මට තේරෙනවා අක්කේ.. ඒත් ඒ දුක අමතක කරලා මේ කවි අතරේ ජීවිතය ආයෙම දකින්න මම උත්සාහ කරන්නේ අක්කේ.. තව කවි ගොඩක් තියෙනවා ලියන්න.. කට්ටියට කියවන්න එපා වෙයිද දන්නේ නෑ.. :)

      Delete
    2. නෑ නෑ අයියේ ඒ කවි කියවන්න නම් කාටවත්ම එපාවෙන එකක් නෑ.ඒවා ඒ තරමටම ආදරණියයි...ලස්සනයි...අහිංසකයි...

      Delete
    3. තෑන්ක්ස් නංගී..

      Delete
  32. //..දන්නවද සඳේ ආදරේ තරම
    හිතුවක්කාර ඔය හිත් අහසට
    එන්නම් හිනැහිලා ඉක්මනටම
    සඳේ ආදරේ අඩු වෙලා නෑ තව..//

    හැමදාම වගේ අයියගේ කවි ලස්සනයි.හැබැයි ඊට දෙවෙනි නැති අක්කිගේ කවිත් තියනනිසා අද ගොඩක්ම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඊට දෙවෙනි නැති නෙමෙයි නංගී ඊටත් වඩා වැඩියෙන් ලස්සන එයාගේ කවි.. මම අදටත් ගොඩක් ආස එයාගේ කවි වලට.. ඒ ආදරේ නිසාම නෙමෙයි.. :)

      Delete
  33. අයියගේ කවි හැකියාවේ රහස මෙන්න.... ඒත් අයියේ මේ කවිකම් වල අවසානය අහවර වුනේ දුකකින් කියලා නම් කියන්න එපා... මොකද අන්තිමට දාලා තියෙන පේලියෙන් එහෙම දුකකින් ඉන්නවාදෝ මන්දා කියලා හිතුනා.

    ආදරයක් හිතට දැනෙනකොට මොන ජාතියෙන් හරි කවියක් යවන්න හිතෙන එක හැමෝටම දැනෙනවා කියලා මට හිතෙනවා දැන්... මාත් දත කාගෙන කවි ලිව්වා දැනුත් ලියනවා එයා වෙනුවෙන්.... පුළුවන් තරම් කාලයක්

    ReplyDelete
    Replies
    1. ඇත්ත මලයා.. ආදරේ කරන ඕනම කෙනෙක් කවියෝ වෙන්නේ ඒකනේ.. ආදරේ කියන්න ගොඩක් දෙනෙක් යොදාගන්නේ කවියනේ..

      දිගටම ලියන්න මලයා.. නවත්තන්න එපා.. මලයගේ කවි එයා කියවනවා ඇති කියලා හිතනවා.. :)

      Delete
  34. දන්නවද සඳේ ආදරේ තරම
    හිතුවක්කාර ඔය හිත් අහසට
    එන්නම් හිනැහිලා ඉක්මනටම
    සඳේ ආදරේ අඩු වෙලා නෑ තව..

    මන් කැමතිම මේ ටිකට හරිම ආදරණීයයි මේ පද පේළි

    ReplyDelete
    Replies
    1. සද තාම දන්නවා ඇති
      මේ හිත හිතුවක්කාර බව
      අදටත් ඒ නමින්ම ජිවිතේ
      විදින්නේ ඒ නිසාවට..

      Delete
    2. ඒත් ඒ සඳ දුකින් වත්ද
      ඔය හිතුවක්කාර හිත ගැන
      තාම කදුළින් ගෙවෙන දවස
      බර වැඩි වේවිද දයාඹර සඳට..

      Delete
    3. හ්ම්ම්ම්.. අනේ මන්දා නංගී..

      Delete
  35. හුදකලා වෙලාවක සඳවතිය එක්ක දොඩමලු වූ ගතියක් කවිය තුල තියනවා. නන්නාඳුනනා මිනිසුන් අතර දන්නා හදුනන එකම කෙනා හඳ එළිය පමණයි. එහෙම වෙලාවක සඳත් එක්ක හරි මොහොතකය කතා කරන්න ඇත්නම් කොයි තරම් හොඳද

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔව්.. නොදකින ඇය සඳවතින් බලාගෙන ඈට ලියපු කවි පෙලක්.. ඒ දවස් හරිම සුන්දරයි.. ආයෙම ඒ අතීතේ ජිවත් වෙන්න ඇත්නම් කියලා හිතෙනවා..

      Delete
  36. හුගක් ලස්සන කවිකාර හිත දෙකක්...
    ඒත් අපේ ජිවිත තීරණය කරන දෛවය ඒක දකින්න ඇත්තේ වෙනස් විදියටනේ.එකනේ මෙහෙම වෙන්න ඇත්තේ..
    මේ කවි දැක්කාම හුගක් ඈතට අතිතය අරන් ගියා...:(

    ReplyDelete
    Replies
    1. දෛවයට තරම් වෙන කිසිම දේකට මම මගේ ජීවිතේ වෛර කරන්නේ නෑ.. ඒ ඒ අපි අපෙන් වෙන් කලාට.. ඒ උනාට ඒ දෛවයම අපි අපිට මුණගැස්සුවා..

      Delete
  37. ඉස්සෙල්ලා මේ ඈ ගැන කියවලා ඉන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. හොදමයි අක්කේ.. හෙමින් සැරේ ඒ ගැන කියවන්න..

      Delete
  38. මෙවන් වූ සෙනෙහසක්
    දකිනවිට මගේ සිත
    සිහිවෙනවා කුමරියක්
    මට සඳේ කියා කියන

    දුක සතුට මැදිකරන්
    ගලන ජිවිත ගඟුල
    ගෙවා යනු මේ ලෙසම
    ගල් මුල් මතින් මුදුව

    ReplyDelete
    Replies
    1. ලස්සනයි මලය කවි පෙල..

      අපි හැමෝම ආදරෙයි
      සඳකට ජීවිතේ එළිය දෙන
      ඒ සදට හැම දේ කියන්න
      හිතයි ඉතින් මියෙන තුරුම..

      Delete
  39. අනේ මන්දා මෙයා මේ දවස් ටිකේ මොකක් හෝ ලොකු දෙයක් නොකියා කියනවා වගේ....

    ReplyDelete
    Replies
    1. එහෙම දැනෙනවද අක්කේ.. සමහර විට මේ පිට කරන්නේ අන්තිම සුසුම් පොද වෙන්නත් පුළුවන්..

      Delete
  40. පූජා අක්කගේ කවි ඉස්සරහටත් දාන්න පොඩි අයියේ.. සමහර එයා ලියපු කවි නම් මට මතකයි.. ඒත් ඒකවි පොත ඔයා ලගට ආවට පස්සේ මම දැක්කෙම නෑ ඒවා.. ඔයා මේ ලියන්න ගන්නකම්..

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ඒක මගේ ලග මට කියවන්න විතරක් තියා ගත්ත එක වැරදී.. ඒකයි මේ ලියන්න හිතුනේ ඒ ගැන..

      Delete
    2. ශෙහාරා අක්කා දිනේෂ් අයියගෙ නෑදෑයෙක් නේද.මට හිතුණා එහෙම.
      හිතුව එක වැරදිද දන්නෑ. එහෙම නම් සමාවෙන්න ඕනෙ දෙන්නම. :)


      ශෙහාරා අක්කාගෙ අදහස් වලින් මට හිතුණා අයියව හොඳට අඳුනනවා ඇති කියලා.ඒකයි ඇහුවෙ.

      Delete
    3. මලයා ආදරයට ආදරයෙන් කතාව බැළුවනම්, ඒ කතාවේ ඉන්න ශෙහාරා මතක ඇති.. මේ එයා තමයි.. අපේ ආදරේට මට ගොඩක් උදවු කලේ මේ ශෙහාරා.. :)

      Delete
  41. .....නොලැබ කිවිදුන් කුමට කවිකම් කිවිඳ මට කවි ලොවේ ......


    අවංකයි සුන්දරයි

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත අක්කේ.. මට හිමි නොවුන කවි කමක්..

      Delete
  42. හරිම ලස්සනයි අයියේ කවි ටික... පූජා අක්කගේ කවි ටිකත් හරිම ලස්සනයි. හිතූ කිව්වා වගේ අපිට කොයින්ද පූසෝ මාළු කියලා තමා කියන්න වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. දුක් වෙන්න එපා මද්දු.. ඔයාටත් කවි ලියන ආදරවන්තයෙක් මුණගැහේවි ඉක්මනටම.. :)

      Delete
    2. එහෙම අය ඉන්නවද අයියේ තරඟෙට දුවන මේ ලෝකේ.. :/

      Delete
  43. අයියෝ මට පිස්සු වගේ මට විතරයි කවි ලියන්න දන්නේ නැත්තේ මට මේ link 1 ලැබුනේ ලඟදි.අනේ මන්ද හරිම ලස්සනයි කවි ටික ගොඩක්ම ලස්සන,

    දන්නවද සඳේ ආදරේ තරම
    හිතුවක්කාර ඔය හිත් අහසට
    එන්නම් හිනැහිලා ඉක්මනටම
    සඳේ ආදරේ අඩු වෙලා නෑ තව..

    දිගටම කරගෙන යන්න ඔය වැඩේ මොකද මම වගේ ලියන්න බැරි කට්ටිය කියවල සතුටු වෙයි....අයෙත් කියන්නේ හරිම ලස්සනයි.....

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්