Sunday, 6 May 2012

එහෙම වෙන්නේ ඇයි? 3

යුරෝපා රටවල් වල කාන්තාවෝ ලස්සනයි කියලා හැමදෙනෙක්ම දන්නවනේ.. ඒ අතරින් ගොඩක්ම ලස්සන කාන්තාවෝ ඉන්නේ ඉතාලියේ කියන එක තමයි ලෝක පිළිගැන්ම.. ඒක ඇත්ත.. සමහරක් අය එක එක ආල්පන වර්ග ගාලා ලස්සන වෙනවා වගේම උපතින්ම ගොඩක් ලස්සන අයත් ඉන්නවා.. ඉතින් ඔය දෙගොල්ලා අතරේ වෙනස හොයාගන්න එක එච්චර අමාරු නෑ..

ඒත් ඉතාලියේ කාන්තාවන් අතරිනුත් වැඩියෙන්ම ලස්සන සිසිලි දූපතේ ඉන්න කාන්තාවෝ බව ඔයාලා දන්නවද? මම හිතන්නේ දන්නේ නෑ.. ඉතින් ඒ ගැනයි අද මේ “ එහෙම වෙන්නේ ඇයි?” කතාවෙන් කියන්න හදන්නේ..

මේ ගැන කතාකරණවබම් ගොඩක් ඈත අතීටෙට යන්න වෙනවා.. රෝම අධිරාජ්‍ය සීසර්ගේ යුගය වෙනකම් ඉතිහාසයට යන්න වෙනවා.. ඔය කාලය වෙද්දි සිසිලිය තිබුනේ අතහැර දමා තිබුන දූපතක් විදිහට.. සපත්තුව හැඩයේ ඉතාලි සිතියමෙන් පයින් ගහලා ඈතට විසි කරන වගේ ස්වරූපයකින් තමයි මේ සිසිලි දූපත පිහිටලා තියෙන්නේ..

ඒ වගේම තමයි පහලින් අප්‍රිකාවටත් කිට්ටුයි.. වර්ථමානයේ ලිබියාවට තමයි ගොඩක් සමීප.. ඒකනේ නිමාඋන ලිබියා යුද්දෙදිත් යුද මෙහෙයුම් ගොඩක් සිසිලියේ ඉදන් කලේ.. ඉතින් මම මේ කියන සිසර්ගේ යුගය වෙද්දි අප්‍රිකාවත් මේ සිසිලි දූපතට අයිතිවාසිකම් කියන්න පටන් ගත්තා..

ඉතින් සීසර් ලොක්කා කලේ මේ අතහැරලා දාලා තිබුන සිසිලි දූපතට ඔහුගේ වහලුන් ගෙනත් පදිංචි කරපු එක.. විවිද ජාතින් ඒ අතර හිටියා.. අරාබි ජාතිකයනුත් ඒ අතර විශේෂයි.. ආරක්ශාවට හිටියේ රෝමානු සෙබළු.. කවුරු උනත් ඉතින් හැගීම් දැනීම් තියෙන මිනිස්සුනේ.. අනික ආරබිකරයේ කාන්තාවන්ගේ අමුතු ලස්සනකුත් තියෙනවා.. ඉතින් මොවුන් එකිනෙකා ආදරයෙන් බැදුනා.. වහල්ළුයි ආරක්ශකයොයි කියලා සීමා මායිම් නෑනේ.. සමහරු කැමැත්තෙන් එකතු වෙද්දි තවත් සමහරු බලහත්කාරයෙන් හරි එකතු උනා..

ඉතින් කාලය ගත වෙද්දි මේ දූපතේ ඉපදුන ඊළග පරම්පරාව නියෝජනය කලේ මේ හැම ජාතියක්ම මුහු උන ළමයි.. ඉතින් ඒ වගේ මුහුවීම් වලදි ලැබෙන අන්තිම අවුට්පුට් එක හරිම සුන්දරයි.. උදාහරණයක් ඕනනම් මෙන්න මේ පින්තූරය බලන්න.. එතකොට මම කිය දේ හොදට තේරෙවි..


ඉතින් කාලය ඔහොම හෙමින් ගත උනා.. සිසිලියේ උපදින අය ඉතාලි ජාතිකයෝ උනත් ඔව්න්ගේ හරිම අරන්‍යතාව හොයන එක ඒතරම් ලේසි දෙයක් උනේ නෑ.. පස්සේ කාලෙකදි දෙවන ලෝක යුද්ධය ඇති වෙද්දි එතකොටත් යුදෙවුවෝ නවාතැන් ගත්තේ සිසිලී දූපතේම තමයි.. ඒ තමයි දෙවන මුහු වීම..

ඉතින් කාලයත් එක්ක මෙහෙම සිසිලි දුපතේ උන විවිධ ක්‍රියාකාරකම් නිසා මේ දුපතේ ඉන්න කාන්තාවන්ට ඉතාලියේ අනිත් කාන්තාවන්ට වඩා සුන්දරත්වයක් හිමි උනා.. ඒ ගැන හොදම උදාහරණයක් ගන්න පුළුවන් මිස් ඉතාලියා තරගෙන්.. 1946 ඉදන් 8 වතාවක් මේ කිරුළ සිසිලි දූපතට හිමි වෙලා තියෙනවා..

  Miriam Leone 2008




මිට අමතරව 1988, 1976, 1966 සහ 1954 කියන අවුරුදු වලත් දිනලා තියෙන්නේ සිසිලි දූපතේ අය තමයි.. එයාලගේ ෆොටො නම් හොයා ගන්න බැරි උනා..

ඉතින් ඔන්න ඔය කියන කාරණා නිසා සිසිලි දූපතේ කාන්තාවගේ වැඩි ලස්සනක් තියෙනවා.. මමත් ඉතින් රෝම්, මිලාන් සහ වැනිස් වල ඇවිදලා තියෙන නිසා මේ වෙනස් හොදට දැකලා තියෙනවා..

අනික තමයි සිසිලිය දුපත් විම නිසා මුහුද වගේම ඉර ඉළිය අනිත් පැති වලට වඩා සිසිලියට හොදින් දැනෙන එක.. ඉතින් ඒකත් මේ ලස්සන වෙන්න වැඩියෙන් බලපානවලු.. විශේශයෙන් අනිත් පැති වලට තියෙන කිරි සුදු පෙනුමට වැඩිය අර මාතලන් අයියා කියපු ටැන් වගේ පාටක් තමයි තියෙන්නේ..

ලස්සන කොහොම උනත් අදටත් ගොඩක් පැති සිසිලිය දකින්නේ වහලුන් ඉන්න පැත්තක් විදිහට වගේම ඉතාලියේ දුප්පතුන් ඉන්න පැත්තක් විදිහට.. ඒකටනම් මෙහේ මිනිස්සු වැඩි කැමැත්තක් නෑ.. අනෙක් කාරණේ තමයි සිසිලි දූපත ටිකින් ටික ඉතාලියෙන් ඈත් වෙමිනුයි තියෙන්නේ.. තව ශතවර්ශ කීපයකින් සිසිලිය අප්‍රිකවට හේත්තු වෙන්න පුළුවන්..




විශේෂයි : දැන් කට්ටිය බලනවා ඇති මම මේ ගැන මෙච්චරම ව්ස්තර දන්නේ කොහොමද කියලා.. ගොඩක් කාරණා අහගත්තේ අපේ ෆාමසියේ දොත්තොරෙස්සලා දෙන්නගෙන්.. උන්ට කියවන්න බැරි උනාට උන් දන්නවා මම බ්ලොග් එකක් ලියන බව.. ඒ නිසා දැන් දැන් මට ඕන කරන දේවල් මම කෙලිම අහන්නේ මට මේ ගැන ලියන්න විස්තර කියපන් කියලා..



අති විශේශයි :  යුරෝපය තුල ඔක්තෝඹර් - පෙබරවාරි කාලයේ වැඩියෙන් සුවද විළවුන් අළෙවි වන හේතුව දන්නවද? ඒ ගැන ඊළග “එහෙම වෙන්නේ ඇයි?” ලිපියෙන් කියන්නම්..

120 comments:

  1. Replies
    1. ඔව් ඔව්.. ඔයා එක.. :)

      Delete
    2. හම්මියෝ!!! අයියාගෙ බ්ලොග් එකේ මම එක වුනාමද මංදා.. හික්ස්ස්..:D :D :D

      අහ්හ්.. කොහොමත් ඔය විවිධ ජාති වල , මුහු වෙලා ඉපදෙන අයගෙ අමුතු ලස්සනක් තියෙන බව ඇත්ත. ඒක මාත් දැකලා තියෙනවා..හැබැයි ඔය අයියා කියන සිසිලියේ ලස්සන ගෑණූ අය ඉන්න හේතුවනම් දැන්ගත්තෙ අද තමා.. :)

      //මමත් ඉතින් රෝම්, මිලාන් සහ වැනිස් වල ඇවිදලා තියෙන නිසා මේ වෙනස් හොදට දැකලා තියෙනවා..//
      ඒ කියන්නෙ අයියාත් හොදට අධ්‍යනය කරලා තියෙනවා මේ කාන්තාවන්ගේ ලස්සන ගැන ;) හික්ස්ස්...

      විශේෂයි- //අනෙක් කාරණේ තමයි සිසිලි දූපත ටිකින් ටික ඉතාලියෙන් ඈත් වෙමිනුයි තියෙන්නේ.. තව ශතවර්ශ කීපයකින් සිසිලිය අප්‍රිකවට හේත්තු වෙන්න පුළුවන්..//
      වෙලාවට ඕක ශතවර්ෂ ගානකින් වෙන්න පුලුවන්.. නැත්තම් ළඟදිම වෙනවානම් ඔය ගැන පුදුම විදියට සතුටු වෙන කෙනෙක් ඉන්නවා ;) :p හික්ස්ස්...

      Delete
    3. මම ඉතින් මහ රෑනේ වෙනදට පෝස්ට් දාන්නේ.. ඉතින් ලංකාවේ කෙනෙක් එක වෙන්නේ ගොඩක් අඩුවෙන්... :)

      ඔව් යුරෝපේ විතරක් නෙමෙයි ගොඩක් ලතින් රටවලත් ඔය දේ තියෙනවා..

      නැතුව පුළුවනෑ මේ වගේ දෙයක් ලියන්න.. අධ්‍යන කිරිම් තුලින් ලබා ගත්ත දැනුමින් තමයි ලිවුවේ.. :)

      අනිවාර්‍යෙන් ඒ සතුටු වෙන කෙනා නම් මේ නපුරු හිතුම තමයි.. ඒ ගැන සැකයක් නෑ.. :(

      Delete
    4. නෑ..නෑ.. මට ඉතිං වැඩක් වෙන්නෙ නෑනෙ ඕක අප්‍රිකාවට හේත්තු වුනාට.. මොකෝ මම ඉන්නෙ අප්‍රිකාවෙ ඈ?? :O

      හික්ස්ස්.. හැබැයි එතකොට ඔයාට්ත් හොද වැඩේ..හූ..හූ..

      Delete
    5. ආ.. මං ගැන දුක් වෙන්න එපා.. එතකොට මම වෙන පැත්තකට පනිනවා.. :)

      Delete
    6. ඒ ගැන වැඩියෙන්ම සතුටුවෙන්නෙ වෙන කවුරුත් නෙවෙයි අයියේ!! හික්ස්ස්.. අර අසාර් ඛාන් තමායි.. එයා සතුටින් ඉපිළිලා යයි!! හික්ස්ස්..

      Delete
    7. හෙහ්.. මට දැනුයි කතාබ තේරුනේ.. මොක්ද සතුටු නැත්තේ.. ඔය පල්ලෙහා කියලා තියෙන්නේ සතුටේ තරම.. :)

      Delete
  2. ගෑල්ලමය්ගේ පින්තුර වලින් 2,3 දැක්කම කතාව ඇත්ත කියල තේරෙනවා
    නොදැන හිටපු හුගක් දේවල් දැනගත්තා ;)
    යුරෝපය තුල ඔක්තෝඹර් - පෙබරවාරි කාලයේ වැඩියෙන් සුවද විළවුන් අළෙවි වන හේතුවත් ඉක්කන්ට ලිව්වනම් හොඳා
    සිසිලියේ ගිනිකදුත් තියෙනවා නේද??

    ReplyDelete
    Replies
    1. ඔව් මටත් වැඩියෙන් හිත ගියේනම් 2003 දිනපු කෙනාට තමයි.. අර මම කියපු පාට වෙනසත් හොදින් පේනවා.. :)

      ඔව් සිසිලියේ එට්නා ගිණිකන්ද තියෙනවා.. මගේ රස්තියාදු සටහනක ඒ ගැන ලියන්න ඉන්නේ..

      Delete
    2. මගෙ පළමු තේරීම ටෑන් එක්කෙනා තමය් ;)
      ගිනිකන්ද ගැනත් ලියන්නකෝ :ප

      Delete
    3. පොඩි ලතින් වගේ ලුක් එක් තියෙන්නේ..

      ලබන සතියේ විතර ලියනවා..

      Delete
  3. Replies
    1. මොකද අද අමුතු කමෙන්ට් එකක් දාලා...

      Delete
    2. උයා මේඩවස්වල ගෑල්ලමයි ගැන ලියනව වැඩිඩ මන්ඩ අප්ප.....o.O

      Delete
    3. හලේ.. හරි හරි නොලියා ඉන්නම්කෝ එහෙනම්.. :(

      Delete
    4. හපූ........තිං මෙයාත දෝං නන ටලම්...ම නිකමත හලේ කිව්වෙ....:(

      Delete
    5. ඉතින් හලේ මාත් නිකමට වගේ තමයි කිවුවේ.. ඉස්සරහට තව ඒවා තියේ.. :)

      Delete
  4. අර සීබ්‍රා ෆොටෝශොප් එක්කෙනක් නෙමෙයිද?
    ලස්සනට ලියල තියනවා.. අනිත් එකත් ඉක්මනට දාන්න..

    ReplyDelete
    Replies
    1. සීබ්‍රා ගැනනම් හරියට කියන්න දන්නේ නෑ.. ගූගල් ඉමේජ් වලින් මම ඒකනම් අරගත්තේ.. :)

      ටික දවසකින් ඒක ලියන්නම්..

      Delete
  5. මෙයා දැන් ගෑනු ලමයි ගැන හොයනවා බොහොම වැඩී. :D:D:D

    1977 එක්කෙනා නම් වැඩිය ලස්සන නෑ.

    ReplyDelete
    Replies
    1. නැතුව බෑනේ අක්කේ.. හැමදාම එක විදිහටම ඉදලා හරියන්නෙත් නෑනේ.. :)

      මටත් 77 එක්කෙනා ගැන එහෙම හිතුනා.. සමහරවිට කාලෙකට උඩදි ගත්ත පින්තූරයක් නිසාද දන්නෙත් නෑ.. :)

      Delete
    2. 77 බ්ලැක් ඇන්ඩ් වයිට් නිසා වෙන්න ඇති.. හිකිස් !

      Delete
    3. ඔව් ඔව්.. මටත් හිතෙන්නේ ඒ නිසා වෙන්න ඇති.. ඒ උනාට ඒ කාලේත් ලස්ස්න අය ඉදලා තියෙන වබ මම දැක්කා මේ ගැන හොයද්දි..

      Delete
    4. 77 කළු සුදු හින්දා තමයි එහෙම පේන්නේ! නැත්තම් එයත් සෝක්! සිසිලිය පැත්තේ නැද්ද ඉඩම් සේල් එහෙම??

      Delete
    5. ඔව්.. මේ පින්තූරෙත් දැන් ගොඩක් පරණ නිසා එහෙම පේනවා වෙන්න පුළුවන්..

      ඉඩම් සේල් ගැන ඇහුවේ මොකටෙයි අයියේ??

      Delete
  6. කොල්ල සෑහෙන හොයලා තියනවා වගේ...;) හොඳයි හොඳයි දැන් නිකන් බොහොම බර මාතෘකා එන්නේ නේ.:P

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.. සෑහෙන පරීක්ෂණ වගයක් කරලා තමයි අන්තිමේ මේ ගැන ලිවුවේ.. ඉදලා හිටලා මේ වගේ බර මාතෘකා ගැන කතා කරන්න එපැයි ඉතින්..:)

      Delete
  7. මල්ලිත් දන්න දේවල්..!!

    ReplyDelete
    Replies
    1. ඒ උනාට කතාවක් තියෙනවනේ කාන්තාවෝ ගැන හැමදේම දැන ගන්න බෑ කියලා.. එහෙම නේද? :)

      Delete
  8. අනේ මන්දා....දැන් ගැණු ළමයි ගැන ලියවෙනවා වැඩිදත් කියලා....හික්ස්....විහිළුවට කීවෙ අයියේ...නොදන්න පැත්තක් දැන ගත්තා....

    අපිට බයෝ වලදි ඔය මුහුම් ගැන කරද‍්දි ඕක කියලා දුන්නා....

    අර අනිත් කතාවත් ඉක්මණට දාන්න

    ReplyDelete
    Replies
    1. විහිළුවට නෙමෙයි ඇත්තටම කිවුවත් ඉතින් මම මඩ ප්‍රහාර ගැන අහිතක් නෑනේ ඉතින්..

      බයෝ වල ලකියලා දුන්නට වැඩිය හොදට මම කියලා තියෙනවා නේ? :P

      Delete
    2. හික්ස්...එකනේ.....හොඳට කියලා දිලා තියනවා

      Delete
    3. අපි එහෙම තමයි..

      Delete
  9. හැබැයි බං ලෝකෙන්ම ලස්සන කෙල්ලො ඉන්නෙ කාශ්මීර් පැත්තෙලු..ඊගාවට වෙනිසියුලාව පැත්තෙත් ඉන්නවයි කියන්නෙ! බංගාලි උනුත් නරක නෑ :D

    ReplyDelete
    Replies
    1. //බංගාලි උනුත් නරක නෑ.// +++++++

      Delete
    2. ලෝකේ ලස්සනම කාන්තාව අරාබි රැජිනක් කියලා මම මේ ලගදි දැන ගත්තා.. ෆොටො එකේ හැටියටනම් ලස්සනයි.. එහෙනම් බංගාලි උන් ගැනත් ලියමුකො සබිත්.. :)

      Delete
    3. අසාර් : බංගාලි අය ලස්සනයි කියන කතාවට මාත් එකගයි.. මොකද කතානියා ලංකාවට සල්ලි දාන ඒජන්සිය කරන්නේ බංගලි සෙට් එකක්.. එතන ඉන්නවා ලස්සන කෙල්ලෙක්.. :)

      Delete
    4. ලස්සන කියන දේ සාපේක්ෂයි මට නම් ඒ අරාබි කෙල්ලට වඩා මෙතන ඉන්න කෙල්ලොයි ලංකාවේ ඉන්න ගැමි කෙල්ලොයි ලස්සනයි.... අපි ගොඩාක් ලස්සනයි කියලා හිතන් ඉන්න කෙනෙක් තව කෙනෙක්ට සාපේක්ෂව කැත වෙන්න පුළුවන්නෙ නේ...

      Delete
    5. ඇත්ත.. ඒ අරාබි රැජිනගේ වැඩිය ෆොටෝ නෑනේ.. ඒ නිසා හරියටම අපිට හිතන්න අමාරුයි.. ඉන්නෙත් තියෙන ඔක්කොම රන්බඩු එල්ලගෙනනේ..

      අන්තිමේ කියපු කතාවත් එක්ක සම්පූර්ණයෙන්ම එකගයි.. අපි කෙනෙක්ව දකින විදිහ අනුව ගොඩක් දේවල් වෙනස වෙනවනේ.. අපේ කැමැත්තට ලස්සනයි කියන කෙනා තව කෙනෙක්‍ට ලස්ස්න නෑ..

      Delete
  10. සිසිලියේ නේද mafia කල්ලි තියෙන්නේ??
    perfume වැඩියෙන් විකිනෙන්නේ winter හින්දා නේද???

    ReplyDelete
    Replies
    1. හා හා අක්කේ.. ඕවා ගැන කතා කරන්න තහනම් මෙහේ...

      ඒ ගැන ඊළග ලිපියෙන්ම කියන්නම්කෝ.. :)

      Delete
  11. මට නම් ලස්සන අර උඩම ඉන්න කෙල්ලව කියන්න බැරි අමුතු ලස්සනක් තියෙනවා.වැඩේ කියන්නේ මෙයාලගේ පිට ලස්සන වගේම ඇතුලේ ලස්සනත් තියෙනවද දන්නෑ... දික්කසාද ප්‍රතිශතයත් හොයාගත්තනං අයියට හොඳ තීරණයක් ගන්න තිබ්බා.හැබැයි ෆෙරාරියක් දවසකට හරි ගන්න ට්‍රයි කලොත් ගොඩම තමා සිසිලියම

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ 2008 එක්කෙනා වෙන්න ඕන.. ඒ ලස්සන ගැනනම් කියන්න දන්නේ නෑ මලයෝ..

      මෙහේ ඉතින් ලිවින් ටුගෙදර් තමයි වැඩියෙන් තියෙන්නේ.. කසාදත් නෑ.. ඉතින් දික්කසාද කොහොමත් නෑ..

      ඇත්ත ෆෙරාරියක් තියෙනවනම් ඔය ඔක්කොම අතේ... :)

      Delete
  12. පෝස්ට් එක නියමයි අපේ පැත්තෙත් ඇවිල්ල යන්න

    ReplyDelete
  13. ගෝවේ ගෑණු පරාදයි වගේ.....උඹට සිසිලි කෙල්ලක්ටවත් හිතගියාද?

    ReplyDelete
    Replies
    1. හාපෝ නෑ රාජ් අයියේ.. ඒවා භයානක වැඩ... :)

      Delete
  14. ඔය ජාතීන් මුහු වීමෙන් එන අවුට් පුට් එක ලස්සන විතරක් නෙවෙයි බුද්ධිමත් වෙන්නත් පුළුවන්....

    මටනම් ලස්සන 77 එක්කෙනා...2003 එක්කෙනත් නරක නෑ....:D:D

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඒකත් ඇත්ත.. ම ඉතින් ලස්සන ගැන කිවුවා මිසක් ඒ ගැන හිතුවේ නෑනේ..:)

      Delete
  15. ඉතාලියෙ කෙල්ලන්ගෙන් ලස්සන කෙල්ලො ඉන්නෙ සිසිලියෙ වෙන්න පුලුවන්...ඒත් ලෝකෙන්ම වැඩියෙන් ලස්සන කෙල්ලො ඉන්නෙ ඉතාලියෙ කියන එක නම් පිළිගන්න බැහැ...හැබැයි ලස්සන වෙන්න වැඩියෙන්ම සල්ලි වියදම් කරන්නෙ ඉතාලි කෙල්ලො කියල නම් කියන්න පුලුවන්.......

    සබිත් කියන කතාවට මාත් එකඟයි...මම දැක්ක ඉතාලි කෙල්ලන්ට වඩා ගොඩාක් ලස්සන ග්‍රීක් කෙල්ලො..අරාබි කෙල්ලො...ඉන්දියන්.කාශ්මීර්..වෙනිසියුලා වගේ ඇමරිකන් දූපත් කෙල්ලො...

    ඒ වගේම මම දැක්ක ලස්සනම හැන්ඩි කොල්ලො තමා නෝර්ත් ලිබනන් කොල්ලො..එයාලයි ඇමරිකන් හැන්ඩි කොල්ලොයි එක වගේ..!! :):)

    ආ තව දෙයක් කියන්න අමතක උනා...හරිම අමුතුම ලස්සනක් තියන කෙල්ලො තමා ඉතියෝපියන්..මොරිශියස්..නමුත් එයාල මිටියි.......

    ReplyDelete
    Replies
    1. ඉශ්‍රායලේ හමුදාවේ ඉන්නවා ලස්සනම කාන්තාවෝ.. මම ෆොටො වගයක් දැක්කා.. ඇත්තටම ඒ අය මේ යුරෝපේ නිකන් මේක් අප් දාන් ඉන්න අයට වඩා ලස්සනයි.. මොකද ස්භාවික ලස්සන නිසා..

      මොරිසස් එක්කෙනෙක් අපේ ෆැලැට් එකේ උඩ තට්ටුවෙත් ඉන්නවා.. හැබැයි එයා ගෙන ආඩම්බරයි.. දැක්කත් කතාවක්වත් නෑ.. :(

      Delete
    2. ලෙබනීස් කොල්ලෝ ගැන කිව්ව හින්දා කියන්නම්.උන් තරම් පණ්ඩිත අලි ඔලුවෙන් ඉන්න ජාතියක් මම නම් දැකලම නෑ. මොකක් කිව්වත් උන් කියන්නේ අයි නෝ.. කියල.

      Delete
    3. ක්සැන්ඩර් අයියා ලෙබනන් අයත් එක්ක හොද ඇසුරක් තියෙනවා වගේ..

      Delete
    4. ඔයා එහෙම වෙලාවට මෙහෙම කියන්න....''අයි නෝ.. යූ නෝ.. හූ නෝ.. ..බකමූණෝ.!!'' කියල...:D:D

      Delete
    5. අන්තිම බකමුණො කෑල්ල ඇරෙන්න අනිත් ටික තේරේවි... :)

      Delete
    6. ඔව් මල්ලි මම අවුරුදු දෙකක්ම වැඩ කලේ මේ ලෙබනානි එක්කනේ. මොන පිස්සුද ලෙබ්බන්ට කොහෙද එච්චර දෙයක්,.. අරාබි කාරයෝ ලෙබ්බන්ට බනින්නේ කුල්ලු ලේබනානි මුක් මාෆි කියලා. ඒ කියන්නේ ඔක්කොම ලේබනානින් මොලේ නැති එවුන් කියල. :) ලෙබනානි ගැන මම ලියපු පොස්ට් එක මෙන්න. http://xandaraya.blogspot.com/2011/10/blog-post_27.html බලන්නකෝ. හැබැයි එකක්, උන් තරම් ගෑණු පෙරේත, නාන්නේ නැති මුණ වත් හෝදන්නේ නැති ජාතියක් මං නම් දැකලම නෑ. උන්ගේ රටේ වතුර ගණන් හින්දා උන් සතියට සැරයක් නාන්නේ. ඇඳුම් හෝදන්නේ ඊටත් එහාද කොහෙද. කට ඇරියොත් ගඳේ බෑ.ඇයි ඉතින් දත් මදින්නේ මූන හෝදන්නේ නෑ නේ.

      Delete
  16. මම කැමති නැහැ කාගේවත් හිත රිද්දන්න .ඒ ඔක්කෝම ලස්සනයි.

    මං ඉන්නෙත් අප්‍රිකාවේ නිසා සිසිලි දූපතට එච්චර දුරක් නැහැ වගේ.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අසාර් අයියේ.. බෝට්ටුවකට නැග්ගනම් කෙලින්ම මෙහේ.. :)

      අප්‍රිකාවේ අය ගැනත් මොනා හරි කියන්නකෝ අසාර අයියේ.. :)

      Delete
    2. ඒයි අසාර්, ඔයා මේ කොහෙවත් ඉන්න කෙල්ලොන්ට ලස්සනයි කියන්නෙ..:/ මම මේ ඉද්දි ඔයා කොහෙද සිසිලි යන්නෙ:O අහුවෙන්නෙපා මට...
      -හුරතල් ඇනී-

      Delete
    3. ඔන්න අසාර් අයියේ.. මේවට උත්තර දෙන්න වේවි.. අපිනම් දන්නේ නෑ..

      Delete
  17. මගේ තේරීම Francesca Chillemi (2003)

    ReplyDelete
    Replies
    1. මගෙත් එයා තමයි.. අමුතු ලස්සනක් තියෙනවා.. :)

      Delete
  18. //උන්ට කියවන්න බැරි උනාට උන් දන්නවා මම බ්ලොග් එකක් ලියන බව.. //
    තනිකර ඉරිසියාව යමක් ඉගෙන ගනීවි කියලා දිනේෂ් ගැන.. ඒකනෙ සිංහල උගන්වන්නෙ නැත්තෙ දොත්තරෙස්සලාට.. :P

    හැබැයි අපිට ඔය පැත්තෙ වෙඩිමකට හෙම එන්න වෙයිද දන්නෙ නෑ නෙහ් සිකුරත් ලබලා තියෙන එකේ.. :P

    ඉතිහාස පාඩමෙන් නොදැන හිටි ගොඩක් කාරණා දැනගත්තා.. :)

    ReplyDelete
    Replies
    1. මුන්ට සිංහල උගන්නන්න?? පික්සුද අෆ්ෆා...

      ඔව් ඔව්.. ඒවා කියන්න බෑ.. එහෙම උනොත් නන්දුට නොකියා ඉන්නවයි කීයටවත්..

      Delete
  19. සිසිලි කෙසේවෙතත් සිලි සිලි සීත ඇල්ලේ... ගීතය දනිමි...

    වෙනිසියුලා ඒව නේද බං සිරා කියන්නේ..

    අනික ක්‍රොස් කරල හැදුවම හැම එකකම අගයක් තියෙනව නොවැ.. කාටත් අගෙයි..

    ReplyDelete
    Replies
    1. සිත සැලි සැලි යයි තමයි සෑමෝ ඉතින්.. :)

      අනේ මන්දා බං.. අපිටනම් දකින කෝකත් සිරානේ.. :)

      Delete
  20. 2003 නම් පට්ට .මොනා උනත් ඉන්දියාවේ කෙල්ලන්ගෙන් හිත අහකට යන්නෙම නෑනේ.:D

    ReplyDelete
    Replies
    1. බොලිවුඩ් අය ගැන ඉතින් අපි දන්න කාලේ ඉදන්ම හීන දකිනවනේ.. ඒ ඉතින් නිතරම දකින් ෆිල්ම් වල දාන රැගුම් නිසානේ.. :)

      Delete
  21. අලේ.. මිශ්‍ර වෙනවාය කියල අර සිබ්‍රා මෙතර්ඩ් එකට මිශ්‍ර උනොත් නම් බඩුම තමා... හික්ස්ස්ස්.. ඔය සීබ්‍රා වගේ කෙල්ලො හිටියෙ නැතෑ සිසිලි පැත්තේ

    ReplyDelete
    Replies
    1. සිරාවට ඒකත් ඇත්ත.. භාගයක් කළු භායක් සුදු.. එහෙම උනානම් තමයි මරු.. :)
      නෑ මම නම් තාම දැකලා නෑ.. :)

      Delete
  22. etakota lankawe kello gannama deyak nadda[adutaramin ahankara kamenwath] taraha awasara

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. ලංකාවෙත් හොද ලස්සන අය ඉන්නවා.. ඒ උනාට ඉතින් ඒ ගැන කතා කරන්න යෑම නුවණට හුරු නෑ.. :)

      Delete
  23. etakota lankawe kello gannama deyak nadda[adutaramin ahankara kamenwath] taraha awasara

    ReplyDelete
  24. මට නම් ලස්සන 95 එක්කෙනා.නියම සමීක්ෂණයක්නෙ කරලා තියෙන්නෙ.

    Dබලමු ඊලගට පර්ෆියුම් ගැන මොකක්ද කියන්නෙ කියලා..:D

    ReplyDelete
    Replies
    1. 95 දිනපු එක්කෙනා අදටත් ලස්සනයි.. නිතරම වෙළද දැන්වීම් වල එහෙම ඉන්නවා..

      ගෙයින් ගෙට ගිහින් විස්තට අරන් මේක ලිවුවේ... :)

      සුවද විළවුන් ගැන හෙමීට කියන්නම්කෝ.. :)

      Delete
  25. ම් නොදන්න දෙවල් ගොඩක් දැනගත්තා මේක කියවලා හරියට සිසිලිය ගැන ඉතිහාස පාඩමක් වගේ මටනම් දැනුනේ.

    ReplyDelete
    Replies
    1. සිසිලිය ගැන නෙමෙයි අක්කේ.. සිසිලියේ කාන්තාවෝ ගැන ඉතිහාස පාඩමක්..

      Delete
  26. අඩේ යන්ඩ වටින රටක් නෙව. !!
    මාත් ෆුල් ට්‍රයි එක දීලා කොහොමහරි ඔය රටට පැනගන්නවා පැනගන්නවා පැනගන්නවාමයි. හික්ස් :)

    ReplyDelete
    Replies
    1. එන්න එන්න මඬුරංග අයියේ.. එනවනම් මේ කාලේ තමයි ශෝක්.. මේ දෑස මගේ පිංවන්තයි කියලා තේරෙයි.. :)

      Delete
  27. මට නම් ලස්සනම අර සීබ්‍රා තමා... ඌ හරි ෂෝයි වගේ... කතන්දර පොතක නම් ඔහොම මුහුම් සීන් එකක් තිබ්බා... පොතේ නම "සකායි".... එංගලන්ත සෙබළෙකුට දාව ජපන් යුවතියකට ලැබුණු බබෙක්....

    ReplyDelete
    Replies
    1. ඔන්න බලන්නකෝ ඉතින්.. අනූ කැමති සීබ්‍රාටලු.. දෙයියනේ මම ඒ මුහුවීම කොයිවගේද කියලා තේරෙන්න දාපු පින්තූරෙනේ.. :)

      Delete
  28. මළා...මං හිතා හිටියෙ ලස්සනම කෙල්ලො ඉන්නෙ ලංකාවෙ කියල....

    ReplyDelete
    Replies
    1. ලංකාවේ කෙල්ලෝ ලස්සනයි තමා. සමහර ලංකාවේ ලස්සන කෙල්ලෝ ඔස්ට්‍රේලියාවේ ගිහිල්ලලු...:D:D:D

      Delete
    2. ඔබා මාමේ.. තව කාලෙකෙදි එහෙම කියන්න වෙනවා.. :) එතකන් මෙහෙම කියනවා..

      Delete
    3. අර වලවුවක ඉන්න එක්කෙනා ගැන වෙන්න ඇති අක්කා මේ කියන්නේ.. වලවුවල ඉන්න අය ලස්සන වගේම ආඩම්බරයිලුනේ... :)

      Delete
    4. පුහ්... අඩෙ අප්පා... මොකද් දන්නෑ ඒ?? හොඳ වෙලාවට කමෙන්ට් එක සි0හලෙන් දැම්මේ.. ඕස්ට්‍රේලියාවෙ කොල්ලොන්ට තෙරෙන්න්නෑ නෙ එතකොට. නැතිනම් මෙව අහල ඕස්ට්‍රේලියාවෙ කොල්ලො හිනා වෙලා මැරෙනව.. :P

      Delete
    5. වලව්වල අය හරීම චාම් ස්වභාවික උපතින් ලස්සන අය.....රන්වන් පාට... ලස්සන ආඩම්බරකමක් තියන ලස්සනම අය....එයාල දැන් ලංකාවෙ නැහැ ඔක්කොමල පිටරට වල ඉන්නෙ...........:D:D

      Delete
    6. තොටියා : ඒක ඇත්ත.. නැත්නම් ඕස්‍ට්‍රේලියාවේ වීසා නැතිවෙනවා ලංකාවේ අයට ඉස්සරහට.. :)

      Delete
    7. හරි හරි.. එහෙම ආඩම්බර ලස්සන කිරිල්ලියෙකුත් ඉගිල්ලිලා යුරෝපෙට පියෑඹුවලු නේ.. ඉතින් ලංකාවේ ලස්සන අය නෑ කියන එක අහන්න දෙයක්ද.. :p

      Delete
  29. නොදන්න විස්තර ගොඩක් දැනගත්තා සිසිලිය ගැන.මටත් 2003 එක්කෙනා තමයි ලස්සනම:)

    ReplyDelete
    Replies
    1. සිසිලිය ගැන කියනවානම් ඉතින් තව ගොඩාක් විස්තර කියන්න පුළුවන්..

      Delete
  30. මට නම් ඕකුන් ඔක්කොම කැතයි. මට මිදි ඇඹුල්!
    henryblogwalker the cynical Dude

    ReplyDelete
    Replies
    1. ඒ ගැන මම මුකුත් නොකියමි..:)

      Delete
    2. මටත් එසේමයි මම උඩ කොමෙන්ට් එකකත් දැම්මේ ඒකයි ලස්සන සාපේක්ෂයි කියලා.

      Delete
    3. ඇත්තම කියනවනම් භාහිර පෙනුමේ ඇති වැදගත් කමක් නෑ.. හිතයි ලස්සන වෙන්න ඕන..

      හැබැයි හිත ලස්සනනම් එයාලගේ භාහිර පෙනුම ගොඩක් ලස්ස්නයි ඔය එක එක විච්චූරණ ඕනෙ නෑ... :)

      Delete
  31. ජාන වෙනස් වීම හැමදේටම හොඳයි. මොකද මානව වරිගයාගේ ජාන වෙනස්වීම සිදු වුණාම හොඳ උගතුන් බුද්ධිමතුන් රූ සපුව ඇති අය බිහිවන බව මං අහල තියෙනවා.

    මේ සදහා විද්‍යාත්මක පැහැදිළිකිරීමක් කරාවි. දන්න කෙනෙක් ඉන්නවා නම් අපේ අර තොටියා සහෘදයා වගේ..

    ReplyDelete
    Replies
    1. ඔව් ජාන වෙනස් උනාම බිහිවෙන්නේ ගොඩක් ලස්ස්න දේවල්.. සුදු සිංහයෝ.. සුදු කොටි.. ඒත් ජාන වෙනස් වීම් නේ..

      විද්‍යාත්මක පැහැදිළි කිරිමක් තියෙනවනම් හොදයි නම් තමයි.. මම නම් ඉතින් ඒවා ගැන ලියන්න දන්නේ නෑ.. බලමු දන්න කෙනෙක් ලියාවිද කියලා.. :)

      Delete
    2. මට මතක් වුනේ ලෝක ප්‍රසිද්ධ විද්‍යාඥයෙකු මුනගැහෙන්න ආපු ඒ කාලේ හිටිය ලස්සනම යුවතිය ඇවිල්ලා කියපු කතාවක්...

      යුවතිය:අපි විවාහ වෙමු.අපේ දරුවෝ ඔයා වගේ බුද්ධිමත් මම වගේ රූමත් ළමයි වෙයි.

      විද්‍යාඥයා:මගේ රූපේ ඇවිත් ඔයාගේ මොලේ ආවොත් එහෙම මොකද කරන්නේ??

      Delete
    3. ඔය කාතාව කියන්නේ ඇල්බට් අන්ස්ටයින් නේද??

      Delete
  32. අර 2003 ද කොහෙද රුප රැජින උන කෙනා ෆ්රාන්සේස්කා නම් ලස්සනයි ඒ වගේම ටෑන් කියන පාට තියනවා..

    ReplyDelete
    Replies
    1. ඔව්.. ෆ්‍රැන්චෙස්කාට තමයි මගෙත් මනාපය.. උඩින් ගොඩක් දෙනෙක් කැමති කිවුවෙත් එයාටනේ.. :)

      Delete
  33. මේක මෙහෙම වුනේ කොහොමද ? අපි කවුරු බ්ලොග් පොස්ට් එකක් ලිව්වත් ඒ හැම පොස්ට් එකක් යට අනිවා දිනේශ් ගෙ කමෙන්ට් එකක් තියෙනව බව හුගක් වෙලාවට මම දන්නව..ඔය දාල තියෙන රූපෙත් එක්ක දිනේශ් කියන නම මට අලුත් නැ.ඒත් මට දිනේශ් ගෙ බ්ලොග් එක මෙච්චර කාලෙකට මිස් වුනේ කොහොමද ? අද අහුවුන ගමන් ඇඩ් කර ගත්ත ලිස්ට් එකටම අයෙ මිස් නොවෙන්න..දැන් ඉතින් හෙමින් සිරුවෙ කියව තැකි

    ReplyDelete
    Replies
    1. එහෙම උනේ ඇයි කියලනම් ගොඩක් හිතන්න ඕන.. හැබැයි මට කාලෙක ඉදන් ගූගල් දෙයියොත් එක්ක ප්‍රශ්ණ තියෙනවා.. ගොඩක් අයට මම කමෙන්ට් කරන තැනින් ගියාට මගේ බ්ලොග් එක පෙන්නලා නෑ කියලා පස්සේ මාත් එක්ක මිතුරු උනාම කියලා තියෙනවා.. තවමත් ගූගල් මාත් එක්ක තර්හින්ද දන්නේ නෑ.. :)

      මං ගැන කරපු සදහන් කිරිමට ගොඩක් ස්තූතියි.. ඔව්.. මම ලියනවා වගේම කියවන්නත් ගොඩක් ආසයි.. ගොඩක් බ්ලොග් ෆලෝ කරනවා.. ඒවා කියවනවා.. ඔබ වගේම ඒ තැන් වල අයත් මාව දැනගත්තේ ගොඩ්ක් කල් ගියාට පස්සෙයි.. :)

      Delete
  34. 2003 නම් නියමයි........... ඉරාන කෙල්ලොත් හරිම ලස්සනයි, ඇයි වියට්නාම් අයත් හරිම ලස්සනයි...... නියම ලිපියක්....

    ReplyDelete
    Replies
    1. තායිලන්ත අයත් ලස්සනයි කියලා මම අහලා තියෙනාවා.. ඒත් වැඩිය දැකලා නැති නිසා හරියටම කියන්න දන්නේ නෑ.. යුරෝපීය අයවනේ හැමදාම දකින්නේ..

      ගොඩක් ස්තූතියි.. :)

      Delete
  35. පුබුදුවා7 May 2012 at 20:05

    මිරියම් නගා නම් මරු :P

    ReplyDelete
    Replies
    1. උඹට එයාටම හිත ගියේ ඇයි කියලා මම දන්නවා.. ඒත් මෙතන කියන්නේ නෑ.. :)

      Delete
  36. එතකොට සිසිලි දුපතේ ඉන්න පිරිමි ලස්සන නැද්ද මල්ලි? එයාලත් ඉතින් මුහු වෙච්ච ළමයිනේ :)

    ReplyDelete
    Replies
    1. ඔන්න බලන්න ඉතින් අහපු ප්‍රශ්ණේ.. කොල්ලන්ගෙන් අපිට වැඩක් නෑනේ අක්කේ.. උන් කොහොම උනාම මොකද? :)

      Delete
    2. ඒ උනාට අක්කල නංගිලාගේ සුභ සිද්ධිය උදෙසාවත් කොල්ලෝ ගැන ලියන්න!;)

      Delete
    3. 2003 එක්කෙනාට තමයි මගේ නම් හිත ගියේ!:P

      Delete
    4. එයාලගේ සුභ සිද්දිය හිතුවොත් කට්ටය මං ගැන වැරදියට හිතනවා... :)

      Delete
  37. අනේ හැබැටම එකෙත් හැටි.ඊලග පොස්ට් එකනම් බලන්නම ඕන.මගේ හිතේ තියන හේතුවමද කියලා බලන්න.

    ReplyDelete
    Replies
    1. එහෙම ඔට්ටු නෑනේ.. හිතේ තියෙන දේ හරිනම් දැම්ම කියන්න ඕන..

      Delete
  38. මම අන්තිම... :(((
    ඇත්තටම අයියේ කෙල්ලෝ ගැනම දාන එකේ නරකද ඉතාලියේ කොල්ලෝ ගැනත් දැම්මොත් ;) .. මම ආසා කරන රටවල් වලින් එකක් තමා ඉතාලිය, රුසියාවටත් මම ආසයි. ලෝකේ සුන්දරම කාන්තාවො ඉන්න රටවල් දෙකක් විදියට තමා මම රුසියාවයි ඉතාලියයි දකින්නේ..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අන්තිම නෙමෙයි... :)

      බෑ බෑ නංගියේ ඔයාට ඉතාලි අය හරි යන්නේ නෑ.. ඒ නිසා ඒක කොහෙත්ම කරන්න බෑ.. :)

      Delete
  39. සිසිලියෙ ගෑල්ලමයි බුකියෙ නැද්ද ?? බදින්ඩමයි හිතෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඉන්නවා ඉන්නවා.. අපේ ෆාමසියේ දෙන්නෙක් ඉන්නවා.. තවත් අදුරන කීප දෙනෙක් ඉන්නවා මගේ බුකියේ... ;)

      Delete
  40. Malla ganu lamai gana hariyata liyanawa ne? Photos 3 lassanai kiyala man hithanne.
    Man nam hithanne loke watema lassana kello innawa. Eka eka ratak votharak nemei.
    Ape rateth kochchara lassana ganu lamai innawada? Me api wage hikzzz....
    Kumari akka

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්