Wednesday, 16 May 2012

ඇගෙයි මගෙයි කවිකම 2


ඇය,

කුරුල්ලනේ ඔබට ඇහෙනවද
මගේ හිත කතා කරන හඩ
ගිහින් ඔහු වෙත රහසේම හිමිහිට
මගේ ආදරේ කියාලා එනවද..

මොහොතින් මොහොත ගෙවෙන්නේ හෙමිහිට
දවස මෙතරම්ම දිගුද හැගෙන්නේ ඉදහිට
මග බලාන මම ඔහු හමුවෙන්න හිතාගෙන
ගෙවුන මොහොත දිගු වැඩියි කල්පයක් තරමටම..

මාවත පාළුයි දහසක් නෙතු අතර
මග බලා හිදිය දෙනෙත නැතිව මග තොට
කිමද පමා නුඹ කවදාවත් නැතිව
මා හඩවන්න හිතාගෙනද නුඹ අද..

පුන්චි කුරුල්ලනේ ගිහින් කියනවද
මම තවම මග බලා ඉන්න බව
එන්න කියනු මැන හනික මා වෙතම
දෙනෙත වෙහෙසයි මග බලා ඉදලම..


මම,

පුංචි කුරුල්ලෙක් ගෙනා ඒ පෙම් පුවත
කිරිල්ලියක් මග බලාගෙන ඉන්න බව
ඉවසුමක් නැතුව එහෙ මෙහෙ දුවන නෙත් යුග
කඳුළු බිදු වලින් පිරිලාලු රහසෙම..

හැමදාම හමුවෙන ඒ මල් මාවත ලග
ඈත කෙලවර සේපාලිකා මල් ගහ ලග
ඉන්නවලු කුමරියක් මග බලාගෙන
පමා උන හින්දම ටිකක් නපුරුව..

ආසයි බලන්නට ඉදහිට නපුරු වෙන නුඹ
හඬවන්නේ නෑ මම පොරොන්දුව අමතකද
මොහොතකට නුඹත් එක්ක රන්ඬුවෙලා හිනැහෙන්න
ආස නිසයි මම බලා හිටියේ ඈතක හිද..

කහපාට රෝස මල නුඹ ආදරේ කරන
නෙලාගෙන රහසේම මගදි හමු උන ගෙමිදුලක
හෙමින් පියමන් කරද්දි ඈත නුඹ හිදින මගට
හිතට දැනෙන සිතුවිළි මම කොහොම කවි කරන්න්ද?

නිසල මහ මග දහසක් නෙතු අතර
නුඹම පමණයි දැක්කේ දුර ඈතක හිද
නුඹට ලංකර රහසේම රෝස මල
හිනැහෙන නුඹ දකින්න මම කොතරම් ආසද..



 ....................................................................................

ඇගෙයි, මගෙයි කවිකම මේ බ්ලොග් එකේ කාටවත් ආගන්තුක දෙයක් නෙමෙයි කියලා මම දන්නවා.. ඒත් මේ ආයෙම ලියන්නේ ගොඩක් කාලෙකට පස්සේ නිසා පොඩ්ඩක් ඒ ගැන කියන්නම්..

ඇය පූජා, ඇගේ කවියට ආදරේ කල මම.. ජීවිතේ කොච්චර ලස්සන මතක ගොඩක් ඉතිරි කරලා පිය මැනපු ඇගේ කවිකමට මම ලියපු සමහර පිළිතුරු කවි ඈ දැක්කා.. සිහිනයෙන් ඈට ආයෙම ජීවිතේ දුන්න මම ඇගේ කවියට වර්ණයක් තවරන්න ආයෙම හිතුවා.. ඒ ඈ පන්සලක් වගේ හිතපු ඇගේ මගේ ආදරේ නාමයෙන්..

103 comments:

  1. Replies
    1. දාලා හැරෙන්න වත් උනේ නෑනේ...

      Delete
    2. ඔයාගේ පදිංචිය මේකෙද?

      Delete
    3. නැහැ අනේ.. ඉදල ඉදලා එක වුනාම ඒකටත් එක එක කතා..:'( :'(

      Delete
    4. මීට කලින් එක වෙලා නෑ වගේ හරියට... :)

      Delete
    5. මාත් දවසක එක වෙන්න ඕන..

      Delete
    6. ඔයා එක වෙද්දි බැරියැ.. :)

      Delete
  2. "පුන්චි කුරුල්ලනේ ගිහින් කියනවද
    මම තවම මග බලා ඉන්න බව
    එන්න කියනු මැන හනික මා වෙතම
    දෙනෙත වෙහෙසයි මග බලා ඉදලම.."

    ඇහැට කඳුළක් ආවා.. ලස්සන අහිංසක ආදරයක්...:)

    "නිසල මහ මග දහසක් නෙතු අතර
    නුඹම පමණයි දැක්කේ දුර ඈතක හිද
    නුඹට ලංකර රහසේම රෝස මල
    හිනැහෙන නුඹ දකින්න මම කොතරම් ආසද.."

    දෛවය ඔයාලාගෙ ජීවිත මෙහෙම වෙනස් නොකලානම් ..... කියලා හිතුනා....

    ReplyDelete
    Replies
    1. දෛවය අපිට වෙනස් කරන්න බෑ හිතු.. අඩු ගානේ දෛවය අපිව ලං කලා.. ඒකම කොච්චර දෙයක්ද?

      Delete
  3. හ්ම්ම්... ඔය කවිය තමයි මම පූජා අක්කගේ දෙවනියට කැමතිම කවිය. කීපාරක්‌ කියෙව්වත් තාමත් ආසයි කියවන්න. මොකද ඒ කවි වල තියෙන්නේ නිකන්ම වචන නෙමෙයි, හදවතින්ම ආපු හැඟීම්.

    හැබැයි අයියේ උඹත් එක්ක මල පනිනවා වෙලාවකට. ඇයි දැන් හැම තිස්සෙම පරණ දේවල්ම මතක් කරන්නේ??? වෙනස් වෙනවා කියලා අපිට පොරොන්දු වුනා නේද? මම දවසකුත් කිව්වා නේ, පූජා අක්කා බලාපොරොත්තු වුනේ ඕක නෙමෙයි නේද.

    ReplyDelete
    Replies
    1. පළවෙනියට කැමති මොකක්ද කසුනෝ.. ඒකත් කිවුවනම් මම ඒකෙත් පිළිතුරු කවිය එක්ක දාන්නම්...

      උඹලත් මට ඔහොම බනින්න එපා බං.. පූජා යන්න ගියේ මට වරදක් කරලා නෙමෙයි නේ.. ඉතින් පොඩ්ඩක් මගේ පැත්තෙනුත් හිතපංකෝ.. මම වෙනස් උනා.. ඒත් මම කොහොම කියලා ඒ දේවල් අමතක කරන්නද?

      Delete
    2. "හඩන්න එපා නුඹ මා නැති දිනයක
      වාවනු බැහැ මට නුඹෙ කඳුළු දුටුවම"

      මෙන්න මේ කවි පන්තිය තමයි මම ආසම. ජීවිතේටම මම කියවපු ලස්සනම, සංවේදීම කවිය. ඒකට උත්තර ලියන්න යන්න එපා අයියේ.

      Delete
    3. ඒකට උත්තරයක් මටත් තාම ලියන්න බැරි උනා කසුනෝ.. මම තාම උත්සාහ කරනවා..

      ඒත් ඇයි ඒකට ලියන්න එපා කිවුවේ?

      Delete
    4. ඒකට උත්තරයක්‌ ලියනවා කියන්නේ ආයෙත් හිත රිද්ද ගන්න වැඩක් නේ...!

      Delete
    5. හ්ම්ම්ම්ම්... බලමුකෝ..

      Delete
    6. අක්කිගේ ඒ කවියට මාත් ආසයි.. අයියා ඒක දැම්මා නේද?

      Delete
    7. ඔව්.. මම ඒක දාලා තියෙන්නේ..

      Delete
  4. බ්ලොග් එක පුරා කරක් ගහල පූජා ගැන හැමදෙම කියවපු නිසා දැන් මට පූජා ආගන්තුක නෑ.එයා ලඟත් අපූරු කවි හිතක් තිබිලා තියෙන පාටයි

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මාව කවියෙක් කලේ පූජාම තමයි අක්කේ.. මේ බ්ලොග් එක පටන් ගත්තෙත් එයා වෙනුවෙන් වෙනකොට එයා කොහොම ආගන්තුක වෙන්නද?

      Delete
  5. කවියෙන් එද්දි කවියෙන්ම ගේම දෙන එක ඇගට ගුණයි :-) :-)

    සුභ වේවා!!! රාජ සම්පත්තිය ලැබේවා!!! (මේක තමා මගෙ අළුත් වචනේ ඈ..)

    ReplyDelete
    Replies
    1. කවියට කවියෙන් පිළිතුරු දෙන එකට මාත් කැමති.. මේ අනිත් යාළුවොත් ඒකට සාක්කි දෙයි.. පිළිතුරු කවි දිහට දිගට ඇදිලා ගිය වෙලා වල් ඕන තරම් තියෙනවා..

      උඹ රජ වෙලා ඉන්නකම් අපිට මොන රාජ සම්පත්ති ලැබෙන්නද? :)

      Delete
  6. මම නොදන්න කතාවක් හැංගිලා තියානවා වගේ. ලස්සන කවියක්.ඒත් හිතට දැනෙනවා මහා බරක්.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.. කියනවනම් ගොඩක් දේවල් තියෙනවා... ඒත් වෙලාවක් තියෙනවනම් ඔය " ආදරයට ආදරයෙන් " කතාව බලන්න.. හැම දෙයක්ම තේරුම් යාවි..

      Delete
    2. ඇයි මෙහෙම වෙන්නෙ මිනිස්සුන්ට

      Delete
    3. ජීවිතේ හැටි සිදූ.. ජිවිතේ හැටි..

      Delete
  7. මුකුත්ම අමතක කරන්න ඕනි නෑ..වෙනස් උනා නම් ඒ ඇති..ඒ ලස්සන අතීතයේ නාමයෙන් වෙනස් උනා නම් හොඳටම ඇති..කවිය සහ පිලිතුර ලස්සන්ට වචන වලට හරවලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ.. අමතක කරන එක ලේසියෙන් කරන්න පුළුවන් දේකුත් නෙමෙයි..

      Delete
  8. ඒ මම ආගන්තුකයෙක් නිසා දන්නේ නෑ නෙව කව්ද ඒ ??
    කවිය නම් අගෙය්,

    පලවෙනි පේලිය කියවනකොටම මට මතක් උනේ මේ සින්දු කෑල්ල
    "කුරුල්ලනේ පියාඹන්න ඇය ඇති තැන සොයායන්න
    මා මියයන බව පවසා ඇය එවන්න මා බලන්න "

    ReplyDelete
    Replies
    1. ඔය මතක් උන සිංදු කෑල්ලම මගේ ජිවිතේට සම්බන්දයි.. කතාව තේරෙන්න ඇති කියලා හිතනවා..

      Delete
    2. මම නිධාන කතාව නම් දන්නේ නෑ :(

      Delete
    3. පුළුවන් වෙලාවක මම ලියලා තියෙන " ආදරයට ආදරයෙන් " කතාව කියවන්න..

      Delete
    4. අනිවා අනිවා මම කියවන්නම්

      Delete
    5. කතාවට දාපු කමෙන්ට් එක දැක්කා.. කියවපු එක ගැන සතුටුයි..

      Delete
    6. තාම මේ කතාව කියවද්දි මගේ ඇහැට කදුළක් එනවා..

      Delete
    7. ඒ කතාවේ ඔයත් කොටස්කාරියක්නේ ශෙහාරා.. ඒ නිසා වෙන්න ඇති..

      Delete
  9. දෙන්නම හොඳ කවි කාරයෝ. අපි ගොඩාක් ආදරේ කරන අය අපි ළඟ රැඳෙනවා ගොඩාක් අඩුයි

    ReplyDelete
    Replies
    1. මටත් වැඩිය පූජා කවියට දක්ශයි වර්ණෝ.. හෙමින් අනිත් ඒවත් ලියන්නම්කෝ..

      Delete
  10. හ්ම්ම්... පූජා අක්කගේ කවි වලට මමත් ගොඩාක් ආසයි අයියේ.. ඒවයේ ආදරේ වෑහෙනවා.. හරිම ලස්සනයි.. අයියගේ පිළිතුරු කවියත් හරිම ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. එයාගේ කවි පොතට විතරක් සීමා නොකර අනිත් අය එක්ක බෙදා ගන්න හිතුවේ ඒක නිසා ප්‍රාර්ථනා.. මං වගේම තව අය ඒ කවි වලට ආදරේ කරන්න..

      Delete
  11. නිසල මහ මග දහසක් නෙතු අතර
    නුඹම පමණයි දැක්කේ දුර ඈතක හිද

    අවංක ආදරේ කවද හරි ජයගන්නව... අද්දුටුයි ප්‍රත්‍යකශයි....

    ReplyDelete
    Replies
    1. " අවංක ආදරේ කවද හරි ජයගන්නව... අද්දුටුයි ප්‍රත්‍යකශයි.... "

      ඇත්ත.. ඒත් මේ කතාවෙදි ඒක වෙනස්..

      Delete
  12. දෙන්නම එක වගේ කවි කාරයෝ....කොයි තරම් ලස්සනද? :(

    ReplyDelete
    Replies
    1. එයා නිසා මම කවි කාරයෙක් උනේ අක්කේ... :)

      Delete
  13. කවි නම් තවත් සොඳුරුය
    දුන්නු දඬුවම වගේ මිහිරිය
    ආදරේ යනු රෝස කවිමය
    කවියෙන් කියා ගත නොහැකි සිත
    නොකීවත් තවම දෙතැනය..

    ReplyDelete
    Replies
    1. කවිනම් තවත් සොදූරුය.. ඒකනම් ඇත්ත..

      Delete
  14. කාගැනද මෙයා මේ නොකියා කියන්නේ.?ජය...!

    ReplyDelete
    Replies
    1. අතීතයේ රැදුන මතකයක් යාළුවා..

      Delete
  15. කරනා විටදී හද ගැඹුරින් ආදරය
    දුක හා සතුට එක ලෙස එයි නැත සැකය
    පෙන්වනු ඔබේ ලෙහි ඇති ආලයෙ බලය
    පතනෙමි පිරී ඉතිරේවා ආදරය

    ReplyDelete
    Replies
    1. පිරි ඉතිරුනා ආදරය
      ඈ ලගින් උන් කාලය පුරාවට
      දැන් ඈ ගිහින් සමුගෙන බොහො දුර
      කදුළු විතරයි ඉතිරි හද තුල..

      Delete
  16. කාගැනද මෙයා මේ නොකියා කියන්නේ.?ජය...!

    ReplyDelete
    Replies
    1. මගේ ආදරේ ගැන..

      Delete
  17. කවි නම් මෙන්න කවි..... ෂා හරිම අපූරුයි...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මගේ කවියට වඩා සොදුරු ඇගේ කවිය..

      Delete
  18. ලස්සන කවි හිත් දෙකක එකතුවක්...
    පන්සලක් වාගෙ අදරයක්...
    අපරාදෙ..
    වෙන් වීමක් නොවුනානම්...

    ReplyDelete
    Replies
    1. දෛවය තමයි අක්කේ.. මොනා කරන්නද ඉතින්.. :(

      Delete
  19. පරණ දේවල් මතක කලොත් ලැබෙන්නේ දුකක් විතරයි නේ. එත් කවි දෙකම ගතියක් තියෙනවා.එත් අමතක කරලමු පැරණි කතා.

    කහපාට රෝස මල මොන පාටද?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අසාර් අයියේ.. දුක හිතෙන අතීතය දැන් අමතක කරලා ඉන්නේ.. මේ හදන්නේ ඒ කවි කම ඉස්සරහට ගේන්න...

      කහපාට රෝස මල සුදු පාටයි.. :)

      Delete
    2. නෑ නෑ කහපාට රෝසමල වයිවර්ණ ය...

      Delete
    3. අපෝ... අසාර් ඛාන් ඇවිල්ලා අහල තියෙන්නෙ ඔය මරු ප්‍රශ්නයක්..:p

      Delete
    4. කනියා : අපි කහරෝස මල අවර්ණයි කියමු.. :)

      Delete
    5. ඒක තමා හිතූ මාත් බැළුවේ.. අපි උත්තරේ දන්නේ නෑ.. බලමු අසාර් ඛාන් හරි උත්තරේ කියාවිද කියලා..

      Delete
    6. කහපාට රෝස මල මොන පාටද?

      Delete
    7. දන්නේ නෑනේ.. කෝ ප්‍රශ්ණේ අහපු මනුස්සයා හරි උත්තරේ දිලා නෑනේ ඇවිත්..

      Delete
    8. උත්තරේ ලැබුනම මටත් කියන්න..

      Delete
    9. හා හා කියන්නම්.. :)

      Delete
  20. hi. went through all the posts,please be kind to answer the following questions.how old was she when it happens ?and what type of cancer she had?thank you dinesh.

    ReplyDelete
    Replies
    1. පූජා නැති වෙද්දි එයාට අවුරුදු 19යි.. දොස්තරලා කිවුවේ එයාට ලේ පිළිකාවක් කියලා..

      Delete
  21. හරි දුක හිතෙනවා අයියේ....

    ReplyDelete
    Replies
    1. ජිවිතේ හැටි ඔහොම තමයි මලයා..

      Delete
  22. පූජා අක්කා දිනේශ් අයියට මේ කවිය ලියලා දුන්නද?

    //මොහොතින් මොහොත ගෙවෙන්නේ හෙමිහිට
    දවස මෙතරම්ම දිගුද හැගෙන්නේ ඉදහිට
    මග බලාන මම ඔහු හමුවෙන්න හිතාගෙන
    ගෙවුන මොහොත දිගු වැඩියි කල්පයක් තරමටම..\\

    අක්කා ලියලා තියන මේ පද පෙළ මටත් දුර ඈතක ඉදන් කෙනෙක් කියනවා වගේ දැනෙනවා.
    ඒ හින්දම කොහෙද හිතට කියාගන්න බැරි දුකක් දැනුනා කියවද්දි.

    ReplyDelete
    Replies
    1. ඔව් මලයා උඩ කවිය ලිවුවේ එයා තමයි..

      තාම මේ පද අතරේ මම ඒ සුවද විදිනවා මල්ලි..

      Delete
  23. අනේ මන්ද අයියො ඔයා මේ ඔයාටම මොනව කරගන්නවද කියල.........

    ReplyDelete
    Replies
    1. ඇයි නඟේ එහෙම කිවුවේ?

      Delete
  24. කවි ලස්සන උනාට පූජා කවුද කියන එක නම් තේරෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. පූජා කියන්නේ මම ගොඩක් ආදරේ කරපු කෙනෙක් අක්කේ.. එයා දැන් මං ලග නෑ.. ඉස්සරම ඒ ගැන ගොඩක් දේවල් මේ බ්ලොග් එකේ ලිය උනා.. මේ ලිවුවේ ගොඩක් කාලෙකට පස්සේ..

      Delete
  25. අනේ මන්ද දිනේශ් අයියෙ හැමදේම හොඳ විදියට විසඳෙන්න කිව්ව එහෙනම්.......පට්ට කවි ටික මොනාවුනත්......

    ReplyDelete
    Replies
    1. දැන් මොනා විසදෙන්නද මලයා..

      Delete
  26. කවි ටික නම් හරිම ලස්සනයි... ගොඩක් දුක හිතෙනව.

    ReplyDelete
    Replies
    1. මාව කවියෙක් කරපු කවි පේලි වලට මම තාමත් ආසයි..

      Delete
  27. හ්ම්....කරන්න දෙයක් නෑ මලයා.අතීතය තනිකර අමතක කරන්න කියන්න මට බෑ.ඒක හරිම අමාරු කරන්න බැරි තරම් වැඩක් බව මං දන්න නිසයි...

    කවි දෙකම හරිම ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. අතීතට සිහිනයක් පමණයි කියලා අමතක කරන්න හැදුවට ඒක කරන්න බැරි දෙයක් අක්කේ..

      Delete
  28. කවිනම් ලස්සනයි, ආදරණීයයි. නරකද “කුරුළු සංදේශය“ වගේ නමක් දැම්ම නම්.
    සතුටෙන් ගතකරපු අතීතයක් ගැන, අනාගතේ කවද හරි දවසක ඒ වගේ සතුටෙන්ම සිහිකරන්න බැරිවෙනව. එතකොට ඒව දුක්බර මතක සටහන් බවට පත්වෙල. ඒක තමයි ජීවිතේ ස්වභාවය. හැමදේම නැති වෙනව.

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. පස්සේ කාලෙක ඒ අතීතය ඒ වගේඅ විදින්න බැරි උනත් අපි ඒ මතක අතරේ හෙමීට ඇවිදිනවා..

      Delete
  29. Replies
    1. ඇයි බං එහෙම ඇහුවේ?

      Delete
    2. දුක් සීන් එකක් වගේ හිතුනා ඒකයි :පි

      Delete
    3. නෑ සෑමා.. කාලෙකට උඩදි නම් මේ අකුරු දිහා බලාගෙන ඇඬුවා.. දැන්නම් නෑ..

      උඹ කෙලින්ම එහෙම අහපු එක හොදයි බං.. ඉස්සර මම දුකින් ඉද්දිවත් මගේ ලගම යාළුවෝ වත් ඔහොම අහලා නෑ මගෙන්.. තෑන්ක්ස්..

      Delete
  30. උඹට දුක් වෙන්න එපා කියලා කියන්නේ නෑ. ඒත් මැරුණ අතීතයට සමු දීලා නුපන් අනාගතය ගැන හිතුව නම් හිතේ තියෙන දුක තුනී වෙයි කියලා හිතනවා. ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. ඒ අතීතය දැන් ගොඩක් අමතක කරලා ඉන්නේ අයියේ.. එයාගේ කවි ලස්සන නිසාම වගේම මම ඒවට පිළිතුරු කවි ලියලා තියෙන නිසා මේ දාන්න හිතුවේ..

      Delete
    2. ඇත්ත.. අතීතයට සමු දීලා අපි ජීවිතේ ඉස්සරහට යන්න ඕන..

      Delete
    3. අතීතය අපිව බැදලා තියා ගන්නවා.. ඒ බැමි වලින් ලිහෙන තරමට අපිට හොදයි..

      Delete
  31. //..නිසල මහ මග දහසක් නෙතු අතර
    නුඹම පමණයි දැක්කේ දුර ඈතක හිද..//

    ඇහැට කඳුලක් නම් ආවා යාලුවේ.ඇත්තටම ලස්සන ආදරයක් ගැන අහිංසක කවිකමක්...
    සතුටින් ඉන්න...

    ReplyDelete
    Replies
    1. සතුටින් ඉන්න ගොඩක් උත්සාහ කරනවා.. මම එයාට පොරොන්දු උනා..

      Delete
  32. කවි ටික ලස්සනයි නමුත් හිත කියන්නෙ නම් ලස්සනයි කියල කියන්න එපා කියල..මට ලස්සන තව කෙනෙක්ගෙ දුකක්නම් ඒක ලස්සන නැහැ මම හිතන්නෙ.නමුත් මතකය අපූරුවට සිත්තම් කරල සිහිනයක් වූ නුඹේ ආදරය... දුක තුනී වෙන්නවත් වචනයක් කියන්න දන්නෙ නෑ..නමුත් කවිය තුලින් ජීවත් වෙන්න පුලුවන්...සුභ වේවා...

    ReplyDelete
    Replies
    1. කවි ටික ලස්සනයි කියලා කියන එක මට ඇති.. මට ඕනත් කවිය ගැන විතරක් කතා කිරිම.. පරණ ඒ දේවල් වලය වඩා..

      ස්තූතියි..

      Delete
    2. "කවි ටික ලස්සනයි කියලා කියන එක මට ඇති.. මට ඕනත් කවිය ගැන විතරක් කතා කිරිම.. "

      ඒ දේ එහෙමනම් සතුටුයි අයියේ..

      Delete
    3. නෑ නංගී.. මම ඉස්සරහට අපේ කවි ගැන විතරයි කියන්නේ..

      Delete
  33. මේ කවි නිසා තාම අයියා හිත රිදවා ගන්නද කියලා හිතෙනවා පොඩි අයියේ..

    ReplyDelete
    Replies
    1. නෑ නංගියේ.. එහෙම නෑ.. ඔයා දන්නවනේ මං ගැන..

      Delete
    2. එහෙමනම් කමක් නෑ අයියේ.. ඔයා ආයෙම දුක් වෙයිද කියලා දන්නේ නැති නිසා ඇහුවේ..

      Delete
    3. නෑ නෑ ශෙහාරෝ.. එහම වෙන්නේ නෑ..

      Delete
  34. ඇත්තම කිව්වොත් මම මේකට අලුත් දාලා තියෙන බැලුවට පස්සේ මම අර කතාවත් කියෙව්වා..ඇත්තමයි මට කඳුළු ආවා ගොඩක් දුකයි මට.දැන් ඔය හොදින් ඉන්න එයා සතුටු වෙයි..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්