පෙර කතාවක්
:
පොලේ යාම ගැන
මේ බ්ලොග් අවකාශයේ අයට අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.. කතන්දර සූරින් එක වතාවක් එතුමන්ගේ
කතාවක් ලිවුවා.. මෑතකදි සයිබර්යායෙත් පොලේ
යාම හා පතිවත ගැන ලිපියක් ලිය උනා වගේම මහා චිත්‍ර ප්රදර්ශණයකුත් තිබ්බා.. හැමෝම ඒවා
කියවලා ඇති.. ලින්ක් දෙන්න දෙයක් නෑනේ.. සම්මානයන්ට පාත්‍ර උන ඒ බ්ලොග් නොබලන කෙනෙක්
ඉන්න විදිහක් නෑ..
හරි කතාවට එමුකෝ..
අපෙත් හැම සෙනසුරාදම පොලේ යන්නේ මම තමයි ඉතින්..
ඕකට සෙනසුරාදාම තොරා ගන්නත් කාරණා කීපයක්ම තියෙනවා..
1.
සෙනසුරාදා
මට වරුවයි වැඩ.. ඉතින් වැඩ ඉවර වෙලා දවල්ට පොලේ යන්න ලේසියි..
2.
පොල
ගාවම තියෙන ලංකාවේ කෑම විකුණන කඩේට අළුත්ම බඩු එන්නේ සෙනසුරාදට වීම..
3.
එදාට
මම වගේම ලංකාවේ ගොඩක් අය එන නිසා ලංකාවේ ලස්සන ගෑල්ලමයෙක් බලා ගැනිමේ පහසුව..
ඔන්න ඔය කාරණා
නිසා ඉතින් මම පොලේ යන්නෙම සෙනසුරාදා තමයි.. එදාට ඉතින් සෙනගත් පිරෙන්නම.. අපි ඉතින්
බඩු මුට්ටු ගන්න ඉන්න අස්සේ සුද්දෝ ඇවිත් ෆොටො ගන්නවා.. එක එක විකාර ගොඩයි.. ඉතාලි, බංගලාදේශ්, මොරිසස්, අප්‍රිකන්, අරාබි, ඉන්දියන්,
චින මුහුණු අතරේ වෙනස් කම් බල බල මමත් ඉතින් පොලේ ඇවිදන් යනවා..
හැබැයි ඉතින්
අර සයිබර්යායේ කියපු ප්‍රශ්ණ මෙහේ නැතුවම නෙමෙයි.. මෙහේ ඕනවටත් වැඩිය.. වෙනසකට තියෙන්නේ
කාටවත් ගානක් නෑ.. අංකල් ජොන්සන්ව සුපර්මාර්කට්
යවලා මම පොලේම යන්නේ ඒ වයසක මනුස්සයට ඔය සෙනග අස්සේ බඩු මලු උස්සන් රිංගන්න බැරි නිසා..
දැන් වයසයි නේ...
අදාල කතාව :
ඉතින් ඔහොම පොලේ
ගිහින් ගෙදර එන පාරෙදි මුහුණ දුන්න දෙයක් ගැන තමයි අද මේ කියන්න යන්නේ.. ඔය එන පාරේ
එක පොඩි කොටසක් ඒ කියන්නේ මීටර් 200 විතර කෑල්ලක් අහු වෙනවා වාහන ගමනා ගමනය තහනම් උන.. ඒ වෙනුවට ප්‍රධාන පාරට වැටෙන්න හරි පාරේ යනවනම්
කිලෝ මිටර් එකහා මාරක් විතර යන්න ඕන.. ඔන්න ඔය පහල පින්තූර කෑල්ල බලන්නකෝ..
ඔකේ ඔය රතු ඊතලෙන්
දාලා තියෙන්නේ යන්න ඕන නිවැරදි ගමන් මග.. එතකොට අදුරු කරලා තියෙන්නේ තහනම් කලාපය..
අමුතුවෙන් කියන්න
දෙයක් නෑනේ.. මම ඉතින් පොලේ ඉදන් අර අතුරු පාරේ ඇවිත් අර කිලෝමීටර් එකහාමාර යනවා වෙනුවට
කරන්නේ වට පිට බලලා අර තහනම් කලාපෙන් මීටර් දෙසිය පනින එක.. :)
ඔය වැඩේ ඉතින්
බොහොම කාලයක් කිසිම අතුරු ආන්තරාවක් නැතුව කෙරි ගෙන ගියා මේ මාසේ මුල් සෙනසුරාදා වෙනකන්..
වම බලලා දකුණත්
බලලා ආයෙම වම බලලා මම හොර පාරෙන් බයික් එක දාද්දිම වෑන් එකක් අස්සේ හැංගිලා හිටිය පොලිස්
අංකල් කෙනෙක් පැන්නා පාර මැද්දෑවට..
“ මේ ටිකේ වාහන
වලට යන්න බෑ කියලා දන්නේ නැද්ද?”
දැන් ඉතින් මොනවා
කියන්නද? මොකො දන්නවා කියන්නෙයි..
“ අතනින් දකුණට
හරවන්න එපා කියලා බෝඩ් එක්ක ගහලා තියෙනවා දැක්කේ නැද්ද?”
“ හදිස්සියට
දැක්කේ නෑ..”
“ මම දවස් කීපයක්ම
බලන් ඉදලා තමයි මේ නැවැත්තුවේ..”
ඇත්ත.. පොර තමයි
ඒ ලගම තියෙන කලර් ලයිට් එක ලග මම දන්න කාලේ
ඉදන් හිටියේ.. පොර තඩි පොතකුත් අතට අරන් පෑනේ ක්ලිප් එකත් ගලවලා අර ගත්තා..
“ නම මොකක්ද?”
“ උමගිලියගේ
දිනේශ් අසන්ත කුමාර..”
ඔය වගේ වෙලාවට
අපේ සම්පූර්ණම නම කිවුවම උන්ට ඕක ලියා ගන්න බෑ කියන එක මම කලින් ඉදන්ම දන්න දේ.. නැත්නම්
වෙන වෙලාවට කියන්නේ මම නම කෙටි කරලා.. අනික ඔය ඕනම ෆෝම් එකක අපේ වගේ දිග නම් ලියන්න
ඉඩ නෑ.. ( අපේ පොඩි කුමාරිහාමි අක්කා උසාවියේදි
කිවුව නම වගේ එකක් කිවුවනම් මුං කලන්තේ දානවා ශුවර්.. )
ඒක ඉතාලි ඉන්න අය දන්නවනේ..
අනික අපි අකුරෙන් අකුර නම කිවුවොත් තමා උන්ට ලියා ගන්න ලේසි.. එහෙම නැත්නම් ඉතින් මොකක්හරි
ඩොකියුමන්ට් එකක් දෙන්න ඕන බලාගෙන ලියන්න..
“ ඩොකියුමන්ට්
එකක් දෙන්න..”
“ උදේ වැඩට එන්න
ටිකක් පරක්කු උනා සිංඤෝරේ.. ඉතින් ඩොකියුමන්ට් ගෙදර අමතක
උනා..”
ඇත්තටම ID එකයි
ලයිසොන් එකක් මගේ ලග තිබ්බා.. ඒත් ඕක දීලා ඉල්ලන් කන්න ඕනද? පොර පොත වැහුවා..
“ ඇත්තටම ගෙදර
ඩොකියුමන්ට් තියෙනවද?”
“ ඔව් සිංඤෝරේ..
අපේ ගෙවල් මේ ලග.. ඔනනම් යං මම පෙන්නන්නම්..”
අංකල් ජොන්සන්
එක පාරක් ඔහොම මාට්ටු උන වෙලාවක දීලා තිබුනේ ඔහොම ටෝක් එකක්.. උන් කීයටවත් අපේ ගෙදර
එනවද ඕක බලන්න.. වෙන වැඩ නැතුවයි.. ඉතින් මමත් ගේමක් නැතුව ඒකම කිවුවා..
පොර පොතත් වහලා
පෑනේ ක්ලිප් එකත් ගහලා සාක්කුවට දා ගත්තා..
“ අදට යනවා..
ඊළග දවසෙත් මෙහෙම අහු උනොත් මම මේ බයික් එකේම නැගලා ගෙදර ඇවිත් දඩේ ලියන්නේ..”
“grazie signore .. buonasera..”
දැන්
ඉතින් ඊළග දවසේ ඉදන් තෙල් පුච්චන් අර දුර පලයන්කෝ.. හැමදාම ඔහොම ගැලවිලි නෑ.. අනික
මේ පොලිස් කාරයා කොයි වෙලෙත් ඔතනමයි.. ඊළග පාර අහු උනොත් දඩේ ශුවර්.. මොනා කරන්නද තෙල් ගනන් කියලා නොබලා ඔය ටික යන
එක තමයි එකම විසදුම.. වෙන දෙයක් නෑ.. එහෙමද හිතන්නේ..
මොන
පිස්සුද, ඊළග සෙනසුරාදා ආවා.. සුපුරුදු විදිහට ලස්සන මූණු දිහා බලාගෙන පොලේ ඇවිද්දා..
බයික් එකට ආවා.. අතුරු පාර දිගේ ආවා.. තහනම් කලාපේ ලගට ඇවිත් බයික් එක නැවැත්තුවා..
එන්ජිම ඕෆ් කලා.. මම බැස්සා.. බයික් එක හරවන් අර මීටර් 200 මම බයික් එක තල්ලු කරන්
ගියා.. තහනම් කලාපේ පැනලා බයික් එකේ නැගලා
ස්ටාට් කරන් මම ආවා..
මගින්ට
පමනක් වෙන්වු කලාපයක, එන්ජිමකින් ක්රිකා කරන කිසිදු වාහනයක් ගමනාගමනය කල නොහැක..
ලයිසොන්
එක ගන්න විභාගෙට යද්දි අපිට ඉගැන්නුවේ එහෙම..
ඉතින්
ඕකේ තල්ලු කරන් යන්න එපා කියලා නෑනේ.. අපි ඉතින් සිරි ලංකාවෙනේ… :)