Monday, 23 April 2012

අවුරුදු දා ( කෙටි කතාව )


වැට මායිමෙන්  එහා කොස් ගහක අත්තක වහලා ඉන්න කොහා අවුරුදු ඇවිත් කියලා මුළු ගමටම ඇහෙන්න කෑ මොර දෙද්දී ගැන කිසි ගානක්වත් නැතිව බූරූ ඇදේ වැතිරිලා ඉන්න තමන්ගේ මනුස්සයා දිහා සුමනා බැළුවේ කළකිරුණ බැල්මකින්..

මේ ඇහුනද අවුරුද්දටත් තව දවස් දෙකයි තියෙන්නේ.. පොඩි එකාට කිරිබතක් උයලා දෙන්නවත් ගෙදර හාල් ටිකක් නෑ.. ඔහොම බුදියගෙන ඉන්නේ නැතුව ගිහින් හාල් ටිකක් අරන් එනවකො..”


කොහේ තියෙන සල්ලියක්ද බං හාල් ගේන්න..”

මේ දවස් වල වලවුවෙත් වැඩ ඇති.. ගිහින් උදවු උනොත් මිනිස්සු හිස් අතින් එවන එකක් නෑ..”

අනේ මට බෑ බං.. අනුන්ට කඹුරන්න යන්නේ..”

අර අහිංසක කොල්ල ගැනවත් හිතලා ගිහින් එනවකො.. අපි නැත්නම් කවුද ඒකට කන්න දෙන්නවත් ඉන්නේ..”

කේන්තියෙන් වචන පිටකරමින් බූරු ඇදින් නැගිටුනු ගාමිණි හැද සිටි සරම පිටින්ම වත්තේ කඩුල්ල පැන පාර දිගේ ඇවිදන් යන අයුරු සුමනා බලා සිටියේ වේදනාවෙනි.. රස්සාවක් ගැන කිසිම උවමනාවක් නොතිබුන ගාමිණි තමන් අමාරුවෙන් හම්බකරන සොච්චම පවා සමහරක් දාට බලෙන්ම අරගෙන ගියේ බූරුවා ගහන්නටය.. දිනුමක් නැතත් හැමදාම පැරදුම උරුම උන ඔහු සියල්ලම නැති නාස්ති කරද්දි රණ්ඬු වෙනවා හැරෙන්නට වෙන කරන්න දෙයක් ඈට නොවීය..

අම්මේ.. අම්මේ..”

කටු මැටි ගැසූ බිත්තියට හිස තියාගෙන කල්පනා කරමින් උන් ඇය කඩුල්ල මතින් වේගයෙන් පනිමින් දුව තම පුතුගේ හඬින් කල්පනාවෙන් මිදුනාය..

මොකද පුතේ උනේ? ඔහොම කලබලෙන් දුවන්න ගිහින් තුවාල කර ගන්න එපා..”

මොකක්ද අම්මේ අවුරුද්ද කියන්නේ?”

වේගයෙන් දුව පුතු හතිදමමින් ඇගෙන් ඇසූ දෙයින් ඇගේ සිත ඇවිළි ගියේය.. ගෙවුන අවුරුදු නමය පුරාවට අවුරුද්දක් කියා කිසිම දෙයක් ගැන නොදැන සිටි පොඩි එකාට තවත් බොරු කියන්න නොහැකි බව ඈට තේරුම් ගියාය..

අවුරුදු.. කවුද පුතාට ගැන කිවුවේ?”

ජගත්.. ජගත්ලගේ දිහා අවුරුද්දට කියලා එක එක ජාතියේ කෑම හදනවා.. මම ඇහුවම එයැයි තමයි කිවුවේ අවුරුදු කියලා.. අපි මොනවද හදන්නේ අම්මේ?”

මම පුතාටත් මොනවා හරි හදලා දෙන්නම්කෝ.. කෝ දැන් ගිහින් හොද පුතා වගේ ඇග හොදන් එන්න.. බලන්න මේ දාඩිය..”

පොඩි එකා ඈතට යනතුරා බලා උන් රහසේම දෙනෙතේ රැදුන කඳූළු පිට කලේ ඇගේ අසරණකම නිසාය.. අවපැහැ ගැන්වුන ඇගේ චීත්තයෙන් දෑස පිසදැමු ඇය ගාමිණි එනතුරා බලා සිටියේ හිතේ දෙගිඩියාවෙනි..

..................................

රබාන රත් වෙන නැකත් වෙලාවට.... නලාව පිඹපන් කොහෝ කොහෝ..”

ඈත තියාම තාලක් නැතිව ගැයෙන ගී හඩ සවනත වැටුන සුමනා අවුරුද්ද ගැන තබා තිබූ බලාපොරොත්තු සියල්ලක්ම අමතක කර දැම්මේ ගාමිණිගේ පුරුදු ගැන හොදින්ම දැන සිටි නිසාය.. ගේ පිළිකන්නේ දැළි වළන් සෝදමින් උන් ඇද සිටි චීත්තයේම තෙත් වූ දෑත් පිසදමමින් ගෙමිදුලට එද්දි ගාමිණි ගෙයි කඬුල්ල පැනීමට නොහැකිව නැවතී බලා සිටියේය..

අනේ ඇත්තට තමුසේ වගේ මිනිහෙක්.. යන්න කියද්දි මොනවද කිවුවේ මෙතන.. අන්තිමේ හම්බුන පිච්චියෙනුත් බීගෙන ආවා ගෙදර..”

කෑ ගහන්න එපා බං.. අවුරුදු හෙටනේ.. මම හෙට නැකත වෙන්න කලින් ගෙදරට බඩු ගෙනත් දාන්නම්..”

අද බැරි උන මිනිහා හෙට කොහෙන් අරං එන්නද? මට දුක අර පොඩි එකා ගැන..”

උඹ බය නොවී ඉදපංකෝ.. මේ මට මේ කඩුල්ල පන්නලා දියං..”

තමුසෙට ඕනනම් පන්නගෙන එනවා..”


කේන්තිය නිසාම කෑගැසුවත් හිතේ තැනක රැදි වේදනාව නිසාම ඇගේ දෑසට එක් උන කදුළු පිළිකන්නට යත්ම පිසදා ගත්තේ මේ කිසිම දේක තේරුමක් නැති පොඩි පුතා එන තුරා වළං මැස්ස ලග බලා සිටි නිසාය..

ඔය දැන් නාගෙන ඇවිත් ආයෙම දැළි ගා ගන්නද හදන්නේ?”

තරවටු නොකලත් ඇගේ එක හඩින්ම දරුවා වළං මැස්ස ලගින් ඈත් උනේ කුමක් හෝ හිතේ සගවාගෙන බැවු ඈට තේරුම් යන්නට වැඩි වේලාවක් ගත නොවීය..

ඇයි මගේ පුතේ?”

අවුරුද්දට අපි මුකුත් හදන්නේ නැද්ද අම්මේ?”

කුමක් කියන්නදැයි සිතාගත නොහැකිව මොහොතකට අසරණ වූවාය.. දැළි කුණු වලින් ආයෙම පිරුන දෑත් පිහදා ගනිමින් තම දරුවා ලගට ඔහුගේ හිස අත ගාමින් තමන් වෙත තුරුළු කර ගත්තාය..

තව ටිකක් හවස් වෙන්න ඇරලා අපි තාත්තට කියලා පොල් ටිකක් කඩා ගමු.. ඊට පස්සේ මම පුතාට මොනවා හරි හදලා දෙන්නම්..”

හා..”

අනෙක් කැවිළි මොනවත්ම නැතත් හාල් මුට්ටියේ ඉතුරු උන හාල් ටිකෙන් හෙට පොඩි එකාට කිරිබතක් වත් හදනවායි සිතා ගත් ඇය දරුවාව සැනසුවේ කාලෙකට කලියෙන් ගත් තීරණයක වැරැද්ද ගැන සිතමින්ය..

...................................

බිං කළුවර හෙමින්  වැටීගෙන එද්දී නොනගතයට කුස්සියේ දර ලිපේ පරණ අළු අයින් කරමින් උන් ඈට ඇසුනේ මහා කාලගෝට්ටියකි.. අළු පිරවූ මුට්ටිය පසෙකින් තැබූ වැට මායිමෙන් වලවුව දෙසට නෙත් යොමා බැළුවේ එන්න එන්න වැඩි වන සද්දය නිසාමය..

දෙයියනේ මගේ කොල්ලා..”

කුමාරිහාමිගේ පිරුණ දෑතට නතු උන පොඩි එකාට හැමෝම වටවී බනින අයුරු බලා සිටිය නොහැකි වූ තැන වැටේ කම්බී අතරින්ම රිංගා නොනවත්වාම හඬන තම පුතු වෙතට දිව ගියාය..

.. ඔය එන්නේ මහ ගෑණිත්..”

අනේ මගේ පුතේ.. ඇයි මැණිකේ මගේ කොල්ලට ගහන්නේ?”

ගහන්න.. ගහන්න නෙමෙයි මුංව පොලීසියට අල්ලලා දෙන්න වටින්නේ..”

ඇයි මැණිකේ එහෙම කියන්නේ?”

මූ ඇවිත් දර මඬුවේ තිබ්බ පොල් ගොඩෙන් පොල් හොරකන් කරනවා.. උඹලා උගන්නලා නැත්නම් කොහොමද පොඩි උනත් මුං එහම කරන්නේ..”

මම මේ කිසිම දෙයක් දන්නේ නෑ මැණිකේ.. මම මැණිකෙට වැදලා ඉල්ලන්නේ මේ කොල්ලට යන්න දෙන්න..”

කුමාරිහාමි ලග දණින් වැටුනේ වෙන කරන්නට දෙයක් නොවූ නිසාමය.. ඔවුන් ඉදිරියේ සමාව අයැදිනවා හැරෙන්නට තම දරුවා වෙනුවෙන් වෙන කල හැක්කක් ඈට නොවීය..

දණින් වැටී බැගෑපත් වන සුමනා දෙස හැමෝම නෙත් යොමද්දී කුමාරිහාමිගේ දෑතින් මිදුන දරුවා පොල් ගස් අතරින් වේගයෙන් දුවන්නට පටන් ගත්තේය..

ඒයි ඔහොම හිටපන්.. කොහේද දුවන්නේ?”

අනේ පුතේ නවතින්න..”

තව තවත් අසරණ උන ඇය හඬමින් තම පුතා පසුපස දිව යන්නට වූවාය.. තමන් යන මානයක් නොදැන ඔහේ දිව යන දරුවා පසුපස වලවුවේ කවුරුවත් දුව නාවද සුමනා දරුවා පසුපසම දුවන්නට වූයේ පොඩි එකාගේ හිත කලබල වී ඇති බව හොදින්ම දන්නා නිසාය..

පුතේ බලාගෙන..”

වචන ගලපන්නටත් කලියෙන් වත්තේ කෙළවර මායිමක තිබුන බෑවූමක දරුවා පෙරලී ගියේ ඈටත් සිතා ගන්නට කාලයක් ඉතිරි නොකරමය.. දරුවෙකුට තබා මහ මිනිහෙකුටවත් හරිහැටි බහින්නට නොහැකි වු බෑවුමේ පහලට අමාරුවෙන් සුමනා බසින විටත් හිසින් හා අත් පා වලින් ලේ ගලමින් සිහසුන්ව උන් ඇගේ පුතා දැක මහා හයියෙන් හඬන්නට පටන් ගත්තාය..

අනේ කවුරු හරි උදවු කරන්න..”

................................

දැන් නම් බය වෙන්න දෙයක් නෑ.. දරුවට සිහිය ආවා.. ඒත්,”

ගමේ පුංචි රෝහලෙන් මහ රෝහලට එවූ තම පුතාගේ තනියට දින ගනනක් නිදි වරමින්  උන් හට සතියකට පමණ පසු ඇසුන වචන මහා සැනසිල්ලක් විය..

ඇයි දොස්තර මහත්තයෝ ඒත් කිවුවේ?”

දරුවගේ දණිස් වලට ලොකු තුවාල වෙලා නිසා කාලයක් යනකම් ඇවිදින්න බැරි වේවි.. ඒත් බය වෙන්න එපා දරුවගේ ජීවිතේට අනතුරක් නෑ.. ටික කාලයක් යද්දී දරුවා වෙනදා වගේම හොදට දුවලා පැනලා ඉදීවී..”

අනේ මහත්තයෝ..”

බය වෙන්න එපා..”

මේ කිසිම දේක මතකයක් නැතිව ඇදේ වැතිරී මේ අත බලමින් උන තම පුතා ලගට ලං උනේ කඳුළු පිරි දෑසින්ය..

ඇයි පුතේ පුතා එහෙම දෙයක් කලේ?”

අම්මා කිවුවනේ තාත්තා හවසට පොල් කඩලා දුන්නම අවුරුද්දට මොනවා හරි හදලා දෙනවා කියලා.. ඒත් තාත්තා කළුවර වැටෙනකම්ම නිදා ගෙන හිටපු නිසා මම ගියේ පොල් ගෙඩියක් අරන් එන්න.. තාත්තා පොල් කඩන්නේ නැති නිසා අම්මා මුකුත් හදන එකක් නෑ කියලා හිතලා..”

පුංචි දෑසේ කඳූළු පුරවගෙන දරුවා එහෙම කියන තුරා බලා සිටි මහා හයියෙන් හඬන්නට පටන් ගත්තාය.. තමන් හැමදාම ගෙවන දුප්පත් අසරණ ජීවිත ගැන තමන්ටම වෛර කර ගත්තාය.. තමන්ගේ පවුලටත් වඩා බෝතලයට ආදරේ කල ගාමිණි ගැන ඇයගේ හිතේ ඇති උනේ පිළිකුළක්මය..

තමුසෙ නිසා තමයි කොල්ලට මේ දේ උනේ..”

..................................

කාටත් නොදැනීම කාලය ගෙවිගොස් තිබුනේය.. ඈතින් කොහා කෑ ගහන හඬ තවත් අවුරුද්දක් බවට පෙර ළකුණු කියමින් තිබුනේය..

මේ ඔය කෑම මේසේ ඔක්කොම හරි නේද?”

ඔව්.. මම අඩුපාඩු බලන්නම්.. ඔයා ගිහින් පුතා එක්කගෙන එන්න..”

වෙනදා හැමදාම ඇදි චිත්තය වෙනුවට ලස්සන සාරියක් හැද ගත් ඇය කඩිමුඩියේ ඉස්පිරිතාලයට දිව ගියේ ආයෙම වෙනදා මෙන් පොළවේ පය ගසා ඇවිදින තම පුතා ගෙදර එක්කාගෙන ඒමටය..

අපි යමු නේද පුතේ..”

අළුත්ම ඇදුමක් අන්දවාගෙන පාර දිගේ දුවන්නට පොරකන පොඩි පුතු හා නිවසට ආවේ හිතේ කවදාවත් නොවූ තරමේ සංතෝශයෙනි.. වෙනදාට වඩා එළිය උන නිවසේ පුංචි මේසයක තබා තිබුන කෑම ජාතී දිහා දරුවා බලා සිටියේ වෙනදාට වඩා සතුටිනි..

පුතේ මේකට තමයි අවුරුදු කියන්නේ.. පුතා මොනවද කන්න ආස..”





නිමි..

51 comments:

  1. අලුත් අවුරුද්දේ පරිසමාර්ථ අර්ථයෙන්ම දැල්වේවා පහන් සිලක් ආලෝකමත්වෙන්නට.. ජීවිතයන්ට වන්නට
    සුබ අලුත් අවුරුද්දක්ම...!!!

    වෙනසක් ලස්සන සිතිවිල්ලක්..! :)

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් අවුරුදු පහු වෙලානේ හලෝ...

      Delete
  2. ඇඟත් හිරි වැටිලා ගියා ඒ කතාව කියවලා. මම දන්න වලව්වල අය ඔය තරම් නපුරු නෑ. ඔය ගමේ කවුරුත් හිටියේ නැද්ද ඒ පොඩ්ඩට අවුරුදු කෑම ටිකක් දෙන්ට. අවුරුද්ද කියන එකේ තේරුම මොකක්ද කියලා හිතුනා කතාව කියවගෙන යනකොට.

    හිතට වදින විදියේ ලස්සන කතාවක්. දිනේශ්ට මුතු වැහි වහින සුබ අලුත් අවුරුද්දක්!!!:)

    ReplyDelete
    Replies
    1. " මම දන්න වලව්වල අය ඔය තරම් නපුරු නෑ "

      මේත් ඉතින් වලව්වල උදවිය නේ... :)

      මෙහෙමනේ අක්කේ කොච්චර සල්ලි තිබුනා උනත් ගමක අසරණව ඉන්න පවුලකගේ අවුරුද්ද ගැන සමහරු හිතන්නේ නෑනේ.. අනික ගාමිණි බේබද්දෙක් නිසාම ඒකට සාප කරනවා හැරෙන්න වෙන උදවුවක් කරන්න මිනිස්සු නොඑන්න පුළුවන්නේ..

      Delete
  3. හැමදේම වෙන්නෙ හොඳටයි කියල කියමනක් තියෙනවනෙ දිනේශ් අයිය......මේකත් ඒ වගේ ........

    ReplyDelete
    Replies
    1. අවසානයේ ඒ තාත්තා තමන්ගේ යුතුකම් තේරුම් ගත්තනේ.. ඒකයි වඩා වැදගත්..

      Delete
  4. හරිම ලස්සනට ලියල තියෙනව.. සංවේදියි!!

    අවුරුදු පහුවෙලා ආවේ..! කොහොම හරි සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ~ මාතරේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාතරේ මේ පැත්තට ගොඩ් උනාට..

      පහු උනාට මොකෝ සුභ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  5. දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනියි කියන්නේ ඔය නිසා තමයි.....!!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. හැමදාම අසරණ වෙන්නේ දුප්පත් මිනිහා..

      Delete
  6. වෙනස් අාකාරයක කතාවක්..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි..

      Delete
  7. හරිම සංවේදී නිර්මාණයක් දිනේෂ්.... ඇත්තටම මේ වගේ අත්දැකීම් විඳපු අය කී දෙනෙක් ඉන්න ඇතිද මේ පහුවුනු අවුරුද්දෙත්.... කවදා හරි හැම ගෙදරකම එක වගේ කිරිබතක් පිසෙන කැවිලි පෙවිලි හැදෙන අවුරුද්දක් එනවා නම්.....

    ReplyDelete
    Replies
    1. හැමගෙදරකම එක වගේ අවුරුදු සමරන ප්‍රාර්ථනය දවසක ඉටු වේවි කියලා කියන්න හරි අමාරුයි.. ඒ මේ සමාජයේ හැටි නිසාම.. මිනිස්සුන්ගේ ආර්ථික තත්ව එක්ක මේ හැම දෙයක්ම වෙනස් වෙනවා..

      Delete
  8. හරිම ලස්සනට ලියලා තියෙනවා.. මගේ ඇස් වලට කඳුළුත් ආවා..

    පරක්කු වෙලා උනත් "ඔබටත් සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..."

    ReplyDelete
    Replies
    1. සුභ අළුත් අවුරුද්දක් ඔබටත්... මේ කතාව ගිය සතියේ දානවා.. මම පොඩි විරාමයකය ගියානේ.. ඒකයි මේ පරක්කු උනේ..

      Delete
  9. හ්ම්.... වුන දෙයින් තාත්තා වැරැද්ද නිවැරදි කරගෙන වගේ..
    මං බය වුනා පොඩි එකා ඉවර තමා කියලා...

    ReplyDelete
    Replies
    1. ඒ සිදුවීමෙන් පස්සෙත් තාත්තා තමන්ගේ ජීවිතේ වෙනස් කර නොගත්තනම් තමයි පුදුමේ..

      Delete
  10. “මොකක්ද අම්මේ අවුරුද්ද කියන්නේ?”
    මෙතනදි මලය කියන්නෙ අවුරුදු 9ක ළමයෙක් ගැන. එයා ඒවගේ ප්‍රශ්නයක් ඇහුවෙ නැත්තං හොදයි කියලයි මට හිතෙන්නෙ.
    කොහොම උනත් මට එකපාරටම මතක් උනේ හරක් හොරකමකට සැක කරල අල්ලල ගස්බැදල, සදාචාරාත්මක මාධ්‍යකාරයන් රටටම පෙන්නපු අසරණ පාසල් ශිෂ්‍යයව. උඹ නං ඒක දකින්න නැතුවැති.

    ReplyDelete
    Replies
    1. මම එතනින් නම් අදහස් කලේ ගෙවුන අවුරුදු 9 පුරාවටම අවුරුද්දක් සමරලා නැති පවුලක දරුවෙක් බව කියන්න.. දුප්පත් කමත් එක්ක අවුරුදු සමරන්නේ නැති මිනිස්සුත් අපි අතරේ ඉන්නවනේ..

      නෑ අයියේ මම ඒකනම් දැක්කේ නෑ.. මහ ජරා වැඩක්නේ ඒක මොනා උනත්..

      Delete
  11. හ්ම්ම්..අවසානයේ හරි දරුවගෙ තාත්ත නිවැරදි මනුස්සයෙක් වුන එක්ක ගැන සතුටුයි..වෙනද වගේම කතාව ගැන කියන්න දෙයක් නෑ..සුපිරියි. :)

    ReplyDelete
    Replies
    1. දරුවගේ ජීවිතේට අනතුරක් උනානම් ඒ තාත්තට වෙනස් වෙන්නවත් කාලයක් ඉතුරු වෙන්නේ නෑනේ..

      ස්තූතියි අක්කේ..

      Delete
  12. අවුරුද්දටම ගැලපෙන කතාවක්...බොහොම ලස්සනයි අයියේ..ගොඩක් හැගීම්රයි...

    ReplyDelete
    Replies
    1. අවුරුද්ද ඉලක්ක කර ගෙනම තමයි මම මේක ලිවුවේ.. හැබැයි දාන්න ප්‍රමාද උනා..

      ගොඩක් ස්තූතියි මලයා..

      Delete
  13. අවුරුද්දට අවුරුදු කෙටි කතාවක්. තමන්ගේ දරුවෙක් සන්තෝෂෙන් ඉන්නවා දකින කොට දෙමාපියන්ට හැමදාම අවුරුදු වගේ ඇති...........

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. දෙමවුපියන්නට ඊට වඩා සතුටක් තියෙන්න පුළුවන්ද?

      Delete
  14. අද කතාවත් ලස්සනම ලස්සනයි..
    අවුරුද්ද කියන්නේ පොඩ් අයගෙ හිත්වල මල් පිපෙන කාලෙ..මල්ලිගෙ කතාවෙන් ඒක ලස්සනට පෙන්නලා තියනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ අපි පොඩි කාලේ උනත් බලාගෙන ඉන්නේ අවුරුදු දවස උදාවෙනකන්.. මම පුංචිම කාලෙත් අවුරුද්ද කියන දේ අපිට මේ වගේ අමාරු දෙයක් උනා..

      Delete
  15. පහුවෙලා හරි තාත්ත හැදුන එක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. මම හිතුවා උඹ මීට වඩා දෙයක් කියාවි කියලා..

      Delete
  16. සංවේදී කතාවක් ඇත්තටම අවුරුද්ද අයිති පුංචි එවුන්ටයි. පුංචි එවුන්ගේ හිත්වල ලොකු බලාපොරොත්තු දැල්වෙන කාලයක්

    මොනවා වුනත් පුංචි එකාගෙ අවුරුද්ද ඊට පස්සෙ අවුරුද්දක හරියන්න තාත්තා හොද මිනිසෙක් වෙලා

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තෙන්ම.. අවුරුදු කාලෙට වැඩියෙන් සතුටු වෙන්නේ පොඩි එවුන්.. අවුරුද්දේ නිදහස වැඩියෙන් විදින්නෙත් පොඩි එවුන්..

      Delete
  17. ඇත්තමයි ඇඟ හිරි වැටිලා ගියා අයියේ. මාරම සංවේදී කථාව.. තාත්තා වෙනස් වුන එකම කොච්චර දෙයක්ද..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගියේ.. ඒ තාත්තා මීට කලින් වෙනස් උනානම් දරුවට අවුරුද්දක් සමරන්න මෙච්චර කාලයක් ඉන්න වෙන්නේ නෑ..

      Delete
  18. ගොඩක් සංවේදී කතාවක .කෙනෙක් අවුරුදු සමරද්දී කි දෙනෙක් ඒ දිහා බලාගෙන සදුක් වෙනවද?

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඔය අතරේ ඉතින් කවදාවත්ම අවුරුද්දක් සමරපු නැති මිනිස්සුත් ඉන්නවනේ..

      Delete
  19. Replies
    1. ගොඩක් ස්තූතියි නෙරංජී.. ගොඩක් කාලෙකින් මේ පැත්තට ගොඩ වෙලා තියෙන්නේ.. :)

      Delete
  20. අන්න ඒක තමා අවුරුද්ද..

    ජයෙන් ජය !

    ReplyDelete
    Replies
    1. ඇත්තටම.. අන්තිමේ ගෙදර හැමෝම සතුටින්..

      Delete
  21. Harima lassana kathawak malli.
    Monawa unath thaththa anthimata therum gaththane. Eka honda deyak.
    Monawa unath eka parak waradennama one kenekuta thamage waradda therum ganna.

    Awurudu jayada
    Kumari

    ReplyDelete
    Replies
    1. ඒ තාත්තට වගකීම් තේරුම් ගන්න මීට වඩා අවස්ථාවක් එන්නේ නෑ.. වාසනාවට දරුවට ලොකු අනතුරක් නොවි ජීවිත පාඩමක් තාත්තා ඉගෙන ගත්තා..

      මගේ අවුරුදුත් ඒ තරම්ම ජයක් නෑ අක්කේ.. පිරරටක තනි වෙලා ඉද්දි ඉතින් මොන අවුරුදුද??

      Delete
  22. සුභ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. මටද සුභ පැතුවේ.. හලේ මෙච්චර පරක්කු වෙලා... එසේම වේවා.. එසේම වේවා..

      Delete
  23. අවුරුද්ද වෙනුවෙන් ලියවිච්ච මම දැකපු හොදම කතාව..(Y) හැබැයි ඇඟ හිරිවැටිලා ගියා.. සංවේදි වැඩියි!!! ඒත් අවසානෙ ලස්සනයි!!හොද දෙයකින් නෙ අවසාන වුනෙ!!

    ReplyDelete
    Replies
    1. සංවේදි වැඩියි කියලා හිතන්න එපා.. මේ දේවල් ඇත්තටම වෙනවා.. අපි වැඩිය නොදකිනවා උනාට.. අවුරුදු කතාවක් නොවුනනම් අවසානේ ටිකක් වෙනස් වෙන්න තිබුනා..

      Delete
  24. අන්තිමේදිවත් ඒ මනුස්සය හැදුන එක ලොකු දෙයක්.....

    හයියූ මං පලක්කුවෙලානෙ...:(

    ReplyDelete
    Replies
    1. තාත්තා හොද මනුස්සයෙක් උන එකයි වැදගත්ම..

      ඒක නේන්නම්.. මොකෝ මේ කවදාවත් නැතුව පරක්කු උනේ?

      Delete
  25. ඉතාම සංවිදි කතාවක්... දිනේෂ්ට ඇත්තටම කෙනෙක්ගේ හිතට වදින්න ලියන්න ලොකු හැකියාවක් තියෙනවා...!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි යාළුවා.. ඇත්තටම මේ සාමාන්‍ය ජීවිතේ කතා අකුරු කරන්න මම ගොඩක් කැමතියි..

      Delete
  26. mallige kavi walata wada kathawa prabalayi.
    hithata vadinna liyala thiyenawa.
    jaya....

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්