Tuesday, 17 April 2012

අපේ බොසාට කියාදුන් පාඩම


අපේ ෆාමසියේ රුවැත්තියෝ තුන්නෙක්ම ඉන්නවාය කියලා මම කියලා තියෙනවනේ.. නෑ නෑ අළුතින් ආපු රුවැත්තිය නෙමෙයි..  අනිත් අය.. අපේ ෆාමසියේ ඉන්නවා ඉතින් ලස්සන සුන්දරියෝ තුන් දෙනෙක්.. ඒකෙන් ඉතින් එක්කෙනෙක් ගැන ඉතින් මම නිතරම කියලා තියෙනවනේ.. අනිත් කෙනා බැදලා.. ඉතින් අපි එයා ගැන කතා කරන්නේ නෑ.. ඊට පස්සේ අනිත් කෙනා ගිය අවුරුද්දේ අපි වගේ පිස්සෝ ටිකක් එක්ක වැඩ කරන්න අළුතින් ආපු දොස්තර නෝනා..

ගිය සිකුරාදා මමයි අපේ බොසයි එලියේ පොඩි කතාවක් දාගෙන ඉද්දි මේ අළුතින් ආපු දොස්තර නෝනා ආවා වැඩට.. හැබැයි පරක්කු වෙලා.. ඈතින් වාහනේ එනවා දැකලා ලොක්කා ඔරලෝසුව දිහා බැළුවෙත් වෙලාවට වැඩට එන නිසා.. ඉතින් ඈත තියාම එන මෙයාගේ ලොකු වෙනසක් මම දැක්කා.. ඉතින් වෙන මුකුත් නෙමෙයි.. ලස්සනයි.. 


ලස්සනයි කියන්නේ ඉතින් වෙනදටත් ලස්සනයි.. ඒත් අද මෙච්චර දවසක් නොදැක්ක අමුතු ලස්සනක් තියෙනවා.. කොණ්ඬේ එහෙම ලස්සනට හදලා.. වෙනදට වැඩිය ටිකක් මේක් අප් දාලා එද්දි මම විතරක් නෙමෙයි අපේ ලොක්කාත් බලාගෙන හිටියේ කෙල හලාගෙන.. ඈත තියාම ඉතින් අපි ඉදෙන්න බලාගෙන ඉන්නවා දැකලා පොඩි සැලූට් එකකුත් දාගෙන ආවේ.. ( ගෙවුන ඉරිදාවක නිශාන්තයෙන්අත වැනුවේ මටයිසිංදුව ඉල්ලුවේ මේ නිසාම තමයි.. මොකටද ඉතින් බොරු කියන්නේ..” )


දිනේශ් බලපංකෝ මෙයාගේ ලස්සන අද?”

දොත්තෝරේ මට හීමීට කණට කියලා කිවුවා.. උනාට ඉතින් මට ඔවුවට උත්තර දෙන්නවත් සිහියක් නෑ.. මාත් බලාගෙන හිටියා..

buon giorno dottore, buon giorno Dinesh..”

එහෙම කියලා හරි යන්නේ නෑනේ.. කිවුවේ සුභ උදෑසනක් කියන එක හොදේ..  buon giorno කියන්නේ සුභ උදෑසනක්.. ඈත තියාම සිරියාවන්තව හිනාවීගෙන එද්දි ඉති සුභ නොවී ඉදීවිද?

buon giorno .. sei  bellissima  oggi -  සුභ  උදෑසනක්.. උඹ අද වෙනදටත් වඩා ලස්සනයි..”

ලොක්කා පැනපු ගමන් කිවුවා.. ඇත්ත ඉතින් ලස්සන දේ අගය කරන්න ඕන.. ඒත් මම නිකම්ම සුභ උදෑසනක් කියලා විතරයි කිවුවේ.. මමත් ලස්සනයි කියලා කියාවියි කියලා පොඩ්ඩක් වෙලා බලන් හිටපු දොස්තර නෝනා යන්න ගියා..

දිනේශ්, මොකක්ද උඹ කරපු වැඩේ?”

මොකක්ද?”

ඇයි ලස්සනයි කිවුවේ නැත්තේ?”

මොන හේතුවක්ද මන්දා මගේ පුරුද්දක් තමයි කවදාවත් ඔය අගය කිරීම නොකෙරෙන එක.. ඔය වචන සෙට් එක මගෙන් පිට වෙන්නේ ඉතින් හරිම කලාතුරකින්.. දැන් ඉතින් මේක බලන කට්ටිය බලාවි මොකෝ කියලා.. ලස්සන දේ අගය නොකර ඒක හිතින් විදින්න අපි කැමතියි කියලා මේක බලන පිරිමි කට්ටිය එකග වේවි මාත් එක්ක.. අපෝ මෙයාලගේ ආඩම්බරකම කියලා ඉතින් ගෑල්ලමයි දැන් බනීවී.. 

අනික ඉතින් ලස්සන දේවල් අගය කරනවනම් හරියට අගය කරන්නත් ඕන.. නැත්නම් එතනත් ප්‍රශ්ණ.. අනික ඉතින් ලස්සන දේවල් අග නොකර ඉන්නකම් අපෙන් වචන සෙට් එක අහගන්න ගෑල්ලමයි අපි ලගම කැරකි කැරකි ඉන්නවනේ.. ඉතින් මමත් ඕක දොත්තෝරෙට තේරුම් කරලා දුන්නා..

අනේ මේ නිකන් ඉදහන්.. එහෙම කොහොමද වෙන්නේ..”

දොත්තෝරේ මාත් එක්ක වාදෙට පැටලුනා.. එදා සිකුරාදා හන්දා මටත් එච්චර වැඩකුත් නෑ.. ඉතින් එහෙම වෙලාවට මෙහෙම කතාවක් සෙට් වෙනවට මම මාරම ආසයි..

අද දවසේ ඇතුලත එයා දොත්තෝරේ එක්කද  මාත් එක්කද වැඩියෙන් කතා කරන්නේ කියලා බලමුද?”

හරි බලමු..”

තව කාරණාවක් කියන්න බරි උනා.. ෆාමසියෙ ඉන්න අයගෙන් වයසින් වැඩිම අපේ ලොක්කා වගේම වයසින් අඩුම මම.. වගේම තාම තනිකඩයොත් අපි දෙන්නම තමයි.. :) ඔය අතරේ තමයි ඉතින් මේ දොස්තර නෝනා ඉන්නේ.. අවංකවම ඇත්ත කියනවනම් එදා මේ විදිහට දකිනකම් මම හිතාගෙන හිටියෙම ෆාමසියෙන් ලස්සනම මම හැමදාම කියන අනිත් දොස්තර නෝනා කියලා.. පහු උන සිකුරාදාවට පස්සේ අදහස වෙනස් උනා.. ආඩම්බර කමට හරි මොකකට හරි මම ගැන කෙලින්ම නොකිවුවට ඉතින් ඒක මටත් දැනුනා..

ඉතින් එකගතාවෙන් පස්සේ අපේ සුපුරුදු වැඩ අපි කරගෙන ගියා.. ලොක්කත් ඉතින් ඔෆිස් එකට වෙලා ඉන්නේ මේ පැත්තට ඇහැ දාගත්ත ගමන්ම.. මමත් ඉතින් මගේ පාඩුවේ වැඩ කරන් ඉද්දි සිද්ද උනේ මම හිතපු දේම තමයි.. කට්ටිය පිළිගන්නවනම් පිළිගන්න නැතත් එක්කෝ පිළිගන්න එදා ඉඩ ලැබෙන හැම වෙලාවකම එයා කතා කලේ මාත් එක්ක..

ඉරිදා පාසුකුව නිසා මම කොහේවත් යනවද, එදාට අපි මොනවද කරන්නේ, අරකද මේකද සෑහෙන ප්‍රශ්න ගොඩයි.. වෙනදා කඩා ගැලෙන්න තිබ්බ කොණ්ඩේ කැරලි කරලා ඒකත් අතින් අල්ලන ගමන් මාත් එක්ක කතාව.. මමත් ඉතින් කතාව අස්සෙම මේවත් බලාගෙන හිටියා..

දවසත් හෙමින් සීරුවේ ගෙවිලා ගියා.. රාත්‍රී 8ත් ලංවෙමින් තිබුනා.. ඔෆිස් එකේ ඉදන් හිටිය ලොක්කා ගාවට මම ගිහින් කතාවක් දා ගත්තා..

දිනේශ් උඹ කියපු එක ඇත්ත.. මාත් එක්ක එකම එක පාරනේ කතා කලේ.. ඒකට උඹ එක්ක.. මම බලාගෙන හිටියේ..”

ඒකනේ දොත්තෝරේ මම කිවුවේ..”

උඹ ඉතින් පස්සෙවත් කිවුවේ නැද්ද?”

නෑ තාම කිවුවේ නෑ..”

ඔන්න ඔහේ ඕක කියපං බං.. නැතත් ඉතින් ඒකෙත් පාඩුව උඹටමනේ..”

හ්ම්ම්.. බොසාගේ කතාවත් ඇත්ත.. ඉරිදා පාස්කු නිසා අන්තිමට පාස්කුවට සුභ පතද්දි හම්බුවෙන හාදුවත් මිස් වෙන වැඩක් මේක.. උදේ වෙනදටත් වැඩිය හොදට රැවුල කපාගෙන ආවෙත් හාදු දෙන්න තියෙන නිසා.. ඉතින් ඒක මිස් කර ගන්නේ මොකටද කියලා මාත් කල්පනා කලා..

ඉතින් ඔය ගැන හිත හිතම මම එද්දි දොස්තර නෝනා තනියම වැඩක.. මම බැළුවේ අනිත් එක්කෙනාත් ලග පාතම ඉන්නවද කියලා.. මොකද ඉතින් එයත් ඉන්න තැන ඕක කිවුවොතින් මට ලෝක ලෙඩක් වෙනවනේ..

දොත්තෝරෙස්සා අද රෑ කෑමකට එළියට යන්නවත්ද?

එක පාරම උඹ අද ලස්සනයි කියන්න තිබ්බ චාන්ස් එක දැන් පහු වෙලා නිසා ඉතින් වටින් යන්න සිද්ද උනා..

ඔව්.. දිනේශ කොහොමද දන්නේ?”

නෑ අද දොත්තොරෙස්සා වෙනදට වැඩිය ලස්සන නිසා එහෙම හිතුවේ..” 

හප්පේ අමාරුවෙන් කියා ගත්තා.. මං දිහා බලලා හිනා වෙලා දොත්තොරෙස්සා  grazie කියලා ඉතින් මගේ අගය කිරීම පිළිගත්තා.. ඊට පස්සෙ ඉතින් රෑ යන කෑම ගැන මොනදෝ විස්තර වගයක් කියව කියව හිටියා මාත් එක්ක.. සැලෝන් එකකට ගිහින් කොණ්ඩේ දාගත්තු හැටියි තව මොනවද මන්දා විස්තර කිවුවා..

අන්තිමේ ඉතින් අපි එද්දි අර පාස්කුවට ලැබෙන්න තිබ්බ සුභ පැතුම් හාදුවත් අරගෙන එන්න හදද්දි ලොක්කා මාව නවත්ත ගත්තා..

“  දිනේෂ් උඹ කිවුවේ ඇත්ත.. එක පාරම එහෙම නොකියා ටික වෙලාවක් ඉදලා කියද්දි තමයි අගේ වැඩි..”

ඒකනේ දොත්තෝරේ මම කිවුවේ..”


 

විශේෂයි :- මීට කලින් දවසක මම අපේ බොසා  මට කියලා දුන්න පාඩම ගැන කිවුවනේ.. මේ ඒකට මම දුන්න රිටන් එක.. මේක බලන මගේ බුද්ධිමත් යාළුවෝ කියන්න බලන්න ඒ පාඩමද මේ පාඩමද වටින්නේ කියලා..

අති විශේෂයි :- මොකක් හෝ හේතුවකට ගෙවුන සතියේම මේ දොත්තොරෙස්සා කොණ්ඩ මෝස්තරේ නම් වෙනස් කලේ නෑ.. හැබැයි ඉතින් කොච්චර ලස්සන උනත් හැමදාම දකිද්දි ඒ ලස්සන නැති වෙනවාය කියන එක තව ටික දවසක් මෙහෙම ගියොත් කියන්නට වෙනවාය..

අති අති විශේෂයි :- අපේ අම්මා කිවුවා මට මේ දවස් වල සිකුරා ලබලා කියලා.. අනේ මන්දා.. :)




100 comments:

  1. සුදු නෝනලගෙ ලස්සන බලන්න ගිහින් ලංකාවට යන්න වෙයිද මන්දා...
    මෙදා පාර නම් බොසාගෙ ජීවිත පාඩම හොදයි වගේ මට නම්...

    ReplyDelete
    Replies
    1. ලංකාවට යාම කෙසේ වෙතත් මෙහේම ඉන්න වෙයිද මන්දා.. :)

      Delete
  2. හත්තිලව්වේ... එහෙනම් ඔන්න දිනේෂ් අයියා දොස්තොරෙස්සා අක්ක කෙනෙක් එක්ක ලංකාවට එනවා ලු!! ඒක නෙවෙයි. නරක ද අපිටත් ඔය ඉතාලියානා වලින් ටිකක් කියලා දුන්නොත්!! හෙක් හෙක්!

    ReplyDelete
    Replies
    1. මේ ලිපි ලියවෙද්දි ටික ටික ඉතාලිත් ඉගෙන ගැනේවී මල්ලියේ..

      " දොස්තොරෙස්සා අක්ක කෙනෙක් "

      බොලේ දැම්මම නෑදෑකමුත් හදාගෙන..

      Delete
    2. දොත්තොරෙස්සා අක්ක කෙනෙක් ඒකත් නියමයි..

      Delete
    3. ඇයි ඉරිසියයිද?

      Delete
  3. සිකුරද සෙනසුරා ද දන්නෙ නැහැ කේන්දරේ බලව ගන්න ඉක්මනින්.....!

    ReplyDelete
    Replies
    1. මේවට තමයි පැහැදිළි ඉරිසියාව කියන්නේ.. :)

      Delete
  4. මටත් නම් පේන්නේ සිකුරා ලබලා වගේ.:D

    ReplyDelete
    Replies
    1. මටත් ටික දවසක ඉදන් එහෙම හිතුනා :)

      Delete
  5. Replies
    1. ඉරිසියා කරන්න එපා බං...

      Delete
  6. අම්ම කිව්වනම් ඒක ඇත්ත. මොකද ඉතින් සිකුරා පාස්කුවේ ලබලානේ බලනකොට. අලේ.. අනිත් කතාවනම් ඇත්ත. නිතර දකින කුකුලගේ කරමලෙත් සුදුයි කියනවනේ..

    ReplyDelete
    Replies
    1. පාස්කුවට පස්සේ ගෙවුන සතියම මෙයා දැම්මේ එකම මෝස්තරේ.. හොද වෙලාවට මේ සතියේ වෙනස් වෙලා..

      Delete
  7. අර අතවනන නෝනනම් හැබැවටම ලස්සනයි. සින්දුව ඉල්ලුවේ මොකද කියල දැන් තමා තේරුනේ :D

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් ඇත්තම කියනවනේ අක්කේ.. :)

      Delete
  8. උපදේසෙ නම් ඇත්ත! කොයි රටේ හිටියත් බවලත් උදවියගෙ ගති ගුණ නම් එකයි වගේ නේද?

    ReplyDelete
    Replies
    1. කොයි රටේ හිටියත් කාන්තාවෝ කාන්තාවොම තමයි.. :)

      Delete
  9. බොසාගෙ පාඩම අවදානමෙන් ගැලවීමක්...ඔයාගෙ පාඩම අවදානම අරගෙන පොරවීමක්...

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ඒත් ඒ අවදානම ගත්තා කියලා නරකක් නම් උනේ නෑ..

      Delete
  10. පුහ්හ්!! බැලුවාම ගෑණූ ළ්මයි විතරක් නෙවෙයි, පිරිමි ළමයිනුත් හෙනට ගනන් දානවානෙ..:p

    කොහොම වුනත් ලස්සන දේට ලස්සනයි කියන්න ඕනෙ..එතකොට තමා හොද.;)

    ReplyDelete
    Replies
    1. අපි ඒ උනාට ඔය නපුරු හිතුවක්කාරියෝ වගේ නෙමෙයි.. :)

      ලස්සන දේට ලස්සනයි කියන්න ඉක්මන් වෙන්න හොද නෑ.. එතකොට තමයි හොද.. :)

      Delete
    2. අහ්හ්.. දැන් මෙයා පළීගන්නවානෙ..:/ හැම එකටම අපි අවු.3 ගාවගන්න නිසා. අයියා දැන් හැම එකටම මට නපුරු හිතුවක්කාරිලු!! :/ ඕනෙ නෑ..තලහයි!!

      Delete
    3. හලේ ඉතින් නපුරිට නපුරි නොකියා කොහොමද ඉතින්.. :)

      Delete
    4. මේ දෙන්නගේ රණ්ඬු හැමදාම.. :)

      Delete
    5. දාපි දෙන්නා එහෙම තමයිලු.. නේ හිතූ..

      Delete
  11. ආහා.......දොස්තර නෝනා මූව අල්ලගනීද දන්නෙ නෑ :-)

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම්.. මේ අහිංසක මම.. :)

      Delete
    2. දොස්තර නෝනට පිස්සු වගේනම් මෙයාව අල්ල ගනියි.. :)

      Delete
    3. හරි හරි.. එහෙමනේ හිතාගෙන ඉන්නේ.. :(

      Delete
  12. මල්ලිත් දන්න දේවල්..හික්ස්..

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඉතින් මම තාම පොඩි එකානේ අක්කේ.. :)

      Delete
  13. ඇහ්.....ඩෙත් වෙඩිමයි කිව්වලු.........
    හයියූ.......ඩෙයියනේ.....නෑ ඒකට් හොඩයි.....අවුලුඩු ටුනක් ඉන්නෝනෙ නානෙ කේක් කන්න..;)

    ReplyDelete
    Replies
    1. ඩෙත් වෙඩිමයිම තමයි.. ඉතාලියේ වෙඩින් කේක් කියලා ජාතියක් නැතෝ.. :)

      Delete
    2. ඇහ්....ඩෙත් වෙඩින් ඩෙකයි කිව්වලු......එටකොට වෙඩිමට් ඔහෙමඩ ගන්නෙ....:O

      Delete
    3. එහෙම තමයි හිතාගෙන ඉන්නේ.. ඇයි එපාද??

      Delete
  14. හ්ම්ම් ඒකත් එහෙමද? එතකොට කොල්ලොන්ට කොයි වෙලාවටද කියන්න ඕන? :))

    ReplyDelete
    Replies
    1. කොල්ලන්ටනම් ඉතින් කොයි වෙලේ කිවුවත් එකයිනේ අක්කේ.. :)

      Delete
  15. ඇත්තටම දිනේශ්ගෙ තියරිය හරි වෙන්න ඕනෙ..මොකද කොල්ලෙක්ගෙන් ලස්සනයි කියල අහගන්න හරි අමාරුයි තමා..

    මොන වුනත් අන්තිමට හරි ලස්සනයි කිව්ව එක හොඳයි..කවුරු ලස්සනයි කිව්වත් දොත්තොරෙස්සා බලාපොරොත්තුවෙන් ඉන්න කෙනා ලස්සනයි නොකිව්වම අප්සට්නෙ අප්පා.. ;)

    ReplyDelete
    Replies
    1. මම ලස්සනයි කියනකම් එයා මොකට බලගෙන ඉන්නද අක්කේ.. :) ඔය අපේ ලොක්කා පැන්න ගමන් කිවුවේ..

      Delete
  16. ඇත්තටම දිනේශ්ගෙ තියරිය හරි වෙන්න ඕනෙ..මොකද කොල්ලෙක්ගෙන්. ලස්සනයි කියල අහගන්න හරි අමාරුයි තමා..

    මොන වුනත් අන්තිමට හරි ලස්සනයි කිව්ව එක හොඳයි..කවුරු ලස්සනයි කිව්වත් දොත්තොරෙස්සා බලාපොරොත්තුවෙන් ඉන්න කෙනා ලස්සනයි නොකිව්වම අප්සට්නෙ අප්පා..දිනේශ් කී දවසක් මූණ සේදුවෙ නැතිව හිටියද දන්නැහැ අර දීපු හාදුව සේදෙන නිසා.. :D

    ReplyDelete
    Replies
    1. සෙනසුරාදා ඉරිදා ඉදලා සදුදම තමයි ආයෙම වැඩට යන්න මුණ හේදුවේ.. :)

      Delete
    2. සුමානයක් නෑවේ නෑ කියලා අපිටනම් ආරංච්... :)

      Delete
    3. ඔව් ඔව්... තාම නෑවේ නෑ..

      Delete
  17. hiks.... Eththa eththa pahu wela himeeta kanata karala kiyanakota thama age wedi.... ;)))

    ReplyDelete
    Replies
    1. එහෙම හොරෙන් කිවුවේ වෙන කාරණාවක් නිසානේ.. :)

      Delete
  18. කාලෙකින් මේ පැත්තෙ ගොඩ වුනේ සමාවෙන්න ඕනෙ ඉතින් එන්න බැරි වුනාට...බොසාට දුන්න රිටන් එක සුපිරි නොවැ දිනේශ් අයියෙ......:)

    ReplyDelete
    Replies
    1. අපි සිංහල කොල්ලොනේ මලයා.. රිටන් එක නොදී කෝමෙයි..

      ඉඩ තියෙන වෙලාවක ඉතින් මේ පැත්තේ ගොඩ වෙමු..

      Delete
  19. සිතින් පතා ඉන්නම් ......

    ReplyDelete
    Replies
    1. දවසක චාන්ස් එකක් ඒවී..

      Delete
    2. එනකන් බලන් හිටියොත් හොඳට තියෙයි

      Delete
    3. එහෙනම් බලා නොයිද ඉක්මන් වෙමු.. :)

      Delete
  20. grazie කියන්නේ ස්තූතියි කියලද? එතකොට ඇත්තටම හාදුව ලැබුනේ නැද්ද? අපරාදේ නේ වචන ටික.
    ආ ඒ පාඩම හොදයි. මේ පාඩම හොදායී.....

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ grazie කියන්නේ ස්තූතියි කියන එක තමයි.. අන්තිමේ හාදුව ලැබුනෝ.. වචන අහක ගියේ නෑ.. :)

      Delete
  21. දොත්තොරෙස්සා ta thaama sikura labala nadda???

    ReplyDelete
    Replies
    1. මෙහේ අයට නම් ඉතින් හැමදාම සිකුරා තමයි.. :)

      Delete
  22. ආසාවෙන් කියෙව්ව පෝස්ටුව. ඔයවගේ ඔපීසියෙ කෑලි දාපං. සිකුර ලැබුවට වැඩක් තියනවද උඹ අකමැතිකොට!

    ReplyDelete
    Replies
    1. ඔපීසියේ වෙන දේවල් වලින් හැමදාම උනත් මේ බ්ලොග් එක ලියන්න පුළුවන්.. හෙමීට ඒ ගැනත් දාන්නම්..

      අයියා කිවුව දේත් ඇත්ත.. බැල්ම තිබ්බට මගේ මනාපේ තාම නෑනේ.. දැන් නම් එහෙම ඉදලා බෑ වගේ.. :)

      Delete
  23. මමත් අයියා එක්ක එතන හිටියනම්

    ReplyDelete
    Replies
    1. හොද වෙලාවට හිටියේ නැත්තේ.. :)

      Delete
  24. ම් ඔව් ඔයාගේ ක්‍රමයනම් හරි තමා.ගෑනු වෙච්ච අපි උපතින්ම ආසයිනෙ කවුරු හරි අපිට ලස්සනඉ කියනවනම්.ඒත් ඉතින් ලස්සන උනත් හැමදාම අගය කරනකොට ඒක ඇති වටිනාකම් නෑ තමා.ඒත් ඉතින් ලස්සන දේ අගය නොකර හිතේ තියාගෙන ඉදලත් ඇති වැඩක් නෑ ඒ නිසා අන්තිමට හරි ඒක කියපු එක හොදා

    ReplyDelete
    Replies
    1. අක්කා මගේ තියරි එක අනුමත කිරිමෙන්ම මම හරි කියලා තේරුණා.. අගය කරන්න ඕන.. හැබැයි ඉක්මන් වෙන්නවත් පරක්කු වෙන්නවත් හොද නෑ.. හරි වෙලාවට කියන්න ඕන..

      Delete
  25. හොඳ වෙලාවට ලස්සනයි කියලා කිව්වෙ.. නැතිනම් පාස්කු හාදුව මිසින්ග් නෙහ්.. :P
    සිකුරා කොයි පැත්තට ලැබුවත් අපිට කේක් ඕනා හලී.. ;D

    ReplyDelete
    Replies
    1. පාස්කුව නෙමෙයි නම් කියන්නෙම නෑ මම.. අන්තිමේ හාදුව මිස් වෙයි කියලා තමයි කිවුවේ.. :)

      Delete
  26. [ර පාස්කුවට ලැබෙන්න තිබ්බ සුභ පැතුම් හාදුවත් අරගෙන ] :o :o :o

    [අපේ අම්මා කිවුවා මට මේ දවස් වල සිකුරා ලබලා කියලා..] - එ්ක හරි එ්ක හරි :p

    ReplyDelete
    Replies
    1. අලියා මොකද මේවා විශේෂ කරලම පෙන්නුවේ.. :)

      Delete
    2. විශේෂ කරලා තියෙන්නේ අයියාගේ හැටි දැන ගන්නනේ.. :)

      Delete
    3. මං ගැන ඉතින් මේ කාටත් වැඩිය නංගී දන්නවනේ..

      Delete
  27. හාහ් හාහ් හාහ් මරු පාඩම දිනේෂ් අයියේ. මරු පාඩම.

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ.. අපෙන්ම ඉගෙන ගන්න ඕන.. :)

      Delete
  28. හරි හරි මට තේරුනා ගෑණු ළමයින අගය කරන්න හොඳ නැහැ.ඒත් මම බැලුවා මොකද ගෑණු ළමයි මට හාදු දෙන්න කැමති කියල.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ අසාර් අයියත් හැමදාම රැවුල කපල ඉන්නවා ඇති.. මේ මං වගේ.. :)

      Delete
    2. හෑ.... :O අප්‍රිකාවෙ ඉන්න ගෑණු ළමයින්ගෙන් අසාර් අයියාට පුදුම ඉල්ලුමක්නෙ ඇත්තෙ? :O :O

      Delete
    3. එහෙම තමයි අපිට තියෙන ඉල්ලුම.. නැද්ද අසාර් අයියේ.. කියන්නකෝ මෙයාට..

      Delete
  29. දිනේෂ් ළමයට ඒවගේ දේවල් ගැන හොඳ දැනීමත් තියන පාටයි....සිකුර කෙසේවෙතත් ඇහැට කනට පේන ගෑල්ලමයි එක්ක ඉඳළ බෙහෙත් එහෙම මාරු කරල දෙනව නෙමේ

    ReplyDelete
    Replies
    1. ඉතාලි ආවට පස්සේ ඒ වගේ දේවල් ගැන හොද දැණුමක් ලැබුනනේ.. :)

      Delete
  30. අම්බෝ.. උණගැනිලා උන්නේ... මෙහෙම එකක් දැක්කෙ නෑ නෙව..

    මොනා උනත් දොස්තර මහත්තයාට හිතෙන්න ඇති
    "ම්ම්.. පොඩි උනාට කොල්ලාගෙං ඉගෙනගන්න දේවලුත් තියනෝ" කියලා

    ReplyDelete
    Replies
    1. මොකද උණ ගැනිලා හිටියා කිවුවේ?

      නැතුව නැතුව.. අපේ දැණුම ගැන ඉතින් කියන්න ඕන නෑනේ.. :)

      Delete
  31. මං හිතුවෙ ලස්සනයි කියලා කියන්නෙම නැතිවෙයි කියල.බලනකොට අන්තිමේදි කියලා :)

    ReplyDelete
    Replies
    1. එදා පස්කු නිසයි කිවුවේ.. නැත්නම් හාදු නැති වෙනවනේ තරහා උනාම.. :)

      Delete
  32. ලස්සන දේ අගයන්න ඕනෙ මොනවා කිව්වත්. නමුත් ඕක ගැස්සිලා යන වෙලාවලුත් තියෙනවා. "ඇයි රත්තරං ඔච්චර ගනං?" කියලා ගුටි කාපු එකෙක් ගැන මං අහලා තියෙනවා.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. පරිස්සමින් තමයි මොනා කලත් කරන්න ඕන..

      Delete
  33. මොනව හරි දෙයක් වෙයි වගේ.. ජය ජය !

    ReplyDelete
    Replies
    1. මොනව හරි දෙයක් කිවුවේ සෑමෝ.. තේරුණේ නෑ වගේ.. :)

      Delete
    2. උබ බබා.. මාසෙකින් විතර වෙනසක් වෙයි. එතකොට බලපං.. හිකිස් !!

      Delete
    3. හොදටම ශුවර්ද බං මාසෙකිනුයි වෙනසක් වෙන්නේ කියලා.. :)

      Delete
  34. ඔහොම යන් ඔහොම යන් දිනේෂ් මල්ලි..... ජය වේවා...

    ReplyDelete
    Replies
    1. ගමන පැහැදිළියි නේ අයියේ? :)

      Delete
  35. පොස්ටි එක කියවන් යනකොට මගේ මතකයට නැගුනු කරුණු 3ක් සදහන් කරන්න කැමැත්තෙමි...

    1). දිනේෂ්ට තවත් සැරයක් ගෙදරින් බාල්දියක් වැටීමෙි පෙර නිමිත්තක්ද මෙි කියා සැකයක් ඇතිවුනා.

    2). වයසින් වැඩි වුනත් දිනේෂ්ගේ උපදෙස් නිසා තවමත් තනිකඩව ඉන්න ෆාමසියේ ප්‍රධානියා ලගදිම කසාද බදිනවා නොඅනුමානයි..

    3). ගැහැණු ලමයි ගැන හොද අවබෝධයක් වගේම වැඩිය තමන්ට ප්‍රශ්නයක් නොවන ආකාරයට ඒ උදවියත් සමග ගනුදෙනු කරන්න දිනේෂ්ට තියෙන හැකියාව නිසා බිලොග්කරණයේ යෙදිලා ඉන්න ඔිනම කෙනෙක්ට දැන් දිනේෂ්ට කතා කොරලා උපදෙස් අරගන්න එක ඉතා වටිනා බව...

    (විහිළුවක් පමණි)

    ReplyDelete
    Replies
    1. 1. ගෙදරින් බාල්දි වැටෙන්න විදිහක් නෑ කියලා හිතනවා.. හැබැයි ඉතින් අර මගේ කේලාම් කියන අය මොනා කියයිද දන්නේ නෑ..

      2. ලොක්කා බැන්දොත් අපිටත් මඟුල් වගේ තමයි ඉතින්.. ඒකට හේතු ගොඩකි.. :)

      3. එසේය එසේය.. ඕනම වෙලාවක උපදෙස් දෙමි.. මොකද මේවා දැලි පිහියෙන් කිරි කනවට වැඩිය අමාරුය..

      ( විහිළුවක් පමණි කියලා ලියන්න එපා බං.. ඕනම දෙයක් මට කියන්න අවුලක් නෑ..)

      Delete
  36. "ලස්සන දේ අගය නොකර ඒක හිතින් විදින්න පිරිමි කැමතියි" කියන එකට මමත් එකගයි.. මෙහෙමයි... මම උනත් ඉතින් ලස්සනයි කිය කිය ඉන්නෙ නෑ... මගේ යාළුයො වගේම ගෙදර අයත් දන්නවා වැරදිලා හරි මම "පොඩි ගතියක් නම් තියනව" වගේ කොමෙන්ට් එකක් දුන්නොත් ඒ කියන්නෙ ලස්සනයි Plus Plus කියල.. හිකිස්

    ReplyDelete
    Replies
    1. මම උනත් ඒවගේ පොඩි කමෙන්ට් එකක් දෙන්නේ අගය කරන්න ඕනම උන වෙලාවට.. ඒ කියන්නේ ඉතින් ඇත්තටම අගේ ඇති වෙලාවට.. ඔය වචන ටික නොකියා ඉන්න තාක් ඒක අහගන්න දාන මායම් තමයි බලන්න ලස්සන.. :)

      Delete
    2. හිතූ : මොකෝ ඉරිසියාවද?

      Delete
  37. එක පාරම නොකියා ටික වෙලාවක් ඉදලා කියද්දි තමයි අගේ වැඩි..
    ඇත්තම කතාව.
    boun lavoro..

    ReplyDelete
    Replies
    1. grazie.. එතකොට තමයි දෙපැත්තටම වාසි තියෙන්නේ.. :)

      Delete
  38. මටත් ඔය වැඩේ ම වෙනවනේ අගය කරන්න අමතක වෙන එක, පාඩු නම් ගොඩයි ඒකෙන් ලැබෙන, අනේ මන්දා ඉතින්!

    ReplyDelete
    Replies
    1. අගය නොකර ඉන්නවට වඩා ඒක අමතක වෙන එකනම් භයානකයි අයියේ.. එතකොට ඉතින් පාඩු වෙන එක අහන්නත් දෙයක්ද?

      Delete
  39. එදා පාස්කු දවස උනේ දොත්තොරෙස්සගේ වෙලාවට.. නැත්නම් මෙයා කියාටවත් කියන්නේ නෑ.. අපි නොදන්නවයි මෙයා ගැන..

    ReplyDelete
    Replies
    1. මේ මොනවා අහනවද? එහෙනම් කීයටවත් කියන්නේ නෑ.. හාදුවේ ප්‍රශ්ණේනෙ ආවේ.. :)

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්