Monday, 30 April 2012

තාමත් ආදරෙයි මම

තමන් ආදරේ කරන කෙනා එනකම්  බලාගෙන ඉන්න එක එක් පැත්තකින් සුන්දර අත්දැකීමක්.. ගොඩක් පරක්කු වෙද්දි සමහර වෙලාවට කේන්ති යනවා තමයි.. ඒත් බලාපොරොත්තුවෙන් බලාගෙන ඉන්න වෙලාවට හිතේ එකතු වෙන මතකයන් වගේම හැගීම් ඇත්තටම සොදුරුයි..

හැමදාම නුඹත් මමත් හමු වෙන මේ පුංචි උද්‍යානයේ කෙලවර බංකුවකට වෙලා ඔයා එනකම් හැමදාම මම බලාගෙන හිටියා.. සමහර වෙලාවට ලං වෙලා ඉන්න මොහොත ගොඩක් පුංච් කාලයක් උනත් ඒ මොහොත එනකම් කොච්චරනම් සිතුවිළි හිතේ තනියම ගොඩ නගනවද.. නොදැනිම මුවගට සිනහවක් ගේන තරමටම ඒ සිතුවිළි හරිම ආදරණියයි..

ඈත කෙලවර යකඩ ගේට්ටුව දිහාත් ඔරලෝසුව දිහත් විටින් විට බැළුවේ හිතේ පුංච් තරහවකුත් තියාගෙන.. ඒත් එක්කම වගේ ඈතින් හිනාවීගෙන ආපු ඔයා දැකලා බොරු තරහවක් ගන්න හිතාගෙන හිටියත් ඒ සිතුවිල්ල යටපත් වෙලා ගියේ ඔයාගේ ලස්සන නිසා..

රෝස පාට  මල් වැටුන ඇදුමට ඔයා වෙනදටත් වැඩිය ලස්සනට පෙනෙද්දි බොරුවට හරි හිතේ කේන්තියක් මම කොහොම මවා ගන්නද.. ඈත තියාම මං දිහා බලාගෙන හිනාවීගෙන එන ඔයා දිහා ආදරෙන් බලාගෙන එද්දි ලෝකෙම එකම එක තැනක නතර වෙලා වගේ දැනුනා..

“ මොනවද ඔච්චර ඕනකම්න් බලාගෙන ඉන්නේ?”

“ ලස්සන..”

“ ඇයි මීට කලින් දැක්කේ නැද්ද?”

“ දැක්කා.. ඒත් අද ඒ පරණ මතකය අළුත් උනා..”

“ පරණ මතකය?”

“ හ්ම්ම්.. එහෙනම් අහගන්නකෝ..”

අහම්බෙන් වගේ දවසක
අප නෙත් එකිනෙක ගැටුන
සුන්දර දවස තව
අමතක නෑ මට සොදුර..

රෝස පාට නුඹේ ඔසරිය
බෝරිච්චි අත් හැට්ටය
එක් කරලකට ගෙතුන කොණ්ඩය
කොහොම අමතක කරන්නද මම..

නුඹ නතරව මගේ ලග
හිතට ලං කල සුවද
රෝස මල් සුවදක්ම මිස
අන් කිසිවක් නොවේ සොදුර..

හොරැහින් බලා මා නෙත
නුඹ පෑව මදහස
ලස්සනම ආදර කතාවක
ඇරඹුමක් තැබූ අපූරුව..

තාමත් ආදරෙයි මම
ගෙවුන පුංචි මොහොතට
ලොකු ආදර කතාවක් හිත ලග
ලියා තියා ගිය හින්දම..

මගේ උරහිසට හිස තියාගෙන කතාව ඉවර වෙනකම්ම අහගෙන හිටපු ඈ දිහා මම ආයෙම බලද්දි ඒ දෙනෙත් වලින් දිඳුළමින් තිබුන කඳූළු වැටෙන්න කලින් මම පිහ දැම්මේ ඒ කඳුළු ඔයාගේ ලස්සන හංග ගන්න නිසා..

“ දවසක මේ හැමදෙයක්ම මට හීනයක් වේවි පූජා.. ඒත් එදාට මේ මතක නිසා ඔයා ඒ හීනය ලස්සන කරාවි.. ජීවිතේ කවදාවත්ම අමතක නොවෙන විදිහට..”

තව තවත් ඇයව තුරුළු කර ගත්තේ ඒ පහසට මම ආදරේ කල නිසා.. ඒ ආදරේට මම ආදරේ කල නිසා..



 .........................................................................................................


පූජත් මමත් හමු උන ඒ සිදුවීම් පෙලත් උඩින් ලිය උන සිදුවීම් පෙලත් ආයෙම මතක අතරට ආවේ ප්‍රාර්ථනා නංගිගේ තුහින වර්ෂා කතාවේ එක් කොටසක් කියවද්දි..

මේ ජීවිතේ පුදුමයි.. ඒ වගේම මේ ආදරෙත් පුදුමයි.. කාලය ගොඩක් ගෙවුනා.. ඒත් ඇත්තටම මම තාමත් ඔයාට ආදරෙයි පූජා..



65 comments:

  1. “මේ ජීවිතේ පුදුමයි.. ඒ වගේම මේ ආදරෙත් පුදුමයි.. කාලය ගොඩක් ගෙවුනා.. ඒත් ඇත්තටම මම තාමයි ඔයාට ආදරෙයි පූජා..“

    කණ ළඟ මේ වචනටික ඇහුන වගේ අයියෝ......
    මොනා කියන්නද කියල හිතාගන්නබෑ....

    ReplyDelete
    Replies
    1. කාලෙකට උඩදි හිත ලග රැදුන වචන ටිකක් නංගියේ..

      Delete
  2. ඇත්තම ආදරේ කවදාවත් නැතිවෙන්නේ නෑ කියනවනේ ජය :)

    ReplyDelete
  3. තාමත් ආදරෙයි මම
    ගෙවුන ඒ පුංචි මොහොතට
    ලොකු ආදර කතාවක් හිත ලග
    ලියා තියා ගිය හින්දම.....

    හ්ම්ම්ම්ම් ..... වෙන මොනවා කියන්නද???

    ReplyDelete
    Replies
    1. ඒ පුංච් මොහොතත් එක්ක ජීවිතේ කොච්චර ලොකු බැදීමක් බැදුනද...

      Delete
  4. අතීතයෙන් එලියට එන්න .....

    ReplyDelete
    Replies
    1. අතීතයෙන් එළියට ඇවිත් හිටියට තාම ඒ දේවල් ඉද හිට මතක් වෙනවා..

      Delete
  5. එන පොට හොඳ නෑ කියලා කවුදෝත් කීවලු.:)
    ඒත් ආදරේ හරිම සුන්දරයි...

    ReplyDelete
    Replies
    1. මොකද අක්කේ එනපොට හොද නෑ කිවුවේ?

      Delete
  6. //තාමත් ආදරෙයි මම
    ගෙවුන ඒ පුංචි මොහොතට
    ලොකු ආදර කතාවක් හිත ලග
    ලියා තියා ගිය හින්දම..//

    මේ ජීවිතේ වගේම ආදරයත් පුදුමයි..
    අතීතයෙන් වර්තමාණයට.. :)
    කවි පෙල ලස්සනයි ගොඩක්..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි නන්දු..

      Delete
  7. අපි හැමදාමත් ජීවත් වෙන්නේ අතීතයේ .

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ.. ඒත් හැමදාම උත්සාහ කරන්නෙත් ඒ අතීතයෙන් එලියට යන්න..

      Delete
  8. මම මේ දහ අතේ කල්පනා කරන්නේ මල්ලිට එක පාරටම පරණ අතීතයක් මතක් උනේ මොකෝ කියලා.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අයියේ.. මේ ප්‍රාර්ථනා නංගිගේ පෝස්ට් එකන් නිසා..

      Delete
  9. ඇත්ත...ආදරේ සුන්දරයි....ඒක අසුන්දරවෙන්නෙ අපි ඒක පරිහරනය කරන විදිහ අනුව...

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. පුංච් දේකුත් ඇති ආදරේ අසුන්දර වෙන්න..

      Delete
  10. අනේ මන්දා අය්යේ.. ඔයා පූජා ගැන ලියන දේවල් හැමදාම වගේ ගොඩක් දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. මේ දේවල් ලිය වෙන්නේ හදවතින්මනේ නංගි.. ඒකයි..

      Delete
  11. රැය ගෙවේ සඳත් නිවෙ දුරයි ජීවිතේ......!
    ජීවිතය කියන්නෙ එක රයක් නෙමෙයිනේ,අපි වර්තමානයට මුහුනදෙමු :)
    හැබැයි අතීතය අමතක කරන්නත් හොඳ නෑ,මොකද අතීතයක් නැති තැන වර්තමානයක් නෑනේ!

    ReplyDelete
    Replies
    1. ඇත්ත අතීත මතක අතරිනුයි අපි ඉස්සරහට යන්න ඕන...

      Delete
  12. ඇඩෙනවා බං..
    සුපිරි ආ... :-)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි රජෝ..

      Delete
  13. ආදරේට ආදරේ කරමු..
    ඇත්තට කරපු ආදරයක් කොහොමද අමතක කරන්නෙ..
    දැං පූජා මොකද අයියෙ කරන්නෙ..??

    ReplyDelete
    Replies
    1. පූජා ගැන මම හැමදෙයක්ම ලියලා තියෙන්නේ මලයා..

      Delete
  14. Ane manda malla monawa kiyannada kiyala. Kathawa hariyatama danne nane.
    E unath adaraya harima sundara bawa nam man dannawa.
    Atheethaya parissamin aran thiyala , anagathayata muhuna denna.
    Kumari akka.

    ReplyDelete
    Replies
    1. මේක ගොඩක් දිග කතාවක් අක්කේ.. මගේ බ්ලොග් එකේ මුල නම් ඒ හැම දෙයක්ම ලියවිලා තියෙන්නේ.. ඇත්ත අක්කේ අනාගතයයි වැදගත්..

      Delete
  15. අතීතය සිහිනයක් පමණයි
    හැබෑ සුවඳක් නෑ
    එදා සෙනෙහෙන් නොබැඳුනා නම්
    මෙදා වියොවක් නෑ


    මේක කියවද්දි මට හි‍තුනෙ එහෙමයි.

    ReplyDelete
    Replies
    1. ඒ වචන වල ඇත්තටම වරදක් නෑ..

      Delete
  16. හරියන්නෑ හරියන්නෑ... දැන් නම් බ්‍රේන් වොෂ් එකක් දාන්නම වෙනවා.....

    ReplyDelete
    Replies
    1. කොච්චර බ්‍රේන් වොශ් කලත් සමහර දේවල් අමතක කරන්න බෑ..

      Delete
  17. නුඹට අමතකව ගිය
    අපේ ඒ අතීතෙට
    තාම මම ආදරෙයි
    දුරස් වුන නුඹටත් වඩා

    ආදරේ සුන්දරයි තමා ඇත්තටම ආදරෙයි කරන අයට.අර ෆේස්බුක් එකේ අය්යා දාපු පින්තූරෙ මට මතක් වුනා.අපි විහිළු කරානෙ.

    ReplyDelete
    Replies
    1. ඔය පද ටික ලිව්වෙ මගේ අතිතේ මතක් කරලා.කතාවට ගෑලපෙන්න නෙවෙයි අය්යේ

      Delete
    2. මොන පින්තූරෙද නංගියේ.. මට මතක නෑනේ..

      Delete
    3. මුල් පේලිය විතරයි පොඩ්ඩක් ගැලෙපෙන්නේ නැත්තේ..ඒත් කමක් නෑ..

      Delete
  18. යාන්තමට ඇස් තෙත් උනා මේක කියවගෙන යද්දි. සුන්දර ප්‍රේමයක් මොනවා කියන්නද කියලා තෙරෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ අතීතය තාමත් ඉදලා හිටලා මගේ ඇසුත් තෙමනවා අක්කේ...

      Delete
  19. ආදරේ නැති වුණේ චපලකම නිසා නම් හිත හදාගන්න තිබ්බා,. ඒත් අහිංසක ආදරයක් නැති වුණා ම හිත හදාගන්න අමාරුයි තමයි අයියේ....
    ඒත් දැන් අතීත සිහිනෙන් සැබෑ ලෝකෙ ට පිවිසෙන්න කාලය හරි....

    ~~**දඟ මල්ල**~~~

    ReplyDelete
    Replies
    1. ඔව් නංගියේ.. චපල වෙන්වීමකට මෙච්චර කාලයක් බලාගෙන ඉන්නේ කවුද? ඒත් මේක එහෙම දෙයක් නෙමෙයිනේ..

      Delete
  20. ම්ම්ම්..මම දැක්කා අයියා අක්කිගේ බ්ලොග් එකේ දාලා තිබ්බ කමෙන්ට් එකත්..:) සමහර දේවල් තියෙනවා, දැක්කාම, කියෙව්වාම, ඇහුවාම බැලුවාම ,අපිව ටක් ගාලා අතීතයට ඇදන් යන..කවුරු මොනතරම් එපා කිව්වත් හිත අහන්නෙ නෑනෙ.. ඕක අයියට විතරක්ම නෙවෙයි කාටත් තියෙන දෙයක් මන් හිතන්නෙ..:)

    හැමදාම අයියා පූජා අක්කා ගැන ලියන දේවල් වල ආදරේ උතුරනවා. ඒකෙන් තේරෙන්නෙ හැමදාම වගේ පූජා අක්කා ගැන ආදරේ අමරණී‍යයි කියන එකම තමා.. ලස්සනයි අයියේ.. හැඟීම්බරයි!!

    ReplyDelete
    Replies
    1. ඔව් හිතු.. ගොඩක් දවසකින් තමයි ආයෙම ඒ මතකය අළුත් උනේ.. ඒ එක්කම මේ කවි පෙල හිතට ආවේ..

      Delete
  21. ඇතිවුන ආදරයක් කවදාවත් නැතිවෙන්නෑ මලේ..
    නොලැබෙන බව දැන දැනම ඒ ආදරේ එක්ක ජීවත් වෙන එකයි අමාරු..

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ.. එහෙම ආදරයක් අමතක කරන්න හරි අමාරුයි..

      Delete
  22. වෙලාවකට හිතෙනවා ඒ අතීතයට පන අවනම් අයෙමත් කියල.. ඒත් දැන් ඒක වෙන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියේ.. එහෙම හිතෙන වලාවල් නම් අනන්තයි.. ඒත් ඒක තවත් එක හිත් රිදවීමක් විතරයි..

      Delete
  23. කියන්න මුකුත් තේරෙන්නේ නැහැ.මේක කියවල ඉවර වෙද්දී ආයිමත් අතරමං වුනා වගේ දැනුන...

    අතීත මතක වෙලාවකට අපිව ජිවත්කරවනවා නේද අයියේ.අයියගේ ආදරෙත් ඒ වගේ අහිංසකයි....

    ReplyDelete
    Replies
    1. ඇත්ත මලයා.. ඒ මතක වල ප්‍රාණය තියෙනවා.. ඒකයි අපි ඒ මතක එක්කම ජීවත් වෙන්න උත්සාහ කරන්නේ..

      Delete
  24. අතීතය අමතක කරලා අනාගතය ගැන හිතන්න බෑ. මොකද අපි වර්තමානෙට ආවේ අතීතේ ඉඳන් නිසා. එක නිසා අතීතය කොච්චර සතුටු වුනත් දුකක් වුනත් මතකයක් හිතේ ඉතුරු වෙන එක කාටවත් බලෙන් නැති කරලා දාන්න බෑ..ඉතින් අතීතයට ආදරය කරනවා හැරුනාම අපි මොකක්ද කරන්න ඕනේ දිනේෂ් අයියේ. ? වෛර කරන්නද. ?

    ReplyDelete
    Replies
    1. ඔව් මලයා.. කොහොම උනත් ඒ අපේ අතිතය.. කොහොම ඒ අතීතයට වෛර කරන්නද??

      Delete
  25. අතීතය හිතේ තියා අනාගතේ ගැන හිතන්න...

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ඒ අතීතයට ජීවිතේ ඉඩක් තියෙන්නත් ඕන..

      Delete
  26. හැබෑ පෙමක අතීත මතක...හ්ම්හ්..මගෙත් උගුර හිර වෙනවා වගෙයි.....

    ReplyDelete
  27. හැබෑ පෙමක අතීත මතක...හ්ම්හ්..මගෙත් උගුර හිර වෙනවා වගෙයි.....

    ReplyDelete
    Replies
    1. කවුරු කොහොම කිවුවත් ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි..

      Delete
  28. සොඳුරු මතකයක්. කතාවක පෙරවදනක් !

    ReplyDelete
    Replies
    1. කලින් ලිය උන කතාවක අතර මැද කොටසක් ඇත්තටම මේක..

      Delete
  29. හැමදාමත් අපි ජීවත් කරවන්නෙත් ආදරයම තමා.....:

    ReplyDelete
  30. හැමදාමත් අපි ජීවත් කරවන්නෙත් ආදරයම තමා.....:

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ඒ මතක එක්කයි අපි ඉස්සරහට යන්නේ..

      Delete
  31. මතක් වුනා එහා පන්තියේ පිකිස් ටීචර්ව..

    //රෝස පාට නුඹේ ඔසරිය
    බෝරිච්චි අත් හැට්ටය
    එක් කරලකට ගෙතුන කොණ්ඩය
    කොහොම අමතක කරන්නද මම..//

    ReplyDelete
  32. ඇත්තටම ඇයි එයාටත් මගේ ආදරේ මදි උනේ.පුදුම ජිවිත අපේ.

    ReplyDelete
  33. අනේ මන්ද දිනේශ් අයියට ගෙදරින් දීපු අවුරුදු 3 සීමා කාලය කෙටි කරාද........?

    ReplyDelete
  34. //තමන් ආදරේ කරන කෙනා එනකම් බලාගෙන ඉන්න එක එක් පැත්තකින් සුන්දර අත්දැකීමක්.. ගොඩක් පරක්කු වෙද්දි සමහර වෙලාවට කේන්ති යනවා තමයි.. //

    සහතික ඇත්ත :))))

    මොනවා කරන්නද මල්ලි.අතීතය ගෙවිලා ඉවරනේ......

    ReplyDelete
  35. ඇඟ හිරිවැටිලා ගියා අයියේ.. මේ ඇත්තමයි.. හරිම ලස්සනයි අයියා.. අනේ මන්දා අතීතය අමතක කරන්නත් බෑ. ඒ වගේම මතක තියාගෙන ඉන්න එකත් දුකක්..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්