Wednesday, 25 April 2012

මේ දැන් අල්ලපු මාළු

අපේ ලොක්කාට ඔය ෆාමසිය එතකොට වයින් ෆැක්‍ටරියට අමතරව තියෙනවා හොද බෝට්ටුවක්..  මිනිහා සමර් එක එනකන් තමයි ඇගිලි ගැන ගැන ඉන්නේ.. මොකද ඔය බෝට්ටුවේ නැගලා මූදු යන්න.. බෝට්ටුවක් කිවුවට ඉතින් ඒකත් ලේසි පහසු එකක්ම නෙමෙයි.. වාරයේ පැත්තක ඕන නවත්තලා තියන්නයි අනිත් නඩත්තු වලටයි අවුරුද්දට බර ගානක් වියදම් කරනවා.. සල්ලි තියෙනවනම් ඉතින් මොනා කරන්න බැරිද?

මමත් ඕකේ දෙතුන් වතාවක් විතර රවුම් ගලා තියෙනවා.. ගිය සමර් එකේනම් මම ලංකාවට ආපු නිසා ඒ චාන්ස් එක නැති උනා.. අපේ ලොක්කා යාළුවෝ එක්ක සෙට් වෙලා ගොඩක් වෙලාවට කරන්නේ ඔය බෝට්ටුවෙන් ගිහින් මාළු අල්ලන එක තමයි.. අප්‍රේල් ඉදන් ඔක්තෝබර් මාසේ වෙනකන් වගේ තමයි ඉතින් මාළු අල්ලනවනම් හොදම කාලේ.. ඊට පස්සේ ඉතින් හීතල ආවම මාළු අල්ලනව තියා කඩෙන් සල්ලි දීලාවත් ගන්න හිතෙන්නේ නෑ ගනන් ඇහුවම..

එකම එක වතාවක් මාත් ගියා ලොක්කා එක්ක මාළු අල්ලන්න.. හැබැයි ඊට පස්සේ මට කවදාවත්ම කතා කලේ නෑ.. මොකද මම ඉන්නකොට මාළු අහුවීමේ (අ)වාසනාව වැඩි නිසා.. ඒනිසා නිකන් ට්‍රිප් එකක් එක්කන් ගියත් වැරදිලාවත් මාළු අල්ලන්නනම් මෑන්ස් මාව එක්කන් යන්නේ නෑ..

දැන් ඉතින් රස්නේ කාලේ ඇවිත්නේ තියෙන්නේ.. ෆාමසියේ වැඩ කොහොම උනත් මිනිහා මුහුදේ.. අන්න නියම පාලකයෝ.. මෙතන මොනා වෙනවද කියලා බලන්නේ නෑ.. එන්නේ හවස් වෙලා..  ඉතින් මේ කියන්න යන කතාව උනේ මීට දවස් කීපයකට කලින්..

දවස සිකුරාදා.. අපි ඉතින් අපේ සුපුරුදු රාජකාරියේ හිටියා.. නෑ නෑ වැඩ නෙමෙයි.. කතාබහ..  එදත් ලොක්කා හිටියේ නෑ.. මුහුදු ගිහින්.. ඉතින් අපි කතාවක් දාගෙන ඉද්දි ලොක්කගේ වාහනේ එනවා දැකලා අපි අපේ වැඩ ස්ථාන වලට හෙමීට මාරු වෙලා ගියා..

ලොක්කා වාහනේ ෆාමසිය පිටිපස්සේ තියෙන දොඩම් ගහ යට නවත්තලා එලියට ආවෙම ලොකු හිනාවක් දාගෙන.. මොකක් නමුත් ලොකු දෙයක් කියලා ඉතින් ඒ හිනාවෙන්ම කියන්න පුළුවන්.. හරියට නිකන් නැවියෙක්ට දිය කිදුරියක් හම්බුනා වගේ සතුටක්..  මාත් ඉතින් ජනේලෙන් යන්තමට වගේ බලාගෙන හිටියා මොකද වෙන්නේ කියලා..

වාහනේ ඩිකිය ඇරලා ලොක්කා එලියට ගන්න කොට මම දැක්කේ ලොකු වරලක්... මමත් පොඩ්ඩක් හිටපු තැනින් ඉස්සරහට ඇවිත් බැළුවා ඇත්තටම වැරදිලාවත් දියකිදුරියක්වත් අල්ලලද කියලා.. නෑ.. තඩි මාළුවෙක්..


පෙනුමෙන් කිලෝ 50කට වැඩි ලොක්කගේ ඉන ගාවට විතර උස මාළුවෙක්.. මු මාළුවෙක්ද මාළු රජෙක්ද කියලා එක පාර හිතුනත් ඉන්ටර්නෙට් එකේ ඔයිට වඩා ලොකු එවුන් දැකලා තියෙනවා නේද කියලා මතක් උන නිසා මූ ඒ තරම්ම ලොකු නෑ කියලා මට හිතුනා..

මම කියලා තියෙනවනේ ෆාමසියේ උඩ කෑල්ලේ ගෙදරයි ලොක්කා ඉන්නේ කියලා.. ඉතින් ලොක්කා මාළුවා උඩහට අරන් යන එක පැත්තක තියලා එක එකාට කතා කර කර මාළුවාව පෙන්නනවා.. අපේ අනිත් උනුත් ඇස් නළලේ තියන් මාළුවා දිහා බලන්නේ.. හොද වෙලාවට මාළුවෙක් උනේ.. නැත්නම් අතගාලා ඉඹලත් බලනවා..

අන්තිමට මහජන ප්‍රදර්ශණේ මගේ වාරය තිබුනේ.. ජනේලෙට තට්ටුවක් දාල අතින් මටත් වරෙන් කියලා කිවුවා.. මත් ඉත්න් ගියා..

“ දිනේශ් මේ බලපන්.. කොහොමද සයිස් එක?”

“ නියමයි දොත්තෝරේ.. ඒත් මූව උඹ නෙමෙයි නේ ඇල්ලුවේ..”

ලොක්කගේ මූණ දෙක උනා.. හොද වෙලාවට හිටියේ මම විතරයි.. පොර ටිකක් වට පිට බලලා මගේ ලගට ආවා..

“ උඹ කාටවත් කියන්න එපා.. මම මූව පොළෙන් ගත්තේ..”

“ මම දන්නවා..”

“ මම මේක තියලා එන්නම්..”

ලොක්කා හෙමීට මාරු වෙලා ගියා.. ලොක්කා අනිත් උන්ට කියලා තියෙන්නේ මේ මාළුව ඇල්ලුවේ ඌමයි කියලා.. ලොක්කගේ මාළු ඇල්ලිල්ල මම නොදන්නවයි.. කවදාවත් ලොක්කට එක ජාතියේ මාළුවෝ දෙන්නෙක් අල්ලන්න බෑ.. සමහරදාට මාළු ටැංකියකට දාන්න වගේ අල්ලන් එන්නේ එක එක ජාතියේ මාළු.. ඒකත් පොඩි එවුන්..

අනික අර සයිස් මාළුවෙක් අහුවෙන්නේ දැලකට තමයි.. ලොක්කා ගව තියෙන්නේ බිලී පිත්තක්.. ඒකෙන් අර වගේ ලොකු මාළුවෙක් අල්ලන්න කොහෙත්ම බෑ..

ලොක්කා මාළුවා ගෙදරින් තියලා ඇවිත් මම කොහොමද ඒ ගැන දැන ගත්තේ කියලා අහද්දි ඔන්න ඔහොම තමයි මම විස්තර කලේ..

“ උඹටත් මාළු ඕනද දිනේශ්?”

“ එපා දොත්තොරේ.. මම වෙජිටේරියන්..”


විශේෂයි :-  මේ ඔක්කොම අස්සේ මෙන්න අපේ ලොක්කා ලගදි එන චන්දෙටත් ඉල්ලනවලු..  අනේ මන්දා මූට පිස්සුද කියලා.. කෙල්ලො එක්ක නටන්න රටවල් ගානේ යනවට ඇරෙන්න වෙන වැඩක් නෑ.. හැබැයි ඉතින් බැරි වෙලාවත් ලොක්කා චන්දෙන් දිනලා අපේ පැත්තේ පුරපති උනොත් මගේ ඩොකියුමට්ස් වැඩ වලට පොලීසි වල වෙන රස්තියාදුව අඩු කර ගන්න පුළුවන් වේවි.. ඒ නිසා අපේ ලොක්කට ජය වේවා!!


අති විශේෂයි :- දැන් අර මාළුවට ලොක්කා මොකද කලේ කියලා අහන්න එපා.. ඇත්තටම මම දන්නෙත් නෑ.. අනිත් එවුන් ටිකක් අරන් ගිය බව පහුවදා දැන ගත්තා.. උන් දන්නේ නෑනේ සල්ලි දීලා ගත්ත බව.. :)



108 comments:

  1. අනේ අප්පේ ඔයාගෙ ලොක්කටත් නැති දෙයක් නෑ බලන් යනකොට.ඇත්ත තමා ඉතින් සල්ලි තියෙනවනම් මොනාද කරන්න බැරි.

    ReplyDelete
    Replies
    1. අපේ බොසා තමයි බොසා.. මිනිහට මොනවද නැත්තේ.. ඒකනේ ගෑල්ලමයි උනත් ඕන තරම් ඉන්නේ මෑන්ස්ට..

      Delete
  2. එහෙ ලොක්කො කියලත් වෙනසක් නෑ බලන් ගියහම... මිනිස්සුනෙ :)

    ReplyDelete
    Replies
    1. ඇයි බං අයියේ එහෙම කිවුවේ??

      Delete
    2. අන්න බලහන්කො ඉතින් ඒ කතාවෙන් ගත්ත දේ...

      Delete
    3. මට මේ තාම හිතා ගන්න බැරුව ඉන්නවා සාතන් අයියා මොකක්ද ඒකෙන් අදහස් කලේ කියලා.. උඹට තේරුනානම් කියපංකෝ බං කසුනෝ..

      Delete
    4. මම කිව්වෙ මලය කොහෙ හිටියත් මිනිස්සු තමන්ට ලකුණු ටිකක් දාන් පොර වෙන්න කැමතී කියල... නැත්තන් පොළෙන් ගත්තු මාළුවාව තමුන් ඇල්ලුව කියයිද?...

      හැබැයි උඹටත් තිබුනෙ බොරුවට හරි ලොක්ක කිව්ව එක පිළිගන්න.. උඹ පොර වෙන්න ගිහින් ඒ මනුස්සයගෙ සතුට නැති කරපු එක වැරදී...

      *කොහොමද මගේ ටෝක?... ;)

      Delete
    5. ඒකනම් ඇත්ත.. ඉතාලි කාරයන්ගේ ටෝක් නම් ලොවෙත් නෑ.. හැබැයි වැඩ නම් බින්දුවයි..

      ඒ වෙලාවේ එහෙම කිවුවේ නැත්නම් අයියේ හැමදාම ඕක අහන් ඉන්න වෙනවා.. :)

      Delete
    6. ඒල ඇත්ත.. කොහේ අයගෙත් තියෙන්නේ ලොකු කතා විතරයි..

      Delete
    7. මිනිස්සුන්ගේ හැටිනේ ඉතින්... :)

      Delete
  3. අන්න ඩයල්....." කෙල්ලො එක්ක නටන්න රටවල් ගානේ යනවට ඇරෙන්න වෙන වැඩක් නෑ.. " අයියේ ලොක්කට වයස කීයක් ඇත්ද?

    ReplyDelete
    Replies
    1. ලොක්කට දැන් 55ට වැඩියි.. මාත් හරියටම දන්නේ නෑ...

      Delete
  4. අඩේ පට්ට බොසා...
    ගෑල්ලමයි ගොඩා......ක් ඉන්නවද බං?
    මට ඇඩෙන්න වගේ.. ෂික්.. :/

    ReplyDelete
    Replies
    1. ඒ ගැන කියලා වැඩක් නෑ රජෝ.. මාසෙට සැරයක්වත් අලුත් එකක්.. ඉරිසියාවයි බං..

      Delete
  5. //සමහරදාට මාළු ටැංකියකට දාන්න වගේ අල්ලන් එන්නේ එක එක ජාතියේ මාළු.. ඒකත් පොඩි එවුන්.// තනියෙන් හිනා බං..

    ලොක්කාට ජය.. පො‍ඩ්ඩෝත් ගොඩ..

    ReplyDelete
    Replies
    1. සිරාවට සෑමෝ.. එක එක පාට ගල් මාලූ තමයි පොරට අහු වෙන්නේ..

      Delete
    2. මටත් ඒ කතාවටනම් තාම හිනා...

      Delete
    3. හා හා.. එහෙනම් ඔයා හිනා වෙන්නකෝ.. :)

      Delete
  6. හිකිස්....හයියෝ හයියෝ......

    ලොක්ක වුනාත උයා පොද්දක්වත් එයාත බය නෑනේ.....;)

    ReplyDelete
    Replies
    1. ලංකාවේ වගේ නෙමෙයි නේ හලෝ මෙහේ.. ඒ උනාට අපි අපේ ලිමිට් එකේ ඉදන් තමයි කතා කරන්නේ.. බයට වඩා ගරුත්වය තියෙනවා..

      Delete
  7. දිනේශ් අයියත් ශලොක් හොම්ස් වගේ ඩයල් එකක් නේ බලගෙන ගියහම

    ReplyDelete
    Replies
    1. නෑ මලයා.. බෝට්ටුවේ තතු මම දන්නවනේ.. ඒ වගේ එකෙක් අල්ලන්න ලොකු මාළු අල්ලන බෝට්ටුවක් තියෙන්න ඕන..

      Delete
  8. මොනවා වුනත් ලොක්ක බොක්කෙන්ම ජීවිතේ විඳින ඩයල් එකක් වගේ...!

    ReplyDelete
    Replies
    1. සිරාවට.. මාත් දැන් ඒකනේ මෑන්ස්ගේ සමහර දේවල් ආදර්ශයට ගන්නේ.. ජීවිතේ විඳින්න..

      Delete
  9. පත මාළුවෙක් නේ !!
    ඒක නෙමෙයි අර පැත්තකින් තියෙන පින්තූර හන්දා පෝස්ට් එක කියවන්ඩ ටිකක් අමාරුයි !!! ඒක අයින් කරලා දාන්ඩ පුලුවන්ද !!

    ReplyDelete
    Replies
    1. අයියා ඔය කියන්නේ මම ලියපු කතන්දර වලට යන්න පාර කියන ඉමේජ් වෙන්න ඕන.. පේජ් එක ලෝඩ් වෙද්දි ඒක ලොකුවට ආවට ටක් ගාලා හරි යනවා අයියේ..

      Delete
  10. Lokkata kiyala matath job ekak hoyaganna beriweyida ban..? Man inne Napoli

    ReplyDelete
    Replies
    1. ලොක්කගේ ඉතින් වේකන්සි ආවොත් උගේ වයින් වල තමයි ඉතින්.. පොර ඒකෙත් දැනට ටික දෙනෙක් අස් කරලත් ඉන්නේ.. වියදම් වැඩියි කියලා..

      Delete
  11. යකෝ අයියේ උඹලගේ ලොක්කත් අපේ ලොක්කා වගේම තමා දෙන්නේ දාර ටෝක් ඒත් පොරගේ වැඩ දන්නේ අපි විතරයි ,

    ඒක නෙවේ අයියේ ඔයා ලොක්කට කතා කරන්නේ උඹ කියලද ?

    ReplyDelete
    Replies
    1. ලොක්කො කොහොමත් දෙන්නේ ලොකු ටෝක් නේ සදරුවෝ.. අපි ඉතින් ඒවා දැන ගන්න ඕන..

      මෙහෙමයි සදරුවෝ.. ඉතාලි භාශාවෙන් "ඔබ" කියලා කියද්දි පාවිච්චි වෙන්නේ "TU - තූ" කියන වචනේ.. ඔකේ සිංහල තේරුම උඹ.. ඒ උනාට කෙනෙක්ට ගරු කරලා කතා කරනකොට ඔබ කියලා කියන්න පාවිච්චි කරන්නේ "LEI- ලෙයි" කියන වචනේ.. ඔය දෙකෙන්ම කියවෙන්නේ "ඔබ" කියන එකම තමයි.. ඉතින් ලොක්කට මම කතාකරන්නේ "TU" කියලද "LEI" කියලද කියන එක එච්චර ප්‍රශ්ණයක් නෙමෙයි.. මට කියවෙන්නේ "TU" කියලමයි හැමතිස්සෙම.. ඒ කියන්නේ ඉතින් "උඹ" කියන එක..

      Delete
    2. ප්‍රංශ කතා කරද්දිත් ඔය දේම වෙනවා.. ඒ වචනේ සිංහල තේරුම ගත්තම ඔය වගේ තමයි තේරුම් දෙන්නේ..

      Delete
    3. ඇත්ත ඉංග්‍රීසියෙන් YOU කියලා කිවුවත් උඹ නුඹ කියන දේ තේරුම එනවනේ..

      Delete
  12. //මෙතන මොනා වෙනවද කියලා බලන්නේ නෑ.. එන්නේ හවස් වෙලා..//
    ෆාමිසියෙ අයත් දොත්තෝරෙගෙම නෑයො වගෙ.. වැඩකරන වෙලාවෙදිත් මාළු අල්ලනවනෙ.. :D
    මෙහ්
    ඡන්දෙ නැතිද පව්නෙ.. කතිරයක්වත් ගහලා එන්න.. :D

    ReplyDelete
    Replies
    1. අපිට මොන චන්දද? ලංකාවේ චන්දෙත් තාම දාලා නෑ මම.. :)

      Delete
    2. ඇත්තටම ඔයාට චන්දේ නැද්ද පොඩි අයියේ?

      Delete
    3. අපිට මොන චන්දද හලෝ....

      Delete
  13. ලංකාවෙ මුදෙ මාලුන්ට වඩා මෙහෙ මූදු වල ඉන්න මාලුන්ගෙ පිලී ගඳ වැඩි කියන එක ඇත්තක්ද?

    ReplyDelete
    Replies
    1. ඕව් ඕව් ඒ මාළු ඉඳල හිටලවත් නාන්නේ නැහැ නේ.

      Delete
    2. කිරිල්ලී : ඔය පුරස්නෙට මම කෝමෙයි උත්තර දෙන්නේ??

      Delete
    3. අසරණයා : මාළු කොහොම උනත් ඉතාලි කාරයෝ නම් නාන්නේ නෑ.. :)

      Delete
    4. මේ යුරෝපේ මිනිස්සු නාන්නෙත් නැති කොට මාළු ගැන මොක කතාද.. :)

      Delete
    5. ඔන්න මේ කාලෙට විතරයි සුද්දෝ නාන්නේ.. :)

      Delete
  14. ලොක්ක හිතන්න ඇති ලංකාවේ අයනම් මාර මොළ කාරයෝ තමයි කියලා...
    මෙහෙ ඉතින් හාස් හුස් ගගා ඉන්න අයනේ වැඩි...

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට නම් බොරු බව දැන දැනත් අහන් ඉන්නවා.. තනියෙන් සෙට් උන වෙලාවටනම් ඉතින් කියලා දානවා..

      Delete
  15. හි හි හොඳ වැඩේ ලොක්කට. මල්ලි ඇත්තටම වෙජිටෙරියන් ද? හොඳ ළමයෙක නේ :)

    ReplyDelete
    Replies
    1. ඉස්සරනම් වෙජිටේරියන් අක්කේ.. ඒත් මෙහේ ආවට පස්සේ ටිකක් වෙනස් වෙන්න උනා..

      Delete
  16. එහෙ දේශපාලුවොත් මෙහෙවුන් වගේමද?

    ReplyDelete
    Replies
    1. වැඩි වෙනසක් නෑ.. ඉස්සෙලා තමන් පස්සේ අනුන්... :)

      Delete
  17. ලොක්කත් මරු උබත් මරු...

    ReplyDelete
    Replies
    1. එක වගේ අයලුනේ එකට සෙට් වෙන්නේ...

      Delete
  18. මොනවා වුනත් හොද බොසෙක්. එයා ඔෆිසියේ නෑ කියන්නෙ ඉතිං හරි ශෝක් නෙ..:D

    ඔයත් ශර්ලොක් හෝල්ම්ස් වැඩ තමා කරන්නෙ නේද???

    ReplyDelete
    Replies
    1. කොහොමත් මාසෙන් භාගයක් වත් ලොක්කා නෑ ඔෆිස් එකේ.. අපිට ඉතින් හැමදාම නත්තල් වගේ තමයි..

      ශර්ලොක් හෝල්ම්ස් ඉතින් මගේ ප්‍රියතම කතා මාලාවනේ අක්කේ..

      Delete
  19. ලොක්කත් ෂෝ එකට කැමතියි වාගේ ..නැත්නම් සල්ලි දීලම අරවගේ මාළුවෙක් අරන් එයියැ..
    ලොක්කටම හරියන ගෝලයෝ ටික.!

    ReplyDelete
    Replies
    1. ලොක්කගේ එහෙමම ශෝ එකක් නෑ.. හැබැයි අළුතින් ගෑල්ලමයෙක් සෙට් උනාමනම් ඉතින් ශෝ එක තමයි.. අනේ මන්දා පොරට එදා මොනා හිතුනද කියලා..

      Delete
  20. he hee.... Ayyath hoda rahas pareekshakayek nea. Mn nm asa na malu allana wada walata... :(

    Mn hithanne, uda comment eken saathan ayya adahas kalea Lankawei ohe inna lokkangei wenasak na kyla. Lankawe ayath krnne boruwata ice gahana eka, kello ekka natana wage wada nea. Kawuruth minissu nisa wennathi kohe hitiyath lokko hamoma eka wage wada karanne.....

    ReplyDelete
    Replies
    1. මළු අල්ලන වැඩේට මමත් කැමති නෑ.. ඒකනේ මාව දැන් එක්කන් යන්නේ නැත්තේ නිවාඩු වෙලාවටවත්.. :)

      ලොක්කො කොහොමත් එහෙමනේ.. පොඩ්ඩන්ගෙන් වැඩ ගන්න විතරයි එයාලා දන්නේ..

      Delete
  21. උඹලගේ ලොක්ක මොනවා උනත් ආතල් එකේ ඉන්න බුවෙක් වගේ.
    උඹට හොඳක් වෙනවනම් ඌට ජන්දෙන් දිනන්න ලැබේවා කියල අපිත් ප්‍රර්ථනා කරන්නම්කො... ;)

    ReplyDelete
    Replies
    1. බුවානම් ෆුල්ම ෆන් එකේ ඉන්නේ... මම නම් හිතන්නේ නෑ ලොක්කා චන්දේ දිනාවි කියලා.. :)

      Delete
  22. ලොක්ක සල්ලි දීලත් පවු වැඩ කරා කියලා පෙන්නනවද අනේ. මරු දොස්තරේ තමයි.
    ආ ඡන්දෙන් ලොක්කට ජය වේවා.....දිනේෂ් මල්ලීට උන්දෑ දිනුවහම ඊට සරුවේවා.....

    ReplyDelete
    Replies
    1. ලොක්කා වෙනදටනම් ඔය වගේ වැඩ කරන්නේ නෑ.. අනේ මන්දා එදා මොනා හිතුනද කියලා..

      අපිට ඉතින් සරු වෙද්දි බැරියැ... :)

      Delete
  23. මෙහෙ ඉන්න උන්ගෙත් පරම විනෝදාංසෙ මාලු අල්ලන එක. මටත් කතාකලාම මම බෑයි කියනවා. උන්ට පුදුමයි මාලු අල්ලන එක අපේ විනෝදාංශයක් නෙවෙයි කිව්වම.

    අනික ඔය ඇල්ලුවා කියන මාලුවගෙ සයිස් එක, ඒක විස්තර කරන ගානෙ ටික ටික වැඩි වෙනවා නෝට් කරලා නැද්ද?

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඔව්.. මගෙනුත් අහන්නේ උඹලගේ රට වටේ මුහුද තියෙද්දි උඹලා යන්නේ නැද්ද කියලා.. අපි ලංකාවේ වැවු වලට්ය ගියත් බුහුදු යන්නේ නෑනේ..

      ඒක ඇත්ත.. අපේ ලොක්කා ගියාට පස්සේ අනිත් උන් කතා කලේ නිකන් තල්මහෙක් අල්ලපු ගානට..

      Delete
  24. ලොක්කො කොහොමත් ඔහොම බොරු කියනව.මොනව නැතත් දිනේෂ් වැඩකරන තැනනම් ගොඩක් හොඳයි වගේ

    ReplyDelete
    Replies
    1. අපේ ෆාමසියේ කියන්න තරම් අවුලක් නෑ මචං.. වැඩ වෙලාවට වැඩ.. අනිත් වෙලාවට ඉතින් මේ වගේ විකාර තමයි..

      Delete
  25. ඔයාගේ ලොක්කට ඉන්න ගැණු ටිකම චන්දේ දුන්නොත් ලොක්කා දිනයිද?
    හැමදාම ඔයාගේ බ්ලොග් එකේ කතා කියවනවා..ලස්සනයි....කමෙන්ට් එකක් දාන්නේ නම් ඉදලා හිටලා....

    ReplyDelete
    Replies
    1. අපේ ලොක්කට කෙල්ලේ හිටියට ගමේ චන්දේ තියෙන අය නෑනේ.. ඉන්නේ ඔක්කොම යුරෝපේ වටේම.. ඉතින් ඒවයෙන් වැඩක් නෑ..

      අයියෝ ඒකට කමක් නෑ.. ඉඩ තියෙන වෙලාවක කමෙන්ට් එකක් දාන්නකෝ..

      Delete
  26. අම්මෝ කරන දේවල්... මොනා වුනත් බොසා හොදයි වගේ මල්ලිගෙ.....

    ReplyDelete
    Replies
    1. අනේ ඔව්.. හරි හොද මනුස්සයා..

      Delete
  27. කියල තියන කාර‍ණා අනුව ලොක්ක නරක නෑ ටිකක් බොරු කිව්වත්.

    ReplyDelete
    Replies
    1. ඉස්සරම අපිට හැම සිකුරාදම පීසා අරන් දෙනවා බොසා ගානේ..

      Delete
  28. ලොක්කා හෙන සෙල්ලක්කාර චරිතයක්නෙ..අයියා එහෙම ලොක්කාව ආදර්ශයට ගන්නෙපා ;)
    හික්ස්ස්.. අම්මෝ මාළුන්ගෙ පින වැඩි ඇති අයියා ළඟ ඉද්දි..:D

    ReplyDelete
    Replies
    1. එපා කියලා කොහොමද? මම මේ දවස් වල යන්නේ ලොක්කගේ අඩි පාරේ.. :)

      Delete
  29. බොස් නම් හරි ෂෝක් මිනිහ අප්පා සිරාවටම. මට බකස් ගාල හිනා ගියා අර මාළු ටැංකියට දාන්න මාළු අල්ලන සීන් එක කියෙව්වම.

    දිනේෂ් අයිය ඉන්නකොට මාළු අහුවෙනවද නැද්ද (අ) හින්ද වටහා ගන්ඩ බෑනේ,වාසනාවද අවාසනාවද කියල

    ReplyDelete
    Replies
    1. මම ඉද්දි අහු වෙන්නේ නෑ මලයා.. මාළුන්ගේ වසනාව මගෙත් වාසනාව ලොක්කගේ අවාසනාව.. :)

      Delete
    2. මෙයා ඉද්දි මාළුන්ගේ වාසනාව.. :)

      Delete
    3. ඒකනම් මාත් හිතනවා.. මම ඉද්දි උන්ගේ වාසනාව.. :)

      Delete
  30. ලොක්කට දුවෙක් එහෙම නැද්ද දිනේෂ් අයියේ??
    ;)

    ReplyDelete
    Replies
    1. ලොක්කා තාම බැදලා නෑනේ මලයා..

      Delete
  31. ලොක්කගෙ කැරැට්ටුවට දේසපාලුකම විතරයි අඩු කියලයි මට හිතෙන්නෙ.... බොරු මවල දෙනව... අනංග රාජයෙක්... රස්සාව දාල මාළු අල්ලන්න යනව..... අපේ රටට නම් සුදුසුකම් උපරිමයි.... ඔය රටට කොහොමද මන්දා....

    ReplyDelete
    Replies
    1. මෙහේට උනත් ඉතින් අක්කා කියපු මුල් කාරණා දෙක හොදටම ප්‍රමාණවත්.. පළවෙනි පාර දිනන්න වීසි කරන්න ඕන තරම් සල්ලිත් තියෙනවනේ..

      Delete
  32. ඇත්තටම ලොක්කා සිරාවටම ගල් ආඳෙක්. මේවගේ වැඩ කරන්නේ හොඳ ගල් ආඳෝ තමයි. දිනේෂ් ඇත්තටම උඹ කියන්න එපායැ ලොක්කට ඔය මාලුවා කඩෙන් ගත්තෙ කියන කොටම "මම ලංකාවෙ" එකෙක් කියලා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත.. වැඩ කරන අපි කෙසේ වෙතත් ෆාමසියට අළුතින් බෙහෙත් දාන්න එන රෙපාලටනම් ලොක්කා නියමෙට බෝලේ බස්සනවා.. ඒ අතින්නම් නියම ගල් ආඳා..

      Delete
  33. Malli oyage boss jeevithaya hondat vindinawa. Eka hondai. E citharak nemei eya oyalata hari karunawai wage penne.
    Malu kathawa nam hondai. Athrha kiyanna gihin oyata banne nathi eka pusumai.
    Kohoma unath purapathi wenna kiyala man parhanawa. Erhakota oyata documenta hada ganna puluwan nisa
    Kumari akka

    ReplyDelete
    Replies
    1. අපේ ලොක්කා කේන්ති ගිහින් කෑ ගහනවා මම දැකලම නෑ.. එහෙම බනින පොරක් නෙමෙයි අපේ ලොක්කා.. ඒ අතින් නම් නියමයි..

      Delete
  34. අන්න බොස්ලා.. කට්ටිය ඉන්න තැනදී අර විදියට ඇහුවනම් ඉතින් ලොක්කා කලිසම ගලවල යන්නේ.

    ලොක්කට ජයවේවා.අපිටත් මොනවහරි කරගන්න බැරියේ..

    ReplyDelete
    Replies
    1. එහෙම කරන එක හරි නෑනේ අයියේ.. මොනා උනත් ලොක්කනේ.. ඒකනේ කවුරුවත් නැති තැන ඇහුවේ.. :)

      Delete
  35. ලොක්කා මාළු දන්සලක් දීලා වගේ, දැන් එහෙනම් පෙළපාලි යන්න, ලයිට් කණු දිගේ බඩගාන්න, බෝම්බ දාන්න, හුරේ කියන්න මිනිස්සු ඕනවෙයි නේද! අපි එනවා සප් එකට!

    ReplyDelete
    Replies
    1. මෙහේ හැබැයි ඕවා ඔක්කොම කලත් බෝම්බ දාන්නනම් ඕන වෙන්නේ නෑ.. හරි සාමකාමියි නේ..

      Delete
    2. / පෙළපාලි යන්න, ලයිට් කණු දිගේ බඩගාන්න, බෝම්බ දාන්න, හුරේ කියන්න /

      නියම කතාව..

      Delete
    3. බලමු බලමු.. ඉස්සරහට මොනවා වෙයිද කියලා.. :)

      Delete
  36. අඩේ මේකා නම් මරු බොසෙක් නේ !!!

    ReplyDelete
    Replies
    1. මරුදත් අහනවා..

      අර ඉමේජ් මැදට එන එක දැන් හරි නේ අයියේ??

      Delete
  37. මාලු අල්ලන එක සමහරුන්ට විනෝදයක් උනත්, මමත් නම් අකැමතිම වැඩක්. මෙහෙත් තියනවා තැන් මාලුවා අල්ලලා කැමති නම් ගෙදර ගේන, නැත්නම් ආපහු වතුරට දාන තැන්. චූටි ලමයින්ට එයාලගේ දෙමව්පියන් මාලු අල්ලන්ට උගන්වන හැටි දැක්කාම මාලුවා පව් හිතෙනවා. දවසක් මට චූටි කොලු පැටවෙක් කියනවා මාලුවා අල්ලගත්තාම ඔලුව පොලවේ ගහන්ට ඕනිලු , නැත්නම් මැරෙන්නේ නෑලු.

    ඔයාගේ ලොක්කා මොනවා උනත් සතුටින් ඉන්න විත්තිය පේනවා.:)

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ මාළුවෙක් හරියට මැරෙන්නනම් ඔළුව පොළවේ ගහන එක කරන්නම ඕනලු.. අනේ මන්දා.. ඕවට මම එක එක ඒවා කියන නිසානේ මාව එක්කන් යන්නේ නැත්තේ දැන්..

      Delete
    2. ඒකනම් මමත් අහලා තියෙනවා..

      Delete
    3. පොඩි මාළු අල්ලද්දි ඒ දේ කරනවා...

      Delete
  38. මාලු ඇල්ලීමේ පාඨමාලාවක් හැදෑරුව නම් හරිනෙ පොරට....ඔන්න එහෙනම් අපිත් බොසාට සුභ පැතුවා.....දිනේශ් අයියගෙ බොසාට ජය වේවා....!!!

    ReplyDelete
    Replies
    1. ඒ කලත් ඔච්චර තමයි ඉතින්.. අහුවෙන එකාට අහු වෙනවා..

      Delete
  39. ලංකාවෙ චන්දෙ ඉල්ලන්න වටිනවනෙ!

    ReplyDelete
    Replies
    1. ලංකාවට දැන් ඔච්චරයි අඩු.. :)

      Delete
  40. අයියෝ සල්ලි.. ලොකුකම පෙන්නන්නයැ ඔච්චර වියදම් කරලා මාළු අල්ලලා තියෙන්නෙ??

    ඇත්තටම එහේ මාළුවෙක් කීයක් විතර වෙනවා ද?
    (ඔය සයිස් එකෙක්?)

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා පොරට මොනා හිතුනද කියලා.. ඒ වගේ මාළුවෙක් රු30000ක් වත් වේවි මම හිතන්නේ.. ඒත් මේ කානෙට මාළු ලාබයි..

      Delete
    2. බදු රත්තරනේ.. ඒ කියන්නෙ ඔය දොස්තෝර් ට පිස්සු ද?? ඔච්චර පිස්සු නං ඇයි ෆෙරාරියක් ගන්නැත්තෙ උජාරුව පෙන්නන්න??

      අයියාව දාං යන්න වෙන නිසා වෙන්නැති.. හෙහ්..
      නැත්තං තමන් හැදුවා කිවුවාම මාට්ටුයි නිසා වෙන්නැති‍...

      Delete
    3. ඌට ෆෙරාරියක් ගැන ඕන කමක් නෑනේ.. ගත්තනම් ඉතින් අනිවා මටත් ඒකේ යන්න වාසනාව එනවනේ.. කොහේද ඉතින්..

      Delete
  41. ඔයාටම හරි යන බොසා පොඩි අයියේ.. මොනා උනත් බොසාගේ විනෝදකාමි චරිතෙට මම නම් කැමතියි..

    ReplyDelete
    Replies
    1. එක වගේ අයට සෙට් වෙන්නේ ඒ වගේම අයනේ... :)

      Delete
  42. අයියගෙ දොත්තෝරේගෙ වැඩ කලිනුත් වතාවක් දෙකක් ලියලා තියෙන නිසා දන්නවා මනුස්සයගෙ වැඩ.
    දිනේශ් අයියේ නිකමටවත් බොසාට සිංහල වචනයක්වත් උගන්නන්න නම් එපා.
    හිතන්න.. මිනිහා සිංහල දැනගෙන ඔයා මේ ලියලා තියන දේවල් කියෙව්වොත් ඔයාට තුරැනුවන් සරණයි.

    අපිව මතකද දන්නෙත් නෑ.සෑහෙන කාලෙකින්නෙ මේ පැත්තට ආවෙ.

    ReplyDelete
    Replies
    1. හපෝ නෑ.. මුන්ට සිංහල උගන්නන එකේ පාඩුව අපිටමයි.. මොකද හදිස්සියෙවත් කේන්ති ගියාම සිංහලෙන් බනින්න තියා ගන්න ඕන.. තේරුනාම ඒක කරන්නත් බෑනේ.. :)

      අමතක නෑ මලයා...

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්