Sunday, 22 April 2012

ඉතින් මමද වෙනස් උනී..


ජීවිතය ඔහේ ගෙවුනි
ලොකු අඩුවක් හිතට දැනුනි
නැවති හිතන්නට කාලක් නොවිනි
ඉතින් මමද වෙනස් උනී..

කාලෙක ආදර ගී මිහිරිය
දැන් අප්සට් කවි සොදුරුය
කවිය පවා වෙනස් උනි
ඉතින් මමද වෙනස් උනී..

I hate love ස්ටෝරිය
ජීවිත කතා නම් එලමය
කතන්දරයද එසේ වෙනස් උනි
ඉතින් මමද වෙනස් උනී..

යාළුවෝ නම් එමටය
ඒත් අඩුවක් හිත කොනකය
කළණ මිතුරෝ අතැර ගිය කල
ඉතින් මමද වෙනස් උනී..

වසර ගානක ආදරයකි
ඒත් නොලැබෙන පැතුම් කන්දකි
හීන එකින් එක බොදව බොද උනි
ඉතින් මමද වෙනස් උනී..

බලාපොරොත්තු නොවූ ජීවිතයකි
ඒත් ඒ මග පැතුම් ගොන්නකි
අරමුණු එකින් එක වෙනස් උනි
ඉතින් මමද වෙනස් උනී..

නොදත් මිතුරෝ ගොඩකි
අකුරු අතරේ ලං උනි
දුකත් සතුටට පෙරලති
ඉතින් මමද වෙනස් උනී..

සෙනසුරා සැගවුනි
සිකුරා ලගා උනි
...............................
ඉතින් මමද වෙනස් උනී..


පහුගිය කාලේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් උනා.. මමත් ඒ දේවල් දිහා නැවතිල්ලේ බලාගෙන හිටියා.. ඒත් ඒ වෙනසත් එක්ක මම වෙනස් නොවෙද්දි ජීවිතේ ආපස්සට අදිනවා වගේ දැනුනා.. ඉතින් මමත් වෙනස් උනා.. ඔය උඩින් කියපු කාරණා වල වෙනස් ඉතින් මටත් වැඩිය වර්ණය කියවන අයට දැනෙන්න ඇති.. ඔය අන්තිම හිස් තැන ගැන හිතන්න එපා.. ඒ අන්තිම හිස් තැන තිබ්බේ ඒ වෙනස් උනාම ඒ පේලිය පුරවන්න ඕන නිසා..

ලංකාවේ ඉන්න කාලේ මට ගොඩක් යාළුවෝ හිටියා.. නිතර මුණ ගැහෙන, විනෝද වෙන, රස්තියාදුවේ යන ගොඩක් දෙනෙක් මාත් එක්ක හිටියා.. ඒත් කාලයත් එක්ක ඒ ගොඩක් දෙනෙක් මගෙන් ඈත් උනා.. වෙන් උනා.. සමහරු අද මං ගැනම කේලම් කියන තත්වෙට ඇවිත්..

සමහරුන්ට මම මේ බ්ලොග් ලිවීමම ප්‍රශ්ණයක්.. “ හැමදාම ඔය මගුලේ එල්ලිලා ඉන්නේ උඹට වෙන වැඩක් නැද්ද?” කියලා අහන තරමටම සමහරුන්ට මේ බ්ලොග් එක ප්‍රශ්ණයක්.. මගේ හිතේ කාලෙකට උඩදි ප්‍රශ්ණ තියෙද්දි ඒ ගැන මට කතා කරන්න ඕන උනත් අහන් ඉන්න කවුරුවත් හිටියේ නෑ.. වෙනදට මහ රෑ වෙනකන් ඔන්ලයින් ඉන්න අයට මම මගේ ප්‍රශ්ණයක් කියද්දි ඉක්මනට නිදිමත එනවා.. එහෙම නැත්නම් මම ඔන් ලයින් එද්දිම සමහරු යන්න යනවා..

මේක කියවන්න කවුරුවත් නැති කාලේ දිගටම මම ඒ දේවල් බ්ලොග් එකත් එක්ක කිවුවා.. ඇත්ත මට විසදුමක් දෙන්න බ්ලොග් එක කියන දේට බැරි උනත් මං කියන දේ අහන් ඉන්න ඒකට විසදුමක් දෙන්න පුළුවන් අය මේ බ්ලොග් එක මගේ ජීවිතේට ලං කලා..

කාලය ගොඩක් ගෙවුනා.. හැම දෙයක්ම හෙමින් හෙමින් වෙනස් උනා.. වෙනදට වඩා මම සතුටින් ඉද්දි ඉස්සර කතා නොකරපු අය ආයම කතා කරන්න ගත්තා.. ඒ වෙද්දි මට එයාලා එක්ක කියන්න ප්‍රශ්ණ නෑ.. තියෙන්නේ සුන්දර මතක.. ඒ මේ බ්ලොග් එක නිසා ලං උන දේවල් ගැන..

“ ඔව් උඹට දැන් අපිට වැඩිය ලොකු ඔය මඟුලනේ..”

ඔව් මට මේ දේ වටිනවා.. ඒ කාලයත් එක්ක ලොකු පාඩම් ගොඩක් කියලා දුන්න නිසා.. ඉතින් මම වෙනස් උනා.. ටික දෙනෙක් අකමැති වේවි.. ඒත් ගොඩක් දෙනෙක් කැමති වේවි..

කවියට අමතරව මේ දේ ගැන විශේෂයෙන් කිවුවේ මගේ අනිත් වෙනස් කම් ගැන මම නොකිවුවත් මේ බ්ලොග් එක බලන අයට තේරෙනවා.. ඒත් මගේ යාළුවෝ ගැන නොතේරෙන නිසා.. මම මීට කලින් වතාවක මේ වගේම යාළුවෝ ගැන ප්‍රශ්ණයක් කියද්දි මට කසුන් කිවුවේ මෙන්න මෙහෙම දෙයක්..

අනිත් එක අයියෙ වර්චුවල් යාලුවන්ට වඩා වටින්නෙ මම නම් හිතන්නෙ ඇත්ත ජීවිතේ යාලුවො. අයිය බ්ලොග් ලිවිල්ල නතර කරපු දවසට අයියට බ්ලොග් යාලුවො ටිකත් නැති වේවි. ඒත් ඇත්ත ජීවිතේ යාලුවො තමයි හැමදාම ලඟින් ඉන්නෙ.

ඒත් කසුනෝ දැන් ඒ දේ වෙනස් වෙලා කියන එකට එකම උදාහරණ ඕන නෑ මම හිතන්නේ.. අපේ යාළුකම ගත්තම ඒක හොදට තේරේවි..

මේ තියෙන්නේ ඒ මම කාලෙකට උඩින් දාපු පෝස්ට් එක.. එදා ඒකට අදහස් දුන්න අය අද මට එදාටත් වැඩිය හිතවත් වෙලා.. 







56 comments:

  1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්...
    ඔයාගෙ වෙනස ඔයාට සතුටක් ගෙනදෙන්න කියලප්‍රාර්ථනා කරනව අයියෝ.......:)

    ReplyDelete
    Replies
    1. ඉස්සරහටත් මොකද වෙන්නේ කියලා බලමුකෝ නංගියේ.. අකුරු අතරින් අපි හැමදාම එකතු වෙනවනේ..

      Delete
  2. Nice... Good luck with everything.
    Ama

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, ස්තූතියි අමා අක්කේ..

      අද මොකද මේ ඇනෝ ඇවිත්?

      Delete
  3. හ්ම් වෙනස් වෙලා නේද...කාලෙකට කලින් මටත් ඔය වගේම හිතුනා...හැමෝම වෙනස් වෙලා...මාත් එක්ක හිටපු අය,ඉන්න අය...හැමෝම..මේ ගැන හිතල හිතල දන්නවද මම මොකද්ද කලේ කියලා.... ඉතින් මමද වෙනස් උනී..දාන්න පහක්..ජීවිතේ කියන්නෙ මෙන්න මේ වෙනස..මේ ලෝකෙ වෙනස් නොවෙන එකම දේත් වෙනස්වීම කියල මොකෙද්ද එකෙක් කිව්වලුනේ..ඉතින් අපි වෙනස් උනාම මොකෝ...හැබැයි කල්පනාවෙන්...හැම වෙනසක්ම හොද වෙනසක් නෙවෙයි...හැම වෙලේම අපි වෙනස් වෙන්නේ වෙනස් වෙන්න ඕනි වෙලාවෙදිත් නෙවෙයි..ඒ හින්ද පරෙස්සමෙන්...

    ReplyDelete
    Replies
    1. ඔන්න දැම්මා පහක්...

      කාලයත් එක්ක අපි එක්ක ඉන්න ගොඩ දෙනෙක් වෙනස් වෙනවා.. ඉතින් ඒ වෙලාවට අපිත් වෙනස් වෙන්න ඕන.. නැත්නම් අපි අතර මග තනි වෙනවා..

      Delete
  4. හැමදාම ඒකාකාරිව ගෙවෙනවාට වඩා නිරන්තරයෙන් වෙනස් වීම හිතට සහනයක් ගේනවා වගේම සැහැල්ලුවක්ද ගේනවා. වෙනස්විමත් එක්තරා වෙනස් කමක්නේ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ජීවිතේ වෙනස්ක් තියෙනවා කියලා දැනෙන්නේ වෙනස් වෙද්දි.. නැත්නම් ඒකාකාරී ජීවිතේ ඉක්මනට අපිටම එපා වෙනවා..

      Delete
  5. සුභ පැතුම් මලේ සුවබර වෙනසකට..
    බ්ලොග් එක නැතිවුනත් ඔයා නිතරම නොලිව්වත් ඔයාට උදව්වක් ඕන වෙලාවක අපි ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. දන්නවා අක්කේ.. දැන් මාව මතකයේ තියෙන මිතුරෝ ගොඩ දෙනෙක් ඉන්නවයි කියන එක හිතට දැනෙනවා.. ඒක සතුටක්..

      Delete
  6. බ්ලෝගෙන් අඳුනාගත්තත් කොහොම දැනගත්තත් ඇත්ත යාළුකම නවතින්නෙ නෑ මලේ, ඊළඟ වෙනසත් ඉක්මනටම වෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියේ.. නෑ මම බ්ලොග් එක විශේෂයෙන් සදහන් කලේ මම දන්න කියන අය වෙනස් උනත් මම නොදැකපු අය කවදාවත්ම තාම වෙනස් වෙලා නැති නිසා..

      අනිත් වෙනස් එනකන් බලා ඉමු..

      Delete
  7. ලොකෙත් ඒක්ක අපිත් වෙනස් වෙන්න ඔනෙ...

    ReplyDelete
    Replies
    1. එකගයි.. නැත්නම් අපි තනි වෙනවා..

      Delete
  8. හෙට ඇවිල්ලා තඩි කමෙන්ට් එකක් දාන්නම්..

    ReplyDelete
    Replies
    1. හොද ආරක්ශිත ඇදුමක් ඇතන් ඉන්න එක හොදයි.. මොකද හෙට ඔය තඩි කමෙන්ට් එකේ මට පහර වදිනවා ශුවර්ය.. :)

      Delete
    2. නෑ අයියෙ එහෙම නෑ.. මම අහිංසකී!! ;) හික්ස්ස්

      අයියා වෙනස් ව්එන්න හිතපු එක මරු!! සිකුර ලැබුවත් හලි අයියා නිකන් ... නෑ..ඉතුරු ටික එපා..:D ඔය යාලුවො ගැන නම් මම තේරුම්ගත්ත, මටත් දැනිච්ච හුඟාක් දේවල් තියෙනවා. දැන් දැන් මටත්, සැබෑ ජීවිතේ යාලුවන්ට වඩා වර්චුවල් යාලුවො ලඟයි වගේ!! ඒත් ඉතිං සැබෑ ජීවිතේ අයත් නරකක් නෑ.. අයියාගෙ වෙනස සුභ වෙනසක් නිසා, දිගටම ජීවිතේ සුභම වෙන්න කියලා ඔන්න සුභ පතනවා මම..:D

      Delete
    3. ඉතුරු ටික එපා නෙමෙයි කියන්ඩ කියන්ඩ..

      වර්චුවල් යාලූවෝ තමයි මට දැන් හුගක් ලග.. කොච්චර රණ්ඬු උනත් ඔයා මම කොච්චර ෆිට් එකේ ඉන්නවද?

      වෙනස්ක් ඕන උන කාලෙදි ඒ වෙනස් දෙන්න ඕන.. එතකොටයි ජීවිතේ හොද වෙන්නේ..

      Delete
    4. ගොඩක් රණ්ඬු වෙන අය ලගලුනේ හොද යාළුකමක් තියෙන්නේ..

      Delete
    5. ඇත්ත ඇත්ත.. අපේ ඒ දවස් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ ශෙහාරා.. :)

      Delete
  9. ඔව් දිනේෂ් අයියේ, එදා මම යාළුවො ගැන කියපු දේ ගොඩක් වෙනස් වෙන්න ඕන. විශේෂයෙන්ම මෙන්න මේක.

    "අයිය බ්ලොග් ලිවිල්ල නතර කරපු දවසට අයියට බ්ලොග් යාලුවො ටිකත් නැති වේවි."

    දැන් ඉතින් බ්ලොග් ලිවිල්ල නතර කළා නෙමෙයි වෙන මොනවා කලත් අපේ ෆිට් එක නැති වෙන්නේ නෑ නේ. ඒක හැමදාටම එහෙමමයි. එදා මට ඒක තේරුනේ නෑ.

    සැබෑ ජීවිතේ යාලුවන්ට අයියව තේරුම් ගන්න බැරි වෙලා තියන එක ගැන නම් දුකයි. ඒ අතින් නම් මම ගොඩක් වාසනාවන්තයි. මොන ප්‍රශ්න තිබ්බත් උන් මාව තේරුම් අරන් ඉන්නේ.

    වෙනස හොඳ එකක් නම් හොඳයි ඉතින්...;)

    ReplyDelete
    Replies
    1. සෑබෑ ජීවිතේ යාළුවන්ට මාව තේරුම් ගන්න බැරි උනේ ඇයි කියලා මට තාමත් තේරුම් ගන්න බෑ.. කාගේ වරදක්ද කියන්න මම දන්නේ නෑ ඒත් එහෙම වෙලා තියෙනව..

      මම දන්නවා.. උඹලා හදිස්සියෙවත් මම මලොත් කොඩියක්වත් දාන්න එන බව..

      Delete
  10. :) බ්ලොගයෙන් ජීවිතයට වර්ණ තවරාගන් "දිනේශ් උමගිලිය" මහත්මයා තමයි ඒ දේවල් ඔබ හා ප්‍රකාෂ කර සිටියේ. අපි දැන් මද විරාමයකට යොමු වෙමු.
    (ඒ විරාමය තුලදී ද සැබෑ මිතුදම් රැදෙනු ඇත. අනෙක්වා ඔබෙන් ඈත්ව යනු ඇත. ඉතිරිවන්නාවූ සැබෑ මිතුදම ආරක්ෂා කරන්න. අනෙකුන්ට යන්නට කියන්න. දිනෙක ඔවුන්ම පසුතැවෙනු ඇත.)

    ReplyDelete
    Replies
    1. මේ අගන්තුකයනේ.. මොකද බං නම වෙනස් කොලේ?

      ඇත්ත දවසක මට පසුතැවෙන්න කිසිම හේතුවක් නෑ.. මොකද මම මට පුළුවන් හැමදේම ගොඩක් අය වෙනුවෙන් කරල තියෙනවා..

      Delete
  11. මිතුදම් සබඳතා කියන දේවලුත් මේ ලෝකයේ පවතින හැම දෙයක්ම වගේ වෙනස් වෙනවා.
    ඒ වෙනස ගැන දැනගෙන ඉන්න තරමට කිසිම ප්‍රශ්නයක් නැහැ මචං...

    උඹ ඇති කරගත්තු වෙනස නිසා සතුටින් ඉන්නවා කියල උඹට දැනෙනවානම් ඒ හොඳටම ඇති.
    අපි මේ හැම දෙයක්ම කරන්නේ සතුටින් ඉන්නනේ.
    ජය වේවා....!

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියේ.. ජීවිත් නැති උන සතුට හොයාගෙන යන්නනේ මේ බ්ලොග් ගමන පටන් ගත්තේ.. අද මම සතුටින්..

      Delete
  12. මේ ටිකේ දැම්ම ඒවා වල හැටියට මම හිතුවා ලගදීම ලොකු වෙනසක් වෙන පාටක් තියෙන්නේ කියලා..:පී..දැන් මේ වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. පුහුල් හොරා කරෙන් දැනේ කියන්නේ නිකන්ද ඉතින්.. :)

      Delete
  13. බොහොම සතුටුයි මල්ලී....ඔය වගේ කතාවක් ළඟදීම කියයි කියල මට හිතුනා මේ දවස් ටිකේ දාපු අනිත් පෝස්ට් දිහා බැලුවම. ඉතින් හිස් තැන මොකක්ද කියලා මම අහන්නේ නෑ. කැමති දවසක කියන්නකෝ :) සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. අපේ අක්කට නොතේරෙන්න විදිහක් නෑනේ ඉතින්.. ;)

      ඒ හිස් තැන තාම සම්පූර්ණ නෑ අක්කේ.. සම්පූර්ණ උනදාට නොකියා ඉන්නෙත් නෑ..

      Delete
  14. ජීවිතේ වෙනසක් අපේක්ෂා කරනවා නම් වෙනස් වෙන එක හොඳයි අයියේ. ඒ වෙනසින් අපේ ජීවිතේ සාර්ථක නම්, එහෙම වෙනසක් විය යුතුමයි.
    වෙනස් වුණු ජීවිතය සතුටින් ම ගත කරන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා අයියේ......
    ජය..!!!

    ~~**දඟ මල්ල**~~~

    ReplyDelete
    Replies
    1. කාලයත් එක්ක අපේ ජීවිත වෙනසක් ඉල්ලනවා.. අපිට නොදැනුනා උනාට ඒක ඇත්ත.. ඉතින් මේ මගේ ජීවිතේ ඒ වෙනස ඉල්ලන කාලේ.. ඒ වෙනස දෙන්න පරක්කු උනොත් මම පැරදි..

      තෑන්ක්ස් මහී..

      Delete
  15. මේකෙ නම් අමුතු ගතියක් තියෙනව....මටත් පොඩි සැකයක් තියෙනව මාත් දිනේශ් අයිය සඳහන් කරපු මුල් අවධියේ ඉඳල ඔය තත්වෙට පත් වේවිද කියල....දිනේශ් අයියත් අවුරුදු උත්සවේ හිටිය නම් හොඳා කියල හිතෙනව......

    ReplyDelete
    Replies
    1. වෙනසක් නම් ඒ වෙනස ජීවිතේට දුන්නට වරදක් නෑ මලයා..

      මලයට මාව මතක් උන එකම මදැයි ඉතින්.. දවසක අපිට සෙට් වෙන්න බැරිය ඉතින්..

      Delete
  16. යාළුකම කියන්නෙ උදව් කිරීම හරි සෙට්වීමහරි කියල හිතුවොත් වර්චුවල් යාළුවන්ගෙන් වැඩක් නෑ. ඒත් මම නං සයිබර් යාළුකමට කැමතියි. උදව් උපකාර සෙට්වීම් බලාගෙන නෙවේ. නිකංම යාළුකමට!

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. මේ සයිබරයේ කවුරුවත් අපෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ.. මේ හැම දෙයක්ම අකුරු අතරේ බැදිලා තියෙන්නේ..

      Delete
  17. වෙනස හොද දෙයක් නම් එච්චරයි මල්ලි....සුභ පැතුම්....

    ReplyDelete
    Replies
    1. හොද දෙයක් අක්කේ හොද දෙයක්..

      Delete
  18. ඒක හොදයි මල්ලි ලොකේ හැමදේම වෙනස් වෙන එකේ අපි වෙනස් නොවී හිටියොත් අපි එක තැන තනිවෙනවා.අපේ හොද ප්‍රත්පත්ති වෙනස් නොකර යම් තාක් දුරකට වෙනස් වෙන එක වරදක් නොවෙයි

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ හොද ගතිගුණ එහෙමම තියෙද්දි වෙනස් වෙන එකයි වැදගත්.. මම හිතනවා මමත් වෙනස් උනේ එහෙමයි කියලා.. ඒත් මගෙන් අයින් උන අයට නම් මම නරක කෙනෙක් විදිහට පෙනේවි..

      Delete
  19. නිකං ඉන්න බැරිවට පටන් ගත්තට වැඩ කරද්දි මග තොටදී මතක් වෙන්නේ මේ මගුල තමා..

    ඒක අපේ ජීවිතය. නොදැකපු අපේ බැදිම..

    ජය පතමි..

    ReplyDelete
    Replies
    1. මේ මොනවා අහනවද සෑමො.. හිතින් ලිපි ලියන වෙලාවලුත් තියෙනවනේ.. මේ මඟුලේ වටිනකම දන්නේ අපි විතරනේ..

      Delete
  20. වෙනස් නොවන එකම දෙය වෙනස් වීමයි....... පිස්සුනෙ! එ්කත් වෙනස් වෙනව!

    ReplyDelete
    Replies
    1. හෙහ්.. වෙන්න ඇති අලියෝ.. වෙනස් වෙන ලෝකෙනේ..

      Delete
  21. සතුටුයි මේ වෙනස් වීමට.. අර කියලා තියෙනවනෙ වංගු වංගු ගලනකොටයි ගඟක් ලස්සන කියලා.. :P
    ජීවිතෙත් ඒ වගේ.. :)
    ඉතින්..
    සුබ පතනවා අර හිස්තැන ඉක්මනටම පිරෙන්න...!!! :)

    ReplyDelete
    Replies
    1. ඒ හිස් තැනනම් ඉතින් කියන තරම් ඉක්මනින් පිරේවිද නම් දන්නේ නෑ ඉතින්.. :)

      Delete
  22. ඔයාගේ ඉතිම් මේ වෙනස වෙනකම් අපි කොච්චර බලාගෙන හිටියද? අවුරුදු 5ක් කියන්නේ ජීවිතේ පුංව් කලයක් නෙමෙයි අයියේ.. යාළුවෝ කොහොම උනත් ඔයාගේ ජීවිතේ අනිත් දේවල් වල උන වෙනසට ඔයාගේ ලග ඉන්න අපි ගොඩ දෙනෙක් කැමති බව ඔයා දන්නවනේ..

    ReplyDelete
    Replies
    1. මම දන්නවා නංගියේ.. උඹලා මම වෙනුවෙන් මෙච්චර කාලයල් බලාගෙන හිටියා කියලා.. දැන් ඒ ගැන හිතන්න එපා.. දැන් ඒ ගොඩ දේවල් වෙනස් වෙලා..

      Delete
  23. මේක දැක්කේ පරක්කු වෙලා. ඔයා වෙනස ගැන හිත, හිත ඉන්නවද? නැත්නම් වෙනස් වෙලාද? :)

    ReplyDelete
    Replies
    1. වෙනස් උනා අක්කේ වෙනස් උනා.. අවුරුදු 5ක්ම ඕක ගැන හිත හිතනේ හිටියේ.. :)

      Delete
  24. හැමදේම වෙනස් වෙන ලෝකේ අපි විතරක් වෙනස් නොවී ඉන්න උත්සහ කරන එකත් මෝඩකමක්.අපි ළඟ තියෙන හොඳ ගතිගුණ වෙනස් නොකර ජීවිතයට ගැලපෙන විදිහට වෙනස් වෙන එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. අපි වෙනස් නොවෙද්දි පස්සට යනවා ජීවිතෙන්..

      Delete
  25. කිවුවාට විස්වාශ කරන්න දිනේෂ් මම දැන් මගේ ෆේස් බුක් එකට යන්නේ ඉඳල හිටලා.ලංකාවේ ඉන්න යාලුවොන්ට මොනවා හරි උවමනාවක් වුනාම විතරයි මට කතා කරන්නේ මට උනේ උනාම කවුරුවත් නෑ.ඒත් බ්ලොග් එක කරන්න පටන් ගත්තයින් පස්සේ මාර සෙට් එකක් සෙට් වුනා කවදාවත් දැකල නැහැ.ඒත් නියම සෙට් එකක්.

    ReplyDelete
  26. හිස්තැන සම්පූර්ණයි කියලා මට සිතේ.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්