Thursday, 19 April 2012

වහින්න මුතු වැස්සක්

මේ ජීවිතේ කොහේ හරි අතර මගක නැවතිලා කියලා හිතුන වාර ගාන අනන්ත උනත් නැවතුම කොතනද කියලා හිතන්න තරම් ඕන කමක් අද වෙනකම්ම මගේ ජීවිතේට ආවේ නැත්තේ ඇයි කියන්න මම තාමත් දන්නේ නෑ.. වෙනසක් ඕන කියලා හිත කෑ ගහලා කියපු වෙලාවල් තිබුනත් හඬට ඇහුම් කන් නොදෙන තරමටම මම මටම ආත්මාර්ථකාමි   උනා.. මම මටම නපුරෙක් උනා..

අරුණෝදයක් ගැන හැමෝගෙම හිත් වල තිබුන බලාපොරොත්තුව වගේම බලාපොරොත්තුවක් මටත් තිබුනා.. සමහර විට ඊටත් වැඩිය.. ඒත් එක වැහි වළාවක් ජීවිතේ එක අරුණෝදයක් අදුරෙන් වහද්දි ආයෙම අරුණොදයක් නොඒවි කියලා හිතාගෙන ගෙවුන දවස් දැන් අතීතයක් වෙලා ඉවරයි.. ඒත් අතීතය අතරේ පායපු අරුණොදයන් හැම එකක්ම වගේ අදුරු වේවි කියලා හිතලා මග හැරපු අතීතය ජීවිතේ අතර මග නොලියඋන කවියක් විතරමයි..

කාලය වෙනදා වගේම ගෙවිලා ගියා.. ජීවිතේ නොයෙකුත් හැරවුම් ආවා.. දවසක යන්න බලාපොරොත්තු නොවුන ගමනක මැදකට ජීවිතය ඉබේම වගේ ඇවිත් නතර වෙලා.. ගෙවුන කාලය ආපහු ඇදලා අරන් ආපස්සට යන්න තිබුනනම් කියලා හිත කොච්චර කිවුවත් දේ කරන්න බෑ කියලත් මේ හිතම දන්නවා.. එහෙනම් ඇයි මේ හිත වගේ දෙයක් ඉල්ලන්නේ?

උත්තරයක් නොදත් ප්‍රශ්ණයක්.. සමහරවිට උත්තරයක් ඇති.. ඒත් මේ උත්තරය හොයමින් ආයෙම ඇවිද යන්න කාලය නෙමෙයි.. ජීවිතය වෙනස් විය යුතුයි.. කවදා කොතැනදි කොහොමද යන්න සැළසුම් කරන්න දැනටමත් ප්‍රමාද වැඩියි.. ජීවිතය වෙනස් විය යුතුයි.. අද මෙතැන් සිට..

හැමදාම හීන දැක්කත් අවිනිශ්චිත අනාගතයක් එක්ක හැප්පෙන්න තියෙන ජීවිතය ලේසි පහසු එකක් නොවේවි.. ඒත් මේ වෙනකන් ඇති උන නැති උන දේවල් එක්ක මීට වඩා ජීවිතයට මට කුමක් නම් කල හැකිද? හැමදාම රිදුම් දෙන වේදනාවක් එක්ක තබන පියවර දවසක පැටලේවී.. ඒත් එතකන් වේදනාව අතරින් පියවර තැබිය යුතුයි..

එකම එක විශ්වාසයක ඉදන් හෙට අරුණොදය දකිමි.. වෙනසයි.. ජීවිතය වෙනස් විය යුතුයි.. අද මෙතැන් සිට..


වහින්න මුතු වැස්සක්
වස්සානෙම ඉවුරු තලා යන්න
දකින්න නව ලොවක අරුණළු
පිපාසිත සිත්මඬලට..

කඳුළක් වූ ආදරයක් ලග
වැලපෙන්නට හිතක් නෑ තවත් මට
නික්ම යන්නට නුඹේ ආදරය
වස්සානය එන්න මගේ ලෝකයට..

මහ වැස්සෙන් හේදිලා ගිය
බිමක දළුලන අළුත් ලෝකයක
තැනේවී මගේම ලෝකයක්
මම හැමදාමත් පතන..

ගෙවුන කාලය එකතු වේවී
තවත් එක් මතකයක් විලසට
වේදනා දුන් සිතුවිළි හැම
නික්ම යාවි හදින් හැමදාටම..

ඉතින් මම මග බලා ඉමි
හෙට ඇරඹුම එන තුරු
අතර මග නැවතුන ජීවිතයට පණ දෙන්න
ඉතින් එන්න වස්සානය මගෙ ලොවට..







63 comments:

  1. //ජීවිතය වෙනස් විය යුතුයි.. ඒ අද මෙතැන් සිට..//

    අනිවාර්යයෙන්ම... කෙනෙක්ගෙ ජීවිතය ගැන වගකියන්න කියන්න ඕනෙ ඒ ජීවිතය අයිති කෙනාමයි..

    කවියක්ම නොවූ සිතිවිල්ලක්..! :) අගෙයි..!

    ReplyDelete
    Replies
    1. මේක කවියක්ම නොවු සිතුවිල්ලක් පමණක්ම නෙමෙයි.. :)

      Delete
    2. හලි හලි ඉතින්.. ඕන් වහින්න කිව්වා මුතු වැස්සක්ම..
      වස්සානයේ..!!! :)

      (ගංවතුර ගැලුවොතින් අපි නෑ ඕන්.. :P )

      Delete
    3. ගංවතුර ආධාරයක් වත් දෙන්නෝ...

      Delete
  2. Jiwithaya kiyanne hamadama ekama thana thiyena deyak nemei. Gewena deyak. Ithin api ai eka thana inne? Na epa jiwithe ekka issarahata yamu.aluth balaporoththu athi kara gamu. Lassana mathaka hadawathe thampath kara gamu. Ow api issarahata yamu. -warnaa

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. අපි ඉස්සරහට යන්න ඕන.. නැත්නම් ජීවිතේ ඒකා කාරී වෙනවා..

      වර්ණා මොකද අද ඇනෝ ඇවිත්??

      Delete
    2. ෆොන් එකෙන් ඒ වෙලේ කමෙන්ට් කලේ අයියේ. එකයි

      Delete
    3. මම ඒත් බැලුවා මොකෝ මේ වර්ණා ඇනෝ ඇවිත් කියලා.. :)

      Delete
  3. මුතු වැස්සක් ඉක්මනටම වහිවී...

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ.. අපි එතකන් බලාගෙන ඉමු..

      Delete
  4. මම අයියගේ කතා වලින් මගේ හදවතටම දැනුන කතාව මේක වෙන්න ඕනා.ජිවිතේ ආපහු හැරිලා බලද්දී මොනවද මම කෙරුවේ ඇයි මට මෙහෙම උනේ කියල දැනෙද්දී ආපහු මුලට යන්න තිබුනානම් ලස්සනට ජිවිතේ ගොඩ නගනවා කියලා මටත් හැමවෙලේම හිතුන දෙයක්.ඒත් කවදාවත් සැබෑ නොවන ආශාවක්.ඒ නිසා මමත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අයියගෙත් මගෙත් අපි හැමෝගෙමත් ජිවිත අලුතින් ලියලන්න වහින්න මුතු වැස්සක් කියලා...

    ReplyDelete
    Replies
    1. අපි ගොඩක් දෙනෙක් හිතන දෙයක් තමයි ඒ දේ එහෙම නොවුනානම් කියන එක.. ඒත් ඒ දේ වෙලා ඉවරයි.. ආයෙම වෙනස් කරන්න බෑ.. අපි කොච්චර අකමැති උනත්..

      දවසක ඒ වස්සානය අපි හැමෝගෙම ජීවිත වලට ඒවි..

      Delete
  5. සිකුරා හොඳට වැඩ කරනවා. ඔය මුතු වැස්සක් ඉල්ලන්නේ ඒ හන්දා. පොඩ්ඩක් ඉවසලා ඉන්ටකෝ. ඔය වැස්සෙන් ලඟදිම තෙමේවි. :)

    ReplyDelete
    Replies
    1. මටත් තේරුනා ඔයාට වගේම. දිනේෂ් දැන් අමුතු වෙලා. බලාපොරොත්තුවකින් ජීවත් වෙන්නේ.. ජය.. පතමු !

      Delete
    2. අක්කට තේරුණා කතාව එහෙනම්.. අක්කා කියනවනම් තව ටිකක් ඉවසලා බලමුකෝ..

      Delete
    3. සෑම් : " දිනේෂ් දැන් අමුතු වෙලා.." එහෙම අමුත්තක් වෙලා නෑ බං..

      Delete
  6. Oya tharamata hitha kada watena tharamata jeevithey diha balanna EPA malli. "Atalodahamata" anuwa hithanna purudu wenna.

    Mama waradida manda,,,, ikmanin muthu warusha enna kiyala pathanawa..
    Kumari,,

    ReplyDelete
    Replies
    1. කාලෙකට කලින්නම් ජීවිතේ දිහා බැලූවේ බලාපොරොත්තු නැති කරන් තමයි අක්කේ.. ඒත් දැන් ඒ හැම දෙයක්ම වෙනස් වෙලා..

      Delete
  7. අනේ වැහැපන් ගංවතුර ගලන්නම......;)

    ReplyDelete
    Replies
    1. හාපෝ ඔහොමත් ප්‍රාර්ථනා කරනවද මම අහන්නේ??

      Delete
  8. කවද හරි වැහැපු දවසට මලයට ගං වතුරම ගලන්න කියලා මම පතන්නම් ඔන්න... :)

    ReplyDelete
    Replies
    1. එතකොට ඉතින් බෝට්ටුවෙන්ම යන්න පුළුවන්.. :)

      Delete
  9. වැහැපන්....වැහැපන්....දෙගොඩ තලා යන්න.. :-)

    ReplyDelete
    Replies
    1. අකුණු ගහන්නේ නැතුව කොච්චර වැස්සත් කමක් නෑ.. :)

      Delete
  10. තද ශීත සුළං හමාවි, නපුරු සුළි කුණාටු හමාවි.. එත්... වසන්තය එනවා සත්තමයි..

    වැරදීම් කියන්නේ පසු තෙවේය යුතු දෙයක් නෙවෙයි අයියා.. ඒවා තමයි අපේ ජීවිත පොතේ පාඩම්.. ඒවයින් ඉගෙනගෙන ඒ වැරදි හදාගෙන ඉස්සරහට යන කෙනාට වරදින්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. පරක්කු වෙලා හරි වසන්තය එනවා.. ඒක ඇත්ත නංගී.. එතෙක් අපි බලාගෙන ඉමු..

      Delete
  11. නීරසයි අතරමග අවහිර නොදුටු බිම!:)

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.. අවහිර තමයි ලස්සන ගේන්නේ..

      Delete
  12. හුදකලාවේ ගෙවෙන
    මේ රුදුරු නියං කල
    ගෙවී හරි ඉක්මනට
    වැටේවා මුතු වැස්ස
    ඔබේ සොඳුරු හිත මතට............

    ReplyDelete
    Replies
    1. බලා ඉමි වැස්ස එන තුරු
      නියං කල පහව යන්නට
      දළු ලන්න වියැළුන පොළව
      ආයෙම තව වතාවකට..

      Delete
  13. වහින්න වහින්න....බලන් ඉන්නේ කුඩ නැතුවම

    ReplyDelete
    Replies
    1. කුඩ තිබ්බම තෙමෙන්නෙ නෑනේ.. ඒ නිසා නැතුවම ඉන්න එක හොදයි..

      Delete
  14. හුදකලා වූ ස්වයං සිතුවිල්ලට ගැලපෙන් කවියත්, කවියට ගැලපෙන්න සිතුවිල්ලත් ඒකහ හුයක බැ‍ෙඳෙනවා.
    හුදකලා වූ සිත් මෙහෙම නම් ඉතින්......?

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි ඔබේ අදහසට..

      "හුදකලා වූ සිත් මෙහෙම නම් ඉතින්......?" ඇයි ඔබ ප්‍රශ්ණාර්ථයකින් නතර කලේ?

      Delete
  15. බය වෙන්න එපා දිනේශ් අයිය මුතු වැස්ස ළඟදිම වහීවි........

    ReplyDelete
    Replies
    1. කාලගුණෙ එහෙම දෙයක් කිවුවේ නෑනේ... :(

      Delete
  16. මේ ලිපිය මගේ ජීවිතේටත් ගොඩක් සමීපයි කියලා දැනෙනවා. මාත් ජීවිතේ වෙනසක් අපේක්ෂාවෙන් බලාගෙන හිටියා. ඒත් හැමදේ ම වෙන්නේ අපේ වුවමනාවන් ට නෙවෙයිනේ, ඒ වෙනුවෙන් කාලයක් බලාගෙන ඉන්න ඕනේ. ඒ නිසා සුබවාදී අනාගතයක් වෙනුවෙන් මඟ බලාගෙන ඉන්නවා....

    අයියා බලාපොරොත්තුවෙන විදිහට ම ළඟදී ම වස්සානය උදාවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...!!!!
    ජය!

    ~~~**දඟ මල්ල**~~~

    ReplyDelete
    Replies
    1. සුභවාදි අනාගතයකට තියා ගත්ත බලාපොරොත්තුවේ එහෙමම ඉන්න.. මොකද දවසක ඒ බලාපොරොත්තු ඉටු වේවි..

      Delete
  17. හිතක් පහල වෙලා වගෙයියියියියියියි..... ;)

    ReplyDelete
    Replies
    1. දැන් එහෙමෙයි හිතන්නේ??

      Delete
  18. වස්සානයට එන්න කියලා ආරාධනා කලාට වස්සානය පිළිගන්නත් ලෑස්ති වෙලා ඉන්න හොඳේ..
    නැත්තම් ඇවිදින් යනකම් ඔයා දන්නැතුව ඉඳීවි...

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අක්කේ.. මේ පාර ඒ වෙනුවෙන් සැදී පැහැදී ඉන්නවා... :)

      Delete
  19. මුතු මැණික් රන් රිදී .. මේ හැම වැස්සක්ම ඉක්මණටම වහින්න ඕනෙ ගංවතුර ගලන්නම.. ;)

    හැමදාම ජීවිතේ ඉඩෝරය නෑ(ලූ) අයියෙ.. වැහි වැහැලා මල් පීදීලා සුවඳ හමන වසන්ත කාලයක් හැමෝටම කවදා හරි එනව(ලු) මාත් බලන් ඉන්නෙ ඔය වැස්ස වහිනකම් නෙ අලෙ!! ;)

    ජය වේවා !!

    ReplyDelete
    Replies
    1. අවුරුදු 3 ඉක්මනින් ඉවර වේවි කියලා වගේ කමෙන්ට් එකක් මෙයාගෙන් බලාපොරොත්තු උනට කියලා තියෙන්නේ වෙන දෙයක්.. ඒ ගැන හෑහෙන්න හිතන්න වෙයි වගේ.. :)

      Delete
    2. අවුරුදු 3 ගැනම කියන එක හරි නෑනෙ...;)

      Delete
    3. ඒ උනාට ඉතින් ඔයා එහෙම කිවුවේ නැති උනාම හිතට හරි නෑ නෑ වගේ.. :)

      Delete
  20. අමරසිරි මහත්යාගේ සිංදුවට ආස නිසා උඩ දාගෙන දුවගේන ආවේ.. :)

    මේකත් නරකම නැහැ

    ජය !

    ReplyDelete
    Replies
    1. බලාපොරොත්තු බිද වැටුනම් සමා වෙන සේක්වා.. :)

      Delete
  21. වස්සානය ලඟදිම හමුවේවා!! :)

    ReplyDelete
  22. අතුරු සිඳුරු නැති වෙන්නම වහින්න මුතු වැහි..තෙමා සංසිදවන්න....

    ReplyDelete
    Replies
    1. එක බලාපොරොත්තුවක්..

      Delete
  23. මොකක් හරි පෙරලියක් වෙන්න වගේ යන්නෙ...

    ReplyDelete
    Replies
    1. ගම්පෙරලිය වගේ දෙයක්ද අයියේ??

      Delete
  24. ඉක්මනටම ඔය මුතු වැස්ස වසීවා කියලා පතනවා...හැබැයි තෙමෙන්න එහෙම යනවා නෙවෙයි...

    ReplyDelete
    Replies
    1. වහින්න කියලා ආරාධනා කරලා නොතෙමී ඉන්න එක හරි නෑ නෑ වගේනේ... :)

      Delete
  25. i hate වස්සානය.....අන්තිමට හෙම්බිරිස්සාව විතරයි ඉතිරි වෙන්නෙ....:P

    ReplyDelete
    Replies
    1. ඕනාවට වැඩිය තෙමෙන්න ගියාම එහෙම වෙනවා.. ගානකට තෙමෙමු..

      Delete
  26. මොකක් වුනත් අය්යා සතුටින් ඉන්නකෝ

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ..

      Delete
  27. ඉස්සරකාලේ නම් රන්, රිදී, මැණික් වගේ ම මාළු, අයිස්, බෝංචි වැහි එහෙමත් තිබුණලු අර මොකක්ද සුළං කේස් එකක් නිසා.. මේකත් ඒවගේ සැබෑ වෙයිද! සතුටින් ඉන්න, කරන දේ හිතට අවංකව කරන්න, එතකොට නොදැනීම වහීවි හැමදාම මුතු වැහි!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අයියේ..

      Delete
  28. වැස්ස වහින්නේ පොලොව වැසි බලාපොරොත්තු වෙන වෙලාවට.ඒ වගේම ඒ වැස්සත් හොඳම වෙලාවේදී වහිවී.ගංගා උතුරන්න වැස්සට ඔන්න අපි නෑ....

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්