Tuesday, 10 April 2012

මගේ වේගේ වැඩිද?

මම ලිපි ලියන වේගය වැඩිද? 

පහුගිය සති දෙකක විතර කාලයෙදි මගේ යාළුවන්ගෙන් මට ලැබුන අදහසක් තමයි මම මගේ බ්ලොග් එකට ලිපි ලියන වේගය වැඩිය කියන කාරණාව.. මේ ගැන ලියනන් ඕන කියලා වැඩියෙන්ම හිතුනේ එක කාරණාවක් නිසා.. ගෙවුන ඉරිදවේ මම බ්ලොග් එකට දාන්න ලිපි හතරක්ම ලියලා ඉවරකලා.. ඉතින් ඒ ගැන නිකමට වගේ බුකියේ ස්ටේටස් එකකට දාපු වෙලෑ ලැබුන පිළිතුරු නිසයි මෙහෙම ලියන්න ඕන කියලා හිතුනේ..

ගොඩක් වෙලාවට ලැබෙන ප්‍රතිචාර කොහොම අඩු වැඩි උනත් මම හැමදාම වගේ බ්ලොග් එකේ පෝස්ට් එකක් දානවා.. වැඩි හරියක්ම සතියේ දවස් 5හේම මගේ බ්ලොග් එකේ ලිපියක් වැටෙනවාම තමයි.. ඉදලා හිටලා ඕක 6ක් උනත් කවදාවත්ම 7ක් නම් වෙන්නේ නෑ.. ඒ මොකද මොනම හේතුවකටවත් මම සෙනසුරාදා  දවසේ බ්ලොග් එක පැත්තෙවත් නොඑන නිසා..

මගේ රස්සාවලුත් එක්ක මම මෙහෙම හැමදාම ලියන්නේ කොහොමද කියලා සමහරවිට ඔයාලා හිතනවා ඇති.. ඒක වෙන්නේ මෙහෙමයි.. මට වැඩ තියෙන්නේ උදේ 8 ඉදන් දවල් 1 වෙනකුත් ආයෙම හවස 4.30 ඉදන් රෑ 8 වෙනකුනුත්.. ඉතාලියේ ඉන්න අය දන්නවා දවල් 1ත් හවස 4.30 අතර කාලය ෆාමසි හැම එකක්ම වගේ වහලා කියලා.. ෆාමසි විතරක් නෙමෙයි බැංකු, රෝහල් ඇරෙන්න අනිත් හැම තැනක්ම ඔය වෙලාවට වහලා.. ලංකාවේ කෑම පැය වගේ තමයි මෙහේ ඔය පැය තුනහමාර..

ඉතින් පැය තුනහමාරක් මොනවා කන්නද? ඕනමනම් මට කෑමට පැයක් යාවි.. ඉතින් අනිත් පැය දෙක විතර මම ගන්නේ බ්ලොග් කියවන්න.. දවසේ ලියවෙන බ්ලොග් කියවන්න ඔය පැය දෙක හොදටම ඇති මට.. ඊට පස්සේ රෑ ඇවිත් මට ලිපියක් ලියන්න හොදටම වෙලාව තියෙනවා.. සමහරක් දවසට හවස ලියවෙන වෙලාවලුත් තියෙනවා.. ඉතින් රෑ ලියන පෝස්ට් හැමදාම මහ රෑ තමයි මම පබ්ලිශ් කරන්නේ.. ගොඩක් වෙලාවට ඉරිදා නිවාඩුවේ මම ගෙදර ඉන්න නිසා එදාට ලිපි තුනක්වත් මම ලියනවා.. ඉතින් ඔය නිසාම හැමදාම එක ලිපියක් වෙන්න ලියන්න මට කාලය තියෙනවා.. මේ දැනටත් මම ලියපු පෝස්ට් කරන්න තියෙන ලිපි 13ක් තියෙනවා..

ඇත්තටම ගෙවුන කාලයත් එක්ක බලද්දි මම අද වැඩියෙන්ම සතුටක් ලබනවනම් ඒ මේ බ්ලොග් එක නිසා.. මෙතන හැමෝටම පේන්න ඉන්න මට වඩා මගේ ජීවිතේ ප්‍රශ්ණ ගොඩක් තියෙනවා.. ඒ දේවල් වලින් ටිකක් ඈත් වෙලා හිතේ සතුටින් පැය කීපයක් හරි ගෙවන්න ලැබෙන්නේ මට මේ බ්ලොග් එක නිසා.. ඒ නිසයි හැමදාම වගේ මොනව හරි ලියලා යන්න එන්නේ..අනිත් දේ තමයි හැමදාම මම ලිවුවා උනත් ඒ හැම ලිපියක්ම එකම මාතෘකාවේ ඒවා නෙමෙයි..  ඒ රටාව ගැන හොදට බැළුවොත් ඕනම කෙනෙක්ට තේරේවි ඒ ගැන..

කොහොම උනත් මගේ බ්ලොග් ජීවිතේ ගෙවුන අවුරුද්දයි මාස අටක කාලයේදි කවුරුවත් නොදන්නවා උනාට මම මේ ලියන්නේ 324 වෙනි ලිපිය වගේම මේ අවුරුද්දේ ගෙවුන දවස් 100දි ලිපි 72ක් ලියලා.. ඒ කියන්නේ වේගය වැඩියි කියන කතාව ඇත්ත තමයි..

ඉතින් ඔය කාරණා හිතලා බලලා ගත්ත තීරණේ තමයි ටික කාලයක විරාමයකට යන එක.. ඒක මටත් පොඩි නිදහසක් වේවි කියලා හිතුවා උනත් මට එහෙම කොච්චර කාලයක් ඉන්න පුළුවන් වෙයිද කියන එක තමයි ප්‍රශ්ණේ.. කොහොම උනත් වේගයෙන් ආපු ගමනට හදිසි නැවතීමක් මෙහෙම තියනවා.. කලින් නම් හිතාගෙන හිටියේ ආ‍යේ ලංකාවට නිවාඩුවට යනකම් ලියනවා කියන එක.. මොකද ඉතින් එතකොට මාස දෙකක්වත් ලියවෙන්නේ නැති නිසා.. ඒත් ඒ තීරණේ වෙනස් කරලා තමයි මේ තීරණේ ගත්තේ..

එහෙනම් අපි ආයේ ඉක්මනටම හමුවෙමු.. එළබෙන අළුත් අවුරුද්දත් මිතුරු හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..



විශේෂයි :- මම වේගේ වැඩියි කියලා කියපු අයත් එක්ක තරහවකින් මේක ලිවුවා කියලා හිතන්න එපා.. මේක සමුගැන්මක් නෙමෙයි.. මට මේ ජීවිතෙන් සමුගන්න කොච්චර උවමනා උනත් ඒක දැම්ම  කරන්න බෑ වගේම මේ බ්ලොග් එකත් මට දැම්ම නවත්තන්න බෑ.. මේ ඒකට කාලය නෙමෙයි..

අති විශේෂයි :- බ්ලොග් වලින් ටිකකට අයින් උනාම මටත් අර “ මගේ ලෝකය ” ලියන “ රංග අයියට ”  උන දේ වෙයිද දන්නෙත් නෑ.. 





109 comments:

  1. Replies
    1. ඔව් ඔව්.. අදත් මලයා එක.. හැබැයි ඔන්න හැට්‍රික් එක ගහන්න ගොඩක් දවසක් ඉන්න වේවි..

      Delete
    2. බ්ලොග් ගැන කිසිම දෙයක් නොදැන උන්න මම ටිකෙන් ටික යාලුවන්ගෙන් බ්ලොග් එක ලියන්න දේවල් ඉගෙන ගත්ත.දිනේෂ් අයියත් ඒ අය අතරින් ඉස්සරහින්ම ඉන්න එක්කෙනෙක්නේ.බ්ලොග් එක අපේ හිතට දැනෙන ප්‍රශ්න, දුක මොහොතකට හරි අමතක කරලා අපිට හිනාවෙලා ඉන්න මනසක් දෙනවා.ඒක ඇත්තටම සතුටක්.දිනේෂ් අය්ය මේ ලියන වේගේ වැඩියි වගේ හිතුනත් දිනේෂ් අය්යටත් මේ බ්ලොග් ඒක නිසා හිතට ලොකු සතුටක් වෙනවා නේද?ඇත්තයි අයියේ මට සමහර දවස් වලට අයියගේ ලිපි මග හැරිලා තියෙනවා ගොඩක් වාරයක්. :( ඒත් හැම ලිපියක්ම කියවන්නේ හුඟාක් ආසාවෙන්.සමහර වෙලාවට ගෙදරින් පිට උන්නු වෙලාවටත් කියවල තියෙනවා කමෙන්ට් කරන්න බැරි වුනත්.ලියන හැම ලිපියක්ම එකකට එකක් වෙනස් වගේම ලස්සනයි හුඟාක්.... :D

      ටික දවසකට නවතින්න හැදුවත් ඉක්මනින්ම එවි කියල බලාපොරොත්තුවෙන් ඉන්නව අයියේ...අයියගේ ඊළඟ ලිපිය එනකන් ආසාවෙන් බලන් ඉන්නව.

      මේ කෙටි විරාම කාලය සතුටින් ගෙවෙන්න ප්‍රර්ථනා කරනවා.අය්යටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!

      Delete
    3. //බ්ලොග් වලින් ටිකකට අයින් උනාම මටත් අර “ මගේ ලෝකය ” ලියන “ රංග අයියට ” උන දේ වෙයිද දන්නෙත් නෑ..//

      හනේ මම දන්නේ නැහැ අයියේ...එයාට මොකෝ වුනේ..????

      Delete
    4. ඔව් මලයා හිතේ සතුට නිසයි මම මේ ලියන්නේ.. ඉතින් ලියන වේගේ ගැන මම එච්චරම හිතුවේ නෑ.. වෙනස් දේවල් දවසින් දවස ලියන්නයි මට ඕන උනේ..බලමුකෝ..

      ආ.. රංග අයියා ඔය නිවාඩුව අතරේ කසාද බැන්දා කියලා මේ ලගදි දාලා තිබ්බා.. ඒකයි මම එහෙම කිවුවේ..

      Delete
    5. බය වෙන්න එපා මට එහෙම වෙන්නේ නෑ... :)

      Delete
  2. හ්ම්ම්හ්.. මදැයි මම බ්ලොග් එක කියවන්න ගත්තා අයියාගෙ..

    යන යන ඒකට හෙන ගහනෝ.. මම නම් ඇත්තටම මහ කාළකණ්නියෙක්.. ශික් විතරක්..

    ReplyDelete
    Replies
    1. මේකට මලයගේ වරදක් නෑනේ.. අනික ටික කාලෙකින් මම එනවා..

      Delete
  3. හුටා.....නවත්තන්න එපා !!! ටයිම් ගන්නත් එපා!!! ලියන එක ලියාගෙන යමු..ලියන්න දේවල් ඕන තරම් තියෙන මනුස්සයා කවදා කෝහොම ලිව්වත් ලියන එක නවත්තන්නේ නෑ නේ

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. සමහර විට මේකෙන් වෙන්නේ තව තව ලියපු පිලි ගොඩ ගැහෙන එක විතරක්ම වෙන්නත් පුළුවන්..

      Delete
  4. හයියූ පිත්තුඩ අයියො ඔයාට........හලේ මං ආසාවෙන් කියවන බ්ලොග් එක....මේ පිත්තු වැඩනම් කලන්නෙපා....ඇයි හලේ.....:/

    ReplyDelete
    Replies
    1. ටික දවසකට විතරයි හලේ..

      Delete
    2. හලේ යන්ඩ හලේ යන්ඩ.....:/
      ඔයා තුත්ත ඩවසකට හලි ඉඩී කියල ටමයි බය....

      Delete
    3. මොකෝ බෑ කියලද හිතන්නේ??

      Delete
  5. අනේ මන්දා දිනේශ්..
    අපි නම් කැමතියි ඔයාගෙ ලිපි කියවන්න..ඒත් මට හිතෙනවා ඔයා සතුටක් ලැබෙන කොට එතනින් අයින්වෙන්න හදනවා කියලා..
    හරියට සතුටු වෙන එක වැරැද්දක් වගේ..ඔන්න ඕකයි මට හිතුනෙ..

    කොහොම වුනත් ඔයාටත් සුභ අළුත් අවුරුද්දක්..

    ReplyDelete
    Replies
    1. කාලයක් තිබ්බා අක්කේ මම සතුට මග ඇරලා ගිය.. ඒත් මම දැන් එහම නෑ.. දැන් මගේ ජීවිතේ දෙවෙනියට මම සතුටු වෙන්නේ මේ බ්ලොග් එක නිසා.. ඒ සතුට නම් මම දාලා යන්නේ නෑ..

      Delete
  6. මදැයි. මමත් අදමයි මේ පැත්තේ ආවේ.

    ReplyDelete
    Replies
    1. ආයෙම එන්න.. මේ අවසානය නෙමෙයි..

      Delete
  7. කතන්දර සූරීන් කියන්නා වගේ බ්ලොග් කියවන එක කොටි වලිගය අල්ලගත්තා වගේ අතාරින්න බෑ හිතුනත් අතාරින්න බෑ..... ඒ නිසා මම හිතනවා අයියගේ ලිවීමත් ඒ වගේ වෙයි කියලා ලියන්න පුරුදුවෙලා හිතේ තියන දේවල් නොලියා ඉන්න ගොඩක් අමාරු වෙයි... කොහෝම හරි ඉඩ ලද වෙලාවක ලියන්න අයියේ.....

    ඔයාට සුභම සුබ අළුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඇත්ත.. ලිවීමට තියෙන ආසාව නිසාම දැන් නොලියා ඉන්නවා කියන එක හිතා ගන්නවත් බෑ.. විරාමයෙන් පස්සේ ලියන විදිහ ගැන ආයෙම හිතන්න ඕන..

      Delete
  8. ඔයාගෙ පෝස්ට් මට හැමදාම මග ඇරෙනකොට නම් හිතුනා ඔයා ලියන වේගෙ වැඩී වගේ කියල....ඒත් මම පහුවෙලා නිවාඩු තියන වෙලාවල් වල ඒවා කියෙව්වා...බ්ලොග් එකෙන් සමු ගන්න එපා...ටිකක් වේගෙ අඩු කරල ලියන්න...(මේ මගේ අවංක අදහස.)

    ReplyDelete
    Replies
    1. අවංකවම අදහස් කියපු එක ගැන සතුටුයි.. ඒත් මම මගේ කෙටි කතාවෙදි වගේ විරාමයන් තියනවා ගොඩක් දෙනක්ට බලන්න..

      Delete
  9. මල්ලී බ්ලොග් එක කරන්නේ ඔයාගෙ සතුට වෙනුවෙන් නම් ඇයි අත් හරින්නේ.. අනිත් අයගෙ කතා නෙමෙයි, තමන්ගේ හිත කියන කියන දේ කරන්න... ජ ය වේ වා !

    ReplyDelete
    Replies
    1. මේ හැමදාටම සමුගන්නවා කියලා හිතලා ලිවුවා නෙමෙයි.. මගේ හිත කියන්නේනම් හැමදාම උනත් මේ බ්ලොග් එක ලියන්න කියන එක..

      Delete
  10. අනේ මලයෝ වේගේ වැඩි නම් වේගේ අඩු කරන එක මිසක් ටික දවසකට නවත්තලා හරි යනවද හැබෑට?? :)) වේගෙන් ගලන ගඟකට කිව්වොත් "හිමින් යන්න එතකොට ලස්සනයි" කියලා, ගඟ ගලන එක නැවත්තුවොත් හරි යන්නේ නැහැනේ....මටනම් එහෙම වේගේ වැඩියි කියලා දැනුනේ නැහැ...හැබැයි පෝස්ට් කීපයක් මග ඇරිලා තිබුනා :(

    ඔන්න මම බැන්නා නෙමෙයි හොඳේ...ටික දවසකට හරි මේක නැවත්තුවොත් අපිට ලොකු අඩුවක් දැනෙයි. ඒකයි එහෙම කිව්වේ

    ReplyDelete
    Replies
    1. සයුරි අක්කට මට ඕන හැටියේ බනින්න ඉඩ තියෙනවා අක්කා කැමතිනම්.. ඒ ඇයි කියලා ඉතින් දන්නවනේ..

      ඇත්ත අක්කේ.. මම ගඟක්.. ලග පාත මුහුදක් නැත්ත් වේගයෙන් මුහුද හොයන් යන්න කැමති ගඟක්.. ඒත් මේ වේගේ නිසා දවසක මම හති වැටෙයිද කියලත් දැන් නම් බයයි අක්කේ..

      Delete
  11. Maath hamadama awith oyage lipi kiyawanawa. Wegaya gana kiyanna man danne na. E unata paanata huru una atha ta nidahaseeé galagena ena wachana liyanna Ida denna. Time gaththama oya ta kammali hithei.
    Kohoma unath suba aluth awuruddak wewa,,,
    Kumari,,,,

    ReplyDelete
    Replies
    1. ලියන්න මම දැන් ගොඩක් ආසයි.. ඉස්සර වගේ නෙමෙයි.. ඇත්ත කිවුවත් වගේ විරාමය නිසා කම්මැලි හිතෙන්නත් ඉඩ තියෙනවා..

      Delete
  12. ඇත්තටම පොස්ට් දාන වේගය වැඩි තමා.උදේ කියවල හවස බලද්දී තවත් එකක් දාල.මම මිට කලින් කියන්න තම හිටියේ මගේ යෝජනාවක් විදියට ඒත් පස්සේ ඒ දේ නැවැත්තුවේ මල්ලිට අප්සෙට් යාවි කියල.අර සයුරි අක්කා කියපු දේ තමයි ඇත්ත.ගෙමින් ගලා යන ගඟ තමා ලස්සන.ඒත් බ්ලොග් එක ටීක දවසකට නවත්වන්න එපා පොස්ට් දාන වේගේ අඩු කරන්න.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අයියේ.. ඒ ගැන කිවුවා කියලා මම කිසිම වරදක් හිතන්නේ නෑ.. දවසට නම් දෙකක් මම ලියලම නෑ මට මතක හැටියට.. සමහර විට අපේ කාල පරතරය නිසා උදේ හවස වෙද්දි අප්ඩේට් වෙනවා වෙන්නත් පුළුවන්..

      Delete
  13. අම්මියෝ කන ගාවින් ගියේ. හවස දාන්න ඉඳල පස්සට දාපු ස්ටේටස් එක දැම්මා නම් මාත් මේකට අහු වෙනවා.:) පොඩ්ඩක් විතර වේගෙ වැඩියි නම් තමයි අයියේ. හැබැයි ඉතින් ඒකට උත්තරේ ලියන එක නවත්තන එක නෙමෙයි නේ. ඇයි මෝඩ කතා කියන්නේ? පිස්සු කෙලින්න නම් එපා හරිද. උඹ ලියන එක නැවත්තුවොත් නේ බලාගන්න, අම්මප හැක් කරනවා මේක.

    ReplyDelete
    Replies
    1. මොකක්ද මොකද්ද උඹ කියන්න ගිහින් නොකිවුවයි කිවුවේ.. හැක් කරන්න? පික්ෂුද බං.. මගේ අහිංසක බ්ලොග් එකට උඹ එහෙම කරනවද? මම ඉක්මනට එනවා..

      Delete
  14. අපොයි මල්ලියෙ මට නම් වේගෙ වැඩි නැහැ. මමත් ඔයා වගේම ඔන් ඩියුටි ඉන්නෙ..මට වෙලාවක් කලාවක් නැහැ. මානසික රෝගින් ඉන්නෙ මම රැකියාව කරන තැන. නමුත් අපිට කරන්න වැඩක් නැහැ. බ්ලොග් කියවයි බුකියෙ කරක් ගහයි...මම දවසට කවි 10 කට වඩා ලියනවා. බුකියෙනම් නිතරම දානවා. ඒත් බ්ලොග් එකෙනම් හරිම අඩුවෙන් දාන්නෙ....මම නම් පැයෙන් පැයට අප්ඩේට් වෙනවනම් කැමතියි. අලුත් දෙයක් කියවන්න තියෙනවා එතකොට...

    ReplyDelete
    Replies
    1. මමත් අක්කගේ නිතර අප්ඩේට් වෙන කවි බලනවා.. බ්ලොග් එකට උනත් දවසට දෙපාර ආපු වෙලාවල් තියෙනවා.. අනිත් කාරණෙ වේගයෙන් ලියන එකම එක බ්ලොග් කරුවා මම විතරක්මෙ නෙමෙයි..

      Delete
  15. ඔයාගේ ලිපි ලීවීමේ සාමාන්‍ය මාසෙකට 20ක් වගේ.ඔව් ඒ ගාන නම් ටිකක් වැඩියි අයියා.මොකද ඔයාට ඒක වැඩි නොවෙන්න පුළුවන්.ඒත් ලිපියක් ගොඩක් දෙනෙක්ගේ අතට යන්න දවස් 3ක් වත් යනවා.ඒත් එකම දවසේ ලිපි දෙකක් වගේ දැම්මොත් කියවන අයට අහුවෙන්නේ එකයි.එයා ආපහු පහුවෙනිදට එද්දී එවෙලෙට තියෙන ලිපිය තමා කියවෙන්නේ එතකොට ලිපි දෙකක් මග ඇරිලා.20න් 10ක් වගේ තමා එවිට කියවෙන්නේ.ලොල්. ලිපියක් ලියලා ඒක ගොඩක් දෙනෙක් කියවනකම් අඩුම තරමේ 60 දෙනෙක් 70 නෙක් වගේ කියෙව්වට පස්සේ ඊලග ඒක දානවා නම් හොදයි.ඒත් ඔයාගේ කැමැත්තක්.

    ReplyDelete
    Replies
    1. දවසට දෙකක් නම් මගේ අතින් ලියවෙනවා අඩුයි.. එකක් තමයි උපරිමම.. කොහොමත් මේ පෝස්ට් එකෙන් පස්සේ ටික දවසකට අළුත් යමක් නොලිය වෙන නිසා මලය කියපු කාරණේ ගැනත් බලමුකෝ..

      Delete
  16. උඹගේ සමහර පෝස්ට් මටත් මග ඇරිලා තියෙනවා තමයි...
    වේගේ වැඩියි වගේ දැනෙනවානම් වේගේ පොඩ්ඩක් අඩු කරන එක තමයි වඩා සුදුසු
    නතර කරන එකෙන් කම්මැලි කමක් ඇතිවෙලා බ්ලොග් එක නතර කරන්නම හිතුනොත් එහෙම, හරි අපරාධයක්නේ වෙන්නේ.... :(

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අයියේ.. කීයටවත් නතර කරලම දාන්නේ නෑ මම මේක.. ඒක පොරොන්දුවක්.. ටික දවසක් නිහඬව ඉදලා ලියන්න ඕන වේගය ගැනත් තීරණයක් අරම්ම මම එනවා..

      Delete
  17. ඔන්න ඔයාට හැකි විදිහට ලියන්න මලේ,,බ්ලොග් එක නවත්තන එක නම් නෙමේ විසදුම ටික කාලෙකට හරි,,,,මගේ නම් අවුරුදු 2ට පෝස්ට් 54

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එන ටිකකට නැවැත්තුවේ වේගය නිසාම නෙමෙයි.. තව කාරණාවකුත් නිසා.. යන්න කලින් මේ ගැන ඇහුවේ ආයේ ලියද්දී ඒ අඩුව මග ඇරගන්න..

      Delete
  18. නොලිය ඉන්න එපා මචන්...ඒක එච්චර හොඳ කාරණාවක් නෙමේ.ඒත් ලිපි ලියන වේගය නම් චුට්ටක් විතර වැඩී තමයි.

    ReplyDelete
    Replies
    1. නෑ මචං නොලියා ඉන්නේ නෑ.. ඉක්මනටම එනවා..

      Delete
  19. ඕනම දෙයක් ලිමිට්ලස් වෙන කොට එපා වෙනවා තමයි.ඔයා පොඩ්ඩක් නැවතිලා හිතන එක හොදයි වගේ.
    අනේ ඒත් නවත්තන්න නම් එපා.ගොඩක් ආසයි ඔයාගෙ බ්ලොග් එකට.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ වර්ශා නංගියේ.. නවතින්නේ නෑ.. විරාමයක් ගත්තේ ගොඩක් දේවල් ගැන හිතන්න ඕන නිසා..

      Delete
  20. මම කියවන බ්ලොග් ඒකකවත් අලුත් ලිපියක් නැතිකොට මාර අවුල්.ඒ අඩුව පිරුනෙ ඔය ලිපි වලින්.

    ReplyDelete
    Replies
    1. මමත් කැමති මම කියවන බ්ලොග් වල කැමදාම ලිපි තියෙනවනම්..

      Delete
  21. වේගය ටිකක් අඩු කලාට කමක් නැ. දිගටම ලියන්න . මටත් මග හැරෙනවා ඔක්කොම බලන්න වෙන්නේ නැ . ඉඩ ලැබුන වෙලාවට උඩින්ම තියන පොඑස්ට් එක බලනවා .

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඔව් අක්කේ.. මම හිතන්නේ විරාමයක් එක්ක ලියන එක හොදයි වගේ.. ඒත් මට එහෙම කරන්න අමාරු එක තමයි ප්‍රශේණ්..

      Delete
  22. හ්ම්ම්... අයියා කියන ඔය ස්ටේටස් එකට කමෙන්ට් කරපු අය අතරට මාවත් අහුවුනානෙ( කරුමෙට වගේ) .අද උදේම මේක කියෙව්වාම හෙනම අප්සට්!! එදා අයියා දාලා තිබ්බෙ සතියෙම පෝස්ට් ටික ලෑස්තියි..කියලානෙ. ඉතිං ඇත්තටම මම කිව්වෙ ඔක්කොම ටික එකසෙරේ දාන්න එපා කියලා විතරයි!! නොදා ඉන්න කියලා නෙවෙයි.. අනික එහෙම කිව්වෙ පෝස්ට් මඟ හැරෙයි කියලා බයටයි.. මොකද මට එහෙම වුනා. කවදාවත් මුලින්ම අඑවිල්ලා කියවන්න වුනේ නෑ..:( ඒ නිසායි එහෙම කිව්වෙ.(අවංකවම)

    අයියා ලියන එක ටික කාලෙකට නවත්තන්න හිතුවෙ, හිත රිදුන නිසානම් අනේ මංදා.. සමාවෙන්න. ඒත් නොලියා ඉන්න එපා. දිගටම ලියන්න. අයියා ලියන ඒවා කියවන්න පුදුම ආසවෙන් මෙහාට එන්නෙ..කෙටි කතා , කවි... මම කලිනුත් කියලා තියෙනවනෙ.. අයියාගෙ ලිවිල්ල සුපිරියි කියලා. ඒ ගැන කියන්න දෙයක් නෑ..

    අවසානෙටම කියන්න තියෙන්නෙ ,ආයෙමත් පෝස්ට් දාන්න එපා කියලා කවුරුත්ම අයියාට කිව්වෙ නෑ.. එච්චරයි!!

    ReplyDelete
    Replies
    1. මෙන්න වලියක්!!!! කට්ටිය වරෙල්ලා...! ඒයි මැගි අක්කේ පොල්ල ගෙනෙන්. සොපියෝ එන පොට හොඳ නෑ කෙල්ල ගෙට ගනින්. ඔය බල්ලා ලිහල දාපන් යකෝ. කවුද ඩෝ කකුලෙන් අදින්නේ? කිචි කවන්න ඔට්ටු නෑ, කිචි කවන්න ඔට්ටු නෑ.

      දැන් නිකමට හිතල බලහන් දිනේෂ් අයියේ මම බොරුවටද කිව්වේ 'අවුරුද්දක් පුරා නිකන් පාන් දෙනවා කිව්වත් මම බොලා දෙන්නගේ වලි වලට මැදට පනින්නේ නෑ' කියලා.:D

      මේක හරිම පැහැදිලියි නේ දිනේෂ් අයියේ. හැමෝම කියන කතාව එකයි නේ. ඉක්මනට ඉක්මනට පෝස්ට් දාන්න එපා කියන්නේ එතකොට අපිට මග ඇරෙන නිසා. එකක් හරි මග ඇරුනා කියන්නේ කියවන අපිටයි පාඩුව. මොකද අපි ගොඩක් ආසාවෙන් කියනවා බ්ලොග් එකක් මේක. ඒ නිසා අපි අපි ගැන හිතලයි හෙමින් ලියන්න කියන්නේ.

      "අනිත් කාරණෙ වේගයෙන් ලියන එකම එක බ්ලොග් කරුවා මම විතරක්මෙ නෙමෙයි."

      උඩ කමෙන්ට් එකක තිබුන මේ කෑල්ලට මම උත්තරයක්‌ දෙන්නත් ගිහින් නිකන් හිටියා. අනිත් එවුන් කොච්චර වේගෙන් ලිව්වත් අපිට මොකද බං. අපි උන්ගේ ඒවා ඔක්කොම කියවන්න යන්නේ නෑ නේ. හැබැයි මේක එහෙම බෑ, මොකද මේකේ වැටෙන අකුරක් ගානේ අපි ගොඩක් ආසාවෙන් කියවන්නේ. ඒ නිසයි එහෙම කියන්නේ. ඒ වෙනස තේරෙනවා ඇති කියලා හිතෙනවා.

      හිතූ අප්සට් ගන්න ඕන නෑ, ඔයා එහෙම කිව්වේ සාධාරණ හේතුවකට නේ. දිනේෂ් අයියත් පිස්සු කෙලින්නේ නැතුව ලියන්න පටන් ගන්න හරිද. මම කිව්වනේ නැත්තන් වෙන වැඩේ.

      හැබැයි බොලා දෙන්න රණ්ඩු වෙන එක නවත්තන්න ඕන නෑ හොඳේ.:P පුළුවන් තරම් මරාගනිල්ලා. මට නම් හෙනම ආතල් එතකොට.:D :D :D

      Delete
    2. හිතූ : ඔයා වැරදිම ට්‍රැක් එකක ඉන්නේ.. ඒක මට ඔයා උදේ එවපු මැසේජ් එකෙනුත් තේරුණා.. මම කිවුවේ නෑ ඔයාලා කියපු දෙයින් මගේ හිත රිදුනාවත් ඒ නිසා ටිකකට නවත්තනවාත් කියලා.. වේගය වැඩියි කියන කතාව මත් පිළි අරන් තියෙන්නේ ඔයා හටියට ලිපිය කියෙවුවනම්.. අනික මේ විරාමයට එකම හේතුව වේගය නෙමෙයි.. තවත් එක කාරණයක්.. ඒ ගැන මම කියන්නේ නෑ..

      Delete
    3. කසුන් : උඹ පෙට්‍රල් නොගහා ඉදින් මේ තෙල් ගනන් ගිහින් තියෙන කාලේ.. :)

      ඒක හරි කසුනෝ.. මගේ විරාමෙට ඇත්තම හේතුව උඹ දන්නවා.. ඒ අතරේ මම මේ ගැනත් අහන් ගියේ ආයෙම මම එද්දි ඒ අඩුව මග ඇරෙන නිසා.. කොහොම උනත් උඹලා මම ලියන දේවල් මෙච්චර ආසාවෙන් කියවන එක ගැම සතුටුයි..

      Delete
    4. කසුන් අයියා බලන් ඉන්නෙ මායි දිනේශ් අයියායි වලියක් දාගන්නකම්ද? :p

      Delete
    5. ඒකනේ බලන්නකෝ මුං හදන්නේ හොදට ඉන්න අපි තරහ කරන්නනේ.. :p

      Delete
  23. ටිකක් වේගේ වැඩිනම් තමා... ඒත් අළුත් දෙවල් ලියන නිසා අවුලකුත් නෑ.
    ඔයා හිතට එකගව ගත්ත තීරණයක්ද ඕක? එහෙමන්ම් අපි අමාරුවෙන් හරි පොඩ්ඩක් ඉවසලා ඉන්නම්....
    සුභ අළුත් අවුරුද්දක් වේවා දිනේෂ් !!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම වේගේ අඩු කරන එක හිතට එකගව ගන්න තීරණයක් නෙමෙයි.. ඒත් කියවන අයටත් සාධාරණයක් කරන්න ඕන.. ජ්‍යේශ්ඨයෙක්ගෙන් වැදගත් උපදෙසක් ලැබුන නිසා සදුදා ඉදන්ම ආයෙම එන්න තමයි කල්පනා කලේ..

      සුභ අලුත් අවුරුද්දක් ඔබටත්...

      Delete
  24. පෝස්ට් පල කරනවනම් වේගය වැඩියි තමා..මටත් ලිපි මග ඇරෙනව ඕන තරම්..ඒත් පස්සෙදි හරි මම ඒව කියවනවා..දවස් 2 කට වතාවක් වගේ ලිපියක් දැන්මනම් හරි වගේ නේද..විරාමයක් ගන්න ඕනෙ නෑ..ඔයාට ලස්සන අදහස් තියෙනවා..ඒව ලියල ඔයා පළ කරනවා..ඒකෙ කිසි අවුලක් මම නම් දකින්නෙ නෑ..(මටනම් හැමදාම ලියන්න ideas එන්නෙ නෑ..ඒ නිසා පෝස්ට් දාන්නෙ නෑ හැමදාම.. :D)ඔන්න ඔයා හැමදාම ලියන්න මල්ලි..කම්මැලිකම යන්නත් එක්ක.. :))

    ReplyDelete
    Replies
    1. ලියන්න නම් දේවල් සෑහෙන තියෙනවා අක්කේ.. ෆාමසියේ කතා වලින්ම මේ බ්ලොග් එක ලියන්න පුළුවන් වෙන මුකුත් නැතත්.. බලමුකෝ අක්කේ.. :)

      Delete
  25. අපොයි දිනේශ් මල්ලි ලියන එකනම් නවත්තන්න එපා.ඒ කියන්නේ සති ගානක් මාස ගානක් බ්ලොග් එක අත ඇරලා දාලා ඉන්නත් එපා මමම්ත් දකිනවා ඔයාගේ බ්ලොග් එකේ හැමදාම කියවන්න මොනාම හරි දෙයක් තියෙනවා.සමහර වෙලාවට මටත් හිතිලා තියෙනවා ඔයා කොහොමද හැමදාම මෙහෙම ලියන්න වෙලාව හොයා ගන්නේ කියලා.ඔයාගේ වේගය වැඩි නිසා සමහර පෝස්ට් මට අතඇරිලත් තියෙනවා. එහෙමයි කියලා ඔයා ටික කාලෙකට බ්ලොග් එක අත හරින එක කියවන අපිට කරන අසදාරනයක්.ඔයා දිගටම ලියන්න.සතියට දාන පෝස්ට් ප්‍රමානය විතරක් අඩු කරන්න.ඔයා අහලා තියෙනවද මල්ලි ඕනම දෙයක් ඕනාවටවඩාත් ඕනෙම නෑ කියලා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත අක්කේ.. මේක මගේ හිතේ සතුටම උනත් හැමදාම ලියන එක හොද නෑ කියලා දැන් නම් හිතෙනවා.. හැබැයි ඉතින් ඒකෙන් වෙන්නේ මම කලින් ප්‍රොග්‍රෑම් කරපුවා ගොඩක් පස්සට යන එක.. අළුත් නව කතාව එක්ක අනිත් පෝස්ට් දාද්දි ටිකක් මට ප්‍රශ්ණ එනවා.. බලමුකෝ ඒකට හොද විසදුමක් හොයාගන්න..

      Delete
  26. මගේ අදහස නම් සතියට 3ක් 4ක් උනත් ඇති. සුබ අළුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නේ ඒ ගාන හොදයි වගේ අයියේ.. බලමුකෝ.. ස්තූතියි..

      අයියටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!

      Delete
  27. නවත්තන්නෙ එහෙම එපෝ..........
    අර කිව්වා වගේ හිමින් ලියමු. :)

    ReplyDelete
    Replies
    1. නෑ නෑ රජතුමෝ.. නවත්තන්නේ නැතියෝ...

      Delete
  28. එක දිගට පොස්ට් දැම්ම කියල අවුලක් නෑ. හැබැයි තියන අවුල තියෙන්නේ කියවන අයට ඒවා මගෙරෙන එක. එක දිගට දාල ඒවායේ කිසිම හරවත් බවක් නැත්තම් එත් වැඩක් නෑ. නමුත් දිනේෂ් අයියගේ බ්ලොග් එකේ එහෙම හරවත් නොවන ලිපි පල වෙන්නේ නැනේ. ඕනෙම දෙයක් ඕනෙවට වැඩ ඕනෙත් නෑලු. එක හින්ද පොඩ්ඩක් හිතන එක හොඳයි. මොකද එතකොට අගයකුත් නෑනේ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. මෙතනින් අදහසක් අරන් ඒ ගැන ටිකක් හිතන්න තමයි ටික දවසක විරාමයක් ගත්තේ.. ඒත් ඒක ටික දෙනෙක් වැරදියට තේරුම් අරන්.. ඒ ගැන කණගාටු වෙනවා..

      Delete
  29. ලියන්න හිතෙන වෙලාවට ලියපන්. ඒක නවත්තන්න එපා.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ.. හොද තීරණයක් අරන් ආයෙම ලියන්න පටන් ගන්නවා..

      Delete
  30. මාසෙට එකම එක පෝස්ට් එකක් විතරක් දාන මට උඹේ රේට් එක ගැන කියන්න අයිතියක් නැතිවෙන්න පුලුවං . . ඒත් උඹේ කොමෙන්ට් කාරයෙක් විදියට මට උඹ පෝස්ට් දාන රේට් එක වැඩියි මල්ලි. මොකද මම ආතල් එක ගන්නෙ කොමෙන්ට් වලට වැටෙන රිප්ලයි කොමෙන්ට් වලිං හැදෙන සංවාද වලින් වීම නිසා. ඒක මගෙ ආතල් එක මිසක් උඹේ ආතල් එක නොවෙන්න ඉඩ තියන නිසා උඹේ රේට් එක උඹම තීරනය කරපං.
    රේට් එක අඩු කරන්න කීවම තාවකාලික සමුගැනීමක් වගේ කතාවක් උඹ කියද්දි ඇයි මට හිතෙන්නෙ උඹ "අතීසාරෙට අඹුඩ ගහන්න හදනව" වගේ එකක් ????

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකේ ලිපිය වගේම රසවත්වම දාන අයියගේ කමෙන්ට් මම ගොඩක් බ්ලොග් වල දකිනවා.. විශේෂයෙන්ම ජ්‍යේශ්ඨයන්ගේ.. ඒවායේ යන සංවාද ගැන ඉතින් කියන්න දෙයක් නෑ..

      නෑ අයියේ.. ටික දවසකට මේ විරාමෙට ආවේ මගේ ලිපි කියවන්න බැරි උනා කියලා පෞද්ගලිකව කියපු අයට ඒකට අවස්ථාවක් දෙන්නත් එක්ක.. ඒ අතරේ මම ටේට් එක ගැන හැමෝගෙන්ම ඇහුවේ අනිත් අයටත් දැනෙන දේ දැනගන්න..

      Delete
  31. මම නම් හාවා හඳ දකිනව වගේ තමයි ඔන්ලයින් එන්නෙ. එතකොට අහුවෙන එක කියවනව. ඒ නිසා වේගය ගැන අදහසක් කියන්න බෑ.

    සුභ අළුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත යාළුවා.. කොහොම උනත් ස්තූතියි අදහසට..

      සුභ අලුත් අවුරුද්දක් වේවා!

      Delete
  32. මම කියන්නද වැඩක්. දවස් 3කට එක පෝස්ට් එක ගානෙ දමහන්. එතකොට ඉබේම ලිමිට් එකට හුරු වෙනව බං.
    ඉතිරි වෙන කාලය බුකියේ යාලුවො එක්ක ගෙවහන්. ඒකට කැමති නැත්නම් භාෂාවක් හරි ක්‍රීඩාවක් හරි ඉගෙන ගන්න බලහන්. ඒකත් කැමති නැත්තම් ඔය ඉන්න රට, ඒකෙ මිනිස්සු ගැන පොතක් වත ලියහන්. ඒ අමතර පැය තුනේ වෙන ජොබක් කරන්න බැරිද?
    චහ්! අපට මේ කාලය මදි වෙලා ලතවෙනවා.
    ජීවිතෙන් සමුගන්න හිතෙන ප්‍රශ්න උගත්,නූගත් දුප්පත්,පෝසත් ලොකු,පොඩි අපි කාටත් තියෙනවා බං. වෙන උදාහරන මොකටද මේ බ්ලොග් අවකාසයෙ ඉන්න බහුතරයකට ප්‍රශ්න තියෙනවා. ඒක උඹ දන්නව. මානසිකව වැටෙන්න එපා බං නැඟිටහන් සහෝ. වෙනද වගේ ඉඳහන්

    ReplyDelete
    Replies
    1. බුකියේ කට්ටිය එක්ක කතා කරලත් තමයි බං ඔය කාලය මේකට දාන්නේ.. හෙහ්.. අපෝ පුළුවන් ඔය ඕන තරම් ජොබ් තියෙන්නේ.. හැබැයි එහෙම කලොත් නම් මේකෙන් අනිවාර්‍යෙන් සමුගන්න වෙනවා.. මොකද ඊට පස්සේ කාලය කොහෙත්ම නැති නිසා..

      ප්‍රශ්ණ කියන ඳේවල් ජීවිතේ එක්ක බැදුනම දෙයක්නේ.. අපි ඒ ගැන හිතන්නත් ඕන.. එතකොට තමයි විසදුම් ලැබෙන්නේ.. ඒත් දවස තිස්සෙම හිතන්න ගියොත් පිස්සු හැදෙනවා.. ඒ නිසා මෙහෙම තැනක සතුටින් ඉන්න එක ලොකු දෙයක්..

      Delete
  33. ඔය්ය එක්ක එක්කාගෙ කත්තා ගන්නන් ගන්නෙඑ කවුද්ද දෝ

    ReplyDelete
    Replies
    1. හෙහ්.. පාඨකයන්ටත් සවන් දෙන්න ඕනනේ මචං..

      Delete
  34. වේගය ටිකක් අඩු කරන්නත් එපා නවත්තන්නත් එපා අයියෙ!:D
    බ්ලොග් 1න් බලාපොරොත්තු වෙන්නෙ හිත සැහැල්ලු කරගන්න එක නම් හිතට දැනෙන දේවල් කල් නොදමා ලියන්න ඕන කියන එකයි මගේ නම් අදහස!:)

    ReplyDelete
    Replies
    1. ඒ අදහසේ තමයි මලයා මාත් හිටියේ.. ඒත් දැන් පොඩ්ඩක් ඒක වෙනස් කර ගන්න වෙනවා..

      Delete
  35. මේගය ......... ම් එච්චර අවුලක් නෑ බොස්! සුභ නව වසරක් වේවා! :)

    ReplyDelete
    Replies
    1. බලමු බලමු.. සුභ අලුත් අවුරුද්දක්..

      Delete
  36. හපොයි.. මේක හරිම අසාධාරණයි... ලියන එක නවත්තන්නේ මොකටද අයියා.. හයියෝ.. බෑ... ඕක නම් හරි යන වැඩක් නෙවෙයි.. නවත්තන්න එපෝ..

    ReplyDelete
  37. හපොයි.. මේක හරිම අසාධාරණයි... ලියන එක නවත්තන්නේ මොකටද අයියා.. හයියෝ.. බෑ... ඕක නම් හරි යන වැඩක් නෙවෙයි.. නවත්තන්න එපෝ..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. නවත්තන්නේ නැතියෝ... :)

      Delete
  38. ටිකක් විතර නම් වැඩියි තමයි, ඒකේ පැති දෙකක් තියෙනවා. එකක් ඔයාගෙ පෝස්ට් ගොඩ දෙනෙකුට මඟ හැරෙනවා, අනිත් එක තමයි ඒකෙන් ඔයාගේ හැකියාව ගොඩ දෙනෙකුට සම්ප්‍රේෂණය වෙන එක වළකිනවා. මම කියන්නත් හදලා නොකියා හිටියේ මලයාගේ හිත රිදෙයි කියලා. මූණත් එක්ක තරහට නහය කපාගෙන වැඩක් නෑනේ මලේ, ඒ නිසා නවත්තන එක නෙවෙයි, පොඩි බ්‍රේක් එකක් දෙන්න පෝස්ට් වලට. ඒ වගේ ම ඔයාට කරන්න වැඩක් කියන්නද ඒ ඉතුරු වෙන වෙලාවට? පටන්ගන්න ඉංග්‍රීසි බ්ලොග් එකක්. ඒක ඔයාගේ දැනුමටත් හොඳයි. අපිට උණත් උදව් කරන්න බැරියැ. එතකොට ඔය වේගය ඉබේටම අඩුවෙයි වගේ ම කාලයත් ප්‍රයෝජනවත් විදියට වැයවේවි.... හිතලා බලන්නකෝ!

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ.. පහු උන ඒවත් එක්ක කියවන්න ඉඩ දෙන්න හිතන් තමයි මේ සතියක විතර බ්‍රේක් එක ගන්නේ.. නැතුව බ්ලොග් එක නවත්තන කිසිම අදහසක් මගේ දැනට තියා තව කාලෙකටවත් නෑ..

      පෝස්ට් හැමදාම දාන්න එපා කිවුවට මට හැමදාම නොලියා ඉන්න කියලා කවුරුවත් කිවුවේ නෑනේ..ඒ නිසා මට විවේකයක් ඒවි කියලා හිතන්න අමාරුයි.. :)

      Delete
  39. අවුරුද්දට සුබ පතන්න අමතක වුණානේ මලයට... යහපත් පින් සිතිවිලි වැඩෙන සුබ අලුත් අවුරුද්දක් වේවා එහෙනම්!

    ReplyDelete
    Replies
    1. අයියටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

      Delete
  40. ඇත්තටම මම අයියා මගේ බ්ලොග් එකට ආවත් වැඩ වැඩි කම නිසා බ්ලොග් කියවන එකෙන් ඇත් වෙලා උන්නේ.. අද ඉදන් ආයෙමත් කියවන්න පටන් ගන්න හැදුවා විතරයි... මේක නම් ටිකක් අසාධාරනයි...

    කාලෙකට කලින් මමත් බ්ලොග් එකේ දවසකට පොස්ට් 2ක දාපු කාලයකුත් තිබුනා.. කොහොම උනත් අයියා බ්ලොග් එකේ දවසකට පොස්ට් එකක් කියන්නේ එහෙම නවත්වන්න ඕනා විදිහේ වේගයක් කියලා මට හිතෙන්නේ නැ.. කොහොමත් මේක අයියාගේ බ්ලොග් එක නොලියා ඉන්නේ නැතුව පුලුවන් වෙලාවට ලියන්න.. ජය වේවා

    ReplyDelete
    Replies
    1. ඔව් දේවා.. මම කාලෙක ඉදන්ම දේවාගේ ලිපි බලන නිස මට මතකයි එහම දවසට දෙක ගානේ වැටුන ඒවට මම උත්තර දුන්නා.. ඇත්තටම මට නම් ඒක ලොකු වේගයක් කියලා දැනෙන්නේ නෑ.. ඒත්, ඒ ගැන පොඩ්ඩක් හිතන එක හොදයි වගේ..

      Delete
    2. දේවා අයියේ.. කොහේද හලෝ මෙයා ඔයාගේ අයියා වුනේ.. :D .. දිනෙශ් අයිය ඔයාට වඩා බාලයි අලෝ... හී හී

      Delete
  41. හැකියාවයි වෙලාවයි ඇත්නම් ලියන එකම තමා හොඳ. අඩුම තරමේ හිතට සතුටක් දැනෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබතුමා හරි.. නමුත් මම මං ගැනම හිතාලා එහම ලියන එක හරි මදි කියලා හිතෙනවා දැං නම්.. කියවන අයටත් පොඩි කාලයක් දෙන්න ඕන..

      Delete
  42. රංගයට වෙච්ච දේ වෙලාද මන්දා නොකියා කියන්නේ..

    ජයෙන් ජය මචං.. සුභම සුබ වේවා.. !

    ReplyDelete
    Replies
    1. අන්න බලපං සෑමෝ.. මෙච්චර කමෙනෙට් අතරින් උඹට විතරනේ ඇත්ත කතාව තේරුනේ.. ඒ ගැන සතුටුයි..

      උඹටත් සුභම සුභ වේවා!!

      Delete
    2. මටත් වෙන්න යන නිසා තේරුනේ :)

      රාජ් කිව්ව වගේ සතියට 3/4ක් ඇති මචං. කියවන එවුන්ට කරන පහසුවක්. නැත්තම් උබ ලියන ඒවා අපරාදේ කස්ටිය මිස් වෙයි..

      ජය !

      Delete
  43. මේ මේ.. පිස්සු කෙලින්න හදන්න එපා අයියේ.. විකාර නොකර වෙනදා වගේ පෝස්ට් දාන්න.. පුළුවන් වෙලාවට අපි ඇවිත් යනවා නේ..

    ReplyDelete
    Replies
    1. දන්නවා දන්නවා මලයා.. පුළුවන් වෙලාවට උඹලා මේ පැත්තේ එනවා කියලා..

      Delete
  44. පිස්සු නැතුව වෙනදා වගේ ලියපං බං..

    ReplyDelete
    Replies
    1. ලියනවා ලියනවා.. වෙනදා වගේම..

      Delete
  45. මේකට සරළ උත්තරයක් දුන්නොත්...

    උඹට පිස්සුද බං? ඔන්න ඔය විකාර අතෑරලා දාලා ලියපං . වේගෙ වැඩියි කියලා හිතනවා නම් මාසෙකට 6 - 7 වගෙ දාපං. හරිනෙ?

    සුභ නව වසරක්!

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මාසෙට 6-7ක්??? හෆ්ෆේ මට එහෙම හරි යන්නේ නෑනේ.. කොහොම උනත් බලමුකො..

      ඔබටත් සුභ අලුත් අවුරුද්දක්..

      Delete
  46. මටත් උඹ ලියන ගොඩාක් පොස්ට් මග ඇරෙන සින් එක නම් තියෙනවා අපේ ටයිම් මැනේජ්මන්ට් එකත් එක්ක අනේ මන්දා උඹ කැමති දෙයක් ......

    ReplyDelete
    Replies
    1. හැමෝමටම තියෙන්නේ ඔය කාලය පිළිබද ප්‍රශ්ණේ තමයි.. මම පෝස්ට් අඩුවෙන් දැම්මා උනත් දවසක් පහු උන ඒවා නොබලන අයත් ඉන්නවා..

      Delete
  47. වේගය ගැන හිතන්න එපා අයියේ.. ඔයා ලියන්න..

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි මාත් හිතාගෙන ඉන්නේ..

      Delete
  48. වේගේ වැඩි කියලා කියන්නේ කියවන්න මග හැරෙයි කියලානේ අනේ මැට්ටෝ.. බොරුවට මේ මම ආසාවෙන් කියවන බ්ලොග් ටික නැති කරන්න එපා. එච්චරයි

    ReplyDelete
    Replies
    1. හප්පේ... ඔහොම තරහා ගන්න එපා නංගියේ.. අනික මේ අවුරුදු දවසේ.. නවත්තන්නේ නෑ හලෝ..

      Delete
  49. මලේ ස්පීඩ් ඒක අවුලක් කරගන්න එපා. ඉඳල හිටලා පොස්ට් ලියන මටනම් මේ ගැන කතා කරන්න සුදුසුකම් මදි වෙන්න පුළුවන්. ඒත් මං මෙහෙම කියන්නං කෝ කියවන උන්ට කියවන්න වෙලාව දීල පොස්ට් අතර ඉඩක් තියන්න පුලුවන්නං ඔන්න අවුල හරි, ඒකනේ මේ හැමෝම කියන්නේ. අනික විවේකේ ඕනෙමනම් ඉතින් මල්ලිට පුළුවන් නේ අර තියන පොස්ට් 12 ඔටෝ පබ්ලිෂ් වෙන්න දාල යන්න. කොමෙන්ට් කරේ නැතුවට නිතරම මම මේ බ්ලොගේ කියවනවා. මට මගේ රස්සාව එක්ක වෙලාව සීමිත හින්ද ඉතින් මටත් ඔය ප්‍රශ්නේ තියනවා. පොස්ට් ගොඩක් උනාම කියවන්න වෙලා මදි. ඒත් එකට උඹ වැරදි නෑ මලේ.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්