Monday, 9 April 2012

පිළි රූ

පිළි රූ, ප්‍රතිමා එහෙමත් නැත්නම් පිළිම මේ වචන තුනෙන්ම කියවෙන්නේ මොකද්ද කියලා ඉතින් මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. ලංකාවේ තැන් තැන් වල ඉදි වෙලා තියෙන එක එක විදිහේ ප්‍රතිමා අපි කවුරුත් දැකලා තියෙනවනේ.. ගොඩක් වෙලාවට ඒවායේ ඉන්න දිවංගත දේශපාලකයෝ තමයි.. ඊට අමතරව රනවිරු ස්මාරකත් තියෙනවා..

ඊයෙයි අදයි අපිට පාස්කු වලට නිවාඩු නිසා කරන්න දෙයක් නැතුව කල්පනා කර කර ඉද්දි තමයි මතක් උනේ මේ ප්‍රතිමා එහෙමත් නැත්නම් පිළි රූ ගැන.. මගේ රස්තියාදු ගමන් ගැන ලියන්න හිතාගෙන උන්නත් ඉතින් හේතු කාරණා ගොඩක් නිසා ඒක පස්සට ගියා.. ඉතින් ආයෙම ඒක අදහස පටන් ගන්නත් එක්ක තමයි මේ පිළි රූ ගැන ලියන්න හිතුනේ..

මුලින්ම අපි බලමුකෝ අපේ කතානියා අවට තියෙන පිළිරූ මොනවද කියලා..


මේක තමයි කතානියා වල ප්‍රධාන  සළකුණ විදිහට සැලෙකෙන්නේ.. කතානියා ෆුට් බෝල් ටීම් එකේ පවා තියෙන්නේ මේ කුළුණක් වගේ එකක් පිතේ තියාගෙන ඉන්න ඇත් රාජයා.. කතානියා නගර සභාවේ පවා මේ සළකුණ තමයි පාවිච්චි වෙන්නේ.. ප්‍රාදේශීය සංකේතයක් කිවුවනම් හරි මේක..


 මේ දාහත් වන සියවසේ විතර සිසිලියේ හිටපු පාලකයෙක් වෙන UMBERTO නම් පාලකයගේ පිළිමය.. පෙනුමෙනුත් තේජාන්විත බවක් තියෙන්නේ.. මොහුගේ නම කතානියා වල ගොඩක් දේවල් එක්ක ඈදිලා තියෙන බව තමයි  කියවෙන්නේ..


 මේ ප්‍රතිමාව තියෙන්නේ කතානියා නගර මද්‍යයේ.. බස් ටෑන්ඩ් එකත් රේල්වේ ස්ටේශන් එකත් ඉදිරියේ තමයි මේක තියෙන්නේ.. වටේම ඉන්නේ අස්සයෝ මැද්දේ නිරුවත් යුවලක් තමයි මේකේ ඉන්නේ..


මේක තියෙන්නේ කතානියා උසාවි සංකීර්ණය ඉස්සරහා.. මැදින් කැඩුන නැවක ඉන්න මිනිස්සු දෙන්නෙක්ගේ පිළිමයක් උසාවිය ඉස්සරහා හැදුවේ ඇයි කියන්නනම් මම දන්නෙත් නෑ..


මේ ප්‍රතිමාව තියෙන්නේ කතානියා වල දූමෝ කියන විශාලම පල්ලිය ඉදිරියේ.. ස්වර්ගස්ත උන කාදිනල් උතුමන් කෙනෙක් කියලා තමයි කියන්නේ..


මේක තියෙන්නේ කතානියා වල මාළු වෙළදසැල් වලට පිවිසෙන තැනම.. මාළු මාකට් එකක් ඉස්සරම උනාට මේ පිළිමේ එක් කරන්නේ අමුතු ලස්සනක්..


අපේ වැයික්කියේ වැදගත්ම ප්‍රතිමා කියන්න පුළුවන් ඔය ටිකට තමයි.. දැං යමු කට්ටිය කතානියා වලින් එහාට..


මේ ප්‍රතිමාව දකින්න පුළුවන් වෙන්නේ එට්නා ගිණි කද්දට යන අතර වාරයේ.. ගොඩක් මිනිස්සු අතරේ විශ්වාසයක් ගොඩ නැගුන තැනක් කියලා තමයි කියවෙන්නේ.. 

 
මේක නම් ප්‍රතිමාවක් කියන්නම බෑ.. මේ සිරකුසා නගරයේ තියෙන විශාලම පල්ලියේ ඉහලින්ම රත්තරින් හදපු දේව ප්‍රතිමාවක්.. අපේ පන්සල් වල චෛත්‍යයන්හි තියෙන චූඩා මාණිඛ්‍ය වගේ දෙයක් තමයි මේකත්.. මේ පහලින් තියෙන්නේ ඒ පල්ලියේ කොත.. පල්ලිය විශාල නිසාම සම්පූර්ණ පල්ලියේ පින්තූරයක් ගන්න හරි අමාරුයි..

 


මේ ප්‍රතිමාව තියෙන්නේ මෙස්සීනා නගරයේ.. මුහුද දිහා බලාගෙන ඉන්න යුධ සෙබලූන් තුන් දෙනෙක් තමයි මේකේ ඉන්නේ.. මෙස්සීනා නගරයේ තව වැදගත් ප්‍රතිමා ගොඩක්ම තියෙනවා උනත් මම කැමරාවට අරන් තියෙන්නේ මේක විතරයි.. ආයෙම වතාවක් ඒ පැත්තේ ගියාම අනිට් ටිකත් චායාරූප ගත කරන්න ඕන..

 
මේක තියෙන්නේ පැලර්මෝ නගරයට කිට්ටුව වෙන්න තියෙන්න තින්දරි කියන සිසිළියේ ගොඩක්ම ප්‍රසිද්ධ පල්ලිය ලගම.. මේ පල්ලිය එක්කත් බැදුන පුරාවෘතයකුත් තියෙනවා.. ඒ ගැන  පුළුවන් උනොත් වෙනම දවසක කියන්නම්.. ඉතින් ඒවගේ හාස්කම් තියෙන තැනක මේවගේ පිළිමයක් ඇයි කියන්නනම් මමත් දන්නේ නෑ..


සිසිළියේ පෙන්නන්න පුළුවන් තරමේ ලස්සන ප්‍රතිමා වලට මම දැකලා තියෙන්නේ මෙච්චරයි.. තව මටත් මගහැරුන ඒවා ඕන තරම් තියෙන්න පුළුවන්.. ළබන සතියේ මේකේ අනිත් කොටසින් මම සිසිළියෙන් එහාට එක්කන් යන්නම්.. ඒ කිවුවේ රෝමයේ, මිලාන් නුවර වගේම වැනීසියේ මම දැක්ක ලස්සන ප්‍රතිමා ගැන කියන්න..



 

47 comments:

  1. Replies
    1. මේ හැම ප්‍රතිමාවක්ම දිනේෂ් අයගේ කැමරාවට ලස්සනට අරන් තියෙනවා.:D

      ලස්සන ලිපියක්..ලබන සතියේ මේ පැත්තෙත් එන්නනේ හදන්නේ..සතුටුයි අය්යේ,,

      Delete
    2. ආයෙම හැට්‍රික් එක ගහන්නද කල්පනාව.. ප්‍රතිමාව තමයි මලයා ලස්සන..

      මලයත් මෙහේ කියලා මම දැන ගත්තේ දැන්නේ.. :)

      Delete
  2. ම්ම්ම්ම්... කතානියා වලට ඇතෙක් සම්බන්ධ වුණේ කොහොමද? යුරෝපා රටවල අලි ඇත්තු නෑ නේද සාමාන්‍යයෙන්?

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකනම් ප්‍රශ්ණයක් තමයි.. අලි ඇතුන් ඉන්නේ ආසියාව අප්‍රිකාව වගේ රටවල තමයි.. ඒත් සීසර් ලොක්කා ඉන්න කාලේ ඉදලා තියෙනවා.. සමහර විට එහෙම දෙයක්ද දන්නේ නෑ..

      Delete
  3. බොහොම අගෙයි...අපි නොදැකපු දේ පෙන්වන එක හරිම වටිනවා..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අක්කේ.. මාත් තාම නොදැකපු තැන් බොහොමයි..

      Delete
  4. නියමයි මචං. කැමරාවක් ගත්තගමන් මේ වගේම සටහනක් මාලෙ ගැනත් දානව

    ReplyDelete
    Replies
    1. නියමයි අයියේ.. ලියමු ලියමු.. තමන් ඉන්න රට වල් ගැන ලියන එක හොදයිනේ.. මොකද අපි දන්නේ නෑ නේ ගොඩක් දේවල්..

      Delete
  5. ගොඩාක් ලස්සනයි අයියෝ......

    ReplyDelete
    Replies
    1. තව ලස්සන දේවල් නම් ගොඩක් තියෙනවා..

      Delete
  6. හරිම වැදගත් ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි.. ඒත් සමහර ඒවයේ වැඩි විස්තර මමත් දන්නේ නෑනේ..

      Delete
  7. Replies
    1. රජාගේ එකකුත් අපි හදමුද?

      Delete
  8. නියම ලිපිය මචං.ඉතාලිය කියන්නේ පිලිම ලෝකයක් නෙ!

    ReplyDelete
    Replies
    1. ඔව්.. හැම හංදියකම වගේ මොකක් හරි ප්‍රතිමාවක් තියෙනවාමයි.. හැබැයි හැම එකක්ම මේ වගේම් ලස්සනත් නෑ..

      Delete
  9. මේවට කාක්කො එහෙම අපල උපද්‍රව කරන්නෑනෙ! :D
    හෙණ තෑන්ක්ස් හොඳේ!

    ReplyDelete
    Replies
    1. නැත්තෙමත් නෑ.. ඒ උනාට ලංකාවේ වගේ නෙමෙයි නගරසභාවල නඩත්තුව හොදයි..

      Delete
  10. ඔන්න අපිත් කතානියා පැත්තෙ රස්තියාදුවක් ගැහුවා මල්ලිගේ පිහිටෙන්..;)

    ReplyDelete
    Replies
    1. මාර්ගෝපදේශණය නොමිලේ..

      Delete
  11. ඉතාලිය කිව්වම ඉතින් මුර්ති කලාව එක්ක එකට යාවෙච්ච රටක්නේ!:)
    අගේ ඇති පින්තුර ටික!

    ReplyDelete
    Replies
    1. ඔව්.. රෝමයේ තමයි වැඩියෙන්ම දකින්න තියෙන්නේ.. බැලු බැලූ පැත්තේ ප්‍රතිමා..

      Delete
  12. ම්ම්..ගොඩක් ලස්සන පිළිම ටිකක්..කීපයකටම හිත ගියා..ඉතුරු ටිකත් දාමුකො ඉක්මනට.. :)

    ReplyDelete
    Replies
    1. අනිත් කොටස ඉක්මනට දාන්නම් අක්කේ..

      Delete
  13. කාලෙකින් මේ පැත්තෙ ආවෙ............ ඇවිල්ල පිළිම ටිකක් බැලුව.....

    ReplyDelete
    Replies
    1. එහම තමයි.. වෙනසක් තියෙන්නත් එපැයි..

      Delete
  14. මරු පිළිම ටිකනේ....

    ReplyDelete
  15. ම්ම්... මේ ඇත්තටම ඇයි ඔය ගොඩක් මිනිස් රූප වල ඇදුම් නැත්තෙ?? හෙන ප්‍රශ්නයක් ඒක..
    ඒ අය පස්සෙ ඇදුම් අන්දන්න හිතාගෙන ඉන්නවාද දන්නෑ නෙ..

    මොනා උනත් මාර පිලිම කියලා පොඩි එකෙක්ටවත් පෙන්නන්න බෑ නෙ.. පිළිමෙ "මාර" බව නිසා හැම දෙයක්ම "මාරෙට" තියනවා නෙ.. විලිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ..

    මොනා උනත් වැදගත් ලිපියක්..

    අයියැයි කැමරාවත් හොද උසස් වර්ගයේ එකක්.. (කැමරා ඇහැත් එහෙම්මම තමා)

    ReplyDelete
    Replies
    1. ඕකනේ ඉතින් කියන්නේ.. ඕන නැති දේවල් හොයනවනේ පිළිමේ බලන්නේ නැතුව..

      පොඩි එකෙක්ටවත් පෙන්නන්න බෑ කියලා මලයා හිතුවේ ලංකාවේ අපේ සංස්කෘතිය එක්ක හිතලා.. මේවයේ පොඩි එවුන්ව ඕවට හේත්තු කරලා දෙමවුපියෝ ෆොටෝ ගන්නේ..

      Delete
  16. නියම දර්ශන ටිකක් ලෝකය අපිට වඩා ගව් ගනනක් දුරින් ඉන්නේ. ලංකාවෙ නම් කපුටු වසුරු එක්ක දේශපාලුවෝ ඉන්නවා. කපුටන්ට පමණයි එහෙමවත් දෙයක් කරන්න ආත්ම ශක්තියක් තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. එකගයි.. මෙහේ පිළිම වල ඉන්නේ වැදගතුන් නිසාද කොහේද පරවියෝ වත් ජරා කරන්නේ නෑ..

      Delete
  17. හොඳ ගෘහ නිර්මාණ ශිල්ප තියෙන රටක් නේද? ගොඩාක් පින්තුර ආදි දැක්කේ.

    ReplyDelete
    Replies
    1. ඔව්.. ගෘහ නිර්මාණ ශිල්පය අතින් ඉහලින්ම තියෙන රටක් ඈත අතීතයේ..

      Delete
  18. පණපිටින් ඉතාලි ගියා වගෙයි, මරු විස්තරේ. ඊළඟ ටිකත් ඉක්මනට දෙනවනේ. ?

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ.. දැන් හිතන් ඉන්න විදිහටනම් ඊළග එක පරක්කු වේවි..

      Delete
  19. මෙවා ඉදහිටලා හරි ඔය ෆිල්ම් එකක්ක පින්තූරෙක දැක්කට අද තමා හරියටම ලස්සනට දැක ගත්තෙ. හරිම අපූරු විස්තරයක්. මගේනම් හිත වැඩියෙන්ම ඇද ගත්තෙ අර කැඩුණු නැව සහ මිනිසුන් දෙදෙනාගේ පිළිරුව

    ReplyDelete
    Replies
    1. ඒ පිළිමේ ලස්සනයි තමයි අක්කේ.. ඒත් ඒකේ අරමුණ මට තාම තේරෙන්නේ නෑනේ.. උසාවියක් ඉසරහට ඇයි ඒක තිබ්බේ කියලා..

      Delete
  20. විස්තරයට ස්තුතියි, කතානියා නගරය සෑහෙන ලස්සනයිනේ. මේ වගේ වුණු රස්තියාදු ගැන තව දැන ගන්න කැමැත්තෙන් ඉන්නවා. :)

    ReplyDelete
    Replies
    1. රෝම් මිලාන් තරම්ම කතානියා ලස්සන නොවුනට ඒවයේ නැති විවිධ ලක්ශණ කතානියා වල තියෙනවා..

      Delete
  21. නියමයි අයියෙ!!! අපිට ඉතාලිය පින්තූර වලින් පෙන්නුවාට..:D මාර පිළිම ගොඩක් තියෙන්වනෙ..

    ReplyDelete
    Replies
    1. මේ බොහෝම සුළු ප්‍රමාණයක් විතරයි නගෝ..

      Delete
  22. අළුත් පෝස්ටුවේ කිව්ව වගේ උබේ හදිස්සිය නිසා මට මිස් වුනේ මේ පෝස්ටුව තමා :)

    ReplyDelete
    Replies
    1. ආයෙම එහෙම වෙන එකක් නැති වේවි..

      Delete
  23. නියමයි නියමයි

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ.. ඔයත් ආවම ඕන තරම් බලාගන්න පුළුවන්නේ..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්