Sunday, 8 April 2012

අපරාධකරු ( කෙටි කතාව )

මීට අවුරුදු දෙකකට කලින් අඳුරු රැයක රහසින්ම නිවසින් පිට වෙලා ආපු ගමනක අවසානය කවදාවත් හිතපු නැති තරම් අමිහිරි එකක් වෙද්දි කවදාවත් නිවැරදි කරන්න බැරි තරමේ වැරදි ගොන්නක් මේ හිතේ පැටවිලා තිබුනා.. ජීවිතය ඇද වැටිලා තිබුනේ මහාම මහා නරකාදියකට..

උඹ තමයි මේ හැම දේකටම වග කියන්න ඕන..”

හැම අතකින්ම සවනත වැටෙන්නේ මූසල සාපය විතරක්ම වෙද්දි මේ ජීවිතය මටම වින කරලා අහවරයි.. ලේඛකයෙක් වෙන්න හීන දැක්ක මට පෑන වෙනුවට ගිණි අවියක් අත දරන්න උන තරමට ජීවිතේ වැරදුන රාත්‍රිය ගැන හිතද්දි අදටත් හිතට එන්නේ මහා අවාසනාවන්ත හැගීමක්..

.....................................

“ තාත්තගේ රස්සාව නිසා තමයි මේ හැම ප්‍රශ්ණයක්ම..”

“ ඇයි මොකක්ද දැන් උඹට මගේ රස්සාව නිසා තියෙන ප්‍රශ්ණේ?”

“ වැරැද්ද? වැරැද්ද තමයි තාත්තා අළුගෝසුවෙක්.. දඬුවමක් නැති උනාට තාත්තත් අපරාදකාරයෙක්..”

“ උඹට දැනුයි මගේ රස්සාවේ දිග පලල තේරෙන්නේ.. උඹව මම මෙච්චර කාලයක් කන්න බොන්න දීලා හදා ගත්තේ මේ රස්සාවෙන්..”

“ තවත් මට මේ ගෙදර ඉන්නබෑ..”

“ ඔව් උඹලා දැන් කරදඩු ලොකු එවුන්නේ.. පලයන්.. හැබැයි මම මලත් උඹ මෙහේ එන්න එපා..”

තාත්තගේ හිතේ කේන්තියට පිට උන වචන අහගෙනම ගෙදරින් පිට වෙද්දි දැක්ක අම්මගේ ඇස් වල කඳූළු කිවුවේ මට යන්න එපා කියලා උනත් හිතේ ආවෙගෙට ගෙදරින් පිට උන ගමනේ අවසානයක් කොතනද කියලා මමවත් දැනගෙන හිටියේ නෑ..

“ උඹ ඕවා ගැන හිතන්න එපා.. තාත්තලට බෑ අපිව තේරුම් ගන්න..”

“ මට තේරෙන්නේ නෑ බං.. මොනවා කරන්නද කියලා..”

“ උඹ ඔහොම ටික දවසක් ඉදපංකෝ.. ඔය ඔක්කොම අමතක වෙන්නත් එක්ක අපි හවසට කට්ටිය එක්ක සෙට් වෙමු..”

  හ්ම්ම්..”

කාලය නොදැනීම ගෙවෙද්දි ටිකින් ටික මත් වතුරට යට උන ජීවිතය ගොඩ එන්න බැරි තරමේ අගාදයකට පාර කපමින් තිබුනා.. ලේඛකයෙක් වෙන හීනය ටිකින් ටික ජීවිතෙන් ඈතට ඇදිලා යද්දි ලැබෙන ඕනම දෙයක් කරලා අතට හම්බුන කීයක් හරි වියදම් උනේ මත් වතුරට..

“ මම හෙට අනිවාර්යෙන් සල්ලි දෙන්නම් මුදලාලි.. අදට විතරක් ණයට දෙන්න..”

“ උඹලව මම විශ්වාස කරපු කාලෙකුත් තිබ්බා.. ඒත් දැන් උඹලව විශ්වාස කරන්න තරම් මම මෝඩ නෑ..”

“ අනේ එහම කියන්න එපා  මුදලාලි.. මම හෙට උදේම සල්ලි ගෙනත් දෙනවා..”

“ සැරයකුත් කිවුවනේ මම.. පලයං යන්න මට මෙතන පවු නොදී..”

“ හරි අපි එහෙනම් බලාගමු..”

ගෝලබාලයන් එකතු වී තැබෑරුමෙන් එළියට ඇදලා දාද්දි මහ මග ඉදන් ඔහුට දොස් නගද්දි දෙනෝදාහක් මං දිහා බලාගෙන හිටියේ මම උම්මත්තකයෙක් කියලා හිතාගෙන..

“ මචං අපි ඕකට ගේමක් දෙමු මේ කරපු වැඩේට.. රෑ වෙන්න ඇරලා අපි යමු ඒ පැත්තේ..”

මිතුරාගෙන් ලැබුන බෝතලයෙන් තොල් තෙමා ගනිද්දී දහවලේ ඇතිවූ ලැජ්ජාව තව තවත් මතක් වෙද්දි මිතුරාගේ අදහස දැනුනේ හිතට සතුටක් විදිහට.. ටිකින් ටික රෑ උදාවෙන තුරු නොඉවසිල්ලෙන් බලාගෙන හිටියෙත් ඒ නිසාම උනත් තැබෑරුම අසලට ලං වෙද්දි හිතට දැනුන හැගීම සතුටකට වඩා වෙනස් හැගීමක් උනා..

“ ආ මචං.. මේක අර ගනින්.. කරන්න ඕන දේ උඹට කියන්න ඕන නෑනේ මම..”

“ තුවක්කුවක්?”

“ ඔව් ඇයි? උඹ බයද? මහපාරේ උඹට ලැජ්ජ කරපු මිනිහගෙන් පළිගන්න මීට වඩා හොද විදිහක් තියෙනවද?”

“ ඒත්?”

“ ඒත් මේත් නොකියා මේක අර ගනින්.. අර අරූ කඩේ වහන්න හදන්නේ.. ඉක්මන් කරපං..”

“ ආ ආයෙත් ආවද උඹ මට කරදර කරන්න.. උඹලටත් ලැජ්ජාවක් නැති හැටි.. මිනිස්සු නේද උඹලා..”

ඔහුගේ කතාව ඉවර වෙන්නටත් කලියෙන් කතාකල අතැති වූ තුවක්කුව ඔහු නිහඬ කරද්දි අවට එකතු උන මිනිසුන්ගේ දෑස් වලට නතුවන්නට ගත උන කාලය හිතා ගන්නවත් බැරි තරම් කෙටි උනා..

“ ඒ අල්ලගනින් ඕකව.. කාළකණ්නියා..”

....................................

පසුතැවිල්ලක් විතරක් ජීවිතයට එකතු වෙද්දි ආපහු හැරෙන්න බැරි තරම් පවු කන්දකට මම අත තියලා තිබුනා.. එක් පවුලක් මම නිසා අසරණ වෙද්දි ඒ බර තනිවම මට බාරදීලා සැග උන මිතුරා කොහේද කියලා අදටත් කවුරුවත් දන්නේ නෑ..

“ හරි හරි.. දැං යමු..”

විවෘත උන සිර මැදිරියෙන් අවසන් ඉරණම ලියවෙන තැනට යා යුතු ගමන මේ තරම් දුර හිතට වේදනාවක් එක්කලේ අවසන් මොහොතේ හරි අම්මගෙත් තාත්තගෙන් මුණ බලන්නට ලැබුනානම් කියන හැගීම හිතට ආපු නිසාම..  එදා ගෙදරින් එද්දි අම්මගේ කඳුළු වලටවත් අනනත උනානම් කියන හැගීම හිතට වද දෙන තරමටම මම අවාසනාවන්තයෙක් උනා..

කළුවර කුටි අතරින් ඉදිරියට ගමනේ අවසානයේ කෙලවරක එල්ලෙමින් තිබුන සුදු පැහැ ළණුව ඉරණම තීරණය කරන්න මග බලාගෙන හිටියා.. ඒත් ඒ එක්කම,

“ තාත්තා..”

මගේ මුවින් යාන්තමින් පිට උන ඒ වචන වලින් හඬක් නොනැගුනත් හිත ටිකින් ටික ගැහෙන්න ගත්තේ වරදකරුවෙක් විදිහට මම දැක්ක තාත්තගේ අතින් කළු පැහැ ලෝගුව හිසට දා ගන්න තරම් මම අවාසනාවන්තයෙක් උන නිසා..

හැමදාම තාත්තගේ මුණට අපරාධකාරයෙක් කියලා දොස් නගපු මට තාත්තා ඉස්සරහට අපරාධකාරයෙක් වෙලා යන්න ලැබුනේ ජීවිතේ අතර මැද තැනක උන ඒ වැරැද්ද නිසා.. වරදකරු තාත්තා නෙමෙයි මම කියලා දැනෙද්දි මගේ ගෙලට තොණ්ඬුව දාන්න බැරිව හඩා වැලෙපෙන තාත්තා දිහා බලාගෙන කඳුළු සලනවා හැරෙන්න වෙන කරන්න කිසිම දෙයක් මේ ජීවිතේ ඉතුරු වෙලා තිබ්බේ නෑ..

“ මට සමාවෙන්න තාත්තේ..”





නිමි..

56 comments:

  1. ලස්සනයි.... ගොඩක් දේවල් හිතුනා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කේ..

      Delete
  2. හ්ම්ම්.....කතාවෙ මේටිකනම් ඇත්තටම දැනුන අයියේ.....
    පවු....තමුන්ගෙ තාත්තගෙ අතින්ම..........

    ReplyDelete
    Replies
    1. අවාසනාව කියන්නේ ඒක තමයි නංගී.. හැමතිස්සෙම වරදකාරෙක් විදිහට තමන්ගේ තාත්තව දැකපු පුතෙක් අන්තිමේ වරදකාරෙක් උනේ තමන්ගෙම වරදින් මිසක් තාත්තගේ වරදින් නෙමෙයි..

      Delete
  3. මේ අරකෙ ඉතුරුටික නේ! ලස්සන කතාවක්..... සොරි. කතා දෙකක්!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. මේ ඒක අනිත් කොටස තමයි..

      Delete
  4. හැමදාම වගේ අපූරු නිර්මාණයක්..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි රූ අක්කේ..

      Delete
  5. අළුගෝසුවා කෙටි කතාවෙ දෙවෙනි කොටස කියලා හිතුණා මට.. :)

    ජීවිතේ අරමුණ අතුරු මාර්ගයකින් වෙනස් වුණාම තාත්තා කෙනෙක්ට පුතෙක් විතරක් නෙමෙයි නැතිවෙන්නෙ.. සමහර විට ලෝකෙට වටින පුද්ගලයෙක්..

    පළවෙනි කතාවත් එක්ක ගැලපුම අගෙයි..!

    හිට්ලර්ගෙ වෙනස්වුණ ජීවිත කතාව මතක් වුණා..

    ReplyDelete
    Replies
    1. ඔව් ලේඛකයෙක් වෙන්න හිතන් හිටපු කෙනෙක්ගේ අවසානය මරණ දඬුවමකින් නියම උනේ දෛවය නිසාද එහෙම නැත්නම් තමන්ගෙම වරදද? ඒක ගැන ටිකක් හිතන්න ඕන..

      Delete
  6. හරි උඹට සමාව දෙනව. පිලිගතහැකි මට්ටමකට කතාදෙක සම්පාත කරල තියන නිසා. එහෙම බැලුවම අපි වැරැද්ද පෙන්නන්න හදිසි උනා මං හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. සමාව දුන්න එක ගැන ගොඩක්ම සතුටු වෙනවා.. නෑ නෑ අයියේ.. එහෙම ප්‍රශ්‍ණයක් නෑ.. ඒකේ අවසානේ එහෙම හිතුන එක සාධාරණයී.. තාත්තාගේ පැත්තෙන් එදා කතාවත් පුතාගේ පැත්තෙන් අද කතාවත් ලියන්න උත්සාහ කරද්දි පොඩි අතපසු වීමක් මට එදා උනා..

      Delete
  7. ඒත් ඒ තාත්ත රාජකාරිය කරාවිද??:-/

    ReplyDelete
    Replies
    1. ඒ ගැන හිතීම කියවන අයට බාරයි..

      Delete
  8. ඇත්තටම හිතට වදින කතාවක් දිනේශ් අයියේ..

    තමන් කොච්චර "හරි" කියලා හිතන් උන්නත් ජීවිත කාලයක් තමන් වැරදියි කියලා තමන්ට දැනෙන්නේ අන්තිම මොහොතේදී..

    "අවසාන මොහොත මාගේ.. පෝරකය දෑස මානේ.. පෙනේවී රූපේ.. ඔබගේ මැවි මැවී මාගෙ අම්මේ.. දැනෙයි ඔබෙ සුවද අම්මේ..
    මේ කෲර ලෝක තලයේ.. නොමිනිසුන් සමගින් ඇසුරේ.. ගෙවු නිසයි මාගෙ ජීවේ.. මේ ලෙසින් අදුරේ..
    මධුවිතින් මත් වෙලා.. කෙලෙසුවා.. මිනිමරා.. ගැලවිලා එන්න බෑනෙ අම්මේ.. පාළු‍වීලා මගෙ ලෝකේ.. "

    මේ සින්දුව මතක් උනා.. ඒ සින්දුවෙන් කියන දේ මයි.. ඒත් තමන්ගෙ අතින් කන්න බොන්න දීලා.. තමන්ට නොලැබුන ඒ සුන්දර ලෝකය පෙන්නන්න හදපු තාත්තා කෙනෙක් කොහොමද තමන්ගේම පුතා, තමන්ගේ බලාපොරොත්තුව මරලා දාන්නෙ.. දෙයියනේ.. මට නම් හිතාගන්න බෑ.. ඒ දේ නොහිතම ඉන්නම්..

    මේ කෙටි කතාව විචාරයකට නම් අපූරුයි.. මේ ගැන හිතන්න පැති ගොඩයි..

    - තරුණ ජීවිත‍
    - අර තාත්තාට දැනිච්ච හැගීම්
    - මේ කිසි දෙයක් නොදන්න අම්මා
    - මරණ මංචකයේ ඒ කෙනාට දැනුන හැගීම්

    අනේ මන්දා.. පොතක් ලියන්න පුළුවන්.. සාමාන්‍ය පෙළ අපිට තිබ්බ සමහර කෙටි කතා වලට වඩා මේක පුළුල් පරාසයක විහිදිච්ච එකක්...

    අනේ මන්දා‍‍..

    "සුපිරියි"

    ReplyDelete
    Replies
    1. මගේ කතාවකට මෙච්චර දිග ප්‍රතිචාරයක් ලැබුනමද කොහේද.. ඒ ගැන ඉස්සෙල්ලම ස්තූතියි කියන්න ඕන.. :)

      ඇත්ත ගොඩක් වෙලාවට යාළුවෝ කියලා හිතන් ඉන්න අය අතින්ම මේ වගේ අගාධයකට වැටෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා.. විශ්වාසය නිසා බෑ කියන්න බැරි නිසා සමහරු මෙහෙම දේවල් කරන්න පෙලබෙනවා.. ඒත් අන්තිමේ ඒ කවුරුවත් තමන් වෙනුවෙන් නෑ කියලා තේරෙද්දි ජීවිතේ අන්තිම අගාධයට වැටිලා ඉවරයි..

      මලයා පැති ගැන මතක් කලාමයි මට මේ දේ මතක් උනේ.. මේ තාත්තා අවසානේ ගෙදර ගිහින් මේ සිදුවී පෙල බිරිදට විස්තර කරද්දි අම්මා කෙනෙක් විදිහට ඇයට දැනෙන හැගීම කොයි වගේ වේවිද කියලා ලියපු මටවත් අඩු ගානේ උපකල්පනය කරන්න බෑ..

      Delete
    2. ප්‍රතිචාරෙ දියගි වගේ පේන්නෙ ස්පේස් තියලා බුලට්ස් ඇන්ඩ් නම්බරිං දාලා ලියපු නිසා.. හි හි.. ඒ මොනවා උනත් කමෙන්ට් එකේ දිග නෙමේ, කියන්න තියන දේවල් ටිකයි වැදගත්.. මේකෙන් පේන‍්නෙ සරලව, කෙටියෙන් අදහස් පළ කරන්න තියන මගේ නොහැකියාව.. :)

      අනික ඉතිං දැං කමෙන්ට් කර කර යනවා ඇරෙන්න වෙන මොනවා කියලා කරන්නද :)

      යාළුවො.. නැතුවත් බෑ.. සමහරු ඇතුවත් බෑ.. අඤ්ඤදත්තුහරලා, වචීපරම ලා, අනුප්පියභානි ලා, අපායසහායකලාගෙන් මිදුන කල්‍යාන මිතුදමක් ලබන්න පිං කරලා තියෙන්න ඕන..

      Delete
  9. කතාවේ අවසානේ මෙහෙම වේවි කියල හිතුනේ නැහැ.අන්තිම වෙනකන් දකතාව ලියන ඇවිත් තියෙන විදිහ.ඒකෙන ඒක පිටු දිගහැරුණ විදිහ හුඟාක් ලස්සනයි අයියේ.

    එහෙම දෙයක් හිතන්නවත් බැරිතරම් දුකක් දැනෙන්නේ හුගාක්ම තාත්තට.පුංචි කාලේ අතට අරන් නලවපු, පුංචි දරුව පොඩි දෙකට වුනත් අඬදදි බලන ඉන්න බැරුව ඇස්වලින් කඳුළු ආව තාත්තටම අද පුතාගේ දුක් කඳුළු මැද තමන්ගේ අතින්ම පුතාගේ ජිවිතේට සමුදෙන්න වෙලා.

    වෙනස් විදිහට ලියවුන ලිපියක්.ලස්සනයි දිනේෂ් අයියේ.

    ReplyDelete
    Replies
    1. ඔව් මලයා.. ඒත් ඒ අවාසනාව උරුම කර ගත්තේ පුතාම නේද? තාත්තග් ඒරස්සාවේ වැරැද්ද දැක්කලා ගෙදරින් නොගියනම් මේ ප්‍රශ්ණ නොවෙන්න තිබුනා..

      Delete
  10. ලස්සන විදියට ඉතිරි ටික සම්පුර්ණ කරලා. ගොඩක් හොඳයි

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අක්කේ.. මම බයේ හිටියේ.. මේකත් අප්සට් යාවි කියලා..

      Delete
  11. නියමයි.ඇත්තටම හොද කථාවක්.දුකත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ..

      Delete
  12. දිනෙෂ් අයියා ඩිටෙක්ටිව් වැඩකුත් භාර ගත්තද... මගේ ෆීල්ඩ් එක පැත්තටත් අත දාලා වගේ... නියමයි...
    මට තෙරෙච්ච විදියට තාම හිරේ නේ ඉන්නේ... ඉස්සරහට අදිමුද කතාව... හිරෙන් පැනලා යන විදියක් දාලා

    ReplyDelete
    Replies
    1. දැන් උඹ රහස්පරීක්ෂකයා නෙමෙයි නේ.. ඉතින් ඒ වැඩේ මම බාර ගත්තා..

      තව දිගට ලියන්න බෑ මලයා.. මේකත් මේ කලින් කතාවක අවසානයක්..

      Delete
  13. ගොඩක් සාර්ථක කෙටිකතාවක් දිනේෂ් අය්යෙ..නරකද කතා හතඅටක් එකතු කරලා පොතක් පබ්ලිශ් කළොත්.

    ReplyDelete
    Replies
    1. ගොඩක් දෙනෙක් ඔය අදහස කියලා තියෙනවා නංගෝ.. ඒත් මම නම් තාම එහෙම දෙයක් හිතලා නෑ.. බලමුකෝ..

      Delete
  14. අත්හදා බැලීම අති සාර්තකයි.මරු කතාව.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අයියේ.. ඒත් කලින් එකේ අඩුපාඩු තිබුනා..

      Delete
  15. හරි අපුරු කතාවක් දිනේෂ් මල්ලි .

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ගිම් අක්කේ..

      Delete
  16. දැන් නම් අළුගෝසුවා කතාවේ ප්‍රශ්නයක් උන ගොඩක් අයට උත්තරයක් හම්බෙන්න ඇති. (මාත් ඇතුළුව) කතාව වෙනද වගේම උපරිමයි දිනේෂ් අයියේ

    ReplyDelete
    Replies
    1. එදා ඉතින් මගෙනුත් පොඩි අඩුපාඩුවක් උනා.. ඒනිසානේ ගොඩ දෙනෙක්ට කතාව නොතේරුනේ..

      Delete
  17. දැනෙනවා අයියෙ!! අර මුලින් ලිව්ව කතාවෙ අවසානයට ආරම්භයක් එකතු කරලා... වෙනදා වගේම සුපිරියි!!!

    ReplyDelete
    Replies
    1. මෙතනිනුත් තව කතාවක් පටන් ගන්න පුළුවන්.. අළුගෝසුවා ගෙදර ගිහින් මේ සිද්දිය බිරිදට කියද්දි අම්මා කෙනෙක්ගේ හිතේ ඇතිවෙන හැගීම් කතාවක් කරන්න පුළුවන්.. ඒත් එච්චර ඕන නෑ.. මෙහෙම හොදයි..

      Delete
  18. දෙමව්පියන්ගේ චරිතය හරියට තේරුම් ගන්නේ නැති දරුවන්ට ඔහොම වෙනවා මලේ. අදත් කියන්නේ තවත් අපූරු කථාවක් කියලා!

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියේ.. උදාහරණනම් ඕන තරම් දෙන්න පුළුවන් ඒ ගැන.. සමහරු අවසානයේ හැමදේම තේරුම් ගත්තත් සමහරුන්ගේ අවසානය ලියවෙන්නේ මේ විදිහට..

      Delete
  19. ආ මේ අර එදා කතාවේ නැති උන කොටස නේද ..... හ්ම්ම් දන හරි එහෙනම්

    ReplyDelete
    Replies
    1. ඔව් මේ ඒ කොටස තමයි..

      Delete
  20. Replies
    1. ස්තූතියි අයියේ..

      Delete
  21. දිනේෂ්, කතාව නමි හිතට වදිනවා තිතටම. අද රටෙි හිරගෙවල් වල ඉන්න ගොඩාක් මිනිස්සු තමන්ගේ අතීතයේදි දෙමවිපියන් දුන්නු අවවාද පිලිපැද්දා නමි ඔය තරමි දේවල් වෙන්නේ නැහැ. අනිත් එක තමයි මෙි සමාජයේ අපි ආශ්‍රය කරන යහළුවොත් වගකීයන්න ඔින. මොකද යාළුවෝ දෙන සමහර වැරදි අදහස්, යෝජනා නිසයි ගොඩාක් දෙනා අමාරුවෙි වැටෙන්නේ...
    දිගටම ලියන්න දිනේෂ්... සුභ පැතුමි!!!

    ReplyDelete
    Replies
    1. ඔව් තරුණ කාලේ වෙද්දි ඉතින් දෙමවපියන්ට අවනත නොවීමේ ප්‍රතිවිපාක තමයි ගොඩක් වෙලාවට අපිට දකින්න ලැබෙන්නේ.. අනිත් කාරණේ තමයි යාළුවෙක් උනත් කියන නරක දේකට බෑ කියන්න ශක්තියක් අපට තියෙන්න ඕන..

      Delete
  22. අන්න නියමයි "අලුගෝසුවා" කතාව්ටම මෙකත් එකතු කරලා එක කතාවක්කලා කියලා රසය අඩුවෙන එක්ක නෑ. කතාව දිගවෙන එකකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම කරන්න පුළුවන්.. ඒත් එතකොට කියවද්දි පැටලෙන ගතියක් එන්නත් පුළුවන් කියලා හිතෙනවා..

      Delete
  23. ඕක තමයි කියන්නේ යාළුවෝ ආශ්‍රය කරනකොට 2පාරක් හිතන්න ඕන කියලා.. වැරදුනාම ළග හිටපු කිසිම යාළුවෙක් නෑ..

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත.. යාළුවෝ කියලා අපි එයාලා කියන හැමදේම කරන එක නවත්තන්න ඕන.. එතකොට නරක අය ඉබේම අපෙන් ඈත් වෙලා යනවා..

      Delete
  24. දෙවනි කොටස..ආවේගය සහ බේබදුකම තොන්ඩුවෙන් කෙලවරවෙන හැටි

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණ ඇත්ත.. ගොඩක් වෙලාවට ආවේගයට බේබදුකම එකතු උනාම තමයි ගොඩක් ආරවුල් ඇති වෙන්නේ..

      Delete
  25. මේ අර අලුගෝසුවාගේ කතාවෙ කිව්ව පුතාගේ කතාව නේද? ඒක කියවලා මේක කියවපු නිසා තේරුම් ගන්න පුලුවන් උනා. ඒත් මට හිතෙනවා දිනේශ් මල්ලි මේ කතා දෙකම එකම කතාවකින් කිව්වනම් මීටත් වැඩිය සාර්ථක වෙන්න තිබුනා කියලා

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ මේ ඒක තමයි.. හ්ම්ම් මුල ඉදන්ම මගේ අදහස උනේ මේ දෙක කතා දෙකක් කරන්න.. අපි බලමුකෝ පස්සේ කල්පනා කරලා..

      Delete
  26. කතාව කියවකොටම ආයෙ දෙකක් නෑ සිහියට අවෙ " පූජා" චිත්‍රපටය ජෝ අබේ වික්‍රම තාත්තා, අමරසිරි කලංසූරිය පුතා. ඒ කතාවයි මේ කතාවයි. දෙකම එක සමානයි. ඔබේ ගොඩ නැගීම හරිම ඉහළයි.

    ReplyDelete
  27. කතාව සාර්ථක වෙලා.. ;)

    දැන් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නොවැ.

    ජයෙන් ජය.

    ReplyDelete
  28. මගෙත් හිතට ආවේ පූජා චිත්‍රපටිය. මේ ලඟදි දවසක් ඒ චිත්‍රපටිය රුපවාහිනියේ විකාශය වුණා..

    ReplyDelete
  29. මේවගේ පුත්තු ලබන්න ඒ තාත්තා මහා පවක් කරන්න ඇති

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්