Friday, 6 April 2012

ෆාමසියට ආ රුවැත්තිය




දවස් ගානක් තැන තැන රැදි කසුකුසුව
කීවෙම කෙනෙක් අළුතින් මෙහි එන වග
ඈ කවුද කොයි වගේද හිත හිත
ගෙවුන දවස් ගැන නුඹ දන්නේ නෑ මිතුර..

ෆාමසියේ රැදි පරණ මුණු අතරට
එනවාලු ඇය පහන් තරුවක් විලසට
දොත්තෝරේ රස කර කර කියන විට
හිත තවත් හිතුවා ඈ ගැනම..

පරණ මූණු වල නෑ වෙනදා වගෙ එළිය
අළුතින් එන ඈ ගැනයි නිතරම කතාව
කවුද කින්ද මන්ද මම නිතරම අහන විට
ලොක්කටත් තද වෙලයි හිටියේ නිරතුරුව..

පොඩ්ඩක් හිටහන්කෝ ඉවසලා තව
ආවම බලත හැකි ඇගේ හැඩ
පුළුවන්නම් මේකටත් ලවු කරහංකෝ උඹ
කියද්දි පොළව පලන් යන්නට හිතුනා මට..

දවස් ගෙවුනා පෙරලිලා සති වලට
මම ඇහුවෙත් නෑ ආයෙම ඇගෙ විස්තර
ආවොතින් ඈ ඉදිවිනේ මේකේ ඇතුලෙම
හිතමින් ගිය දවස් බෝමයි මේ ටිකට..

නෑ රැදුනේ කිසි කතා බහක් ඈ ගැන
මට අහන්නත් ලැජ්ජයි එදා කිවු ටිකට
ඊයේ යද්දි මම ෆාමසියේ වැඩට
හිටියනේ ඈ ඉස්සරහම සිනා සීගෙන..

හිතේ මලක් පිපුනා වගෙයි ඇත්තටම
ඇගේ ලස්සන වචන නෑ මට කියන්නට
පරණ අයගේ තරම් විච්චූරණ නැති උනාට
හැඩයි ඇය ෆාමසියම එළිය වන්නට..

දොත්තෝරෙත් හිටියේ නෙත් යොමාගෙන
මා ඈ දෙසම බලාගෙන එන විට
අදුන්නලා දුන්නා ලෝබ නැතිවම
ඇය FULL TOUCH SCEREEN කියා මට..

අළුත් පරිඝණක ගෙනැවිත් සවි කරපු
Keybord,  mouse  ඒවාට උවමනා නෑලූ
නෑ වෙනම ගෙඩියක් mothereboard රැදවපු
ඔක්කොම monitor එක පස්සේ ඇතිලු..



.................................................................................................

ඊයේ අපේ  ෆාමසියේ පරිඝණක ඔක්කොම අළුත් කලා.. ඔක්කොම කිවුවට ඉතින් තාම ගෙනාවේ දෙකයි.. ටෙස්ටින්ග් වලට.. කවියේ කිවුවා වගේ keybord වත්  mouse වත් ඕන නෑ.. ඔක්කොම full touch screen.. ආසාවේ බෑ.. මමත් ඉතින් පොඩ්ඩක් අත පත ගාලා බැළුවා.. 

අපිට ලියන්න ඕන තැනට ගිහින් ඇගිල්ලෙන් මොනිටර් එකේ ලිවුවම ඒක ඔටෝ පරිඝණකයේ ලියවෙනවා.. එහෙම නැත්නම් අර touch screen phone වල වගේ key bord එක අර ගන්න පුළුවන්.. 

ඒක දැක්කම මගේ පාවිච්චියටත් එකක් ගන්න තිබ්බනම් කියලා හිතුනා.. ඒත්, අපේ මේ ලියන කියන වැඩ වලට නම් ඒ තරම් පහසුවක් නෙමෙයි.. monitor එකට ලං වෙලා ඕකට ඇගිල්ලෙන් ඇන ඇන ඉන්නවාට වඩා පුටුවට හොදට හේත්තු වෙලා අත් දෙක දිග ඇරගෙන key bord එකෙන් ලියන එක හොදයි වගේ කියලා හිතුනා..

මෙච්චර කාලයක් කරපු වැඩේ මම ඒ විදිහටම පරණ එක්කෙනා එක්කම කරනවා.. අපිට අළුත් ඒවා එපා..

විශේෂයි :- කවිය කියවද්දි මෙයාලා වෙන මොනවා හිතුවද මන්දා..

අති විශේෂයි :- හැමදාම දාන ප.ලි කෑල්ලට වඩා අති විශේෂයි කියලා දාන එක හොදයි වගේ.. මොකද අති විශේෂ වලට ගොඩක් අය කැමතියිනේ..





104 comments:

  1. අනේ මෙයාගේ රුවැත්තිය..මම හිතුවේ කෙල්ලෙක් කියලයි....

    ReplyDelete
    Replies
    1. මොකට රැවටුනාද මම අහන්නේ... :)

      Delete
    2. කියලා වැඩක් නෑ.... :(

      Delete
  2. අඩේ උඹත් සැමා වගේනේ..මම හිතුවේ කෑල්ලක් කියලා...බැලින්නං ගෙඩියක්මනේ ගෙනැල්ලා තියෙන්නේ...එළ ඈ...හයියෙන් ඔබන්න එපා මුලින්ම...අද ඔබා මාමා සිල් අරගෙන කියලා ආරංචියක් ආවා.....

    ReplyDelete
    Replies
    1. සෑමා මට වඩා දස්සයා.. ඌ අමනාප වෙයිද දන්නෙත් නෑ.. හයියෙන් ඔබන්න දෙයක් නෑ අයියේ.. අත තියන්න විතරයි ඕන..

      ඔබා මාමා දැන් වත් පිං අතේ වැඩ කරන එක හොදයි.. :)

      Delete
    2. අඩේ මම බුකියේ කමෙන්ට් කලා ෆාමසියේ ඇබෑර්තු නැද්ද කියලා.. සිරාවට කෑල්ලක් ආව කියල හිතාගෙන මේක බැලුවේ.. උබලට මගේ පෝස්වලදි එන සාධාරන කේන්තිය මටත් ආව. "චැහ්.. මගුලයි" කියල පහලට බලනකොට මේ ‍කමෙන්ටුව දැකල හයියෙන් හිනා ගියා.. (ඇත්තටම මචං වෙච්ච දේ කිව්වේ..)

      ෆට්ටම පට පට ඕයි.. !

      උබලව අන්දපු මම දවස් දෙකක් ඇදල හිටිය මේ කේස් එක නිසා. බුකියේ ඔය සීන් එක දැක්කේ ඊයේ. අද තමා සීන් එක තේරුනේ..

      යටින් මගේ කමෙන්ටුවක් දාන්නෙ නැහැ. මෙතන ‍ඔක්කොම කෙටුනා.. ජය !

      Delete
    3. ඒකනේ සෑමා කියන්නේ උඹට අපි අන්තිමේ බැනලා යන්නේ නිකන් නෙමෙයිනේ.. මම මේක දාන්න ඉස්සෙල්ලා බුකියේ අරෙහෙම කිවුවෙත් ඒ නිසාම තමයි.. කට්ටිය මේ ටිකේ ඉන්නේ ගෑල්ලමයි ගැන හිත හිතනේ..

      ඒ උනාට උඹේ එවුවා එල මීට වැඩිය..

      Delete
    4. උබලට දැනුනු දුක දැනුනු සෑමා යලි නොලියනවා ඇත. ;)

      ජය බුවා !

      Delete
    5. අඩේ මේ සෑමා පික්සු කියන්න එපා.. මේ විදිහේ ඒව මම ආයෙ නොලියාවි.. ඒ උනාට උඹ මේ වෙනකන් කප් එක ගහගෙන හිටපු එක නවත්තන්න එපා බ.. එතකොට මටත් හරි නෑ..

      Delete
  3. සා මරුනේ...හැබැයි අපිටත් ඕවා හරි යන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. මරු අක්කේ.. ඒත් මේ ලියන වැඩ කරන්නනම් ඒක කරදරයක්.. ටික දවසක් යද්දිම එපා වෙන්න ඉඩ තියෙනවා.. නැත්නම් නියමයි..

      Delete
  4. තනිකරම මුලාවේ දැම්මනේ.

    ReplyDelete
    Replies
    1. මුලාවේ වැටුනේ මොකද මම අහන්නේ? :)

      Delete
  5. Replies
    1. තෑන්ක්ස් අයියේ..

      Delete
  6. Replies
    1. මරුදත් අහනවා.. මේ ටිකේඅ මම ඈ ලගින් හෙල්ලුනේම නෑ.. :)

      Delete
  7. පස්සේ ආව අඟ නිසා ඉස්සරවෙලා ආව කන අමතක කරනවා එහෙම නෙවෙයි ඕං!

    ReplyDelete
    Replies
    1. හපෝ නෑ අයියේ.. අපි කාටත් එක වගේ සලකනවා...

      Delete
  8. අනේ දිනේෂ් අයියෙ ෆොටෝ 1ක් ගහල දාන්නකෝ අපිටත් බලාගන්න!:P
    (අර රුවත්තියගේ ;) )

    ReplyDelete
    Replies
    1. අවසර අරන් ෆොටො එකක් ගහලා දාන්නම්.. හොරෙන් ගන්න ගිහින් තරහා ගියොත් එහෙම.. :)

      Delete
  9. අෆෝ...මං හිතුවෙ මේ චීත්තයක් ගැන කියන්නෙ කියලා :(
    හැබැයි පට්ට භාණ්ඩෙ නෙහ්. දැන්නං මටත් එකක් ඕනැ වගේ :)

    ReplyDelete
    Replies
    1. රජතුමාට අතින් ඊට වඩා දෙයක් හිතෙන්නෙම නෑනේ.. ඒකනේ ප්‍රශ්ණේ..

      ගන්න ගන්න.. හැබැයි ලියන වැඩ වලට නම් පහසුවක් වේවිද කියන්න දන්නේ නෑ.. මටනම් අවුල්..

      Delete
  10. අයියෝ...අන්තිම කවියට එනකන්ම මම හිතාගෙන හිටියේ වැරදියටනේ..

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ.. හොද වෙලාවට බ්ලොග් එක පහල ඉස්සෙලම බලලා නැත්තේ..

      Delete
  11. මීට පස්සේ අයියා කෙල්ලෙක් ගැන කියලා මොකක් හරි කිව්වම පොඩ්ඩක් හිතලා බලන්න වෙනවා... ඇයි දෙයියනේ ඊයේ බුකියේ සතුටින් උඩ පනිද්දි කවුද හිතුවේ මේ විදියේ කෙල්ලෙක් කියලා..

    ReplyDelete
    Replies
    1. ඔයාලනේ ඉතින් අනිත් පැත්ත හිතුවේ.. ඒකට මම මොනවා කරන්නද හලෝ... :)

      Delete
  12. අති අති විශේෂයි :- ඒ අති විශේෂයි කෑල්ල නියමයි අයියා...

    ReplyDelete
    Replies
    1. හැමදාම දාන එකට වඩා එහෙම හොදයි නේ??

      Delete
  13. නියමායි !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  14. //පුළුවන්නම් මේකටත් ලවු කරහංකෝ උඹ
    කියද්දි පොළව පලන් යන්නට හිතුනා මට..//

    හික්ස්ස්ස්ස්ස්....:Dමරු!!!

    :D හයියෝ මෙයාද මේ අලුතෙන් ආවෙ...මම හිතුවෙ අයියාට අවුරුදු 3ක් ඉන්න වෙන එකක් නෑ කියලා.. ශික්!!! අපරාදෙ...:D

    ReplyDelete
    Replies
    1. හොදවැඩේ.. මෙයාලා දැන් බලාගෙන ඉන්නේ අවුරුදු 3 වෙනකන්නේ.. ඔහොම බලාගෙනම ඉන්නකෝ.. මොකද වෙන්නේ කියලා..

      Delete
  15. Replies
    1. තෑන්ක්ස් කවිකාරියේ..

      Delete
  16. අපූරු රුවැත්තියක්නේ..

    ReplyDelete
    Replies
    1. හරිම සුන්දරයි අක්කේ.. දැක්කම ආසා හිතෙනවා..

      Delete
  17. කවිය කියවද්දී පොඩි ඉරිසියාවක් ඇති උනේ නැත්තෙම නෑ... කතාව කියෙව්වහම ඉරිසියාව වැඩි උනාද මන්දා ? ගෙවල් ව්ලට නම් මේ වගෙ පීසී වැඩක් නැතුව ඇති නේද ?

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි.. මේකේ වාසි නැත්තෙමත් නෑ.. cpu එකක් නැති එකත් පොඩි වාසියක්.. ඒත් පොඩි අවුලක් උනත් අපිට හදාගන්න බෑ හැබැයි.. පුටුවක වාඩිවෙලා හොද සනීපෙට ඉදන් වැඩක් කරනවා වගේ නෙමෙයි ඉතින් මේකෙන් වැඩ කරද්දි.. මොනිටර් එක කිට්ටුවම ඉන්න ඕන.. නැත්නම් ඉතින් කොස්සක්වත් අතේ තියා ගන්න ඕන..

      Delete
    2. // මොනිටර් එක කිට්ටුවම ඉන්න ඕන.. නැත්නම් ඉතින් කොස්සක්වත් අතේ තියා ගන්න ඕන..//

      සහෝ ඉතාලි හිටියට තවම නියම ශ්‍රීලාංකිකයෙක් වගේ හිතන ගැන මට නම් හරිම මෙව්වා එකයි අප්පා !!! :P

      Delete
    3. නෑ මචං.. ඒකනම් මට සිරාවටම හිතුන දෙයක්.. මම ගෙදර ලියන විදිහ හිතුවම.. මම පුටුවේ හේත්තු උනාට පස්සේ මොනිටර් එක අල්ලන්න බෑ..

      Delete
    4. // මොනිටර් එක කිට්ටුවම ඉන්න ඕන.. නැත්නම් ඉතින් කොස්සක්වත් අතේ තියා ගන්න ඕන..//

      ඒ කතාවනම් නියමයි..

      Delete
  18. දෙයියනේ.. මදැයි අලුත් කෑල්ලක් එනකල් බලා හිටියා.

    ReplyDelete
  19. ෂෙක්... මම හිතන් හිටියෙ උඹ අලුත් එකට ට්‍රයි කරන්න ගත්තහම තැපැල් කන්තෝරුවෙ එකට ඇප්ලිකේෂන් එකක් දාන්න... හීන මාලිගා ටික කෑවා ;)

    ReplyDelete
    Replies
    1. අපෝ මේකා මහ භයානකයි නේ. යාලුවන්ගේ කෙල්ලන්ට ඇහැ දාගෙන ඉන්නේ....;)

      Delete
    2. හීන මාලිගා ඕනම නම් එහෙමම තියාගන්න.. ඇප්ලිකේශන් එක මට දෙන්න මමම ගෙනිහින් දෙන්නම්... :)

      Delete
    3. කසුන් : මම මේකට රිප්ලයි එක දාද්දිම උඹත් දාලා.. මේකා සාතන් කියන්නේ නිකන් නෙමෙයිනේ බං.. කෝකටත් පරිස්සමින්.. :)

      Delete
  20. මමත් රැවටුනා චීත්තයක් කියල...........

    ReplyDelete
    Replies
    1. කට්ටිය රැවටෙන බව දන්න නිසාමනේ මම චීත්තයක් ගව ගත්තෙත්..

      Delete
  21. සෑමගෙ කැතහිත්වලට ලියන කවි බලල දැංනං අහුවෙන්නෙ නෑ කුණුහබ්බයක් කිව්වත්.

    ReplyDelete
    Replies
    1. හලේ එහෙම කියන්න එපා අයියේ.. පොඩ්ඩක් හරි රැවටෙමු.. :)

      Delete
    2. @රාජ් - මචං උඩ මගේ රිප්ලයි කමෙන්ටුව බලපං.. මම දවස් දෙකක් ඇන්ද බං මේකට..

      මූ මට දුන්න පට්ට රිටන් එකක්.. :)

      Delete
    3. අඩෝ රිටන් එකක් නෙමෙය් බං...

      Delete
    4. ඒ උඹ නොලියා ඉන්න එපා සෑමෝ..

      Delete
  22. ඔය ස්පර්ශයට සංවේදී අය නිසා නොහිතපු ප්‍රශ්න එන්න පුළුවන් දිනේශ් :P

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒක ඇත්ත.. කෝකටත් වැඩිය ටච් එකට යන එක හොද නෑ.. :)

      Delete
  23. ලස්සන කවි ටික අයියා........

    අනේ මත් ආසාවට ටච් ස්ක්‍රීන් නොවුනට වින්ඩෝස් 8 දා ගත්තා, හෆොයි මෙලෝ මගුලක් තේරෙන් නෑ,
    අනේ මගේ සී එක ෆෝමැට් උනා........... :-(
    ආයි වින්ඩෝස් 7 න් වැඩ
    වින්ඩෝස් 7ට ජය වේවා.................. :-)
    අනික ඔය අතපත ගාන ඒවට වඩා යතුරු පුවරුව හොදයි

    ReplyDelete
    Replies
    1. වින්ඩොස් 8 ආවද බං.. මම දන්නෙත් නෑ.. මම නම් වැඩ තාම xp වල.. ඒක පහසුයි ලේසියි.. :)

      Delete
  24. ඔයාට පව් සිද්දවෙයි.අපි වගේ චූටි ළමයි නොමග යවනවට .

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා.. මම අහන්නේ ඉතින් නොමග ගියේ මක්කටෙයි??

      Delete
  25. අයියෝ මාත් රැවටුනානෙ...:D

    ReplyDelete
    Replies
    1. හූ හූ.. ඒකනේ කියන්නේ ලියන්නා කෙසේ ලීවත් කියවන්නා සිහිබුද්ධියෙන් කියවන්න ඕන කියලා.. :)

      Delete
  26. හපෝ මෙයා කොම්පීතරයක් ගැන ලිව්වත් එතන ගෑල්ලමයෙක් ඇති.

    ReplyDelete
  27. හපෝ මෙයා කොම්පීතරයක් ගැන ලිව්වත් එතන ගෑල්ලමයෙක් ඇති..

    ReplyDelete
    Replies
    1. අපිටනම් ඉතින් කොම්පීතරේ ගෑල්ලමයින්ට වඩා හොදයි.. බොරුනම් මේ අනිත් අයගෙන් අහන්න.. :)

      Delete
  28. සික් මූඩ් එක කෑවා. මම මේ පාටියට දවසක් දාගන්න ආවේ.

    ReplyDelete
    Replies
    1. හොද වැඩේ.. උඹලා ඉන්නේ අපි අමාරුවේ වැටෙනකන් බලාගෙනමනේ...

      Delete
  29. ශික්..කෑවනෙ ලනුව

    ReplyDelete
    Replies
    1. හොදම බොරුව.. අපරාදේ මට මේක අවුරුදු උත්සවේට කියන්න තිබ්බේ.. :)

      Delete
  30. ඩෙයියනේ මගෙ කමෙන්ට් එක කෝ????????????...........:O

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ දෙයියනේ.. :)

      Delete
    2. නෑ හලේ......මීට කලින් මං ඩැම්ම එකක්....හයියෝ....කමක් නෑ....

      “පුළුවන්නම් මේකටත් ලවු කරහංකෝ උඹ
      කියද්දි පොළව පලන් යන්නට හිතුනා මට“

      හයියෝ.....ඔයා පවු අප්ප....ඔයාටත් වෙන වැඩ.....^_^

      Delete
    3. හලේ කලින් එකක් නෑනේ.. ස්පෑම් වෙලත් නෑ හලෝ.. හොදටම ශුවර්ද මේකෙමයි දැම්මේ කියලා... :p

      Delete
    4. නෑ මේ ඇත්තමයි හලෝ.. කලින් එකක් තිබුනේ නෑ..

      Delete
  31. අළුත් එකට නම් දැක්ක ගමන් ආදරේ හිතුනා....!

    ReplyDelete
    Replies
    1. මටත් ඕකම තමයි මේ ටිකේ වෙලා තියෙන්නේ.. :)

      Delete
  32. අදත් අප්‍රේල් පළවෙනිදද මන්දා???? ෂික්!!!! :(

    ReplyDelete
    Replies
    1. එහෙම හිතුවත් කමක් නෑ ඉතින්..

      Delete
  33. :D හෆූ.... මං හිතුවා අර කිව්ව ලස්සන දොස්තර නෝනවත් ද කියලා..
    කවි ටිකනම් ෂෝයෝ.. අර ගතිය දැන් මඟ ඇරිලා..

    අපි දන්නෙ නෑ ඕන් වැඩි කතාවට ගිහින් ලොක්කගෙන් බැනුම් එහෙම.... :P

    ReplyDelete
    Replies
    1. ඒ ලස්සන එක්කෙනා ගැන ඉතින් මොනවා ලියන්නද දැන්.. එයා ගැන ලියන ඕන තරම් ලියලනේ තියෙන්නේ.. :)

      ලොක්කගේ ඉරිසියාව.. මාව කපලා දෑන් මෑන්ස් වැඩි කතාව..

      Delete
  34. ඇන්දුව ලස්සනට නේද...

    ලංකාවෙත් තියෙනවා බං. ආස්සාවේ බෑ,.. ඒත් ඉතිං ඒකට එබීගෙන් ඉන්න ගියාම එපා වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ.. කැශියර් වලට තමයි අපෙත් තාම සෙට් කලේ.. ඒවට නම් ඉතින් එච්චරම අවුලක් නෑ.. කොහොමත් ඉතින් ලගට වෙලා ඉන්න එකනේ.. ඒත් අපිට එහෙම බෑනේ..

      Delete
  35. මම හිතුවේ ෆාමසියට රුවැති කෙල්ලක් ඇවිල්ලා කියලයි. :)

    ReplyDelete
    Replies
    1. දැනටමත් ෆාමසියේ රුවැත්තියෝ දෙන්නෙක්ම ඉන්නවා අක්කේ.. තව අය මොකටද??

      Delete
  36. අළුත් රුවැත්තිය ගැන කියවගෙන යනකොට මේ කොහෙවත් යන කොම්පියුටර් එකක් පටලවලා මල්ලි...අයියෝ..කොහොම වුනත් රුවැත්තිව පරිස්සමෙන් බලාගන්නකො...

    ReplyDelete
    Replies
    1. අළුත් රුවැත්ති අයිති මට නෙමෙයි නේ අක්කේ.. ඒනිස මට එයාව ආරක්ශා කරන්න වෙන්නේ නෑ..

      Delete
  37. දොත්තෝරෙ කියන්නේ දොස්තරටද දිනේෂ් අයියේ. ?. ශික් මං හිතුවෙන වෙන එකක් ගැනනේ. අඩේ මටත් ඒවගේ එකක් ගන්න තියනම්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. දොත්තෝරේ කියන්න දොස්තර තමයි.. මම වතාවක් ඒ ගැන කිවුවනේ..

      Delete
  38. අන්න එහෙම එකියෙක්ටනං ලවු කරත් කමක් නෑ :D එ්ගොල්ලො මට කැමති නෑනෙ :(

    ReplyDelete
    Replies
    1. පණ නැති දේකට ලවු කරලා මොනවා කරන්නද බං..

      Delete
  39. ඕකට එබීගෙන වැඩ කරන්න ගිහින් පිස්සු හැදෙයි...

    ReplyDelete
    Replies
    1. අපෝ ඔව් අක්කේ.. මගේ පෙනීම තවත් අඩුවෙයි එයාගේ මූණට ළං වෙලා ඉන්න ගියොත්.. :)

      Delete
  40. අයියෝ..... කෑවා ලණු‍ව. ෂෙක්.....

    ReplyDelete
    Replies
    1. මේක ලිවුවේ අප්‍රේල් පළවෙනිදා නෙමෙයි.. :)

      Delete
  41. අපොයි මම හිතුවා ෆමසියේ වැඩට හැඩ කෙල්ලෙක්වත් ඇවිල්ල ඇති කියලා

    ReplyDelete
    Replies
    1. තුන්දෙනෙක්ම දැනටම ඉන්නවනේ අක්කේ.. ඉතින් තව මොකටද?

      Delete
  42. හයියෝ මම හිතුවේ ඇත්තටම ගෑල්ලමයෙක් කියලනේ.. කවි ටික අපූරුයි අයියේ..

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ..

      Delete
  43. හිකිස්‌,,, පරණ ඒවා හොදයි නේද... අලුත් බඩු අෆිටත් එපෝ

    ReplyDelete
    Replies
    1. අපි පරණ අයට තමයි ආදරේ.. අළුත් අය දිහා බලන්නෙවත් නෑ..

      Delete
  44. ෂික්.. කොමෙන්ට් ටික කියවනකං මීටර් උනේ නෑ නේ. අය්යෝ...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්