Thursday, 5 April 2012

හැදින නොගත්තේ කිම..

මුහුදු වෙරළක හැන්දෑව තරම්  සුන්දර මොහොතක් තවත් ජීවිතයට විදින්න පුළුවන්ද කියලා හිතෙනවා.. සඳුට ඇරයුම් කරගෙන අහස්ගැබින් සැගවිලා යන හිරු අහසට එක් කරන සුන්දරත්වය වචනයෙන්  විස්තර කරන්න අමාරුයි..

“ මොකද මුහුදට පනින්නද කල්පනාව?”

ඇය එන වගක්වත් නොදැනෙන තරමටම මුහුදත් එක්ක බැදිල තිබුන හිත ආයෙම මොහොතකින් ඇය වෙතට දිව ගියේ ඒ හිතට මම ගොඩාක් ආදරේ කරපු නිසා..

“ මොකද අද පරක්කු උනේ?”

“ ක්ලාස් ඉවර වෙද්දි ටිකක් පරක්කු උනා.. ඔයා ගොඩක් වෙලාද ඇවිත්?”

“ හ්ම්ම්ම්.. ටිකක් වෙලා..”

“ ඉතින් කියන්නකෝ.. අද කොහේද රස්තියාදුවේ ගියේ?”

විහිළුවක් කරගෙනම ඈය ඇගේ දවසේ සිද්ද උන හැම දෙයක්ම එකින් එක කියද්දී ඒ ගැන අහන් ඉන්න මම ගොඩක් ආසා කලා.. එකින් එක හැමදෙයක්ම විස්තර කරද්දි පුංචි පුංචි බොරුත් ඒ අතරට ඇය එකතු කරන බව හොදින්ම දැනගෙන හිටියත් නොතේරුනා වගේ මම අහගෙන හිටියේ ඇගේ කතාවට ඒ තරමටම ආදරේ කල නිසා..

“ මොකද ඔහොම බලාගෙන ඉන්නේ? මොනවා හරි කියන්නකො..”

“ ඔය කතා කරන්න ගත්තම මට ඉඩක් නෑනේ..”

“ මෝඩයා.. ඔය කිවුවේ කතාවක්..”

කියාගන්න බැරි උන ආදරයක් හිත ඇතුලේ තිබුනට අවුරුදු ගානක් ඉදන් බැදුන මිතුදම ආදරයට වඩා ඇගේ හදවතේ රැදිලා ඇතිද කියලා මම නිතරම වගේ කල්පනා කලා.. හැම හීනයක්ම ඇය වෙනුවෙන්ම වෙන් උනත් ඒ හීනයේ අවසානය දකින්න මම හැමදාම වගේ බය උනා..

“ ඔයාට මතකද නුවන්ව?”

“ හ්ම්ම්.. නෑ..”

“ ඇයි හලෝ.. මම දවසක් අපේ ක්ලාස් එකේ යාළුවෙක් කියලා අදුන්නලා දුන්නේ..”

“ ඔව්.. ඉතින්?”

“ එයා අද මට ආදරෙයි කියලා කිවුවේ..”

වේගයෙන් ආපු රළක් ගල් තලා අතරේ වැදිලා බිදි ගියේ මහ සද්දයක් නංවගෙන.. ඒත් ඒ රළ බිඳෙන මහ සද්දෙට වඩා හොදින් ඇය කියපු ඒ කෙටි වචන පෙල මට හොදින්ම ඇහුනා..

“ ඉතින් ඔයා මොකද කිවුවේ?”

“ තාම මුකුත් නෑ.. ඒත්..”

“  ඇයි ඒත් කියලා නතර කලේ?”

“ නෑ.. අකමැති වෙන්න තරම් කාරණෙකුත් නෑ නේද කියලා මම කල්පනා කලේ.. ඔයා මොකද හිතන්නේ?”

වේදනා දෙන පපුව තවත් රිදවමින් ඇය අහපු ප්‍රශ්ණේට උත්තරයක් මම කොහොම දෙන්නද?

“ ඔයානේ එයා ගැන දන්නේ.. ඒ හින්දා ඔයාම කල්පනා කරලා බලන්න..”

හිතේ තියෙන ආදරේ ගැන කියන්න හිත මහා හයියෙන් කෑ ගහලා කිවුවත් අමාරුවෙන් හිර කර ගත්ත සිතුවිළි දවසක හිතට වේදනාවක් ගෙනේවි කියලා මම හොදින්ම දැනගෙන හිටියා..

“ මේ අයිස්ක්‍රීම් එකක් කමුකෝ.. ගිය සතියෙම මමයි අර ගත්තේ.. අද ඔයා අර ගන්න..”

.....................................


අපේ හිත් වලට රහසේම කාලය වේගෙයෙන් ගෙවිලා යද්දි නුඹ ටිකින් ටික ඔහුගේ වෙලා තිබුනා.. දවසින් දවස තිබුන මිතුදමත් අඩුවෙලා යද්දි අපි අපෙන් කොච්චරනම් ඈත් වෙන්න ඇතිද?

හත් වසරකට පස්සේ ආයෙම අහම්බෙන් දවසක අපි මුණගැහෙද්දි ජීවිතේ කොච්චර වෙනස් වෙලා තිබුනත් එදා වගේම ලස්සනට හිටපු ඔයා දැක්කම හිත අතීතයට දුවගෙන ගියේ මටත් හොරෙන්ම..

“ හංසී..”

“ ඔයා.. කවද්ද ලංකාවට ආවේ?”

“ ටික දවසක්.. කොහොමද දැන ගත්තේ මම ලංකාවේ නෑ කියලා?”

“ ඔයාගේ යාළුවෙක්ගෙන්..”

“ කෝ නුවන්? දැන් දෙන්නා මැරි කරලත් ඇති..”

වසර ගානකට පස්සේ අපි හමු උන සතුට මොහොතකින් ඇගේ මුහුණින් මැකිලා ගියේ මගේ හිත ඇතුලේ ලොකු ප්‍රශ්ණාර්තයක් එක් කරමින්..

“ ඒ හැමදෙයක්ම අතීතයක් විතරයි.. රැවටීමක්..”

වෙනදා ඒ සුන්දර කතා කියපු මුහුදු වෙරළෙ ඉදන්ම ඇගෙන් කියවුන කඳුළු කතාව ලග හිත හිත වෙනදාටත් වඩා දුක් උනා..

“ මම ගොඩක් දේවල් තේරුම් ගන්න පරක්කු උනා දිනේශ්..”


නිමා උන වසන්තෙක
ආදරේ සුවද නුඹ
හැරගිය සෙනෙහසට තව
සෙනෙහසින් මග බලන්නේ කිම..

මුලාවී ගිය ආදරයක
හද පාරන සිතුම් ගොන්නක
පැටලිලා උන් අතීතෙක
කඳූළු තව නොනැවතුනේ කිම..

ආදරයේ මල් උයනක
නෙලාගත් රෝස මල නුඹ
නපුරු වී වේදනා දුන් මල
තවමත් අත දරා කිම..

රිදුම් දෙන ආදරය
නෙතට කඳුළක් වූ දින
ඒ කඳුළු හද දරා තව
සුසුම් හෙලන්නේ කිම..

නෙලාගත් කඳුළු මල ලග
නුඹ නෙත නොගැටුන මල
ආදරයෙන් තවම නෙතු ලග
නුඹ හැදින නොගත්තේ කිම..



විශේෂයි :- මෙය සිතුවිල්ලක්ම පමණි....... නොවේ... :D කාලෙකට උඩදි මතකයක් විතරක්ම උන දෙයක්.. හදිසියේ මතක් උන නිසා ලිවුවා..

අති විශේෂයි :- කේලාම් කියන උන්දැලාට ඔන්න තව මාතෘකාවක් තියෙනවා.. ඕන දෙයක් කියන එකයි ඇත්තේ.. :p


57 comments:

  1. හිකිස් .... අති විශේෂයි .....

    කතාව ලස්සනයි... ගොඩක් අයට ඇත්ත තේරෙන්නේ පරක්කු වෙලා... එක්කො තේරෙන්නෙම නැ... ලෝක ස්වභාවය වෙන්න ඇති ....

    ReplyDelete
    Replies
    1. හැමෝම වගේ ලියන ප.ලි කෑල්ලට වඩා එහෙම හොදයි නේ අක්කේ? :)

      ඒකනම් ඇත්ත අක්කේ.. තේරුම් ගනිද්දි ඒ දේ අපෙන් ගොඩක් දුර ගිහින් ඉවරයි.. අන්තිමේ මතකයක් විතරයි ඉතුරු වෙන්නේ..

      Delete
  2. අන්තිමට "දිනේෂ්" කියලම කතා කරලා තියෙන්නේ. සිතුවිල්ලක් නොවේ කියල හිතුනා ඉතින් :) ඉතින් ඊට පස්සේ මොකද උනේ එයාට...?

    ReplyDelete
    Replies
    1. නම තියෙන නිසාම සිතුවිල්ලක් නොවේ කියලා නොදා ඉන්න හිතිලත් ආයෙම දැම්මා.. :)

      අපි දෙන්නම දැන් ආයෙම හැරෙන්න බරි තරම් ජීවිතෙන් ඉස්සරහට ගිහින්නේ අක්කේ තියෙන්නේ.. අපි ඉන්නේ පාරවල් දෙකක.. ඉතින් පහු උන දේ එහෙමම යන්න ඇරියා..

      Delete
    2. දුක් සීන් එකක් නේ දිනේශ් මල්ලී...ගනං ගන්න එපා...අනාගතේ ගැන හිතලා හොඳ දෙයක් කරන්න...

      Delete
    3. දැන් ඒ දේවල් අමතක කරලත් ඉවරයි අය්යේ..

      Delete
  3. well...time change ppl change neda....:(..

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ.. කාලයත් එක්ක හැම දෙයක්ම වගේ වෙනස් වෙනවා..

      Delete
  4. හිකිස්..අනේ ඔයාටත් වෙන වැඩ නේද.හැමෝම ළගටම ඇවිල්ලා හැරිල යනව නේද?

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම්.. අත ලගටම ඇවිත් හැමදාම මග ඇරෙනවා..

      Delete
  5. මම නම් නෙමෙයි ඔන්න!:P

    ReplyDelete
    Replies
    1. ශුවර් නෑ එයාමද කියලා.. :)

      Delete
  6. නියමෙට ලියලා තියෙනවා මල්ලී.... අනිත් එක ඔය කේලමි කියන එවුන් අනිත් එවුන්ගේ රෙදි හෝදන්න යන එකේ නරක නැද්ද හොද ලොන්ඩරි සර්විස් එකක්වත් පටන් ගත්තානමි? දිනේෂ්... මොන දේ උනත් ලියන එක නතර කරන්න එපා. දිගටම ලියන්න. ජය වෙිවා!!!

    ReplyDelete
    Replies
    1. දැන් නම් මම ඔය කේලාම් කියන අය ගැන හිතන්නේ නෑ අයියේ.. එයාලය ඕනම දෙයක් කියන්න කියලා මම ලියනවා.. උඩින් දැම්මනේ මම ඇත්තම කතාවක් කියලා..

      Delete
  7. ඇඩෙනවා....මුල ටික මගෙ කතාව වගේමයි.
    පස්සෙ ටිකත් එහෙම වෙයිද දන්නෙ නෑ.
    ඔය කාන්තා පාර්සවේ හුගක් වෙලාවට ටියුබ් ලයිට් තමා

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා රජතුමෝ.. ඒක හරියට අගවන එකත් අපේ වැඩක්.. එහෙම නැති උනාම තේරුම් ගන්නත් බෑනේ..

      නෑ නෑ රජ්ජුරුවන්ගේ කතාවේ අන්තිමේ එහෙම වෙන එකක් නෑ..

      Delete
  8. සමහර දේවල් තේරුම් යනකොට කල් යනවා...
    ඒත් ඒ වෙනකොට පරක්කු වැඩියි....
    කවි පෙළ ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඒ වෙද්දි ජීවිතය ගොඩක් වෙනස් වෙලා.. ආයෙම ඒ දේට ඉඩ නැති වෙන තරමටම..

      Delete
  9. අගින් දිනේෂ් කියල දාල ආයෙම මෙය සිතුවිල්ලක්ම පමණි....... නොවේ...කියල දාල. දෙකෙන් එකක් වත් කපලවත් නෑ. අනේ මන්ද ඒ වුනාට මේක අත්තක් කියලනම් දන්නවා.
    කවිය සුපර් ඈ.....

    ReplyDelete
    Replies
    1. ඒ දැම්මේ ඉතින් අර රොයිටර් කට්ටියට නිවුස් එකක් වෙන්නනේ.. ඔව් ඔව්.. මේක අත්දැකීමක් තමයි.. :)

      Delete
  10. ලස්සනයි අයියා.. අතීතය සමහර වෙලාවට අපිට ගේන්නේ පසුතැවීමක්.. මම තව ටිකක් ඉස්සර වුනා නම්... කියලා හිතෙන සිදුවීම් ඕනේම කෙනෙක්ගේ ජීවිතේ ඕනේ තරම් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔව් නංගී.. ඒ වෙලාවටනම් ඉතුරු වෙන්නේ පසු තැවිල්ලක් විතරමයි.. ඒ දේ වෙනස් කරන්න පුළුවන් උනානම් කියලා හිතෙන වෙලාවල් තියෙනවා.. ඒත් ඒ හැම දෙයක්ම හිත රැවටීමක් විතරයි.. ගිය දේ ගියා..

      Delete
  11. කවියට තමා මම හුගාක්ම කෑමති.මේ ලෝකෙ කොයි තරම් නම් ඔහොම අය ඈද්ද.ලස්සනයි අය්යේ.ඒත් ඈත්ත කතාවක් හින්ද අනේ මන්ද

    ReplyDelete
    Replies
    1. කවියට තමයි මමත් වැඩියෙන් කැමති.. ඇත්ත කතාවක් නම් තමයි.. ඒත් ඉතින් දැන් ඒක අතීතයක් විතරයි..

      Delete
  12. ගොඩ දෙනෙක් ඇත්ත තේරුම් ගන්නේ ආයෙමත් හැරෙන්න බැරි තරම් දුර ආවට පස්සේ.., ඒක අපි ගොඩ දෙනෙක්ට පොදු ඇත්තක් කියල මටනම් හිතෙන්නෙ. සිතුවිල්ලක් නොවන ගොඩක් කතන්දර ඇත්තටම ලස්සනයි හිතට ගොඩක් වදිනව...

    ReplyDelete
    Replies
    1. ඇත්ත සමහර දේවල් අපි තේරුම් ගනිද්දි ජීවිතය ගොඩක් ඈත ගිහින් නතර වෙලා.. ආයෙම අපි අපිට හමු වෙන්න බැරි තරමට.. මගේ කතාවෙදිත් උනේ ඒකම තමයි..

      Delete
  13. මරු කේලමක් හදන්න පුලුවන්....දිනේශ් අයියාගේ බූට් කතා....
    හැබැයි මරු ඈ...මම ආසයි ඔය වගේ කතා වලට..කොල්ලට කෙල්ල හම්බෙන්නේ නැති කතා වලට

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා ඉතින් ඔහොම මඩ ගහන්න හොදද මලයෝ මම අහන්නේ..

      අර මොකෝ බං මේ වගේ අවසානයන්ට මෙච්චර කැමති..

      Delete
  14. අහ්... මටත් තියෙන්නේ සයුරි අක්කට තිබුණ ප්‍රශ්නෙ ම තමයි, හැබැයි තේරුම් ගන්න කල් යන එක නම් ප්‍රශ්නයක් තමයි, මොකද රිසල්ට් එක බලපාන්නේ ජීවිත කාලෙටමනේ!

    ReplyDelete
    Replies
    1. ඉක්බිති සියල්ලෝම සතුටින් විසිර ගියහ..

      ඇත්ත අයියේ.. තේරුම් ගැනීම නොගැනීම නිසා වෙනස් උන ජීවිත බොහොමයි.. මේකත් ඉතින් ඒවගේ සිද්දියක් තමයි..

      Delete
  15. එදා දිනේෂ් ඒ දැරිවිට ආදරෙන් ලං නොවුනේ නුවන් නිසා වෙන්න ඇති.

    ඒ යාලුකම නැති වුනොත් අපරාදේ.

    කෙල්ලෙක්ගෙන් යාලුවෙක් වගේ ලැබෙන හැගීමයි. ආදරේදි ලැබෙන හැගීමයි දෙකක්. යාලු කෙල්ලෙක්ට ආදරේ කරන්න ගිහින් සමහර වෙලාවට මුකුත්ම නැතිවෙනවා.

    ආසයි කතාව පටන් ගත්ත ව‍ගේ මුහුදු වෙරලක හවස් ජාමෙක තනියම ඉන්න. ඒත් බැහැ මිනිස්සු හිතන්නේ අසහනකාරයෙක් කියලා

    ReplyDelete
    Replies
    1. ඔව් නුවන් අතරට මම එන එක හරි මදිනේ කියලා හිතුනා.. නුවන්ට කලින් මම ආදරේ කලා උනත් ඉස්සර උනේ මිනිහනේ.. :)

      ඇත්ත.. කෙල්ලෙක්ගේ මිත්‍රත්වයේ හරි අපූරු බවක් තියෙනවා.. ඒත් ඉතින් ඒවගේ යාළුකම් ගොඩක් දුර නොරැදෙන්නේ සමහරු හිතන්නේ කෙල්ලෙකුයි කොල්ලෙකුයි අතරේ හොද යාළුකමක් තියෙන්න බෑ කියලනේ.. හැබැයි ඉතින් ඒකේ ඇත්තක් නැත්තෙමත් නෑ..

      මුහුදු වෙරළක හවස් ජාමෙට ආදරේ කරන්නේ අපි විතරක්ම නෙමෙයි සෑමෝ.. මේකත් හරියට වැස්සේ තෙමෙනවා වගේ වැඩක්.. දකින් අය හිතන්නේ පිස්සු කියලා.. ඒත් ඒ අයත් ඒකට කැමතියි..

      Delete
  16. ඇත්තටම ඇයි අප්ප එහෙම වෙන්නෙ.....?...:(
    මොනදේ සිද්ධවුනත් වෙන්නෙ හොඳටයි කියල හිත හදාගන්න තමයි අන්තිමේදි හැමෝටම ඉතුරු වෙන්නෙ....:)

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නේ ඇයි කියන්නනම් මාත් තාම දන්නේ නෑ.. ඒත් ඉතින් එහෙම උනා.. මොකක් හෝ හේතුවකට..

      Delete
  17. අවුරුදු 24 ට සැහෙන්න අද්දැකීම් තියනවා වගේ..ගොඩක් වයස එක්කෙනෙක් කියලා හිතෙනවා මේවා කියවනකොට..ඇයි අප්පේ කෙල්ලෝම කොච්චර ඉන්නවද මේ බ්ලොග් එකේ...( එහෙම කිව්වට තරහා වෙන්න එපා හොඳේ..) :)

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. කිසිම තරහක් නෑ.. ඕනම දෙයක් කියන්න..

      කාලෙකට උඩදි ඒ කියන්නේ මට පූජා මුණගැගෙන්න කලින් ගොඩක් දෙනෙක් හිත ලග නතර උනා ඉතින්.. ඒ කාලේ ඉතින් දැං වගේ නෙමෙයි නේ..

      Delete
  18. මටත් එමමයි අයියේ
    හැබැයි අයියට වගේම අවසානයක් හිමි වෙයිද දන් නෑ

    ලස්සන කවි ටික
    සින්දුවක් වගේ.......

    ReplyDelete
    Replies
    1. එහෙම අවසානයක් නම් ලැබෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා.. ඉක්මන් වීම තමයි ඉතින් වැදගත් වෙන්නේ..

      Delete
  19. හ්ම්..ඔයා කවදා වෙනකම් කට පියාන ඉඳලා කෝච්චිය මිස් කරගනියිද දන්නෑ අප්පා..කමක් නෑ අපිට හරි ඒ කෝච්චි ගැන කතන්දර හම්බවෙනවනේ...

    අද නම් පේජ් සෙටින් අවුල්වගේ මලේ..වචන අතර ඉඩ සමාන නෑ..

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත අක්කේ.. දැනටමත් කීයක් කෝච්චි මිස් උනාද.. මම තාම ස්ටේශන් එකේ.. බලමුකෝ ඉස්සරහට..

      Delete
  20. හෆ්ෆා... දුක හිතුනා...:(

    //නෙලාගත් කඳුළු මල ලග
    නුඹ නෙත නොගැටුන මල
    ආදරයෙන් තවම නෙතු ලග
    නුඹ හැදින නොගත්තේ කිම..// මේ පද ටිකට මාරම ආසයි!! හුඟාක් අයට ඇත්ත අවබෝධ වෙද්දි කාලෙ ගෙවිලා ඉවරයි!! ඊටපස්සෙ ඉතුරුවෙන්නෙ පසු තැවිල්ල විතරයි!! මොනා කරන්නද, ගිය දේ ගියා..:)

    ප.ලි- හික්ස්ස්.. දිනේශ් අයියාට ගෑණූ ළ්මයි එක්ක තියෙන කතා හුඟා...යි නේ?? (ඔන්න මාත් හැදුවා කතාවක්) ;) :P

    ReplyDelete
    Replies
    1. ඔව් ගිය දේ ගියා.. පසුතැවුනා උනත් ඉතින් ඒකේ වගකීමත් අපේම තමයි.. ඒදේ මග හැර ගත්තට..

      හා හා.. මේකේ කතාවක් හැදුවට කමක් නෑ ඔන්න.. කැලෑ පත්තර එහෙම ගහන්න එපා.. මෙයා ඉතින් කොහොමත් නපුරු හිතුවක්කාරිනේ.. :)

      Delete
  21. තාම දෙන්නා හොඳ යාලුවෝ වගේ ඉන්නවද? :D

    ReplyDelete
    Replies
    1. වෙනදා තරම්ම නැතත් ඉදලා හිටලා කතා කරනවා.. අපි දැන් වෙනමම ජීවිත වල හිර වෙලානේ අක්කේ..

      Delete
  22. එ්කනෙ හලෝ අපි කට කැඩෙනකං කියන්නෙ! කොච්චර කලත් එච්චර තමයි! :D

    ReplyDelete
    Replies
    1. මට අවුරුදු හතකට කලින් අලියා සෙට් උනේ නෑනේ.. එහෙම උනානම් උඹේ උපදෙස් අරන් මේවා මෙහෙම වෙන්න දෙන්නේ නෑ..

      Delete
  23. දෞක හිතෙනවා අප්පා............. ගොඩ ගිය කතාවක් ලියහන්කෝ අයියේ ආසයි කියවන්ට

    ReplyDelete
  24. දුක හිතෙනවා අප්පා.... ගොඩ ගිය කතාවක් ලියහන් කෝ අයියේ ආසයි කියවන්ට

    ReplyDelete
    Replies
    1. ගොඩ ගිය කතා නෑනේ බං මගේ ජීවිතේ තාම.. එකනේ අවුල... :(

      Delete
  25. අන්තිමට නම තිබුන නිසා සිතුවිල්ලක් නෙවෙයි කියල මටත් හිතුනා.

    දැන්නම් දිනේෂ්ට ඇත්තටම කේන්ති ගිහිල්ල ඉන්නේ යාළුවොත් එක්ක.

    ReplyDelete
    Replies
    1. නමත් දාලා ඇත්තම කතාවක් කියලත් දැම්මා අයියේ.. එතකොට කතා හදන අයට ලේසියිනේ..

      ඔක්කොම් එක්ක නෙමෙයි අයියේ.. මේ වගේ වැඩ කරන අය එක්ක තමයි කේන්ති යන්නේ.. ඒත් දැන්නම් මම ඒක ගැන හිතන්නේ නෑ..

      Delete
  26. හ්ම්ම්ම්... හැමදේම වෙන්නේ හොඳටයි කියලා හිත හදාගන්න එක හොඳයි අයියේ.....
    ලස්සන කවි ටිකක්....හිතට ම වැදුණා.....

    ~~~**දඟ මල්ල**~~~

    ReplyDelete
  27. එකතරා කාලයකදි ඔය කතාව මගෙම කතාව වෙලා තිබුන බං . . එකම වෙනස මම ඒකිට ආදරේ කරන විත්තිය ඒකි හොඳහැටි දැනන් හිටිය එක විතරයි . . .

    2001 අවුරුද්දෙ මැයි 30වෙනිද ඇතුල්කෝට්ටෙ ස්ප්ලෑශ් එකේදි මට ලැබුන උත්තරෙත් ඕකමයි . . .
    //“ මම ගොඩක් දේවල් තේරුම් ගන්න පරක්කු උනා ***..”//

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්

      Delete
  28. ලස්සන කවි ටික මල්ලි ඒක නම්....

    ReplyDelete
  29. ඇති විශේෂ එපා ඒවා මත් වෙනවා වැඩියෝ

    ReplyDelete
  30. හි හි පතාගෙන ආව එක් කෙනා සොයාගෙන එනකම් ඉන්ඩෝ...........එතකොට ගලේ ගැහුවත් වෙන් කරන්න බැ..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්