Monday, 2 April 2012

අළුගොසුවා ( කෙටි කතාව )

අද රැකියාවේ අන්තිම දවස.. අවුරුදු 30ක් පුරාවට කරපු රස්සාව එකම එක අන්තිම දවසකට කිරීමේ වගකීම පැවරුන සෝමදාසගේ හිතේ පුංච් සතුටක් දැනුනත් තව එකම එක වතාවකට උනත් තව කෙනෙකුගේ දෑස දිහා අවසාන වතාවට බලන්න වෙන එක ගැන සෝමදාසගේ හිත වෙනදා වගේම අදත් තැවුනා..

“ ඔව් මම අළුගෝසුවෙක්..”

සමහර දවස් වලට බීමතින් පාරේ කෑ මොර දෙන සෝමදාස දිහා මිනිස්සු බැළුවේ වපර ඇහින්.. සමහරුන්ට නම් ඔහු අපරාධකාරයෙක් වගේ පෙනුනත් නීතිය ඉදිරියේ ඔහු අපරාධකාරයෙක් නෙමෙයි..

“ සෝමේ දැන්වත් ඔය රස්සාව අත ඇරලා වෙන එකක් හොයා ගමු නේද?”

“ ඇයි මොකක්ද මේකෙ මේ රස්ස්සවේ තියෙන වරද?”

“ නෑ.. මේ මිනිස්සු..”

“ මිනිස්සු ඕන දෙයක් කියපු දෙන්.. මම කරන්නේ නඬුකාර හාමුදුරුවෝ නියම කරන දේ.. එහෙනම් උන්නාන්සෙත් වැරදි කාරයෙක්නේ..”

“ ඔයාට දෙයක් තේරුම් කරන්න බෑ සෝමේ..”

බීමතින් සිටියදි ඔහු බිරිදට කෑ ගැසුවද හිත යටින් මේ රස්සාව ගැන දුක් වූවාම නොවේය.. අපරාධකාරයෙක් වූවත් නොවුනත් අවසානයේ තමා නිසා අවසන් හුස්ම හෙලන හැමකෙනෙක් ගැනම සෝමදාස තැවුනා.. ඒ අතුරින් සමහක් දාට කළු රෙදි කඩින් මුහුණ වසන්නට කලින් සෝමවීරගේ මතකයේ රැදෙන සමහරන් දෑස් ඔහුට අමතක කරන්න බොහෝ කලක් ගත උනා..

“ මට හිතෙන්නෙම ඒ මනුස්සයා වැරදි කාරයෙන් නෙමෙයි කියලා..”

අවුරුදු 30ක් පුරාවට තමන්ට මුණගැසුන මිනිසුන්ගේ හිත් හොදින් කියවන්නට සෝමදාසට පුළුවන් විය.. ඒත් වැරදි තීන්දු තීරණ නිසා තමන් වෙතට අවසානයේ ආ ඇතමුන් ගැන දුක් වෙනවා විනා වෙන කරන්න කිසිම දෙයක් ඔහුට නොවීය..

“ මට සමාවෙන්න..”

කළු රෙදි කඬින් මුහුණ වසද්දි සෝමදාසගේ මුවගින් පිට වෙන ඒ වදන් පෙල ඔහුගේ හිතට ගේන්නේ වේදනාවක් උනත් ඔහුගෙන් පිටවෙන සුසුම, ළණුව අතරේ සිරවී බිදෙන ගෙලේ සද්දය තරමටම වා තලයට හැමදාම  එක් උනා..  මින් පෙර කවදාවත් අරක්කු තොල ගා නොතිබුන සෝමදාස අරක්කු බෝතලයට ආදරේ කරන්න පටන් ගත්තේ ඒ ඇස් වල මතකයෙන් ගැලවෙන්න..

“ නොබීපු දාට මට ඒ මූණු රෑට හීනෙන් පේනවා බං.. මගේ ලගට ඇවිත් මගේ බෙල්ලට අත තියද්දිම මම හැමදාම ගැස්සිලා ඇහැරෙනවා..”

අරක්කු බෝතලය අතැතිව තැබෑරුම ලගට වී සමහරදාට සෝමදාස කියන මේ වදන් පෙල සමහරුන්ට අරුමයක් නොවුනත් ඇතැමුන්ගේ හිත් වලට ගෙනාවේ සෝමදාස ගැන කලකිරීමක්..

“ ඉතින් ඔය රස්සාව  අත ඇරලා දැම්මනම් අහවරයිනේ..”

“ කී පාරක්නම් යන්න ගියාද බං.. ඒත් මගේ මේ බරවා කකුලත් එක්ක මම වෙන මොන රස්සාවක් කරන්නද?”

ගොඩ දෙනෙක් ඉන් එහාට කතාව නොගෙනියන්නේ සෝමදාසගේ ඒ අසරණකම නිසාය.. ඔහුගේ අවසනාවට මේ රෝගය වැළදෙන්නට මත්තෙන් සෝමදාස රජයේ ආතනයක ලිපිකරුවෙක්ය.. තමන්ගේ රෝගය සුව කල නොහැකි අතට පත් වෙද්දි ඔහුට අවසානයේ කරන්නට පුළුවන් වූයේ මේ රැකියාව පමණකි..

හිතේ අකමැත්තෙන් උවද කාලයක් පුරා කල රැකියාවේ අවසාන දිනය අද සෝමදාස ගෙවන්නේය.. සෝමදාසගේ හිතේ සතුටක් ඇත්නම් ඒ මේ රස්සාව හොදින් කල නිසා යන සිතුවිල්ලට වඩා අවසානයේ මේ රස්සාවෙන් කෙසේ හෝ සමුගන්නා දවස උදා වූ නිසාය..

“ එහෙනම් මේ අද අපි සෝමදාස දකින් අන්තිම දවස..”

“ මම මෙහේ රස්සාව කරන අන්තිම දවස ජේලර් මහත්තයෝ.. ඔබ තුමාලා බලලා යන්නනම් ඕන වෙලාවක එන්න පුළුවන්නේ..”

“ ඔව් ඔව් මොකද බැරි.. හැබැයි සෝමදාස අපිව බලන්න කියලා අපරාධකාරයෙක් විදිහටනම් එන්න එපා..”

ජේලර් මහතාගේ වදන් වලින් හිත් තැවුලින් උන් සෝමදාසගේ මුවගට සිනහවක් ගෙනාවේ නිරායාසයෙන්ය..

“ සෝමදාස පැන්ශන් එක හදාගන්න ඕන කරන දේවල් බාර දුන්නනේ?”

“ ඔව් මහත්තයෝ.. ඒවා ඔක්කොම හරි..”

“ එහෙනම් සෝමදාසට කරදරයක් නැතුව ඉස්සරහට ඉන්න පුළුවන් වේවි.. ඕනවට වැඩිය බොන්න එහෙම යන්න එපා..”

“ නෑ මහත්තයෝ..”

වසර ගනනාවක් නිතර මාරුවන නිළදාරින් හා සහයෝගයෙන් උන් සෝමදාසට ඉහල නිළදාරින්ගේ පවා කැමැත්ත නිරන්තරව හිමි විය.. ඒ නිසාම ඔවුන් හැම සෝමදාසට සුභ පතන්නට අමතක නොකලේය..

“ ආ සෝමදාස.. අද යන්න කලියෙන් අන්තිම රාජකාරියත් තියෙනවා කරන්න..”

“ අදත්?”

“ ඔව් සෝමදාස.. අපිට සෝමදාසගෙන් පස්සේ මෙතන වැඩ කරන්න කෙනෙක් තාම හොයාගන්න බැරි උනා.. අපිට තීන්දු පස්සට දාන්නත් බෑනේ..”

“ හොදයි මහත්තයෝ.. කීයටද?”

“ 11.40ට තියෙන්නේ..”

තමන් අකමැත්තෙන් උන් ජීවිතයට සමුදෙන්නට තවත් එක් කඩයිමක් ඇති බව දැනගත් සෝමදාස ටිකක් කළකිරුණ මුත් එය ප්‍රතික්ශේප කල නොහැකි විය.. මේ අවසන් වතාව නේදැයි සිතු සෝමදාස අකමැත්තෙන් උවද හිත හදා ගත්තේය..

වෙනදාට වඩා හෙමින් ගෙවීගෙන යන කාලය දිහා සෝමදාස විටින් විට බැළුවේ කේන්තියෙනි.. ඈතින් දොරගුළු විවර කරමින් ඔවුන් එන හඩ ඇසෙද්දි සෝමදාස හිද උන් බංකුවෙන් නැගිට ගියේ කවදත් ඔහුගේ අතන් ගෙල සිර වන සිරකරු දෙස බලාසිටිමට අකමැති වූ නිසාය..

සෝමදාස පසෙකින් වූ කළු රෙදි කඩ අතට ගෙන ඒ දෙස බලා සුසුමක් හෙළුවේ මේ රෙදි කඩ අතුරින් කී දෙනෙකුගේ අවසන් හුස්ම පොද පිට උනාදැයි සිතමින්ය..

“ සෝමදාස දැන් වෙලාවත් හරි..”

සෝමදාසගේ කල්පනාවට බාදා කරමින් පැමිණි ජේලර් එසේ පවසද්දි ඔහු තිගැස්සී ගියේය..

“ මේ අන්තිම වතාවනේ සෝමදාස..”

ඔහු එසේ කීවේ සෝමදාසගේ අකමැත්ත ඔහුගේ මුහුණින් හොදින් දුටු නිසාය.. කළු රෙදි කඩ අතින් මිට මොළවා ගත්ත සෝමදාස කෙටි පඩි කීපය ඉහලට නැගුනේ සිරකරු දෙස නොබලාය.. ලී වේදිකාවේ අතරින් විවර වන මරණයේ දොරටුව ලගට ආ සෝමදාස අද අවසන් හුස්ම හෙලන්නේ කවුදැයි හිස ඔසවා බැලීය..

සෝමදාසගේ ඇස් ඉදිරියේ මැවුන ඒ දෑස දැක ඔහු එකවරම තිගැස්සී ගියේය.. දෙතුන් වතාවක් සෝමදාස ඔහු දෙස ඇසි පිය ගසමින් බලා සිටියේ මේ කිසිවක් සිතාගන්නට නොහැකිවය.. හැමදෙයක්ම වෙනදාට වඩා නිහඩයයි හැගෙද්දි සෝමදාට ඇසුනේ ඔහුගේ හිත ගැහෙන හඬ පමණක්මය..

“ සෝමදාස.. සෝමදාස..”

තම උරහිසට තට්ටු කරමින් කතාකල ජේලර්ගේ හඩ නිසාම ගිලි උන් මතකයෙන් නික්මුණ සෝමදාස ඔහුගේ දෙපා ලග එකවරම වැද වැටුනේ හඬමින්ය..

“ ඒ මගේ පුතා බුදු මහත්තයෝ..”





නිමි..




65 comments:

  1. හපොයි........මොකුත්ම කියාගන්න බෑ....

    මේවගේම සිංහල චිත්‍රපටියක් තිබුන වගේ මතකයි අයියෝ....නමනම් මතක නෑ අමරසිරි කලංසූරියයි ජෝ.අබේවික්‍රමයි හිටියෙ....

    ReplyDelete
    Replies
    1. මගෙ මතකය හරි නම් ධ‍ර්මසිරි ගමගෙ ශූරින්ගෙ "පූජා"

      Delete
    2. මට නම් මතක විදියට එකේ නම අලුගෝසුවා තමයි!

      Delete
    3. ඇත්තම කියනවනම් මට එහෙම ෆිල්ම් එකක් ගැන මතකයක් නෑ.. මේක ඒකට ගොඩක් සමාන වීම ගැන මම පසුතැවෙනවා..

      Delete
    4. අනේ අයියො මං ඒම හිතල කිව්වෙ නෑ.....:O
      අනේ මට සමාවෙන්න හොඳේ.....:‘(

      Delete
    5. නෑ නෑ නංගියේ.. ඒකේ ප්‍රශ්ණයක් නෑ.. ඇත්තටම මම ඒ දේ ගැන දැනන් හිටියේ නෑ.. නැත්නම් ඒ තේමාවටම මමත් කතාවක් ලියන්නේ නෑ..

      Delete
  2. කතාව නියමට ගලපලා තියෙනවා.දිනේෂ්ගේ කෙටි කතාවක් කියල මට හිතුනේ කියවල ඉවරවෙද්දි.පුතත් මරණ දණ්ඩනයට ලක් වෙලා කියල කොහොමද ඒ තාත්තා දාන්නේ නැත්තේ.

    ReplyDelete
    Replies
    1. මටත් ඕක හිතුනා

      Delete
    2. අර මොකෝ මගේ එකක් කියලා හිතුනේ නැත්තේ??

      Delete
  3. හරිම සංවේදියි අයියේ
    ඇත්තටම මෙහෙම උනොත් ඒකට මුහුන දෙන පුද්ගලයා මොනවා කරාවිද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එහෙම අවසානයක් ගැන මටත් හිතාගන්න බෑ මලයා..

      Delete
  4. ජෝ අබේවික්‍රම ඉන්න සිංහල ‍ෆිල්ම් එකක් මතක් උනා....නම නං මතක නෑ...එළ ස්ටෝරිය ඈ....

    ReplyDelete
    Replies
    1. ගොඩක් දෙනෙක් කියනවා ෆිල්ම් එකක කතාවට මේක ලගයි කියලා.. පොඩ්ඩක් හොයලා බලන්න ඕන..

      Delete
  5. කියන්න දෙයක් හිතා ගන්න බැහැ.....තාත්ත නොදැනුවත්ව කෝමද එච්චර දුරක් පුතා ගියෙ..?

    ReplyDelete
    Replies
    1. ඒ ගැන මම වෙනම කතාවකින් කියන්න හිතාගෙන ඉන්නේ..

      Delete
  6. Replies
    1. ස්තූතියි යාළුවා..

      Delete
  7. ඔව් මටත් මතකයි ජෝ අබේවික්‍රම හිටපු මේ වගේම ෆිල්ම් එකක් තිබුනා. ලස්සනට කතාව ලියලා. මට එක ප්‍රශ්නයක් ආවා හැබැයි. තාත්තා නොදැන පුතාට මරණ දඬුවම ලැබුනේ කොහොමද කියලා...

    ReplyDelete
    Replies
    1. එතන හිස්තැනක් තිබ්බේ එතනින් වෙන කතාවකට ආරම්භය ගන්න.. ඒත් ඒක පොඩ්ඩක් වැරදුනා වගේ මට..

      Delete
  8. විශිශ්ට සංකල්පනාවක්..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අයියේ..

      Delete
  9. අයියෝ..මෙහෙමත් ජීවිතයක්..

    ReplyDelete
    Replies
    1. වැඩිය අපි නොදන්නවා උනාට මෙහෙම ජීවිත තියෙන්න පුළුවන් අක්කේ..

      Delete
  10. නිකන් පිස්සු වගේ මෙයා.. සුපිරි කතාව අයියේ

    ReplyDelete
    Replies
    1. පිස්සු හදා ගන්න එපා රජෝ..

      Delete
  11. පුතා ගෙදර දාලා ගිය කෙනෙක්ද?? නැත්නම් තාත්තා දැන ගන්න එපැයි නේද? අන්තිම වෙනකල් මොන වගේ අවසානයක් මේකට දෙයිද කියලා හිතා ගන්න බැරුව හිටියෙ.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන ඊළග කතාවෙන් කියනවා අක්කේ..

      Delete
  12. මෙකෙ චරිත ගැලපුම සාර්තක මදි නෙද? තමන්ගෙ පුතා වැරදි කාරයෙක් වෙලා මරණීය දණ්ඬනයට නියම කරන තුරු තාත්තා කෙනෙක් නොදැන සිටීම. තමන්ගෙ පුතා පුන්චි කාලෙ ගෙදරින් තරහාවෙලා යනවා තාත්තගෙ රස්සාව නිසා. ඊට ඔහු හා සෝමදාස අතර කිසිම සම්බන්දතාවයක් නෑ. අන්තිමට හමුවෙන්නෙ පෝරකය අසලදි... කොහොමද මගෙ චරිත ගැලපුම

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අයියේ මට ඕන උනේ මේ පුතාගේ සිදුවීම වෙනමම කතාවකට ගන්න මේකේ සදහන් නොකර.. ඒත් ඒ අදහසේ පොඩි දෝශයක් තියෙනවා කියලා පේනවා.. පොඩි වරදක් උනා මගෙන්.. කොහොම උනත් ඒ ගැන මම ඊළග කතාවෙන් කියනවා..

      Delete
  13. හ්ම්ම් දුකයි :(

    ReplyDelete
    Replies
    1. සමහර ජීවිත අපිට තේරුම් ගන්න හරි අමාරුයි නංගී..

      Delete
  14. කතාව තව ටිකක් දිගට ලිව්ව නම් හරි අයියේ...පුතා එල්ලුම් ගහට යනකල් තාත්තා දන්නේ නැති වෙන්න බෑ නේ..

    ReplyDelete
    Replies
    1. ඒ ගැන ලියලා තියෙන්නේ මලයො.. ඒක වෙනමම කතාවක් විදිහට ලියවෙන්නේ..

      Delete
  15. කාලෙකින් ඒවේ මල්ලී. ලස්සනයි හැමදාම වගේ.

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම්.. දැන් ඉතින් බට්ටි අක්කට අපිව මතකත් නෑනේ..

      Delete
  16. අනේ ජිවිතයක හැටි....සිතුවිල්ල නම් නියමයි මල්ලි..සුභ පැතුම් ඔයාට...

    ReplyDelete
    Replies
    1. සමහරුන්ගේ ජීවිත අපි හිතන තරම්ම සොදුරු නෑ අක්කේ..

      Delete
  17. කතාවනම් නියමයි..ඒත් පුතාට මරණ දඩුවම ලැබුන හැටි තාත්ත නොදන්න එක ගැන නම් මටත් හිතුනා..ඒක ගොඩ දෙනෙක් අහල තියෙනවනෙ..බලමුකො.. :)

    ReplyDelete
    Replies
    1. ඒකට උත්තරයක් දෙනවා අක්කේ.. ඊළග කතාවෙන්..

      Delete
  18. කතාව නම් හොඳට තිබුනා ....... තමන්ගේ පුතා එතනට ගෑ වෙන අවස්ථාව දක්වාම ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළුවා..

      Delete
  19. හිතාගන්න බෑ.. තාත්තාවත් නොදැන පුතා එතනට ආවෙ කොහොමද? මොනා වුනත් හරිම සංවේදියි අයියෙ!! ඔහොම ඇත්ත කතාවක් ඇහුවා මම ඉස්පිරිතාලෙ මෝචරියෙ වැඩ කරන කෙනෙක්ට එයාගෙ දුවගෙ මිණිය හමුවෙච්ච කතාවක්..මේකත් ඒවගෙ..

    ReplyDelete
    Replies
    1. ඔව් හිතූ ඒ කතාවනම් මමත් අහලා තියෙනවා.. ඒ වෙලාවට ඒ මිනිස්සුන්ට මොනවා හිතෙනවා ඇත්ද?

      Delete
  20. අම්මියෝ....! මම නම් මුකුත් කියන්නේ නෑ...:(

    ReplyDelete
    Replies
    1. මුකුත් නොකියා යන්න එපා බං..

      Delete
  21. සොඳුරු මිනිසාත් මේ සම්බන්ධව නිර්මාණයක් කරල තිබ්බ නේද......නිර්මාණ 2 එකිනෙකට වෙනස්....මේකෙ අමුතු ගතියක් තියෙනව.....

    ReplyDelete
    Replies
    1. ඔව්.. එදා සොදුරු මිනිසගේ නිර්මාණය දැක්ක වෙලේ මම හිතුවේ මේක නොදා ඉන්න.. මම ඒ ගැන කියද්දි මලයා කිවුවේ මේකත් දාන්න කියලා.. ඒ නිසා තමයි මගේ අදහස වෙනස් වෙලා මම මේක දැම්මේ..

      Delete
  22. මට අනුවනම් මිනිසුන් (ඒ වගේම සත්තු, කොටින්ම කිව්වොත් පණ ඇති සියල්ලෝම) මොනම හේතුවක් උඩවත් මැරීම වැරදියි. රස්සාවක් වුණත් වැඩි දෙනාගේ යහපත වෙනුවෙන් කියලවත් තව කෙනෙක්ගේ ජීවිතය උදුරා ගැනීමේ අයිතියක් නෑ. මම විශ්වාස කරන්නේ දඬුවම් ලබා දිය යුත්තේ ඒ පුද්ගලයාව වඩා යහපත් කරන්න වගේම තමන්ගේ වැරදි අඳුනා ගැනීමට හින්ද මරණ දඬුවම සාර්ථක නෑ කියලයි.

    ReplyDelete
    Replies
    1. ඔව් මමත් ඒ අදහසට එකගයි.. මොකද කොච්චර ලොලු අපරාධකාරයෙක් උනත් අවසාන දඬුවම මරණ දඬුවම නම් ඔහුට ඒක දැනෙන්නේ නෑ.. එක මිනී මැරුමක් කලත් මිනිමැරුම දහයක් කලත් ඔහුට ලැබෙන්නේ එක මරණ දඬුවම..

      Delete
  23. කතාව ලස්සනට ලියල තියනවා. මේ තේමාවෙන් එකිනෙකට වෙනස් කතා කීපයක් කියෙව්වා. ඒ අතරින් මේක වෙනස් තේමාවක්. සෝමදාස, මරන්න නියම වෙච්ච කෙනා (පුතා) දිහා බැලුවේ නැති වුනත් අනිවා පුතා අලුගෝසුවා (සෝමදාස) දිහා බලන්න ඇති කියලයි මට හිතෙනේ. වැරැද්දට හම්බෙන දඬුවම වෙනස් කරන්න බැරිහන්ද පුතාගේ හෘද ශාක්ෂිය දන්නා හන්ද අලුගෝසුවා තාත්ත කියල දැන දැනමත් කට පියන් ඉන්න ඇති...

    ReplyDelete
    Replies
    1. සෝමදාස ඒ කෙනා දිහා නොබලන කාරණේ නම් මම පැහැදිළි කලා.. එක අතකින් ඒක සාදාරණ හේතුවක්.. පුතාගේ පැත්තෙන් මම කතාව ඊළග සතියෙ කියනවා..

      Delete
  24. ලංකාවේ ඔය ඇබෑර්තුවට එකෙක් හොයා ගන්න බැරිව හිටියා. මොනව උනාද දන්නෙ නැහැ..

    මෙහෙම වෙන්න පුලුවන්ද ඇත්තට ?

    සුපුරුදු පරිදි සිරා !

    ReplyDelete
    Replies
    1. සෑමා ඉල්ලුම්පත්‍රයක් දැම්මේ නැද්ද ඒ ජොබ් එකට??

      වෙන්න බැරි කමකුත් නෑ සෑමෝ..

      Delete
  25. මේක නිර්මාණයක් විතරයිනේ. සත්‍ය ලෝකයත් එක්ක ගලපද්දී නිර්මානයක ඕන තරම් වෙනස් කම් තියෙන්න පුළුවන්. කතාව නම් නියමයි

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ අදහසට මාත් එකගයි.. මේ දෙයක් දිහා මම බලන විදිහ විතරයිනේ.. සමාජයක් එක්ක ගනිද්දි මේ දෙවල් වෙනස් වෙනවා.. ගොඩක් ස්තූතියි රෙප් මහත්තයෝ..

      Delete
  26. ලස්සන කතාවක්! :(

    ReplyDelete
    Replies
    1. තැන්කූ අලියෝ..

      Delete
  27. ඒ ෆිල්ම් එකේමද මන්දා අන්තිමට තාත්තා හාට් ඇටෑක් හැදිලා මැරෙනවා පුතාව එල්ලන්න ස්විච් එක දාන්න යද්දී... මිනිහෙක්ව එල්ලන්න පුළුවන් එකපාරක් නිසා පුතාව නිදහස් වෙනවා... මට එහෙම සීන් එකකුත් මතකයි... :)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ කතාව චිත්‍රපටියකට සමාන උන එක ගැන මම දුක් වෙනවා.. මොකද උඩ කමෙන්ට් වලින් ඒ ගැන කියනකම්ම මම එහෙම ෆිල්ම් එකක් ගැන දැනන් හිටියෙත් නෑ..

      Delete
  28. කතාව නම් සිරා!
    ඇර දෙහිවලදී කෝච්චියට හැප්පිලා මරුන කපල් 1 සිද්දියත් මීට සමානයිනේ!
    ගෑනු ළමයාගේ බොඩි 1 ගෙනියන්න ආව වාහනයේ රියදුරා ඒ ළමයාගේ තාත්ත :-/

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ කතාවනම් මාත් ඇහුවා.. ඒ අය අපේ මලයගේ මිත්‍රයෝ වගයක් නිසා මලයා මලගෙදර ගිහින් තිබ්බා.. මෑන්ස් තමයි මටත් ඔය විස්තරේ කිවුවේ..

      Delete
  29. නිර්මාණයක් විදිහට කතාව හොඳයි
    අවසානයේ තියෙන නොගැලපීම නැති උනානම් තවත් හොඳයි

    ReplyDelete
    Replies
    1. ඔව් අවසානයේ පොඩි අත් වැරදීම් ටිකක් උනා ඒ අවසානය තව කතාවක ආරම්භයක් කරන්න ගියායින්.. කොහොම උනත් ඒ වැරැද්ද පෙන්නුවාට ස්තූතියි..

      Delete
  30. අළුගෝසුවගෙ හැගීම් මෙච්චර හොදට ලියලත් අවසානෙ අවුල්වුන එකයි හොද නැත්තෙ. කමක් නෑ දෙවන කොටසින් වැරැද්ද හදාගන්න ට්‍රයි කරපං.

    ReplyDelete
  31. මට මතක් උනෙත් අපේ නැන්දලගේ ගෙදර තිබිලා බලපු පරණ ෆිල්ම් එකක අවසාන ජවනිකාවක්. ජෝ අබේවික්‍රමගේ අති දක්ශ රංගනයක්.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්