Sunday, 29 April 2012

මඤ්ඤොක්කා මෙහෙයුම - ඉස්කෝලේ කතා 6

අපේ ඉස්කෝලේ කතන්දර සීරීස් එක මතක ඇතිනේ.. ගොඩක් දවසකින් ලියන්න බැරි උනා.. අමතක උනාම නෙමෙයි.. ඕන කම්නින්මයි ලිවුවේ නැත්තේ.. දැන් ඇයි කියලා හිතනවා ඇති.. කවියක් කතාවක් නම් ඕන වෙලාවක ලියලා හැමෝම එක්ක බෙදාගන්න පුළුවන්.. ඒ උනාට මේ අතීත මතක එහෙම එක දිගට ලියලා ඉක්මනට ඉවර කර ගන්නේ මොකටද කියලා හිතුනා.. ඔන්න මාස 4ක්ට පස්සේ ආයෙම ඉස්කෝලේ කතාවලක් ලියන්න යන්නේ..

අපේ පෙම් හසුන, අපේ පළවෙනි රණ්ඬුව, OIC, හොද වැඩත් කලා අපි සහ කට උලාගේ ආදර අන්දරය තමයි කලින් ඉස්කෝලේ කතා වලින් ලිය උනේ.. කට උලා ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.. අපිට හොද බාල්දි පෙරලුනානම් ඒ කට උලා නිසා..

ඉස්කෝලේ නිවාඩු කාලෙට උනත් අපි කට්ටිය සෙල්ලම් කරන්න සෙට් වෙන්නේ ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකටම තමයි.. ගමේ කට්ටිය එක්ක සෙට් වෙනවනම් ඉතින් සෙල්ලම් කරන්නේ MCG එකේ.. නෑ නෑ ඔස්ට්‍රේලියාවේ තියෙන එක නෙමෙයි.. මාකුඹුර ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකේ..

ඉතින් එක වතාවක් අපි ඉස්කෝලේ සෙට් එකත් එක්ක සෙට් උනා මැච් එකක් ගහන්න.. අවුරුද්ද නම් හරියට මතක නෑ.. අපි ඔහොම සෙට් වෙන කොට අපේ A,B,C පන්ති තුනම වගේ සෙට් වෙනවා.. පන්ති තුන එක්ක තමයි ඉතින් තරගේ තියෙන්නේ..  ඔය අපේ ග්‍රවුන්ඩ් එකට එහා පැත්තේ තියෙන්නේ මඤ්ඤොක්කා වත්තක්.. අක්කරයක විතර.. ඉතින් දැවැන්ත 6 යේ පාරක් ගැහුවම බෝලේ යන්නේ ඒ පැත්තටම තමයි..

ඉතින් අපේ ප්‍රධාන නළුවා කට උලා ඔය ලග ෆීල්ඩ් කර කර ඉන්න කොට බෝලේ වැටුනේ ඔය වත්තට.. පුංචි කන්දක් වගේ එකක් තියෙනවා අපේ ග්‍රවුන්ඩ් එකේ ඉදන් ඒ පැත්තට යන්න.. ඉතින් පොරත් වැටි වැටි කන්ද බඩ ගලා වත්තට ගියාට හෙන වෙලාවක් යනකම් ආවේ නෑ.. ෆීල්ඩ් කරන උන් එකා දෙන්නා අමාරුවෙන් කදු තරණය කරලා යනවා බෝලේ සහ උලාව හොයන්න.. ඒත් එකෙක්වත් එන්නේ නෑ..

ටික වෙලාවකින් හතර දෙනෙක් ජයග්‍රාහීව එනවා.. බෝලේ කෙසේ වෙතත් හොද මඤොක්කා අල ටිකක් ගලවගෙන.. නැග්ගට වඩා ඉක්මනට කන්ද බැස්සට මොකද කට්ටියට අපි ඉන්න හරියට එන්න ලැබුනේ නෑ.. ත්‍රීවීල් දෙකක් ඇවිත් නතර කලා.. වෙන කවුරුවත් නෙමෙයි මඤ්ඤොක්කා වත්තේ අයිති කාරයෝ.. කියන්න දෙයක් නෑ නොම්බර එකේ චණ්ඩි.. හැබැයි ඉතින් අපේ ආදි ශිෂ්‍යයෝම තමයි..

“ කවුද &%//&% හොරෙන් මඤ්ඤොක්කා ගැලෙවුවේ?”

අරුන් හතර දෙනාව වට කරගෙන ආපු එවුන් අහනවා..

“ තොපි මොකද පැත්තට වෙලා.. වර මෙහාට..”

පැත්තක හිටපු අපිටත් ආදරෙන් ආරාධනා කරා.. ත්‍රීවිල් එකේ අපි වාඩි වෙලා යන තැනට ඉස්සරහා තියෙන කූරු තුනෙන් යටම පේලියේ මහතට දාලා තියෙන රබර් පටිය කට්ටියට මතක් වෙයි කියලා හිතනවා.. පොරක් ඒක ඇදලා ගත්තේ නිකන් කඩුවක් ඇදලා ගන්නවා වගේ.. අදත් කෑම ශුවර් බවනම් කට්ටියටම තේරුනා.. කොහොමද අරකෙන් එකක් කෑවම..

“ කියපිය තොපි මොකද වත්තට රිංගුවේ?”

“ බෝලේ ගියා අයියේ..” 

“  මේ වත්තට බෝලේ යන්න ගහන්න උඹලගේ ඇගේ හයිය තියෙනවද? ඇත්ත කියපං..”

“ නෑ ඇත්ත අයියේ මෙයා ගැහුවේ..”

අනිත් පන්තියේ හිටපු ක්‍රිස් ගේල් වගේ පොරක් පෙන්නලා එකෙක් කිවුවා..

“ දැන් කෝ බෝලේ එතකොට?”

“ හම්බුනේ නෑ..”

“ ආ %&/)%$  බෝලේ වෙනුවටද උඹලා මඤ්ඤොක්කා ගැලෙවුවේ?”

“ එකයි අයියේ ගැලෙවුවේ..”

එච්චර වෙලා කතා නැතුව හිටිය කට උලා කිවුවා.. උගේ අතේම අල තුනක් විතර තිබ්බා..  උලා ලගට ගිය එක අයියා කෙනෙක් උගේ කමුල සියුමැලිද කියලා අත ගලා බැළුවා.. ඌනම් කෑවේ උගේ කට නිසා.. අතේ අහුවෙන බොරු කියද්දි කාටද තද වෙන්නේ නැත්තේ..



“ ඔන්න ඔහේ යන්න දියන් බං.. අපේ ඉස්කෝලෙම එවුන්නේ..”

හම්මේ එක අයියා කෙනෙක් එහෙම කියද්දි තමයි අපේ ඇගේ ලේ තියෙන බව මතක් උනේ..

“ එහෙම කියලා බෑ.. මුං ආයෙම ඔය වැඩේ කරනවා..”

“  උඹලා ගාව සල්ලි තියෙනවද?”

“ නෑ අයියේ..”

තිබ්බත් ඉතින් ඒ වෙලාවේ තියෙනවයි කියන එකක්යැ..

“ එහෙනම් උඹලගේ බැට්, බෝල විකට් ඔක්කොම ඔට්ටුවට තියලා මැච් එකක් ගහන්න වරෙන්.. උඹලා පැරදුනොත් මේවත් එක්ක හෙර රු.200ක් එකතු කරලා ගෙනත් දියන්..”

“ හා අයියේ..”

ගුටි කනවට වැඩිය ඒක කොච්චර දෙයක්ද.. ආදි ශිෂ්‍යයන්ගේ දඩාර සෙට් එකක් එක්ක අපිත් බැස්සා මැච් එකට.. මැච් එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ.. අපි ගොඩක් වෙලා ෆීල්ඩ් කරන්න එහේ මෙහේ දිවුව බව නම් මතකයි.. අම්පයරුත්  එයාලමනේ.. ඉතින් වෙන මොනා වෙන්නද??



තව දෙයක් තමයි ඉස්කෝලේ ඇතුලෙදි අපි ඔය ආදි ශිෂ්‍යයෙක්ගේ සහෝදරයෙක්ට ගැහුවත් උන් නෙමෙයි ඇහැක් ඇරලා බලන්නේ.. ඒවට කවදාවත් අත දන්නේ නෑ.. හැබැයි පිටින් ප්‍රශ්ණයක් ආවමනම් ඉතින් අපිට කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ.. පොලිසියෙන් ඇවිත් කුදලං යනකම්ම ගහ ගන්නවා.. අපිට තියෙන්නේ බලන් ඉන්න විතරයි.. අන්න ඒ අතනිනම් අපේ ආදි ශිෂ්‍යයෝ සුපිරියි..




72 comments:

  1. ඇත්ත කියපන් උඹට කියාක්‌ ගැහුවද?..කට උලා වගේ යාළුවෙක් ලබන්න ඔම්බල වාසනාවන්තයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත.. කට උලාගේ වාසනාවා අපේ පස්සෙන් තමයි ආවේ හැම වෙලේම.. උලා විතරයි බොරු කියන්න ගිහින් ගුටි කෑවේ..

      Delete
  2. Replies
    1. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ..

      Delete
  3. හෆ්ෆටසිලි!! අනුන්ගේ දේවල් හොරකම් කරන්න ගියාම ඔහොම අකරතැබ්බ වලට මූණ දෙන්න වෙනවානෙ...:D

    අර කට උලා මොකද හෆ්ෆා අහුවෙන බොරුවක් කිව්වෙ? හික්ස්ස්...:D

    ReplyDelete
    Replies
    1. උලාගේ ගොන් වැඩ තමයි ඉතින්.. හොද වෙලාවට අපේ ආදි සිස්සයෝ උනේ.. නැත්නම් කෑම ගැන කියන්න ඕන නෑ..

      Delete
  4. පොස්ට් එක නියමයි

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ..

      Delete
  5. ඒ.. මඤ්ඤොක්කා මෙහෙයුම පට්ටයි නේ.. දැං දිනේශි අයියා කාටෙයි මුවා වෙලා උන්නෙ??

    ReplyDelete
    Replies
    1. ශික්.. ඔහොම දේවල් අහනවද.. මම කාටවත් මුවා වෙලා හිටියේ නෑ.. ටිකක් දුරින් හිටියේ.. :)

      Delete
  6. අපිටත් ඔය වගේම සීන් එකක් උනා උත්සවේකට පොල් මල් කපන්න ගිහින්

    ReplyDelete
    Replies
    1. ගියේ රාත්‍රියක වගේනම් උන දේ හිතා ගන්න පුළුවනි.. :)

      Delete
  7. උඹේ කම්මුලත් හරි සිනිදුයි කියලා අරංචියක් ආවා... :පී

    ReplyDelete
    Replies
    1. ඕවා ඔහොම ප්‍රසිද්දියේ කියන්න එපා බං..

      Delete
  8. අපිත් මෙහෙම මෙහෙයුමක් කලා... හැබැයි ඒක තනිකර හොරකමක්... අල 3ක්‍ වෙනුවට ගෝනි 3ක් ගැලෙව්වා ;)

    ReplyDelete
    Replies
    1. එහෙනම් බලාගෙන යද්දි අපි හොදයිනේ.. ගෝනි 3ක් උස්සලා අහු උනානම් කන්න වෙන කෑම ගැන මම මේ මතක් කලේ..

      Delete
  9. හැබෑට අයියේ..... එදා ගෙදර ගියෙ කොහොමද...?

    ReplyDelete
    Replies
    1. ගෙදර ගියේ ඉතින් වෙනදා වගේම තමයි.. ඔයා මොකද ගෙදර ගිය විදිහ ගැනම අහුවේ???

      Delete
    2. හික්....නෑ නෑ ගියානම් කමක් නෑ....

      Delete
    3. එහෙම බෑ.. ඇහුවේ මොකද කියලත් කිවුවනම්??

      Delete
  10. :D ගුටිකන මඤ්ඤොක්කා..

    ReplyDelete
    Replies
    1. තම්බලා කද්දි තවත් රහයි.. :)

      Delete
  11. දිනේෂ් අයියට කීයක්‌ වැදුනද කියලා කිව්වේ නෑ නේ..

    ReplyDelete
    Replies
    1. ගුටි කෑවේ උලා විතරයි.. හැබැයි මැච් එකේ කාපු කෑමනම් උපරිමයි.. අපි ඔක්කොම හිටියේ 6 සීමාව ලග.. :)

      Delete
  12. කට උලා කියපු බොරුවට මඤ්ඤොක්කා ටික අතේ පැල වෙන්න ඇති. බැට් කරනවද වඩා ෆීල්ඩ් කරන එක ආතල් :පී

    ReplyDelete
    Replies
    1. මේ මොනවද? බෝල් කරන උන්ට බෝල් කරලම එපා උනා.. අපි ඔක්කොම හිටියේ 6යේ සීමාව ලග.. මොකද රන්ස් දුවන්නේ නෑනේ.. :)

      Delete
  13. e me kata ula kiyanne ubatama neda???
    :D

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. කලින් කතා ටිකත් කියෙවුවනම් උලා මම නෙමෙයි බව තේරුම් යාවි.. :)

      Delete
  14. කට්ටිය මැච් එක පරාද වෙලා වගෙයි... බඩු ටිකත් උන් සන්තක උනාද ?

    ReplyDelete
    Replies
    1. පරාද උනාදත් අහනවා.. කෙන්යා ටීම් එකට ඔස්ට්‍රේලියාව ගැහුවා වගේ.. ඔව් ඒවා උන් අර ගත්තා..

      Delete
  15. // ත්‍රීවිල් එකේ අපි වාඩි වෙලා යන තැනට ඉස්සරහා තියෙන කූරු තුනෙන් යටම පේලියේ මහතට දාලා තියෙන රබර් පටිය කට්ටියට මතක් වෙයි//

    ඔය වලි සීන් හින්දම දෑං ඔන්න ඔය පටිය අයින් කරන්න කියලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. හෑ දැන් අයින් කරලද.. අපරාදේ.. ඉස්සර ඕක කොච්චර හොද ආයුධයක්ද.. :)

      Delete
  16. මැච් එක පරාද වෙලා වගෙයි .... මඤ්ඤොක්කා වලට වඩා පාඩු වෙන්ඩ ඇති...

    ReplyDelete
    Replies
    1. සිරාවට මඤ්ඤොක්කා කඩෙන් ගත්තනම් එච්චර යන්නේ නෑ... :)

      Delete
  17. එක අතකින් සාධාරණ දඩුවමක්! උඹලගෙ ආම්පන්න ටික උන් ගත්තද? එහෙම ගත්තනං වැඩේ කැතයි.

    ReplyDelete
    Replies
    1. කරන්න දෙයක් නෑ අයියේ.. අපෙත් ඉතින් වැරැද්දනේ.. එක අතකට ගුටි කනවට වඩා ඒක හොදයිනේ.. :)

      Delete
  18. කොච්චර හොඳ ආදි සිස්සයෝ ද! ඇති ඔයින් ගියා....

    ReplyDelete
    Replies
    1. හොද වෙලාවට ආදි සිස්සයෝ උනේ.. නැත්නම් ඉතින්... :)

      Delete
  19. මදැයි,ඉස්කෝලෙ ධර්මපාලේ නෙමේනෙ?

    ReplyDelete
    Replies
    1. :O හෑ.. කෝමෙයි හිතුවේ.. ධර්මපාලයක් නම් තමයි..

      Delete
  20. Malla ge danga wada wala kerawalak na neda,,, mata hithenawa malla anek ayata wada guti kaawa kiyala...
    Aththada,,,,,
    Kohoma unath "wege wadi" kiyala lipi dana eka adu karanawa kiwwata,,,, eka karey nathi ekata maage sthuthi ya malla ta.
    Kumari akka,,,

    ReplyDelete
    Replies
    1. A/L වෙද්දි දග වැඩ නම් ගොඩක් වැඩි උනා අක්කේ.. තාම මේ O/L කතා කියන්නේ.. ඒවත් හෙමීට කියන්නම්..

      නෑ අක්කේ ඇත්තටම ගුටි කෑවේ උලා විතරයි.. ඒකත් අර බොරුව කියන්න ගියයින්..

      නෑ අක්කේ වේගේ ගැන මම දැන් එච්චර හිතන්නේ නෑ.. මට පුළුවන් හැම වෙලාවකම ලියනවා අක්කේ..

      Delete
  21. මේක නම් කියන්නත් ලැජ්ජයි...මාත් දවසක් හොරෙන් මිදි කොල කඩන්න ගිහින් අයිතිකාරයට අහු උනා...(සංතෝසෙ බෑ.)
    නෑ නෑ එහෙම ලැජ්ජා වෙන්නෙ මොකටද..ඇයි අප්පා 'ජූලියා රොබට්ස්' අහු උනේ හොරෙන් ඇපල් කඩන්න ගිහින්..(ස්ලීපින් විත් එනමි ෆිල්ම් එකේ.) හී.හී.....

    ReplyDelete
    Replies
    1. ජූලියා රොබට්ස්ගෙන් වැඩක් නෑ.. ඒක උනේ ඇත්තටම නෙමෙයිනේ කිරිල්ලියේ..

      ඔයා මිදි කොල කඩපු එක එතකොට මේ මඤ්ඤොක්කා මෙහෙයුම වගේ ඒවා තමයි සුන්දරම..

      මේ ඇත්තටම මොකටෙයි මිදි කොල කැඩුවේ?

      Delete
    2. මිදිකොල වල ඔතල හදන රසම රස ග්‍රීක් කෑමක් තියනව...(කෑම ජාති හදන එක මගෙ විනෝදංශය.)ඉතින් මම මිදි වත්තකට ගිහින් හොරෙන් කොල ටිකක් කඩ කඩ ඉන්නකොටම අයිති කාරයා පාරෙන් නෙවේ වත්ත පිටිපස්සෙන් මතු උනා..මාව අහු උනා..පස්සෙ මොකටද කියල ඇහුවාම මම කිව්ව..එයා ඊට පස්සෙ ඒ කෑම හදන විදිය මගෙන් ඇහුව මම කිව්ව.ඊට පස්සෙ මාව කොලටිකත් එක්ක පන පිටින් යන්න ඇරියා.......

      Delete
    3. ශා.. කිරිල්ලි එහෙනම් ග්‍රීක කැමත් හදනවා ආ.. අපිට බලාගන්නත් එක්ක දවසක ඒ කෑම හදන විදිහ ලියමුකෝ..

      Delete
  22. අඩේ උඹලා ගුටිකාලා තියෙන්නෙත් ලේසි පාසු කශ්ටියකගෙන් නෙවෙයි, ආ? Dwayne the Rock Johnson සමග Gridiron Gang එකෙන්!!! යකෝ උන්ට මඤ්ඤොක්කා කො‍ටුවක් තිබ්බ බව මං දන්නෙ අදයි!!! :D
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඩූඩ් අයියත් මාර කතානේ කියන්නේ.. හැබැයි ඉතින් ඒ සෙට් එකෙයි මේ සෙට් එකෙයි වැඩි වෙනසක් නෑ.. :)

      Delete
  23. මඤ්ඤාක්කා වත්තට ගිහින් එළියට එනකොටම අයිතිකාරයන්ට ඔත්තුව ගියේ කොහොමද? කවුරු හරි කේලමක්වත් කිව්වද?

    යුනිකෝඩ් තියන නිසා දැන් මයියොක්කා කියනා ලියන්න ඕන නෑ නේ..:D

    ReplyDelete
    Replies
    1. නෑ අක්කේ.. වත්තට ටිකක් එහායින් තියෙන ත්‍රීවීල් පාර්ක් එකේ තමයි කට්ටිය ඉන්නේ.. ඉතින් එන්න ලේසියි..

      ඇත්ත අක්කේ.. හැබැයි මට ලියන්න ගිහින් අකුරු හොයාගන්න බැරි උනා.. :)

      Delete
  24. මටත් මතක් උනා හොඳ කතාවක්! පස්සෙ දාන්නංකො

    ReplyDelete
    Replies
    1. මතක ඇතුව දාමු හොදේ...

      Delete
  25. අලි ගෙදර අලි කතාවක් කියවලා එනකොට මෙහෙ මඤ්ඤාක්කා සීන් එකක්...නියමයි මල්ලි මේක නම්....

    ReplyDelete
    Replies
    1. අලි කතාව මට මිස් වෙලා වගේ.. ගිහින් බලන්න ඕන ඒ පැත්තට..

      Delete
  26. ඔකේ නම ලියන්න අමාරුයි..(අපි කොපි කරන ළමයි නෙමේනේ).ඕවා කියල කියන්නම්.අන්තිමට ඉතින් ඕව ටිකට මොකද උනේ..තම්බලා කැවද?

    ReplyDelete
    Replies
    1. ඕවා ඕවා කියපු වෙලේ කොපි කරන්න තිබ්බනේ.. ක්‍රිකට් ආම්පන්නත් එක්ක ඕවත් අරන් යාවි කියලා හිතුවේ.. ඒ උනාට උඹලම ඕවා කාපිය කියලා අයියලා යන්න ගියා..

      Delete
  27. //එකයි අයියේ ගැලෙව්වේ// හික් හික්....කට උලාගෙ කට හොඳයි ගලක උලන්න

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ අක්කේ.. ඒත් උලා හැදෙන්නේ නෑ..

      Delete
  28. ක්‍රීඩා උත්සවය තිබුන දවසක පොල් අතු කපන්න ගිහින් අන්නාසි කොටුවකට ගොඩවැදුනා.වත්ත බලාගත්තු මනුස්සයට අතටම අහුවුනා.නිකන් නෙවෙයි මන්නයක් අතින් අරන් අපේ පස්සෙන්ම ආව.අපි ටිකදුරක්‌ ගිහින් ආයිත් වත්ත පැත්තෙන්ම වත්තේ අන්කල් ඉන්නවද බලන්න ගොඩවැදුන.අන්කල් නෑ.අපේ වාසනාව.අපි අන්නාසි කඩාගෙන ආව.මේ දැක්ක ගමන් මට මතක වුනේ ඒ සිද්දිය...

    දිනේෂ් අයියේ උඩ පින්තුරයනම් නියමට ගැලපෙනවා....

    ReplyDelete
    Replies
    1. ලග පාත ඔහොම තැන් තියෙනවනම් ඉතින් අපි කීයටවත් පනින්නේ නැතුව ඉන්නවද.. නැද්ද මලයා..

      Delete
  29. මාත් හරිම ආසාවෙන් කියවන ඉස්කෝලෙ යද්දි වෙන දේවල්......මේක නම් නියමයි....ක්‍රිස් ගේල් ගැහුවෙ නැද්ද දිනේශ් අයියෙ......:(

    ReplyDelete
    Replies
    1. තව කතා තියෙනවා.. ඒවත් හෙමීට ලියන්නම්.. :)

      ක්‍රිස් ගේල් හොයා ගන්නත් නෑ මලයා අරුන්ගේ බෝල වලට.. :)

      Delete
  30. මේ..මොකුත් හිතන්න එපා විහිලුවට වගේ අහන්නේ...ඇත්තටම අයියා කීයක් ගුටි කෑවද....???

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ගුටි කෑවේ නෑ මලයෝ.. එහෙනම් ඉතින් නොකියා ඉන්නවයි..

      Delete
  31. මඤ්ඤාක්කා කියල හරියට කියව ගන්න පුළුවන් වෙන්න නහය ඉතුරු උනා නම් ඇති.. :P

    ReplyDelete
    Replies
    1. පෙර වාසනාවකට වගේ ඉතුරු උනා.. :)

      Delete
  32. පරාදයි වගේ හුහු :පි

    ReplyDelete
    Replies
    1. ඔහොම හූ තියන්න හොදද මම අහන්නේ.. :)

      Delete
  33. ඇති යන්තං ගුටි නොකා බේරුනා.ඔය ත්‍රීවීල් වල තියෙන පටිය ගැන මටත් කියන්න කතන්දරයක් තියෙනවා.ඒක උනේ ගොඩාක් කාලෙකට කලින් මම කොහුවල ඉදලා 120 ක පිලියන්දලට එනවා.එක ලංගම බස් එකක්. ඒ බස් එකේ ෆුට් බෝඩ් එක කිට්ටුව තර්ණ පිරිමි ළමයෙක් හිටියා කොන්දොස්තර කොච්චර පිටිපස්සට යන්න කිව්වත් මෙයා යන්නේ නෑ. පෙනුමත් අමුතුයි එයාගේ පික්පොකට් කාරයෙක් වගේ. කියලා කියලා බැරිම තැන කොන්දොස්තර අරවා මේවා කියලා බැන්නා. බස් එකෙ අයට තමන්ගේ පර්ස් පරිස්සම් කර ගන්නත් කිව්ව.ඒත් අර කොල්ලට ගානක්වත් නෑ එයා එහෙමම හිටියා.පස්සේ බස් එක කටුවාවල කිට්ටුව හෝල්ට් එකක නැවත්තුවා විතරයි අර කොලා බැහැලා දුවලා ළඟ තීවීල් ස්ටෑන්ඩ් එක තිබුන ත්‍රීවීල් එකකින් ඔය කියන පටිය ගලවගෙන ඇවිල්ලා අර කොන්දොස්තරව ඇදලා අරන් ගැහුවා.අපරාදේ කියන්න බෑ බස් එකෙ හිටපු කිසිම පිරිමියෙක් කතා කලේ නෑ. ගෑණු ටික තමා කොන්දොස්තරව බේර ගත්තෙ

    ReplyDelete
    Replies
    1. එහෙනම් කොණ්දා ඉල්ලගෙන කාලා තියෙන්නේ.. ශුවර් අකටම කටුවාවල ඒ කොල්ලගේ ගම වෙන්න ඇති.. ඒකනේ එතන්ට එනකම් ඉවසන් ආවේ...

      Delete
  34. හික් හික් ඔයින් ගියා ඇති....හයියෝ...දිනේශ් අයියත් ගුටි කැවා නේද?

    ReplyDelete
    Replies
    1. නෑ හලේ.. මම ගුටි කෑවේ නැතියෝ...

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්