Sunday, 15 April 2012

පිළි රූ 2

හැමෝම සතුටින් අවුරුදු සමරන්න ඇති කියල හිතනවා.. ජයග්‍රාහී හතර වෙනි  අවුරුද්දටත්, අවුරුදු දවස තවත් එක දවසක් උනා වගේම පුංචිම හරි සතුටක් නැතුව ගෙවිලා ගිය දවසක් උනා..  ජීවිතේ හැටි ඔහොම තමයි කියලා හිත හදා ගන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? 

හරි ඒවායින් වැඩක් නෑ.. පොඩි විවේකයකින් පස්සේ ආවා ගිය සතියේ උන පොරොන්දුවක් ඉටු කරන්න.. රස්තියාදු සටහනකින් ගිය සතියේ කතනියා නගරේ වගේම සිසිලි දූපතේ පිළි රූ ගැන කිවුවනේ.. අන්තිමේ පොරොන්දු උනා.. ඊට එහා මම දැක්ක තැන් වලට එක්කන් යන්නම් කියලා.. මේ ඒ චාරිකාව

ඉස්සෙල්ලම අපි යමු රෝමයට.. මට තාම රෝම් යන්න පුළුවන් උනේ එක වතාවයි.. ඒ 2010 දී.. මේ ඒ ගමනෙදි කැමරාවට අසු උන පිළි රූ..

ගොඩක් දෙනෙක් දන්නවනේ රෝමය කිවුවම ඉතින් මුලින්ම මතක් වෙන්නේ ජූලියස් සීසර්වනේ.. ඉතින් ගොඩක් වෙලාවට රෝමයේ ගොඩක් තැන් වල දකින් ලැබෙන්නේ සීසර්ගේ කාලේ හිටපු සේනාවේ අයගේ පිළි රූ තමයි..






කොහොම උනත් රෝමය කියන්නේ හොද අතීතයකට උරුම කම් කියන නගරයක් නිසා මේ යුදෙවුවන්ගේ පිළිම වලට හොද තැනක් වගේම ආරක්ශාවක් දීලා තියෙනවා.. 






ඊට අමතරව නගරයේ වට රවුම් වල මේ වගේ විසාල ජල පොකුණුත් තැනින් තැන් ඉදි වෙලා තියෙනවා..









මේ පිළිම දෙකම තිබුනේ නගරයේ එක් පාරක පිවිසුමක පාරේ දෙපැත්තට වෙන්න.. තටු දියෙන නිසා මේ දෙන්න සුර දූතිකාවන් කියලා පේනවා.. උඩ පින්තූරේ ඉන්න කෙනා කෙසේ වෙතත් පහලින් ඉන්න කෙනා ඉන්නේ කඩුවකුත් අතේ අරන්.. 


වතිකානුව ගැන හැමෝම අහලා ඇතිනේ.. පාප් වහන්නේ වැඩ ඉන්නේ වතිකානුවේ.. වතිකානුවේ ගොඩනැගිලි එක්ක ගත්තම අපි කොච්චර පුංච් මිනිස්සුද කියලා හිතෙනවා..





 මේ පිළිම තියෙන්නේ වතිකානු පල්ලිය ඇතුලේ.. සාමාන්‍ය ප්‍රමාණයේ වගේ බැලූ බැල්මට පෙනුනා උනාට මේවා මං වගේ දෙගුණයක්වත් විසාලයි.. අනිත් කාරනේ තමයි වතිකානු පල්ලිය ඇතුලේ චායාරූප කැමරාවට අර ගන්න තියෙන අපහසුව.. සමහර තැන් වලට කැමරා තහනම් උනත් එහෙම තහනම් නැති තැන් වල පවා හොද පින්තූර ගැනීම ගොඩක් අමාරුයි.. ඒ පල්ලිය ඇතුලෙම තියෙන ආලෝක තත්වයක් නිසා.. Canon D 550 කුත් Nikon D 60 කිනුත් මම උත්සාහ කලත් මට පල්ලිය ඇතුලේ තියෙන චිත්‍ර වල එක පින්තූරයක්වත් ගන්න නම් බැරි උනා..







මේක මම දන්න තරමින් හමුදා ස්මාරයකයක්.. රෝමයේ ප්‍රසිද්ධ කොලොසියම් එක ලග ඉදන් ටික දුරක් පයින් යද්දි තමයි මේක දකින්න තියෙන්නේ..  




 මේ තියෙන්නේ ඒ සම්පූර්ණ ගොඩනැගිල්ල.. එකින් එක ප්‍රතිමා වල පින්තූර දාන්න ගියොත් පින්තූර සීයක් විතර දාන්න පුළුවන් මේතනම.. මම උඩින් දාලා තියෙන අශ්වයෝ එක්ක ඉන්න සුර දූතිකාවගේ පිළිරුව තියෙන්නේ කොයි තරම් උසකින්ද කියලා ඉතින් මම කියන්න ඕන නෑනේ..




හරි රෝමයේ මං ලග දැනට තියෙන්නේ ඔච්චරයි.. අපි රෝමයෙන් යමු වැනීසියට..


ගෙවුන නත්තලේ වැනීසියේ වෙලෙන්දා හොයාගෙන මම ගිය කතාව කිවුවනේ.. ඒක මතක ඇති කියලා හිතනවා හැමෝටම..




 වැනීසියේ ගොඩ බිම් යා කරමින් හැම තැනම තියෙන පාළම් වලින් දිගින් වැඩිම පාළමේ තමයි මේ ප්‍රතිමාව තියෙන්නේ.. මේකත් මේ පේන ප්‍රමාණෙට වඩා නම් විසාලයි..




 වැනිසියේ ප්‍රමාණයෙන් විශාල ප්‍රතිමාව විදිහට මම දැක්කේ මේක.. මේකේ තේරුම මොකක්ද කියලනම් මමත් දන්නේ නෑ.. 




අංකල්ගේ කැමරාවට ඒ පිළිමේ අහු වෙලා තියෙන්නේ මේ විදිහට.. ඉන්නේ නම් දිරා ගිය මනුස්සයෙක්.. 


වැනිසීයේ ගොඩ බිමක් නැති හින්දම ප්‍රතිමා අඩුයි.. තිබුනත් ගොඩක් තැන් වල තියෙන්නේ විශාළ ප්‍රමාණයේ ඒවා නම් නෙමෙයි.. 


වැනීස් වලින් අපි යමු මිලානෝ නුවරට දැන්..


කාලය අඩු වීම නිසා මිලානෝ වල ගොඩක් දේවල් බලන්න බැරි උනා.. ලගදි දැන ගත්ත විදිහට " නොහිමි සිහින" ලියන මලයා ඉන්නෙත් මිලානෝ වල.. ඒ නිසා මලයා මේ අවුරුද්දේ උඹට කරදරයක් වෙන්න මම එන්න උනත් බැරි නෑ..








 මේ මිලානෝ වල " දූමෝ " කියන සුවිසල් පල්ලියේ කණූ වල අලංකාරයක් ගෙන එන්න මවපු ප්‍රතිමා..මේවා දැක්කම මතකෙට එන්නේ ලංකාවේ චෛත්‍යන් වටා තියෙන වාමන රූප..







මේ පින්තූර හතර ගැන කට්ටිය මොකද හිතන්නේ? මේවා ඇත්තටම කැටයම්.. ඒ උනාට ලංකාවේ කැටයම් වලට වඩානම් ගොඩක්ම වෙනස්.. අනිත් කාරණාව තමයි මේ කැටයම් තියෙන්නේ මේ පල්ලියේ ප්‍රධාව පිවිසුම් දොරේ වීම..




 මේ තියෙන්නේ මම ඒ කියපු සුවිශේෂ පිවිසුම් දොර.. මේකේ ශක්තිය ගැන කියන්න තියෙන්නේ දෙවන ලෝක යුද්දෙදී මේකට එල්ල උන මෝටාර් ප්‍රහාරෙකින් කිසිම අලාභයක් වෙලා නෑ.. වෙලා තියෙන පුංචිම අලාභය මේ කැටයම් වල උඩම් පින්තූරේ බැළුවම පෙනේවි.. 




අදට පිළි රූ ගැන මේ ඇති කියලා හිතනවා.. තව ගොඩක් තැන්වල ඒවා ගැන පින්තූර තියෙනවා වගේම ගොඩක් තැන් වලට යන්න තියෙනවා.. ඊළග රස්තියාදු වලදි නම් මේවා ගැන හොද විස්තරයක් හොයාගෙන එන්නම්.. මොකද ඉතින් ඉස්සර වගේ නෙමෙයි නේ.. දැන් ඒවා ගැන ලියනනත් ඕනනේ..


විශේෂයි : මේ අගෝස්තුවේ රස්තියාදුවට කොහේ යනවද කියලා මම හිත හිත ඉන්නේ.. රෝම් ආයෙම යන්නත් අදහසක් තියෙනවා.. තව ගමන් කීපෙකට ආරාධනා තියෙනවා.. සිහින මලයගේ දිහා යන්න උනත් පුළුවන්..


අති විශේෂයි : ඒ හැම එකකට වැඩිය ඇමරිකාවට එන්න කියලා අපේ අක්කා කෙනෙක්ගෙන් ආරාධනාවක් තියෙනවා.. ඉතාලිය වටේ කොහොම ඇවිද්දත් ඒ ගමන ගැන ඉස්සෙල්ල හිතන්න ඕන කියලත් හිතෙනවා.. මොකද හැමදාම එහෙම ආරාධනා එන්නේ නැති නිසා..

55 comments:

  1. අයියා ටෙම්ප්ලේට් එකත් වෙනස් කරලා නේ.. අම්බෝ..
    හැබැයි මට නං කලිං එක අගෙයි..
    මේක ගෙඩෙක් වටිනවා.. ආසාවෙන් කියෙවුවෙ..

    ReplyDelete
    Replies
    1. වෙනස් කලා මලයා.. වර්ණයට ඉතින් පාට දෙන්න ඕනනේ.. එතකොට තමයි සාර්ථක..

      Delete
  2. මේවා දකිනකොට මට නම් හිතට එන්නෙ මේවා හදපු අත් හිමි අය ගැන......

    ReplyDelete
    Replies
    1. ඔයාට අර මුම්ටාස් රජ්ජුරුවන්ට වගේ ඒ අත් කපන්න ඕන කියලා එහෙම නෙමෙයි නේ හිතෙන්නේ??

      Delete
  3. කවදාවත් බලන්න යන්න ඕනේ කියලා හිතිලා නැති තැන් කීපයක ලස්සන මේ විදිහට දකින්න සලස්වපු එකට ස්තුතියි....;)

    ReplyDelete
    Replies
    1. ඒ මොකද අයියේ බලන්න යන්න හිතිලා නැති තැන් කියලා කිවුවේ??

      Delete
  4. කවදමහරි දවසක බලන්න යනව...මේ හැම එකක්ම....

    අලුත් ඇඩුමක් අන්ඩල නේ.....ලත්තනයි ලත්තනයි....
    ඇටි යාන්ටන් ආයෙට් ඇවිල්ල.....^_^

    ReplyDelete
    Replies
    1. අවුරුද්දට හම්බුන ඇදුම.. ශෝයි නේද?

      හිතුවේ මම නෑවිත් ඉදිවි කියලද?

      Delete
  5. පිළි රූ කෙසේ වෙතත් ඔයා නොලියා ඉන්න ගත්තු අදහස අත්ඇරපු එක ගැන නම් සන්තෝසයි.
    හැබැයි අලුත් ටෙම්ප්ලේට් එකේ වර්ණ වැඩියි වගේ මට නම්..

    ReplyDelete
    Replies
    1. මම නොලියාම ඉන්නවා කියලා තීරණය කරලා තිබ්බේ නෑනේ නංගෝ.. පොඩි විවේකයක් විතරනේ..

      වර්ණය වර්ණවත් වෙන්න ඕනනේ.. ටික දවසක් තියලා බලමු..

      Delete
  6. මෙ වගෙ ලිපි දාන ඒක වටිනවා..අපිට දැනගන්න ගොඩක් දෙ තියනවා..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මම මේ චාරිකා ගියේ ටික කාලෙකට කලින්.. අවට සුන්දරත්වය වින්දා මිසක් ඒ දේවල් ගැන වැඩි දැනුමක් ගත්තේ නෑ.. හැබැයි ආයෙම යන තැන් වලදි මීට වඩා තොරතුරු ලියන්නම්..

      Delete
  7. මට මතක් වුනා පංචායුධ මාමා මෙ වගේ තැන්වල ගිහින් ගත්ත පොටෝ ටික. දැකල ඇති නේද ඒ ඊ-මේල් එක

    ජය !

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. මට මතකයි.. අර කඩුවකුත් අතේ තියන් හිටියේ කොලෝසියම් එක ඉස්සරහා..

      Delete
  8. මාරයි නෙහ්? මට බැරිවෙයිද... :-)

    මට නං බොග් ටයිටලේ එකේ පින්තූරෙ මල් 7යි

    ReplyDelete
    Replies
    1. බැරි වෙයිද කියලා අහුවේ පිළිමයක් තනා ගන්නද? හීන දකින වෙලේ රටට වැඩක් කලානම් පිළිමයක් හදාගන්න තිබ්බනේ..

      Delete
  9. රෝම ඉතිහාසයේ රෝම සංස්කෘතියටත් එහි කලා නිර්මානවලටත් හිමිවන්නෙ විශේෂ තැනක්.ඒකයි රෝම කලා නිර්මාණ ලෝකය පුරා ව්‍යාපත් වුනේ. මේ කළා නිර්මාණ ගැන ආයෙ මොනව ලියන්නද ඒ රෝ ඉතිහාසය ලියල තියනවා.
    ඔන්න මලේ සිසිලිය පැත්තෙ යනව හෙම නෙවේ. අර විසුවියස් ගිනි කන්ද සක්‍රිය වෙලා. ඔය පින්තූර නැතුවට කමක්නෑ ගිනි කන්දෙ ‍ෆෝටෝ ගන්න නම් හිතන්නෙපා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. රෝම කලා නිර්මාණ වල තියෙන්නේ වෙනස්ම ශෛලියක්.. ඒවා අනිත් නගර එක්ක බලද්දි වෙනස්..

      මමත් ඉන්නේ සිසිලියේ තමයි අයියේ.. එට්නා ගිණිකන්ද අපිට හොදට පේනවා.. ෆැල්ට් එකේ උඩ වහලට නැග්ගම පිටවෙන කළුදුම එහෙම හොදටම පේනවා..

      Delete
  10. ගොඩක් පිළිම දැක්කා..මල්ලිට ගොඩක් පින්..
    ලස්සන ඇඳුමක් හම්බවෙලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කු..

      මේ අවුරුද්දට හම්බුන එකක්නේ අක්කේ.. :)

      Delete
  11. ගිහිල්ල නොතිබුනත් ඉතාලිය ඇරුනම ,හොද පිළිම තියෙන රටක් තමයි ස්විට්සර්ලන්තය,අසල්වැසි රටක්නේ,ගිහිල්ල රව්මක් දාල ආවනම් වටින කියන ඡායාරුප ටිකක් හොයාගෙන එන්න පුළුවන්නේ අයියට

    ReplyDelete
    Replies
    1. මම කලින් නොකිවුවට මේ නත්තලට මම බොහෝවිට සුවිස් යන්න ඉඩ තියෙනවා.. තාම ඒක 100% ශුවර් නෑ හැබැයි.. එහේ ඉන්න මගේ යාළුවා කැමැත්ත පල කලාම තමයි ගමන යන්නේ.. :)

      Delete
  12. අපටත් පෙන්නුවට හෙණ තෑන්ක්ස්! සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා අලියෝ..

      මීට පස්සේ මාත් එක්ක රස්තියාදුවේ යන්න පුළුවන්..

      Delete
  13. ශා.. අලුත් අවුරුද්දෙ අයියා අලුත් ව්එලා.. හරිම ශෝයි!!! :D

    මාර ලස්සනයි මේ හැම ප්‍රතිමාවක්ම. අයියා රස්තියාදුවෙ ගියාට පාඩුවක් නෑ ව්ගේ.. මෙහෙම ලස්සන දේවල් බලාගන්න වාසනාවන්තයිනෙ..:D

    ReplyDelete
    Replies
    1. " අයියා රස්තියාදුවෙ ගියාට පාඩුවක් නෑ ව්ගේ.."

      මෙන්න මේ කතාව ගැන මැදිහත් සිතින් හිතන්න වෙනවා.. ඉස්සර රස්තියාදුවට බාල්දි පෙරලපු කට්ටිය මේ...

      Delete
  14. අවුරුද්දට අළුත් වෙලා තියෙන්නෙ...ඒකත් හොදයි ඈ......

    ReplyDelete
    Replies
    1. අපිට අවුරුදු ජයයිනේ... :)

      Delete
  15. හරි වටින ලිපියක් අයියා. මේ පැත්තට ආවේ නම් අද :)

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා වර්ණයට... ආයෙම එන්න කියලත් ආරධනා කරනවා..

      Delete
  16. ශා.....අවුරුද්දට අලුත් වෙනසක් එක්කම ඇවිල්ලා හරිම අපූරුයි.ඔන්න දිග නිවාඩුවකට පස්සේ ඇවිල්ලා ඉස්සෙල්ලාම ගොඩ උනේ ඔයාගේ අඩවියට. හරිම අපූරු රසවත් ලිපියක්. මගේ හිත ගොඩාක් ගත්තේ අර පල්ලියේ දොරේ කැටයම් ටික තමා.පුදුම ලස්සනක් තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ.. ඒක ෆොටො වලින් දකිනවට වඩා ලොකු සුන්දරත්වයක් තියෙනවා.. ඒ මුලු පල්ලියේම තියෙන කැටයම් චිත්‍ර බලන්න අපිට පැය 5කට වැඩිය ගියානේ..

      අපිට ගමේ ගිහින් එද්දි මුකුත් අරන් ආවේ නැද්ද ඉතින්?

      Delete
  17. ගොඩක් වටින ලිපියක් සහ පින්තූර ටිකක් අපිට ඉතින් මෙහේ ඉඳගෙන කවදා ඔය ටර තොට බලා කියාගන්ඩද මෙහෙමවත් පින්තූරයක් බලාගන්ඩ වාසනාව අපිට දුන්නට ස්තූතියි බං

    ඉතින් සුබ අලුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete
    Replies
    1. ඕක මොකද්ද සදරුවෝ.. මම මෙහේ ඉදන් ලංකාවේ ගමේ සුවද උඹේ පෝස්ට් වලින් විදින්නෙත් මේ වගේම තමයි..

      සුභ අලුත් අවුරුද්දක් මලයටත්..

      Delete
  18. ඔන්න රස්තියාදුවේ ප්‍රයෝජන.. :D
    ස්තූතියි මේ පින්තූර බෙදාගත්තට.. ඒ වගේම වටිනවා හැකි තරම් ඒ ගැන විස්තරයක් තියන එකත්.. :)

    අළුත් අවුරුද්දෙ අළුත්වෙන්න හිතුව එකනම් හොඳා ඕන්.. :)

    ReplyDelete
    Replies
    1. මටනම් මීට වඩා විස්තර කියන්න දැනගෙන හිටියනම් හොදයි කියලා හිතුනා ලිපිය අවසානයේදී.. ඊළග එකේ ඉදන් එහෙම කරනවා..

      අළුත් වීම ගැන ඉතින් ඔයාට මුකුත් නොකියා ඉන්නම මම.. :)

      Delete
  19. මේ මේ ඇමරිකාවේ ඇවිත් අපිට නොකියා ආපහු යනවා බොරු හරීද?? නොගියපු තැනකට යන එක තමා හොඳ නේද:)

    ReplyDelete
    Replies
    1. මෙන්න ඉතින් ඇමරිකාවේ චණ්ඩී.. තාම ආවෙත් නෑ.. එන්න කලින්ම තර්ජන දානවනේ..

      ඔව් අක්කේ නොගොය තැනකට තමයි යන්න ඕන.. ඒත් රෝම් මිලාන් උනත් තාම නොදැක්ක තැන් ගොඩක් තියෙනවනේ..

      Delete
  20. පට්ට පිලිරු ටික ඈ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. තව තියෙනවා..

      Delete
  21. අයියේ ටිකක් පරක්කු වුනා... පොඩි වැඩ වගයක හිරවෙලා..
    මේ අයියේ අපේ එවත් හදා ගන්න බැරි වෙයිද???

    ReplyDelete
    Replies
    1. අහ්, දැන් එන්න පරක්කු උනා කියලා කලබල වෙන්න එපා.. නිදහසේ මේ පැත්තේ ඇවිත් යන්න පුලුවන්..

      මලයගේ එකක් නේ??

      Delete
  22. ගොඩක් පිළිම මාර ලස්සනයි..ඇඳුමත් අපූරුයි.. :))

    ReplyDelete
    Replies
    1. මේ දැම්මේ හොදම ඒවා විතරයි අක්කේ.. තෝරලා බේරලා..

      Delete
  23. මටත් මේ තැන් බලන්න යන්න ආසයි... විශේෂයෙන් වැනීසියට

    ඔයාට සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. වැනීසිය නම් බලන්න යන්න ලස්සනම තැනක්.. මගෙත් ගොඩක් කාලෙක ඉදන් තිබ්බ හීනයක් තමයි ඒක..

      Delete
  24. අපිත් ඉන්නේ රට මෙලෝ දෙයක් නැහැ නේ.ජීවමාන වඳුරු විශේෂ තම තියෙන්නේ මේ අප්‍රිකාවේ.

    ලස්සන පින්තුර දිනේෂ්.ස්තුතියි අපිත් එක්ක බෙදාගත්තට.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට අප්‍රිකාවේ සංස්කෘතික දේවල් ගොඩක් තියෙනව නේද? විශේෂයෙන්ම ගෝත්‍රික වල ඇදහිලිත් එක්ක.. නරකද ඒ ගැන පොඩ්ඩක් හොයලා අපිවත් දැනුවත් කලානම්.. :)

      Delete
  25. මගේ පිලිරුවකුත් හදාගන්න හිතෙනවා මට ඈ :)

    ReplyDelete
    Replies
    1. ඔයාගේ නේ??? එක්කෝ මම මුකුත් නොකියා ඉන්නම් ඒකට.. :)

      Delete
  26. මරු පින්තුර ටික දිනේෂ් අයියේ. ඇත්තට අපේ රටෙත් හැම තැනම ඔයවගේ සුපිරි ප්‍රතිමා තව ගොඩක් හැදුවනම් ශෝක් කියල මට හිතෙනවා

    ReplyDelete
    Replies
    1. ඇයි බං මලේ.. ලංකාවේ තියෙන්නේ මීට වඩා සුපිරි ඒවා... :)

      Delete
  27. මේවා හැදුවේ කවුද කියලත් දැම්මනම් තවත් වටිනවා මලේ...ඵල !

    ReplyDelete
    Replies
    1. ලංකාවේ වගේ මේවායේ කණුව පාමුල හදපු කෙනා ගැන ලියලා නෑනේ අයියේ.. ඒක නිසා තමයි විස්තර හරියට දන්නේ නැත්තේ..

      Delete
  28. ම්ම් ලස්සන සුරංගනා කතන්දර පොතක් බැලුවා වගේ.ලස්සනට ලියලා..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්