Sunday, 1 April 2012

එහෙම වෙන්නේ ඇයි? 2

මීට සති දෙක තුනකට කලියෙන් මම මේ “ ෆෙරාරි ” ගැන වැදගත් කරුණු කීපයක් කිවුවා මතක ඇතිනේ.. ඒ උනාට ඉතින් කිවුවේ නම් වාහනේ ගැන විස්තර නම් නෙමෙයි.. ඒකේ යන එන අය ගැන.. ඒකට ඉතින් හිතුවට වඩා ප්‍රතිචාර ලැබුනා.. ඒ ගැන ගොඩක් ස්තූතියි..

මම ඉතාලියට ආපු අළුතම ඒ කියන්නේ 2008 අවුරුද්දේ අපි පදිංච් වෙලා හිටියේ මුහුද කිට්ටුව ගෙදරක.. සිසිලිය කියන්නේ ඉතින් ලංකාව වගේම දූපතක් කියලා ගොඩක් දෙනෙක් දන්නවා ඇතිනේ.. ලංකාව තරම් ලස්සන මුහුදු වෙරළක් නැති උනත් ඉතින් ඉතාලි කාරයන්ට මුහුද කිවුවම ඊට වඩා දෙයක් නෑ.. ඒත් මෙහේ මිනිස්සුන්ට ලංකාවේ අපිට වගේ හිතෙන ඕනම වෙලාවක මුහුදු වෙරළට ගිහින් ඒකේ සුන්දරත්වය විදින්න බෑ.. මොකද ඉතින් සීත කාලෙට කවුද ඕවයේ යන්නේ.. යන්න තියෙන්නේ ඉතින් සමර් එක කාලෙට තමයි..

ඉතින් ඔය කාලේ මුහුදු සුන්දරත්වය විදිමින් ඉද්දී එක්තරා විශේෂ දෙයක් මගේ නෙත ගැටුනා.. ඒ තමයි මේ මුහුදු බඩ මාර්ග වල නිතරම වාහන තද බද වගේම අනතුරු බහුලයි මේ කාලෙට.. අනතුර උන වාහන නොදැක්කත් නිතරම වගේ බිදුන හෙඩ්ලයිට් වල වීදුරු කෑලිවලින් පාරේ අඩුවක් නෑ.. හැබැයි මේ හැමදේම මැයි - සැප්තැම්බර් අතර කාල පරාසයේ තමයි වැඩිම..

ප්‍රශ්ණය :- සමර් කාලෙට මුහුදු බඩ පාර වල් වල අනතුරු වැඩි ඇයි?

අද එහෙම වෙන්නේ ඇයි කියන මාතෘකාවෙන් මම පිළිතුරු දෙන්න හදන්නේ මෙන්න මේ ප්‍රශ්ණෙට.. ඕකට ඉතින් එක කෙටිම කෙටි උත්තරයක් මෙහෙම දෙන්න පුළුවන්.. ඒ තමයි “ කාන්තාව ” මගේ ඉතින් මේ “ වර්ණයට ” ගොඩ වදින ගොඩක් අය කාන්තා පාර්ශවය නිසා දැන් මේක බලලා මාත් එක්ක යුද්ධ ප්‍රකාශ කරන්න එපා.. මම මේ කියන්නේ යුරෝපේ ඉන්න සුද්දියෝ ගැන විතරයි..


ඇත්තටම එහෙම වෙන්නේ ඇයි කියලා අපි බලමුකෝ.. සාමාන්‍යෙන් මෙහේ සමර් එකට එහෙමත් නැත්නම් රස්නේ කාලෙට උෂ්ණත්වට සෙල්සියස් අංශක 40 ට විතර නගිනවා.. ඉතින් ඔය වගේ වෙලාවට වතුරේ බැහැලා ඉන්න තියෙනවනම් ඊට වඩා දෙයක් නෑ..

ඉතින් ඔය නිසාම අඩුම ගානේ දවසට පැය 4ක් 5ක් මුහුදට වෙලා ඉන්න ඉතාලි කාරයෝ විතරක් නෙමෙයි අපි උනත් කැමතියි.. ඉතින් සිසිලියේ හැම අස්සක මුල්ලකම ඉන්න මිනිස්සු මුහුදක් හොයාගෙන යනවා.. මම ඉන්න කතානියා සයිඩ් එකේ තමයි මුහුද ගොඩක් ලස්සන වගේම වෙරළේ වැල්ල තියෙන්නේ.. අනිත් සමහර පැති වෙල වෙරළේ තියෙන්නේ ගල්.. ඉතින් මේවගේ පීනන්න හොද මුහුදු වෙරළවල් වලට මිනිස්සු එනවා වැඩියි.. ඒනිසා තමයි වැඩියෙන්ම තදබදයක් තියෙන්නේ මේ පැති වල..

එතකොට අනතුරු? අන්න ඒක තමයි වැදගත්ම.. ඔය පල්ලෙහා තියෙන පින්තූර කෑල්ල බලන්නකෝ එතකොට වැඩේ තේරුම් යාවි..


හරි හරි ඉතින්.. කට්ටිය දැන් මට බනින්නේ නැතිව සංසුන් වෙලා ඉතුරු ටිකත් අහමුකෝ..

ඔය සෙල්සියස් 40 රස්නේ නම් ලංකාවේ අපිටනම් ඒ තරම් අරුම දෙයක් නෙමෙයිනේ.. ඔය උතුර, උතුරුමැද පළාත් වලට ගියාම මේ ලගින් යන උශ්ණත්වයක්නේ තියෙන්නේ.. ඒත් මේ යුරෝපීයන්ට ඕක දරන්න අමාරු දෙයක්.. ඔය රස්නෙත් එක්ක දාඩිය දාද්දි ඇගේ ඇදුමක් පටලන් ඉන්නවයි කියන්නේ ඉතින් මුන්ට කරන්නම බැරි වැඩක්.. ඉතින් මේ අයට පහසුම ඇදුම තමා ඕක.. ඕකත් නැතුව ඉන්න පුළුවන් තැනුත් තියෙනවා.. ඒවා ගැන මේකේ ලියන්නේ නෑ..

ඉතින් මේ සුද්දියෝ විශේෂයෙන්ම මුහුදු යනවා කිවුවම ගෙදරින් එළියට බහින්නෙම ඔය ඇදුමට බැහැලා තමයි.. ඉතින් ඕක මේ අපි වගේ තරුණ අයට දෑසට ප්‍රිය දසුනක්.. ඇත්තත් ඉතින් ඕකම තමයි..

“ පිරිමියෙක් නම් ඒවා දිහා බලනවා.. එහෙම නැත්නම් ඒ මනුස්සයට වෙන මොකක් හරි ලෙඩක්..”

එහෙම කියන්නේ අපේ අයියා.. ඕක ඉතින් වයස් සීමාවක් අදාල නැතුව හැමෝටම අදාල දෙයක්.. අපේ අයියා ඔය ඉදලා හිටලා දාර්ශණිකයෙක් වෙන වෙලාවල් තියෙනවනේ.. අන්න ඒ වෙලාවට තමයි ඔහොම දේවල් කියන්නේ..

“ ඕනම මනුස්සයෙක් කෙල්ලෙක් ඉස්සරට ආවට ගනන් ගන්නේ නෑ.. බලන්නෙත් නෑ.. ඒත් ඒ කෙල්ල තමන් පහු කරන් යනවත් එක්කම වගේ හැරිලා බලන්නේ පිටිපස්ස.. ඕක ඕනම ඉතාලි කාරයෙක් කරනවා.. මම ඕනම ඔට්ටුවක් අල්ලනවා..”

තව දුරටත් අපේ අයියා එයාගේ තර්ක ගේන්නේ එහෙම.. ඔය කතාව මාත් පිළිගන්නවා.. වෙන අයට වඩ කෑපී පේන ලස්සනක් තියෙන කෙනෙක් ඔහොම ඇදන් පාරේ අවිදන් එද්දි නොබලන කෙනෙක් නෑ.. ඒත් පයින් යන අයට වඩා වාහන වල යන අයත් ඔය දේ ගැන උනන්දුවෙන් තමයි යන්නේ.. වාහන වල යන අයනම් තමන්ගේ සයිට් කණ්නාඩියෙන් ඒ පහුවෙන අය දිහා බලන්න අමතක කරන්නේ නෑ වගේම් බයිසිකල් වල යන මේ අපි වගේ අය සයිට් කණ්නාඩියෙන් බලනවට වඩා කරන්නේ ඉතින් හැරිලා බලන එක..

අන්න ඒ හේතුව නිසා තමයි පාරේ අනතුරු වැඩි වෙන්නේ.. ඒ වගේ වෙලාවට තමන් වාහනයක් එලවන ගමන් ඉන්න්නේ කියන එක ගොඩක් දෙනෙක්ට අමතක වෙනවා.. ඉස්සරහින් තියෙන වාහනේ හප්පගෙන තමයි ඒ වෙලාවට පස්සෙන් එන වාහනය හරි බයිසිකලය හරි නතර වෙන්නේ..

දැන් තේරෙනවා නේද එහෙම වෙන්නේ ඇයි කියලා.. වාහනයක් එලවන් යද්දි හොද මනසකින් එලවන්න ඕන.. ඒත් අවට පරිසරයේ සිද්ද වෙන දේවල් එක්ක දේ නොවෙද්දි මෙහෙම දේවල් වෙන එක සාමාන්‍යයි.. හැබැයි මේක වෙන්නේ පිරිමින්ට විතරක්ම නෙමෙයි..  ඔය හොද සික්ස් පැක් හදාගෙන ඇවිදන් එන කොල්ලෙක් දැක්කම වාහන හප්ප ගන්න කාන්තා පාර්ශවයත් ඉන්නවා..

වාසනාවකට හෝ අවාසනාවකට අපි ඒ කලින් හිටපු ගෙවල් මාරු කරලා වෙන තැනකට ආවා.. ඉස්සර බැල්කනියට ගියාම පේන දේවල් දැන් පේන්නේ නෑ වගේම දැන් මම යන එන පාරවල් වලේ මේ අනතුරු දායක තත්වයන් නෑ.. ඒත් මුහුද හත්ගවුවක් තියාගෙන අඹුඩ ගහගෙන යන අයත් නැතුව නෙමෙයි..

අවවාදය :- මුහුදු බඩ මාර්ග වල ගමන් කරද්දි මේ වගේ ඇතිවන හදිසි තත්වයන්ට මුහුණ දීමට සූදානමින් ඉන්න.. නැත්නම් අවසාන ප්‍රතිඵලය අනතුරක් විය හැක..

ලංකාවට උනත් ඉතින් සංචාරකයෝ එන නිසා මේ තත්වයන් සුළුවෙන් හරි තියෙන්න බැරි කමකුත් නෑ.. ඔය ගැන ඉතින් හොදින්ම දන්න කෙනෙක් තමයි මහාචාර්‍ය මාතලන් මහතා.. එතුමා ඉතින් නිතරම මේ සංචාරකයෝ එක්කනේ ඉන්නේ.. ඒනිසා මේ ගැන එතුමා වැඩි යමක් කියාවි කියලා හිතනවා..

හරි අද එහෙනම් අපි මේ දැවෙන ප්‍රශ්ණ් ගැන කතා කරලා ඉවරයි.. තව දේවල් තියෙනවා.. ඊළග මාතෘකාව ගැන ඊලග මාසයේදි කියන්නම්.. එතකන් අර උඩින් කියපු අවවාදය තරයේ මතක තියා ගන්න..


ප.ලි :- මේක 18+ අසභ්‍ය ලිපියක් නෙමෙයි කියලා හිතනවා.. මේක මේ නිතර දෙවේලේ දකින්න තියෙන දෙයක්..

ප.ප.ලි :- ගුරුන්ටත් අකුරු වරදී කියලා පැරණි කියමනක්ද ඇත... :D
  




61 comments:

  1. ඉතාලියෙ විතරක් නෙවේ ලංකාවෙත් වාහන හප්ප ගන්නව ඕන තරම් අපේ අයියලා ඔය හේතුව නිසා.........:D:D

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් ඔන්න අපි දන්නේ නෑලු... :)

      Delete
    2. මගෙ අප්පේ බලන්ටම ඒවා.. :))

      Delete
    3. හැහ්..පේන්න උන්නොත් එහෙම අහක බලා ගනීවි...පව්ව්ව්ව්...

      Delete
    4. බලන්න ලැබෙන වෙලාවට ඉතින් කවුද නොබලා ඉන්නේ..

      Delete
    5. කිරිල්ලියක් උඩින් ගියත් අපි උඩ බලනවා මොනාද පේන්නේ කියලා..

      හිකිස්..

      සුදාගෙ කොක පේන්නේ ඉගිල්ලෙනකොටලු !

      Delete
  2. කෝ අර පින්තූරෙ..මම කතාව මැදින් නවත්තල පින්තූරෙ බලල යන්න ආවා.. :O

    ReplyDelete
    Replies
    1. මොන පින්තූරෙද අක්කේ??

      Delete
    2. අහ්..සොරි සොරි කලින් මම ලිපියෙ බාගයයිද කොහෙද කියවල තියෙන්නෙ..ඒකෙ තිබුනනෙ අන්තිමට දාල තියෙන ෆොටො එක බලන්න කියල..ඉතින් මම ඇවිත් බලද්දි තිබුනෙ නෑ ..දැන් නම් තියෙනවා..

      Delete
    3. ආ ඔව් ඔව් අක්කේ.. මම ඒ ෆොටො එක පස්සේ දැම්මේ.. ඉස්සෙල්ලා අමතක උනා.. අක්කා මම පෝස්ට් එක දාලා හැරෙද්දිම වගේ ඇවිත් කියවලානේ..

      Delete
  3. ෂික් මට එන්න නෑනෙ ඔය පැත්තෙ...බිකිනි ටිකක් බලලා යන්න ආසාවෙ බෑ... ලොල්

    ReplyDelete
    Replies
    1. පිස්සුද රජෝ?? මැරෙන්නද කල්පනාව ඕවා බලන්න ගිහින්.. :)

      Delete
  4. අනේ මන්දා මල්ලි ශරීර කූඩුව රෙපෙයාර් නොකරගෙන හිටියොත් නම් ඇති...මොකද නැත්නම් අපිට බ්ලොගේ කියවන්න වෙන්නෑනෙ...
    අපේ බොසුත් මේ ගැන දවසක් කතාවක් කිව්වා..ඒ ගැනත් ලියන්නෝනැ දවසක..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අක්කේ මම බයිසිකලේ නතර උන වෙලාවට තමයි බලන්නේ.. අර බලු රාලගේ කවියේ වගේ.. :)

      ලියන්න ලියන්න අක්කේ.. ඒ කියන්නේ මම ලියපු දේ කොයි රටටත් පොදුයි වගේ..

      Delete
  5. බයික් වල යද්දි කරදරයක් නැහැ ඔක්කොම හොදට පේනවා අපිට. :)

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ලංකාවෙදි මෙහේ තරම් දේවල් පේන්නේ නෑනේ.. ඒ නිසා කරදරයක් වෙන එකක් නෑ.. :)

      Delete
    2. ඔව් බං.. වැදගත් දෙයක් කලාතුරකින් පේන්නේ

      Delete
  6. හොද වෙලවට අපි ඉන්න පැත්තට ඔය සින් එක නැත්තෙ මමත් කාර් එකක් ගත්තෙ ලගදි

    ReplyDelete
    Replies
    1. එහෙනම් (අ)වාසනාව.. කොහොම උනත් පරිස්සමින් වාහන එලවන්න..

      Delete
  7. //බයිසිකල් වල යන මේ අපි වගේ අය සයිට් කණ්නාඩියෙන් බලනවට වඩා කරන්නේ ඉතින් හැරිලා බලන එක..//

    හෆ්ෆොච්චියේ!!! වෙලාවට දිනේශ් අයියාගෙ වාසනාවකට තමා ගෙවල් මාරු කරන්න වෙන්න ඇත්තෙ.. නැත්තම් ඉතිං අයියාටත් වෙන්නෙ අතක් පයක් කඩාගෙන ඉන්න තමා. සුද්දියෝ බලන්න ගිහින්... හික්ස්ස්.. ඒකෙත් හැටි නේද?

    ReplyDelete
    Replies
    1. ගෙවල් මාරු කලා කියලා නෑ ඉතින් පාරේ යද්දි ඕන තරම් පේනවා.. ඒ වෙලාවට ඉතින් බැලෙනවා.. මොනා කරන්නද ඉතින්..

      Delete
  8. ඔය මුහුදු අයිනේ ගෙවල් වල බයිනෝ එකක් වරදින්නේ නෑ බන්න්,,උබටත් එහෙම එකක් තිබුනද?

    ReplyDelete
    Replies
    1. තියෙනවා තියෙනවා.. ඒකේ වටිකම ඉතින් දන්නේ අපිනේ.. :)

      Delete
  9. හිකිස්‌ කාන්තාවන්ටමනේ බනින්නේ දැන් හැමෝම :/

    ReplyDelete
    Replies
    1. ඕකනේ ඉතින් කියන්නේ.. මම මෙතන එහෙම දෙයක් කිවුවේ නෑනේ..

      Delete
  10. "දකින දසුනේ දෙනෙත ඇඳුනේ සොඳුරු ඔබෙ රුව වේ" ජෝති ඉස්සරකාලෙ කිව්වෙ ඒක තමයි.

    ReplyDelete
    Replies
    1. "මේ දෑස මගේ පිංවන්තයි.." එහෙම කිවුවෙත් ජෝතිපාල මහත්තයාමයි..

      Delete
  11. අර ප.ප.ලි. ය කියවද්දි හිතුනෙ . . . ඇත්තටම මල්ලි උඹ කොහෙද ගිහිං ඇනගත්තෙ ???

    ReplyDelete
    Replies
    1. ඇන්ඩ අයිය පොයින්ට් එක අල්ල ගත්ත....

      Delete
    2. ඕනයා : දෙපාරක්ම ඇන ගන්න ගිහින් බේරුනා අයියේ..

      Delete
    3. පිසාචයා : ඒකනේ බං.. ඕක තේරුනේ ඕනයාටම විතරනේ..

      Delete
  12. බැලුවට කමන් නෑ ඇනගන් නැතුව

    ReplyDelete
    Replies
    1. බැලුවොත් නම් අනිවාර්යෙන් ඇනෙනවා මලයෝ..

      Delete
  13. හහ්හ්හ්.හහ්හ්හ්....මරු මරු

    ReplyDelete
    Replies
    1. අපිම ඉන්න ඕන ඉතින් මේවා කියන්න..

      Delete
  14. වෙලාවට හම පිච්චෙනවට ඒ අය කැමති.අපි කොහොමත් කලු නිසා තවත් අවුවෙ ගියොත් කට්ට කලු වෙයි. :)

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. කලු වෙයි කියලා අපි ඒ දේ නොකලට ඒක ශරීරෙට හොදයි කියන්නේ..

      Delete
  15. උණවටුනෙ ගියා නම් සුද්දියොන්ගෙ හොඳ හොඳ සමර් ඇඳුම් බලාගන්න පුලුවන්.........:D

    ReplyDelete
    Replies
    1. පිස්සා ඉන්නෙත් ඒ සයිඩ් එකේද?? :)

      Delete
  16. ඇස් දෙකක් දීලා තියෙන්නේ බලන්න නැතුව බත් කන්නය... මමත් වාහනේ හප්පගෙන තියෙනවා පස්සවල් බලන්න ගිහින්..

    ReplyDelete
    Replies
    1. මම ඒකනේ කිවුවේ මාතලන්ට මේ ගැන අත්දැකීම් හොදට ඇති කියලා.. ඇත්ත පේන දේ අපි බැලුවම මොකද වෙන්නේ??

      Delete
  17. ඔන්න මම නම් මේක කියෙව්වේ නැතෝ!

    ReplyDelete
    Replies
    1. හෙහ්.. ඔක්කොම නැතත් අර අවවාදය ටිකවත් කියවන්නකෝ.. :)

      Delete
  18. මම අර කලිං දවසක කමෙන්ට් එකකිං මේ ගැන කියල තිබ්බ මතකයි!

    මුකුත් නැතුවම ඉන්න තනුත් තියනවද අප්ප? :O

    ReplyDelete
    Replies
    1. තිබේ තිබේ.. එවුව ගැන මේවයේ කියන්න බෑ.. :)

      Delete
  19. බලාගෙන යනකොට මොකක් හරි අවුලක් වෙන හැම තැනටම අසරන අහිංසක කාන්තාවක් සම්භන්ධයිනේ මේකනම් හරිම අසාදාරණයි අප්පා. හි හි මේක කියවනකොට මට මතක් වුනේ මේ ළඟදී දවසක මමයි මහත්තයයි කලුතර බෝධිය වදින්න ගියා එන ගමන් කැලිඩෝ බීච් එකට යන්නත් අමතක කලේ නෑ.බීච් එකට යන පාරේ මෙ ඖඩ රූපේ වගේ ඇදගෙන උඩින් පොඩි රෙදි කෑල්ලක් විතරක් ගැට ගහගත්ත සුදු ලඳුන් තුන් හතර දෙනෙක් ඒ පාරේ සාප්පුවක් ලඟ හිටියා වාහනේ ඩ්‍රයිව් කරන ගමන් මහත්තයා පොඩි විසිල් එකකුත් ගහලා මට ඇහෙන්න ඒ පැත්ත බැලුවා ඉස්සරහ පාරේ බම්ප් එකක් තිබිලා වාහනේ ඒක උඩින් ගිය පාරට ඒ සුද්දියෝ ටිකත් අපි දිහා බැලුවා.මට හිනා හොදටම පේනවනේ මිනිස්සුන්ගේ තරම මම ඔහොම මහත්තයට කිව්වම එයා මට කිව්වෙත් අර ඔයාගේ අයියා කියන දේම තමා

    ReplyDelete
    Replies
    1. මීට පස්සේ එහෙම අය දකිද්දි අක්කා අයියව වෙන කතාවකට අල්ල ගන්න.. එතකොට ඔය අවට සළකුණු පේන එකක් නෑ..

      Delete
  20. හි හි හොඳ වෙලාවට මෙහෙ නම් මුහුදක් පැත්ත පලාතක නෑ. :)

    ReplyDelete
    Replies
    1. හයියෝ.. අපරාදෙනේ.. :)

      Delete
  21. මමනම් ඒවගේ දේවල් දැක්කම අහක බලාගන්නවා අපි ලැජ්ජ බයට හැදිච්ච කොල්ලෝ.

    ReplyDelete
    Replies
    1. හොඳම වැඩේ....ලස්සන කෙල්ලොදිහා බලන්න යනවට......

      Delete
    2. අසරණයගේ ලැජ්ජ බය.. එක්කෝ ඒ ගැන් කියන්න ඕන නෑ..

      Delete
  22. හිකිස්...ඉතාලිය පැත්තෙ වත් යන්න තිබුනනම්...

    ReplyDelete
    Replies
    1. එන්න එන්න.. හැබැයි මේවා හැමදාම නෑ.. හැම තැනම නෑ..

      Delete
  23. අනිවා බ්‍රේක් එක වෙනුවට පෑගෙන්නේ ඇක්සිලේටරේ ඕවා දැක්කම....

    ReplyDelete
    Replies
    1. මේ මොනවා අහනවද? අපිත් ඉතින් මිනිස්සුනේ.. :)

      Delete
  24. දිනේෂ්ගෙ බ්ලෝග් එකද මේ... දැන්නෙ දන්නෙ

    ReplyDelete
    Replies
    1. ඔව් බුද්ධි අයියේ.. වර්ණ ලියන්නේ මම..

      Delete
  25. මේ ඒක නෙමෙයි, මම නිවාඩු වෙලාවක ඒ පැත්තේ එන්න ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. වරෙන් වරෙන්.. හැබැයි සමර් කාලෙට වරෙන්.. නැත්නම් වැඩක් නෑ..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්