Tuesday, 13 March 2012

ෆෙරාරි ( ferrari )

ලෝක සිතියමේ ඉතාලිය තියෙන්නේ කොහේදවත් ඉතාලි භාශාව ගැනවත් නොදන්න මේ ලෝකේ ඉන්න ඕනම කෙනෙක් දන්න එකම එක වචනයක් තමයිෆෙරාරිකියන්නේ.. මේ නම අහපු ගමන් ඉතින් මතකයට එන්නේ ලෝකයේ තියෙන සුපිරිම වාහනය.. වගේම තමයි ඉතින් සුපිරිම පැලැන්තියේ අය තමයි මේ වාහනය පාවිච්චි කරන්නෙත්.. ලංකාවටම තියෙන්නේ එකයිනේ..

ඉතින් ෆිල්ම් වලින්, පින්තූර වලින් විතරක් දැකලා තියෙන මේ රතු අස්සයා දැක ගැනීමේ ආසාවක් මටත් තිබ්බා.. වාසනාවට වගේ ඉතාලි ආපු නිසා ආසාවත් ඉශ්ඨ උනා ඉතාලියට අඩිය තියපු ගමන්ම වගේ.. එයාර්පෝට් එකේ කාර් පාක් එකේ තිබුන ෆෙරාරිය දිහා මම බලාගෙන හිටියේ කට ඇරගෙන.. මගේ ඔළුවට පාරක් ගහලා අයියා කිවුවේඕක විතරක් නෙමෙයි තියෙන්නේ තව තියෙනවාකියලා.. කිවුවත් වගේම රතු, කහ, කළු ෆෙරාරි මේ ගෙවුන අවුරුදු හතරට මම ඕන තරම් දැකලා තියෙනවා.. අඩුම ගානේ පාරෙදි දවසට එකක් වත් දකිනවා.. 





ඉතින් ඔහොම ඉන්න අතරේ දවසක කතානියා වල ෆෙරාරි කාර්ම විතරක් යන පෙරඩ් එකක් තිබුනා.. ඉතින් ඕක නොබලා ඉන්න තරම් මොඩයෝ නෙමෙයි නේ අපි.. වැඩ පාඩු කරන් ගියා ඕක බලන්න.. කාලේ ආපු මොඩල් එකේ ඉදන් අළුත්ම ෆෙරාරි කාර් එක වෙනකම් ඒකේ තිබුනා.. ඉතින් පාරට වෙලා ඕක දිහා බලන් ඉදලා කාර් හැටක් විතර අපි පහුකරන් ගියයින් පස්සේ එකම එක ප්‍රශ්යක් ආවා මගේ හිතට..

මොකෝ අයියේ මේවා ඔක්කොම වයසක මිනිස්සුම එලවන්නේ?”

ඇත්තටම එදා ඉදන් අද වෙනකන් මම දැක්ක එකම ෆෙරාරියක් වත් වයස අවුරුදු හතලිහට අඩු කෙනෙක් පදවගෙන ගිහින් නෑ.. ඔක්කොම හිටියේ කොණ්ඩේ ඉදිච්ච වයසක කට්ටිය.. හැබැයි වයසක කෙනා ලගින් හැම වෙලේම වාඩි වෙලා හිටියේ හොද ලස්සන තරුණ කෙල්ලෙක්.. පෙම්වතියක් කියලා හිතාගන්න පුළුවන් ඔවුන් යන ඉරියවුවෙන්ම.. ඇත්තටම එහෙම වෙන්නේ ඇයි?? මේ කියන්න යන්නේ ගැන..

කාලයක් තිස්සේ හිතට වද දුන්න ප්‍රශ්ණයක් තමයි ඇයි මෙහෙම වෙන්නේ කියන එක.. ඕකට උත්තරයක් අපේ අයියවත් දැනගෙන හිටියේ නෑ.. තාත්තගෙන් ඕවා අහන්න බෑ.. අංකල් ඊට වැඩිය අප්සට්.. ඉතින් අයියයි මමයි කල්පනා කලා මේ ගැන පොඩි සමීක්ශණයක් කරලා බලන්න.. ෆෙරාරියක් පාරේ තිබ්බොත් අපිට වැඩට යන්න කොච්චර පරක්කු උනත් අපි ටිකක් වෙලා නැවතිලා බලනවා කවුද මේකේ අයිති කාරයා කියන එක.. ඒත් අපිට කවදාවත්ම කොල්ලෙක් ෆෙරාරියක් පදවනවා දකින්න ලැබුනේ නෑ..

මේ ගැන ඉතින් දැන ගන්නවනම් කතා කරන්න වටිනම මිනිහා තමයි අපේ බොසා.. ඒත් ඉතින් එකපාරම ඕකගෙන් අහන්න පුළුවන්ද ඇයි නාකි එවුන්ම මේවා එලවන්නේ කියලා.. ඉතින් ඕකත් හිතේ තියන් අපේ ලොක්කා එක්ක වාහනේ යන දවසක ඊතලයක වේගයෙන් ෆෙරාරියක් ගියා අපිව පහු කරගෙන.. මට අහන්න ඕන දේ අහන්න ඕන මගක් පෑදුනා.. ඉතින් වාහනේ ගැන විස්තර අහන ගමන් මම ගැන ඇහුවා..

මොකද දොත්තෝරේ ගොඩක් වෙලාවට වයසක අයම ෆෙරාරි එලවන්නේ?”

අරූ මන් දිහා බලලා කුප්ප හිනාවක් දැම්මා..

උඹට මොකෝ මේ හදිස්සියේ එහෙම දෙයක් හිතුනේ..?”

නෑ දොත්තෝරේ මම නිකන් ඇහුවේ..”

මෙහෙමයි.. උඹ දන්නවද ෆෙරාරියක ගාන?”

නෑ දොත්තෝරේ..”

සාමාන්යෙන් ෆෙරාරියක් දැන්නම් $225,325 විතර වෙනවා.. එක එක මොඩල් එකේ හැටියට ගනන් වෙනස් වෙනවා.. යූරෝ වලින් නම් ගාන ඔයිට වෙනස්.. ඉතින් අපේ බොසා මට ගනන් හිලව් තේරුම් කරලා දුන්නා..

මෙහෙම හිතපන් දිනේශ්.. සාමන්‍ය පඩියකට වැඩ කරන මනුස්සයෙකුට නම් කවදාවත්ම ඕකක් ගන්න බෑ.. ඒක තමයි ඇත්ත.. පරම්පරාවෙන් සල්ලි කාරයෝ උන එවුන්ට ඇරුනම ඕකක් ගන්න පුළුවන් වෙන්නේ ලොකු බිස්නස් කරන මිනිහෙකුට විතරයි.. අපි මෙහෙම නිකමට හිතමු.. අවුරුදු විස්සකින් මිනිහෙක් බිස්නස් එකක් පටන් ගන්නවා.. ඔය බිස්නස් එක හොද තැනකට ගේන්න අඩුම ගානේ අවුරුදු දහයක්වත් යනවා.. ඊට පස්සේ තමන්ගේ කියලා හොද ගෙයක් දොරන් හදාගෙන කසාදයක් බැදලා තව අවුරුදු දහයක් විතර යද්දි මේ ලෝකෙ විදින්න පුළුවන් හැම පහසුකමක්ම මිනිහා විදිනවා.. ඊට පස්සේ තමයි මිනිහට හිතෙන්නේ තව මට ඉතුරු ෆෙරාරියක් ගන්න විතරයි නේද කියලා.. ඉතින්  එහෙම හිතිලා අර මනුස්සයා ෆෙරාරියක් ගන්නකොට අඩුම ගානේ වයස අවුරුදු පනහට කිට්ටු වෙනවා..”

හ්ම්ම්ම.. ඒකත් ඇත්ත තමයි..”

හැබැයි ඕක වෙනස් වෙන්නේ පරම්පාරවෙන් සල්ලි කාරයො ලගදියි හොද ජනප්‍රිය නළුවෝ එතකොට ගායකයෝ වගේ අය ලගදි විතටරයි.. උන්ට ඕන තරම් සල්ලි තියෙනවා.. උඹට දැන් තේරුණාද?”

ඔව් දොත්තෝරේ.. තේරුනා.. ඉතින් උඹත් එකක් ගන්නේ නැද්ද?”

මම ෆෙරාරි ගන්න.. උඹට පිස්සුද? අපරාදේ බං සල්ලි.. ෆෙරාරියක් ගත්තත් වෙන එකක් ගත්තත් වාහනේ වාහනේමනේ..”

ෆෙරාරි දෙකක් විතර ගන්න සල්ලි තිබුනත් මුගේ පෙරේත කමට එහෙම අරගන්නේ නෑ.. එහෙම අරගත්තනම් මේ මට අඩුම තරමේ ඕකේ වාඩි වෙන්න හරි වාසනාව ලැබෙනවනේ.. කොහේද? මම ඉතින් ඌට හිතින් බැන්නට මට දැන ගන්න ඕන කරලා තිබ්බ දේ මම දැන ගත්තා.. වාහනේ මිල ගනන්  වල හැටියටත් මෙහේ ආදායම් හැටියටත් මේ ෆෙරාරියක් ගන්න ඔච්චර කාලයක් යන එක සාදාරණයි..

පළවෙනි ප්‍රශ්ණේ විසදුනාට දෙවෙනි ප්‍රශ්ණේ තාම විසදුනේ නෑ.. ඇයි හැම තිස්සේම හොද ලස්සන තරුණ කෙල්ලෙක් අර නාකියා සෙට් කර ගන්නේ.. උත්තරේ නම් සරළයි.. සල්ලි.. ඒත් ඉතින් ඒක අර z ළකුණ හොයනවා වගේ  එහෙම මෙහෙම  කියලා බෑනේ.. 



ඕක දැනගන්න ඉතින් හොදම කෙනා තමයි අපේ ෆාමසියේ ඉන්න ලස්සන දොස්තර නෝනා.. එයත් ඉතින් වෙසක් කූඩුව වගේ තමයි.. මගෙත් එක්කනම් මරම ෆිට්.. මගේ මුහුණු පොතෙත් ඉන්නවා.. මෙයත් ඉතින් living together කෙනෙක් තමයි.. දැන් අවුරුදු 7ක් එහෙමයි කියලා මාත් එක්ක මේ ලගදි කිවුවා.. දැං ඉතින් බැන්දයි නැහැයි කියලා මහ වෙනසක් තියෙනවයි.. මට එහෙම කියන  හිතුනත් නොකියා හිටියා..

අපේ ෆාමසියේ රෙගියුලර් කස්රමර් කෙනෙක් ( කියන්නේ ලෙඩෙක්.. නැත්නම් ෆාමසියක රෙගියුලර් කස්ටමර් කෙනෙක් වෙන්නේ නෑනේ ) ඉන්නවා ෆෙරාරියක් තියෙන ලොකු සල්ලි කාරයෙක්.. පොරටත් වයස අවුරුදු පනහා පැනලා.. ඉතින් මේ වයසක මනුස්සයා ෆාමසියට ආවම අනිත් අයට වැඩිය විශේෂත්වයක් දීලා සලකන්න මේ දොස්තර නෝනා අමතක කරන්නේ නෑ.. වයස උනත් එළියේ නවත්තලා තියෙන ෆෙරාරියනේ වටින්නේ.. ඉතින් දැන් දැන් මේකා ෆාමසියට එද්දි අනිත් උන් මෙයා වෙන වැඩක හිටියත් අඩගහලා එයාගේ බෙහෙත් ටික ලෑස්ති කරන්න කියන්න අමතක කරන්නේ නෑ..

කොහොමහරි දවසක ඔය වයසක පොර ෆාමසියට ඇවිත් ගිය වෙලාවක මම මෙයා එක්ක පොඩි චැටක් දා ගත්තා.. දොස්තරට ඉතාලියෙන් දොත්තෝරේ කියනවා වගේ දොස්තර නෝනාලට කියන්නේ දොත්තොරෙස්සා කියලා.. ඉතින් කතා බහ යන අතරේ මම මට ඕන දේ අහගත්තා..

“ෆෙරාරියක ඉස්සරහා නැගල යන්න තියෙන එක තරම් ආඩම්බර වෙන්න වෙන තියෙනවද.. ඉතින් එහෙම චාන්ස් එකක් එද්දි වයස ගැන හිත හිත ඉන්න එක මෝඩ කමක්.. මොකද කෙල්ලෙක්ට ජීවිතේට ෆෙරාරියක් නම් ගන්න වෙන්නේ නෑ..”

ඔන්න ඕක තමයි මට එයාගෙන් ලැබුන උත්තරේ.. ඉතින් ඔය කරුණු කාරණා හොදින් අද්‍යනය කරලා අපේ අයියයි මමයි එක නිගමනයකට ආවා..  ඒ තමයි,

ෆෙරාරියක් නම් නාකියෙක්.. නාකියෙක් නම් ලස්සන කෙල්ලෙක්..




හැබැයි මෙන්න මේ නිගමනය අදාල වෙන්නේ ෆෙරාරි වලටම විතරක් නෙමෙයි.. ලැම්බෝගිණි, පෝර්ශි, වගේ තවත් සුපිරි වාහන වලට මේ නිගමනය අදාලයි.. ඒ කියන්නේ දැම්ම ඉදන් මේ වගේ සුපිරි වාහනයක් ගන්න සිහින දැකලා ඒ හීනේ අවුරුදු පනහෙන් විතර සාර්ථක කර ගත්තට පාඩු නෑ..

ප.ලි - මේක මම “ එහෙම වෙන්නේ ඇයි?” කියලා කාණ්ඩයෙන් ටැග් කලේ මේ වගේම සෑහෙන බොන්න ඕන ප්‍රශ්ණ වගයක් ගැන මමයි අපේ අයියයි හොයාගත්ත විසදුම් තියෙනවා කියන්න.. හබැයි ඔය නම නම් උස්ස ගත්තේ “සබිත්” ගේ බ්ලොග් එකෙන්.. යාළුවා මට නඩු දාන එකක් නෑ කියලා හිතනවා..

ප.ප.ලි - ඔය ෆෙරාරි කාර් වලට රතු පාට ලැබුන හැටි ගැනත් කතාවක් තියෙනවා.. සමහරු දන්නවත් ඇති.. ඒ ගැනත් මම පස්සේ වෙලාවක ලියන්නම්..

118 comments:

  1. ෆෙරාරියක් නම් නාකියෙක්.. නාකියෙක් නම් ලස්සන කෙල්ලෙක්..
    හැබැයි මෙන්න මේ නිගමනය අදාල වෙන්නේ ෆෙරාරි වලටම විතරක් නෙමෙයි.. ලැම්බෝගිණි, පෝර්ශි, වගේ තවත් සුපිරි වාහන වලට මේ නිගමනය අදාලයි..

    මගෙ UFO එකට චෑන්ස් එකක් නෑ වගේද ?

    ReplyDelete
    Replies
    1. ලියද්දිම මට ඔබතුමාගේ UFO එක මතක් උනා.. සදහනක් නොකලේ ඔබා මාමා තරහා වෙයි කියලා.. ඔබා මාමා ඉන්නේ ඔස්ට්‍රේලියාවේ නිසා චෑන්ස් එකක් නැති වෙන එකක් නෑ..

      Delete
  2. හප්පා ෆෙරාරි...
    ෆෙරාරි වලට රතුපාට වැටුනෙ,හොඳ ඇපල් කන්නෙම පනුවෝ නිසාද?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. එහෙම සීන් එකක් නෙමෙයි.. මම ඒ ගැන පෝස්ට් එකක් දාන්නම්..

      Delete
  3. හප්පොච්චියේ..... එහෙනම් මගේ ferrari දෙකකුයි, lamborghini දෙකකුයි ගන්න තිබ්බ හීනේ බොඳවෙයි වගේ දෙය්යනේ ...!!!!!! :(

    ReplyDelete
    Replies
    1. දෙක දෙක ගන්න ගියොත් නම් මචෝ කොහොමත් ගන්න වෙන්නේ නෑ.. නරකද එකක් ගැන හිතුවොත්..

      Delete
  4. මගේ හීනයක් බොද වුනා මේක කියෙව්වම, ෆෙරාරියට මම කොව්වර ආසද කිව්වොත් PC එකේ theme එකත් ෆෙරාරි.

    ReplyDelete
    Replies
    1. හීන බොද කර ගන්න එපා.. වයසට ගිහින් අරගත්තා උනත් ලැබෙන ප්‍රතිලාභ පේනවනේ.. ඒ නිසා උත්සාහය අත් ඇරගන්න එපා..

      Delete
  5. ආහ් ෆෙරාරි කියන වචනේ තේරුම මොකක්ද?

    ReplyDelete
    Replies
    1. ෆෙරාරි කියන්නේ මේ වාහනයේ නිර්මාතෘගේ වාසගම..

      Delete
    2. Enzo Ferrari, මේ වාහනයේ නිර්මාතෘගේ නම
      ෆෙරාරි මොඩල් එකකුත් තියෙනවා enzo කියලා.

      Delete
  6. නියම ලිපිය. බටහිර රටවල පොඩි කෙල්ලන්ගේ සුව විඳින්නේ 50 පැනපු අය. කෙල්ලොත් කැමති උන්ට. හේතුව උඹ ලියලා තියෙනවනේ. මම උඹට ඊයක් විද්දා තවම නෝ රිප්ලයි.

    ReplyDelete
    Replies
    1. gmail එකට ඊයක් ඇවිත් නෑනේ මාතලන් අයියේ..

      Delete
    2. සල්ලි තමයි මාතලන් අයියේ.. මේ අපි වගේ අයට එච්චර වියදම් කරන්න සල්ලි නෑ කියලා කෙල්ලෝ දන්නවා..

      Delete
  7. ෆෙරාරි! ලස්සන කෙල්ලෙක් අවුරුදු 50දිත් ලැබෙනවා නම් ඒක නියම ආයෝජනයක්!

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ.. කොච්චර ප්‍රතිලාභයක්ද ඒකම...

      Delete
  8. මේ ලෝකේ ඉන්න ඕනම කෙනෙක් දන්න එකම එක වචනයක් තමයි “ ෆෙරාරි ”
    බොරුවක් නොව මේ කියන්නේ ඇත්තම ඇත්තයි.මේ නම මම ඇහුවේ අදමයි මල්ලෝ.....

    ReplyDelete
    Replies
    1. මම ඒ පටන් ගනිද්දිම එහෙම කිවුවට නොදන්න අය උනත් ඉන්න පුළුවන්.. මම ෆෙරාරි කාර් ගැන ඉස්සෙලාම දැන ගත්තේ වීඩියෝ ගේම් වලින්..

      Delete
  9. පොඩි ප්‍රශ්න දෙකක් තියෙනෝ...
    1. සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද අයිය අමද්‍යප නම්??
    2. ලංකාවේ එකම ෆෙරාරි එක කාටද තියෙන්නේ? මම නම් දන්නෙ නැතෝ..

    ReplyDelete
    Replies
    1. ඇයි අපේ අරවින්දටනේ..අර අයිෆා එකටත් ගියේ එකෙනේ.. මටනම් හිතෙන්නේ එකකට වඩා ඇතිම කියලා මට හීනෙන් වගේ මතකයි මේ ලගදිත් ෆෙරාරියක් ගොඩ බැස්සා වගේ..

      Delete
    2. අරවින්ද ද සිල්වා ට

      Delete
    3. ශානි නංගිටත් තියෙන්නේ මාට ප්‍රශ්ණ තමයි.. හරි හරි මම උත්තර දෙන්නම්කෝ..

      1. අපේ අයියට බොන්න දීලා ප්‍රශ්ණය විසදමි..

      2. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාට..

      Delete
    4. කනියා : මාත් දැක්කා.. ඒත් ඒක කාගෙද කියලා දන්නේ නෑනේ..

      Delete
  10. හික්ස්.... සල්ලි තියෙනවානම් මොකද නේද?? සමහර ගෑණු ලමයින්ට හිතෙනවා ඇත්තෙ ඔහොම තමා.

    අනේ අම්මෝ... ෆෙරාරියක් තියා නෝමල් කාර් එකක් ගන්නත් පෙරුම් පුරන්න ඕනෙ මේ කාලෙ.ඊට පස්සෙ ඉන්දන වලට...හෆොයි...:O

    දැන් මල්ලි මොක්කද ගන්න ඉන්නෙ...???

    ReplyDelete
    Replies
    1. බෑ බෑ බෑ.. ඔහොම හිතලනම් හරි යන්නේ නෑ අක්කේ.. තෙල් වගේද ඕක පොඩ්ඩක් හීරිනොත් ටින්කරින් කරන්න යන ගාන..

      මමද?? මට 50ක් වෙන්න තව කල් තියෙනවනේ අක්කේ.. දැන් ආයොජනය කරමින් ඉන්නේ..

      Delete
  11. Replies
    1. තැන්කූ වේවා..

      Delete
  12. ඔයාලගෙ බ්ලොග් ඔක්කොම හොදය්.මම සැහෙන දේවල් දැනගන්නවා.ඒත් බ්ලොග්ගෙර් එක එන්නෙ අරාබිවලින් මේල් කරන්න අමාරුඉ

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි.. බ්ලොගර් එක එන්නේ අරාබි වලින් නම් භාශාව මාරු කරන්න පුළුවන්නේ ඉංග්‍රීසි වලට..

      Delete
  13. මමත් මේ දවස් වල කාර් හොයනවා .... ගන්න විදියක් නැතිවුනොත් මල්ලි කියපු විදියටවත් බලන්නම්කො .....

    ReplyDelete
    Replies
    1. බලන්න ඉතින් ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද කියලා.. ඇමරිකාවෙනම් බය වෙන්න එපා අක්කේ.. ෆෙරාරි තියෙන කොල්ලො ඉන්නවා..

      Delete
  14. දොත්තෝරේ තමයි එල කතාව කියල තියෙන්නෙ... කෝක ගත්තත් වාහනේ වාහනේමයි :)

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත අයියේ.. ෆෙරාරියක් අරන් ඒකේ නඩත්තුවට යන වියදමත් එක්ක බලද්දි වෙන එකක් ගන්න එක හොදයි..

      Delete
  15. සීකේ....වාහන කෑල්ලකට ආත්මය පාවාදෙන්න තරම් ඔහෙ කෙල්ලො සාටර් වෙලාඩ අප්ප....:/

    ReplyDelete
    Replies
    1. ඒකට කෑල්ල කියන්න එපා හරිය....

      Delete
    2. එහෙ කෙල්ලෝ විතරක් නෙමෙයි නගෝ. කොහෙත් එහෙම කෙල්ලෝ ඉන්නවා.:)

      Delete
    3. අග්නි ධාරා : මෙහේ ඕවයේ ගානක් නෑනේ නංගී..

      Delete
    4. ගැමියා : ඇත්ත.. ඒ වගේ සුපිරි වාහනයකට එහෙම කියන එකට අපේ විරෝදය..

      කසුන් : සහතික ඇත්ත.. ලංකාවේ උනත් වයසක අයව බදින තරුණ කට්ටිය ඉන්නවනේ.. ෆෙරාරි නැතත්..

      Delete
  16. "ෆෙරාරියක් නම් නාකියෙක්.. නාකියෙක් නම් ලස්සන කෙල්ලෙක්.."
    මේකනම් මරු..

    ReplyDelete
    Replies
    1. කොහොමද අපේ තියරි එක..

      Delete
  17. ferrari.... නරකම නෑ... අනේ මමනම් ඔය වාහන ගැන මෙලෝ හසරක් දන්න කෙනෙක් නෙවේ මීට අවුරුද්දකට විතර කලින්නම්.ඒත් මට ලැබුන සහකාරයනම් වාහන උන්මත්තකයෙක්. එයා නිසා ඕන් දැන් මමත් වාහන ගැන ටිකක් උනන්දුයි.මේ වගේ වාහනයක යනවා කියන එකනම් අපිට හීනයක්ම තමා නේද... හැබැයි ඉතින් සුව පහසු වාහනයක ඉස්සරහ යන්න ලැබෙන පලියට මේ ගෑණු දැරිවියෝ තමන්ගේ ආත්මේ පාවලා දෙන එකනම් හරිම ඛේදනීයයි නේද... ඒත් එතින් ඕක ඒරොප්පෙනේ. එයාලට ඕක අරුමයක් නෙවෙයිනේ

    ReplyDelete
    Replies
    1. ලංකාවේ අපිටනම මේවා හීනම විතරයි.. නිතර දෙවේලේ දකින එකේ එක පාරක් හරි ෆෙරාරියක ඉදගන්න ලැබුනොත් මට ඒ ඇති..

      මෙහේ සංස්කෘතියත් එක්ක ගත්තම ඒක ඒ හැටි දෙයක් නෙමෙයි අක්කේ..

      Delete
  18. අම්මපා...මෙන්න මේ දැන් දැක්කා කවුදෝ ලියලා තියනවා කොයි මිනිහා බැන්දත් අඬන එකේ ෆෙරාරි කාර් එකක අඬන එක සැපයි කියලා පොඩි කුමාරිහාමිගේ බ්ලොග් එකේ.අද ෆෙරාරි වලට ස්පෙෂල් දවසක්ද???

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තෙත් අද මේ ගැන ලියවිලාද? ගිහින් බලන්න ඕන.. නෑ නෑ අද එහෙම ස්පෙෂල් දවසක් නෙමෙයි..

      Delete
  19. හනේ පව්! කොල්ලන්ට චෑන්ස් නැහැ! බලමු තව අවුරුදු විස්සකින් විතර දිනේෂ් මලය ෆෙරාරියක යන හැටි.

    ReplyDelete
    Replies
    1. කොල්ලන්ට චෑන්ස් නෑ.. උන් ඩුකාති වල ගියත් යන්නේ තනියම.. ඇයි ඉතින් ඉන්න කෙල්ලො ඔක්කොම ෆෙරාරි වලනේ..

      නැතුව නැතුව.. ලංකාවට තුන් වෙනි එක ගේන්න හිතාගෙන ඉන්නේ..

      Delete
  20. තන්ඩලේ දෙන්නා දෙපොලේ දක්කන අපිට පෙරාරි නිකං මැජික් වගේ..ඒත් ෆෙරාරියක ඉස්සරහා නැගලා යන්න විතරක් වයසක මිනිහෙක්ට ලංවෙන ගෑනු පරාණයකින් මූලික අවශ්‍යතා ඉටුවෙනවද කියලත් සැකයි

    ReplyDelete
    Replies
    1. ඒකත් ප්‍රශ්ණයක් තමයි.. ඔය ගැනත් පොඩි කරුණු කාරණා ටිකක් මම දන්නවා.. ඒ ගැනත් ලියන්නම්..

      Delete
  21. ලංකාවෙ ෆෙරාරි 2ක් තියනව බං. . . . අරාගෙ එකයි තව එකකුයි

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අනිත් එක කාගෙද ඕනේ අයියේ? මම දන්නේ නෑ..

      Delete
  22. කාර් එක වගේම කාර් එකේ නමත් ලස්සනයි..ගෑණු ළමයෙක් වගේ.. :))

    ReplyDelete
    Replies
    1. ඒකනේ අක්කේ පිරිමි අපි ඔය කාර් එකට මෙච්චරම ආදරේ...

      Delete
  23. වයසක අම්මලා ෆෙරාරි එලවගෙන යන්නැද්ද දිනේශ්?

    ReplyDelete
    Replies
    1. නෑනේ අක්කේ.. මම නම් දැකලම නෑ.. හැබැයි එහෙම උනොත් මගේ තියරියේ අනිත් පැත්ත ඒකට අදලා වෙනවා... :)

      Delete
    2. මොකාටද එන්න හදන්නේ...

      Delete
  24. මගේ කැටේ කඩලා බලන්න ඕනේ කීයක් තියෙනවද කියලා.. අඩුම තරමේ රිමෝට් සෙල්ලම් ෆෙරාරියක් වත් ගන්න

    ReplyDelete
    Replies
    1. බලන්න බලන්න.. මම අර මුලින් කියපු ගාන තියෙනවනම් කියන්න.. ඉල්ලුම් පත්‍ර දාන්න මම හෙල්ප් කරන්නම්..

      Delete
  25. ෆෙරාරි එකක් තියෙන නාකියෙක්ව බැඳලා එයා මැරුනට පස්සෙ ලස්සන කොල්ලෙක්ව බඳින්නයි ඔය කෙල්ලො එහෙම කරනව ඇත්තෙ.

    ReplyDelete
    Replies
    1. අක්කට තමයි කාරණාව තේරුණේ..

      Delete
  26. ෆෙරාරියක් ගත්තත් වෙන එකක් ගත්තත් වාහනේ වාහනේමනේ..


    mage තියරියත් මේකමයි... ෆෙරාරි නෙමෙයි මට රොද 4 කැරකෙනවනම් ලෙඩ නැත්තම් එච්චරයි

    ReplyDelete
    Replies
    1. හැබෑටම මචං මගේ තියරියනම් ඕක නෙමෙයි. මට සල්ලි තිබ්බානම් ගන්න පුළුවන් උපරිම එක මම ගන්නවා. සල්ලි ගොඩ ගහං වැඩක් නෑනේ බං. මැරුණාම අරං යන්න කියලයැ! තියෙන කාලේ වියදං කරන්න ඕනේ! ආන්න ඒකයි මගේ තියරිය :D

      Delete
    2. පිස්සා : ඇත්ත.. රෝද හතරයි එන්ජිමයි වැඩනම් ෆෙරාරි නෙමෙයි මරූටියක් උනත් මොකෝ..

      Delete
    3. පූසා : ඒක ඇත්ත.. ඒකනේ ජීවිතේ අන්තිම කාලේ හරි ෆෙරාරියක් ගන්න සල්ලි කාරයෝ පෙළබෙන්නේ..

      Delete
  27. ඉස්සර මගේ ලඟත් තිබුනා ෆෙරාරි එකක්.සති දෙකෙන් දෙකට බැටරි මාරුකරන්න වෙනාවා.පස්සේ තාත්ත එකට නූලක් දාල දුන්න ඇදගෙන යන්න කියලා.

    ReplyDelete
    Replies
    1. ෆෙරාරි අයිති කාරයා දන්නවනම් සිය දිවි නසා ගන්නවා... :)

      Delete
  28. මම මේ බ්ලොග් එකට අලුත්.. මූණු පොතේ ලින්ක් එකක ෆෙරාරි කියන වචනෙ තියෙනවා දැකලා ආවෙ. මොකද මාත් හොඳ ෆෙරාරි රසිකයෙක්. මුලින්ම ෆෙරාරියක් මම දැක්කෙ ඉතාලියෙ වෙනිස් නුවර, මේස්ත්‍රෙ කියන නගරයේ පාරක. වෙනිස් කියන්නෙ සංචාරක පුරවරයක් හින්දා යුරෝපෙ අනිත් රටවල්වල අය තමන්ගෙ පෞද්ගලික වාහන වලින් මෙහාට එනවා. මම දැක්ක ෆෙරාරිය ජර්මන් අයිතිකාරයෙක්. හැබැයි ඉස්සරහ ඉඳගෙන ගියේ මග් වයසෙම කොල්ලො දෙන්නෙක්. පිටිපස්සෙ ඉඳගෙන ගියේ ඒ දෙන්නගෙ පෙම්වතියන් දෙන්න කියල හිතන්න පුලුවන් කෙල්ලො දෙන්නෙක්. උන් දෙන්න ගියේ ෆොටෝ ගගහ වට පිට හොඳට බල බල. මට තාම මතකයි රතුම රතු පාට වහල ගලවපු ෆෙරාරිය ගිය වේගෙට ඒ කෙල්ලො දෙන්නගෙ තඹ පාට කොණ්ඩෙ හුලඟට ගිය හැටි.. මම එදා ඉඳන් තමා ෆෙරාරි කියන වාහනේ මෙච්චර සුඛෝපභෝගී කියලා දැක්කෙ. එදා ඉඳන් තම ෆෙරාරි වලට මම ආදරේ කලේ. දවසක් මෝදනා නගරයේ තියෙන ෆෙරාරි කොම්පැණි එක ලඟටම ගිහිල්ලත් ආව. බලන්න බැරි උනා. ෆෙරාරි කියන නම දාල තියෙන්නෙත් මේ මෝදනා නගරයේ උප ග්‍රාමයක් වන ෆෙරාරා කියන නගරයේ මේ වාහනේ හදන හින්දා කියලා සමහරු කියනව. ඒත් මමනම් හරියටම දන්නෙ නෑ. ඉතාලියේ නිශ්පාදනය කළාට මේ වාහනේ ගොඩාක් යන්නෙ ජර්මන්, ස්විස් වගේ රටවල් වලට. අවස්ථාවක් ආවොත් දිනේශ් ඒ රටවල් වලට ගිහින් බලන්න. අවුතොස්ට්‍රාදා වල ෆෙරාරි පිඹගෙන යන හැටි. ස්තූතීයී මේ ලිපියට. :)

    ReplyDelete
    Replies
    1. එහෙනම් යාළුවත් ඉන්නේ ඉතාලියේ.. අදුනගන්න ලැබීම සතුටක්..

      අපරාදේ මචං ෆෙරාරි කම්පැනිය නොබලා ආපු එක.. මටත් යන්න මාරම ආසාවක් තියෙන්නේ.. නෑ නෑ ෆෙරාරි කියන්නේ මුලින්ම ෆෙරාරි වාහනය හදපු කෙනාගේ වාසගම.. ගොඩක්ම ෆෙරාරි වාහන තියෙන්නේ ඩුබායි වල.. ලොකුම ෆැක්‍ට්‍රී එකත් තියෙන්නේ එහේ..

      Delete
    2. අහ් ඇත්තටම ඉතාලියට සාපේක්ශව මේ රටවල් දෙකේ ෆෙරාරි වැඩි උනාට ලෝකෙන්ම ෆෙරාරි වැඩියෙන්ම ඇත්තෙ ඩුබායි කියන කතාව ඇහලා තියෙනවා. හැබැයි ෆැක්ට්‍රිය එහෙ තියෙනවා කියල දන්නෙ නෑ.

      Delete
    3. ඩුබායි වල ඉන්නේ ඔක්කොම ලොකු සල්ලි කාරයොනේ.. ඒකයි එහේ ෆැක්ට්‍රී එකක්ම දාලා තියෙන්නේ..

      Delete
    4. අවුතොස්ට්‍රාදා වල පිබගෙන ගියාට ස්පිඩ් ලිමිට් එක 130(Italy) එකට එහා ගියොත් සොරි තමා

      rosa

      Delete
  29. මරු කතාව. ඇත්ත තමා

    ReplyDelete
    Replies
    1. අමුලික ඇත්ත..

      Delete
  30. ඇ‍ඬෙනවා අයියෝ අපිට කොහෙන්ද ෆෙරාරි....මගෙත් ආසම ඕකයි ලැම්බෝගිනි එකයි...ඔයාගේ රටට ඇවිත් ගෙවීමේ ක්‍රමයට ෆෙරාරියක් ගන්න බැරිවෙයිද අයියේ හි හි...අඩුම ගානේ එක දවසකටවත් කුලියට ගන්න සෙට් වුනොත් ඇවිත් රවුමක් ගහන්න මරේ මරු....තව සීට් දෙකක් විතර හයි කරගන්න ඇත්නම් පට්ට නේ

    ReplyDelete
    Replies
    1. ෆෙරාරි වගේද ගැමියෝ ලංකාවේ ත්‍රීවිල් නාඩ ඉදිං අපි ඒකකවත් ගිහින් හිත සතුටු කරගමු :D

      Delete
    2. ගැමියා : ගෙවීමේ ක්‍රමේට ඕවා දෙන්නේ නෑ ගැමියෝ.. වැඩ්ය ශෝ රූම් ඇත්තෙත් නෑ.. ඉල්ලුම් කරලා ඉන්ටර්වීවි ගිහින් ගන්න ඕන..

      Delete
    3. කනියා : අනේද කියන්නේ සුපිරි බඩු..

      Delete
  31. ඒ වගේද අපේ ගමේ සුද්ද අයියගෙ ලෑන්මාස්ටරේ....ෂුහ්...කියල වැඩක් නෑ......

    ReplyDelete
    Replies
    1. ලෑන්මාස්ටර් කිවුවම මතක් උනේ ලැම්බෝගිණි මාර්ක් එකේ මුලින්ම ගහලා තියෙන්නේ ට්‍රැක්ටරයක්.. පස්සේ තමයි කාර් ගහලා තියෙන්නේ..

      Delete
    2. ඇයි අපේ පියුම් මාමගෙ තැපැල් නයින්ටිය....

      Delete
    3. ඒක කොච්චර වටිනවද...

      Delete
  32. මචන් ලංකාවේ ෆෙරාරි එකේ තියෙන්නේ නිසාන් එන්ජින් එකක්. :D මමනම් පෞද්ගලිකව ඔය යුරෝපීය වාහන වලට කැමති නෑ. ඇමරිකන් වාහන තමයි මට අල්ලන්නේ.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ එක ගැනනම් ඇත්තටම මම ගොඩක් විස්තට දන්නේ නෑ.. එහෙනම් ඒක ඔරිජිනල් එකක් නෙමෙයි..

      Delete
  33. හැම සාර්ථක මිනිහෙක් පස්සෙම ගෑනියෙක් ඉන්නවා කිව්වට,සාර්ථක මිනිහෙක් පස්සෙ විතරයි ගෑනු යන්නේ කියන එකට තව හොඳ උදාහරන මොකටද නේද බං? ඔව් ඔව්! බුද්ධිමය දේපල පනත යටතේ දානවා නඩු!:D
    පුලුවන් නම් අයි ඩෝන්ට් නෝ වයි කියලා බ්ලොග් එකක් හදහං ඕන කෙනෙක්ට 'සෑහෙන්න බොන්න ඕන' ප්‍රශ්නයි උත්තරයි දාන්න පුලුවන් විදිහට..නැගලා යයි වැඩේ!

    ReplyDelete
    Replies
    1. " හැම සාර්ථක මිනිහෙක් පස්සෙම ගෑනියෙක් ඉන්නවා කිව්වට,සාර්ථක මිනිහෙක් පස්සෙ විතරයි ගෑනු යන්නේ කියන එකට තව හොඳ උදාහරන මොකටද නේද බං?" අන්න නියම කතාව.. ඇත්ත තත්වෙත් ඕකම වෙන්න ඇති..

      අපි ඉතින් සාමයෙන් මේ වැඩේ විසදගමු මචං.. :) අළුත් එකක් හදන්න බෑ මචං.. මේකටත් වෙලාව හොයාගන්න සෑහෙන අමාරුවෙන්..

      Delete
  34. //..ලංකාවටම තියෙන්නේ එකයිනේ..//
    මම දන්නේ නෑනේ ඒ කාටද කියල :-/

    ReplyDelete
    Replies
    1. අරවින්ද ද සිල්වා ගාව.. තව එකක් තියෙනවා කියලා කට්ටිය කියනවා.. ඒත් ඒ ගැනනම් මම දන්නෙත් නෑ..

      Delete
    2. ලංකාවේ ෆෙරාරි 3 තියනවා..එකක් අරවින්දගේ F360 SPYDER , තව F355 SPYDER එකක් තියනවා... අනිත් එක MONDIAL එකක්...එක SIDATH FERNANDO කියන BUSINESSMAN කෙනෙක්ගේ.එක බලන්න පුළුවන් මෙතනින්.. http://www.youtube.com/watch?v=aBTbLiVn2kg

      Delete
  35. පූසෙක් උනත් ලංකාවේ අපිට කොයිද බං මාළු! :D

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ පූසෝ..

      Delete
  36. රථ ගාය වගේ කස්ටියට..

    මට පොඩි එකක් තිබ්බොත් ඇති.. :)

    ReplyDelete
    Replies
    1. අපිට ඉතින් කොහොමත් රථ ගායනේ බං.. සෑමා පොඩි එකකින් සෑහිමට පත් වෙයිද කියන එකයි ප්‍රශේණේ..

      Delete
    2. අපි මොරිස් මයිනර් එකක් ගම්මු සෑම් අයියා.....ඌරන්ට මොන සෞඛ්‍යද?

      Delete
    3. මොරිස් මයිනර් එක ඒ කාලේ ෆෙරාරිය වගේම සුඛොපබොගි වාහනයක් තමයි..

      Delete
    4. පොඩි ඒවා ලොකු ඒවා කලවමේ තියෙන්න එපැයි.. වෙනසකටත් එක්ක..

      සිරාවට මයිනර් මොඩිෆයි කිරීම මම ආසම වැඩක් නොවැ..

      @බට්ටා - බොලා නම බට්ටා වුනාට ලොකු වැඩ තමා කරනවා..

      Delete
    5. ඔය මයිනර් මොඩිෆයි කලාම ෆෙරාරි පරාදයි..

      Delete
  37. ඇමරිකාවේ නම් ලෙක්සස් එලවන්නෙත් වයසක අය කියලා කතාවක් තියනවා. ඔය කියන කතා ඔක්කොම ඇත්ත අප්පා. වයසක අයට තියන කාර් දැක්කම පිස්සු හැදෙනවා. කොල්ලෝ එලවන්නේ ඉතින් එහෙං මෙහෙන් කාලි හැලෙන 2000 විතර කාර්.

    ReplyDelete
    Replies
    1. ලෝකේ මොන රට ගත්තත් තත්වේ එකයි වගේ.. හැබැයි ඉතින් මනුස්සයෙක් යම් කිසි තත්වයකට ඇවිත් ඒ වගේ වාහනයක් ගන්න එක පුදුම වෙන්න දේකුත් නෙමෙයි..

      Delete
    2. ලෙක්සස් කාර් එච්චර ගනන් නැනෙ හැබැයි europe කාර් වලට ගහන්ඩ පුලුවන් එකම ජපන් කාර් එක.

      Delete
  38. මම නම් ආස ෆෙරාරි නෙමෙයි අයියේ. මම ආසම ඇස්ටන් මාටින් වලට. ඒකෙ ලුක් එකට මම මාරම ආසයි. ඊළඟට ලැම්බෝගිණි වලට. හැබැයි ඉතින් ඔහොම කාර් එකක් අඩු ගානේ හීනෙන් වත් පේන්නේ නෑ.:D

    ReplyDelete
    Replies
    1. ඇස්ටින් මාටින් වලට ආස වෙන්න ඇත්තේ ජේම්ස් බොන්ඩ් ෆිල්ම් නිසා වෙන්න ඕන.. දැන් ඔන්න නෑ නෑ එහෙම නෙමෙයි කියලා බොරු නම් කියන්න එපා..

      Delete
    2. ඒ සිරාවටම නෑ අලේ. මම ජේම්ස් බොන්ඩ් බලලම නෑ. මම ඇස්ටන් මාටින් එකට ආස වුනේ Most Wanted ගහල.:)

      Delete
  39. ෆෙරාරි 10ක්‌ මගෙ නමට අරන් දුන්නත් නාකියෙක්‌නම් එපෝ..අනික මෙහෙ සුදු අය උනාට සුවද දන්නවනේ නේද dinesh

    ReplyDelete
    Replies
    1. ෆෙරාරි 10 ලැබෙනවනම් මොකෝ හලෝ.. සුවද ගැන නේද? ඒකත් එහෙම වෙන්නේ ඇයි කියලා මම කියන්නම්... :)

      Delete
  40. ඉස්සර නං ආසාවෙන් හිටියේ ඇල්ෆා රෝමියෝ එකක් ගන්න....

    ReplyDelete
    Replies
    1. ඇල්ෆා රෝමියෝ නම් එච්චර ගනන් නෑනේ.. ඇයි දැන් ඒ අසාව නැද්ද?

      Delete
  41. [මම ෆෙරාරි ගන්න.. උඹට පිස්සුද? අපරාදේ බං සල්ලි.. ෆෙරාරියක් ගත්තත් වෙන එකක් ගත්තත් වාහනේ වාහනේමනේ]

    එ්කත් සිරා කතාව!......... ඔ්වට පැට්ට්‍රල් ඩීසල් එහෙම ගහන්න ගියාමත් එහෙම්මද දන්නෑ!

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. වහනේ මොක උනත් තෙල් මිල නම් එකයි.. හැබැයි නඩත්තු වියදම් නම් වැඩියි..

      Delete
  42. මගේ බාප්පි ඉන්නෙත් ඉතාලි වලානේ අයියේ මම ඔයාට කියලා තියෙනවානේ මිලානෝ වල. එයා ලඟත් තියෙනවා රතුපාට ෆෙරාරි එකක්. මම ෆොටෝස් වලින් තමයි දැකලා තියෙන්නේ. බලමුකෝ එහෙ ගියාම නැගලා බලන්න පුළුවන් :)
    බප්පිටත් දැන් ට වැඩි :D

    ReplyDelete
    Replies
    1. එහෙනම් අපිත් එනෝ මිලානෝ පැත්තේ...

      Delete
    2. bappitath dan 50 ta wadi :)
      haa haa ennako ennako

      Delete
    3. බාප්පි කොලුකාරයෙක් නම් උඹ ගොඩ දිනේශ්.

      Delete
    4. sirawata bappa kolukarayek wenda ati natnamm lankwe ekek kohomada
      ෆෙරාරි ganne

      Delete
    5. ෆෙරාරි කිව්වට රතු Fiat Panda එකක් ද දන්නෙ නැ

      Delete
  43. ෂැහ්.... මරුනේ, හැබැයි මොකක්ද කියලා අහන්න එපා!

    ReplyDelete
    Replies
    1. අහන එප කිවුවට අපි දන්නව මොකක්ද කියලා..

      Delete
  44. Man awith oyage blogg eka balala thiyenawa. Lassanai. Ferrari gana kiyewwama mata hithuna me tika liyanna. Oya kiwwa wage oya salli wahana elawanne Dan naki ayama nemei. Me ratey high school yana lamai elawanne Ferrari , lamborghini. Wage wahana. Mage putha ge best friend enne oya kiyana wahana wala iskoleta. Ape eka kiyanawa eyata th e wage wahanayak aran denna kiyala. (ape mahaththaya ge kata wahagena hitiye harima amaruwen).

    Godak minissu duk vindala uthsahayen salli hamba karala oya kiyana wahana aragannawa. E minissu jeevithey anthima kale sathuten innawa. Thawath samahara aya langa thiyenne easy money.

    Malliwa balanna ena man,
    Kumari

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්