Thursday, 8 March 2012

වරු ගනන් ගහපු ගේම්..

මීට අවුරුදු ගානකට කලියෙන් මම පොඩි එකා කාලේ එක වතාවක් අපේ තාත්තා නිවාඩුවකට ලංකාවට එද්දි අමුතු ගැජට් එකක් අරගෙන ආවා.. මම සිස්සත්තේ පාස් උනාට තෑග්ගක් කියලා තමයි කිවුවේ.. උනාට මේ මොකක්ද කියලා මෙලෝ සංසාරයක් මම දැනගෙන හිටියේ නෑ.. ඉතින් නිවාඩු පාඩුවේ තාත්තා අයියවත් එකතු කරන් ඔය ගැජමැටික් එකේ වයර් කෑලි ටික ටීවී එකට අමුනලා කාරිය මට ගෙනාපු තෑග්ග පාවච්ච්  කරන්න මට දුන්නා.. මේ මොකක්ද කියලා මම අහුවම තාත්තා කිවුවේ මේක ටීවී ගේම් එකක් කියලා.. කිවුවත් වගේ ඕක දලා ඔන් කරලා බලද්දි තමයි මමත් දැක්කේ මේක ඇතුලේ තියෙන්නේ සෙල්ලම්නේ කියල..

අයියගේ කාමරේට වෙනමම ටීවි එකක් හයි කරලා මට සෙල්ලම් කරන්නම මේක ලෑස්ති කරලා තිබුනා.. මුලින් මුලින් ඉතින් බැරි බැරි ගාතේ අයියා එක්ක එකතු වෙලා ඕක සෙල්ලම් කලාට පස්සේ පස්සේ ඕක මට වතුර වගේ උනා.. ඕකේ මම වැඩියෙන්ම ආස කලේ SUPER MARIO ගේම් එකට.. තව කුරුල්ලන්ට වෙඩි තියන ගේම් එකකුත්  තිබ්බා.. ඒක ගහද්දි හයි කරන්න වෙනමම තුවක්කුවකුත් තිබ්බා.. කාලේ ඉතින් ඕකත් හරි මගේ ජීවිතෙත් හරි..


ඉතින් කාලයක් යද්දි ඕකේ තියෙන ගේම් ගහන හැටි මට කට පාඩම් උනා.. තරමටම සෙල්ලම් කරලා.. ඔය කාලෙම වගේ අපේ ගෙදරට පරිඝණකයක් ලැබුනා.. ඒකත් ඉතින් රටින් තමයි ගෙනාවේ.. ඔයා කාලේ මගේ පරිඝණක දැනුම බින්දුවයි.. අපේ අක්කා තමයි ඉතින් ඕකේ භාරකාරත්වය අර ගත්තේ.. මට කම්පියුටර් එක ඔන් කරලා දෙන්නෙත් අක්කා.. ඔෆ් කරන්නෙත් අක්කා.. ඉතින් ඕකට ගෙනාපු ප්‍රින්ටර් ස්කෑනර් අනං මනං සෙට් කරන්න අපි දන්නේ නැති නිසා මෑන්ස් කෙනෙක් ගෙනත් ටික සෙට් කර ගත්තා.. මගේ ටීවී එක එහෙම දැක්ක පොර ඕකට මගෙන් අහලා ගේම් එකක් දාලා දුන්නා.. තමයි VIRTUAL COP.. මේක නොගහපු කෙනෙක් නැතුව ඇති මම හිතන්නේ.. ඉතින් කියන්න ඕන නෑනේ ඒකට පිස්සු වැටුනම.. මුලින් හම්බුන ටීවී ගේම් එක කුහක විදිහට අමතක කරපු මම කම්පියුටර් ගේම්ස් වලට ආදරේ කරන්න පටන් ගත්තා..

ටිකින් ටික ඉස්කෝලේ ඉහල පන්ති වලට යද්දි  යාළුවෝ එක්ක ඉගෙනීම පැත්තක දාලා පිස්සු නටන්න පටන් ගනිද්දි මේ ගේම් පිස්සුව තවත් වැඩි උනා.. අපි අපිට හම්බුවෙන ගේම්ස් හුවමාරු කරන් අපි සෙල්ලම් කලා.. කම්පුටර් නැති එවුන් තියෙන එවුන්ගේ ගෙවල් වලට යන්න පුරුදු උනා.. IGI, MORTAL COMBAT කාලේ අපේ නම් දරාපු සෙල්ලම්.. ඔය MORTAL COMBAT සෙල්ලම් කරලා මගේ කීබෝඩ් එකකුත් විනාස උනා මට මතකයි..

කාලෙන් කාලෙට ගේම්ස් දියුණු වීගෙන එද්දි මගේ කම්පියුටර් එකට ඒවා දාන්න බැරි තත්වයක් අවා.. මගේ සිස්ටම්  එක ඒවට මදි කියලා තේරෙන දැනුමක් කාලේ වෙද්දි තිබුනා.. ඉතින් මම කලේ දැන් මේක පරණ වැඩියි කියලා අළුත් එකක් අරගන්න උනන්දු වෙච්ච එක.. ඉගෙන ගන්න දේවල් වලට මේක මදි කියලා ගෙදරට කිවුවට යටි අරමුණ උනේ වෙන එකක්.. කාලෙන් කාලෙට අළුතින් VGA , RAM කාඩ් මාරු කර කර විඩියෝ ගේම්ස් ගහගෙන ආවා..

A/L ඉවර උනාට පස්සේ තමයි හොදම සෙල්ලම පටන් ගත්තේ.. හැමදාම හතර පස් දෙනෙක් අපේ ගෙදර NEAD FOR SPEAD ගහන්න.. ඔය දවස් වල ඉතින් ගෙදරින් බර බරේ පටන් අරන් තිබුනේ.. ඇයි ඉතින් ලයිට්,ෆෑන් දාගෙන දවස තිස්සෙම මේකෙනෙ.. අන්තිමට ඉතින් මට කණ්නාඩි දාන්න උනෙත් ඔය නිසාම තමයි.. ලංකාවට සමුදීලා ඉතාලි එද්දිත් බෑග් එක අස්සේ හංගගෙන හොද ගේම්ස් වගයක් අරගෙන ආවේ ඉතින් පුරුද්ද විදිහටම ගෙනි යන්න හිතාගෙන.. ඒත් මෙහෙට ආවාම තමයි පිස්සු හැදුනේ.. මෙහෙනේ ගේම්ස් තියෙන්නේ.. අහලවත් නැති නම් වල ඒවා.. හැබැයි ඉතින් අස්ප ගනන්.. ඔක්කොම් ඔරිජිනල් ඒවනේ.. ලංකාවේ වගේ ඩුප්ලිකේට් නෙමෙයි..

ඔහොම ටික කාලයක් ඉද්දි තමයි ඉල්ලමක් පෑදුනේ.. මෙහේ හැම මාසෙකට වතාවක් වීඩියෝ ගේම්ස් ගැනම වෙන් උන පත්තරයක් ගහනවා.. ඒකත් එක්ක තිළිණයක් විදිහට ඔරිජිනල් වීඩියෝ ගේම් එකකුත් එනවා.. ගාණත් සාමන්යයෙන් දරන්න පුළුවන් එකක්.. ඉතින් ලැබුන චාන්ස් එකෙන් ප්‍රයෝජන අරං පත්තරේ අරගන්න පුරුදු උනා.. නිකන් හම්බුවෙන ගේම් එක අළුත්ම නෑ.. අවුරුද්දක් විතර පරණයි.. ඒවගේම තියෙන්නේ ඉතාලි භාශාවෙන්.. කලාතුරකින් එකක තමයි ඕනමා භාශාවක් තෝරන්න තිබුනේ.. කොහොමහරි ඉතින් ගෙවල් ලග පත්තර කඩේටම ගිහින් ගිහින් එතන හිටපු අක්කා සෙට් වෙලා එයා කියද්දි තමයි මම දැන ගත්තේ එක එක නම් වලින් මාසෙකට පත්තර කීපයක්ම එනවා කියලා.. ඊට පස්සේ උන දේ ඉතින් කියන්න ඕන නෑනේ..

කාලයක් යද්දි අපේ අයියත් මේ ගේම්ස් ගහන්න සෙට් උනා.. අයියා වැඩියෙන්ම කැමති උනේ NEAD FOR SPEAD සීරීස් එකට.. ඒකෙනුත් NFS MOST WANTED එකට.. අයියා වැඩියෙන් කැමති උනේ පොලිසියෙන් බේරෙන්න තියෙන හරියට.. ඉතින් මම රේස් එක ගහනවා.. පොලිසිය ආවාම අයියා ඉතුරු ටික බාර ගන්නවා.. අංකල් ජොන්සන් ගැනත් ඉතින් නොකියම බෑනේ.. අපි ඉරිදට සෙල්ලම් කරද්දි අනිවා අංකලුත් සෙට් වෙනවා.. හැබැයි අංකල් එක්ක මේවා හගන්න බෑ.. පොලිස් සයිරන් එක ඇහෙද්දි අංකල් වාහනේ නවත්තනවා.. විනීත රියදුරෙක් නිසා වෙන්න ඇති..


ඔය වගේම ඉතින් වැඩියෙන්ම ගහපු ගේම් එකක් තමයි PRINCE OF PERSIA.. මේවා ගහන්න අයියා සෙට් නොවුනට මමනම් අත ඇරියේ නෑ..


වගේම තමයි ඉතින් ASSASIN CERRD.. මේකෙනම් ඉතින් පළවෙනි එක විතරයි ගැහුවේ.. ඊට පස්සේ එවා ගහන්න බැරි උනා..


TOMB RAIDER තවත් අත නොහැරපු ගේම් එකක් තමයි.. ගේම් එක කම්ප්ලීට් කරලත් ආයෙම සෙල්ලම් කරපු වෙලාව්ල් තියෙනවා.. 


GOAD FATHER සහ MAFIA කියන ගේම් දෙකත් මම මාරම ආසවෙන් ගහපු ගේම දෙකක්.. අනිත් හැම එකකටම වැඩිය මේ දෙක මාරම වෙනස්.. ගහපු අය දන්නවා ඇතිනේ..


බොහෝම කාලයක් යනකම් මේ ගේම්ස් පිස්සුව කෙරි ගෙන ගියා.. ඉරිදා නිවාඩු දවසට ඉතින් දවසම කරන්නේ මේක තමයි.. ඉරිදා වෙනකම් ඉන්නේ නොයිවසිල්ලෙන්.. ඒත් කාලයක් යද්දි ඉතින් මේකෙන් ටික ටික ඈත් උනා.. මොකද අළුතින් එන ගේම්ස් වලට මගේ කම්පියුටර් එකේ සිස්ටම් මදි වෙන එක.. ලංකාවෙදි වගේ නෙමෙයි.. මෙහේ ඕවයේ කෑලි ගන්න සෑහෙන ගානක් වියදම් කරන්න ඕන.. සල්ලි වල වටිනකම තේරෙන්නේ හම්බකරන කොටලුනේ.. නිසාම අර ඉස්සර කරපු ගොන් වැඩ කරන්න ගියේ නෑ..

හෙමින් හෙමින් ආසාව අත ඇරිලා ගිය නිසාම පස්සේ පත්තරේ අරගත්තෙත් නෑ.. සෙල්ලම් කරන්න බැරුව මොකට ඕවා අරගෙන.. ඔය උඩින් දාලා තියෙන පින්තූර වල වගේම පල්ලෙහායින් දාලා තියෙන පින්තූර වල තියෙන ගේම්ස් ඔක්කොම වගේ හම්බුනේ මම කලින් කියපු පත්තරෙන් තමයි.. 
















කාලයත් එක්ක දේවල් වෙනස් වෙන හැටි හරි පුදුමයි කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි.. කොහොම උනත් මට ඉස්සෙලාම හම්බුන ටීවී ගේම් එකට මම තාමත් කැමතියි.. ගිය පාර ලංකාවට ගිය වෙලාවෙත් ඒක පැත්තකට දාලා තියෙනවා මම දැක්කා.. මකුළු දැල් එහෙම බැදිලා තිබ්බට තාම ඒක හොදටම වැඩ කියලා මම දන්නවා.. ඊළග පාර ගියාම දූවිලි පිහදලා ඒකට හිමි තැන දීලා එන්න ඕන.. මොකද කවදා හරි අක්කගේ අයියගේ ළමයෙක්ට හරි සෙල්ලම් කරන්න පුළුවන්නේ.. 

කෙනෙක්ට අහන්න හිතේවේ ඉතින් ඇයි PLAY STATION එකක් හරි  X-BOX එකක් හරි ගන්නේ නැත්තේ කියලා.. ඇත්තටම පරිඝණකයෙන් සෙල්ලම් කරනවට වැඩිය ඒහෙම එකකින් සෙල්ලම් කරන එක ලේසියි.. ඒත් ඇත්තටම දැන් ඕවට වෙලාවක් නෑ.. කියන්න අමත උනාට මේකත් මගේ දැන් එක්තරා විදිහක එකතුවක් වෙලා ඉවරයි..




79 comments:

  1. අනේ මමත් මුලින්ම ගහපු ගේම් ඒක තමයි ඔය සුපර් මාරියෝ...ඒකෙ මියුසික් එක තාමත් නිකන් ඇහෙනවා වගේ. ඊට පස්සේ ඉතින් එන් එෆ් එස් වලට ආස වෙලා හිටියා...හැබැයි මේ වෙද්දී ගහපු හොඳම ගේම් එක තමයි හේලෝ. ඒක ගහන්නනම් ඉතින් 10 ක 12 ක ගෘප් එකක් වත් ඉන්න ඕන. නැත්නම් ගතියක් නැහැ..

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල සෙට් වෙලා ගහන්නේ Wulfenstein. හොස්ටල් එකේ මරාගන්නේ නැති ටික විතරයි. එක්සෑම් නිසා තාවකාලික ව නවතිලා ඒකත්. Wifi වල තියෙන වටිනාකම!

      Delete
    2. apitanam dan game gahanna set ekak nahane...kattiya eka eka then wala :(

      Delete
    3. සයුරි : සුපර් මාරියෝ ඉස්සර වගේම තාමත් ජනප්‍රිය ගේම් එකක්නේ.. හේලෝ එකේ මමත් ගහලා තියෙන්නේ පළවෙනි එක විතරයි.. ඒකත් ඉවර කලේ නැද්ද කොහේද..

      Delete
    4. ලහිරු : ඕක මේ අළුතින්ම ආපු ගේම එකක් නේද? මට මතක හැටියට තියෙන්නේ යුධ කතාවක්.. රතු හමුදාවක් වගේ..

      Delete
    5. අමතක උනා කියන්න WiFi වගේම Network system නිසා කට්ටියක් එකතු වෙලා සෙල්ලම් කරද්දි මාරම ගති..

      Delete
  2. Replies
    1. නෑ මම 2ක වෙලා...මම ගොඩාක් ආස කාර් ගේම්ස් වලට..දැනට සෙල්ලම් කෙරුව කාර් ගේම් වලින් ගොඩක් කැමති. nfs most wanted...

      Delete
    2. හූ හූ හැට්ට්‍රික් එක ඉවරයි. ඔයත් අපේ ලංකා ටීම් එකේ කෙනෙක් වගේ. දිනාගෙන ගිහින් ඕනම තැනදී ඇන ගන්නවා.

      Delete
    3. සිහින : ඔව් මල්ලී මගෙත් තාම වැඩි කැමැත්ත කාරි ගේම් වලට තමයි.. මෙහේ නම් වෙනමම ඩ්‍රයිවින් සීට් එකේ ඉදන් තියෙන අනික් කෑලි ඔක්කොම තියෙනවනේ සෙල්ලම් කරන්න ගන්න.. පිස්සු හැදෙනවා..

      Delete
    4. බට්ටී : ඒකනේ.. මලයට මිස් වෙලා.. මීට කලින් හැමදාම එකට ආපු හොද බැට්ස්මන් කෙනෙක්නේ ආයෙම එකට ඇවිත් තියෙන්නේ.. ඒකයි මිස් වෙලා තියෙන්නේ..

      Delete
    5. සයුරි අක්කා එක දිගට හැට්‍රික් කීයක් නම් ගහන්න ඇත්ද? දැන් මේ එන්න පරක්කු.. සමහරු සෑහෙන ඉරිසියාවෙන්නේ හිටියේ අක්කා හැමදාම 1ට එනවා කියලා..

      Delete
  3. මමත් පළවෙනියටම ප්ලේ කල ගේම් එක SUPER MARIO. ඊට පස්සෙනම් ගේම් ගැන ආසාවක් තිබුණෙ නැහැ.. කලෙක්ෂන් එකනම් ෂෝයෝ.. හැබැයි ඔය එකක්වත් මම ප්ලේ කර නැත.. :D

    //ඊළග පාර ගියාම දූවිලි පිහදලා ඒකට හිමි තැන දීලා එන්න ඕන.. මොකද කවදා හරි අක්කගේ අයියගේ ළමයෙක්ට හරි සෙල්ලම් කරන්න පුළුවන්නේ..//

    හලේ.. පොඩිවුන්ව නරක්කරන්නද හදන්නෙ මාමා.. :D එතකොට තව අළුත් ගේම්ස් තියේවි මාමාට ගේන්න කියන්න ලංකාවට.. :P

    ReplyDelete
    Replies
    1. ඔයාට ඕන එකක් තියෙනවනම් කියන්න.. මම ඔහේ එද්දි අරන් එන්නම්.. :)

      ඔව් ඒ වෙද්දිනම් අළුත්වා ඇවිත් තියේවි.. ඒ උනාට මේකේ වටිනකම දන්නේ මමනේ..

      Delete
  4. මටත් ඉස්සර් ඔය පිස්සුව තිබුන.හැබැයි කාලෙකදි එක නැතුව ගියා.මෙ ලඟදි PS3 එකෙක් ගත්තට පස්සෙ ආපහු පිස්සුව තද උනා

    ReplyDelete
    Replies
    1. PS3 එකකට මගෙත් මාරම ආසාවක් තියෙන්නේ.. ඒත් අරගන්නේ නැත්තේ ඕවට හිත ගියාම හරි ප්‍රශ්ණ නිසා..

      Delete
  5. ඇත්තටම මට නම් ඔය ගේම්ස් ගැන අත්දැකීමක් නෑ... ඒවට ආස හිතුනෙ නෑ... ඇයිද මන්දා...
    ඒත් මේක කියවනකොට මෙහේ ටීවී එකේ මෑතකදි ගිය ඔය ගේම්ස් වලට ඇබ්බැහි වෙච්චි ළමයෙකුගෙ කතාවක් මතක් උනා...

    ඒක ගියේ ඇත්තටම දෙමව්පියන්ට අනතුරු හැඟවීමක් විදියට, තමුන්ගෙ ළමයි මොනවද කරන්නෙ කියල විමසිල්ලෙන් ඉන්න කියලා... ඒ ගෑණු ළමය කම්පියුටර් ගේම් එකකට ඇබ්බැහි වෙලා, දිවා රෑ නැතුව කාමරේ දොර වහගෙන ඉස්කෝලෙත් කට් කරලා, කන්නෙ බොන්නෙත් නැතුව ඒකම කරගෙන ගිහිල්ලා.... ඒකට හේතුව විදියට ඒ ළමය කිව්වෙ ගේම් එක නතර කළොත් එයාගෙ රාජධානිය අනිත් අය අත්පත් කරගන්නවාලු... එතකොට ආයෙ මුල ඉඳලම පටන් ගන්න වෙනවලු ඊළඟ වතාවෙ.... ඉතින් මෙයා ඕක පරෙස්සම් කරගන්න තමයි අරම කරලා තියෙන්නෙ... ගෙදර ඉඳල තියෙන්නෙ අම්මයි දුවයි විතරයි... අම්මා වැඩට යන නිසා එයා දන්නෙ නෑ මේ ළමය කනවද බොනවද ඉස්කෝලෙ යනවද කියලවත්... අපේ වගේ නෙවෙයිනෙ ඉතින් සෙවිල්ල බැලිල්ල.... අම්මා දවසක් බලහත්කාරයෙන්ම කාමරේට ඇතුල් වෙලා බලනකොට තමයි දැකල තියෙන්නෙ මේ ළමයා සිහි නැතිව ඉන්නවා... අන්තිමට බලනකොට එයා ඉඳලා තියෙන්නෙ මරණාසන්න තත්වයක....

    ReplyDelete
    Replies
    1. ඒකනම් මාරම පිස්සුවක් නේ අක්කේ.. ඔය ඉන්ටර්නෙට් ගේම් එකක් වෙන්න ඇති.. ඒකයි ඔච්චරම පරිස්සම් කරන්න ඇත්තේ.. හම්මෝ වාසනාවකට අපිට එහෙම පිස්සුවක් නොතිබුනේ.. මුහුණු පොතෙත් මම ඔය වගේ ගේම්ස් වගයක් දැකලා තියෙනවා..

      Delete
  6. මාත් සුපර් මාරියෝ ගැහුවා...අර තුවක්කුව තියෙන්නෙ ඩක් හන්ටර් ගේම් එකේ නේද? ඒකත් ගැහුවා... දැන් නම් ආසම නෑ...

    කවදා හරි ඔයාගෙ අක්කගේ හරි අයියගේ ළමයෙක්ට හරි සෙල්ලම් කරන්න නෙමේ දිනේෂ් අයියගෙ ළමයෙක්ට උණත් සෙල්ලම් කළ හැකි වෙයිනෙ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. ඩක් හන්ටර් තමයි.. එහෙනම් ශානිත් සෙල්ලම් කරලා තියෙන්නේ මගේ ටීවී ගේම එකමද කොහේද?

      මම ඉතින් නොකියා කිවුවෙත් ඒකම තමයි.. ඔයාට විතරයි තේරුනේ..

      Delete
  7. පුබුදුවා9 March 2012 at 05:23

    අක්කගේ අයියගේ ලමයි නෙමෙයි මලයත් ගේම් ගහනවා කියලා මතක තියාගන්න හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. ඇයි ඒ දවස් වල ගහපුවා අමතකද? ඒ එක්කම අක්කගෙන් අහපු බැනුම්..

      Delete
  8. මගේ favorite නම් ආමි ගේම් තමා,ඒවායෙනුත් බෙස්ට්ම 1,call of duty series 1 තමා

    ReplyDelete
    Replies
    1. CALL OF DUTY එකයි COMMANDOWS එකයි මුල්ම කාලේ හිට්ම උන ගේම් තමයි..

      Delete
  9. ජීවිත කාලෙටම දෙකයි -igi1
    - sherlok holmes the awakened වෙන් නං නෑ :D

    ReplyDelete
    Replies
    1. SHERLOK HOLMES ගේම් එකනම් මම ගහලම නෑ.. ඒත් හොද ඇති කියලා හිතනවා..

      Delete
  10. අප්පේ...ගේම් ගොඩ.... :O
    අනේ මං නම් වැඩිය ගේම් ගහලා නෑ නෙ. සුපර් මාරියෝ සෙල්ලම් කරලාවත් නෑ. :(

    ReplyDelete
    Replies
    1. මේකත් මේ අවුරුදු දෙකකට විතර කලින් ආසාව නතර උන නිසා.. නැත්නම් මීටත් වඩා වැඩි වෙන්න තිබුනා අක්කේ.. සුපර් මාරියෝ ගහලා නැත්නම් වැඩක් නෑ අක්කේ..

      Delete
  11. ඔය ගේම් පිස්සුවෙන් මිදිච්ච එකනම් ලොකු දෙයක් බං...
    මමත් කාලයක් NFS වලටයි දැන් නම්ගම් මතක නැති තවත් ගේම් කීපයකටයි වහ වැටිලා හිටියා
    කාලයත් එක්ක ඒවා මග ඇරිලා ගියා (ලොකු දෙයක්)
    ඒත් ආපහු මේ ලඟකදී ඉඳලා දවසකට විනාඩි 15 ක් 20 ක් වගේ ඔන්ලයින් Pool ගේම් එකක් ගහන්න ආපහු පුරුදු වෙලා..
    අතින් ගානක් යන්නේ නැති නිසා අවුලක් නැහැ
    ලංකාවට ගියගමන් ඒකත් නතරවෙලා යයි...

    ReplyDelete
    Replies
    1. කාලයත් එක්ක මේ දේවල් අපෙන් මග ඇරුනත් අපිට වඩා වැඩිමල් අය ඉන්නවනේ ගේම්ස් ජිවිතේම කර ගත්ත.. ටික කාලෙකට උඩදි නම මමත් POOL ගේම් ගැහුවා.. දැන් ඒකත් නෑ..

      Delete
  12. මේ පොස්ටුව එක්ක බලපුවාම මම කොච්චර ප්‍රාථමිකයිද කියලා හිතෙනවා..මට නම් මයින් ස්වීපර් වලට වැඩිය ගේම් එකක් නෑ..හික්ස්..

    ReplyDelete
    Replies
    1. මම එහෙම ගේම් එකක් සෙල්ලම් කරලා නෑනේ අක්කේ..

      Delete
    2. අයියෝ මේක නම් සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක්
      ඔන්න බලන්නකෝ.
      http://en.wikipedia.org/wiki/Minesweeper_%28video_game%29
      හික්ස්

      Delete
  13. ටීවී ගේම්ස් නම් ඉතින් මාරියෝ තමයි. ඉස්සර Duck hunt ගහන්න දෙන්නේ නෑ ටීවී එකේ කලර් පැච් යනවා කියල. පස්සේ කොම්පුටර් ගේම් වලට බැස්ස...
    ලොකු ලොකු ගේම්ස් මමත් එච්චර සෙල්ලම් කරලා නෑ. හැබැයි ගහපු ගේම් අතරින් "NEED FOR SPEED MOST WANTED" තරම් හිතට අල්ලපු ගෙමත් මට නම් තවත් නෑ. එතනින් එහාට ගියාම
    "Call of Duty 4" සෙල්ලම් කළා. "FAR CRY "/ Grand Theft Auto " සෙල්ලම් කළා. අන්තිමට VGA එක පිච්චුනා.. එතනින් එහාට ආපු ගොඩක් ගේම්ස් ගහන්න මගේ කොම්පුටර් එකේ system එක මදි වුනා.

    ReplyDelete
    Replies
    1. කම්පියුටර් ගේම්ස් වල තියෙන අප්සට් එක ඕක තමයි.. එකින් එකට සිස්ටම් වෙනස් නිසා ගහන්න බෑ.. ඒකමයි මමත් වැඩේ අත ඇරලා දැම්මේ..

      DUCK HUNT එකේ කලර් පැච් එන්නේ ගොඩක් ලග ඉදන් ගැහුවම.. මගේ එකට දැන් අවුරුදු 10කට වැඩියි.. ඒත් කිසිම අප්සට් එකක් උනේ නෑ..

      Delete
  14. අනේ මම නම් වැඩිය ගේම් ගහල නෑ. සුපර් මාරියෝ නම් යන්තම් ටිකක් ප්ලේ කරලා තියෙනවා. හැබැයි දැන් බුකිය තියෙන ගේම් නම් ඉඩ තියෙන වෙලාවට ගහනවා.

    ReplyDelete
    Replies
    1. මමනම් බුකියේ තියෙන ඒවට වැඩි කැමැත්තක් නෑ අක්කේ.. ටික වෙලාවක් යද්දි ඒවා එපා වෙනවා..

      Delete
  15. කුරුල්ලන්ට වෙඩි තියන ගේම් එක, සුපර් මාරියි මමත් ඒ කාලේ ගහපු ආසම ගේම් තමයි :)

    ReplyDelete
    Replies
    1. ඔය DUCH HUNTER එකේ කුරුල්ලෙක් මිස් උනාම අර ඉන්න බල්ලා හිනා වෙද්දි තමයි ඉතින් තද වෙන්නේ...

      Delete
  16. මම නං ඔය ගේම් සෙල්ලං කොරලම නෑ, දරුවො දෙන්නත් ඇබ්බැහි වුනේ නෑ.

    මෙහෙට ලඟදි සංක්‍රමණය කරපු යුවලක්, දරුවො දෙන්නට ඉස්සෙල්ලම අරං දුන්නෙ සෙකන්ඩ් හෑන්ඩ් X-Box වගේ නමකින් හැඳින්වෙන ඔය ගේම් ගහන ගැජමැටික් එකක් සහ ඒකට අවශ්‍ය ගේම්.
    ඒක හොඳද නරකද මන්ද ? තාත්ත තාම තාවකාලිකව තමන්ගේ සුදුසුකම් වලටත් ගැලපෙන්නෙ නැති රැකියාවකට යනව. අම්ම උදේ ඉඳන් රෑ වෙන තුරුත්, වයස අව්.10 සහ 15 දරුවො දෙන්න ඉස්කෝලේ ඇරිල ආ වෙලාවෙ ඉඳලත් ගේම් ගහනව. මියුරුගේ කොමෙන්ට් එක නිසා මතක් වුනේ.

    ReplyDelete
    Replies
    1. ඒවා එක එක්කෙනාට බලපාන හැටි වෙනස් වෙනවා.. දැන් අළුතින් ඔය X-BOX වලට එන ගේම් නම් අපි තනිකරම ඒ සෙල්ලම කරන විදිහට කැමරාව ඉදිරියේ හැසිරෙන්න ඕන.. වොලිබෝල් ගහනවා කියලා හිතන්න.. ඒ වගේම කාන්තාවන්ට ඇග හදා ගන්න කරන යෝගා ගේම් එකකුත් මෙහේ තියෙනවා..

      Delete
  17. ඇයි අයියේ COD සීරියස් එක අම්මෝ මතක් වෙද්දිත් ඇග හිරි වැටෙනවා.. මමනම් තාම ගේම් ගහන එක අත ඇරලා නෑ

    ReplyDelete
    Replies
    1. COD 4 හෝ 5 වෙනකම් මමත් එක දිගටම ගැහුවා.. අළුත්ම ඒකනම් මාරම සුපිරියි.. ඒත් ගහන්න බෑනේ..

      Delete
  18. හි හී මටත් ඉස්සර ඔය පිස්සුව තිබුනා හැබැයි බොහොම ටික කාලයයි. මොකද මම වැඩියම කැමති වුනේ පොත් කියවන්නයි මොනවා හරි කුරුටු ගාන්නයි තමයි ඒ කාලේ. අපේ මල්ලිට තමා ඔය ටිවී ගේම් එක ලැබුනේ. එයානම් ඒකට කාලයක් ඔයා වගෙම පිස්සු වැටිලා හිටියා.දැන් ඉතින් ගේම් ගහන්නේ අක්කගෙ බබාලා දෙන්න තමා.ඔයNEAD FOR SPEAD එහෙම එයාලත් PLAY කරනව.

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියනවනම් ඔය ගේම් ගහනවට වැඩිය මොනවා හරි කියවන ලියන එක වටිනවා.. ගේම්ස් උනත් දවසට පැයක් වගේ හිත සැහැල්ලු වෙන්න වගේ සෙල්ලම් කලාට ප්‍රශ්ණයක් නෑ.

      Delete
  19. මමත් සුපර් මාරියෝ ප්ලේ කරාට පස්සේ හොයාගෙන ගේම්ස් ගහන එක නැවැත්තුවා.. වින්ඩෝස් එක්ක නිකන් හම්බෙන ගේම් එකක් නම් ඉතින් ඔය ඉඳල හිටලා ගහනවා. අපේ සමහර කට්ටිය ඉන්නවා කන්න බොන්න අතේ සතේ නැති වුණත් ගේමින්ග් සීඩී එකක් නම් අනිවා ගන්නවා.. හි හි.. ඔය ඇබ්බැහියෙන් මිදුණු එක නම් වැදගත් දෙයක්.. :DD

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියනවනම් ඉතින් මමත් ඒ කාලේ සීඩි ගත්තේ නොකා නොබී තමයි.. දැන්නම් ඒ පිස්සුව නශොද වෙලාවට..

      Delete
  20. ඔයා දාලා තියෙන පින්තූර වල තියෙන ගේම් වලින් 14ක් මම ඉවර කරලා තියෙනවා ඒ අතරින් මම ආසම ගේම් එක තමයි ටෝටල් ඕවර්ඩෝස් ඒකේ තියෙන වීඩියෝස් නිසා තමයි එච්චර ඒකට ආසා වුනේ...ඊට පස්සේ ආස ප්‍රින්ස් ඔෆ් පර්සියා සීරිස් එකම ඉවර කලා කී බෝඩ් විනාසයි....nfs ගහන්න කම්මැලියි ඒත් මගේ යාළුවෙක් වීල්ස් එහෙම ගෙනත් ඕක ගැහුවා සේරම තාමත් ගහනවා....මම මුලින්ම කොම්පියුටර් ගේම් එකක් කියලා ගැහුවේ bow and arrow ගේම් එක windows 98 එකක...

    igi1,igi2 ඉවර කරන්න මාර කට්ටක් කෑවේ රෑට නිදාගත්තාම හීනෙන් පේනවා හිර වෙලා ඉන්න මිෂන් ඉවර කරන හැටි ඉතින් නැගිට්ට හැටියේ ඒක ඉවර කරලා තමා ඉස්කෝලේ යතත් යන්නේ...

    ඒ ගහපු ගේම් කන්දරාවෙන් සල්ලි දීලා ගත්තේ එකයි දෙකයි...RAM VGA යාළුවන්ගෙන් ඉල්ලන් ඇවිත් හිටන් ගේම් ගහලා තියෙනවා හික් හික් දැන්නම් ගේම් ගැහෙන්නෙම නෑනේ

    ඔහේ හොර කොපි එහෙම නැද්ද??

    ReplyDelete
    Replies
    1. සිරාවට TOTAL OVERDOS එක මමත් හතර පාරක් විතර ගැහුවා.. ඒකේ තියෙන මෙක්සිකන් මියුසික් වලටයි මම වැඩියෙන්ම කැමති.. අනික පොරගෙත් මාර වැඩ කෑලි තියෙන්නේ..

      ඔය ගේම් එකක් ඉවර කරනකන් රෑට නින්ද නොයන සීන් එක මටත් තිබුනා.. PRINCE OF PRESIA ගහද්දි.. ඒ ගැන නම් කියලා වැඩක් නෑ..

      හොර කොපි තියෙනවා.. ගොඩක් වෙලාවට පොලේ අප්‍රියක් කාරයෝ තමයි ඕවා විකුණන්නේ.. මමත් එක සැරයක් ගෙනාව.. හැබැයි වැඩක් නෑ.. වැඩ කරන්නේ නෑ..

      Delete
  21. ඔය ගේම් ගැන නම් මතක් කරන්න එපා. යකා නගිනවා. දැන් තියන එක ගේම් එකක්වත් මගේ මැෂින් එකේ ගහන්න බෑ.:(

    ReplyDelete
    Replies
    1. උඹනම් ඉතින් ගෑණු ළමයි එක්කේ ONLINE POOL ගහන කෙනානේ.. ඒ නිසා මම වැඩිය මුකුත් කියන්නේ නෑ.. :)

      Delete
    2. අන්න අන්න ඉතින් කින්ඩි දානවනේ දිනේෂ් අයියා.

      Delete
    3. පිස්සුද කසුනෝ.. මම එහෙම කරනවද..

      Delete
  22. මටත් මතක් උනා මීට අවුරුදු දෙකකට විතර කලින් ගේම් ගහපු තරම අලුත් එන එන එක බාගෙන සෙල්ලම් කරනවා. ගේම් වලටම හරියන්න මැසිමත් හදනවා. ඒකාලේ තිබ්බ පිස්සුවක තරම ඒත් පස්සේ ඒක නිකම්ම නැති උනා දැන් අවුරුද්දකින් විතර මොනවත් සෙල්ලම් කලේ නෑ. අයම ඒ ලෙවල් ඉවර වෙලා පටන් ගන්න ඔනේ.

    ReplyDelete
    Replies
    1. A/L ඉවර උනාම තමයි ගේම්ස් ගහන්න හොදම කාලේ.. මොකද හිතේ ඒ තරම් බරක් නෑනේ.. මමත් වැඩි හරියක් ගේම්ස් ගැහුවේ ඔය කාලේ තමයි..

      Delete
  23. හෆ්ෆා..ගේම්ස්....:O මම මොනාද මේකට කියන්නෙ හෆ්ෆා??? :( මම වැඩිය ගේම් ගහන්න ආස නෑ ... ගැහුවත් ගහන්න ආස නිකන් ලස්සන හුරතල් පාට එකක් තමා..

    fb එකේ තිබ්බ හුරතල් ගේම්ස් ටිකක් නම් ගැහුවා..;) හිකිස්ස්.. දැන් ඒකත් නෑ..Angry Bird ගහනවා දැන්, ඒකත් ඉදලා හිටලා...

    ReplyDelete
    Replies
    1. හුරතල් ගේම්.. ඒ මොනවද අනේ ඒ හුරතල් ඒවා.. අපි ගහලම නෑනේ..

      Delete
  24. සුපර් මාරියෝ ඇරෙන්න අනිත් කිසිම ගේම් එකක් ගහලා නෑ නෙව !

    ReplyDelete
    Replies
    1. දුක් වෙන්නඅ එපා අයියේ.. අයියා ලෝකේ අංක එකේ ගේම් එක ගහලා තියෙනවනේ..

      Delete
  25. මම සුපර් මාරියෝ..ඊට පස්සේ කොමාන්ඩෝ. ඒ දෙක තමා මතක හිටින්න සෙල්ලම් කලේ.

    ReplyDelete
    Replies
    1. ගේම්ස් ගහන්න පටන් ගත්ත මුල්ම කාලේ හැමදාම ගහපු ගේම් දෙකක් තමයි ඉතින් ඔය දෙක.. අදටත් සෙල්ලන් කරන්න හිතෙනවනෙ..

      Delete
  26. හයියෝ....මමනම් යාන්තන් එකේ දෙකේ පන්තිවල ඉන්නකොට තමයි සුපර් මාරියෝ ප්ලේ කලේ...ඒදවස්වල වැඩිය තේරෙන්නෙත් නෑනෙ...හනේ ඉතින් ඊට එහා මරාගන්න ගේම්ස්නම් කවදාවත් ප්ලේ කරල නෑ(අෆි හලි අහිංසක ලමයිනේ..) කාර් රේස් වලටනම් ආසත් නෑ...
    හැබැයි මගෙ මුල්ම එෆ්.බී එකවුන්ට් එක හැදුවෙ බාන්බඩී ගහන්න තියෙන ආසාවට...මම වැඩිහරියක් ප්ලේ කරල තියෙන්නෙ එෆ්.බී එකේ ඒව...කොහෙද ඉතින් ගේම්ගැන මෙලෝ සංසාරයක් දැනගන්න මට අයියෙක් ඉන්න එකක්යෑ...එෆ්.බී එකේ ඒ අකවුන්ට් එක ඩීඇක්ටිව් කරනකොට ඒකෙ ගේම්ස් හතලිස්ගානක් තිබුන...පස්සෙ අතෑරුනත් ආව මුල් මාස හයේ මම හැමදාම ඔය ගේම්ස් හතලිස්ගානම ප්ලේ කලා

    ReplyDelete
    Replies
    1. හපෝ ඔය බාන්බඩී නම් මතක් කරන්න එපා.. මම කැමතිම නැති එකක්නේ.. බුකියේ ගේම් මම ගහන්නෙම නෑ.. මොකද්ද කියලා දාලා බලනව විතරයි..

      Delete
  27. Vcop2 තාම ගහනවා කිව්වොත් විස්වාස කරනවද.....

    ReplyDelete
    Replies
    1. ශා නියමයිනේ.. කොහෙන්ද ගත්තේ? නෙට් ඩවුන්ලෝඩ් නම් අපිටත් පාර කියන්නකෝ...

      Delete
  28. සිරා මතකයක් බං.. අපි කරපු දේවල්ම තමා.. ඉස්සර අපේ අම්ම අර කුරුල්ලන්‍ට වෙඩි තියද්දි අපිට බනිනවා ටීවි එකේ ඇතුලේ අයි. සී පිච්චෙයි කියලා

    PRINCE OF PERSIA පට්ට. මම ඒක ඉවර කලේ ඔපීස් එකේදිමයි.. ;)

    ReplyDelete
  29. උඹ හරි ගේම් කාරයෙක් නේ. මම නං ගහල තියෙන්නෙ අයිජීඅයි විතරයි.

    ReplyDelete
  30. උඹට පිස්සුද බන් අපිට පොඩි උන් එන්නවා හොඳ වෙලාවට උන් තවම මේවා බලන්නේ නැත්තේ.

    ReplyDelete
  31. වැඩිම කාලයක් සෙල්ලං කලේ මෝටල් කොම්බැට් සහ නීඩ් ෆො ස්පීඩ් . . . ඇබ්බැහිය වැඩිවෙන පැත්තට යන විත්තිය දැනුනම මමයි මල්ලියි අපි දෙන්නගෙම ගේම් සීඩී එකතුවම කෑලි කෑලි වලට කඩල විසිකලා

    ReplyDelete
  32. අපෝ.. අපේ ගෙදරට ගෙනවා කොම්පීටරයක්.. මං ගේම් ගැහුවා.. NFS තමයි ඒ කාලෙ.. තව Joint Operations කියලා එකකුයි. ටික කාලයක් යද්දි GTA Vice City එක ආවා.. විකාරෙං ගැහුවා.. ඒත් ඒකෙ මිශන් 1/2 යි තියෙන්නෙ.. පස්සෙ ඉතුරු ටිකත් තව එක්කෙනෙක්ගෙන් ඉල්ලං මුල ඉදන් ගැහුවා. ඒක ඉවර කරා. පස්සෙ GTA Sanandreas ආවා. ඒක දවස් 18 කින් ඉවර කරා හොර කරන පාස්ව(ර්)ඩ් නැතුව.. මිශන් හම්බානක.. ඒක ඉවර කරත් හරි කම්පියුටරෙත් ඉවර උනා. පස්සෙ මම ගේම් ජීවිතේට සමු දුන්නා. එදා ඉදන් මම කරන්නෙ ග්‍රැෆික් ඩිසයිනින්.. 10 වසර වෙද්දි අහක බලං ෆොටෝශොප් වැඩ කරන්න පුළුවන්. දැන් නම් ටිකක් ඒවායෙන් මිදිලා. ළගදි කළේ ප්‍රොජෙක්ට් කවර් එක හදපු එක. ඉස්සර තරමට නම් ඒ ‍හොදටම මදි...!!!

    ReplyDelete
  33. Υour own artiсle offers νеrifіed useful to me.

    It’ѕ quite еԁucatiоnal and you are obѵіously extгemely well-informed in thіs area.
    Yοu haѵe ρopped my peгsonаl eye for уоu to dіfferent ορinion οf thіs specific subject matter
    using intеresting anԁ ѕtrong ωгitten content.
    Feel free to surf my web-site :: buy phentermine online

    ReplyDelete
  34. Your current report has verіfied necessary to us.

    It’s ѵeгy hеlpful and yоu're simply certainly extremely knowledgeable in this region. You possess opened up my own sight for you to numerous opinion of this specific topic using intriquing, notable and strong content.
    Feel free to surf my web site ... Kevinswiki.Com

    ReplyDelete
  35. Yοur own wгite-up prοvіdes established helpful
    to me. It’ѕ reаlly hеlpful and yοu're simply certainly quite well-informed of this type. You have opened my own eye to be able to various opinion of this kind of topic using intriguing and reliable articles.
    my web site - buy phentermine

    ReplyDelete
  36. Tуpically, thаt which you rеcognize ωhen
    we very fiгst hear abοut Сіаlis is the fact thiѕ iѕ the

    Here is my ωeb page :: viagra
    Take a look at my site :: viagra

    ReplyDelete
  37. The wrіte-up has proѵen helрful to me.
    It’s quite useful аnd yοu're simply obviously very knowledgeable in this field. You have popped my own sight to be able to varying opinion of this subject together with intriquing, notable and solid written content.
    Feel free to visit my web-site ; buy Xanax

    ReplyDelete
  38. Үour current геpοrt has confiгmed uѕeful to uѕ.
    It’s reallу educаtіonаl and уou're simply clearly extremely experienced in this region. You possess opened my own eye to be able to different views on this topic together with interesting and reliable articles.

    Feel free to visit my weblog buy phentermine
    Also visit my web blog ... buy phentermine

    ReplyDelete
  39. Bеreits ѕеіt mеhrerеn Јаhren
    gilt Viagra als eineѕ der bekаnntestеn Orgаѕmusmittel fֳ¼r
    Herren ѕоωie daѕ аus gutеm Grund, denn das Orgаѕmusproԁukt Viagга
    іѕt abѕοlut wirksam. Original cialis rеzeptfrei
    Feel free to visit my blog :: cialis

    ReplyDelete
  40. Your οwn write-up has cοnfirmed helpful
    tο us. It’s quіte informаtive аnԁ уou're simply clearly quite educated of this type. You get opened my eyes for you to numerous thoughts about this specific subject with interesting and sound content.

    Here is my weblog ... buy phentermine
    My blog - buy phentermine

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්