Sunday, 11 March 2012

දෑස ( කෙටි කතාව )


හැමදාම පාන්දර සුපුරුදු වෙලාවට සවනත වැටෙන රේඩියෝ හඩ වෙලාවකට කරදරයක්.. නින්දත් අඩ නින්දත් අත්රේම අදුරේම සුපුරුදු තැනම තියෙන රේඩියෝවට අත දිගු කරලා නිමා දමලා ආයෙත් පොරෝනය අතරේම ගුළි උනේ හැමදාම එක වගේ ගෙවෙන දවස් වල වෙනසක් නොදකින හින්දම.. ඒත් වැඩි වෙලාවක් යන්නට මත්තෙන් කලබලයෙන් නැගිට්ටේ ලොකු අඩුවක් හිතට දැනුන නිසා..

කෝ ලයිකා?”

මම මගෙන්ම ඇසුවේ වෙනදට මටත් කලින් ඇහැරෙන ඇය රේඩියෝව නාද වූවාට පසුව කෙදිනෙකවත් මෙට මෙලෙස නිදා ගන්නට ඉඩ නොදුන් නිසාය.. සුපුරුදු තැනටම අත දිගු කර ලගට අරගත් සුදු සැරයටියට වාරු වීගෙන ඇදින් නික්මුන මම හුරුපුරුදු මුත් ඒත් නුහුරු කාමරයෙන් එළියට ආවේ ඇයට නම කියා කීප වතාවක්ම අඩගසමින්..

මගේ කටහඩ ඇරෙන්නට වෙනත් කිසිම හඩක් සවනත නොවැටුන විට හිත ගැහෙන හඩ මට හොදින්ම ඇහෙන්න පටන් ගත්තේ අන්ධ මගේ ජීවිතයට සෙවනැල්ලක් උන ඇය කොහේ ගියාද යන බය හිතට දැනුන නිසාම.. සිවුපාවෙක්ව උපත ලදත් මනුස්සයෙක්ම තරමටම මට ලං උන ඇය ගැන හොයන්නවත් නොහැකිවීම මගේ හිතට ගෙනාවේ මහා කළකිරුණු බවක්..


බිත්ති මතට අත දිගු කරමින් සැරයටියෙන් මාවත සොයමින් ඉදිරියට යද්දි ඇහුන හීන් කෙදිරිල්ල හිතේ ගැස්ම තව තවත් වැඩි කලා.. ඇගේ නම කියා කතා කරද්දි ටිකින් ටික වැඩි උන හීන් කෙදිරිල්ල දිගේ පාර හොයාගෙන ලගට ලං වෙද්දි හීන් කෙදිරිල්ලේ මොකක් හෝ අමුත්තක් තියෙන බව දැනුනේ ඉබේටම වගේ..

ඇය ලගින්ම බිමින් හිදගත්ත මම හෙමින් ඇගේ හිස අතගාද්දී මගේ උණුසුමට තවත් මට ලං උන ඇය අපහසුවෙන් මගේ දෑත ලෙවකද්දි ඇයට කියන්න බැරි හැම දෙයක්ම වගේ මොහොතකින් මට තේරුම් ගියේ මම ඇයට ගොඩක් ලං වෙලා හිටපු නිසා වෙන්න ඇති..

දුරකතනය සොයා අපහසුවෙන් ඇවිදන් ගිය මම ඇගේ වෛද්‍යවරයා අමතා ඉක්මනින්ම එන්න කීවේ අන්ධ මට ඇය වෙනුවෙන් කලහැකි එකම දෙය එයම වූ නිසා.. හැකි ඉක්මනින් එන්නට වෛද්‍යවරයාව පොරොන්දු කර ගත්ත මම ආයෙම ඇය ලගට ගිහින් ඇගේ හිස මගේ උකුලෙන් තියාගෙන හෙමින් ඇගේ හිස පිරිමදිමින් දෙවියන්ගෙන් ඉල්ලුවේ නුඹට අනතුරක් වෙන්න එපා කියන එකම එක ඉල්ලීම විතරක්මයි..

ජීවිතේ ලස්සන මේ ඇස් දෙකෙන් විදගත්ත කාලෙක මට හමු වුන නුඹ මේ තරමටම මගේ ජීවිතේට ලං වෙයි කියලා මම කවදාවත්ම හිතුවේ නෑ.. තැනුන බැදීම් දහසක් බිදී යද්දි නුඹ මාව තනි කරලා නොගියේ වෙන යන්න තැනක් නැති නිසාම කියලා කවුරු හරි කියනවනම් මම ඒක පිළිගන්න කැමති නෑ..

...................

මචං උඹට පුළුවන්නම් ලයිකව අරගෙන පලයන්.. මගේ වැඩත් මට කර ගන්න බැරුව මම කොහොමද බං සතෙක් ගැන බලන්නේ..”

ඒත් මචං මම හිතන්නේ ලයිකා උඹ ලග ඉන්න එක හොදයි.. සතෙක් උනාට ලයිකට ගොඩක් දේවල් තේරෙනවා..”

උනාට මචං..”

නෑ මචං.. උඹ නොදන්නවා උනාට දැනුත් ලයිකා උඹ ලගට වෙලා උඹ කියන දේවල් දිහා බලාගෙන ඉන්නේ.. අපිට උඹ ලගින් හැම වෙලාවකම ඉන්න බැරි උනත් ලයිකා උඹ ලගින් ඉදන් උඹට මග පෙනන්නාවී..”

වචන වල නුඹ ගැන රැදුන විශ්වාසයට මම ගොඩක් ආදරේ කලා.. කවදාවත්ම සනීප කරන්න බෑ කිවුව මේ ජීවිතේ අදුරු බව හැමදාටම ඉතුරු වෙද්දී නුඹ ගැන වර්ණනා කරපු අය පවා මගෙන් ඈතට යන්න ගිහින්.. ඇයි උබ ගියේ නැත්තේ? උත්තරයක් දෙන්න නුඹට බැරි උනත් මම ප්‍රශ්ණේ කී පාරක්නම් අහන්න ඇත්ද..

අන්ධ මට කණවැල අල්ලගෙන මේ අපු මග කොයිතරම් නම් අපහසු එකක්ද? ඒක මටත් වඩා දන්නේ නුඹ.. මටත් නොදැනිම මගේ වරදින් නුඹට කොච්චර වේදනා දැනිලා ඇත්ද?  පුංච් කාලේ පාරේ අතරමං වෙලා ඉද්දි අපේ ගෙදරට හොරෙන්ම ඇතුළු උන නුඹට ඉඩක් දුන්නේ මගේ තනි කැමැත්තට උනාට දැන් මටත් වැඩිය නුඹට ආදරේ කරන අය ඉන්නවා..

නුඹේ මතක එක්කම කාලය ගෙවී යද්දි නාද උන නිවසේ සීනුව වෛද්‍යවරයා ආවා කියන මතකය හිතට ගෙනාපු නිසාම කලබලයෙන් දොර ලගට ගිය මම ඔහුව ඉක්මනින් නුඹ ලගට එක්කන් ආවේ මොහොතක්වත් පරක්කු කරන්න තරම් හිත නොදුන් නිසා..

“ අනේ ඩොක්ටර්.. පුළුවන් තරම් ඉක්මනට බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා..”

“  සුමිත් බය වෙන්න එපා.. අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියලා..”

ඔහු ඇයව පරික්ශා කරන්න ගත උන කාලය මට දැනුනේ මහා කල්පයක් වගේ.. ඒ අතරේ ඉදහිට අහුන හින් කෙදිරිලි හඩ හිතේ තිගැස්ම තවත් වැඩි කලත් වෛද‍යවරයා සිටීමම හිතට සැහැල්ලුවක් උනා..

“ සුමිත් කලබල වෙන්න එපා..”

“ ඇයි ඩොක්ටර්?”

ඔහුගෙන් ඇසුන පහත් ස්වරය කියන්නට හදන්නේ කුමක්දැයි මගේ හිත විමසුවේ හිතේ තිගැස්ම වැඩි කරමින්..

“ ටික දවසක ඉදන්ම ලයිකා ඉදල තියෙන්නේ අසනීපෙන්.. දුන්න කෑමක් උනත් හරියට කාලා නෑ..”

“ ඒ ඇයි ඩොක්ටර්?”

“ සුමිත් කලබල වෙන්න එපා.. ඇගේ තුවාල වගයකුත් තියෙනවා.. මම හිතන්නේ කවුරු හරි මේ සතාට ගහලා තියෙනවා..”

“ මොනවා ඩොක්ටර්..”

අතහි රැදුන සරයැටිය අතින් ගිලිහි බිම වැටෙද්දි වෛද්‍යවරයා මා අල්ලාගෙන පුටුවක් මත ඉන්දවූයේ  මගේ වෙනස ඔහුට දැනුන නිසා.. කතා කරන්නට වචන ගලපාගන්නට නොහැකිව මගේ හිත කලබලයෙන් ඒ මේ අත දුව ගියේ ඇයට කුමක් උනිදැයි සිතමින්..

“ මම දන්නවා සුමිත්.. සුමිත්ට මේ සතා කොච්චට ලගද කියලා.. ඒත්..”

“ ලයිකාව සනීප කරන්න බැරිද ඩොක්ටර්?”

“ මට සුමිත්ගේ හිත සනසන්න උත්සාහ කරලා බලමු කියන්න පුළුවන්.. ඒත් දැන් ගොඩක් පරක්කු වැඩියි සුමිත්..”

ආලෝකයක් නොදකින දෑස් අගට ගලා ගෙන ආපු කඳුළු බිදු එකින් එක නිමාවක් නැතුව ඇද වැටුනේ නුඹ මට ජීවිතය තරමටම සමීප උන නිසා..

“ මම තුවාල වලට බෙහෙත් දැම්මා.. ඊට වඩා දෙයක්නම් මට කරන්න අමාරුයි.. මට සමාවෙන්න සුමිත්..”

“ ඩොක්ටර්ට මාව දැන් ලයිකා ඉන්න තැනට එක්කන් යනවද?”

“ සුමිත්ගෙම කාමරේ තමයි.. යං මම එක්කන් යන්නම්..”

අතහැරුන සැරයැටිය දෑතට ලං කල ඔහු මගේ කාමරය ලගට මා ගෙනවිත් මට සමුදුන්නේ ඊට වඩා යමක් කරන්නට  ඔහුට නොහැකී වූ නිසාය..

ඇද මත වැතිර උන් නුඹ ලගින්ම හිදගත් මම සෙමින් නුඹේ හිස අතගාද්දි වේදනව අතරින් හෙමින් මගේ දෑත සිප ගන්න උත්සාහ කල නුඹ වේදනාව නිසාම ආයෙම හිස බිම තමා ගත්තේ සිහින් කෙදිරිල්ලක්ද සමගින්..

ජීවිතේ මහා බර කාලයක මගේ අහිමි උන දෑස වෙනුවට නුඹෙන් ලද දෑස ජීවිතයට පාර කියපු හැටි මේ ජීවිතේට කවදාවත්ම අමතක නොවේවි.. මගේ අහිමි උන දෑස වගේම නුබේ දෑසත් අහිමි උනාම ජීවිතය තව කොච්චර අදුරු වෙයිද කියලා නුඹවත් මමත් දන්නේ නෑ.. ඒත් නුඹට මෙහෙම කල් උන්? 



නිමි..

66 comments:

  1. //මගේ අහිමි උන දෑස වගේම නුබේ දෑසත් අහිමි උනාම ජීවිතය තව කොච්චර අදුරු වෙයිද//
    මට මතක්වුණේ වෙනත් රෝගයකින් පෙළුන ස්වාමියාව එයාගෙ ඇහින් දුටුව බලු පැටියෙක් ගැන තැනුන ‍ෆිල්ම් එකක්..
    ගෙඩක් දෙනෙක් තවත් මිනිසෙක්ගෙ ජීවිතයක් උදුර නොගත්තත් ඒ මනුෂ්‍යට නැතිවෙන්න ‍මුළු ජීවිතයම වෙන්න පුළුවන්..
    මිනිස් ජීවිතයේ සැඟවුණු අරුතක් එක්වුණ අර්තවත් කෙටි කතාවක්..!

    ReplyDelete
    Replies
    1. මමත් ඔය වගේ ෆිල්ම් කීපයක්ම බලලා තියෙනවා.. ඒත් අවසනය වෙනකම් බලන්න තරම් පුළුවන් කමක් මට තිබුනේ නෑ.. ඒ ඒ තේමාවන් ඒතරමටම සංවේදී නිසා..

      Delete
  2. Replies
    1. තෑන්ක්ස් අක්කේ..

      Delete
  3. උඹ ලියපන් මිනිස්සු පෝළිමට තියල කපන කොටන ඒව ගැන කිසි ප්‍රශ්නයක් නැතුව කියවන්නම්... අහින්සක සත්තුන්ව නම් ගාවගන්න එපා...

    ReplyDelete
    Replies
    1. සාතන් අයියට කේන්ති ගිහින්.. තරහා ගන්න එපා අයියේ.. මම මේක ලිවුවෙත් දෙපාරක්ම හිතලා.. මොකද මමත් පෞද්ගලිකවම මෙහෙම දේවල් වලට කැමති නෑ..

      Delete
  4. මම කීයද
    1 ද 2 ද කීය උනත් කමක් නැහැ.
    හෙට කියවමි. දැන් මහා රෑ ජාමේ නිසා නිදන්නට යමි :)

    ReplyDelete
    Replies
    1. එහෙනම් නිදි මත නැති වෙලාවක කියවන්නකෝ..

      Delete
  5. අනේ අයියේ.. දුක හිතෙනවා.. සාතන් කියන්න වගේ සත්තුන්ට හිරිහැර කරන එකට මාත් පොඩ්ඩක්වත් කැමති නෑ.. කථාව හරිම හැඟීම්බරයි..

    ReplyDelete
    Replies
    1. මට තේරෙනවා නංගියේ.. ඒත් පොඩ්ඩකට හිතන්න.. අපිට ඔහොම දැනුනට සත්තුන්ට අකාරුණුක වෙන මිනිස්සුත් ඉන්නවනේ..

      Delete
  6. පුදුම පාලුවක්‌ දැනුනා මටත්..මටත් හිටියා මෙහෙම කෙනෙක්‌.මගෙ ඇස්‌ දෙක පෙනුනත් කවදාවත් මාව තනි නොකරපු කෙනෙක්‌.ඇත්තටම බල්ලෙක්‌ කියලා කියන්නත් මම අකමැතියි.එච්චරටම මගේ තනියට මට ලන් උන එලවන්න එලවන්න හොරෙන් හොරෙන් මගෙ පස්‌සෙන්ම ආව කෙනෙක්‌.මම නිදාගත්තත් කාමරේ ලඟින්ම නිදාගෙන මාව බලා ගත්ත කෙනෙක්‌.ඒත් අද එයත් මන් ලඟ නැහැ.මේත් එයාද කියලා හිතුනා.ලස්‌සන කතාවක්‌..

    ReplyDelete
    Replies
    1. මටත් ඔය වගේම කෙනෙක් ගැන මතකයක් තියෙනවා කවදාවත්ම අමතක කරන්න බැරි.. ඒ ගැන මම මීට කලින් ලියලා තියෙන්නේ..

      Delete
  7. බල්ලෝ තව හොඳයි... මිනිස්සු විහින් බලු වෙන්න හදනවා..

    ReplyDelete
  8. අවංකව බල්ලන්ට කැමතිනැත.

    ReplyDelete
    Replies
    1. හැමෝගෙම කැමැත්ත එක වගේ නෙමෙයි නේ අයියේ..

      Delete
  9. මේ මගේ පලවෙනි කොමෙන්ටුව. මටත් ඔය නමින්ම මම හුගක් ආදරය කරපු බලු යාලුවෙක් හිටියා....
    කතාව කියවද්දී මට මගේ ලයිකව මතක් උනේ "මේ ජීවිතේ අදුරු බව හැමදාටම ඉතුරු වෙද්දී නුඹ ගැන වර්ණනා කරපු අය පවා මගෙන් ඈතට යන්න ගිහින්.. ඇයි උබ ගියේ නැත්තේ?" මේ කතාව ඌටද හුගක් සමාන උනු නිසයි..
    ලස්සන කතාව යාලු...:)හුගක් හැගීම්බර කතාවක්..!!!

    ReplyDelete
    Replies
    1. අපේ ජීවිත වලට මිනිස්සුන්ට වඩා අහම්බයෙන් ලං වෙන සත්තු මිනිස්සු අපිව තනි කරලා ගියත් කවදාවත්ම සත්තු අපිව තනි කරලා නොයන වෙලාවල් තියෙනවා..

      Delete
  10. මාත් බල්ලන්ට ආදරෙයි

    කථාව හොඳයි

    ReplyDelete
    Replies
    1. මමත් බල්ලන්ට ගොඩක් ආදරෙයි.. ඒ අවුරුදු 11ක්ම අපිත් එක්ක ජීවත් උන කෙනාගේ ගුණ දන්න නිසාම..

      Delete
  11. සිරාවටම විශිෂ්ට නිර්මාණයක්.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අයියේ..

      Delete
  12. සමහර අවස්ථා තියෙනවා, උත්තර දෙන්න ඕනෙම වුණත් වචන හොයාගන්න හරිම අමාරුයි.. මෙතනදීත් ඒ වගේ මොනවද කියන්නේ කියල හිතාගන්න බැරුව ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. මට තේරෙනවා නංගී.. මේ වගේ තේමාවන් අන්තිමේ මටත් ඔය දේම දැනිලා තියෙනවා..

      Delete
  13. සමහර අවස්ථා තියෙනවා, උත්තර දෙන්න ඕනෙම වුණත් වචන හොයාගන්න හරිම අමාරුයි.. මෙතනදීත් ඒ වගේ මොනවද කියන්නේ කියල හිතාගන්න බැරුව ඉන්නේ..

    ReplyDelete
  14. මට මගේ රෙක්සියව මතක් වුනා.ඇත්තටම බල්ලො අපිට හුඟාක් සමීපයි සමහර විට මිනිස්සුන්ටත් වඩා.මම දුකින්ද සතුටින්ද කියන එකත් එයාට තේරෙනව වගේ.දුක මූඩ් එකකින් ඉන්නකොට එයාත් මූන බිම තියාගෙන කකුල් දෙක ලඟ වැටිල ඉන්නවා දුක මූනකින්.අපි සතුටින් නම් එයාත් අපේ ඇඟට පැන පැන බුරනවා දඟලනවා.සන්වේදී කතාවක් අය්යේ

    ReplyDelete
    Replies
    1. හරියටම අපේ ගෙදර එක්කෙනා වගේ..මම ලංකාවේ නැති කාලෙත් මම ගෙදරට කෝල් කරද්දි අපේ අම්මා මගේ නම කියනවා ඇහෙනකොටම අපේ "රොමියා" අම්මා ලගට ඇවිත් දගලන්න පටන් ගන්නවලු.. ඔවුන් ඒ තරමටම අපිට සමීපයි..

      Delete
  15. බල්ලා තියන්නේ හුගාක් කෙළෙහිගුණ දන්න වටිනා බොහොම හිතවත් සතෙක් කියලා අත්දැකීමෙන් දන්නවා...

    ReplyDelete
    Replies
    1. ඇත්ත අක්කේ.. සත්තුන්ට හොද මතකයක් වගේම කෙලෙහිගුණ තියෙනවා.. මිනිස්සුන්ට නැති..

      Delete
  16. වෙලාවකට මිනිසුන්ට වඩා තිරිසන්නු හොඳයි කියලත් හිතෙනව.....සිරා කෙටි කතාවක් දිනේශ් අයියෙ.....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම.. සතෙක් කවදාවත් අපිට පිටුපාන්නේ නෑ..

      Delete
  17. ඇස් වලට කඳුලක් ආවා මේක කියවලා ඉවර වෙද්දි. මොනවා කියන්නද මට තේරෙන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අක්කේ.. කතාව හදවතින්ම විදගත්තනම් මට ඒ ඇති..

      Delete
  18. මේ කතාව පුරාවටම මට මතක්වුනේ හැමවෙලේම ඉඳිකට්ටයි නූලයි වගේ පස්සෙන් ඉන්න මගෙ සුදු මැණික(ලෙස්ටර්)ව.අනේ එයාට තාම අවුරුදු තුනයි....
    එයත් මාව දාල..........

    ReplyDelete
    Replies
    1. ඇයි නංගියේ කතාව අතර මග නැවැත්තුවේ??

      Delete
    2. නෑ ඒක මන් කියන්නෙ නෑ.....
      එයාට තාම අවුරුදු 3යිනේ.....

      Delete
  19. හදවතේ රැඳි සුවඳ
    ඉව කරන් මා ළඟම
    රැඳී වුන් සඳ සබඳ
    සමාවනු මැන මෙ මට
    නුඹගෙ සැපදුක් බලන්නට
    නොහැකි වූ පවට..

    නුඹ මෙන්ම මාද
    අසරණයි අසරණයි....

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ.. තමන්ට උදවු කරන කෙනෙක්ගේ දුක සැප බලන්නවත් බැරි වෙනකොට හිතට දැනෙන්නේ මහාම අසරණ කමයි..

      Delete
  20. කියාගන්න දෙයක් ඇත්තේම නෑ. හිතාගන්න දෙයක් විතරයි.

    ReplyDelete
    Replies
    1. තිරිසන් සතාට වඩා තිරිසන් උන මිනිස්සු එහෙම නොවී මිනිස්සු විදිහටම හිටියනම්.....

      Delete
  21. දෙමව්පියන්ට වත් සලකන්නේ නැති කාලෙක සත්තුන්ට ආදරේ වෙන මිනිස්සු හරි අඩුයි මලේ. අර්නස්ට් හෙමිංවේ ගෙත් ඔයවගේ සත්ව කරුණාව ගැන ලස්සන කෙටිකතා තියෙනවා. මහල්ලා සහ මුහුද ත් එකක් මට මතක හැටියට. වෙලාවක් තිබුණොත් කියවලා බලන්නකෝ.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවත් එක්ක නම් සම්පූර්ණ එකගයි අයියේ.. තම්න් ගැන විතරක් හිතන බලන කාලෙක මෙහෙම හිතන අය අඩුයි..

      මම ඒ කතාව කියවලා නෑ අයියේ.. හොයලා බලන්නම්..

      Delete
  22. බොහොම සංවේදියි....

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මලයා..

      Delete
  23. කියවද්දී හිතේ අවධානය උපරිමයෙන් ඩෑහැගන්න සමත් වෙච්ච සංවේදී කතාවක්. සුපිරි

    ReplyDelete
    Replies
    1. අද මම කියවපු ඔබේ කතාවත් එක්ක බලද්දි නම් මේක අහසට පොළව වගේ..

      Delete
  24. අනේ... හරිම දුකයි....:( :'( සංවේදීයි :(

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට සතුන්ට කරදරයක් වෙද්දි අපිට දුක දැනෙනවා වැඩියි..

      Delete
  25. Replies
    1. දුකයි තමයි අලියෝ...

      Delete
  26. මේ දෑස මක්කටැයි...

    කමෙන්ට් නැහැ මචං. සිරා !

    ReplyDelete
    Replies
    1. මෙහෙම අවාසනාවන්ත දෙයක් දකින්න නොලැබුනම එක හොදයි කියලා හිතෙනවා..

      Delete
  27. සිත තුල කරුණාවක් නොම ඇත්තෝ
    මිනිසත්බව ලබා කුමට උපන්නෝ!:-/

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. එහෙම අය ඉන්න ඕන තිරිසනුන්ටත් වඩා පහල තැනක..

      Delete
  28. සිරාවටම ලස්සනයි, හරිම සංවේදියි,
    අන්තිමට කියන්න තියෙන්නෙ මිනිස් බල්ලොත් එක්ක බල්ලන්ට බෑ කියලා තමා

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. දෙපා බල්ලෝ කකුල් හතරේ අයට වසා තිරිසන් වෙද්දි කකුල් හතරේ එවුන් මොනවා කරන්නද?

      Delete
  29. ගොඩාක් සංවේදියි..කතාව දැනුනා අය්යේ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලියේ..

      Delete
  30. සතුන්ට හිරිහැර කරන අයට මම පොඩ්ඩක්වත් කැමති නැහැ...

    ReplyDelete
    Replies
    1. මමත් කොහෙත්ම කැමති නෑ අක්කේ.. ෆිල්ම් එකක උනත් එහෙම දෙයක් බලන්න මට අමාරුයි..

      Delete
  31. මං ඊයෙ මේක කියෙව්වට කමෙන්ට් කරන්න හම්බ වුනේ නෑ නේ.

    හරිම දුක හිතෙන කතාවක් මල්ලි.බල්ලො කොහොමත් ඔහොමයි....

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ට හිතවත් සත්තුන්ට මිනිස්සුම නපුරු වෙනකොට ඒ ගැන මොනවා කියන්නද අක්කේ..

      Delete
  32. පට්ටම කතාව දිනේෂ් අයියේ. බල්ලෝ නම් ගොඩක් වෙලාවට ඔහොම තමයි මිනිස්සු දාල ගියත් බල්ලෝ දාල යන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. බල්ලන්ට කෙලෙහිගුණ කියලා දෙයක් තියෙනවා කසුනෝ..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්