Tuesday, 20 March 2012

භාෂා පරිවර්ථක

ලංකාවේ අපිනම් සිංහල තරමටම උනන්දු වෙලා ඉගෙන ගන්න දෙයක් තමයි ඉංග්‍රීසි කියන්නේ.. ඉස්සරහට ඉංග්‍රීසි නැත්නම් මුකුත්ම කරන්න බෑ කියලා තමයි ගොඩක් අය හිතන්නේ.. ඒකේ වරදක් නෑ.. අපේ අම්මලා උනත් අපිට ඉංග්‍රීසි උගන්නන්න එච්චරම වද උනෙත් නිසාම තමයි.. හැබැයි ඉතින් එහෙමයි කියලා සිංහල අමතක කරලා ඉංග්‍රීසි පස්සේ යන එකනටනම් මම කැමත් නෑ..

ඉතාලිය පැත්තෙන් ගත්තොත් ඔය තත්ත්වේ 80% විතර වෙනස්.. ඉංග්‍රීසි තඹ සතේකට මායිම් කරන්නේ නැති මිනිස්සු තමයි ගොඩක් වෙලාවට මට මුණ ගැහිලා තියෙන්නේ.. ඒත් දැන් දැන් නම් ඉස්කෝල වල කොල්ලො කෙල්ලෝ ටිකක් විතර ඉංග්‍රීසි දන්නවා.. ඒත් ගොඩක් දෙනෙක් ප්‍රං, ජර්මන්, ග්‍රී වගේ භාෂා ඉගෙන ගන්න වැඩි උනන්දුවක් දැක්කුවට ඉංග්‍රීසි ගැන හිතනවා අඩුයි..


මම ඉතාලියට ආපු මුල්ම කාලේ දැන් තරම් භාෂාව හසුරවන්න බෑ.. දැනටත් නොදන්න දේවල් නැතුවම නෙමෙයි.. මෙහේ ඇවිත් මුල් මාස 6 විතර කලේ භාෂාව පුරුදු වෙන එක.. ඊට පස්සේ වැඩට ගියත් පොඩි පොඩි භාෂමය ප්‍රශ්න නොතිබුනාම නෙමෙයි..

අපේ ෆාමසිය අල්ලපු වැටේම තියෙන්නේ ලොකු හෝටලයක්.. ඕකට ඉතින් එක එක රට වල මිනිස්සු එනවා.. ඉතින් ඕකට එන සුද්දෝ උණක් හෙම්බිරිස්සාවක් හැදුනම ඉක්මනට දුවන් එන්නේ අපේ ෆාමසියට.. උනාට අපේ ෆාමසි එකේ ඉංග්‍රීසි දන්න දෙන්නයි ඉන්නේ.. අපේ බොසා හා මම කලින් කියලා තියෙන ලස්සන දොස්තර නෝනා.. ඕකෙනුත් ඉතින් අපේ බොසා එච්චර පාරිභෝකියෝ එක්ක වැඩ නැති නිසා වැඩි බර එන්නේ දොස්තර නෝනට.. එයත් නැති දවසට අපේ කට්ටිය කන චාටර් එක ගැන මම නොකියා ඉන්නම්.. ඊටත් වඩා චාටර් එකක් කනවා ඉංග්‍රීසි සුද්දෝ..

අපේ ෆාමසියට ආපු අළුත්ම දොත්තොරෙස්සට ඉංග්‍රීසි තේරනවා කතා කරන්න බෑ.. අනිත් දේ තමයි ඉතාලි කාරයෝ හොදට ඉතාලි කතා කලත් ඒක තේරුම් ගන්න පොඩ්ඩක් අමාරුයි.. මොකද කියනවනම් එකම අකුරු 26 උනත් ඔක අපි ඉංග්‍රීසියෙන් උච්චාරන කරන විදිහට නෙමෙයි ඉතාලියේ උච්චාරණය කරන්නේ..

උදාහරණ කීපෙකින්ම කියන්නම්කෝ.. අපි ඉංග්‍රීසි හෝඩියේ “ K ”අකුර ශබ්ද කරන්නේකේකියලා උනාට ඉතාලි කාරයෝ කියන්නේකප්පකියලා.. වගේම තමයි “ Z ” අකුරට කියන්නේසේතාකියලා..  ඉතින් නිකමට හිතන්න අපේ ඔය සිංග්ලිශ් වගේ ඉතාලිංග්ලිශ් කියවද්දි ඒක අහන් ඉන්න අයට තේරුම් ගන්න කොච්චර අපහසුද?

මෙච්චර වෙලා අදාල කතාව නෙමෙයිනේ කිවුවේ.. හරි දැන් යමුකෝ කියන්න අපු කතාවට..

ගිය සුමානේ දවසක අපේ ෆාමසියට ආවා ඉංග්‍රීසි සුද්දෙක්.. කොයි වෙලාවේ ආවද මොනා ඉල්ලුවද කියලා මම දන්නෙත් නෑ.. එදා කොහොමහරි මමත් හොර ලෙඩ නිවාඩුවක් දාලා ඉක්මනට ගෙදර එන්න ආපු දවසක්.. මම කට්ටියටත් ටටා කියගෙන එලියට එන්න හද්දි මට ඇහෙනවා සුද්දෙක් බනිනවා.. දුර තියාම මට ඇහුනේ “ idiot ” කියලා අර යකා කෑ ගහනවා.. මම කවුන්ටර් තියෙන හරියට එද්දිත් කවුන්ටර් වල හිටපු තුන් දෙනා ඉන්නවා 3 idiots ලා වගේ බලාගෙන..

එදා මම කියපු ඉංග්‍රීසි දන්න දොත්තොරෙස්සත් ඇවිත් නෑ.. ඉතින් අනිත් උන්ටත් මේ යකා කියන දේවල් තේරුම් ගන්න බෑ.. සුද්දා එතන ඉන්න ඔක්කොටම වැඩිය idiot වෙලා මුන්ට නොතේරෙන භාශාවෙන් බනිනවා.. බලන් ඉන්න බැරිම තැන මම පොඩ්ඩක් ප්‍රශ්ණෙට ඔළුව දැම්මා..

මැඩම් එලිසබත්ට පිං සිද්ද වෙන්න දැනගත්ත ඉංග්‍රීසි ඉස්සරහට දාලා මම idiot සුද්දට කතා කලා.. මුගේ ඒත් සද්දේ නැවතුනේ නෑ.. මාත් එක්කත් ගහගන්න වගේ කතාව.. බොහොම අමාරුවෙන් ඌව ටිකක් කූල් ඩවුන් කරගෙන මම ඌත් එක්ක කත කලා.. ඇවිත් ඉන්නේ ඔස්ට්‍රේලියාවේ ඉදන්.. මම ඉතින් ඌට තේරුම් කලා උඹලට ලෝකේ ඕන තැනක ගිහින් කතා කරන්න පුළුවන් භාෂාවක් උපතින්ම උරුම උනාට යුරෝපයේ අයටවත් ආසියාවේ අපිටවත් එහෙම නෑ කියන එක.. උඹලගෙ භාෂාව ඉගෙන ගත්ත මිනිස්සු ඉන්නවා වගේම ඉගෙන නොගත්ත මිනිස්සුත් ඉන්නවා.. උඹ මේ ඉන්නේ ඕස්ට්‍රේලියාවේ නෙමෙයි.. ඉතාලියේ.. උඹට ඉතාලි තේරෙන්නේ නෑ වගේම තමයි මේ අයටත් ඉංග්‍රීසි තේරෙන්නේ නැත්තේ.. එහෙම කියද්දි පොර ටිකක් සංසුන් උනා..

මමත් ඉතින් ලොක්කා වගේ කතා කලාට පොඩ්ඩක් බයේ හිටියේ.. මං වගේ එකහමාරක් විතර ඇති පොර.. නිකමටවත් ගේමට ආවනම් එහෙම කියලා.. මගේ ඔරලෝසුව හොද හින්දම එහෙම උනේ නෑ.. පොරටත් ඉතින් පස්සේ කරපු ගොං කම තේරුන නිසා අන්තිමේ මට excuse කරලා යන්න ලෑස්ති උනා.. මට excuse කරන්නේ අහවල් කෙංගෙඩියකටද? මම මෑන්ස්ව පොඩ්ඩක් නවත්තගෙන ඇහුවා උඹ ආවේ මොකටද කියලා..

මෑන්ස් ඇවිත් තියෙන්නේ ඔළුවේ කැක්කුමට බෙහෙතක් ඉල්ල ගන්න.. පාර මම ඌව එක්කන් දොත්තොරෙස්ස කෙනෙක් ලගට ගිහින් ආපු කාරණාව කියලා යකාගේ ඔළුවේ කැක්කුමට බෙහෙත් දීලා යන්න ඇරියා.. ගියාට පස්සේ තමයි ෆාමසිය යතා තත්වෙට පත් උනේ.. මටත් මතක් උනා මාත් මේ හොර ලෙඩක් දාලා යන්න ආපු ගමන් නේද කියලා.. ආයෙම කට්ටියට ටටා කියලා යන්න හද්දි අපේ ලොක්කා ඉන්නවා..

දිනේශ්.. උඹ දන්නවද මට මොකක්ද දැන් හිතුනේ කියලා?”

නෑ..”

අදින් පස්සේ ෆොරිනර් කෙනෙක් ආවම මේ කාටවත් ඒ දේ නොතේරුනොත් උඹ ඇවිත් උදවු කරපන්.. මම මෙයාලටත් කියන්නම් එහෙම කවුරුහරි ආවොත් උඹට කතා කරන්න කියලා..”




59 comments:

  1. අයියෝ........... වැඩේ නරකම නැහැ මල්ලි... පාර්ට් ටයිම් එකක්....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. ගනන් කතා කරන් ඉන්න ඕන අක්කේ ඉස්සෙලම..

      Delete
  2. පුක දී වෙඩි කෑම

    ReplyDelete
    Replies
    1. එකග නෑ ඒ අදහසටනම්.. මම කලේ සුද්දට තත්වය තේරුම් කරලා දීම විතරයි.. අපේ ලොක්කා කියපු දේ කරන නොකරන එක මගේ තීරණයක්..

      Delete
  3. මේ පෝස්ට් එක නැති වෙලා තිබුනා නේද...කියවලා කමෙන්ට් කරන්න බලද්දී තිබුනේ නැහැ

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ.. ඊ‍යේ දාන්න හිතාගෙන නෙමෙයි හිටියේ.. ඩ්‍රාෆ්ට් එකට සේව් කරනවා වෙනුවට පබ්ලිශ් කලා..

      Delete
  4. මෙහේ france වලින් ආපු කෙනෙක් english කතා කරනවා අහන් ඉදලා මගේ ඔලුව රිදෙන්න ගත්තා .... france, germany අයට බරපතල accent එකක් තියෙනවා... අපි ඇත්තටම lucky ...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ගොඩක් දෙනෙක් පිළිගන්න දෙයක් තමයි ආසියා කලාපේ අය ඉංග්‍රීසි හරියටම උච්චාරණය කරනාව කියන එක.. මැඩම් එලිසබත් අපිට ඔය ගැන කියලා තිබුනත් මෙහේ ඇවිත් කතා කරන විදිහ ඇහෙද්දි තමයි වැඩේ තේරුනේ..

      Delete
  5. මම කලබල උන වෙලාවට භාශා සැලඩ් එකකින් කතා කරන්නෙ...පස්සෙ අනිත් අය මූනට මූන බලාගන්නකොට කල්පනා වෙන්නෙ ඒවා මටවත් තේරෙන්නෙ නැති බව...හික්ස්ස්ස්ස්......

    ReplyDelete
    Replies
    1. ඔය ලෙඩේ නම් මටත් තියේ .... :DD

      Delete
    2. මමත් කේන්ති ගිය වෙලාවට බනින්නේ සිංහලෙන්.. කාට වත් තේරෙන්නේ නෑනේ.. ඒනිසාම අවුලක් වෙන්නේ නෑ..

      Delete
  6. මදෑ පැනල දීල දාගෙන තියෙන ලෙඩේ......හෙහ්...හෙහ්...

    ReplyDelete
    Replies
    1. ඔපිස් එකේ ගෑණු ළමයින්ට අනං මනං කියද්දි කොහොම ඉවසන් ඉන්නද ඔබා මාමේ... :)

      Delete
  7. මේ රටවල් වල ජීවත් වෙද්දි ගොඩක්‌ අලුත් අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙනවා නේද?අපි ලංකාවේ නිසා ඉතින් ගේමක්‌ නැහැ..හෙහේ..පොඩි චන්ඩි පාර්ට්‌ එකක්‌ දාන්න හිතුනා.

    ReplyDelete
    Replies
    1. අනන්තවත් රස මුසු සිද්දි තියෙනවා.. සමහර එවුවනම් මේවයේ ලියන්නත් බෑ.. කිරලා මැනලා තමයි දාන්න ඕන... චන්ඩි පාර්ට් එකක් දාන්න ඕන කියලා හිතුනේ කාටද??

      Delete
  8. මේ පෝස්ට් එක බලන්න දවස් කීපයක් ආවත් ඒක තිබුනෙ නෑ

    ReplyDelete
    Replies
    1. ඊයේ පොඩි අතපසු වීමක් උන නිසා අයින් කලේ.. අපහසුවක් උනානම් සමාවෙන්න ඕන..

      Delete
  9. මාර වැඩනෙ වෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. හොද වෙලාවට එදයින් පස්සේ තාම සුද්දෙක් ආවේ නෑ.. :)

      Delete
  10. හයියෝ....අයියණ්ඩිටත් වෙච්චි ඩෙයක්......:)

    (අර සුනාමි කතාව......)

    ReplyDelete
    Replies
    1. අපිට උනොත් ඉතින් මෙහෙම දෙයක් තමයි..

      මොකක්ද සුනාමි කතාව??

      Delete
  11. මම නං තාම සුද්දො එක්ක කඩු හරඹ කරලා නෑ...හොද වෙලාවට..හික් හික්

    ReplyDelete
    Replies
    1. කඩු මුවහත් වෙන්නත් එක්ක හරඹයක් දාන්න තියෙන්නේ..

      Delete
  12. සෙක් මම ටොපික් එක දැක්කාම හිතුවේ අලුත් සොෆ්ට්වෙයර් කෑල්ලක්වත්ද කියලා...

    අහ් එක නෙවේ අයියා අර බුකියේ මොකක්ද දාලා තිබුනේ "මාම වර්ණයට සමුදුන්නොතින්" කියලද මොකක්දෝ එකක්?

    ReplyDelete
    Replies
    1. දැන් සොෆ්ට්වෙයාර් එක මම වෙලා තියෙන්නේ...

      ආ බුකියේ දාපුවා ගනන් ගන්න එපා.. අපේ කට්ටිය පොඩ්ඩක් අවුස්සන්න ඒක දැම්මේ.. :)

      Delete
  13. මේ වගේ හොඳ සේවකයො ඉන්න කොම්පැනියක් කොච්චර වාසනාවන්තද?...!!

    ReplyDelete
    Replies
    1. අපි වගේ සේවකයෝ හම්බුවෙන්නේ නෑ කාටවත්..

      Delete
  14. එළනේ.... පඩි එහෙම වැඩිවෙයි එහෙනම්.. ;)

    ReplyDelete
    Replies
    1. ඒ ගැනත් කතා කර ගන්න ඕන.. නැතුව නිකන් කරන්න බෑනේ...

      Delete
  15. Replies
    1. හරි හරි.. ඔයා හිනා වෙන්නකෝ..

      Delete
  16. එල එල ලංකාවේ එවුන් කොහොමත් වැඩ කාරයොනේ ... නැද්ද දිනේෂ්....

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.. අපි සිංහ වංශයේනේ..

      Delete
  17. අපේ එවුන් කොහොමත් වැඩ කාරයොනේ ...නැද්ද දිනේෂ් .....

    ReplyDelete
  18. ඉතින් හරි දිනේශ්, බ්‍රිට්ටන්ට යටත් වෙලා හිටපු රටවල් වල උන් ඇරෙන්න අනිත් රටවල්වලෞන්ට ඉංග්‍රීසි වැදගත් නෑ තමයි. ඉතින් ඒ වගේමයි ලතින් අමරිකානු රටවල මිනිස්සු ස්පැනිශ්, පෝචුගීස් කතාකරන්නෙ මවු භාශාව හැටියට අදටත්, ඒ හේතුවම මත.

    තව අත්දැකීම් ලියන්න දිනේශ්.

    henryblogwalker then Dude

    ReplyDelete
    Replies
    1. මමත් ඒ අදහසත් එක්ක එකගයි.. සුද්දට අපි බැන්න උනත් සුද්දා කාලයක් ලංකාවේ හිටියයින් තමයි මේ භාෂාව උනත් අපේ රටේ මිනිස්සු මේ තරම් හොදට ඉගෙන ගත්තේ..

      අත්දැකීම් නම් තියෙනවා.. සමහර ඒවා ඉතින් තෝරලා බේරලා තමයි ලියන්න ඕන..

      Delete
  19. ඔන්න දැක්කද කඩුව වනන්න දැනගෙන හිටිය නිසා වැඩේ ගොඩ ගියා. නැත්තන් ඒ සුද්දා තාම වර කරන අයට බැන බැන ඉන්නවා .. හික්ස්

    ReplyDelete
    Replies
    1. මම ඒකනේ අක්කේ ඒකට idiot සුද්දා කිවුවේ.. තමන් ඉල්ලපු දේ නොතේරුන උන්ට බනින එක කොහොම තේරෙන්නද කියලා පොඩ්ඩක් හිතන්න ඕනනේ..

      Delete
  20. මාස එකහා මාරක් විතර ඉදලා ඉදලා ආයෙත් මේ පැත්තේ එනකොට ඔක්කොම වෙනස් වෙලා. පාර්ට් ටයිම් කොරන්න ගිහින් බ්ලොග් ලිවිල්ලත් නතර වෙයිද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ.. මොනවා කලත් මේ බ්ලොග් එක කරනවා.. ඔකොම වෙනස් වෙලා කිවුවේ මොකෝ හැබෑටම?

      Delete
  21. පඩි වැඩි කරලා ඉල්ලන්න මල්ලි.අතිරේක සේවයක් නෙ කරන්නෙ.ගන්නවා නම් ඔන්න චාන්ස් එක...:D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. එදා ලොක්කා එහෙම කිවුවා උනාට.. ඊට පස්සේ මුකුත් කිවුවේ නෑ..

      Delete
  22. "උඹලගෙ භාෂාව ඉගෙන ගත්ත මිනිස්සු ඉන්නවා වගේම ඉගෙන නොගත්ත මිනිස්සුත් ඉන්නවා.. උඹ මේ ඉන්නේ ඕස්ට්‍රේලියාවේ නෙමෙයි.. ඉතාලියේ.. උඹට ඉතාලි තේරෙන්නේ නෑ වගේම තමයි මේ අයටත් ඉංග්‍රීසි තේරෙන්නේ නැත්තේ.."

    අයිය මේ ටික කිවම සුද්දා ෆුල් හොල්මන් වෙන්නැති

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මම බයෙන් ඔය ටික කිවුවේ.. ගුටි කන්න වෙයිද දන්නැති නිසා..

      Delete
  23. dinesh ‍දොස්තර වුනා වගේ සීන් එකක් නොවැ.. එල එල.. පරිස්සමෙන් බං.. ඔය සුද්දෝ පට්ට සයිස් !

    ReplyDelete
    Replies
    1. ටිකක් විතර එහෙම තමයි.. ඉතාලි කාරයෝ එක්කනම් ප්‍රශ්ණ දාගන්න එක එච්චර හොද නෑ.. මොකෝ උන්ගේ රටනේ.. ඒත් මුංට නම් බය වෙන්න ඕන නෑනේ..

      Delete
    2. අම්මද බොල එල එල..

      Delete
  24. හැබැයි ඉතිං හොඳ රස්සාව.පඩිය ටිකක් වැඩි කරලා දෙවි නේ.

    ReplyDelete
    Replies
    1. ඒවා ඉතින් කතා කරලා බලන්න ඕන..

      Delete
  25. ඉගෙනගත්තු දෙයක් අහක යන්නෙ නෑ කියන්නෙ ඕක තමයි. ඒ වගේම රැකියාව කරන තැනට උදව්වක් වෙලා ඉන්න එක හොඳ දෙයක්.

    ReplyDelete
    Replies
    1. දොස්තර නෝනට තමයි ඇත්තම තේරුණේ.. ඔය දේම ලංකාවේ උනත් අපි කතා කරන්නේ ඔය විදිහටමනේ.. භාෂවක් බෑ කියන එක එච්චරම කෑ ගහන්න තරම් හේතුවක් නෙමෙයිනේ..

      Delete
  26. හරිනේ කොරගත්තනේ වැඩේ. මට නිකන් මැවිලා පේනවා දිනේෂ් අයියා බයෙන් බයෙන් සුද්දට ටෝක් කරනවා.:D

    ReplyDelete
    Replies
    1. අන්න අන්න.. බය උනේ නෑ හරි.. බය උනානම් කොහේද ඔය ටිකවත් කියන්නේ..

      Delete
  27. මම හිතුවෙ සුද්ද ෆාමසියට ඇවිත් වෙන භාණ්ඩයක් ඉල්ලුව කියල!:D
    මළ පැනල කෑ ගැහුවේ :P

    ReplyDelete
    Replies
    1. එහෙම පටලගෙන ෆාමසියට ඇවිත් සිගරට් ඉල්ලන සුද්දොත් ඉන්නවා.. :)

      Delete
  28. එළ ජොබ් එක...ගෑන්ලමයි එහෙමත් එනවා ඇති නේද..අර තැපැල් කන්තෝරුවේ වැඩේ මොකෝ උනේ ......

    ReplyDelete
    Replies
    1. එනවා එනවා.. වැඩි හරියක් එන්නේ ඉතින් ගෑල්ලමයි තමයි.. තැපැල් කන්තෝරු වැඩෙත් නැගලා යනෝ...

      Delete
  29. දැං හරිනෙ . . කරපං එක පඩියට රස්සා දෙකක්

    ReplyDelete
  30. වැඩියෙන්ම හිතට ඇල්ලුවෙ දිනේශ් අයිය බුවාට කරුණු පැහැදිලි කරල දුන්න අපූරුව....කට්ටිය කියනව වගේ තව කට්ටක් කන්න වේවිද?

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්