Sunday, 18 March 2012

ශක්තිය ( කෙටි කතාව )

මල්ලි ප්‍රදර්ශණයට යන්න වෙලාව හරි.. ඔයා ලෑස්තිද?”

හැමදාම හරියට ගැට ගහන්න බැරි ටයි පටියත් එක්ක ඔට්ටු වෙද්දි  දොර ඇරන් කාමරේට ඇතුළු උන අයියා හිනා උනේ වරද්දලා දාගෙන තිබුන ටයි ගැටය නිසා..

අයියෝ මල්ලි.. ඔය මොකක්ද කරන් තියෙන්නේ? කෝ ඉන්න මම හදන්න..”

ටයි එකේ ගැටේ තදින් අල්ලගෙන හිටපු මගේ අතින් අල්ලලා අයියා ඒක හරි ගස්සන හදද්දි ඒකට ඉඩ නොදි මුරණ්ඩු වෙන එක මගේ පුරුද්දක් උන නිසාම අදටත් මට හරියට ටයි ගැටයක් දාන්න බැරි වෙද්දි අයියා මං ලගට එන්නේ ඉස්සර වගේම ආදරෙන්..

හ්ම්ම්.. ඔය තියෙන්නේ ලස්සනට.. අදනම් මෙයා දිහා කෙල්ලෙක් බලාවී..”

මට නෙමෙයි.. .. ඕයාට තමයි..”

හරි හරි.. දෙන්නගෙන් කාට හරි.. දැන් යමුකෝ..”

මගේ කර වටා අතක් දාගත් අයියා වෙනදා වගේම මට විහිළු කරගෙනම අයියගේ වාහනය ලගට ආවේ මගේ ජීවිතේ වැදගත්ම දවසක් උන අද දවසෙත් මගේ ලගින්ම ඉන්න..

...................................

මල්ලිගේ මේ තත්ත්වෙත් එක්ක අපිට මල්ලිව මේ ඉස්කෝලේ තියා ගන්න අමාරුයි පැතුම්..”

ඇයි සර් එහෙම කියන්නේ?”

නෑ පැතුම්.. මම දන්නවා පැතුම් මල්ලි ගැන කොච්චර හිතනවද කියලා.. ඒත් මෙයාගේ මේ තත්ත්වෙත් එක්ක අනිත් ළමයි එක්ක අපිට තියා ගන්න ටිකක් අමාරුයි..”

ඒත් සර්.. මල්ලි එයාගේ වැඩ හරියට කරනවනේ..”

ඔව් පැතුම්.. ඒත්..”

හරි සර්.. මට සර්ලා කියන දේ තේරෙනවා.. මේ අවුරුද්ද විතරක් මල්ලිට මෙහෙම ඉන්න දෙන්න.. ඊට පස්සේ මොකද කරන්නේ කියලා මම කල්පනා කරලා බලන්නම්..”

ඉස්කෝලේ විදුහල්පතිගේ කාර්යාලයේ ඉදන් එලියට ආපු අයියා දිහා මම බලාගෙන හිටියේ මූණෙන් කිය වෙන්නේ මොනවද කියලා අමාරුවෙන් තේරුම් ගන්න උත්සාහයක යෙදෙමින්..

අපි යමු නේද මල්ලි..”

වාඩි වෙලා ඉදපු පුටුවෙන් නැගිට්ටේ නැති මම අයියගේ අතින් අල්ල ගත්තේ ඊට වඩා දෙයක් මම අයියගෙන් අහන්න බලාපොරොත්තු උන නිසා.. බව තේරුම් ගත්ත අයියා මගේ ලගින් ඇවිත් ඉද ගත්තේ මගේ දෑස් දිහා බලාගෙනම..

මේ ලෝකේ ඔයාව තේරුම් ගන්න කාටවත්ම බෑ මල්ලි.. ඒත් කවද හරි දවසක හැමෝම ඔයාව තේරුම් ගනීවී..”

ජීවිතේ අසරණ කම දෝතින්ම් උරුම කරගෙන මේ ලොකෙට ඉපදෙද්දි අම්මා මාවත් අයියවත් තනි කරලා හැර ගියේ මම මේ ලෝකේ එළිය බලන්නත්  කලින් උන අනතුරක් නිසා.. එදා කම්පනය නිසාම මනසේ වැඩීම් අඩු වෙද්දි ලෝකයාගේ එක එක නම් ජීවිතේට පට බැදෙද්දී මටත් වැඩිය දුක දරාගෙන ලගින් ඉදපු අයියා ගැන ඇති වෙන්නේ හිතේ ලොකු භක්තියක්..

මේ චිත්‍රේ ඔයාද මල්ලි ඇද්දේ?”

මගේ පොත් බෑක් එහේ තිබුන චිත්‍රයක් අතට අරගෙන අයියා එහෙම අහද්දි  යන්තමින් හිස සොලවපු මං දිහා අයියා බලාගෙන හිටියේ පුදුමයෙන් වගේ..

ඔයා ඇදපු තව ඒවා තියෙනවද මල්ලී?”

මගේ පොත් අතරේ අතරින් පතර පිටු වල ඇද තිබුන චිත්‍ර අයියට පෙන්නුවේ පොඩි බයකින්.. මුකුත් නොකියම  දිහා බලා ඉදපු අයියා කාමරෙන් එළියට යද්දි බිම වැතිරිලා ඇදමින් උන් චිත්‍ර මොහොතකට නවත්තලා අයියා ගිය පසු පසින් ගියේ ඔහු මොනවා කියාවිදැයි සැකයෙන්..

හරි හරි මචං.. උඹට ඒක ගැන බලන්න පුළුවන් නම් මට ලොකු උදවුවක්.. මම හෙටම එන්නම් මල්ලි එක්ක..”

කාත් එක්ක හරි කතා කර කර හිටපු අයියා මම එයා ලගට එනවත් එක්කම මං ලගට ඇවිත් මං ලගින්ම බිම ඉදගද්දි මම අයියා දිහා බලන් හිටියේ අයියගේ හිත තේරුම් ගන්න බැරුව..

අපි ලබන සතියේ ඉදන් අළුත් ඉස්කෝලෙකට යමු මල්ලි.. දැන් යන තැනට වඩා ඔයා එතනට ආසා කරාවි..”

..කවුරුවත් මට වි..විහිළු කරන එකක් නෑනේ..”

නෑ මගේ මල්ලියේ.. කවුරුවත් ඔයාට මුකුත් කියන්නේ නෑ..”

අයියගේ අස් වලින් වැටුන කදුළු මම මගේ අතින් පිහ දාද්දි මාව තුරුළු කර ගත්ත අයියා ඇඩුවේ සතුටට...

................................

ඒයි මොනවද කල්පනා කරන්නේ? කෙල්ලෙක් ගැනද?”

ප්‍රදර්ශනයට යන අතර වාරයේ වාහනයේ වීදුරුව අතරින් එලිය බලාගෙන ජීවිතේ ගෙවුන පහුගිය අවුරුදු විස්ස දිහා කල්පනා කරමින් උන් මම කල්පනාවෙන් මිදුනේ අයියාගේ කටහඩට..

ජීවිතේ ගෙවුන හැටි හරි පුදුමයි මල්ලි.. කවුරුවත් විශ්වාස කලේ නෑ අද ඔයා මේ ඉන්න තැනට ඒවි කියලා.. ඔයාට දැන් ගොඩක් දුරට සනීපයි.. මම නැති කාලෙක උනත් ඔයාට දැන් තනියම ජීවිතේ ගෙනි යන්න පුළුවන්..”

අයියගේ වචන හිතට වේදනාවක් ගෙනාපු නිසාම මම අයියා දිහා බැළුවේ කේන්තියෙන්..

හරි හරි.. මම ආයෙම එහෙම කියන්නේ නෑ.. හරිනේ.. දැන්වත් ඔරවන්නේ නැතුව ඉන්නවකෝ..”

අයියගේ හිනාවට හැමදාම වගේ මම ආස කලා.. මං වෙනුවෙන් ජීවිතේ කොච්චර කදූළු හැලුවත් කවදාවත්ම ගැන මට දැනෙන්න නොදි හිනා උන අයියා දිහා මං හැමදාම බලාගෙන හිටියා..

.........................

“ පුතා චිත්‍ර වලට දක්ශයි කියල අයියා මාත් එක්ක කිවුවා.. පුතා කැමතිද මගෙන් ඒ ගැන ඉගෙන ගන්න?”

හිතට ලං උන සැබෑ සෙනෙහසකින් ඇසුන ඒ වචන වලට හෙමින් හිස වැනුව මම ඒ දෑත් අතරින් ජීවිතේට තවත් සවිය ලැබෙද්දි කාලය හෙමින් හෙමින් ගෙවිලා ගියා..

“ ඔයා දැන් ඉස්සරට වඩා හොදට චිත්‍ර අදිනවා කියලා සර් මට කිවුවා.. ඔයාගේ චිත්‍ර එකතු කරල ප්‍රද්ර්ශණයක් කරමු කියලා සර් කිවුවා.. මොකද කියන්නේ? ”

“ හා..”

“ අන්න එහෙමනේ මගේ හොද මල්ලියා ඉන්න ඕන..”

“ එ.ඒත් අපිට ක්.කෝ එච්චර ස.සල්ලි?”

“ ඒක ගැන ඔයා හිතන්න ඕන නෑ.. මම ඉන්නේ ඒකටනේ.. ඔයා චිත්‍ර ගැන විතරක් හිතන්න..”

..............................


මල්ලි අපි ආවා..”

මගේ කාලයකක් තිස්සේ තිබුන බලාපොරොත්තුවක් ඉටු වෙනවටත් වඩා සතුටක් අයියගේ ඇස් වලින් මම දැක්ක එක පුදුමයක් නෙමෙයි.. පුංචි කාලේ ඉදන් මං වෙනුවෙන්ම හිටිය අයියගේ ශක්තිය නොවෙන්න අද මගේ ජීවිතේ වෙන කොහේ හරි  තැනක අතර මං වෙන්න තිබුනා..

“ මල්ලී ඔයාට අර ඈතින් ඉන්න කෙනා පේනවා නේද?”

අයියගේ ඇගිල්ල දිගු උන දිහාවට මම දෑස් යොමු කරද්දි දැකපු රුව අදුන ගන්න බැරි තරම් මතකයේ අඩුවක් තිබුනේ නෑ..

“ අද ඔයා මේ ඉන්න තැනට එන එකක් නෑ කියලා හිතපු කෙනෙක් තමයි ඒ.. අද ඔයා එයාලට ඔප්පු කරලා පෙන්නුවා ඔයාට කිසිම අඩුවක් නෑ කියලා..”

අයියගේ ඒ වචන වල තිබුන හැගීම් මට හොදින්ම තේරුනා.. ඒ ඇස් වලට එකතු වෙලා තිබුන කදුළු බිමට වැටෙන අන්තිම දවස අද විතරක්මයි කියලා අයියා දැනගෙන හිටියා..

අද ඔයාගේ පළවෙනි චිත්‍ර ප්‍රදර්ශණේ.. ඔයාට වරදින්නේ නෑ මල්ලි..”

ගො.ගොඩක් පිං .අයියේ..”

“  පිස්සුද හලෝ.. පිං මට.. මොනව කලාටද?”

ජීවිතේ අසරණකම දෝතින්ම උරුම කරන් ලෝකය දිහා මුලින්ම බලපු දවසේ ඉදන් අද වෙනකම්ම මගේ අතින් අත නොහැරපු අයියා නිසා මම අද ජීවිතේ දින්නා.. මට ඔයාගේ ඒ ශක්තිය නොලැබුන්නානම්..

ඔයා .දන්නවා..”



නිමි..

66 comments:

  1. ලස්සනයි.... හරිම සන්වේදියි.....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අක්කේ..

      Delete
  2. ලස්සන කථාවක් සහෝ...ජය....

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අයියේ..

      Delete
    2. නොදුටුවෝ මේක කියවද්දී උඹේ අර පොස්ට් එක මතක වුනා.

      Delete
    3. ඔවුමයි.. මටත් මේ අසාර් අයියා කිවුවම ඒ ගැන මතක් උනා..

      Delete
  3. ඇත්තටම අයියලා ඉන්නෝන ඔය වගේ තමයි, ඒක මල්ලිලාට ලොකු හයියක්, මටත් ඒ වගේ අයියලා දෙන්නෙක් ම ඉන්න නිසා කතාව හිතට දැනුනා මලයෝ! ලස්සනයි!

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ.. ගොඩක් වෙලාවට මෙහෙම තැන් වලදි සහෝදරයන්ව තනි කරන්න හොද නෑ.. එයාලට ශක්තියක් වෙලා එයාලත් එක්කම ඉන්න ඕන..

      Delete
  4. හරිම ලස්සනයි. ප්‍රශංසනීයයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කේ.. අද මොකද මේ පැත්තේ එන්න පරක්කු වෙලා..

      Delete
    2. අනිත් දවසේ බලමු... :)

      Delete
  5. හරිම ලස්සනයි අයියෝ......
    ගොඩක් සංවේදී....

    ReplyDelete
    Replies
    1. මොකද හලො අයියෝ කියන්නේ? :) තැන්කූ තැන්කූ..

      Delete
    2. නෑ හලේ මං අයියට කියන්නෙ අයියෝ කියල...:)

      Delete
  6. Replies
    1. බොහෝම ස්තූතියි සහෝදරයා..

      Delete
  7. සහෝදරයින්ගේ ආදරෙන් ජීවිතේම පිරෙන බව නම් මමත් අත්දැකීමෙන්ම දන්න දෙයක්..
    කතාව සුපිරියි දිනේශ්..

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ.. ඒ ආදරය ඒ මග පෙන්වීම ජීවිතයකට ගොඩක් වැදගත්..

      Delete
  8. ලස්සනයි..ඉතිරිය කියවලම කමෙන්ට් කරමු..:)

    ReplyDelete
    Replies
    1. ඉතිරියක් නෑනේ අක්කේ.. "නිමි" කියලා අන්තිමේ දාලා තියෙනවනේ..

      Delete
  9. දෙබස් කෑලි ටිකකිනුයි පොඩිම පොඩි විස්තර කිරීම් ටිකකිනුයි මවපු කතන්දරය නං නියමයි මලයෝ.

    ReplyDelete
    Replies
    1. දෙබස් අඩු වෙන්න නම් මූලිකම හේතුව උනේ මල්ලිගේ අසනීපය.. එහෙම කෙනෙක් ගොඩක් වෙලාවට කතා කරනවා අඩුයිනේ.. අනික ඔවුන් අදහස් ප්‍රකාශ කරන විදිහ මෙහෙම කතාවකදි ඒ විදිහටම නිර්මාණය කරන්නත් අමාරුයි..

      Delete
    2. ඒ කියන්නෙ මේක ඇත්ත කතාවක්ද? මල්ලි අසනීපෙන් කියල මම දැනගෙන හිටියෙ නෑ.

      Delete
    3. නෑ නෑ අයියේ.. මම කිවුවේ කතාවේ ඉන්න මල්ලි ගැන...

      Delete
  10. හරිම සංවේදියි මල්ලි....
    මේ දවස් ටිකේම ඔයා හරි සංවේදී කතාමයි ලියන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ.. ආදර කතා වලින් මම ඈත් වෙලා ඉන්නේ.. "කවියක් නොවු සිතුවිල්ලෙදි" විතරයි පොඩ්ඩක් ඒ ගැන කතා කරන්නේ.. නොලියවෙන මාතෘකා එක්ක යන්න මම ආසයි..

      Delete
  11. බොහොම සංවේදී කතාවක් හිතට ගොඩක් දැනුනා

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අක්කේ..

      Delete
  12. TAARE ZAMEEN PAR ෆිල්ම් එක මතක් වුනා........කතාව නියමයි දිනේශ් අයියෙ....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්... හැබැයි ඒකෙනෙම් සහෝදර බැදීම් එච්චරම නෑ.. ඒත් අර ඉස්කෝලෙන් කට්ටි පැන්න තැනදි නම් ටිකක් තිබුනා..

      Delete
    2. මටත් TAARE ZAMEEN PAR ෆිල්ම් එක මතක් වුනා.... අයියා ගැන නෙවෙයි... ආමීර් ඛාන්ගේ චරිතය.. නම මතක නෑ...

      Delete
    3. මටත් දැන් නම් නම මතක නෑ.. මේ කතාවේ අයියා වගේම තාමා ඒකේ ආමිර්ගේ චරිතයත්..

      Delete
  13. ම්ම්...ගොඩක් ලස්සනයි.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලයෝ..

      Delete
  14. //ඔව් අක්කේ.. ආදර කතා වලින් මම ඈත් වෙලා ඉන්නේ..//

    මොකෝ බුට් කථා ලියන්නද හිතා ඉන්නෙ...හෙහ්...හෙහ්...

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඔබා මාමේ.. ආදරේ ගැනත් බූට් කතාවත් ලියන්නේ නෑ.. මේ වගේ දේවල් ලියන්නයි කල්පනා කලේ..

      Delete
    2. තැන්ක්ස්...

      Delete
  15. හෙන ප්‍රශ්න ටිකක් ඇති වුනා නේ.කවුද ඒ ඈතින් හිටියේ.එතන මේවගේ අයියල ගොඩාක් අඩුයි.

    ලස්සන සංවේදී නිර්මාණයක්.

    ReplyDelete
    Replies
    1. ඈතින් හිටියේ අර කලින් ඉස්කෝලේ ප්‍රින්සිපල් කියලා හිතා ගන්නකෝ.. මල්ලි දුර්වලයි කියලා හිතපු එක්කෙනෙක්නේ එයත්..

      Delete
  16. මේක ගැන නම් කියන්න කිසි කතන්දරයක් නෑ දිනේෂ් අයියේ. සිරාවටම පට්ටයි. මෑතක ලියපුවාගෙන් හොඳම එක. කාලෙකට පස්සේ කතාවක් කියවලා ඇස් දෙක බොඳ වුනා.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා කසුනෝ.. ඒත් මේකේ මොකක් හරි අඩුවක් තියෙනවා කියල මට හිතෙනවා..

      Delete
    2. අඩුවක්? ඒ මොකක්ද?

      Delete
    3. අඩුවක්? ඒ මොකක්ද?

      Delete
    4. කීප පාරක්ම මම ආයෙම කියෙවුවත් මට ඒක දැනුනට තේරුම් ගන්න බැරි උනා..

      Delete
  17. ලස්සන කතාවක්. මේ වගේ සහෝදරයෝ ලැබෙන්නේ ගොඩක් කලාතුරකින්. මටත් ඉන්නවා මේ වගේ සහෝදරයෝ දෙන්නෙක් ම. ඒ මගේ අය්යා යි මල්ලියි. ජිවිතේ මන් වැටෙන වාරයක් වාරයක් ගානේ මාව ඔසවල තිබ්බේ ඒ අය තමයි..

    ReplyDelete
  18. ලස්සන කතාවක්. මේ වගේ සහෝදරයෝ ලැබෙන්නේ ගොඩක් කලාතුරකින්. මටත් ඉන්නවා මේ වගේ සහෝදරයෝ දෙන්නෙක් ම. ඒ මගේ අය්යා යි මල්ලියි. ජිවිතේ මන් වැටෙන වාරයක් වාරයක් ගානේ මාව ඔසවල තිබ්බේ ඒ අය තමයි..

    ReplyDelete
  19. ලස්සන කතාවක්. මේ වගේ සහෝදරයෝ ලැබෙන්නේ ගොඩක් කලාතුරකින්. මටත් ඉන්නවා මේ වගේ සහෝදරයෝ දෙන්නෙක් ම. ඒ මගේ අය්යා යි මල්ලියි. ජිවිතේ මන් වැටෙන වාරයක් වාරයක් ගානේ මාව ඔසවල තිබ්බේ ඒ අය තමයි..

    ReplyDelete
    Replies
    1. එහෙම සහෝදරයෝ ලැබෙන එක ඇත්තටම වාසනවාක්.. මෙහෙම වෙලාවට ගොඩක්ම ලගින් ඉන්නේ තමන්ගෙම අය තමයි..

      Delete
  20. මාරම ගති අයියේ.. හරිම ලස්සනයි.. පුදුම අදහස්.. හිත තියෙනවනම් මොනාද කරන්න බැරි.. ඔහොම අයියලා හරිම අඩුයි.. නැතිවමත් නෙවෙයි.. ඒත් අයියා මල්ලිගෙ ජීවිතේ දිනෙව්ව හැටි නියමයි!!

    සංවේදී කතාවක්...

    ReplyDelete
    Replies
    1. හිතේ ශක්තිය තමයි වැදගත්ම.. ඒත් ඒ ගමනට තල්ලුවක් වෙන්න කෙනෙක් ඉන්නවනම් ඒක තවත් ලොකු ශක්තියක් වෙනවා.. තෑන්ක්ස් නංගියෝ..

      Delete
  21. Where is 'භාෂා පරිවර්ථක' ?

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩකට ඒක ඊයේ අයින් කලා මාමේ.. අද දැම්මා..

      Delete
  22. හරිම ලස්සනයි. සංවේදියි. මේ වගේ අයියලා වාසනාවන්............

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ඒත් හැබැයි මෙහෙම මල්ලිලා කොන් කරන, හිත රිදවන අයත් නැතුවම නෙමෙයි..

      Delete
  23. මටත් මතක් වුනේ තාරේ සමීන් පර් විත්‍රපටිය. උඩ කමෙන්ටුවක දිනේෂ්ම කියල තියෙනව වගේ හිස්තැනක් තියෙනව කතාව පුරාවටම.

    මමත් ආවෙ භාෂා පරිවර්ථක එක දැකල. කෝ ඒක?

    ReplyDelete
    Replies
    1. අසේල මට ඒ හිස් තැන පෙන්නනවනම් ලොකු උදවුවක්.. අද දවසම මම ඒක දැනගන්න සෑහෙන්න උත්සාහ කලා..

      භාෂා පරිවර්ථක අද දැම්මා..

      Delete
  24. ලස්සනත් අර්ථයත් වටිනාකමත් එක්කල කතාවකි! :)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අලියෝ..

      Delete
  25. සරල පහසු ලිවීමට කැමතියි, වෙනද වගේම ලස්සනයි යාළුවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි හිර්ණ්‍ය.. ගොඩක් කාලෙකින් මේ පැත්තේ..

      Delete
  26. අර හින්දි ෆිල්ම් එක මතක් වුනා...

    නම මතක නැහැ බොල..

    අහ් මතක් වුනා.. තාරේ සමීපර්.. හින්දි නේ හරිද මන්දා අකුරු

    ReplyDelete
    Replies
    1. වැරදියි නේ.. "තාරේ සමීන් පර්" තමයි හරි..

      Delete
  27. තාරේ සමීන් පර් ෆිල්ම් 1 මතක උණා!:)

    ReplyDelete
    Replies
    1. මමත් ගොඩක් ආස ෆිල්ම් එකක් තමයි ඒක..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්