Thursday, 29 March 2012

කැට් වොක්



එදා බදාදා ෆාමසියෙයි මම සතුටින් හිටියේ
“ ටොක් ටොක් ” හඬක් හදිසියේ සවනත වැටුනේ
මීයෝ වත්ද මේ දගකරන්නේ මහ දවාලේ
හිත හිත ඉද්දි සද්දය තව වැඩි වෙන්නේ..

නෑ නෑ පාර අසලිනුයි ඒ සද්දය එන්නේ
බිත්තිය හිල් කරන්නට හදනවා වැන්නේ
හෙමිහිට නැගිට මම ජනේලයට කිට්ටු උනේ
හොයා බලන්නටයි මේ මොකක්දැයි වෙන්නේ..

අදත් රූඹර ළදකි මා නෙත් අතර රැදුනේ
මුහුණට කලින් වෙනත් තැනකි මගේ හිත ගත්තේ
නෑ නෑ ඔබ හිතු දෙය වැරදියි මගේ මිතුරනේ
ඇගේ සෙරෙප්පු දෙක ගැනයි මම මේ කියන්නට යන්නේ..

ඇගිලි තුඩු එකිනෙක හිරවෙලා වේදනාවෙන් වැන්නේ
පස්සෙන් ඉස්සිලා අගල් දෙක තුනක් පාවෙන වැන්නේ
කැට් වෝක් අමතක වෙලා වගේ ඈ පාරේ යන්නේ
දැන් වැටෙයිදෝ කියලා මගේ හිත දුක් වෙන්නේ..

අවුරුදු විස්සක විසි පහක පෙනුමකි ඇයට ඇත්තේ
ඇදුම පැළදුමෙන් සල්ලි කාරියක් බව හැගුනේ
ඇයට මග යන්නට උදවු උන්  අසරණ පෙම්වතාගේ
මූණේ ඉරියවු නෑ මම හරියට දැක්කේ..

නගරයේ පාරවල් වල ගල් අතුරා ඇත්තේ
ඉන් අනතුරු අඩු බව මෙහි පිළිගන්නේ
නමුදු ඇය යමින් උන් මේ පාරේ
අනතුරක් වේ යැයි මගෙ හිත කීවේ..

කිලෝ මීටරයක්  වත් දිගු නැති මේ පාරේ
ඇවිදින විට පැද්දෙන තොරුම්බල් රිසිසේ
බලාගෙන මම සැගවී කවුළුව අතරිනේ
සිටියේ රාජකාරි අමතක වී වැන්නේ..

හිටි හැටියේ “ ටකස් ” ගා හඬක් මගේ සවනත වැටුනේ
ඇගෙ තොරුම්බල් අතරන් මා නෙත් අහකට ගත්තේ
අඩි දෙක තුනක් පාවී මෙන් ඈ ඉගිල ගියේ
අසරණ පෙම්වතා නිසයි ඈ බිම නොවැටී හිටියේ..

උල් පිහියක් වගේ අඩිය ගැලවී ඇත්තේ
ඒ නිසානේ ඇය මෙලෙසින් පියඹා ඇත්තේ
ටිකෙන් ටික සුදු මූණ රතු වනු දැක්කේ
සිනහව නවත්තන්නට බැරුවයි මම හිටියේ..

ලැජ්ජාවෙන් පිරි මූණ ජම්බු ගෙඩියක් වාගේ
අර අසරණයටයි කෑ ගහන්නේ පිස්සුවෙන් වාගේ
ඌ හිටියේ නැත්නම් ඇද වැටි මහ පාරේ
දත් ටික කඩා ගන්නවා බලන්නට තිබුනානේ..

අලවන ඈයෝ නෑ හැමතැන ලංකාවේ වාගේ
ටික දුරක් යන්නට වෙනවා අලවන්නට ආයේ
කැඩුන සෙරෙප්පුවේ උල විසිකර තරහින් වාගේ
ඈ අනෙක් සපත්තුවත් කඩලා දැම්මේ..

දැන් දාන්නට පුළුවන් කැට් වොක් රිසිසේ
ඇය යනවා කිසිවක් නොවුනා වාගේ
ඈතින් අපේ ලොක්කා එන හඩ ඇසුනේ
මම ආයෙම මගේ වැඩ ගැන හිත යෙදුවේ..




75 comments:

  1. Replies
    1. තැන්ක්ස් අයියේ.. අයියා සෑහෙන කාලෙකට පස්සේ මේ පැත්තට ආවේ..

      Delete
  2. හිහි ,, අයියෝ අයියෝ.. අනේ අප්පේ මට ඔහොම උනානම් මම එතනම බුගත වෙනවා හිකිස්‌

    ReplyDelete
    Replies
    1. හොද වෙලාවට ඒක දැක්කේ මම විතරනේ නංගී.. ඒකත් මම දැක්ක කියලා එයාලා දන්නේ නෑනේ.. :)

      Delete
  3. මාව පාගපු ඔය උල කැඩුන එකම කමා හොද, තව එකෙක් අසරණ නොකර
    මරු කවිටික අයියේ.....

    ReplyDelete
    Replies
    1. මම මේක ලියලා තියෙද්දියි මලයත් ඒ කවි සෙට් එක දැම්මේ.. මම හිතුවා මේ වගේම එකක්දෝ කියලා..

      Delete
  4. හික්ස්..සනේ පව් අප්පා... :D

    ReplyDelete
  5. නියමෙට ලියල තියෙන්නෙ ඔය.....දිනේශ් අයිය බලන් ඉන්නව ඒ ගෑණු ළමය දැක්කෙ නෑනෙ.....

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. මම ශේප් එකේ ජනේලෙන් බලාගෙන හිටියේ..

      Delete
  6. දිනේෂ් අයිය යටි හිතින් කියන්න ඇති අනේ වැටියන් වැටියන් කියල.
    මං නම් කියන්නේ එහෙම කෙල්ලොන්ට එහෙම වෙන්න ඕනි.
    කවි ටික නම් පංකාදුයි. නියම කතන්දරයක් පද වලට හරවල. සුපිරියි ඈ....

    ReplyDelete
    Replies
    1. හිතුවටත් වඩා ඒ පාරේ තත්වෙත් එක්ක ඔහොම වෙන බව මම දන්නවා.. ඒකනේ මම බලාගෙනම හිටියේ..

      එහෙම කියන්න එපා මල්ලියේ.. පවුනේ ඒ ලස්සන ගෑණු ළමයා.. :)

      Delete
  7. දිනේශ් මල්ලි ලඟකදි ඉඳන් කාන්තාවට මඩ ප්‍රහාරයක් දියත් කරනව වගේ..සෙරෙප්පුවේ ඉඳලම කවි ලිය ලිය මඩ ගහනවා.. :P

    ReplyDelete
    Replies
    1. ඔන්න බලන්නකෝ ඉතින්.. මේ මම එහෙමත් කරනවද?

      Delete
  8. උඹ දැන් ඕනේ නැති එව්වා දකිනවා වැඩියි....!!!

    ReplyDelete
    Replies
    1. මේ දෑස මගේ පිංවන්තයි.. තේරුනේ දැන් තමයි.. ඒ ගැන පස්සේ කියන්නම්.. :)

      Delete
  9. පව් සීන් එක

    ReplyDelete
    Replies
    1. පවු නම් තමයි.. ඒත් ඉතින් දැන දැනමනේ දාගෙන ගියේ..

      Delete
  10. මොකෝ අප්පේ මේ ලෝක හයි හීල්ස් දිනේවත් එනවද? මට මතකයි ෴ සොඳුරු මිනිසා ෴ බ්ලොගෙත් හයි හීල්ස් ගැන තිබුනා

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් සොදුරු මිනිසත් එකක් ලිවුවා තමයි.. මොන දිනද මචං.. අපි මේ දකින් දේවල හැටියට..

      Delete
  11. මූටත් ඕන නැති මගුලක් නෑ

    ReplyDelete
    Replies
    1. අනුන්ගේ මගුල්මනේ අපි හොයන්නේ..

      Delete
  12. මේක බොරුවට අගේ කලොත් උඹ හැදෙන්නේ නෑ. පොඩි සිද්දියක් කවියෙන් කතාවක් වගේ ලියන්න දරපු උත්සාහය සාර්ථකයි. ඒත් මොන ක්‍රමයට කියුවත් තාලයක් නෑ. ඒ වගේම රිද්මයකුත් නෑ. කවියකුත් නෙමෙයි නිසැදසකුත් නෙමෙයි. මේකම තුන් හතර සැරයක් ලියන්න එතකොට තමන්ටම පුළුවන් තාලයට ගොඩනගන්න. අපි ලියන්නෙත් එහෙමයි. ඒත් වැරදි තියෙනවා. මම හිතන්නේ නෑ උඹ තරහ වෙයි කියලා....

    ReplyDelete
    Replies
    1. කිසිම තරහක්වත් වෙන කිසිම ප්‍රශ්නයක් නෑ අයියේ.. මේ දේ කෙලින්ම කියපු එක වටිනවා.. කලින් දවසේ දාපු පෝස්ට් එකත් එක්ක ඒ මතකයෙන් මිදිලා ටිකක් විතර හිනාවෙන්න හිතාගෙනයි මම මේක ලිවුවේ.. ටිකක් හදිස්සි උනා.. ඒ නිසා මේ පෙන්නපු වැරදි මම පිළිගන්නවා.. ආයෙම එහෙම වෙන එකක් නෑ.. උනත් ඒ ගැන නොකියා ඉන්නත් එපා..

      Delete
  13. යංතං ඇති අතපය කඩාගත්තෙ නැතුව

    ReplyDelete
    Replies
    1. අර අසරණ පෙම්වතා නොහිටියනම් ඒ ටික වෙනවා..

      Delete
  14. ලඳක් දැක්කඅත් වැඩ මතක් වෙන්න ලඅක්කම එන්න ඔ්න නේ! :D

    ReplyDelete
    Replies
    1. හොද වෙලාවට ලොක්කත් සද්දේ දාන් ආවේ.. නැත්නම් මම මාට්ටු.. :)

      Delete
  15. අඩි උස ඒවා දාගෙන කරකව කරකව යනවට හොඳ වැඩේ.. මට මතක්වුනේ බුකියේ ෂෙයාර් වුනු කාන්තා ඇද වැටීම් තියෙන වීඩියෝවක්

    ReplyDelete
    Replies
    1. ඒ යන එහෙත් ලස්සනක් නැතුවම නෙමෙයි ඉතින්.. :) පාර තමයි අප්සට් එකට හිටියේ..

      Delete
  16. ඉතාලියෙත් මීයො ඉන්නවද අප්පා..විශේෂයෙන් ෆාමසිවල..?
    ප/ලි
    කෝ මලේ සඤ්ඤක අකුරු? ඟ,ඬ ?

    ReplyDelete
    Replies
    1. ෆාමසියේ ගබඩාවෙන් කලාතුරකින් ඉන්නවා.. ඒ ඇරෙන්න නම් ලංකාවේ වගේ ප්‍රශ්ණ නෑ මීයන්ගෙන්.. මොකද මෙහේ ගොඩක් වෙලාවට මීයෝ ඇති කරනවනේ

      වැරැද්ද පෙන්නුවට ස්තූතියි අක්කේ.. නිවැරදි කලා..

      Delete
    2. මීයො ඇතිත් කරනවද?
      මම හිතං හිටියෙ රොන් වීස්ලි විතරයි මීයො ඇති කරන්නෙ කියලා..

      Delete
    3. ඇති කරනවා.. හැබැයි ලංකාවේ ඉන්න ජාතිය නෙමෙයි හැබැයි.. මම මේ දහ අතේ කල්පනා කලා කවුද රින් විස්ලි කියලා.. දැනුයි මතක් උනේ.. :)

      Delete
  17. මොකට දානවද ඔය උල්?

    ReplyDelete
    Replies
    1. ඒකනේ අක්කේ කියන්නේ.. ඇවිදින්න බෑ වගේද පැශන් එක..

      Delete
  18. හපොයි...පවු අහිංසක කොල්ල...:/

    ReplyDelete
    Replies
    1. කොල්ලා.. කවුද? අහ්.. පෙම්වතා වෙන්න ඕන..

      Delete
  19. යකෝ කෙල්ලෙක්ට ඇවිදින එක කොයිතරම් අමාරු දෙයක්ද ?

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ගම් වල කෙල්ලෝ රබර් දෙක දාගෙන යනවා මීට වැඩිය ලස්සනයි සදරුවෝ..

      Delete
  20. ඔය ජනේලේ ලඟින් ඈත් වෙලා ඉන්න මල්ලී.දොත්දොරේට ඉව වැටෙන්න පුළුවන් ඕක...හික් හික් මගේ ඇස් දෙක ඉස්සරහා කෙල්ලක් වැ‍ටුනා අප්පා දවසක් සාය පෑගිලා ඔය උල් වලට..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. ලොක්කා දැන ගත්තොත් මෙතනම ඉදීවි.. ශේප් එකේ තමයි බලන්න ඕන.. හෆ්ෆා.. වස ලැජ්ජාවක්නේ කෙල්ලට වෙන්න ඇත්තේ.. :)

      Delete
  21. :D මං හිතුවෙම ලොක්කා ඇවිත් මේසෙටවත් තට්ටුවක් දැම්මයි කියලා..
    හලේ ඉතින්.. අවාසනාවන්තම කොල්ලො ඉන්නෙ යුරෝපයෙලුනෙ..

    ReplyDelete
    Replies
    1. කවුද කියන්නේ අවාසනවන්තම කොල්ලෝ ඉන්නේ යුරෝපයේ කියලා? ඒක මොන බොරු කතාවක්ද?

      Delete
  22. හපොයි...අයියෝ අයියෝ..

    ReplyDelete
    Replies
    1. ඔයත් දැකලා ඇතිනේ..

      Delete
  23. බ්ලොග් අවකාසෙ ගෑල්ලමයින්ටත් මෙව්ව හොද පාඩං.

    ReplyDelete
    Replies
    1. ඒකනේ රාජ් අයියේ කියන්නේ.. අපි මෙහෙම වැදගත් උපදෙස් දෙනකොට අපි එයාලට මඩ ගහනවා කියලා දෝශාරෝපනය කරනවනේ..

      Delete
  24. ගොඩක් ගෑනු ළමයි කොට හින්දා අඩිය උස සෙරෙප්පු දානවා වෙන්ඩ ඕන ..... නැත්නම් ඉතින් උස අඩියක් ගහගෙන අමාරුවෙන් කොරවක්කෙක් වගේ යයිද ....

    ReplyDelete
    Replies
    1. මොන කොටක්ද හර්ශණ.. මෙහේ කෙල්ලෝ සාමාන්‍යයෙන් උසයි.. අරවත් දැම්මට පස්සේ කොල්ලට වඩා උසයි..

      Delete
  25. අපොයි මටනම් ඔය උල් අරහං. කොට වැඩි නම් ෆැල්ට්ෆෝම් ටයිප් දැම්මානම් හරි.

    ReplyDelete
    Replies
    1. උල් දාගෙන ගියාම අපිටත් කරදරේ.. පෑගුනොත් එහෙම.. අර සොදුරු මිනිසට වගේ..

      Delete
  26. හික්ස්.. මටනම් එපාම කරපු මල ඉලව්වක් නොවැ ඔය හයි හීල්ස්. මමනම් කැමතිම පාට පාට රබර් සෙරප්පු දාන්න තමා ඒක තමා පහසුම.ඒත් ඉතින් තැනේ හැටියට ඔවැනි ඒවත් දාන්න වෙන අවස්ථා තියෙනවා.එහෙම දවසට ඉතින් ඒක ගලවනකන් සිහියක් නෑ

    ReplyDelete
    Replies
    1. ලස්සනනම් තමයි මෙවුවා.. ඒ උනාට හැමතිස්සෙම දාන එක කොන්දට හොද නෑ කියලා අපේ දොත්තොරෙස්සා කියලා තියෙනවා මාත් එක්ක..

      Delete
  27. අපොයි....ඔහොම මඩ ගහන්නෙපා හලෝ ගැල්ලමයින්ට....

    දිනේෂ් අයියාට දැන් පේන්නෙ හරි අමුතු අමුතු ඒවා නේද......

    ReplyDelete
    Replies
    1. මග ගැහුවේ නෑ හලෝ.. ආදරේටනේ මේ කිවුවේ.. :)

      Delete
  28. ඔය අර ස්ටෙලිටෝ කියන සපත්තු ජාතිය වෙන්නැති

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා.. ඔබා මාමා දන්න දේවල්.. මම නම් ඔය නම් දන්නේ නෑ මාමේ..

      Delete
  29. මම ඔය අඩි උස සෙරෙප්පු නොදාන්නේ ඕක හින්දා නෙව.

    ReplyDelete
    Replies
    1. ඒක හොදයි.. දාන්න එපා නංගියේ..

      Delete
  30. කෙනෙක් වැටුනම හිනාවෙනෑක වැරදියි නෙද ? :D

    ReplyDelete
    Replies
    1. වැරදි වැරදී.. ඒත් මේ වගේ වෙලාවට ඉතින් කොහොම හිනාව නවත්තන්නද අයියේ..

      Delete
  31. හු හූඌඌඌඌඌ..... හයියෝ සාටර් කෝටියයි නෙහ්

    ReplyDelete
    Replies
    1. සාටර්ද අහනවා රජතුමා.. වස ලැජ්ජාවයි..

      Delete
  32. හොඳ වැඩේ උඩ පැන පැන යන කෙල්ලොන්ට!

    ReplyDelete
    Replies
    1. පවුනේ අයියේ එහෙම කියන්න එපා..

      Delete
  33. අර කොට්ටොරුවට වෙච්ච වැඩෙත් වෙනවා.. හී හී .. අයියත් මරු සීන් තමයි අල්ල ගන්නේ

    ReplyDelete
    Replies
    1. මෙවුවා ඉතින් නිතර දෙවේලේ දකින ඒවනේ මලයෝ..

      Delete
  34. හෆ්ෆා.. වෙලාවකට මටත් හිතෙනවා හෆ්ෆා ඔහොම එව්වා දාගෙන පාරෙ යන ගෑණූ ළ්මයි දැක්කාම අමාරුවෙන්, කොහොම ඇවිදිනවාද කියලා..:D

    මරු කවිටික අයියෙ!!!

    ReplyDelete
    Replies
    1. ඔයා යන්නෙම නැද්ද මේවා දාගෙන? එක පාරක් හරි යන්නකෝ.. කිසිම අමාරුවක් නෑ.. :)

      Delete
  35. පව් බං.. ලස්සන කොල්ලෝ.. අහිංසකව වැටෙන්නේ..

    ReplyDelete
    Replies
    1. අහිංසකව කොහොමද බං වැටෙන්නේ?

      Delete
    2. කොල්ලෝ Or කෙල්ලෝ?????

      Delete
  36. සෙරෙප්පු දාන්නත් බයයි අෆ්ෆා..... කවියක් වත් හැදුනොත් එහෙම :O :O :O :O :O
    නියමයි.....

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්