Tuesday, 27 March 2012

සුවද හදේ රදවලා.. යන්න ගිහිල්ලා..

ඉස්සර මම උදේට පායන හිරු දැක්කම ගොඩක් දුක් උනා.. ඒ දවසින් දවස මගේ ජීවිතේ අඩු වෙන නිසා.. ලොකු බලාපොරොත්තු ලොකු හීන මුකුත් තිබුනෙ නැති මගේ ලෝකෙට ඔයා එකම එක බලාපොරොත්තුවක් අරගෙන ආවා.. සතුට.. ඔයාගේ ආදරේ මගේ එක දවසක් අවුරුදු ගානක මතකයන්ගෙන් පිරෙව්වා.. මට හිනා වෙන්න කියලා දුන්නා.. ඔයාගේ ආදරේ ලග ගෙවුන ඒ මාස හතර  ඔයා මගේ ජීවිතේ ලස්සනම කාලය බවට පත් කලා.. මට කියන්න බැරි ගොඩක් දේවල් ඔයා මගේ ඇස් වලින් තේරුම ගත්තා.. ඔයාගේ ආදරය මට ජිවත් වෙන්න බලාපොරොත්තුවක් උනා.. ඒත් අපෙ ඉරණම මේ වෙනකොට අපිව අපෙන් වෙන් කරලා ඉවරයි..

                    මට හිනාවෙන්න කියපු ඔයාගේ හිත ගොඩාක් අඩපු බව මම දන්නවා.. මගේ ජීවිතේට සතුට ගෙනාපු ඔයාට මට දෙන්න ඉතුරු උනේ දුක විතරයි.. මට ඔයාව මීට කලින් මුන ගැහුනනම් කියල හිතුන දවස් අනන්තයි.. ඒ මට ඔයාගේ ආදරය ලග වැඩි කාලයක් හිනාවෙලා ඉන්න ලැබෙන නිසා.. ඔයා මං වෙනුවෙන් ගොඩක් දුක් හිතට අරගත්තා.. ඒ වෙනුවට ඔයා හැමදාම සිනහව මට ගෙනාවා.. ඔයාගේ ආදරේ ලග ඉන්න මං පිං කරලා නැතුව ඇති..

         ඔයාට ගොඩක් පිං මං වෙනුවෙන් කරපු හැම දේකටම.. මට මටත් වඩා ආදරය කරන කෙනෙක් ලැබුන සතුටම මට ඇති මගේ ඇස් පියා ගන්න.. ඔයාව තනි කරලා යන්නේ හිතකින් නෙමෙයි.. මං වෙනුවෙන් ඔයා ඇඬුවා දැන් ඇති.. අද මට මේ ලොකේ දාලා යන්න කිසිම දුකක් නැහැ.. ඒත් ඔයා මම නැති උනාට පස්සේ අඬනවා මට බලන් ඉන්න බැහැ.. මට හිනාවෙන්න උගන්නපු ඔයාගේ හිනාව හැමදාටම උදුරගෙන යන්න තරම් පවු කරපු කෙනෙක් කියලයි මට හිතෙන්නේ.. ඔයා ඉදිරියේ ඔයාගේ ජීවිතේ තව ගොඩක් කල් ඉතුරු වෙලා තියෙනවා.. මට පොරොන්දු වෙන්න ඔයා මාත් එක්ක කියපූ ඔයාගේ ඒ හැම බලාපොරොත්තුවක්ම ඉටු කර ගන්නවා කියලා.. මම දෙවියන් ලග ඉදන් ඔයාගේ සතුට ප්‍රාර්ථනා කරන්නම්.. 

          ඔයාගේ ආදරය මාව හැමදාම ජීවත් කලා.. ඒ හැමදේකටම ඔයාට පිං.. මම ඔයාගේ ආදරයට හැමදාමත් ආදරය කරන  

පූජා..


ආදරේ අන්තිම හුස්ම වැටෙන්න කලින් ජීවිතේ තවමත් විදින විදවන එකමත් එක කාලෙක අවසන් මොහොතක හදවතට ලං උන අකුරු ටිකක්.. අදටත්  මේ අකුරු අතරේ හැංගුන ජීවිතය සුසුම් වල පැටලිලා මතකයන් අතරට එද්දි එදා අත ඇරුන ජීවිතය අද කොහේද කියලා මම තාමත් දන්නේ නෑ..

පූජා, ඔයා මේ අකුරු අතරේ මට ආදරය ඉතුරු කරලා යන්න ගිහින් අදට අවුරුදු 5 යි.. මම කොච්චර හිනා උනත් සැහැල්ලුවෙන් හිටියත් මේ ගෙවුන අවුරුදු 5හේදි දවසට එකම එක වතාවක් හරි මේ අකුරු අතරේ ආදරේ විදගත්තේ මේ හිත ඇතුලේ ඔයා තාම ඉන්න නිසා..

නුඹ අතැර ගිය මල් මිට
ලං කරන් හිත ලග තවම
සෙනෙහසේ බිදුන බැම්ම
යලි තනන්නට දුවන මගෙ හිත,
මංමුලාවූ දුරු කතර මැද
නුඹේ මතක මිරිගු අතර
නූඹ නොයෙන පාළු සොහොන ලග
අදත් මම මල් කළඹ අරගෙන..

හදවත් එකිනෙක පෙමින් වෙලි ගිය
ආදරේ මතක පිටු අතර
නුඹ නොලියා අවසන් කර ගිය
ආදරයේ දුක්බරම කතාව,
කියවන්නට කෙනෙකු නොඑන
මතක පොත් ගුලේ අන්තිම පේලියක
සගවා කිසිවෙකුට නොපෙනෙන්නට
නික්මුනි මම හැර දමා ඔබෙ වත..

දැන දැනම එක්වෙන්නට
වරම් නොලද බව අප පැතුව
සංසාරේ බැදි පෙමට
හමු උනත් අපි පෙම් බදින්නට,
වියොවේ දුක් සෝ සුසුම් මැද
නුඹ ගියා.. යලි මතු හමුවන්නට
සසර බැදි පෙම තබා හිත ලග
නුබ ලගට එනතුරු දිවි ගෙවන්නට..

තාම මට ඔයාගේ සුවද දැනෙනවා.. ඔයා මං ලග ඉන්නව කියලා මට දැනෙනවා.. මේ ගෙවුන කාලය මහා කල්පයක් වගේ උනත් මට ඒ ගෙවුන හැම මොහොතකම ඔයා මගේ ලගින් හිටියා කියලා මම දන්නවා.. ඔයාගේ සුවද මේ හදවතේ රැදිලා තියෙනවා තව බොහොම කාලයකට..


පෙර දින අප හමුවූ තැන
නටඹුන් පමනකි කඳුළක
කදු අතරේ වලා රොදක ඔබ සැගවීලා
සුවද හදේ රදවලා.. යන්න ගිහිල්ලා..




57 comments:

  1. නොපෙනුනත් නුඹට
    ලිපිය අවසන නැඟුනු
    කඳුළු බිඳ
    දාහක් දේ කිව්වා
    නිහඬවම
    කම්මුල දිගේ
    පහලට
    ගලායන අතරතුර

    අරුම පෙමක්
    ගැන.......

    ReplyDelete
    Replies
    1. ඒ කඳුළු
      නුඹ නිසාම නම්
      ජීවිතට අද
      නතර වෙලා
      නුඹ නික්මුන්
      දවසේ තවම..

      Delete
  2. මුල් ටික දකිද්දි හුරු පුරුදු ගතියක් දැනුනා කලින් කියවපු ලිපියක.. හ්ම්ම්.. මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ අයියේ.. පූජා අක්කා හැමදාටම අමරණීයයි.. ඒ ඔයාගේ ආදරේ නිසා...

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රාර්ථනා නංගී.. " ආදරයට ආදරයෙන් " කතාවේ අන්තිම කොටසේ මේ ලියුම තිබුනා..

      Delete
  3. අහ්හ් මෙහෙම කතාවක් දැනගෙන හිටියෙ නැහැනෙ. :(
    කියන්න දෙයක් හිතාගන්න බෑ.ගොඩක් දුකයි යාළුවා!

    ReplyDelete
    Replies
    1. මම මේ ගැන ආයෙම ලියන්නේ නෑ කියලයි හිතාගෙන හිටියේ.. ඒත් අද නොලිය ඉන්න බැරි උනා..

      Delete
  4. හ්ම්ම්ම්ම්ම්ම්.....ඔයාගෙ හිතට සතුට සැණසීම පතනවා.........

    ReplyDelete
    Replies
    1. මටත් දැන් ඕන කරන්නේ ඒ ටිකම තමයි කිරිල්ලී..

      Delete
  5. Replies
    1. දුක හිතේ තියන් ඉන්න බැරි නිසයි මේ ලිවුවේ..

      Delete
  6. පව් අප්පා...දිනේෂ්ටමයි මේව වෙන්නෙ....
    :-)

    ReplyDelete
    Replies
    1. දෛවය තමයි ඔබා මාමේ..

      Delete
  7. හරිම දුක කතාවක්.

    කාලයත් එක්ක හැමදේම තුනී වෙලා යයි. අමතක වෙන එකක් නෑ. ඒත් ඔච්චරම දුක හිතෙන එකක් නෑ.

    ඔයාට සතුටක්ම පතනවා.

    ReplyDelete
    Replies
    1. අමතක කරන්නත් බෑ අක්කේ.. ඒ මතකය ජීවිතේට එකතු වෙලා තියෙන නිසා.. ඔව් කාලයත් එක්ක ගොඩක් දේවල් වෙනස් වේවි..

      Delete
  8. කියන්න දෙයක් නෑ මල්ලි :(

    ReplyDelete
    Replies
    1. මට තේරෙනවා අක්කේ..

      Delete
  9. හ්ම්ම්..මටත් දිනේෂ් අය්යගෙ පරණ ලිපියක් මතක් වුණා.ඒත් ඇත්ත ආදරයක් කවදාවත් පරණ වෙන්නේ නැහැ.පූජා අද ජීවතුන් අතර නොහිටියත් දවසෙන් දවස ඒ ආදරේ අලුත් වෙනවා ඇරෙන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් නංගියේ.. මේ ගැන මම කලිනුත් කීප පාරක්ම ලියලා තියෙනවා.. ඒට් මීට පස්සේනම් ලියන්නේ නෑ..

      Delete
  10. පූජාට තිබුනු ආදරේ ශක්තියක් කරගෙන ජීවිතේ නවත්තලා තිබුනු තැනින් ආපහු පටන් ගමු මලේ..

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ.. ඉස්සරට වඩා මගේ ජීවිතේ දැන් ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙන්නේ..

      Delete
  11. වේලිච්ච ඇස් තෙත් වෙච්ච බවක් මම කොහොමද ඔප්පු කරන්නේ.....

    ReplyDelete
    Replies
    1. මම දන්නවා මලයෝ..

      Delete
  12. අනේ මේක කියවගෙන කියවගෙන යද්දි මොලේට ඇල්පෙනෙති තුඩු වලින් අනිනවා වගේ හැගීමක් දැනුනා. සත්තයි මාව හිරි වැටිලා ගියා. මම හිතනවා මේ ලියන්නෙ ඔයාගේ ජීවිතේ කියල. මම දන්නේ නෑ මම හරිද කියල. මොකද මම මෑතකදිනේ ඔයාගෙ බ්ලොග් එකට එකතු වුනේ. මේ පූජා ගැන මොනවම හරි මේකෙ ඇති මම ඉඩ තියෙන වෙලාවක බලන්නම්කො.

    ReplyDelete
    Replies
    1. පූජා ගැන ගොඩක් දේවල් මේ බ්ලොග් එකේ තියෙනවා අක්කේ.. " ආදරයට ආදරෙන් " කතාව තියෙන්නේ පූජා ගැන.. ඒත්,

      Delete
  13. ඇත්තටම හරිම දුකයි....

    ReplyDelete
  14. නිකම් හීනයක් ව්අගේ දිනේශ් අයියා..

    ReplyDelete
    Replies
    1. ඒ හීනයේ මම ජීවත් වෙනවා මලයෝ..

      Delete
  15. හ්ම්ම්...පූජගෙ ආත්මයට සැනසීමක් වෙයි අද ඔයා එයා හිතපු විදියෙම කෙනෙක් වෙලා ඉන්න එක ගැන..

    ReplyDelete
    Replies
    1. මම උත්සාහ කරන්නෙත් එහෙම ඉන්න අක්කේ..

      Delete
  16. හිත හදා ගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ දිනේෂ් අයියා.. ආදරණීය විදිහට ලියන තියනවා, ගොඩක් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. දැන් නම් ගොඩක් දුරට ඒ හැම දෙයක්ම අමතක කරමින් ඉන්නේ මලයෝ..

      Delete
  17. අනේ මන්දා දැන් දැන් දිනේෂ් මලයා මොකාට එන්න හදනවද කියලා...

    ReplyDelete
    Replies
    1. අනේ නෑ අයියේ.. මේ හදන්නේ හැම දෙයක්ම අමතක කරන්න..

      Delete
  18. ම්ම්ම්ම්ම්ම්.... එකම දුක දැනිලා තියන, විඳලා තියෙන විදි වෙනස්නෙ..:( අයියාගෙ මේ කතාව මගේ ඇස් බොද කලා..:(

    පූජා අක්කාගෙ ආදරේ අමරණියයි!!

    ReplyDelete
    Replies
    1. වෙලාවකට ඇයි මට මෙහෙම උනේ කියලා හිතෙනවා..

      Delete
  19. දුකයි :(
    කවුද පුජා?

    ReplyDelete
    Replies
    1. පූජා ගැන කියන්න කොච්චර දේවල් තියෙනවද.. පුළුවන්නම් " ආදරයට ආදරයෙන් " කතාව කියවන්න..

      Delete
  20. "මළගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරුදු දා " කෘති වල එන සිදුවීම් වගේම මේකතාවත් හිතට දැනෙනවා. වේදනා දෙ සමුගැනීමක්නේ..

    මුල්වතාවට අදයි ආවේ.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ආදරයෙන් ඔබව මේ පැත්තට පිළිගන්නවා.. ටිකක් වේදනාකාරි දවසක ඔබව පිළිගන්න වීම ගැන කණගාටු වෙනවා.. මීට වඩා වෙනස් ඳේවලදි අපි ආයෙම හමු වෙමු..

      Delete
  21. දිනේෂ් අයියා මේක සිරා සිද්ධියක්ද?ඇත්තටම හිතට වැදුනා...මන්දා....මට කමෙන්ට් දෙන්න බෑ.... :'(

    ReplyDelete
    Replies
    1. ඔව් මකුළුවෝ.. මේක ඇත්ත සිද්දියක්..

      Delete
  22. :(

    මට නං දැං ගානක් නෑ අප්ප![ :( ]

    ReplyDelete
  23. මේ වගේ සීන් එකක් කලිං ‍දැම්මද බං.. ඒ වගේ මතකයි..

    ReplyDelete
    Replies
    1. ඔව් සෑමෝ.. කතාව ලියල තිබුනා මම..

      Delete
  24. Replies
    1. ඔව් බණ්ඩාර අයියේ..

      Delete
  25. හිත ශක්තිමත් කරගෙන ඉන්න දිනේශ් අයියා මේක දැම්මම දුක වැඩි වෙනව නේද?

    ReplyDelete
  26. නිසදැසට නම් මම විකාරෙන් ලයික්:)
    ලස්සනයි!
    අයිය හොයන ආදරය ඉක්මනට ලැබෙන්න කියල පතනව!(පූජා අක්ක වගේම කෙනෙක්!:))

    ReplyDelete
  27. ඔයා දුකින් කියලා දන්නවනම් එයා ඉන්න තැනක ඉඳන් දුක් වෙයි.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්