Monday, 26 March 2012

දවසක්දා රැයක..

එදත් වෙනදා වගේම සුන්දර උදෑසනක්.. උදේ 6.30 නැගිටලා වැඩට යන්න ලෑස්ති වෙලා හැමදාම කරන සුපුරුදු වන්දනාවට කම්පියුටර් එක ලග වාඩි උනා.. මේල් චෙක් කරන්න දෙයක් නෑ.. කවුරුවත් මට මේල් දාන්නේ නෑනේ.. ගියා ෆේස් බුක් එකට.. ගෑල්ලමයි තුන් හතර දෙනෙක් මැසේජ් දාලා තිබුනා.. ඒකටත් දැම්මා පිළිතුරක්.. ඊට පස්සේ ඉතින් සුපුරුදු පරිදිම ලොග් උනේ බ්ලොග් එකට..



මේ මොකක්ද මේ උනේ.. යන්තමට වගේ තාමත් පියවෙමින් තිබුන මගේ නිදිමත කොහේ ගියද කියලා නෑ.. දෙතුන් පාරක්ම බ්ලොග් එකට ලොග් උනා.. ඒත් එහෙමමයි.. “නෑ මෙහෙම වෙන්න බෑ.. .. හරි.. මම ඉන්නේ ගූගල් එකේ..”  ගූගල් දෙයියෝ කොහොමත් මාත් එක්ක තරහා නිසා මේකත් වගේ කෙනෙහිලි කමක් වෙන්න ඇති කියලා මම ගිණි නරියගෙන් ලොග් උනා..

“ මේ මොකද්ද මට උනේ?”

මට දෙයියෝ බුදුන් සිහි උනා.. අවුරුදු එකහමාරක් තිස්සේ අමාරුවෙන් හදාගෙන ආපු දේට මේ මොකද උනේ.. මගේ හිත ගැහෙන සද්දේ මට ඇහෙනවා ඇහෙනවා වහේ.. ඒක පාරටම හිත වේගයෙන් ගැහෙද්දි මම විනාඩියකට ඇස් පියා ගත්තා.. ආයෙම ඇස් අරලා බලද්දි මම දැක්කේ හැම තැනම විහිදුන අදුර..



.......................

මම තාම ඇද උඩ.. එතකොට මම දැක්කේ හීනයක්ද? “ හම්මෝ.. ලොකු දෙයක්..” මම මටම කියා ගත්තා.. යන්තම් අදුරෙම අත පත ගාලා ෆෝන් එක ලගට අරන් වෙලාව බැලුවා.. පාන්දර 2.30යි.. ඈතින් අංකල් ජොන්සන් ගොරවන සද්දෙත් ඇහෙනවා..  හීනෙන් උනත් දැක්ක හීනේ භයානක කම හින්දම තාම හිත ගැහෙනවා..

තාම ඉතින් රෑට හොදට හීතල නිසා ආයෙම පොරෝනේ අස්සට බැහැලා ඔළුවේ ඉදන් පොරවගෙන නිදාගන්න හැදුවා.. ඒත් මොකක්දී හේතුවක් ඒ නින්දට බාද කලා.. නිදියන්න පුළුවන් හැම ඉරියවුවකම ඉදන් නිදා ගන්න ට්‍රයි කලත් ඕනකමින් ඇස් තද කර ගන්නවා ඇරෙන්න නින්දක් නම් එන්නෙම නෑ..

“ ඇත්තටම මගේ බ්ලොග් එකට මුකුත් වෙලාද?”

හිත යටින් ආයෙම පොඩි බයක් එන්න ගත්තා.. කම්පුටරේ ඔන් කරලා බලන්නමයි හිත.. ඒත් මේ මහ පාන්දර.. “ නෑ එක්කෝ උදේම බලනවා..” මම මටම කියා ගත්තා.. ඒත් ඒකෙන් හිත හැදෙන පාටක් නෑ.. ඕන කෙහෙල් මලක් කියලා ඇදෙන් බැහැල ඇවිත් කම්පියුටරේ ඔන් කලා.. පොඩි එකා වගේ අංකල් තාම බුදි..

මගේ කම්පුටරේ ඔන් වෙද්දි එන සද්දේ දෙවෙනි වෙන්නේ ලෑන්ඩ් මාස්ටරේකට විතරයි.. ඒ තරමට ශබ්ධ දූශණයක් නෑ.. හරිම නිස්කලංකයි.. ඒ මදිවට කලින් දවසේ රෑ සද්දෙත් වැඩියෙන් දාගෙන ඇක්ශන්  ෆිල්ම් එක බලලා සද්දේ අඩු නොකිරීමේ ප්‍රතිඵලයක් විදිහට වින්ඩෝස් ඔන් උන සද්දෙට මුළු ෆැලැට් එකම ඇහැරෙන්න ඇති..

“ මොන මගුලක්ද ඕයි මේ මහ රෑ කරන්නේ?”

අංකල් ජොන්සන් මගෙන් ආදරෙන් ඇහුවේ නින්ද කැඩුන එක ගැන කේන්ති ගන්නේ නැතුව..

“ පොඩි වැඩක් අංකල්.. විනාඩියයි..”

“ තමුසේ දවල් තිස්සෙම කරන්නෙත් ඕක බදාගෙන ඉන්න එක.. රෑටවත් පොඩ්ඩක් නිදා ගන්නවකො..”

තව තව මොන මොනවද කියල අංකල් මූණේ ඉදන් පොරවෙගෙන නිදා ගත්තා.. මමත් මට නෙමෙයි වගේ කරුවලේම ඔන් උන් කම්පියුටර් එකේ බ්ලොග් එකට ලොග් උනා.. හිත තාම ගැහෙනවා.. මොනවා වෙලාද දන්නේ නැති නිසා.. මේ තියෙන්නේ බ්ලොග් රාජයා බැබළි බැබළි..

එවෙලේ තමයි හිතට සැනසීමක් ආවේ.. මහ රෑ දාපු පෝස්ට් එකට කමෙන්ට් වගේකුත් තියෙනවා.. ඒකත් බලලා.. ආයේ කෝකටත් කියලා දෙතුන් පාරක්ම බ්ලොග් එකට ලොග් වෙලා හිතේ තිබුන බය නැති කර ගත්තා.. වෙලාව තුනට විතර ඇති.. ආයෙම ඔක්කොම ඕෆ් කරලා ගිහින් නිදා ගත්තා..

“ තමුසේ ඊයේ රෑ මොකද්ද නටපු නාඩගම?”

උදේ තේ එක බොන ගමන් අංකල් මගෙන් අහනවා.. කොහෙන් පටන් අරන් කොහොම විස්තර කරන්නද ඉතින් මේවා..

“ ඒක ලොකු කතාවක් අංකල්..”


97 comments:

  1. හික් හික් සමහර වෙලාවට පෝස්ට් එකක් දාන්න කථාවක් මතක් උනාමත් ඔහොමයි..මහ රෑ ඒක කල්පනා වෙවී නින්ද යන්නෙම නෑ.....ඒ වගේද බ්ලොග් එකට් කෙළ උනොත්...හීනෙන් දැක්ක මම දවසක් මගේ බ්ලොග් එක හැක් කරලා..අසාර් කියලා එකෙක්....

    ReplyDelete
    Replies
    1. හික්ස්.. ඇයි අනේ මේ අසරණයම මේවාට අහුවෙන්නේ.. හෙ හෙ

      Delete
    2. හෑ??? යකඩෝ!!! අසාර් ව හීනෙන් දැක්කා කියලා ඇයි මේකෙ කමෙන්ට් කලේ?? දැන් ඉතින් විනාසයි.. ආසාර් අල්ලන්න ප්ලේන් එකෙන් ගිහිල්ලත් බැරිවෙයි.. හික්ස්ස්...

      Delete
    3. ඔබ නොදුටු ලොවක් : මමත් ඔය නිදා ගනිද්දි හිතෙන කතා කම්පියුටර් එක ඔන් කරන්න කමැලි කමට කොල කෑලි වල ලියපු වෙලාවල් තියෙනවා.. ඩිලීට් උනාට හපන්නේ හැක් කිරිල්ල.. ඒකත් අසරණයා??

      Delete
    4. ප්‍රාර්ථනා, හිතූ : ඒකනේ නංගිලා මේ මමත් කල්පනා කලේ.. අසරණයගේ මොකද්ද බණ්ඩාරත් එක්ක තියෙන තරහව කියලා.. අසරණයා ආවම උත්තර දේවිනේ.. එතකොට බලමු..

      Delete
    5. මා ගැනද ඒ කියල තියෙන්නේ.බන්ඩෝ ඇයි දෙයියෝ මට එහෙම කියන්නේ. තුන් හිතකවත් තිබ්බේ නැති එකක්.

      @හිතු මම ලංකාවට එන්න හිතන් ඉන්නේ බෝට්ටුවෙන්.

      Delete
    6. ඇයි බණ්ඩෝ මේ අහිංසක අසරණයට එහෙම කතාවක් කිවුවේ?? :)

      Delete
    7. හයියෝ.. අසරණ අසරණයා අයියටමයි වෙන්නෙ.. :D ඇයි එහෙම හීනයක් පෙනුනෙ..

      Delete
    8. ඒ ගැන නම් පරීක්ශණයක් පවත්වන්න ඕන..

      Delete
  2. හා ඔයාගේ කොම්පියුටරේ එහෙනම් මගේ එකට දෙවෙනි නෑ..ඒකත් සමහර වෙලාවට හෙලිකොප්ටරයක් යනවා වගේ..

    ReplyDelete
    Replies
    1. එහෙනම් අපි දෙන්නම එකවගේ.. ඒ උනාට මේක HP එකක්ලු හරි..

      Delete
  3. යන්තම් බේරුනා නේද? :D:D:D

    ReplyDelete
    Replies
    1. නූලෙන් බේරුනේ අක්කේ.. හොද වෙලාවට හීනයක් උනේ.. මම පහුවදාම බැක්අප් එකක් ගත්තා..

      Delete
  4. හම්බෝ හරි භයානක හීනයක් නේ මල්ලි දැකල තියෙන්නේ....හිරි ගඩුත් පිපුනා අප්පා

    ReplyDelete
    Replies
    1. මම හොල්මනකටවත් බය නැති උනාට මේකට බය උනානේ අක්කේ.. :)

      Delete
  5. අම්මෝ... මටත් දවසක් ඔය වගේ එකක් ඇත්තටම වුනා... ඊට පස්සේ නික්න්ම හරි ගියා... හීනෙනුත් බ්ලොග් එක පේනවා කියන්නේ අයියා බ්ලොග් එක ගැනම තමා නින්දෙදිත් හිතනවා ඇත්තේ. හෙ හෙ හෙ

    ReplyDelete
    Replies
    1. නින්දෙන් හිතන්න දෙයක්/කෙනෙක් නැති එකේ බ්ලොග් එක ගැන හිතුවම මොකද වෙන්නේ නංගියේ.. :)

      Delete
  6. අනේ අම්මපා රෑටත් බ්ලොග්නේ... ඉක්මනට කසාදයක් බැන්ද නම් ඔය ගතිය අඩුවෙලා යනව බං....

    ReplyDelete
    Replies
    1. ඒත් ඉතින් ඊට පස්සෙත් රෑට නින්ද යන්නේ නෑනේ.. :p

      Delete
    2. මොකක්ද බොල ඒ අව කැපෙන කථාව :P

      Delete
    3. මාළුවගෙන්ම තමයි අහන්න ඕනා චම්මෝ.. :)

      Delete
  7. හික්ස්... ස්ක්‍රීන් ශොට් එකත් තිබුන නිසා මම හිතුවෙ ඇත්තමා සීන් එකක් කියලා :D

    ReplyDelete
    Replies
    1. එහෙම දැම්මේ මේක හීනයක් නොවෙන බව මම කියනකම්ම දැනෙන්න අරින්න හිතාගෙන..

      Delete
  8. මට ඔහොම ලොග් වෙන්න බැරි වෙන එකනම් මූනු පොතේ සෑහෙන්න වෙලා තියනවා..

    ReplyDelete
    Replies
    1. මූණු පොතනම් මොනවා කර ගන්න බැරිද කනියෝ.. මම කලින් හදපු මූණුපොත අරින්නම බැරුව ගියේ..

      Delete
  9. අම්මෝ මටනම් ඔය වැඩේ හැබැහින්ම වුනා මල්ලි.මාත් රෑ, අසනීප බලන්නෙ නැතුව පාන්දර 2 විතර වෙනකල් ට්‍රයි කරලා කොහොම හරි ගොඩ දාගත්තා.අපේ දේවා මල්ලි ඔන්ලයින් ඉදගෙන මට උදව් කලා.හරියන්නෙම නැති වෙනකොට මගෙ හිත හදලා නිදා ගන්න කිව්වට මං නම් හදා ගෙන මිසක් නැවතුනේ නෑ. :) නැත්නම් මට නින්ද යන එකකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. මට මතකයි අක්කා ඒ ගැන දාලා තිබුනා.. මට හීනෙන් දැනුන දේ අක්කට හැබැහින්ම දැනෙද්දි මොනවා හිතුනද කියලා තේරුම් ගන්න පුළුවන්..

      Delete
  10. ආගම සිහි කරල නිදියගත්තනම් ඔය වගේ නරක හින පේන්නෙ නෑනේ...... කොහොම වුනත් ඒක හීනයක්ම වෙච්ච එක හොදයි!!!!!

    ReplyDelete
    Replies
    1. මීට පස්සේ වත් එහෙම කරන්න ඕන..

      Delete
  11. මේක මටත් මෙහෙමම වුනා..... දවස් දෙකක් තිස්සේ රෑ එලි වෙනකන් නින්දක් නෑ.....

    ඒත් ගූගලාට දාපු මේල් කීපයකින් හරි ගියාද, ඉබේම හරි ගියාද කියලා දන්නේ නෑ.. කියවන අනිත් අයට දෙන අවවාදය තමයි

    මෙහෙම උනාට ගනන් ගන්න එපා..... මොකද ඒක දවස් දෙක තුනක් ඇතුලත හරි යනවා...

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ.. මතකනේ එක පාරක් කමෙන්ට් ඔක්කොම අතුරු දහන් උනා.. ආයෙම දවස් දෙක තුනකට පස්සේ ආවේ.. ගූගල් එකේ වෙන එක එක අප්සට් නිසත් ඔහොම වෙන වෙලාවල් තියෙනවලු..

      Delete
  12. හීනෙන් බය වෙලා වගෙ...

    ReplyDelete
    Replies
    1. බය වෙනවනේ අයියේ මෙහෙම වෙන වෙලාවට..

      Delete
  13. උඹට හීනෙන්.. මට මේ දේ ඇත්තටම උනා. නිකන් ඇඟ පන නැතිවෙලා වගේ ගියා.. ඒ පාර එහෙ මෙහෙ ඔබලා තමයි ආයිත් හොයාගත්තේ..

    ReplyDelete
    Replies
    1. බලාගෙන යද්දි මේක ඔක්කොටම වැඩිය අමිහිරි දෙයක් වගේ.. බ්ලොග් එක අතුරුදන් වෙන එක..

      Delete
  14. තාම නම් ඔය තරමට බ්ලොග් ලෙඩේ හැදුනෙ නෑ. ඉස්සරහට හැදෙයිද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මුල්ම කාලේ ඉතින් මමත් හිතුවේ ඔහොම තමයි.. කාලයක් යද්දි තමයි මේක නැතුව ඉන්න බැරි වෙන්නේ..

      Delete
  15. අනේ අනේ මං නං හිනා වුණා හොදටම.මෙයාටත් වෙන දේවල්!

    ReplyDelete
    Replies
    1. අපිටත් හරි හරි වැඩ වෙනවනේ නංගියේ.. ඒක නෙමෙයි කෝ ඔයාගේ බ්ලොග් එක.. එදා එන්න පාර කියලා ගියත් ඒ ලින්ක් එක වැඩ නෑනේ..

      Delete
  16. කෝකටත් බ්ලොගේ බැක් අප් එකක් අරන් තියාගන්න එක ඇඟට ගුණයි. මාත් මේ දවස් වල කරන ගොං කං වල හැටියට මටත් මෙහෙම වෙන්න පුලුවන්. පෙන් එක කියල හිතාගෙන හාඩ් එකකුත් ෆෝමැට් කරගෙනයි මම මේ ඉන්නෙ

    ReplyDelete
  17. කෝකටත් බ්ලොගේ බැක් අප් එකක් අරන් තියාගන්න එක ඇඟට ගුණයි. මාත් මේ දවස් වල කරන ගොං කං වල හැටියට මටත් මෙහෙම වෙන්න පුලුවන්. පෙන් එක කියල හිතාගෙන හාඩ් එකකුත් ෆෝමැට් කරගෙනයි මම මේ ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. හාඩ් එකට මොකද කර ගත්තේ අක්කේ? හදා ගත්තද? මම නම් පහුවදාම බ්ලොග් එකේ බැක් අප් එකක් ගත්තා.. දැන්නම් සතියකට සැරයක්වත් අර ගන්න ඕන..

      Delete
  18. ඉතින් අහවල් දෙයක් ද වෙලා තිබ්බේ? බ්ලොගේට නෙවෙයි මලයට!

    ReplyDelete
    Replies
    1. මට ඉතින් ටිකක් පිස්සු තද උනා වගේ උනා අර මහ රෑ.. :) බ්ලොග් එක ගැන බලනකම්..

      Delete
  19. හීනෙනුත් බ්ලොග් එකම තමා... අනේ ඇත්තට .. :)

    ReplyDelete
    Replies
    1. අපිට ඉතින් පේන්නේ මෙහෙම දේවල් තමයි.. :)

      Delete
  20. 'නිදියන්න පුළුවන් හැම ඉරියවුවකම ඉදන් නිදා ගන්න ට්‍රයි කලත් ඕනකමින් ඇස් තද කර ගන්නවා ඇරෙන්න නින්දක් නම් එන්නෙම නෑ..'

    ඕකට බේතක් කියන්න පුළුවන්, හැබැයි කොමෙන්ට් එකක් හැටියට නං දාන්න ලැජ්ජයි...ලැජ්ජයි වගේ

    ReplyDelete
    Replies
    1. තේරුණා තේරුණා ඔබා මාමේ.. මාමගෙයි අපේ අංකල් ජොන්සන්ගෙයි වැඩි වෙනසක් නෑ වගේ බලාගෙන යද්දි.. :)

      Delete
  21. [ගෑල්ලමයි තුන් හතර දෙනෙක් මැසේජ් දාලා තිබුනා] හීනෙං නේ :D :D :D

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. ඇත්තටමත් එහෙම තමයි.. වැඩට යන්න කලියෙන් රිප්ලයි කරන මැසේජ් තියේ.. :)

      Delete
  22. මාර හීන තමයි ඔයත් දකින්නේ...ඔහොම එකක්‌ දැක්‌කම ඔලුවත් නිකන් මොනාද වෙලා යනවා.දැන් අහන්න එපා මොකක්‌ද කියලා..:පී

    ReplyDelete
    Replies
    1. මොනාද කියන්නේ ඉතින් භාගෙට පිස්සු වගේ හැදෙනවා... :)

      Delete
  23. ඇත්තටම මෙහෙම වෙන්න පුළුවන් කමක් තියෙනවානේ.. ඒ හන්දා ලෑස්ති පිට ඉන්න හැම වෙලේම මල්ලී.. අපරාදේ මේ වගේ බ්ලොගයකට එහෙම දෙයක් වුනොත්..

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ.. බොහොම සුළු වැරැද්දකින් බ්ලොග් එක ඩිලිට් වෙන්නත් පුළුවන්නේ.. මම දැන් හැම සතියෙම බැක් අප් එකක් අර ගන්නවා..

      Delete
  24. හපොයි අයියේ.....ඔය තරමටම ඔකට ඇබ්බැහි වෙන්න එපා.....

    ReplyDelete
    Replies
    1. ඔයානම් කියයි.. මේ දුවන රේස් අස්සේ පොඩි හරි හිතට සැනසීමක් සතුටක් ලැබෙන්නේ මට නම් බ්ලොග් එක නිසා.. ඉතින් මට මේක නැතුව කොහොමද?

      Delete
  25. ඔයවගේ සීන් එකක් වෙච්ච දවසට මගේ නවාතැන නං ඉවරයි. ඔය ආරළු බූරළු වැඩ මම දන්නෙත් නෑනේ. හොද වෙලාවට හීනයක් උනේ. ඕක ඇත්තටම වෙලා තිබුන දේවාටද කොහේද.

    ReplyDelete
    Replies
    1. මටත් තියෙන්නෙම ඔන්න ඔය ප්‍රශේණෙ තමයි අයියේ.. තාක්ෂණික දේ ගැන දන්නේ නැති එක.. කෝකටත් බැක් අප් අර ගන්න එක හොදයි.. එතකොට දන්න කෙනෙක්ට කියල ආයෙම හදා ගන්න පුළුවන්..

      Delete
  26. මට අනන්තවත් ඔහොම හීන පෙනිලා තියනවා අදත් ඔපීසියෙ ඉන්න ගමන් එහෙම එකක් දැක්කා

    ReplyDelete
    Replies
    1. අයියා ඔපීසියෙත් හීන දැක්කා කියන්නේ වැඩ ගැන මම මුකුත් අහන්නේ නැතුව ඉන්නම්.. :)

      Delete
  27. හම්මියෝ..මටත් ඔහොම එව්වා වෙලා තියෙන්වා.. මම ලියන්න අඅපු මුල්ම කාලෙ, එකසැරේම මගේ බ්ලොග් එකේ කමෙන්ට්ස් ටික අතුරුදන් වුනා.. :O හයියෝ...ඊටපස්සෙ හෙන අමාරුවෙන් හදාගත්තෙ..ඕනෙ නැති ගැජට් දාගන්න ගිහින් වෙච්චි දෙයක්..

    තව සමහරුන්ට මගේ බ්ලොග් එක ඩිලීට් වෙලා කියලා පෙන්නනවා කියලත් කියලා තියෙන්වා.. හම්මෝ..ඉතිං බය හිතෙනවානෙ..

    හික්ස්ස්..අයියාට හීනෙනුත් බ්ලොග් එක පේනවා කියන්නෙ මරුනෙ.. අයියගෙ ලේවලටම කා වැදිලා දැන් බ්ලොග් එක..:D

    ReplyDelete
    Replies
    1. ඔය කමෙන්ට් නම් කාලෙකට උඩදි අපි හැමෝගෙම අතුරුදහන් උනා.. ඒකනම් බ්ලොගර් ලගේ ප්‍රශ්ණයක්..

      ලේ වලට කා වැදිලා කියන්නේ නංගියේ.. ලගදි ලේ ටෙස් කරද්දි ලේ වර්ගෙට පෙන්නුවේ "බ්ලොග්" කියලා.. හදිස්සියක් උනොත් දැන් ලේ හොයා ගන්නත් අමාරුයි.. :)

      Delete
  28. ඉතිපිසෝ ගාථාවවත් කියලා නිදාගත්ත නම් මලේ..!!

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ.. අපේ අම්මට කතා කරලා ගථාව අහගන්න ඕන.. :)

      Delete
    2. ආ... ඔව අමතක කරන්න බෑ...

      Delete
    3. අපි ඉස්කෝලේ ගියේ නෑනේ ජනියෝ..

      Delete
  29. විභාගේ ඉවරවුනේ අයියේ අද.. මුලින්ම ආවේ අයියා බලන්න... අංකල් ට ලොකු කතාව පස්සෙ වෙලාවක කියන්න

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ මලයා ඕවා කියලා.. ඒ මනුස්සයට තේරෙන්නේ නෑ.. අනික දැන් ඕක මතකත් නැතුව ඇති..

      Delete
  30. මට ඔය සිද්ධිය උනා දෙපාරක්ම.එත් ඒක ඉබේම හරි ගියා!:)

    ReplyDelete
    Replies
    1. ගොඩක් වෙලාවට ඉබේම හරි යනවා.. දවසක් දෙයක් යනවා හැබැයි.. ඒත් ප්‍රශ්ණේ තියෙන්නේ.. කොච්චර ඕක දැනන් හිටියත් පොඩ්ඩක් නැති වෙද්දි අපිට ඉන්න බෑනේ..

      Delete
  31. මචං මට දෙතුන් පාරක් වෙලා තියෙනවා..

    තව දවසක් එකෙක් කෝල් කරල කිව්වා බ්ලොග නැහැ කියලා මගේ ලේ නැතිව ගියා ඇගේ..

    ඔය සින් එක වෙන්නේ ඇයි බං !

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා.. කෝල් කරලම බඩු නෑ කියද්දි නම් උන් හිටි තැන් අමතක වෙනවනේ.. එහෙම වෙන්නේ අයි කියලනම් i donn't know why සෑමෝ..

      Delete
  32. මගෙ බ්ලොගර් බ්ලොග් එකත් ඔන්න ඔහොම දවසක් එලොව ගිහින් මෙලොව ආවා. අතක් පයක් කැඩුනා වගෙ.


    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඒක තමයි අයියේ.. අතක් පයක් කැඩුනත් ආයේ හොද වෙන බව දන්නවා.. ඒත් මේ ලියපුවා මැකිලා ගියොත්?

      Delete
  33. මම දැක්කා දවසක් බ්ලොග් ලියන්න ආපු මුල් කාලේ මගේ පොස්ට් එකට කමෙන්ට්ස් එකසිය ගානක්.ඒත් උදේ නැගිටිද්දී තිබුනේ කමෙන්ට් 6යි.දැන් තියෙනවා ඒ පොස්ට් එකට කමෙන්ට්ස් 8ක්.

    ReplyDelete
    Replies
    1. නිකන්ද අසරණයා කියන්නෙ..;)

      Delete
    2. එවෙලේ බැලුවේ නැද්ද අයියේ අර කමෙන්ට් එකසිය ගාන කාගෙන්ද කියලා??

      Delete
    3. සිත් රූ : පව් නේන්නම් අසරණයා.. :)

      Delete
    4. හිතු : මේ නිකන් විහිළුවට වගේ එහෙම කියන්න එපා හලෝ..

      Delete
  34. මට නම් ඇත්තටම අයියගේ බ්ලොග් එකට යන්න යද්දී Blog Not Found කියන මැසේජ් එක ආව බොහොම ළඟදී...

    ReplyDelete
  35. හිකිස්...ඕක බුකියෙ කිව්වමනම් අපි හිටුවෙ වෙන කටාවක්නේ....;)

    ReplyDelete
    Replies
    1. ඔයාලා මම බුකියේ මොනා කිවුවත් දැන් හිතන්නේ වෙන වෙන කතානේ..

      Delete
  36. හැක් හැක් . . . මමනං ඩොමේන් එක සල්ලි දීලම ගත්ත පලයං තාත්තගෙන් . .. ඒ නිසා හිතට බයක් නෑ

    ReplyDelete
    Replies
    1. කීයක් විතර ගියාද අයියේ ඩෝමේන් එකක් අර ගන්න..

      Delete
    2. බ්ලොගර්ගෙන් කෙලින්ම ගන්නව නං අවුරුද්දටම ඇමරිකන් ඩොලර් 10 යි. ගෝ ඩැඩීගෙන් ඊට අඩුවට ගන්න පුලුවං

      Delete
    3. බලන්න ඕන මමත් එහෙනම් ට්‍රයි එකක් දීලා..

      Delete
  37. මහ භයානක හීනයක්නේ බං පෙනිලා තියෙන්නේ
    වෙලාවට උඹට හාට් ඇටෑක් එහෙම නැහැ නේද.... :)

    ReplyDelete
    Replies
    1. හෙහ්.. තාම නම් නෑ.. ඒත් හීනේ හැබෑ උන දවසට නම් හැදෙයිද දන්නේ නෑ..

      Delete
  38. අංකල් ජොන්සන්ට දුන්න උත්තරේ තමා නියම......බ්ලොග් එකට මොනාහරි වුණානම් හපෙ අප්පේ..........

    ReplyDelete
    Replies
    1. අංකල්ට ඔයිට වඩා හොද උත්තර මම දෙනවා.. ඒත් ඒවා කියන්න බෑ..

      Delete
  39. බලන්න ඔයා කොච්චර ආදරේද කියල බ්ලොග් එකට..හරියට ජීවිතේම කොටසක් වෙලා වගේ නේද.. :)

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එක දැන් දවසේ එක වැදගත් අංගයක් වෙලා දන්නෙම නැතුව..

      Delete
  40. හම්මේ වෙලාවට මේක හීනයක් නොවැ

    ReplyDelete
    Replies
    1. වාසනාවට වගේ ඔව්..

      Delete
  41. අන්කල් හරි ආදරෙයි නෙ පුතාට.. :D
    මේ දවස් ටිකේ මමත් දැක්කා ගොඩක් දෙනෙක්ගෙ බ්ලොග් පිටු වලට නොට් ‍ෆවුන්ඩ් මැසේජ් එක එනවා.. බ්ලොග් හිටිය ගමන් අවුල් යනවනේ.. කෝකටත් බැකප් එකක් අරන් තියාගන්න එක වටී.. :)

    මැෂින් එක පරිස්සම් කරගන්න වෙයි වගේ.. නැතිනම් අපිට ලඟදිම ඔහෙ කෞතුකාගාරයට එන්න ටිකට් ගන්න වෙයි.. ආදිකාලෙ මැෂිමක් බලන්න.. :P

    ReplyDelete
    Replies
    1. දැන් නම් හැමදාම බැක් අප් ගන්නවා.. පෙර සූදානම හිදයි කියලා..

      මේක දැනටම කෞතුකාගාර ටයිප් තමයි.. :)

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්